Sunday, 8 February 2026

සංස්කෘතික තිමිර විනිවිදින්නට මාඕ ගෙන් සුමනාවෝට අත්වැලක්


මේ ලිපිය සඳහා  ප්‍රවේශයක් වශයෙන් මම වෙනත් ලිපියක් ලීවෙමි .  ඒ නිර්මාණ සංවාද කුලකය ,බ්‍රෙෂ්ට්  සහ මාවෝගේ සංස්කෘතික විප්ලවය  යන්නය.  එහි අවසානයේ මා ඇසූ ප්‍රශ්නය වූයේ සුමනා  විජේරත්නට කොළඹ සාහිත්‍ය කතිකාව අතපසු වූයේ මන්ද යන්නය. (අපට විප්ලවීය සංස්කෘතික හමුදාවක අවශ්‍යතාවය පි . 28 )  මාඕ සේතුන් කළ කතාවේ ඔහුගේ ප්‍රධානතම චෝදනාවක් වූයේ සාහිත්‍යය හා කලාව  පොදු  ජනතාව  අතරට, චීනයේ ඒ දිනවල ප්‍රතිශතයෙන් වැඩි ග්‍රාමීය ජනතාවට සාහිත්‍යයේ නවෝදය,  සමාජවාදී පුනරුදයේ පණිවිඩය නොයන බවයි.  ඒ වෙනුවෙන් සංස්කෘතික විප්ලවයක් කිරීමට සහ උගතුන් සහ කලාකරුවන් පොදු ජනතාව අතරට යාමට ඔහු විසින් උනන්දු  කරනු ලැබීය. අනුරාධපුරයේ සිටි සුමනාවෝලාට කොළඹ කතිකාව මග හැරුනේ ලංකාවේ සාහිත්‍ය ,  කලාව පිළිබඳ කතිකාව කොළඹට පමණක් සීමා වී තිබූ නිසාද?

බොහෝවිට සාමාජිය විප්ලවයන් සිදුවන්නේ වඩා නාගරික හා දියුණු මධ්‍යම පන්තියක් කේන්ද්‍ර කොට ගෙනය .  රුසියාවේ චිප්ලවයේ කේන්ද්‍රස්ථානය වූයේ පෙත්‍රෝග්‍රාදයයි .  (වත්මන් ශාන්ත පිතර්බුර්ගය). එහිදී දියුණු (මා මෙහිදී අදහස් කරන්නේ විප්ලවීය සවිඥානය සහිත) පීඩිත  කම්කරු පන්තියක්, යුධයෙන් බැට කෑ හමුදාවක් සහ ශිෂ්‍ය පිරිසක්ද  සිටියහ. නමුත් මුල් අවධියේ ලෙනින්ට හා ට්‍රොට්ස්කි ට නොතිබුණු ප්‍රශ්නයක් ස්ටාලින්ට හා මාඕ ට  පශ්චාත් විප්ලවීය සමයේදී පැන නැගුණි.  විප්ලවීය දැක්ම  හා සමාජීය වෙනස්කම් ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිදුවුනේ නැත .  එනම් සමාජවාදී මිනිසෙකු නිර්මාණය කිරීමේ කාර්යභාරය රජයට අවශ්‍ය ආකාරයට  සිදුවුනේ නැත. ඒ නිසා මේ දෙදෙනාම සංස්කෘතික විප්ලව දියත් කළහ. මේ සංස්කෘතික විප්ලව නිසා සිදුවූ හානිය සහ බරපතල මානව අයිතීන් කඩ කිරීම් නිසා ඒ රටවවල් තුලම ජනතාව තුලින් ඒවාට විරෝධය පැන නැගුනු අතර ඉන්පසු පැමිණි පාලකයන් ඒවා කණපිට හරවන ලදී .  චීනයේ හතර දෙනාගේ කල්ලිය සිරගත කිරීමේ සිට ස්ටාලින් ගේ සොහොන ක්‍රෙම්ලින බිත්තියෙන් ඉවත් කිරීම ද මේ අතර විය. නමුත් පසු කාලයකදී ඩෙන් ෂියා ඕ පින් මෙන්ම රුසියාවේ වත්මන් පාලක පූටින් ද මාඕ සහ  ස්ටාලින් ගේ ප්‍රතිරූප නැවත  ගොඩ නැංවීමට ක්‍රියා කළහ .      
     
අපට  මාඕ ගේ කතාව සංවාදයට ගන්නට වෙන්නේ මේ සන්දර්භය තුල වීම අවාසනාවකි . නමුත් මාඕ ගේ මූලික  අදහස් සලකා බැලීමට  අප එය  බාධාවක් කර ගන්නේද? නට්සි වාදීන්  සමග සහයෝගයෙන් ක්‍රියා කළා යයි පැවසුවද අප හෛඩගර් ගේ දාර්ශනික අදහස් සාකච්චාවට නොගෙන සිටින්නේ නැත.  සුමනා විජේරත්න කලේද එයයි .  ඒ ගැන , මේ සංවාදයට මග පෑදීම ගැන ඇයට මුලින්ම ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන්  සුමනාවෝ  විසින් මාඕ ගේ මෙම ඓතිහාසික දේශනයට පසුබිම පැහැදිලි කිරීම ඉතා වැදගත්ය. (පි . 16-24) යෙනාන් නුවර, චීනය  බිහිවීමට පෙර අවදිය, චීනය නිර්මාණය වීම, පරිපාලන තන්ත්‍රය ශක්තිමත් වීම, යුරෝපීය ආක්‍රමණ, යුරෝපීය ආධිපත්‍ය සහිත ප්‍රදේශ වෙන් කිරීම, ජපන් ආක්‍රමණය,  කොමියුනිස්ට් පක්ෂය ස්ථාවර වීම ලෙස බෙදා වෙන් කර පැහැදිලි කිරීම හොඳ  ප්‍රවේශයක් ලබා දෙයි.  අවශ්‍ය අයෙකුට මේ මාතෘකා යටතේ අන්තර්ජාලය  ඇසුරින් වැඩි අවබෝධයක් ලබා ගැනීමට  ඉන් අවකාශය සලසා දී තිබේ .         

මාඕ ගේ කතාවේ ඉතා  සංක්ෂිප්ත පරිවර්තනයක් හා  අදහසක් ඉදිරිපත් කිරීමට කැමතිය.  (සම්පූර්ණ  පරිවර්තනය සුමනා විජේරත්න (මින් ඉදිරියට සු.වි.- ගේ ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ)

මාඕ සේතුං විසින් 1942 දී පවත්වන ලද "සාහිත්‍යය සහ කලාව පිළිබඳ යෙනාන් සාකච්ඡාව" නමැති දේශනය නවීන චීන ඉතිහාසයේ වඩාත්ම බලපෑම් සහගත ලේඛනයකි. එමඟින් කලාව යනු හුදෙක් ප්‍රකාශනයක් පමණක් නොව, එය විප්ලවය සඳහා වූ "ආයුධයක්" යන මූලධර්මය දැඩිව ස්ථාපිත කරන ලදී. යෙනාන් හි කොමියුනිස්ට් මධ්‍යස්ථානය වෙත සංක්‍රමණය වූ කලාකරුවන් සහ බුද්ධිමතුන් අමතමින් මාඕ මෙම දේශනය පැවැත්වීය. "කලාව කලාව උදෙසාම වේ" යනුවෙන් දෙයක් නොමැති බවත්, සියලු සංස්කෘතීන් යම් නිශ්චිත සමාජ පන්තියකට අයත් වන බවත් ඔහු තර්ක කළේය. සතුරා පරාජය කිරීම සඳහා "හමුදාමය හමුදාවට" සමගාමීව වැඩ කිරීමට "සංස්කෘතික හමුදාවක්" අවශ්‍ය බව ඔහු තව දුරටත් පැවසීය. කලාකරුවන් නාගරික, ප්‍රභූ ප්‍රේක්ෂකයින් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට, කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ සොල්දාදුවන්ගේ භාෂාව, ජීවිතය සහ අරගල තම ප්‍රධාන විෂය කරගනිමින් ඔවුන්ට සේවය කළ යුතු බව මෙම දේශනය අවධාරණය කරයි.

 සු.වි පවසන්නේ කලාවේ ගුරුකුලකරණය  මගින් කලාව හා සාහිත්‍යය ජනතාව අතරට යාම වැළැක්වූ බවයි .  (ඉංග්‍රීසි මාධ්‍යයයෙන් ඉගැන්වීම, හැත්තෑව දශකයේ වට්ටෝරුකරණය ආදිය) . මෙහිදී ඇය නිවැරදි ලෙස එච් ආර් ජෝතිපාල,  එම් එස් ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක වැනි ජනතාවට සමීපවූ කලාකරුවන් ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම සහ 'සබුද්ධික කලාකරුවන් '  වෙනම රංග ශාලා වලට සීමා  කිරීම  ප්‍රශ්න කරයි . (පි . 34-45) ශ්‍රී ලාංකික දේශපාලනයේ බෙදීම නිසා හැත්තෑ හතට කලින් හා පසුව මේ තත්වයන් වෙන වෙනම දේශපාලන පලි ගැනීම් ලෙස මතු විය.
   
එසේම පනස් හයේ සඟ, වෙද, ගුරු, ගොවි,  කම්කරු ඊනියා වාමාංශික හමුදාව වෙනුවට සනිපාරක්ෂක කම්කරුවන් , හුදෙකලා මව් වරුන්, වතු කම්කරුවන්, ස්වයන් රැකියා කරන්නන් ගේ සිට රැකියා විරහිත තරුණ  පිරිස් දක්වා වඩා බෙදී ගිය පරාසයකට ආමන්ත්‍රණය කළ යුතුය යන ස්ථාවරය  සු.වි පැහැදිලි කරයි .  (පි . 42-44) මේ අයට ලංවීමට නම් ජනටහ්වාදී සාහිත්‍යයක් තිබිය යුතුය යන තර්කය විමසා බලමු . 

කලාකරුවන් වඩාත් ඵලදායී වීමට නම් විසඳාගත යුතු ප්‍රධාන කරුණු පහක් මාඕ, ඔහුගේ දේශනයේදී හඳුනා ගනී.

පළමුවැන්න නම්, පන්ති ස්ථාවරය හෙවත් කලාකරුවන් නිර්ධන පන්තිය සහ පොදු ජනතාවගේ පැත්ත ගත යුතුය යන්නය. කලාකරුවා ජනතාව "උත්කර්ෂයට නැංවිය" (ප්‍රශංසා) යුතුද නැතහොත් සතුරා "නිරාවරණය" (විවේචනය) කළ යුතුද? යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි .  මාඕ පවසන්නේ ජනතාව උත්කර්ෂයට නංවා සතුරා නිරාවරණය කළ යුතු බවයි. කලාව නිර්මාණය කළ යුත්තේ ප්‍රභූන් සඳහා නොව, විශේෂයෙන්ම කම්කරුවන්, ගොවීන් සහ සොල්දාදුවන් සඳහාය. (දැන් මෙන්ම එදා සිදු වූයේද  ප්‍රභූන් සඳහා කලාව නිර්මාණය වීමකි . -අදහස මගේය . ) ඔහු පවසන්නේ නිර්මාණයකට  අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහා කලාකරුවන් "ප්‍රායෝගික අරගලයන්ගේ" ගැඹුරටම යා යුතු බවය. බොහෝ අය එකඟ  නොවන කාරණය එනම් ,  සමාජ සංවර්ධනයේ නීති තේරුම් ගැනීම සඳහා කලාකරුවන් මාක්ස්වාදය-ලෙනින්වාදය හැදෑරිය යුතුය යන්නය.

දෙවැන්න  නම් නම් මාඕ ගේ "දැති සහ රෝද" (Cogs and Wheels) සිද්ධාන්තයයි .  සංස්කෘතියේ කාර්යභාරය විස්තර කිරීම සඳහා මාඕ යාන්ත්‍රික රූපකයක් මෙහිදී භාවිතා කරයි. සාහිත්‍යය සහ කලාව සමස්ත විප්ලවවාදී ව්‍යාපාරයේ කොටසකි. ඒවා සමස්ත විප්ලවවාදී යන්ත්‍රයේ දැති සහ  රෝද වැනිය. එසේම කලාව ස්වාධීන නොවන අතර  එය පක්ෂයේ දේශපාලන අරමුණු ඉටු කළ යුතු අතර ජනතාවගේ විමුක්තිය සඳහා දායක විය යුතු යයි ඔහු පවසයි .  කලාකරුවන් , ලේඛකයන් , බුද්ධිමතුන් රෝදයක දැති නම් කම්කරුවන් ,  ගොවීන් , සොල්දාදුවන් සහ නාගරික සුළු ධනේශ්වර පන්තිය රෝදයයි .  මේ දෙක එකිනෙකට බැඳී පවතී .  

තෙවැන්න නම් කලාවක් ජනප්‍රිය කිරීම කෙසේ කළ යුතුද යන්න ගැනය. සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි සරල කලාවක් නිර්මාණය කිරීම  සහ උසස් තත්ත්වයේ කලාවක් නිර්මාණය කිරීම අතර ඇති පරස්පරතාව මාඕ මෙසේ පැහැදිලි කරයි. සාමාන්‍ය ජනතාව නූගත් හෝ අධ්‍යාපනයක් නොලැබූ අය බැවින්, කලාව ප්‍රථමයෙන් ඔවුන්ට සමීප විය යුතුය. ප්‍රමිතිය ඉහළ නැංවිය යුත්තේ බටහිර හෝ ප්‍රභූ ආකෘති අනුගමනය කිරීමෙන් නොව, ජනතාව දැනටමත් තේරුම් ගෙන ඇති දේ සහ ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්වය.

මෙහිදී  සු.වි අපේ සාමාන්‍ය දේශපාලකයා හා කලාකරුවන් කරන්නක් මෙන් ලංකාවේ අතීත විභූතියේ සරණ යදින්නීය .  සංස්කෘතික මිනිසා  කියන්නේ කවුද (පි.44 )  යන හඳුන්වා දීමට යන ඇය බුත්සරණ 'සත්පුරුෂ '  විග්‍රහයක් හඳුන්වා දෙයි .  (පි . 47) මට මෙය නම් වැටහෙන්නේ  'කොහෙද යන්නේ මල්ලේ පොල් '  කතාවක් ලෙසය. 

මාඕ සඳහන් කල හතරවැනි කරුණ නම් විවේචනය සඳහා නිර්ණායක දෙකක් ඉදිරිපත් කිරීමය .  කෘතියක් විනිශ්චය කිරීමේදී මාඕ ප්‍රමිතීන් දෙකක් දැඩිව අවධාරණය කරයි. එය (කළා කෘතිය )  විප්ලවයට සහ ජනතාවට උපකාරී වේද?  එය මැනවින් නිර්මාණය කර තිබේද? කලාව අතින් එය "පරිපූර්ණ" වුවද, දේශපාලනිකව "විෂ සහිත" නම් එය ප්‍රතික්ෂේප කළ යුතු බව මාඕ තර්ක කරයි.

 මේ ගෝර්කි ඉදිරිපත් කල ' සමාජ සත්තා යථාර්තවාදයට' සමාන අදහසකි . මේ ගැන මගේ විවේචනාත්මක අදහස් කලින් ලිපිය හා සබැඳි ලිපිවල තිබේ .  ඒ නිසා ඒගැන තව දුරටත් නොලියමි.  

අවසාන කාරණය  වන්නේ කලාව ජනතාව සමඟ ඒකාබද්ධ වීමය. බුද්ධිමතුන් තමන් පොදු ජනතාවට වඩා උසස් යැයි සිතන නිසා ඔවුන්ගේ අදහස් "අපිරිසිදු" බව මාඕ ප්‍රසිද්ධියේ විවේචනය කළේය. කලාකරුවන්ට ගොවීන් සමඟ ජීවත් වන ලෙසත්, ඔවුන්ගේ ජන ගී ඉගෙන ගන්නා ලෙසත්, ඔවුන්ගේ "පොහොසත්, සජීවී භාෂාව" භාවිතා කරන ලෙසත් ඔහු උනන්දු කළේය. එවිට පමණක් ඔවුන්ගේ නිර්මාණ අව්‍යාජ සහ ප්‍රබල වනු ඇත.      

අපි ඉහත සඳහන් කල සංස්කෘතික විප්ලවය මර්දනකාරී වන්නේ  මේ  අවසන් දැක්ම  හරහාය යන්න මගේ  මතයයි.  ගම්වලට යාමට උගතුන් කැමැති කරවාගැනීමට නොහැකිවීම  නිසා බලෙන් යැවීමට සිදුවීම දන්නා කරුණකි . වර්තමාන මහජන චීනයේ කලාකරුවෙකු වන අයි වෙයි වෙයි දෙස බලන්න. ඔහු බොහෝ නිදහස්ව  කලා කෘති කරන්නෙකි .  ඔහුගේ නිහඬ කැරැල්ල නිසා කාලයකට ඉහතදී  වත්මන් චීන පාලකයන් ඔහු සිරගත කල අතර ඔහු චීනය හැර දා ගියේය. නමුත් අයි වෙයිවෙයි ගේ විරෝධය පුද්ගලික අත්දැකීම් මත පදනම් වූවකි. ඔහුගේ පියා වූ කකිවිවර  අයි චින්  සැබවින්ම 1942 යෙනාන් සාකච්ඡාවට සහභාගී වූ අයෙකි. ඔහු පක්ෂයට පක්ෂපාතී වූවද, පසුව සංස්කෘතික විප්ලවය සමයේදී ඔහුව පසෙකලා වසර ගණනාවක් පොදු වැසිකිළි පිරිසිදු කිරීමට බල කරන ලදී. අයි වෙයිවෙයිට අනුව "යෙනාන් නීති" යනු හුදු කලා න්‍යායක් පමණක් නොව, තම පියා විනාශ කිරීමට උත්සාහ කළ පද්ධතියේ මෙවලම් ද  වේ.     අයි වෙයි වෙයි දැන් නැවතත් චීනයට පැමිණ සිටී.  

අප මෙහිදී වත්මන් මහජන චීනය ඉතා සාර්ථක සහ සංස්කෘතික සමාජය බද්ධ කිරීම වැඩි දුරටත් සළකා බැලිය යුතුය. අංශක එකසිය අසූවක වහැරවුමකින් වර්තමාන චීන පාලනය සියලුම සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා නොමසුරු දායකත්වයක් ලබාදෙයි .  චීනයේ අති විශාල ප්‍රමාණයක් කලාගාර , කෞතුකාගාර , පුස්තකාල ගොඩ නගා තිබේ .  කලින් නොතිබූ නමුත් දැන් කලාකරුවන්ගේ නිර්මාණ සුරක්ෂිතභාවය සහතික කර තිබේ .  

සු .වී මෙහිදී මෙවන් නිගමනයක් කරයි .   "අපේ සංස්කෘතික හමුදාවේ මිතුරන් කියන්නේ කවුද ? ඒ මිතුරා තමයි සැබෑ අවබෝධයකින් තමන් පීඩනයෙන් ගැලවීමට යත්න දරන ,  අන්‍යයන්ගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය තහවුරු කරන උත්සහ කරන , වාමවාදී ප්‍රවාහයන්  විසින් ආර්ථික හෝ සමාජීය වශයෙන් 'පීඩක' කියන කොටසට ලඝු කරන සුළු  ධනේශ්වර චින්තනය . " (පි .  55 - දිගටම කියවන්න.- ) මාඕ  ඒ මිතුරා  එකතු කර ගැනීම ගැනකර්තෘවරිය කරන නිරීක්ෂණය ට මමද  එකඟය.  අපට 'මාඕ , පොල්පොට්"  ලාගේ වැරැද්ද නිවැරදි කිරීමට හැකි වන්නේ එවිටය. ඇත්ත වශයෙන්ම මාඕ සුළු ධනේෂ්වර කොටස් අයින් කිරීමට කියා නැත.  අයින් කිරීම කර ඇත්තේ ලංකාවේ අති වාමාංශික අදහස් ප්‍රකාශයට පත් කළ ඇතැමුන් විසිනි. 

  මාඕගේ යෙනාන් මූලධර්ම සහ නූතන  කලා දර්ශන සමඟ සැසඳීමේදී ප්‍රයෝජ්‍යතාවාදී සාමූහිකත්වය (Utilitarian Collectivism) සහ පුද්ගලවාදී බහුත්වවාදය (Individualist Pluralism) අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. මාඕ කලාව සහ ජනතාව අතර සම්බන්ධය දුටුවේ යන්ත්‍රයක ඇති ප්‍රමිතියෙන් යුත් "දැති සහිත  රෝදයක්" ලෙස වුවද, බොහෝ නවීන බටහිර දර්ශන කලාව දකින්නේ පුද්ගලික ප්‍රකාශනයක්, විවේචනාත්මක විමර්ශනයක් හෝ හුදු සෞන්දර්යාත්මක ආස්වාදයක් ලබා දෙන මාධ්‍යයක් ලෙසය.

මාඕගේ යෙනාන් දැක්ම අතිශයින්ම දේශපාලනිකය. ඒ අනුව  කලාව රජයට හෝ ජනතාවට සේවය නොකරන්නේ නම් එය නිෂ්ඵල හෝ හානිකර ය. කලා නිර්මාණය ඉතා සීමිත විප්ලවීය පණිවුඩයක් විය යුතුය. සංස්කෘතික  ප්‍රමුඛතාවය දේශපාලන නිවැරදිභාවයට යටවේ . සංස්කෘතික සොල්දාදුවා තමාගේ ආත්මය අමතක කර ජනතාව සමඟ ඒකාබද්ධ විය යුතුය.

නවීන බටහිර දර්ශන යේදී (පශ්චාත් නූතනවාදී) සෞන්දර්යාත්මක ස්වාධීනත්වය රැක ගැනීම අනිවාර්ය අවශ්‍ය තත්වයකි .  දේශපාලනිකව සාධාරණීකරණය කිරීමකින් තොරව කලාව හුදෙක් සෞන්දර්යය සඳහා පැවතිය හැකිය. එය එසේම විවෘතය. කලාව පුද්ගලික අනන්‍යතාවය හෝ ස්වයං-අන්වේෂණය සඳහා වූ මාධ්‍යයකි. එය සංස්කෘතික සොල්දාදුවෙක් නොව පුද්ගලික බුද්ධිමතෙක් ලෙස අපට හැඳින්විය හැකිය . කලාකරුවා ඔහුගේ සුවිශේෂී හඬ සහ පද්ධතියට අභියෝග කිරීමේ හැකියාව නිසා ඇගයීමට ලක්වේ. මේ නිසා  ප්‍රමුඛත්වය ලැබෙන්නේ තාක්ෂණික සහ සංකල්පීය නවීනත්වයටය.

අපගේ ප්‍රධාන ගැටලුව  වන්නේ මේ ද්විත්වය සාර්ථකව බද්ධ කල හැකිද යන්නය.  සුමනා විජේරත්න 'තිමිර විනිවිද මාඕ' පොතින් යෝජනා කරන්නේ කුමක්ද ?  නිර්මාණකරණයේ ඉගෙනුම් පාසැල නම් මාතෘකාවේ  සිට (පි 77 -82)  ඇය පැහැදිලි කිරීමට  උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවට සුවිසේෂි අතීත සම්ප්‍රදායන් සුරක්ෂිත කරමින් නව සමාජ සත්තා යථාර්තයක් ගොඩ නැගිය  යුතු බවය.  මේ සඳහා ඇය සිරි මැදුර  චිත්‍රපටය පිලිබඳ විමසුමක් උපයෝගී කරගනී.  මා  පසුගිය ලිපියේ 'කොමියුනිස්ට් '  නැමති චිත්‍රපටය ගැන ලියමින් සඳහන් කලේ එවැනි  ප්‍රචාරාත්මක වැඩ සටහන් වලින් වැඩි දුර යා නොහැකි බවය.  අපට සෞන්දර්යය හා ස්වාධීනත්වය එකට කලතා ගන්නේ නැතිව මේ ගමන යා නොහැකිය. 

හැත්තෑ ගණන්වල සෝවියට් දේශයේ සාමාජිය ගුණ ධර්ම පිරිහී යමක් ගැන 'පිරිහී ගිය අධිරාජ්‍යය' නමින් චිත්‍රපටයක් තිබේ .  එය ප්‍රචාරාත්මක එකක් නොව සෝවියට් සමාජයේ පිරිහීම ගැන විවේචනාත්මක දෙස බැලීමකි .  බලධාරීන් එවැනි චිත්‍රපට වලට ඉඩ දුන් බව සඳහන් කල යුතුය. එසේම ඒවා වඩා ජනප්‍රිය විය. පෙරෙස්ට්‍රොයිකාව  අවසන් කාලයේ ඉන්ටර් ගර්ල් හෙවත් ඉන්ටර් ද්යෙවුෂ්කා නම් චිත්‍රපටයක්  තිරගත විය. එය තත්කාලීන සෝවියට් සමාජය දැඩි විවේචනයකට බඳුන් කල එකක් විය .  අවුරුදු දෙකකට පසු සෝවියට් දේශය බිඳ වැටුණි .   

රුසියානු සාහිත්‍යාගමනය පිලිබඳ සමාලෝචනයට මටද එකඟ විය හැකිය .  (පි /98-99) එය ඔබ අදහස් කරන ඉලක්ක  ගත පිඩිත ප්‍රජාවට ලං නොවීය.  මේ ගැන මා ලිපි කිහිපයක්ම  ලියා ඇති නිසා ඒවායේ මුලාශ්‍ර දක්වමි .  
සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම   යනුවෙන් ලිපි හතරක් මා ලියා තිබේ .  

සු .වී ගේ මනොචිශ්ලේෂණය හා සම්බන්ධය ආඛ්‍යානය නැවත පෙන්නුම් කරන්නේ කොළඹ කතිකාවෙන් පිට සිටීමේ වේදනාවයි.  එම කතිකාවට විරුද්ධ සමහරක් අයද  ඒ ගැන ලියන්නේ දැඩි අනවබෝධයකින් බව මට බෙහෙවින් නිරීක්ෂණය වී තිබේ.
.  
"එහෙත්  මනෝ විශ්ලේෂණය සමාජ ,  ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පීඩනයන්  විශ්ලේෂණය කිරීමෙන් පරිබාහිරව කළ හැකිද ?  මෙතැන තමයි බොහෝ අය පටලවා ගන්න තැන, ඒකට හේතුව මනෝ විශ්ලේෂණය හැම විටම ලාංකීය පශ්චාත් අධිරාජ්‍යවාදී  ශාස්ත්‍රීය සමාජය විසින් ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකීර්ණය තුල හිර කිරීම සහ සමාජ විද්‍යා විශ්ලේෂණය වෙනුවට පීඩනය වාමාංශික ධාරාවට බැර කිරීම". -මේ ගැන තව දුරටත් කියවන්න  පිටුව 134 සිට . !   

මේ ගැන දීර්ඝව කතා කිරීමට නොහැකි වුනත් තරම් සංක්ෂිප්තව මට කිව හැක්කේ මෙයයි . 

ශ්‍රී ලාංකේය පශ්චාත්-නූතනවාදීන්, මහජනයා තුළ පීතෘමූලික (පියා මූලික කරගත්) නායකයින් කෙරෙහි පවතින මනෝවිද්‍යාත්මක යැපීම පැහැදිලි කිරීමට 'ඊඩිපස් සංකීර්ණය' භාවිතා කළහ.
පියාගේ ප්‍රතිරූපය (අප්පච්චි , ජාතියේ පියා ,  බත් දුන් පියා ) ඉදිරියට  ගැනීම තුල, ඩි එස්,  ජේ.ආර්. ජයවර්ධන, මහින්ද රාජපක්ෂ වැනි චරිත හෝ "රාජ්‍යය" යන වියුක්ත සංකල්පය පවා මෙහිදී සංකේතීය "පියා" ලෙස විශ්ලේෂණය කරන ලදී. බල නායකයෙකු අහිමි වේ යැයි පවතින බිය හෝ රටේ "ස්වෛරීභාවයට" තර්ජනයක් එල්ල වීම, ෆ්‍රොයිඩ්ගේ 'වන්ධ්‍යාකරණ භීතිකාව' (Castration Anxiety) යන සංකල්පයට සමාන කරන ලදී. දේශපාලන නායකයින්ව (උදා: මහින්ද රාජපක්ෂ) ජනතාව දකින්නේ අප්පච්චි  ලෙසයි. මෙම "පියාට" ඇති බය සහ ආදරය ඊඩිපස් සංකීර්ණය හරහා විග්‍රහ කළ හැකිය.  ශ්‍රී ලාංකේය සමාජයේ පවතින ආගමික සහ සම්ප්‍රදායික නීති "පියාගේ නීතිය" ලෙස සලකා, එමගින් පුද්ගල නිදහස මර්දනය කරන ආකාරය පශ්චාත්-නූතනවාදීන් මොනවට පෙන්වා දුන්හ. 2022 අරගලය වැනි අවස්ථාවන්හිදී, පවතින පීතෘමූලික දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම "සංකේතීයව පියා ඝාතනය කිරීමක්" අපට අර්ථකථනය කළ හැකිය.

විදේශීය බලපෑම් හෝ අභ්‍යන්තර විරෝධතා හමුවේ රාජ්‍යය "තර්ජනයට" ලක්ව ඇති බව හැඟෙන විට, ජාතිකවාදී වාචාලකම් මෙතරම් ප්‍රචණ්ඩ සහ ආක්‍රමණශීලී වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට මෙම න්‍යාය භාවිතා වුනු ඔබට නොපෙනේද?  හොඳම උදාහරණය විමල් විරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන්ය. 

1990 දශකයේ සිදුවූ න්‍යායික හැරවුම  සාම්ප්‍රදායික මාක්ස්වාදී විශ්ලේෂණයෙන් බැහැර වී පශ්චාත්-ව්‍යුහවාදය  සහ ලැකානියානු මනෝවිශ්ලේෂණය  දෙසට යොමු වූ යුගයක් විය. මෙයට ප්‍රධාන වශයෙන් නායකත්වය දුන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතික විවේචනයේ පදනම සොලවා දැමූ රැඩිකල් බුද්ධිමය කවයක් වූ 'X කණ්ඩායම' විසිනි.මෙම ව්‍යාපාරය , "ශ්‍රී ලාංකේය මනෝභාවය" විග්‍රහ කිරීමට ජිජැක් සහ  ලැකාන්ගේ න්‍යායන් භාවිතා කලහ.  ඔවුන් පන්ති අරගලය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් බැහැර වී, ආශාව (Desire), සංකේතීය පර්යාය (Symbolic Order) සහ "අනෙකා" (The Other) වැනි සංකල්ප දෙස බැලීමට පටන් ගත්හ.  එකල පැවති මහා හෙජමොනිය —විශේෂයෙන්ම සිංහල-බෞද්ධ ජාතිවාදය- සහ පැරණි වාමාංශයේ දැඩි මතවාදයන් විග්‍රහ කිරීමට (Deconstruct) පශ්චාත්-නූතනවාදය භාවිතා කරන ලදී.

 මෙය සාහිත්‍යය සහ සිනමාව විවේචනය කරන ආකාරය මුලික වශයෙන් වෙනස් කරන ලදී .  මා නිර්මාණ සංවාද කුලකය ගැන කලින් ලිපියේ සඳහන් කලේ මේ නිසාය .  මහාචාර්ය සුචරිත ගම්ලතුන්  ගේ 'දෙඤ්ඤම් බැටේ ' විචාරය වෙනස් විධිහකින් එලි ගන්වන ලදී .  විචාරකයින් කෘතියක මතුපිට කතාව දෙස බැලීම වෙනුවට එහි ඇති "අවිඥානික" අර්ථයන් සෙවීමට පටන් ගත්හ. වසර දෙදාහෙන් පසු කාලීනව සිවිල් යුද්ධය එහි උච්චතම අවස්ථාවට සහ අවසානයට ළඟා වීමත් සමඟ, අවධානය වියුක්ත න්‍යායන්ගෙන් මිදී කම්පනය පිළිබඳ මනෝවිශ්ලේෂණය  දෙසට යොමු විය.

ලැකාන්ගේ "The Real" සංකල්පය  යුද්ධයේ අවසාන අදියරේ බිහිසුණු බව වටහා ගැනීමට උත්සාහ කළ කලාකරුවන්ට සහ උගතුන්ට වැදගත් මෙවලමක් වුනු බව අපට පෙනේ .  ජාතික අනන්‍යතාවයන් ගොඩනැගී ඇති ආකාරය සහ සාමය ඇති කිරීමට ඒවා බාධාවක් වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමට ශ්‍රී ලංකාවේ පශ්චාත්-නූතන චින්තකයින් මෙම මෙවලම් භාවිතා කළහ.

එසේම මෙම කාලය තුළ මෙම අදහස් "රහසිගත" ජවිපෙ අධ්‍යයන කවයන්ගෙන් මිදී විශ්වවිද්‍යාලවලට සහ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි ප්‍රධාන ධාරාවේ සිනමාකරුවන්ගේ නිර්මාණ වෙත ගලා ආවේය. ඔවුන්ගේ චිත්‍රපට බොහෝ විට මර්දනය කරන ලද ආශාවන් සහ ස්වයං-ඛණ්ඩනය වීම් පිළිබඳව කතා කරන ඔබට පෙනුණු ඇත . ( බොරදිය පොකුණේ සිට ඔබ නැතිව ඔබ එක්ක සහ තවත් නිර්මාණ -මුලාශ්‍ර බලන්න ) 

වත්මන් යුගයේදී, විශේෂයෙන්ම 2022 අරගලය සහ ආර්ථික බිඳවැටීමත් සමඟ මෙම කතිකාව නැවතත් පරිණාමය වී ඇත. වර්තමාන චින්තකයින් ආර්ථික අර්බුදයේ සාමූහික "කම්පනය" දෙස බලමින් සිටිති. අසාර්ථක වූ "පියෙකුගේ භූමිකාව" (Father figure) ලෙස රාජ්‍යය ක්‍රියා කරන ආකාරය පිළිබඳව අලුත් උනන්දුවක් ඇති වී තිබේ.

 සමාජ මාධ්‍යවල නැගීමත් සමඟ සත්‍යය කැබලිවලට කැඩී යාම (පශ්චාත්-නූතන තේමාවක් ලෙස) ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව දැකගත හැකිය. ජාතිකවාදී ප්‍රකාශවලට ඇති "ඇබ්බැහිය" සහ දේශපාලන අවුල් ජාලාවන් තුළින් ලබන "වේදනාකාරී වින්දනය" (Jouissance) තේරුම් ගැනීමට මනෝවිශ්ලේෂණය අද භාවිතා වෙන්නේ නැත්ද?  අද වන විට මෙය එක් "කණ්ඩායමකට" පමණක් සීමා නොවී, තරුණ ක්‍රියාකාරීන් සහ කලාකරුවන් තම නිර්මාණ තුළ ස්වභාවිකවම "විසංයෝජනය " (Deconstruction) වැනි වචන භාවිතා කරන පොදු වාතාවරණයක් නිර්මාණය වී ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක 'විසංයෝජනය' යන වදන  විපක්ෂයේ ඇත්තන්ගේ  'කුණුහරුප'  වෙනුවට භාවිතා කිරීම ගැන මහේෂ් හපුගොඩ සහෝදරයා හොඳ සටහනක් ලියා තිබුණි.  එය 'දකුණේ'  කෙඳිරිමක් විය හැකි වුවද ඔවුන්ට එය වැදී තිබෙන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් සංස්කෘතික කතිකාවේ කොතරම් පහලින් සිටින්නේද යන්න ඔවුන්ට වැටහී ඇති නිසාය .   

පශ්චාත්-නූතනවාදී සහ පශ්චාත්-ව්‍යුහවාදී චින්තනයේ එන වඩාත්ම සංකීර්ණ මෙන්ම වැදගත් සංකල්පය වන්නේ "විසංයෝජනය" (Deconstruction) යන්නයි. මෙහි මූලික අඩිතාලම දැමුවේ ප්‍රංශ දාර්ශනික ජැක් ඩෙරීඩා (Jacques Derrida) විසිනි.  ශ්‍රී ලංකාවේ 90 දශකයේ හා ඉන් පසුව  බුද්ධිමය කතිකාව තුළ මෙය දැඩිව භාවිතා වූ අතර මා අවබෝධය ලැබුවේද ඒ නිසාය.  

විසංයෝජනය යනු හුදෙක් "විවේචනය කිරීම" හෝ "කඩා දැමීම" නොවේ. එයින් අදහස් වන්නේ යම් අදහසක්, ලේඛනයක් හෝ මතවාදයක් තුළ සැඟවී ඇති පරස්පරතා සහ අසම්පූර්ණකම් මතු කර පෙන්වීමයි. ඩෙරීඩා පෙන්වා දුන්නේ අපේ භාෂාව සහ චින්තනය ගොඩනැගී ඇත්තේ "ද්විමය ප්‍රතිපක්ෂ" (Binary Oppositions) මත පදනම්ව බවයි. උදාහරණ ලෙස: පිරිමි / ගැහැණු, ශිෂ්ට / අශිෂ්ට, ස්වදේශික / විදේශික, සත්‍යය / අසත්‍යය ආදී වශයෙනි .  මෙම සෑම යුගලයකම එක පාර්ශවයක් අනෙක් පාර්ශවයට වඩා උසස් ලෙස සමාජය විසින් සලකනු ලබයි. විසංයෝජනය මගින් කරන්නේ මෙම "උසස්/පහත්" බෙදීම ප්‍රශ්න කර, එම බෙදීම ස්වභාවික එකක් නොව කෘතිමව ගොඩනැගූ එකක් බව පෙන්වා දීමයි. හොඳම උදාහරනයක් ලෙස වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් රජයේ කාන්තා නායකත්වයන්ට ගරහන ආකාරය පෙන්වා දිය හැකිය .  

ශ්‍රී ලංකාවේ පශ්චාත්-නූතනවාදීන්  විසංයෝජනය භාවිතා කළේ දේශපාලන සහ සංස්කෘතික "මහා ප්‍රබන්ධයන් " විශ්ලේෂණය කිරීමටය. "සිංහල" හෝ "දෙමළ" ලෙස පිරිසිදු, නොවෙනස් අනන්‍යතාවයක් පවතිනවා යන අදහස ඔවුන් ප්‍රශ්න කළහ. එම අනන්‍යතාවයන් ඉතිහාසය පුරා විවිධ බලපෑම් මත ගොඩනැගුණු ඒවා මිස උපතින්ම ලැබෙන ස්ථිර දේවල් නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. ඒ ගැන අප / මම ඇත්තටම ඔවුනට ස්තුතිවන්ත විය යුතුය. 

ප්‍රශ්නය වන්නේ මාඕ කතා කරන කාලයේ පශ්චාත් නූතන වාදයක් නොතිබීමයි . 
 
සාහිත්‍ය සහ කලාව පිලිබඳ කතිකාවේදී කෘතියක ප්‍රධාන කථා පුවතට වඩා, එහි අන්තර්ගත නොවන දේ (Absence) හෝ එහි කොන් කර ඇති චරිත දෙස බැලීමට විසංයෝජනය මගින් ඉගැන්විය හැකිය. 

'X කණ්ඩායම' ගැන කියන්නේ නම්  ඔවුන් අතිශයින් බලගතු වූවා සේම, දැඩි විවේචනයටද ලක් වුනේ ඔවුනතර පැවති  අභ්‍යන්තර අරගල නිසාය . ඔවුන් භාවිතා කළ "තේරුම් ගැනීමට අපහසු පාරිභාෂික වචන" මගින් ඔවුන් සවිබල ගැන්වීමට උත්සාහ කළ වැඩ කරන ජනතාවම ඔවුන්ගෙන් ඈත් කළ බවට ඇතැම් විචාරකයින් චෝදනා කළ බව මගේ අදහසයි . සු . වී ද ඒ පිලිබඳ එවැනිම සටහනක් තබා තිබේ .   නමුත් අපට ඔවුන් මගහැර මේ සංස්කෘතික කතිකාවට යා නොහැකිය. ජවිපෙ සහ පෙරටුගාමීන් මේ කතිකාවට ඇතුළු වූයේ බොහෝ ප්‍රමාද වීය.   

මට පෙනෙන පරිදි සුවී පවසන්නේ අපේ සංස්කෘතික හමුදාව මුලින්ම  බුද්ධාගම සරණ යා යුතු බවය.  ඒ කියන්නේ අපේ බෞද්ධ උරුමය සමග මේ සංස්කෘතික විප්ලව සමගාමී කලයුතු බවය.   සලායතන ලෝකය (පි .  158) -බොහෝ වාමවාදී දේශපාලනික චින්තන ධාරාවන්ගේ දෘෂ්ටිය තමයි භෞතිකවාදය. -සු . වී . 
ඉන්පසු ඇය යන්නේ ද්විඝටනාත්මක භෞතිකවාදය සහ පටිච්චසමුප්පාදය සැසඳීමටය .  (පි . 160 සිට ) 

ඔබට රෝහණ විජේවිරයන්ගේ රූපාන්තරණය අමතක වීද? ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා දැඩි මාක්ස් ලෙනින්වාදියෙකු ලෙස සිය ගමන ආරම්භ කළද, ග්‍රාමීය බහුතරය බලමුලු ගැන්වීමට සහ ශ්‍රී ලංකාවේ වෙනස් වන වාර්ගික පසුබිමට ප්‍රතිචාර දැක්වීම සඳහා අවසානයේ සිංහල-බෞද්ධ ජාතිකවාදය සිය දේශපාලන වේදිකාවට ඒකාබද්ධ කර ගත්තේය. ඔහු 1980 දශකයේදී කැපී පෙනෙන දෘෂ්ටිවාදාත්මක වෙනසකට භාජනය වුනු අතර සමාජවාදී භික්ෂු සංගමයක්ද  පිහිටුවිය. රෝහණ විජේවීර  ද්විඝටනාත්මක භෞතිකවාදය නොදත් අයෙකු නොවේ. එහි කෙළ පැමිණියෙකි.   1983 කළු ජූලි කෝලාහලයෙන් පසු එවකට රජය විසින් ජවිපෙ තහනම් කරන ලදී. මෙම රහසිගත දේශපාලන සමයේදී පක්ෂය සාම්ප්‍රදායික පන්ති අරගලයෙන් බැහැරව උපායමාර්ගික අවශ්‍යතාවයක් ලෙස සිංහල-බෞද්ධ බහුතරවාදය දෙසට යොමු විය. සිංහල-බෞද්ධ අනන්‍යතාවයේ පවතින හැඟීම්බර ආකර්ෂණය හා සසඳන විට, ශුද්ධ වූ මාක්ස්වාදය ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රචලිත කිරීමේ සීමාවන් විජේවීර සහෝදරයා තේරුම් ගත්තේය. ඔහු "ඒකීය රාජ්‍යයේ" දැඩි ආරක්ෂකයෙකු බවට පත් විය. දෙමළ බෙදුම්වාදය හුදු දේශපාලන ප්‍රශ්නයක් ලෙස නොව, දිවයිනේ ඓතිහාසික හා ආගමික අඛණ්ඩතාවයට එල්ල වූ තර්ජනයක් ලෙස ඔහු අර්ථ දැක්වීය. බලය බෙදීමට විරුද්ධ වූ මහා සංඝරත්නයේ කොටස් සමඟ ජවිපෙ සමීප සබඳතා ඇති කර ගත්තේය.

මෙහිදී මා කියන්නේ  වර්තමාන ජාතික ජන බලවේග රජයටද මේ වියගසින් මිදීමට තවම හැකියාවක් නැත. ඔබ කියන්නේ ඒ තුලම තවත් ගිලිමටද?  අපේ ප්‍රශ්නය වන්නේ රජයකට එරෙහිව කරන සාධනීය හා බලවත් විවේචන වෙනුවට පොල් ගසන්නට ජනතාව රැස් කරන්නන් සහ පොල් ගසන්නට යන ජනතාවක්  නොවේද   ඒ අතර බුද්ධත්වයට පත්වූ උත්තමයෙකුත් විරුද්ධකරුවන්ට පලි ගසමින් පොල්  ගසනු  දුටුවෙමි .  බුදුන් වහන්සේ පොල් ගසන්නට වදාල බවට සුත්‍රයක් මා අසා නැත.  ඒ වෙනුවට ඉන්දියාවෙන් ගෙනා  ධාතු වන්දනා කරන ජනාධිපතිවරයෙකු අපට සිටීම මට නම් හොඳටම සෑහේ .  අනුර කුමාර දිසානායකයන්ට ඇති ප්‍රශ්න ගැන මට හොඳ අවබෝධයක් තිබේ. ඒ නිසා ඔහු පන්සල් යෑම, දළඳා මාළිගාවට යෑම ආදිය ගැන මගේ විරුද්ධත්වයක් නම් නැත.  නමුත් සංස්කෘතික අමාත්‍යාංශය භාර මහාචාර්ය ඇමතිතුමා මීට  වඩා ක්‍රියාශීලි විය යුතු නැත්ද?  ඔහු වඩාත් හොඳින් පන්සල් යාම, ධාතු වන්දනාව  , රුසියානු  පොත් උත්සව වලට යාම තමන්ගේ කාරිය කර ගැනීම ගැනද  මගේ විරුධත්වයක්  නැති වුවත්  සු.වී කියන අන්දමේ  සංස්කෘතික පරිවර්තනයක් කරන්නට නම් මිට වඩා දැඩි වැඩ පිළිවෙලවල් අවශ්‍ය  නොවන්නේද?  සමහර විට සංස්කෘතික අමාත්‍යංශයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නැතිවා විය හැකිය.  

අවසාන වශයෙන් මානවවාදී විචාරය ගැන සඳහන් කරන සු.වී සංස්කෘතික මිනිසා ගැන ලියන්නේ බෞද්ධ සාහිත්‍යයේ ගිරව් දෙදෙනාගේ උපහැරණය ගෙනය . ඒ මෙසේය .  "හැබැයි සංස්කෘතික මිනිසා කියන්නේ මෙන්න මේ  'අවිචාරවත් මානවීයත්වය' වෙනුවට සවිඤ්ඤාණිකව තම 'ආකල්පමය මානවියත්වය' ගොඩ නගා ගැනීමට වෙර දරන මිනිසාටයි .( පි 182) මෙහිදී  ඇය විසින් සමාජයේ පිඩිත ප්‍රජා සමුහයන් කෙරෙහි දක්වන සාධනීය ආකල්පය අගය කරමි.
  
ආකර්ශනීය නිර්මාණ ඉදිරිපත් විය යුතුය යන අදහසට මා එකඟය.(පි 185-186)   සමාජ සත්තා යථාර්ථවාදය අනුව කල නිර්මාණ අසාර්ථක වීමේ එක හේතුවක් වූයේ එයයි. මේ සඳහා සමතුලිත භාවයක් තිබීම පමණක් වැදගත් වේ .  'රහස් කියන කන්දෙන් මතුවුනු පාරිභෝගික වාදයේ මළගම හා ජගත් මනුවර්ණ' මැයින් මා ලියූ  ලිපියේ මෙසේ සඳහන්  කලෙමි .  
    
"හෙයිඩගර් කියනුයේ නියම කලා කෘතියක්  සෞන්දර්යය නිසා අඳුරු වන බවය (eclipsed). නමුත් ඒ  හෛඩගර්ම  නැවතත් පවසන්නේ එසේ නොමැති වීමත් ප්‍රශ්නයක් බවය.  (oxymoron) චිත්‍රපටය මේ දෙපැත්තම ඉතා හොඳින් සමබර කරගෙන ඇති බවක් වැටහේ. 
මෙතැනදී අප  ආතර් ශෝපන්හවර් දෙසට හැරුන හොත්  ඔහු ලියන්නේ මෙසේය. "කලාකරුවා අපට ඔහුගේ දෙනෙත් තුලින් ලෝකය බලන්නට ඉඩ දෙයි. සෑම සම්බන්ධයකම එපිටින් ඇති අත්‍යවශ්‍යම දේ ගැන ඔහු දන්නා බැවින් ඔහුට  ඇති මේ දෙනෙතින්, අපට බලන්නට ඉඩ දීම, මේ අත්පත් කර ගැනීම  කලාවේ තාක්ෂණික පැත්තය."- The World as Will and Representation.
 ඔහු මෙය හඳුන්වන්නේ mimicry යන නමිනි. ඒ කියන්නේ හොඳින් අනුකරණය කිරීමෙන් විනෝදය හෝ උපහාසය  සැපයීමය.  ශෝපන්හවර් ට අනුව කලාකරුවෙකු මූලිකව ඉස්මතුවන්නේ ඔහු හෝ ඇය  අති දක්ෂයෙකු  ( genius) වීම නිසා නිමවන කලාවකින් නොව ඇය හෝ ඔහු ලෝකයේ සාරය (essence) ග්‍රහණය කර ගන්නා නිසාය.  යථාර්තවාදී සිනමාවක් යනු  ප්‍රබන්ධයකි.  ඕනෑම සිදුවීමක් ලිවූ වහාම හෝ නාට්‍යය ක, චිත්‍රපටයක රඟපෑ වහාම එය ප්‍රබන්ධයක් බවට පත්වෙයි. නමුත් ප්‍රේක්ෂකයාගේ ක්ෂිතිමය අත්දැකීම තුල එය ඇයගේ මනසේ යලි යථාර්තයක් වෙයි. " උපුටා ගැනීම අචසන් .  "

මෑතකදී මා නැරඹු "මෝඩ තරිඳු" චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා පිනවන දර්ශන කතාබහ සමගම සියුම් ලෙස සමාජයේ මිත්‍යා මතයන් විමර්ශනයට ලක් කරයි. තිර රචනය මෙන්ම රඟපෑම් ද විශිෂ්ඨය .  'ආයු' චිත්‍රපටය මෙන්ම ෆාදර් චිත්‍රපටයද යථාර්තවාදී සාමාජිය ක්‍රියාකාරකම් අනුසාරයෙන් ප්‍රේක්ෂකයා සිනමාවට බැඳ තබන ප්‍රබන්ධයක් ඉදිරිපත් කරයි .  මේවා ඉතා හොඳ මග සලකුණුය . 

මේ රජය ජයග්‍රහණය කලේ විප්ලවයකින් නොවේ.  ඡන්දයකිනි .  සංස්කෘතික හමුදාවක් නොව රටේ විවිධ තැන්වල පිහිටා  ඇති සාහිත්‍ය සංගම් වත් එකතු කර ගත හොත් යමක් කල හැකිය.  නාට්‍ය කලාවේදීන් ට ඇති ප්‍රශ්න,  පොත්  ප්‍රකාශනයේ ප්‍රශ්න, ලේඛක ප්‍රශ්න විසඳා ගත යුතුය. සමාජ ජාලා නියාමනය නොව වඩා සුභවාදී ලෙස උපයෝගී කර ගැනීමට යොමු විය යුතුය . මේ නිසා "තිමිර විනිවිද මාඕ" වියමන කර ඒ අනුසාරයෙන් සංවාදයක් ගොඩ  නගන්නට සුමනා විජේරතන ප්‍රයත්නය  ප්‍රසංශාවට ලක්  කරමි.    

'තිමිර විනිවිද මාඕ' සමුද්‍ර ප්‍රකාශනයකි.


අජිත් ධර්ම 08/02/2026   

සුමනා විජේරත්න:

මූලාශ්‍ර:




52 comments:

  1. සුරුස්...........⛷️😁

    ReplyDelete
    Replies
    1. ආ මේ දවස් වල වින්ටර් ඔලිම්පික්ස් නේ . ඉතාලි ආවද ? ෆිල්ම් දෙක බලන්න

      Delete
    2. ඔය දෙවෙනි ෆිල්ම් එක ඉන්ටර්ගර්ල් හොයාගෙන බලන්න

      Delete
  2. බොහොම බර ලිපියක්. පොත කියවන්නේ නැතුව විචාරය කියෙව්වහම හිතෙනවා පොත කොහොමට ඇතිද කියලා. අජිත් මහත්මයා පොතට එළියෙන් ගිහින් කරුණු දක්වලා තියනවා. ඒ නිසාම හිතුනා ටිකක් පැහැදිලි කරගන්න.
    නුතනවාදය (modernism )ගොඩක් අනුගමනය කරන්නේ සමාජවාදීන් නේද? ඔවුන් විසින් සංස්කෘතිය සහ සම්ප්‍රදාය මුලිනුපුටා දාන සැලසුම් කරා. මාවෝ ස්ටාලින් (පොල්පොට් අමතක කරන්න එපා) ඔය හැමෝම. //එනම් සමාජවාදී මිනිසෙකු නිර්මාණය කිරීමේ කාර්යභාරය රජයට අවශ්‍ය ආකාරයට සිදුවුනේ නැත. ඒ නිසා මේ දෙදෙනාම සංස්කෘතික විප්ලව දියත් කළහ.// උඩ ඉඳගෙන පහලට බලෙන් පටවන්න ගිය එක කෙලවර වුනේ ඛේදවාචකයකින්.

    //රෝහණ විජේවිරයන්ගේ රූපාන්තරණය // ඒකට අවස්ථාවාදය කියලා අර්ථ දක්වන්න පුළුවන්ද? ජවිපෙ බලය උදෙසා ආයුධ සන්නද්ධ අරගලවල සිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරා නේද?

    ReplyDelete
    Replies
    1. Postmodernists ලා සමාජවාදීන් නෙමේ . ඒක වරදවා වටහා ගැනීමක් .//ඔවුන් විසින් සංස්කෘතිය සහ සම්ප්‍රදාය මුලිනුපුටා දාන සැලසුම් කරා.// අමුවෙන්ම වැරදියි . මාක්ස් ගේ පස්සේ ආපු තියරි වල වෙනස් කම් මේ ලිපියේ ලියා ඇත . මාඕ /ස්ටාලින් වාදය මාක්ස්වාදය ජිවමන් එකක් බැවින් වෙනස් කිරීමට තැත් කිඉර්මකි . රෝහණ විජේවීර කලේද එයයි . එය අවස්ථාවාදයට වඩා 'තියරිය ' වර්ධනය කිරීමකි . ලෙනින් කලේ අවස්තවාදයක් කියත් එසේනම් කිව හැකිය . ජේ අර මෙන් ප්‍රේමදාසද අවස්ථාවාදීන් වෙති . මහින්දද එසේය . ඕනෑතරම් උදාහරණ දිය හැකිය . . https://kolambagamaya.blogspot.com/2024/09/blog-post_14.html

      Delete
    2. පශ්චාත් නූතනවාදීන් සහජයෙන්ම සමාජවාදීන් නෙමෙයි . සමහරුන් පශ්චාත්-මාක්ස්වාදීන් ලෙස තමන්ව හඳුන්වාගත්තද හෝ වාමාංශික අනන්‍යතා දේශපාලනය සමඟ පෙළගැසුණද, බොහෝ දෙනෙක් සමාජවාදයේ සහ මාක්ස්වාදයේ මූලික සිද්ධාන්ත ප්‍රතික්ෂේප කරනවා . පශ්චාත් නූතනවාදය බොහෝ විට මාක්ස්වාදී සමාජවාදයේ "මහා ප්‍රකාශනයන්" (grand narratives) විවේචනය කරන අතර, ඒ වෙනුවට ක්ෂුද්‍ර දේශපාලනය, බල අරගල සහ වාස්තවික සත්‍යය කෙරෙහි ඇති සැකය කෙරෙහි අවධානය යොමු කරයි. මෙය බොහෝ විට සාම්ප්‍රදායික මාක්ස්වාදී පන්ති පදනම් කරගත් විශ්ලේෂණයන් සමඟ ගැටුම් ඇති කිරීමට හේතු වෙනවා . මුළු මහත් මානව ඉතිහාසයම පැහැදිලි කිරීමට උත්සාහ කරන මාක්ස්වාදය වැනි සර්වව්‍යාපී, විශ්වීය සිද්ධාන්ත පශ්චාත් නූතනවාදය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. බොහෝ පශ්චාත් නූතනවාදීන් සාම්ප්‍රදායික පන්ති දේශපාලනය ප්‍රතික්ෂේප කර අනන්‍යතා දේශපාලනය (ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ලිංගිකත්වය) අගය කරනවා . . ඔවුන් තර්ක කරන්නේ මාක්ස්වාදී රාමුව මගින් නිශ්චිත සුළුතර අවශ්‍යතා යටපත් විය හැකි බවයි. (ජවිපෙ පන්ති පහ ප්‍රතික්ෂේපය උදාහරණයකි ) .ලැක්ලාවු (Laclau) සහ මූෆේ (Mouffe) වැනි සමහර සිද්ධාන්තවාදීන්, බොහෝ විට "පශ්චාත්-මාක්ස්වාදය" ලෙස හැඳින්වෙන මාක්ස්වාදී නොවන සමාජවාදී ස්වරූපයක් නිර්මාණය කිරීමෙන් මෙම මතවාද දෙක අතර පාලමක් තැනීමට උත්සාහ කර ඇත. බොහෝ සාම්ප්‍රදායික සමාජවාදීන් පශ්චාත් නූතනවාදය දකින්නේ සංවිධානාත්මක, ඒකාබද්ධ කම්කරු පන්ති ක්‍රියාකාරීත්වයේ විභවය අඩපණ කරන "ධනේශ්වර මතවාදයක්" වශයෙන් . තේරුනාද මන්දා .

      Delete
    3. සමාජවාදීන් කියන්නේ මාක්ස්වාදීන් ම නෙමේ . සම්ජවාදය ඉස්සෙලම වගේ පටන් ගත්තේ එංගලන්තයේ , ජර්මනියේ වගේ රටවල දාර්ශනිකයන් ගෙන් . ඔවුන් මාක්ස්වාදීන් නෙමේ .කොලොනියල් රටවල සහ එංගලන්තයේ මිනිසුන් විඳින දුක දැකල , ගෙවල් හදල දෙන්න පඩි වැඩි කරන්න සටන් කරපු මිනිස්සු . මේ සමහරු ෆොසත් අය . මනෝරාජික සමාජවාදීන් කියලත් කිව්වා . එකොන් හොඳ ලිපියක් ලියල තිබ්බ ඒ ගැන .

      Delete
    4. // එකොන් හොඳ ලිපියක් ලියල තිබ්බ ඒ ගැන//
      ලින්ක් එකක් දෙන්න ඇහැකිද?🙏

      Delete
    5. මේක තවම ඉවර නැහැ . වෙලාවක් තිබ්බේ නැහැ . මාක්ස් ලෙනින් වාදයේ දී ලෙනින් අපහු හැරුන සැබෑ ධනවාදය පිහිටුව්න්න නෙප් හරහා. ස්ටාලින් ලෙනින් ට වේද තියල ක්රුප්ස්කයා එක්ක නිවස අඩස්සියේ තියල ස්ටලින්වාදය ස්ථපථිඅ කළා . සංස්කෘතික විප්ලවය ඒකෙ කෑල්ලක් . තනි රටක සාමාජවාදය හදන්න විරුධවාදීන් ට ඉගැන්විය යුතුයි නැත්නම් අයින් කරලම දානවා. මාක්ස් ලෙනින් මාඕ වාදය මදක් සමානයි . විජේවීර සෝවියට් පසු කාලින (ස්ටාලින් අයින් කළා සෝවියට් දේශය ) වාදය අත හැරලා 65 දී මාඕ වාදයේ හිටිය . පස්සේ ඒක අත ඇරිය . මාක්ස් ලෙනින් විජේවීර වාදය කියන්නේ විජේවීර ට්වික් කළා ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතියට හැඩ ගස්වන්න . භික්ෂ්ය් සමාජවාදී සංගමය හෙමේ පිහිටෙව්වේ ඒ නිසා . විජේවීර උදාහරණ අරගලයක් හැටියට ගත්තේ කිර්ති කුමාරය ගේ සොලී අධිරාජ්‍යයට විරෝධී සටන . පළමුවැනි විජයබාහු . මම අසූ ගණන්වල ඒකට විරුද්ධ වුනා . නරෝද්නික් වාදය කියල . නරෝද්නික් වාදය කියන්නේ ප්‍රධාන පෙලේ මිනිස්සු මරල බලය ගන්න හදන එක . ඒකට ලෙනින් පවා විරුද්ධ වුනා . මම හිතන්නේ අපේ විරුද්ධත්වය විජේවීර ට ගියේ නැහැ . පක්ෂය තහනම් නිසා අනිත් අය ඒක යන එක වැළැක්වුවා . ජේ ආර් අනීතික ලෙස ඒ පක්ෂය තහනම් නොකලා නම් මේ ඉතිහාසය මිට වෙනස් .

      Delete
    6. අනුරවාදය හුඟක් දුරට පස්චාත් නුතන් මාක්ස්වාදීන් ට සමානයි . එයා ලේබල් ගහන්න එපා කියනවා . නමුත් ධනවාදී දියුණුව ලංකාවට ගේන්නේ නැතිව ඉදිරියට යන්න බහ . සමහර ජේ ආර් ගේ ප්‍රතිපත්ති, රනිල් ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා වගේ පේන්නේ ඒකයි . පෙරටුගාමින් සහ අනිත් වාමාන්ශි කයන් පලු යන්න බැන්නට ඒක තමයි හරි මාර්ගය . කියුබන් ක්‍රමය නෙමේ . සමහර ජෙප්පනුත් විරුද්ධයි තමා . නමුත් සමාජවාදය එන්න නම් ධනවාදයේ හොඳ දියුණුවක් ඕනෙමයි .

      Delete
    7. දේශපාලනය පැත්තකින් තියලා සංස්කෘතිය විතරක් ගත්තොත් කිරිඉතිරවිම සංකෘතික අංගයක් මළගෙදර බුරුවා ගැහීම සංස්කෘතියක් නෙමෙයි. මළබත මතකවස්ත්‍ර සංස්කෘතිය.ඒවාට අරමුණක් තියනවා. මේ සංස්කෘතික අංග එක්ක හැමරටකම ආගම මුසුවෙනවා. බුද්ධාගම ලංකාවේ සිංහල වෙන්නේ ඒකයි . ටිබෙට් රටේ සිංහල බුද්ධාගමක් හොයන්න බැහැ.
      සංකෘතික අංග හැම වෙලේම සදාචාර සම්පන්න නැහැ. පොල් ගැහීම ගන්න. පොල් ගහනවා තමන්ට දෙයක් ලබාගන්න පොල් ගහනවා තමන්ගෙ සතුරාව විනාශකරන්න.

      modernism අනුව පොල් ගහන එක සදාචාරමය නොවන බවට තර්ක කරනවා. ඒක මුලින් උපුටා දාන්න ඕනේ කියලා කියනවා.( මාවෝ කරේ මේක නේද?)

      පශ්චාත් නුතනවාදීන් පොල් ගැහීම තමන්ගේ තරහව පිට කරගැනීම එක ආකාරයක් ලෙස අර්ථ දක්වනවා විශ්ලේෂණය කරනවා.හැබයි ඒක illusion එකක් ලෙස තමයි කියන්නේ. එකෙන් බල ව්‍යාපෘතිවල වෙනසක් වෙන්නේ නැහැ. එක නිසා වැඩක් නැහැ.

      metamodernism වලදී පොල් ගැහීම දකින විදිය වෙනස් ඒක සමාජයේ තියෙන අංගයක් ලෙස දකිනවා. ඒකට සහභාගී වෙනවා. එකෙන් ලබන මානසික සුවය ඇත්තටම තමන්ටත් සමාජයටත් වැඩ දායි ලෙස හිතනවා.නමුත් ඇත්තටම සතුරාට හානියක් වෙනවා කියලා හිතන්නෙත් නැහැ. මේකට තමයි දෝලනය වෙනවා කියන්නේ.

      දැන් මෝඩ තරිඳුලා ( චිත්‍රපටිය නෙමෙයි You Tube ඇතුළු ඊනියා සමාජ ක්‍රියාකාරිකයන්.) යමක සදාචාරය විමසන්න සංස්කෘතික පොලිස් කාරයාගේ භූමිකාව රඟපානවා. ඒ ඔය පරණ මාවෝ ගේ සංස්කෘතික විප්ලවය ම තමයි. ඒක Modernism නුතනවාදය , අඩුම ගණනේ පශ්චාත් නුතනවාදයවත් නෙමයි.

      එහෙමනම් කොහොමද සංස්කෘතියේ තියනඇතැම් අංග අයින් කරන්නේ අයින් වෙන්නේ ? පස්සේ ඒක හොයමු.

      Delete
    8. පොල් ගහන එකෙන් කියන්නේ වෛරය පිට කරන අරූට කෙලපන් කියල . දැන් ඔය අනිත්ගොල්ල නේද කියන්නේ මේ ගොල්ලෝ වෛරය වපුරනවා කියා නඩු දාන එකට . ඒ නඩු සාධාරණ වුනත් . (රනිල් ගේ නඩුව ඇරෙන්න - ඒක දාන්නේ ජෙප්පෝ සහ පෙරේට්ටෝ සතුටු කරන්න මට පේන්නේ ) , නමුත් ඒකෙන් මුකුත් වෙන්නේ නැහැ . පොල් ගණන් රටේ නාස්තිය හෙවත් දේවාලෙට හොඳයි . ඒක සංස්කෘතික අංගයක් නම් නරක එකක් . නරක ඒවා තියන් ඉන්න ඕනෙද ?
      මෝඩ තරිඳු එකේ හිනා වෙන්නේ බූරුවා ගහන ජාවාරමට . මලබතට නෙමේ . //කෙන් ලබන මානසික සුවය ඇත්තටම තමන්ටත් සමාජයටත් වැඩ දායි ලෙස හිතනවා// මේකට නම් හිනා යනවා නිහඬ පාල මහත්මය . වෛරයෙන් වියරු වෙලා අරූ හැඳි ගෑවිලා පල කියල ගහන එකෙන් තමන්ටත් හාට් ඇටක් හැදෙන එක වෙන්නේ . යූ ටියුබ් කාරයෝ ගැන නම් කතා කරන්න එපා . මම බලන්නේ නැහැ කාගෙවත් . හැබැයි මට පේන විධිහට තමන්ට එන ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර දෙන යි පේන්නේ . දෙපත්තම් නවත්වන්නේ නැතිව එක පැත්තකට බැනල වැඩක් නැහැ . අර ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රටිප්‍රහාරයේ ශිෂ්ට බව හොයන්න් එපා කියනවනේ . ඔයාට තේරෙන්නේ නැත්ද අපි හදන්නේ හැමෝවම හදන්න කියල . අරයගෙ පැත්ත මෙයාගේ පැත්ත නෙමේ කියල .

      Delete
  3. //වර්තමාන ජාතික ජන බලවේග රජයටද මේ වියගසින් මිදීමට තවම හැකියාවක් නැත// ඒක ඔවුන්ගේ idenity crisis එකකට බලපාලා තියනෙවා කියල හිතෙන්නේ නැද්ද. මහින්ද තුල සංස්කෘතික මිනිසෙක් බලෙන් හිටියේ නැහැනේද? ඒක ඔහුගේ සාමාන්‍ය භාවිතාව.පශ්චාත් නුතනවාදී කතිකාව එකේදී බල ව්‍යාපෘතියක් ලෙස විසංයෝජනයක් කරා . අනුර මහත්මයා තුලට මේ සංස්කෘතික මිනිසා බලෙන් එබ්බවීම යම් නොගැලපීමක් ඇතිකරලා තියනවා.

    //මෑතකදී මා නැරඹු "මෝඩ තරිඳු" චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා පිනවන දර්ශන කතාබහ සමගම සියුම් ලෙස සමාජයේ මිත්‍යා මතයන් විමර්ශනයට ලක් කරයි// අපේ සමාජ මාධ්‍ය මෝඩ තරිඳුලා බොහෝවිට Modernism අනුව සමාජය සංස්කෘතිය විවේචනය කරනවා. අඩුම ග)නේ පශ්චාත් නුතනවාදී දැක්මක් වත් නැහැ. දැන් ලෝකය ඉදිරියට එන Meta modernism සංකල්ප අනුව සංස්කෘතිය විවේචනය හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? ඒක තුළ අවබෝදයෙන් ජිවත් වීමට පහසු වීමක් දෝලනයක් තමයි වෙන්නේ. එහෙම නේද?

    හරියට කුමාරගම වගේ
    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    ReplyDelete
    Replies
    1. දැනට මේ කොමෙන්ට් එක දාන්නම් පස්සේ පිලිතුරුලියන්න . අනුරලා හෙම පන්සල් වන්දනාවේ ගියේ අද ඊයේ නෙමේ කියන්න - https://www.newsfirst.lk/

      Delete
    2. සංස්කෘතිය සහ කලාව හැටියටඔබ විශ්වස කරන්නේ පොල් ගහන එකද ? කිරි උතුරන එකද ? මෝඩ තරිඳු වගේ චිත්‍රපටි වල ගැරහීමක් කරන්නේ නැහැ . පෙන්වන්නේ මල ගෙවල් වල යන බොරුව . බූරුවා ගහන හැටි හෙම . දැන් මම වුනත් නත්තල් සමරනවා , වෙසක් එකට කුඩූ හදනව . අවුරුද්දට පහන් පත්තු කරලා ළමයින්ට කිරීබත් අනල කවනවා. මේවා සංස්කෘතියේ කොටසක් වශයෙන් අපි ගරහන්නේ නැහැ . සෝවියට් දේශය තම වැඩියෙන්ම පොඩි ජන කණ්ඩායම් හොයන් ගිහින් ඔවුන්ගේ සංස්කෘතික එවල් , පුරුදු රැක ගත්තේ . මිත්‍යා විශ්වාස වලින් බැට කෑම සහ සංස්කෘතිය සහ කලාව කියන්නේ දෙකක් . එකක් නෙමෙයි . අනුරලා ඔයිට් අකලිනුත් පන්සල් ගියා . ඒක විජේවීරගේ බල ව්‍යාපෘතිය . ඔවුන් මහින්දට මුලින් උදව් කලෙත් ඒකනේ . මතක නැත්ද

      Delete
    3. ඊළඟට අනුර වාදය මේක අජිත් මහත්මයා වෙන තැනකත් කියලා තිබ්බද කොහෙද ? දැන් විජේවීර වාදය දැකගන්න පුළුවන් . විජේවීර මහත්මයා පොත් ලියලා ප්‍රකාශන කරලා, දීර්ඝ දේශනා කරලා මේ වාදය පෙන්නනවා. ඔහුගේ වාදයන් වෙනස් වෙන තැන පවා ඔහු විසින්ම ප්‍රකාශයට පත් කරන ලද දේවල් වලින් පිළිඹිබු වෙනවා. අනුර මහත්තයා සම්බන්ද එහෙම ඔහු ලියපු දෙයක් පොතක් වාචික ප්‍රකාශනයක් අඩුම තරමේ පක්ෂයේ අභ්‍යන්තර කවයෙවත් සාකච්චාවට භාජනය වෙනවද? එහෙම නැතුව වාදයක් ගොඩනගන්න බැහැ නේද?දැන් අපි අතරමං වෙන්නේ අනුර කියන identity එකක් නැති නිසා නේද? එතුමාත් අතරමං වෙලා වගේ පේන්නේ මේ අනුර වාදය එලියට එන්නේ නැති නිසා නේද?
      විජේවීර මහත්මයා තරම් intellectual චරිතයක් වර්තමාන ජවිපෙ තුල ඉන්නවද? පෙරටුගාමීන් මේ දාර්ශනික කව ඔවුන් සතු කරගෙන තියෙනවා නේද?

      Delete
    4. අනුරවාදය මම හදපු එකක්නේ . මම දැක්කා කිහිප දෙනෙක් උස්සන් යනවා . එහෙම තම ඒවා හැදෙන්න . 😃 විජේවීර ඉන්න කාලයේ විජේවිරවාදයක් තිබ්බේ නැහැ මැරුණට පස්සේ ආවේ . ලෙනින් හිටිය කාලේ ලෙනින් වාදයක් තිබ්බේ නැහැ . ඒ හැමෝම අලුත් මාර්ග හොයා ගත්ත . මම ඒක කිහිප පාරක් ලියල තියෙන නිසා ආයේ යන්න බැහැ . මට පෙනේනේ විදහට අනුර ඉජෙවිර වාදය එකක් එන අය වැඩ කරන්න දාල ප්‍රතිසන්ස්කරන් වාදයකට ගිහින් මාලිමාව හදල ඊට පස්සේ බලය ගත්ත . එයා හැසිරෙන්නේ ඔය ට්‍රම්ප් , පුටින් වගේ පොපියුලිස්ට් නායකයෙක් හැටියට . සමාජවාදී නායකයෝ එහෙම කරනවා අඩුයි . එයා පෞද්ගලික අංශය බැලන්ස් කාන් යනවා . රාජ්‍ය සමාගම් වර්ධනය කරනවා . විජේවිරවාදයෙන් වෙනස් . ඉතින් මම හිතන්නේ ඒක එයට සුවිසේෂයි කියල . පොත් ලියන්න ඕනේ නැහැ මට එහෙම නමක් දාන්න https://kolambagamaya.blogspot.com/2024/09/blog-post_14.html

      Delete
  4. අජිත් ප්‍රශ්ණයක්. රුසියාවේ විප්ලවය, චීනයේ විප්ලවය යන දෙක ඇති නොවී, වමේ රජයයන් ඇති නොවුනානම්, සීතල යුද්ධය ඇති නොවුනානම් අද ලෝකය මොන මට්ටමක තියෙන්න තිබුණාද?

    ReplyDelete
    Replies
    1. මේකට ප්‍රශ්නෙකින් නෙමේ ප්‍රශ්න වැලකින් තමා උත්තර දෙන්න වෙන්නේ. ලංකාවේ පෘතුගීසි , ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ සිදු නොවුනානම් කොතැන ඉඳීද ? තායිලන්තය වගේ වෙයි නේද ? කුලවාදය , ගැහැණු තනපට ගලවාගෙන ඉඳීම සහ සෙක්ස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙයි . විවාහ නැති නිසා ඒ කාලේ වගේ එකටජිවත් වෙයි . ඒ පැත්තෙන් හොඳ නිදහස් සමාජයක් වෙයි . අනිත් පැත්තෙන් හිට්ලර් දිනුවානම් මුළු යුරෝපයෙන් විතරක් නතර වෙන්නේ නැහැ . දුඹුරු , කළු සහ අනිත් මිනිසුන් දෙවන පන්තියට වැටිලා නිල ඇස් සහ රන් හිසකේ තියෙන ගැහැනුන් හා මිනිසුන් වහල් හිමියන් වෙයි . හිට්ලර් මුලින්ම පරද්දුවේ සෝවියට් දේශය . ඇමෙරිකාව නෙමේ . - රුසියාවේ විප්ලවය, චීනයේ විප්ලවය යන දෙක ඇති නොවී, වමේ රජයයන් ඇති නොවුනානම්- මෙලහට මුළු ලෝකෙම සමාජවාදී වෙලා ඒකයි මම කියන්නේ කියුබාව සහ උතුරු කොරියවට් කඩන් වැටුනානම් හරි කියල . නැත්නම් මිනිස්සු වරදවා හිතනවා ඒක තමා සමාජවාදය කියල .

      Delete
    2. //නැත්නම් මිනිස්සු වරදවා හිතනවා ඒක තමා සමාජවාදය කියල//
      අසාර්ථක, අකාර්‍යක්ෂම සහ දූෂිත වමේ රජයයන් සමඟ කියුබාව සහ උතුරු කොරියාවෙන් අපට පෙන්නන දෙයට අමතරව, ඔය කියන සැබෑ සමාජවාදී යුටෝපියාව ගැන විස්වාස කරන්න කියන එක ටිකාක් ඉතර "මනෝරාජිකයි" කියලයි මට හිතෙන්නෙ.

      Delete
    3. ඔයා ලෙනින් වගේනේ . ඔය මනොරක්ජික සමාජවාදීන් කියන වචනය කොයින් කලේ එයා . this is from google: In his 1912 article "Two Utopias" and throughout his works, Lenin analyzed utopian socialism by contrasting it with scientific socialism (Marxism). He distinguished between "liberal utopias" (which hide the interests of exploiters) and "Narodnik/peasant utopias" (which reflect a genuine desire to fight exploitation but rely on false hopes and unrealistic, romanticized goals).
      Key Aspects of Lenin’s Views on Utopian Socialism:
      Definition of Utopias: Lenin viewed certain utopian ideologies (like Narodnikism) as expressions of the desire of the toiling masses to end feudal exploitation, but flawed because they did not understand the inevitability of capitalism, instead hoping to avoid it.
      Contrast with Marxism: While utopian socialists imagined a perfect society, Lenin, following Marx and Engels, emphasized that socialism must be based on a scientific analysis of the class struggle and the material conditions of capitalism, not mere desire.
      The Role of Ideology: Lenin argued that Utopianism often reflects the ideology of the petty bourgeoisie rather than the industrial proletariat, thus making it a barrier to effective, scientific revolutionary action.

      Delete
    4. Note to myself:
      Stay the f*** away from politics. 🤣😁😜

      Delete
    5. හොඳ අදහසක් . කෝ අපට මේ ඉන්න දන්නේ නැහැනේ .

      Delete
    6. අවංකවම කියනවනම් මම මේ සංවාදයට කැමැතියි

      Delete
    7. මගේ ප්‍රශ්නයෙන් වුවමනා වුනේ ආර්ථික ක්‍රම සංසංදනයකට වඩා, රුසියාව සහ චීනය වෙලඳපොල ආර්ථික ක්‍රමය මීට බොහෝකලකට පෙර පටන් ගත්තනම්, එම රටවල් එවකට අනුගමනය කල රටවලුත් වෙලඳපොල ආර්ථිකයට කලින්ම ගියානම් මොකක් වෙන්න තිබුනද කියන එක. මගේ අදහස නම් අද පවතින දකුණු කොරියාව, තායිලන්තය, සිංගපූරුව වගේ රටවල් කැපී නොපෙනී, බොහෝ රටවල එක හා සමාන දියුණුවක් වෙන්න තිබුණා කියලයි. ආර්ථික ක්‍රම දෙකේ වෙනස නිසා ඒකාලේම වෙලඳපොල ආර්ථිකයට ගිය රටවල් ශීග්‍ර දියුණුවක් අරගෙන පසුව ආව අය පස්සට ගිය එක. ලංකාව ගත්තත් බණ්ඩාරණායකල කරපු ජනසතු කරණය වගේ දේවල් නොවී මීට වඩා ආර්ථික දියුණුවක් එන්න තිබ්බ කියන එක.

      Delete
    8. @ ඉයන්
      +++++++++++++++++++👌

      Delete
    9. මේකේ දෙපැත්තක් තියනව. පලමුවෙනි එක ඔයාට මිස් වුනාද දන්නේ නැහැ මම කිව්වා ලෙනින් වෙළඳපල අර්ටිකයක් ගෙනාව . ඒක ස්ටාලින් නැවැත්වුවා කියල. ඔයා කියන දේ සත්‍යයක් තියනව. වෙන තැනක. මම කියන්නම් ඇයි එහෙම නොවෙන්න තිබ්බ ඉඩක වැඩිය කියල. හේතුව රුසියාවේ විප්ලවය නෙමේ පළමුවැනි ලෝක යුද්ධය නොවුන නම් රුසියාව දියුණු වෙන්න තිබ්බ. යුධභටයෝ පෙරමුණෙන් පලා එනවා. රට පුර අවර්ජන් හා කැරලි.. ජර්මනියත් වැටෙන්න ඔන්න මෙන්න. ඒ තත්වය නවත්වන්න බැරි එකක්.රුසියාවේ අරගලය (පෙබරවාරි ආවේ එහෙම) ඒකෙන් දිනුවේ කෙරෙන්ස්කි කියන සමාජවාදිය. නමුත් එයා දුර්වල නිසා ලෙනින් බලය අල්ල ගත්ත. එතකොට චිනේ - ජපානය කොටසක් අල්ලාගෙන. දරුණු පාලනයක් මිනිස්සු මරනවා බදු වැඩි. අනිත් පැත්තෙන් බ්‍රිතන්‍ය සහ යුරෝපිය රටවල්. චීන්නු දුප්පත්. චියන් කි ෂෙක් සහ මාඕ බලය අල්ලන්නේ එතන. එහෙම එකක් ඇරෙනන් වෙන දෙයක් වෙන්න විධ්හක් නැහැ. ඔය විප්ලව නොවුන නම් අද රුසියාවක් නැහැ, කඩල අල්ලාගෙන. චීනයක් නැහැ . කඩලා අල්ලාගෙන.

      ඊළඟට සංවර්ධනයේ කාලරාමුව දෙස බැලීම වැදගත්. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සංවර්ධනය වීමට සියවස් ගණනාවක් ගතවුනා, එයින් වැඩි ප්‍රමාණයක් ගොඩනැගුණේ යටත් විජිතවලින් ලබාගත් ධනයෙන් හෝ වහල්භාවයෙන්. ඇමෙරිකාවේ අවුරුදු 300 තුල ස්වදේශීය ජනයා මිලියන් ගානක් මැරුව . (සමහරු මාඕ ට බනිනවා) . යුධ දෙකෙන් ඇමෙරිකාව හොඳට සල්ලි හෙව්වා. අවුරුදු 300ක්.බ්‍රිතාන්‍ය, ජර්මනිය ඊට වෙනස්ව, සෝවියට් සංගමය වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ ගොවි සමාජයක සිට ගෝලීය සුපිරි බලවතෙකු දක්වා පරිවර්තනය වුනේ නැත්ද?. ඔවුන්ට සූරාකෑමට විදේශීය යටත් විජිත තිබුණේ නෑ එම වේගයේ මානුෂීය විඳවිමේ පැත්ත ටිකක් බටහිරට වඩා වැඩි වුනත් , ඔවුන් කාර්මිකරණය වූනේ තමුන්ගේම අභ්‍යන්තර සම්පත් වලින්. අනුන්ගෙන් ඉස්සුවේ නැහැ. මුලින්ම අභාවකාශයට ගියෙත් ඔවුන්. න්‍යෂ්ටික බලය අතිනුත් එක ලඟින් හිටියේ. අනික ඔය කොමියුනිස්ට් පක්ෂයේ තමන්ගේ තාත්තල හිටි නිසා ඉගෙන ගන්න දැන් ඒ හීනමානය නිසා සෝවියට් දේශයට බනින සෙට් එකක් හිටියට අපි ගියේ සෝවියට් දේශය ගැන විරුද්ධ මනසකින්. අපි ගිහිල්ල හැරිච්ච එවුන්. ආ වුනත් මම කැමතියි ඒ සිස්ටම් එකට යන්න කොමියුනිස්ට් පක්ෂේ හොරු ටිකයි කෙජිබි එවුන්ගෙන් කුණු රොඩු ටිකයි අයින් කළා නම්. එතකොට චිනේ ඒත් පහුගිය අවුරුදු 40 වෙච්චි දියුණුව ඔය දැකලා නැත්ද? මම අර වූහාන් එයාපෝර්ට් එකට ගිය වෙලේ චාල්ස් ඩිගොල් එක (ප්‍රංශයේ ලොකුම එක) නිකන් පැරණ ගමක් වගේ. එන් වදී නිසා ගම වල දියුණු මදි ඇති. ඒත් චීනයේ දියුණුව අසාමාන්‍යයි

      Delete
    10. https://www.eabaker.org/post/alternate-history-the-intriguing-genre-of-what-if-in-literature

      Delete
  5. ගේරා බෝයි.11 February 2026 at 22:13

    කාලේකින් මේ පැත්තට ආවේ. නිතරම ආපු දවස් වල දිගටම වැටුනේ දේශාටන. නාපු දවස් ටිකට දීලා ඇරලා හොද ලිපි දෙක තුනක්ම.

    හෙට දිහාට ආයි ඇවිල්ලා කියවන්නම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ . දැන් කොහොමද ජර්මන් තත්වේ . අපි අප්‍රේල් එනවා වයින් ටේස්ටින් ටුවර් එකකට . බටහිරට හැබැයි

      Delete
  6. මේක මහා දිග සංවාදයක්. මට හිතෙන්නේ විජේවීර මාවොවාදය ප්‍රතික්ෂේප කළේ නෑ කියලා. හැබැයි මේක මට ෂුවර්, විජේවීර කීවලු මාවෝ වාදය කියන්නේ මාක්ස්වාදයේ විශ්වීය සත්‍යය සංදර්භයට ගලපා ගැනීම කියලා. ඒ කියන්නෙ ඔය එකක වත් ආකෘති නෑ. ඒක ගලපා ගන්න ඕනෑ. හැබැයි අර විශ්වීය දෙයක් තියෙනවා, ඒක තමයි දයලෙක්තිකයි. මම දන්නවා විජේවීර කෙළ පැමිණි කෙනෙක් දයලෙක්තිකය ගැන. හැබැයි එයා කෙළ පැමිණි ලා හිටියද පටිච්ච සමුප්පාදය කියන එක ප්‍රශ්ණයක්. පොත් ප්‍රශ්න කරන්නෙ ඒකයි. පශ්චාත් නූතනවාදය කියන්නේ කලින් කලට ඔන්න ඔය 'ඉදිලා පැහිලා' තියෙන එක කනපිට හරවන එක . එතකොට මම දකින පශ්චාත් නූතනවාදීන්ට සිද්ධාර්ථ ක් ඇතුළත්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉතිහාසය සුමනා සහෝදරියට - මොස්කව් ඉන්න කොට විජේවීර මාඕ වාදියෙක් . ඒ දවස් වල සෝවියට් දේශය තරහයි චීනය එක්ක. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකඩ වුනේ ඒකයි මොස්කව් පිල, චීන පිල කියල . විජේවීර ඇවිල්ල එකතු වුනේ ශන්මුගදාසන් ගේ චීන පිලට . අන්තිමට ඒක අත ඇරලා තමයි 1964 ජවිපෙ පිහිටෙව්වේ . ඒකෙ මාඕ ස්ටාලින් වාදය මික්ස් කරලා තිබ්බේ . පන්ති පහේ . නමුත් පස්සේ බෞද්ධ කෙස් එක සහ සොලී අධිරාජ්‍යවාදයට විරුද්ද්ඩ් කෑල්ලත් එකතු කළා . මම විජේවිරවාදය කියන්නේ ඒකට

      Delete
    2. පටිච්ඡ සමුප්පාදය හා දයලෙක්තිකය කියන්නේ දෙකක් . එකක් නෙමේ . පටිච්චසමුප්පාදය (හේතුඵල දහම) යනු සියලුම මානසික හා භෞතික සංසිද්ධීන් ස්වාධීනව පවතින්නේ නැති බවත්, ඒවා කොන්දේසි (හේතු) මත පදනම්ව හටගැනීම, පැවතීම සහ නිරුද්ධ වීම සිදු වන බවත්. හෙවත් හේතුපල වාදය. - දයලෙක්තිකය - හෙගලියන් - තීසිස් , විරුද්ධ තිසිස් එක සහ සින්තසිස් එක . හා මාක්සිස්ම් කියල දෙකක් විධිහට අර්ථ දක්වන්නේ . මාක්සිස්ම් දේවල් වල ප්‍රතිවිරෝධ නව ලෝකයක් හදනව කියන එක . බසිද්ධාර්ථ ඒ කාලය බමුණු දහමට සාපේක්ෂව නුතනවාදී තමා

      Delete
  7. අනේ මට මෙව්වා වැඩිය ඔලුවට යන්නේ නෑ අප්පා.

    ReplyDelete
  8. මාවෝ, කියන්නේ විප්ලවය කරනවා කියලා ඉතිහාසයේ වැඩියෙන්ම මිනිමරුපු, මිනීමරුවෙක්නේ ....මිනීමරුවන්ගේ හිතවාදය ගැන මොනවා කතා කරන්නද

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම කියන්නේ පොලිටිකල් ස්පෙක්ට්‍රම් එකේ ඔයා ඉන්න පැත්ත මත. මාවෝ සේතුං ගැන සාකච්ඡා කිරීමේදී, නවීන ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ සහ උණුසුම් විවාදයක් තමයි ඒක . ඔහු පිළිබඳ මිනිසුන්ගේ අදහස් සාමාන්‍යයෙන් රඳා පවතින්නේ, ඔවුන් ඔහුගේ විප්ලවවාදී විමුක්තිදායක භූමිකාවට ප්‍රමුඛත්වය දෙන්නේද නැතහොත් ඔහුගේ ප්‍රතිපත්තිවල මානුෂීය පිරිවැයට ප්‍රමුඛත්වය දෙන්නේද කියන එක මත.
      මාවෝ දෙස බොහෝ විට බලන්නේ '70%ක් හොඳ, 30%ක් නරක' යන දෘෂ්ටිකෝණයෙන් (මෙය පසුව චීන කොමියුනිස්ට් පක්ෂය පවා භාවිතා කළ වාක්‍ය ඛණ්ඩයක් - ඩෙන් පවා ). ඔහු චීනය එක්සේසත් කර, සාක්ෂරතාවය සහ ආයු අපේක්ෂාව ඉහළ නැංවූ අතරම, ඔහුගේ 'මහා පිම්ම' (Great Leap Forward) සහ 'සංස්කෘතික විප්ලවය' වැනි ව්‍යාපාර සාගත හා දේශපාලන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කෝටි සංඛ්‍යාත මරණවලටත් මග පෑදුනා .

      සංස්කෘතික විප්ලවය කියන්නේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් නමුත් ඒ සමගම ඒක ඇදහිය නොහැකි තරම් විනාශකාරී වූ බව සැලකීමත් වැදගත්. හුදෙක් හිස් අවකාශයක සිදු වූ 'දේශපාලනයක්' පමණක් කියල ගන්න බැහැ එයට බුද්ධිමතුන් ඉවත් කිරීම, ඓතිහාසික කෞතුක භාණ්ඩ විනාශ කිරීම සහ වර්තමාන චීන රජය පවා නිල වශයෙන් 'ව්‍යසනයක්' ලෙස පිළිගන්නා පුළුල් සමාජ අවුල් ජාලයක් ඇතුළත් වුනා.

      ඇතැමුන් තර්ක කරන්නේ මෙම මරණ දරුණු ආර්ථික වැරදි කළමනාකරණයක (මහා පිම්ම සාගතය වැනි) අතුරුඵලයක් බව. තවත් සමහරු පෙන්වා දෙන්නේ සංස්කෘතික විප්ලවය සමයේ 'පන්ති සතුරන්' හිතාමතාම ඝාතනය කිරීම රජයේ අනුදැනුම මත සිදු වූ මිනීමැරුම්වලට සාක්ෂියක් බවය. ප්‍රශ්නය තම : අසාර්ථක නායකයෙකු සහ මිනීමරුවෙකු අතර රේඛාව අප අඳින්නේ කොතැනින්ද?

      ඔයා ෆිනොචෙ, ජෙනරාල් ෆ්රන්කෝ හෝ ආර් ප්‍රේමදාස දාන්නේ මිනීමරුවෝ ගානටද

      Delete
  9. දැන් ඕක අපි දන්න කතාවනේ ප්‍රා ජේ නීතිඥ තුමෝ . මලව මලව කියන එක . සත්තු හතරක් මරන්න කියල යෝජනා කළා ගොවින් ගේ අස්වැන්න විනාශ කරන නේ . ඒකනේ කතාව . මීයෝ , මදුරුවෝ , මැස්සෝ , ගේ කුරුල්ලෝ . ප්‍රශ්නේ වුනේ ගේ කුරුල්ලෝ මැරුව එක. ඒකෙන් එකොලොජිකල් බැලන්ස් එක නැතිවෙලා සාගතයක් ආව . මාඕ වත් වෙන කවුරුවත් දැනන් හිටියේ උන් මැරුවොත් අරම වෙනවා කියල . වරද මාඕ ට ගියා සහ පිළිගත්තා වෙනස් කල . මිනිසුන්ගේ හොඳට කරන්න ගීයක් වැරදුනා .

    ReplyDelete
  10. රයිට් දැන් ඔයා නොලියන් කතා බලමුද ? දහ නම වෙන ශතවර්ෂයේ නේටිව් ඇමෙරිකන් ල මරාගෙන මරාගෙන ඉඩම් අල්ලගත්ත්ට ප්ලේන්ස් වල උන් මරන්න් බැරිවුනා . ඇමෙරිකන් අන්දුව් තිරණය කළා බයිසන් හෙවත් මි හරක් මරන්න . මොකද අමිහර්ක් තමයි ඉන්දියන් ල ස්ටේපල් ඩයට් එක . බෆලෝ බිල් කෝඩි ගැන අහල තියනවද ? අහල නැත්නම් මම ලින්ක් දෙන්නම් . යුඑස් ආමි එකේ ජනරාල් ලත් ඉන්නව . එහම් තමයි සාගතෙන් මැරෙව්වේ . උද අඑක නොදන්න කමට . මේක දැනගෙන . he systematic slaughter of tens of millions of bison in the late 19th century decimated Plains Indian populations through mass starvation, forcing them onto reservations. While exact total numbers of deaths are not widely cited, evidence shows massive mortality rates, such as one instance where 600 Blackfeet (a quarter of their tribe) died in one winter. https://www.theatlantic.com/national/archive/2016/05/the-buffalo-killers/482349/

    ReplyDelete
  11. තව නොලියන කතාවක් . දෙවන ලෝක යුද්ධයේදී චර්චිල් හරවනවා ග්‍රෙන්ස් , හාල් ඔක්කොම බ්‍රිතාන්‍යයට සහ යුද්ධයට . මිලියන් තුනක වඩා ඉන්දියානුන් (දැන් බන්ග්ලදේශය ) සාගතෙන් මැරෙනවා. චර්චිල් ට ඕක කිව්වහම කියල තියනව අවුලක් නැහැ ඉන්දියානුවෝ ළමයි හදනව වැඩියි කියල . දැන් ඕවලින් ඉරක් අදින්න පුලුවන්ද මාඕ විතරක්ම වැරැද්දක් කළා කියල . https://en.wikipedia.org/wiki/Bengal_famine_of_1943

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මෙතන තියෙන අවුල මාවෝ මිනිසුන්ට හොඳක් කරන්න ගිගින් වැරදුන නිසා ඒකට කමක් නෑ කියන එක නෙමෙයි. ධනවාදයේ වුනත් අන්තගාමී ලෙස බලය මධ්‍යගත වුනාම මොකද වෙන්නෙ කියල, අද ඇමරිකාව දිහා බලපුවම පේනවා. කොමියුනිස්වාදයේදී, සහජයෙන්ම බලයෙන් මධ්‍යගතයි. ඕක අයවගත්ත හැම තැනකම ඒකධිපති බිහි වෙන්නෙ ඒක නිසා නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒක හරි තමා. මම ලියපු කමෙන්ට් මමම කියවනකොට මෙහෙ දේකුත් හිතුන . සමාජවාදී රටවල පාලකයෝ මරන්න හෝ මැරෙන්න ඇරලා තියෙන්නේ තමන්ගේම වැසියෝ . ධනවාදී රටවල වෙනින් අයව, යට කරගත් අයව . ඇමෙරිකාවේ කේස් එකේදී නේටිව් වැසියන් සැලකුවේ අවජාතක අශිලාචාර කොටසක් හැටියට නිසා ඒ අය තමන්ගේ කියල පෙනුනේ නැහැ. රුසියාවේ යෙල්ට්සින් ගේ ප්‍රජාත්නත්‍රවාදය කාලේ රට කඩා වැටුන . පුටින් ඒකාධිපතියෙක් හැටියට දියුණු කළා . කොමියුනිස්ට් වාදීන් කිය්නවෙන් ඒ ක නිර්ධන් පන්තික ආඥාදායකත්වය කියල . ඒක ඒකාධිපතිවාදී තමා .

      Delete
    2. //සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.// එකොන් -අජිත් ගේ පිළිතුර මනෝරාජික සමාජවාදය ගැන එකොන් එකක් ගිය සන්දයක කොටසක් හම්බ වුනා ඔබ ඔය කියන මනෝ රාජික කියා හඳුන්වන පර්යේෂණ ප්‍රජාවන් කලේ ඇමෙරිකාවේ පමණක් නොවේ. ලෝකයේ ප්‍රධානතම ධනවාදී රටක් හා සාමාන්‍යයෙන් කලබලයෙන් තොර (හැට හැත්තෑ ගණන් දක්වා පැවති සුදු ජාති වාදය හා කළු මිනිසුන්ට බල්ලන්ට සේ සැලකීම අත හැරියොත් එවන් පර්යේෂණයක් කරන්න හොඳම රට ඇමෙරිකාව. මොකද මනෝරාජික සමාජවාදීන් විශ්වාස කරන්නේ ඉතා හොඳින් දියුණු වූ ධනවාදයක සමාජවාදය ඇති වෙනවා කියල . ඉතින් ඒ අදහස තාර්කික නැත්ද?
      හැබැයි මම කලිනුත් කිව්වා ඊශ්‍රායල් කිබුට් ක්‍රමය මනෝරාජික සමාජවාදීන් හා ඒ සම්බන්ධව හිටි යුදෙව් ජාතික බුද්ධිමතුන් ගේ නිතර ආකර්ෂණයට ලක්වුණු දෙයක් බව.
      හැබැයි ඉකොන් නොදන්නවා වුනාට තව රටවල් විශාල ප්‍රමාණයක එවැනි දේ ක්‍රියාත්මක වුනා. ශ්‍රී ලංකාවේ (ඔව් අපේ කට්ටියක් ගොවිතැන් කරන්න ගියා පවුල් පිටින් අක්කර ගානක් අරගෙන . මට හරියට තැන මතක නැහැ. කුරුණෑගල පැත්තේ) යාළුවෙක් ගෙන් අහල කියන්නම්.
      රුසියාවේ දැනට තියනවා මිලන්කි කියල ගමක්. ඊට අමතරව ඒ වගේ තැන් රාශියක් තියනවා දැනට. මිනිස්සු කැමැත්තෙන් එකතු වෙලා.
      එතකොට ටිටිකාකා කියන (පේරු රටේ ) වැව ළඟ ජිවත් වෙන මිනිස්සු ගැන අහල තියනවද?
      මේ ලින්ක් එක බලන්න.
      https://www.contiki.com/six-two/people-live-lake-titicaca/
      එතකොට කාම්බෝජයේ විශාලම වැවක ඉන්න බෝට්ටු ප්‍රජාව. මම 2019 ගිය වෙලේ ඒ පැත්තේ ගියා. ලිපියක් ලියන්න ඕනේ

      මේ තියෙන්නේ පරණ එංගලන්තයේ එව්වා.
      United Kingdom[edit]
      George Mudie, a printer, formed an Owenite community at Spa Fields, in the London Borough of Islington between 1821 and 1824. Mudie published a weekly journal, the Economist, which ran from 27 January 1821 to 9 March 1822. The printer Henry Hetherington was a member. Mudie moved to Orbiston after this community failed.[5]
      Archibald James Hamilton, the radical laird of Dalzell and Orbiston, owned an estate 8 miles outside Glasgow. He was one of the gentlemen who commissioned Robert Owens’ “Report to the County of Lanark”. In 1821, he and several other Owenite sympathizers such as Abram Combe formed the Edinburgh Practical Society that operated a co-operative store, and a school. In addition, Hamilton provided his 290-acre estate, Orbiston, for the first Owenite co-operative community in the United Kingdom, in 1825. The community collapsed in 1827 on the death of its founder.
      Ralahine Community, County Clare, Ireland (1831–1833) was organized on the estate of John Vandeleur by Edward T. Craig. Unlike other Owenite communities, workers were paid “labour notes” which they could spend in the co-operative store. By this time, Owenism had moved on to its Labour Exchange phase. The experiment ended when Vandeleur lost his estate through gambling.
      Harmony Hall Community at Queenwood Farm, Hampshire (1839–1845). This is the only other colony than New Harmony in Indiana founded by Robert Owen himself. In 1839 his Association of Classes of All Nations acquired five hundred acres at Queenwood farm.[

      Delete
    3. දෙවෙනි කොටස : ෆුරියේ ගැන බැලුවොත් මම සම්පුර්ණ ෆුරියෙවාදියෙක් කියල එකොන් හිතනවද? එයාගේ අර මුව්මන්ට් හතර (Social movement, animal movement, organic movement සහ material movement ) එයා දෙවියන් මේ ව බෙදා දුන් හැටි ගැනනේ කතා කරන්නේ. ඔවෙන් ගේ ලර්නාර්ක් සමාජය (ස්කොට්ලන්තයේ) ඊට වැඩිය දියුණු එකක්. ඔවෙන් ගැන ඉගෙන ගන්න පුළුවන් මේ ෆ්‍රී කෝස් එකෙන් ටිකක් විතර. අනිත් පොත් ගණන් වැඩියි.
      https://www.open.edu/openlearn/history-the-arts/history/history-art/robert-owen-and-new-lanark/content-section-3
      ෆුරියේ ගේ පොතක් මෙතනින් බාගන්න පුළුවන්. මේවා මං ළඟ තියනවා. එවැන්න පුළුවනි.
      https://libcom.org/library/charles-fourier-theory-four-movements
      මට වෙලා නැති නිසා මේ උපුටා ගැනීම දානවා.
      //In 1800, Owen decided to create such a utopian community in New Lanark, Scotland. Owen reformed the textile mill industry at New Lanark and provided workers with good living conditions, a 10-hour day, free school for their kids, and other incentives designed to encourage good work. Eventually, Owen reduced work to an 8-hour day and proclaimed laborers should have the right to 8 hours of work, 8 hours of recreation, and 8 hours of sleep. The factory and Owen both made a profit, and New Lanark became known far and wide across Europe as a model of industrial efficiency. In many ways, however, this would be the positive limits of Owen's vision.// මේවා එකොන්ටත් ලෙහෙසියන්ම හොයා ගන්න්පුලුවන්.
      https://study.com/academy/lesson/robert-owen-utopian-socialism.html#:~:text=Robert%20Owen's%20Utopian%20Socialism&text=In%201800%2C%20Owen%20decided%20to,community%20in%20New%20Lanark%2C%20Scotland.&text=Buoyed%20by%20this%20success%2C%20in,%2C%20in%20general%2C%20was%20communal.
      දැන් මම මේ සංවාදයේ මුලින්ම කීව වගේ මට න්‍යායයාචාර්යවරයෙක් නැහැ. ලංකාවේ නම් මම දීප්තිගේ ලියවීම් වලට කැමතියි . මම ජිජැක් වඩා හොඳින් අධ්‍යනය කරන්න ගත්තෙත් එයා නිසා. ඔක්කොම පොත් කියෙව්වට පස්සේ ජිජැක් ටිකක් හිරවෙලා කියල මම දැක්ක. මාක්ස්වාදය ඉගෙන ගැනීමේදී මාක්ස් ගේ වැරදි කිහිපයක් මම දුටුවත් ආර්ථික විද්‍යාව ඉතා හොඳින් හදාරා මිස මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඔබේ කෝබ් ඩග්ලස් ශ්‍රිත පිලිබඳ ලිපි එහෙම ඉතා වැදගත් කියා මා කීවේ ඒ නිසයි. මොකද අපට හැම දෙයක්ම ඉගෙන ගන්න වෙලාවක් නැහැනේ. සෝවියට් සමාජවාදය ඔබ කියන්නා වගේ අභ්‍යවකාශ තරණය හෙම බැලුවහම හොඳයි. ඒකනේ මගේ බ්ලොගයේත් ඒවා ගැන ප්‍රසංශා කරලා මම ලියන්නේ. ඉතා මුල් කලේ අපි කාපු චිකන් ඕගනික් , බීපු පලතුරු යුෂ ඕගනික්. ඔවුන් ඒ දවස් වල පුන පුනා කීව කොකා කොළ සහ අනිත් පැණි බිම හොඳ නැහැ කියල. අපි වත් රුස්සෝ වත් ඒවා විශ්වාස කලේ නැහැ. නමුත් ෆුරියේ සහ ඔවෙන් තුලත් ඒ අදහස් තිබ්බ. ඕව නිකම්ම නිකම් මාක්ස් ගෙන් විතරක් ආවේ නැහැ. මේ ගොල්ල ඔය ඔක්කොම මාක්ස් ට බැර කළා. උදාහරණයක් වශයෙන් ජර්මන් සමාජවාදියෙක් වන ලොරෙන්ට්ස් ස්ටයින් ගැන කවුරුත් දන්නේ නැහැ. මාක්ස් එයාගේ අදහස් බොහොමයක් උස්සල තිබ්බ.ඉතින් මම මනෝරාජික සමාජවාදීන්ගේ මුලික අදහස් සොයා බැලුව. එතකොට මට තේරෙන්න ගත්ත ද්වන්ධාත්මක භෞතික වාදය තියරියක් හැටියට ගත්තොත් සහ පන්ති අරගලය එතනට ආදේශ කලොත් ඒක වෙන්න පුළුවන් බව ඇත්ත වුනත් ඔවෙන් ගේ කොමියුන් බිඳ වැටුනේ හරියටම ඒක නැති නිසා කියල. එයාත් තරඟය අත හැරියනේ. එතකොට ඒවා වැටුන. අර ප්‍රතිවිරෝධය හා තරඟය නැතිව ඒවා sustainable කරන්න බැහැ. අදත් ධනවාදය ඇත්තටම දියුණු වෙමින් පවතින්නේ ඔය ද්වන්ධාත්මක ප්‍රතිවිරෝධය නිසා තමයි. ඒක නිසා ධනවාදය බිඳ වැටුනේ නැහැ

      Delete
  14. මම මේ සංවාදයෙන් යම් අදහස් උකහා ගත්ත. ඒක හොඳ දෙයක් . සමහර විට මගේ ඩිරෙක්ට් පිළිතුරු වලට හිත රිදුනනම් සමාවෙන්න. තර්ක කරන කොට මම වචන හොයන්නේ නැති නිසා . මේ සංවාදයට තමන්ගේ වෙලාව අරගෙන එකතුවූ හැමෝටම බොහොම ස්තූතියි.🙏

    ReplyDelete
    Replies
    1. ඒ හැටි අවුලක් නෑ. සමහර තැන් වලදී ටිකාක් විතර මල පැන්නා. ඒත් විශේෂයෙන්ම පොලිටිකල් වාද වලදී ඕක සාමාන්‍ය දෙයක්.

      පොලිටිකල් වාද වලට මගේ ඇති අකමැත්ත පිට වුනත් මමත් සෑහෙන දේ ඉගෙන ගත්තා. අජිත් මම හිතු තරම් ඇග්‍රෙසිව් වුනේ නෑ.සමස්ථයක් වශයෙන් හොඳ සංවාදයක්. ස්තූතියි.👌💐

      මෙන්න මේකත් ඔය උතුරු-දකුණු සංවාදය ගැන හොඳ වීඩියෝවක්:
      https://www.youtube.com/watch?v=XO0UZtXKKL8

      Delete
    2. යාලුවෝ එක්ක දේශපලන වාද කරන්න අමාරුයි . බ්ලොග් වලට එන කට්ටිය යාලුවෝ හැටියට වැඩිය ගැනෙන්නෙ නැති නිසා ඔහේ ඇරලා දාන සංස්කෘතියක් නේ තිබ්බේ . මාත් එහෙම තමා . මම දේශපලන වාද වලට සාමාන්‍යයෙන් කැමැතියි . කොහොමත් තර්ක කරන්න ගිහින් යාලු මිත්‍රයෝ නැති කරගත්ත කෙනෙක් හැටියට මේ ගානට වත් ඉන්න එක ආඩම්බරයි හේ හේ

      Delete
    3. උතුරු කොරියාව සමාජවාදී රරටක් හැටියට මම නම් කවදාවත් සැලකුවේ නැහැ . මම සෝවියට් දේශය ගැන ලියද්දි පවා ලියල තියෙනවා . අපේ පන්ති වල හිටිය නෝර්ත් කොරියන් සෙට් එකක් . උන් ඇන්දේ ඔක්කොම එක ජාතියේ සූට් එකක් . ටයි එක කෝට් එක සුදු කමිසේ ඔක්කොම එකයි . ඒ අතින් කියුබන් එවුන් හොඳයි. උන්ට ඊට වැඩිය නිදහසක් තිබ්බ . උන් ජෙනුයින් චේ ගුවේර ට හෙම කැමතියි . වෙනම ඩයනමික් එකක . . මම ෆුට්බෝල් ගැහුවේ කියුබන් එවුන් එක්ක . කොස්සෝ (කොරියන් ) කවදාවත් ආවේ නැහැ . වෙනම හිටියේ . එච්චරට බය ඇති .

      Delete
    4. හැබැයි අපි ශිෂ්‍යයෝ හැමෝම වගේ කරපු හොර වැඩ ඩොලර් මාරු කරපුව , පිටරට බඩු ගෙනත් විකුනපුව උන් කලේ නැහැ . ඒකත් මම හිතන්නේ බයට

      Delete
  15. මේක තවම වෙනස් වෙලා නැහැ කියල හිතනවා නම් ජවිපෙ නායකයා ක්‍රිකට් මැච් එකක් බලන්න ඉඳගනී කියල කවුරුහරි හිතුවද 😀

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .