මම මේ දිනවල 'Tehran' ටෙලි කතා මාලාව නරඹමින් සිටිමි. සැබෑ ලෝකයේ සිදුවීම් සිදුවීමට පෙර කලාව මගින් ඒවා පෙරහුරු කරන ආකාරය ඇත්තෙන්ම පුදුම සහගතය. ඉරානයට එල්ල වන ප්‍රහාරයක් සහ COVID-19 වෛරසය අතර සෘජු කුමන්ත්රණකාරී සම්බන්ධයක් දක්වන නිල වශයෙන් ප්‍රකාශිත "චිත්‍රපටයක්" නොමැති වුවද, මාධ්‍ය විසින් නිශ්චිත භූ-දේශපාලනික හෝ වෛද්‍ය අර්බුද "අනාවැකි" පළ කළ කැපී පෙනෙන උදාහරණ කිහිපයක් තිබේ.
ටෙහ්රාන් රුපවාහිනී කථා මාලාව - (ඉරානය සහ න්‍යෂ්ටික ආයුධ පිලිබඳ ගැටුම)
2020 දී නිකුත් වූ ටෙහ්රාන් කතා මාලාව වර්තමාන රූපවාහිනියේ ඇති වඩාත්ම "පූර්ව දර්ශනයක්" සහිත වැඩසටහන ලෙස මට සිතේ. එහි දැක්වෙන්නේ ඉරානයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය අක්‍රීය කිරීමට උත්සාහ කරන මොසාඩ් (Mossad) නියෝජිතයෙකු පිළිබඳවයි. මොසාඩ් නියෝජිතයන් ඉරානය තුළ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වෙමින් ගුවන් ආරක්ෂක පද්ධති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කරන ආකාරය එහි නිරූපණය වේ.
මෙම කතා මාලාව විකාශය වූ වසර වලදී, සැබෑ ලෝකයේ සිදුවීම් කිහිපයක්ම එහි කථා වස්තුවට සමානව සිදු විය. 2020 දී දුරස්ථ පාලක යන්ත්‍ර තුවක්කුවකින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොහ්සන් ෆක්රිසාදේ ඝාතනය කිරීම සහ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු වූ සැබෑ පිපිරීම් මෙයට උදාහරණ ලෙස හැඳින්විය හැකිය.
2024–2026 වන විට, ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු ගැටුම් කොතරම් තීව්ර වී ඇත්ද යත්, එහි නිර්මාණකරුවන් පවා පවසන්නේ සැබෑ ලෝකය තම තිරපිටපත් අභිබවා "ඉදිරියෙන් දුවන" බවයි.
කඩාකප්පල්කාරී ක්‍රියා (2020-2021): පළමු වාරය විකාශය වන විට (ඉරාන යටිතල පහසුකම් වලට සයිබර් ප්‍රහාර එල්ල කරන ආකාරය පෙන්වන ලදී ), සැබෑ නටාන්ස් මධ්‍යස්ථානය හිසි ගිනි ගැනීම් , පිපිරීම් වැනි අද්භූත "අනතුරුවලට" මුහුණ දුන්නේය.
"පුපුරන සුලු දුරකථන" කුමන්ත්‍රණය: දෙවන වාරයේදී ඉරාන උසස් නිලධාරියෙකු උගුලක් අටවන ලද ජංගම දුරකථනයකින් ඝාතනය කෙරේ. 2024 අගභාගයේදී ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් සිදු වූ "පේජර් සහ වෝකි ටෝකි" ප්‍රහාර හරහා මෙහි සැබෑ අනුවාදයක් ලෝකය දුටුවේය. බොහෝ පේජර් පිපිරී ඒවා රැගෙන යන අය මිය ඉයහ .
2025–2026 ගැටුම: 2023 දී රූගත කරන ලද තුන්වන වාරය න්‍යෂ්ටික බෝම්බය කරා යන සෘජු තරඟයක් ගැන අවධානය යොමු කළද, 2025 ජුනි මාසයේදී ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට එල්ල වූ දින 12 ක යුද්ධයත් සමඟ සැබෑ ලෝකය එය පසුකර ගියේය. 2026 මාර්තු වන විට "Epic Fury" වැනි මෙහෙයුම් හරහා ටෙහෙරානයට එල්ල වූ සෘජු ප්‍රහාර කතා මාලාවේ උච්චතම අවස්ථාවන් හා සමාන වේ.
COVID-19 "සැලැස්ම" (Contagion)
2011 දී තිරගත වූ Contagion චිත්‍රපටය වසංගතය පැමිණි විට ලොව වැඩිපුරම නැරඹූ චිත්‍රපටය බවට පත් විය. එය ප්‍රබන්ධයකට වඩා වාර්තා චිත්‍රපටයක් ලෙස දැනෙන්නට විය. චීනයේ වෙළඳපොළකින් වවුලෙකුගෙන් ඌරෙකුටත් පසුව මිනිසාටත් ශ්වසන වෛරසයක් සම්ප්‍රේෂණය වීම එය නිවැරදිව පුරෝකථනය කළේය. එසේම සමාජ දුරස්ථභාවය, "R-naught" (R_0) සාධකය, වෛද්‍ය සැපයුම් හිඟය සහ අන්තර්ජාලය හරහා පැතිරෙන ව්‍යාජ මතයන් පවා එහි මනාව නිරූපණය විය.
1995 දී තිරගත වූ Outbreak සහ 2013/2020 වසර වල විකාශය වූ Utopia වැනි කතා මාලා ද මෙවැනිම මිනිසා විසින් නිර්මාණය කරන ලද වෛරස පිළිබඳව තේමාවන් ගෙන ආවේය.
අනෙකුත් කැපී පෙනෙන උදාහරණ:
තනි වෙඩික්කරු - The Lone Gunmen (2001): මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රජයේ රහසිගත ආයතනයක් විසින් මගී ගුවන් යානයක් පැහැරගෙන එය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (WTC) ගැටීමට සලස්වන ආකාරයයි. මෙය විකාශය වී මාස 6කට පසු සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල විය.
වලිගය වැනූ සුනඛයා (?) - Wag the Dog (1997): ලිංගික අපවාදයකින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයෙකු ඇල්බේනියාව සමඟ ව්‍යාජ යුද්ධයක් නිර්මාණය කිරීම මෙහි දැක්වේ. මෙය නිකුත් වී සුළු කලකට පසු ජනාධිපති බිල් ක්ලින්ටන් ලෙවින්ස්කි අපවාදය අතරතුර සූඩානයට සහ ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළේය.
සිම්ප්සන්ස් - Simpsons: ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය (2000 දී), 2014 එබෝලා පැතිරීම සහ ඩිස්නි-ෆොක්ස් ඒකාබද්ධ වීම ගැන අනාවැකි කීම සම්බන්ධයෙන් මෙය ප්‍රසිද්ධය. (ට්‍රම්ප් ජනාධිපති පදවියට පස්ත්වන එපිසෝඩ් එක මම නැරඹුවේ ට්‍රම්ප් කවුද කියා නොදැනය .
අමුතු ශබ්ද - White Noise (2022): එහි දැක්වෙන දුම්රිය පීලි පැනීමකින් විෂ වායු පිටවීමේ සිද්ධිය හා සමානම අනතුරක් ඔහියෝ හි ඊස්ට් පලස්ටයින්හිදී මාස කිහිපයකට පසු සැබවින්ම සිදු විය.
චීන සින්ඩ්‍රෝමය The China Syndrome (1979): න්‍යෂ්ටික බලාගාරයක අනතුරක් ගැන කියැවෙන මෙම චිත්‍රපටය නිකුත් වී දින 12 කට පසු, ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුර වූ "Three Mile Island" අනතුර සිදු විය.
රජයේ සතුරා - Enemy of the State (1998): එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙළිදරව්වට වසර ගණනාවකට පෙර, NSA ආයතනය ඔවේලියානු ආකාරයෙන් චන්ද්‍රිකා සහ දුරකථන ජාල හරහා පුරවැසියන්ව නිරීක්ෂණය කරන ආකාරය මෙහි නිරූපණය විය.
මේ චිත්‍රපට අනාගතය "පුරෝකථනය" කරන්නේ ඇයි?
වඳුරන් බිලියනයක ගේ න්‍යාය - මෙය ගණිතයේදී වඩාත් නිවැරදිව අනන්ත වඳුරු ප්‍රමේය (Infinite Monkey Theorem) ලෙස හැඳින්වේ . මේ මනඃකල්පිත පරීක්ෂණයට අනුව, වඳුරෙකු යතුරුලියනයක යතුරු අහඹු ලෙස අනන්ත කාලයක් තිස්සේ ඔබමින් සිටියහොත්, එමඟින් විලියම් ශේක්ස්පියර්ගේ සම්පූර්ණ කෘතියක් වැනි ඕනෑම කතා පෙළක් නිසැකවම නිර්මාණය වනු ඇත
ලොව පුරා සෑම වසරකම චිත්‍රපට 2,500 සිට 3,000 දක්වා ප්‍රමාණයක් නිකුත් වන අතර තවත් රූපවාහිනී වැඩසටහන් පැය දහස් ගණනක් විකාශනය වේ. මෙහිදී "විශාල සංඛ්‍යා පිළිබඳ නියමය" (Law of Large Numbers- LLN) මඟින් ප්‍රකාශ වන්නේ, ස්වාධීන සහ සමාන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වන විට, ඒවායේ සාමාන්‍ය ප්‍රතිඵලය අපේක්ෂිත සෛද්ධාන්තික මධ්‍යන්‍යය (Theoretical Mean) වෙත ළඟා වන බවයි. මෙම ප්‍රමේයය මඟින් අහඹු සිදුවීම්වල දිගුකාලීන ස්ථාවරත්වය සහතික කරයි. එනම්, නියැදි ප්‍රමාණය (Sample size) විශාල වන තරමට, අන්තගාමී අගයන්ගෙන් (Outliers) සිදුවන බලපෑම අවම කරමින් සැබෑ සම්භාවිතාව වඩාත් හොඳින් පිළිබිඹු කරන ප්‍රතිඵල ලබා දෙයි. me අනුව පෙනී යන්නේ, යම් දිනක යම් චිත්‍රපට කථා තේමාවක් සැබෑ ලෝකයේ සිදුවීම් සමඟ සමපාත වීම අනිවාර්ය බවයි.
නිදසුනක් ලෙස, The X-Files හි අනුබද්ධ කථා මාලාවක් වූ The Lone Gunmen හි පළමු කොටස (මෙය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට මාස හයකට පෙර, එනම් 2001 මාර්තු 4 දින විකාශය විය) සලකා බලන්න. එහි දැක්වුණේ ඇමරිකානු රජයේ දූෂිත සාමාජිකයින් පිරිසක් වාණිජ ගුවන් යානයක් පැහැරගෙන එය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (World Trade Center) ගැටීමට සලස්වන කුමන්ත්රණයකි. මෙය අද්භූත අනාවැකියක් මෙන් පෙනුනද, සැබවින්ම ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 1993 වසරේදී ද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී පිටපත් රචකයන් කළේ ඇමරිකාවේ ඇති ප්‍රධානතම ඉලක්කය දෙස තාර්කිකව බැලීම පමණි.
උපදේශකයින්ගේ භූමිකාව:
Tehran සහ The Americans වැනි බොහෝ නිර්මාණ සඳහා උපදේශකයින් ලෙස හිටපු බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ කර ගනී. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) සතුව පවා "විනෝදාස්වාද කර්මාන්ත සම්බන්ධීකරණ කාර්යාලයක්" ඇත. ඔවුන්ගේ කාර්යය වන්නේ චිත්‍රපට නිෂ්පාදකයින්ට තම ආයතනය පිළිබඳව නිවැරදි චිත්‍රයක් මතු කිරීමට සහය වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ලැන්ග්ලි (Langley) හෝ ටෙල් අවිව් (Tel Aviv) වැනි නගරවල සාකච්ඡා කෙරෙන සැබෑ ලෝකයේ භූ-දේශපාලනික "යුධ ක්‍රීඩා" (War games) චිත්‍රපට තිරපිටපත්වලට ද ඇතුළත් වේ.
බොහෝ පර්යේෂකයන් සහ සිනමා ලෝලීන් මෙය හඳුන්වන්නේ "කලාව ජීවිතය අනුකරණය කිරීම" (Art Imitating Life) ලෙසයි. ලේඛකයින් බොහෝ විට තම කථා විශ්වසනීය කිරීමට බුද්ධි අංශ විශේෂඥයින්, විද්‍යාඥයින් සහ අනාගතවාදීන් සමඟ සාකච්ඡා කරති. ඇතැම් විට ඔවුන් පවසන දේ නිවැරදි වන්නේ, ඔවුන් ද සැබෑ ලෝකයේ පවතින දත්ත සහ නොසන්සුන්කාරී තත්ත්වයන් දෙසම අවධානය යොමු කරන බැවිනි.
යථාර්තවාදී සිනමාවක් මිට වඩා යථාර්තවාදී විය හැකිද ?
කොළඹ ගමයා - 03/03/2026
හිත් බලවත්ය ලොව ඇති හැම දෙයට වඩා
ReplyDeleteසංකල්පයන් ඉපදෙයි එහි නැතිව විඩා
එනමුත් කියමි පොදු ඇත්තක් කඳුළු කඩා
මිනිහත් තිරිසනෙකි තවමත් ඉතා කුඩා
මිනිහා තිරිසනෙක් බව නම් ලොකු ඇත්තකි
Deleteඑයින් වෙනස් වෙන්නේ හිතනා විටදි සකී
මොලයේ බලය ගෙනවිත් ආයුධත් දිදී
තිරිසන් බලය ඉස්මතු කර ගනිමු අපී
//තනි වෙඩික්කරු - The Lone Gunmen (2001): මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රජයේ රහසිගත ආයතනයක් විසින් මගී ගුවන් යානයක් පැහැරගෙන එය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (WTC) ගැටීමට සලස්වන ආකාරයයි. මෙය විකාශය වී මාස 6කට පසු සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල විය.//
ReplyDeleteඅපේ රටේ ඔය වාගේ පිචැර් හැදුවා නම් අධ්යක්ෂකයි නිෂ්පාදකයි පිටපත් රචකයයි තුන්දෙනාම CID එකේ හතරවැනි තට්ටුව බලන්න ගෙනියලා මාස හත අටක් රිමාන්ඩ් ඉදලා මැරෙනකම් ඉවරයක් නොවන නඩුවකුත් පටලැවෙනවා සිකුරුයි....
අසංග කොළොම්පුරේ
වෙල්කම් කොලොම්පුරේ . දනන්ම් හොන්ඩ අෆිල්ම් එනවා . ඉදිරියට හැදෙයි . ෆාදර් මරු , මීගමුවේ ඔස්මන්ඩ් ගැන
Deleteදැන්නම් හොඳ ෆිල්ම් එනවා - කියල ලිව්වේ . මට මේ කියවන විට ලිවිම අල්ලන්නේ නැහැ අප්පා
Deleteලෝකයේ පැරණිම ජාතිය ඉතියෝපියානුවන්,
ReplyDelete2 පර්සියානුවන්
3 සිංහලයන්.
චීන කියන්නේ ජාතියක් නෙමෙයි සැබියාවක් (civilization)
ඒ නිසා මට පර්සියාව ගැන හරි මෙව්වා එකයි.
ඒක හොඳයි , ඔයා කැමැති ජාතියකුත් ඉන්නව ඒ කියන්නේ
Deleteඔය සිම්ප්සන් එකේ සෑහෙන සිදුවීම් ප්‍රමාණයක් තියේ නේද, ඒ වගේ.
ReplyDeleteඔය කොවිඩ් කේස් එකයි ෆිල්ම් කේස් එකයිත් ඒ දවස් වල සෑහෙන්න කතා බහක් වුණා.
2012 වගේ dystopian movies කොයි තරං ආවත් ඒව මිනිස්සු බලන්නත් මාර කැමතියි නේ. අලුතින්ම බැලුවෙ ජෙරාඩ් බට්ලර් ගෙ.Greenland 2.
ඔව් ඔව් . ග්‍රීන්ලන්ඩ් බලල නැහැ . බලන්න ඕනේ එහෙනම්
Deleteඉරාන ගේමත්, පුටියගෙ යුක්රේන් යුද්දෙ වගේ. දෙන්නම සතුරව අන්ඩ-එස්ටිමේට් කලා. දැන් ලාවුලු කාපු රිලව වගේ ඉන්නෙ.
ReplyDeleteඔය දෙපැත්තෙන්ම 4න් වැඩි කරපු නිව්ස් දෙනව. ඒ අස්සෙ සමාජ මාධ්‍ය, නිව්ස් ච්නල්වල උන්ට ආස ඒවා අතිශයෝක්තියෙන් දානව. ෆේක් නිව්ස් එහෙමත් හුඟක් තියනව. ඒ නිසා තව සුමානයක් ඉඳල බලමු.
Deleteඉරාක්වල WMD තියනවයි කියල ඇමරිකාව කිව්ව. සදාම් හුසේන් කුවේට් අල්ලගත්තට පස්සෙ ඇමරිකාවෙන් ගහනකොට කිව්වා අපිට ගහන්න ආවාම Mother of all wars වෙනවයි කියල. සුමාන දෙකෙන් ඉරාකෙත් නෑ, සදාමුත් නෑ , WMDනුත් නෑ .
මෙහෙ සමහරුන්ට පනින්න පැත්තක් නැතිවෙලා දඟලනවා. ඇමරිකන් විරෝධී, ඉස්රායල් විරෝධී, ඉස්ලාම් විරෝධී, ෂියා මුස්ලිම් විරෝධී, පර්සියන් ආර්යන් පක්ෂ, අරාබි විරෝධී අච්චාරුවක් මෙහෙ සමාජ මාධ්‍යවල තියනව.
මං නම් රටවල් මනින්නෙ - රටවල් දෙකක් ගත්තොත් මං ජීවත්වෙන්න වැඩියෙන් කැමති රටට මං වැඩියෙන් කැමතියි කියන අතිශය පෞද්ගලික මිනුම් දණ්ඩෙන්.
ඉරානේ ඉතින් ඇමෙරිකාවට සහ ඉෂ්රයාලයට ඕන දේ කරගන නේ තියෙන්නේ . දැන් ඔය බොරු වලියක් යන්නේ . ඔය ඉරානේ ඇතුළෙන්ම ආපු ඔත්තු වලට තමා දීල තියෙන්නේ . ඕක ඔහොම්ම ඉවර වෙනවා. උටින් දිනලා ඉවරයි මටනම් පේන විධ්හට . ඔන්න අපි දැන් ගෑස් ගන්න යනවා ආයේ
Deleteඉරානේ ඇතුලේ මොසාඩ් කාරයෝ ඉන්නවද කියලා හොයන්න දාපු බුද්ධි කමිටුවේ ලොක්කත් මොසාඩ් එකෙක්වුනාම මොන කතාද
Deleteවෙනමොනවත් නොමෙයි මේකට කියන්නේ කුහක කම කියලයි. විශ්ලේෂණයක් නැතිව තමන්ගේ පුද්ගලික හැගිම් එළියට දාපුවම ලාවුලු කාපු රිලව් වෙනවා.
Deleteප්‍රාජේ කිව්ව වගේ බොරු නිවුස් සහ AI වීඩීයොත් තියනවා. ඉරානෙ ඇතුලෙ යුදෙව් මයිනෝරිටි එකක් තාම ඉන්නව. මම මුල්ලට කැමති නෑ. ඒත් කියන්න ඕන, ඇෆ්ඝනිස්ථානෙ වගේ ඉරානෙ සංස්කෘතික දේ විනාස කරල නෑ කියලයි කියන්නෙ.
Delete//(CIA) සතුව පවා "විනෝදාස්වාද...... තම ආයතනය පිළිබඳව නිවැරදි චිත්‍රයක් මතු කිරීමට සහය වීමයි//
හෙහ්,හෙහ් ඉරානෙ තිබ්බලු චන්දෙන් පත්වෙච්ච ආණ්ඩුවක්. ඒක ඇමරිකන් තෙල් සමාගම් ජනසතු කලාලු. එතකොට ඇමරිකා/යූකේ හමුදා කුමන්ත්රණයකින් "ෂා" රජ කෙරෙව්වලු. නිදහස තිබ්බත් "ෂා"ගෙ තිබිල තියෙන්නෙ දූෂිත ආණ්ඩුවක්. පස්සෙ ඉරාන හුදීජනයා මිරිස් දීලා ඉඟුරු ගත්තලු.
@ඉවාන් - ඔය ටෙහ්රාන් කියන ෆිල්ම් එකේ බුද්ධි අංශයේ ජෙනරාල් මොසාඩ් එකට වැඩ කරන්නේ . @ඇනෝ කමෙන්ට් එකේ තේරුනේ නැහැ
Deleteබසු හරි
Deleteසැබෑ වූ නිර්මාණ අනාවැකි ගැන වඩාත්ම ප්‍රකට ආතර් සී. ක්ලාර්ක් වෙන්න ඕනෑ.
ReplyDeleteක්ලාක් ගේ පොත් මරු . ඔක්කොම වගේ
Delete@Lit ඒක නං ටිකක් වැරදි මං හිතන්නේ.
Deleteහරි උත්තරේ නොදී යන එකත් හරි නෑ මං හිතන්නේ. ඕකට උත්තරේ ආතර් සී ක්ලාක් නෙවෙයි. ජූල්ස් වර්න්. (මං දන්නේ නෑ ඒ නම ශබ්ද කරන හරි විදිහ. ඒකට උත්තරයක් දෙන්න පුළුවන්නම් ඇත්තටම සතුටින්.)
Deleteමෙන්න හරි ගිය ඒව:
DeleteSubmarines (20,000 Leagues Under the Sea): Verne’s Nautilus was an advanced, electrically powered submarine, far surpassing the primitive, hand-cranked submersibles of his time.
Moon Landing & Space Capsules (From the Earth to the Moon): He predicted the launch of a capsule from Florida (close to Cape Canaveral), the use of three astronauts, and the sensation of weightlessness.
Video Conferencing & Internet (The Year 2889): He envisioned a "phonotelephote," a device capable of transmitting images via sensitive mirrors, acting as an early version of video calls and the internet.
Skyscrapers & Advanced Cities (Paris in the Twentieth Century): He imagined glass-walled skyscrapers, gas-powered automobiles, and automated security systems.
Helicopters (Robur the Conqueror): He described a flying machine, The Albatross, that utilized numerous vertical rotors, a forerunner to the modern helicopter.
Alternative Energy & Fuel (The Mysterious Island): Verne predicted that water, broken down into hydrogen and oxygen via electricity, would one day power engines and provide limitless, clean energy.
Military Technology: He described guided missiles and electric weapons
හරි නොගිය ඒවා:
Geological Misconceptions: Verne imagined the Earth's core was not molten but rather a place humans could survive, basing this on now-outdated scientific theories.
The "Nautilus" Power Source: The sodium/mercury batteries described for the Nautilus in Twenty Thousand Leagues Under the Sea were scientifically impractical, as they lacked the energy density needed to power a submarine of that size.
Failed Transportation Visions: Verne envisioned a "global rail grid" with straight, level tracks spanning continents, which proved impossible due to terrain constraints, and a "purchase of the North Pole" for resource extraction.
Scientific Impossibilities: In From the Earth to the Moon, he utilized a giant cannon to launch a projectile, which would have killed the passengers due to the extreme acceleration.
The "Colossal" Squid: While giant squids exist, the specific, extremely cold-dwelling creatures described in his works were more fantastic than the real, smaller species discovered later.
අම්මපා මහේෂ් අමතක වුනානේ ජූල්ස් වන් . තැන්ක් යූ , බස්සා ස්තුතියි ලිස්ට් එකට . ඒ දවස් වල කියවපු ආසම පොතක් තමා දවස් අසුවකින් ලෝකය වටේ . මගේ හිතේ රෝයල් සොසයිටි එකට ජොයින් වෙන්න ඒ කාලේ ආසාවක් තිබුන . ඒ ලඟම එකකට සෙට් වුනා . මම හිතන්නේ මම පුළුවන් තරම් ට්‍රැවල් කරන්නෙත් ඒ පොත් නිසා කියල . පොත් භාගෙකට වදිය කියවල තියනව .
Deleteනෞටිලස් කියල මහේ වෙබ් අඩවියක් තියනවා හොඳ විද්‍යාත්මක ලිපි දානවා -https://www.popsci.com/category/popular-science-videos/
Deleteමුන් ඔක්කොම යාලුවො මල්ලි.
ReplyDeleteඒ වගේ තමා ඈ
Deleteමේ පොස්ට් එකට ඇදලා නෑ . දැන් කාලෙකට කලින් (අවුරුදු දහයකටත් වැඩියි ) ඉරාන සිනමා උළෙලක් බැලුවා , ඉරානේ කියන්නේ මොනතරම් කලාවෙන් සජ දැනුමෙන් පොහොසත් රටක් ද ? ආගමික අන්තවාදයට ඕනෑම දෙයක් නත්තටම් නැති කරන්න පුළුවන්
ReplyDelete"The Persians ruled for a thousand years and did not need us Arabs even for a day. We have been ruling them for one or two centuries and cannot do without them for an hour."
DeleteWhile some sources attribute this quote to an unnamed Abbasid caliph, others credit the Umayyad caliph Sulayman ibn Abd al-Malik.
Delete+++++++++++++++++++👌
Deleteමිනිසුන්ට වැදීමට අවසර ඇති එකම දෙවියා අසුරයන්ගේ නායකයා වන මස්දා අසුරයාය.
Deleteමස්දා අසුරයාට උදේ, දවල්, සවස වඳින්නාවූ සහ සුරයන්ට කිසිදු ගෞරවයක් නොකරන්නාවූ අය මරනින් පසු සදාකාලික සැප ඇති පවුරුදේශයට යන්නේය.
මස්දා means MAZDA. ...???
Deleteඔව් . අසුරයන් ගේ එහෙමත් නැත්නම් සොරස්ටියන් උන්ගේ දෙයියා MAZDA
Delete//ආගමික අන්තවාදයට ඕනෑම දෙයක් නත්තටම් නැති කරන්න පුළුවන්//
Deleteවයිට්-සුප්රිමසි සහ ඊගෝ සෙන්ට්‍රික් සයිකොපැත් එකෙකුටත් ඒකම කරන්න ඇහැකි වගේ:
https://www.youtube.com/shorts/OU8DGCzJPag
//ඇතැම් විට ඔවුන් පවසන දේ නිවැරදි වන්නේ, ඔවුන් ද සැබෑ ලෝකයේ පවතින දත්ත සහ නොසන්සුන්කාරී තත්ත්වයන් දෙසම අවධානය යොමු කරන බැවිනි//
ReplyDeleteඔව් අපිට real ෆීලින්ග් එක එන්නේ simulation type movies වල. ලෝකයේ දැන් පවතින තත්වයන් එක්ක මෙහෙම වුනොත් මොකද වෙන්නේ කියන simulate කරනවා. ඒවා ඇත්තටම වෙන්න පුළුවනි.
Contagion බලලා තියනවා. රචකයා epidemiologist ලත් එක්ක සාකච්චා කරලා system process එක ග්‍රහණය කරගත්තා. එතකොට virus outbreak වුනොත් වෙන්නේ මොකක්ද කියල simulate කරා. social media වල ආරම්භයත් ඔවුන් දැක්කා. චීන origin එකනම් අහම්භයක්. බොහෝම epidemiological base චිත්‍රපටි චීනය අෆ්රිකාව වියට්නාමය වගේ රටවල් වල zoonotic origin තමයි යොදාගන්නේ.
මෙහෙම simulate කරගන්න බැරි Sci -fi movies වල අපිට කෑලි තමයි පෙනෙන්නේ. සම්පුර්ණ System process එකක් පෙන්නේ නැහැ. බොහොම පැරණ චිත්‍රපටිවල video call රොබෝවරු automated vehicle aliens පෙන්නුවට සමස්ථ චිත්‍රපටියම ඇත්ත කියලා හිතෙන්නේ නැහැ.
+++
ReplyDelete