ගුගල් ජෙමිනි විසින් නිපදවන ලද අනාගත අධිරාජ්‍ය වල සිහිනයකි .
යුද්ධයේ සැබෑ තත්වය ********************************************************************මා මෙහිදී උත්සාහ කරන්නේ හැකි අයුරින් මධ්‍යස්ථ වීමටය . ඕනෑම යුද්ධයක මුල්ම කැෂුවල්ටිය (හෙවත් තුවාලකරු) සත්‍යය යයි කියනු ලැබේ. බොහෝ වෙබ් අඩවි , ෆේස්බුක් ප්‍රෝෆයිල , රුසියානු යුක්රේන යුද්ධයේ මෙන්ම ඇමෙරිකා +ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ ද තම තමන් සහය දෙන රටට පාර්ශ්වීය ලෙස තොරතුරු ලියා දක්වනු පෙනේ.
රුසියානු යුක්රේන යුද්ධය ගැන ලියද්දි කෙනෙකු ලියා තිබුනේ රුසියාව හිතූ පරිදි දින දෙක තුනකින් දිනුවේ නැති අතර යුක්රේන ජනතාව වීර ලෙස රුසියාවට එරෙහිව සටන් කරන බවය . රුසියාවේ මියගිය ප්‍රමාණය අනුව පූටින් දරුණු පරාජයකට මුහුණ පා ඇති බවය . මේ අදහසේ මුල් කොටස නිවැරදිය . නමුත් දෙවන කොටස ගැන එකඟ විය හැකිද ? දෙවන යුක්රේන යුද්ධය ඇරඹෙන විට රුසියාව ක්‍රිමියා ව අයත් කරගෙන තිබුණි. නමුත් ක්‍රිමියා අර්ධද්වීපයට ජල සැපයුමක් තිබුනේ යුක්රේනයේ සිට එන උතුරු ක්රිමියන් ඇලෙනි. යුක්රේනය එය වසා දැමූ පසු ළිං කැපීම හා නැව් වලින් සැපයීම හැරෙන්නට එහි ජනතාවට ජලය සපයා ගැනීමේ ප්‍රශ්නයක්ද පැන නැගුණි. එසේම යුක්රේනය වරින් වර තෙල් සහ ගෑස් සැපයුමට බාධා කරන්නටද විය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේනය තනිව සටන් කලේ නැත , මුළු නේටෝ සංවිධානයේ රටවල් සියල්ලම පාහේ (හංගේරියා සහ ස්ලොවැකියා හැර ) ඔවුන්ට සහය දුනි . මිසයිල, ද්‍රෝන, යුධ ටැංකි සහ ආයුධ සහ මුදල් ලෙසින් ඒ සහය ලැබුණි. මෙය හරියට සෝවියට් දේශය 1976 දී ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කල විට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් මුජහදීන් ගරිල්ලා ව්‍යාපාරයට සහය දුන් ලෙසිනි .
ඒ නිසා රුසියාව සමග යුක්රේන යුද්ධය චෙස් ක්‍රීඩාවේ ස්ටේල්මේට් (ජය පරාජයක් නැති ) හෙවත් එකතැන නතරවී තිබෙන බවක් පෙනේ.
නමුත් . ......වර්ග කිලෝමීටර් පනස් තුන්දාහක් වන දොන්බාස් ප්‍රදේශයේ සියයට අසූ අටක (88%) ප්‍රමාණයක් රුසියාව විසින් අල්ලාගෙන ඇත . ඒ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට වඩා වර්ග කිලෝමීටර විසිදහකට අඩු ප්රමාණයකි . එනම් ලංකාවේ ප්‍රමාණයෙන් 70% ප්‍රමානයක් රුසියාව විසින් අල්ලාගෙන ඇත . ක්රිමියාවට ජලය අර ඉහත කී ඇලෙන් කරදරයක් නැතිව දැන් ලැබේ. රුසියාව හා නේටෝව අතර බෆර් සෝන් එකක් හෙවත් බාධකයක් ද නිර්මාණය කර ඇත . රුසියාව පැරදී ඇතැයි කවුරු හරි කියනවාද? පුටින් මේ සැලසුම් ඇති කරගත්තේ පසුගිය වසර තුල යයි කවුරුන් හෝ සිතනවාද?
පැරදී ඇත්තේ "බලහත්කාරයෙන් තවත් රටක් ආක්‍රමණය කර අල්ලා ගැනීමට නොහැකිය" යන අන්තර්ජාතික නීතියයි. මේ ශතවර්ෂය නැවතත් අධිරාජ්‍ය බිහි කරයිද ? ඉරාන යුද්ධයට පෙර මම ඒ ප්රශ්නය - සියලු තොරතුරු ඉදිරිපත් කර කෘතීම බුද්ධි ඒජන්ට් කෙනෙකු ගෙන් (මෘදුකාංග) ඇසුවෙමි .
මගේ ඉංග්‍රීසි බ්ලොගයේ ඒ ලිපිය තිබේ.මට ලැබුණු පිළිතුර වූයේ ඇමෙරිකානු අධිරාජ්‍යය ,රුසියානු අධිරාජ්‍යය, චීන අධිරාජ්‍ය හා ඉන්දියානු අධිරාජ්‍යය ඒ අනුව නිර්මාණය වනු ඇතැයි කියාය . එය තව දුරටත් එසේ නොවන බව මට පෙනේ. බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය දියවී යනු ඇත .
ලෝකයේ බලහත්කාරයෙන් රටවල් අල්ලා ගැනීම දහනව වැනි ශතවර්ෂයෙන් පසු විසිවන සිය වසේ අවසන් වුනැයි අපි සිතුවෙමු . එහෙත් අමෙරිකානුන් වෙනිසියුලාවේ ජනාධිපති (ඔහු කෙතරම්කුප්රසිද්ධ අයෙකු වුවත් ) බලයෙන් අල්ලා ගැනීම හරහා යුධ බලයෙන් සන්නද්ධ බලවත් රටවල් තමන්ගේ අසල්වැසි රටවල් හෙවත් අල්ලා ගැනීම සාධාරණිකරණය වීමක් සිදුවුණි . .
ඉරාන යුද්ධයෙන් දැනට ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර මගින් ඉරාන ප්‍රධාන නායකයන් ඝාතනය කරන ලදී . මෙය හඳුන්වන්නේ decapitating strike හෙවත් ගෙල සිඳීම කියාය. මේ රටවල් දෙක ගුවනින් බෝම්බ දැමීම හා මිසයිල ආක්‍රමණයක් මිස පූර්ණ හමුදා මැදිහත්වීමක් තවම සිදු කර නොමැත . ඔවුන් ඉරානයේ අට දහසකට වැඩි ප්‍රධාන ස්ථාන සංඛ්‍යාවකට බෝම්බ දමා හෝ මිසයිල මගින් පහර දී ඇත . ඉරාන ජාතිකයන් 2300 පමණ හා ඇමෙරිකන් භටයින් 13 දෙනෙකුත් දැනට මිය ගොස් ඇත. ඉරානය විසින් මැද පෙරදිග ඇමෙරිකානු කඳවුරු 14 කට පහර දී තිබේ . එසේම ඉන්දියානු සාගරයේ දියෝගෝ ගාෂියා කඳවුරට නුදුරින් මිසයිල් දෙකක් පතිත වී ඇත. එය ඇත්තටම ඉරානය විසින් ගැසුවාද, නැතහොත්, බ්‍රිතාන්‍යය යුද්ධයට ඈඳා ගැනීමට කරන ලද ව්යාජ්ය මෙහෙයුමකද (FFO) යන්න පැහැදිලි නැත. මා දන්නා තරමින් ඉරානයට එතරම් දුර යන මිසයිල නැත. ඇමෙරිකාව කියන්නේ ඉරානය චන්ද්‍රිකා යවන රොකට්ටුවකට වෝ හෙඩ් එක්ක සවිකර යවන්නට ඇති කියාය. හොරාගේ අම්මාගෙන් පේන අහන්නාක් වැනිය
යුද්ධයක් සාමාන්‍යයෙන් සුමානයකින් හෝ දෙකකීන් අවසන් අවන්නේ නැත . එක පාර්ශ්වයක අරමුණු සාර්ථක වනතුරු සාමන්‍යයෙන් යුද්ධ දිග්ගැස්සේ. මේ අනුව තවම ඉරානය ජයගෙන නැත . ඇමරිකා ඊශ්‍රායල සන්ධානය ජය ගෙනද නැත . නමුත් දැනට වැඩි වාසිය ඇමෙරිකා - ඊශ්‍රායල සන්ධානයට බව පෙනේ . ඉරාන අහස ඔවුන් නතු කරගෙන ඇත. ඉරානය නිර්භීත ලෙස ඔවුනට් එරෙහිව සටන් කරයි.
නමුත් මේ ඊශ්‍රායල සැලසුම දෙස බලන්න . ඔවුන්ට තර්ජනයක් එල්ල කල හෝ කරන අයට පහරදී අඩපන කිරීමේ උපාය මාර්ගයක් ඔවුන් රට නිර්මාණය වූ කාලයේ සිටම සියොන් වාදී සංවිධාන විසින් අනුගමනය කරන ලදී. ඊශ්‍රායලයට මැද පෙරදිග අවනත කර ගන්නට අවුරුදු 40කට එහා ගිය සැලසුමක් තිබේ යයි කියති . අද වන විට ඒ සැලසුම් සාර්ථක වී විරුද්ධත්වයක් එල්ල කල හැකි සියලු රටවල් විනාශ කර රූකඩ පාලන බිහි කර තිබේ.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ප්රමුඛ බටහිර සන්ධානය ඉරාකයට පහරදී ඒ රජය විනාශ කරන ලදී , දැන් තිබෙන්නේ දුබල රජයකි . ලිබියාවටද ලෙසම සිදු වුනි . අවසානයේ මේ දීර්ඝ කාලින සැලසුමට අනුව පරාජය වූයේ සිරියාවේ අසාද් ය. සිරියාව බිඳ වැටුනු පසු බොහෝ අය සිතු හෝ, බොරු ලිවූ පරිදි පරිදි රුසියාවට අලාබයක් සිදු වූයේ නැත . තවමත් ටාටුස් වරාය හා ගුවන් හා පාබල හමුදා කඳවුරක් රුසියාව සතුව පවතී. ඒව නැතිවී නැත. නව සිරියන් ජනාධිපති අමෙරිකාවේ ආශීර්වාදය ඇතුව රුසියන් ජනාධිපති හමුවන්නට නොබෝදා ගියේය.
වත්මන් ඊශ්‍රායලයේ තුනෙන් එකකට වඩා ජනතාවක් රුසියාවෙන් එහි සංක්‍රමණය වූ සෝවියට් යුදෙව්වන්ය . ඔවුන් බොහෝ විට රුසියන් බස වහරති. සත්‍යය ඔබ සිතනවාට වඩා වෙනස්ය .
මේ අනුව ඉරානය සම්පුර්ණයෙන් යටත් කර ගන්නට අමෙරිකවට හෝ ඊශ්‍රායලය ට අවශ්‍ය නොවන බව ඔබට පෙනෙනු ඇත . ඒ වෙනුවට ඊශ්‍රායල- ඇමෙරිකානු අධිරාජ්‍යය ට යටත් වීමට සිදුවනු ඇත . ඇමෙරිකානු බලය මැද පෙරදිග ක්‍රියාත්මක වීම ඊශ්‍රායල අධිරාජ්‍යයයෙන් සිදුවනු ඇත . ට්‍රම්ප් පිස්සෙකු ලෙස කටයුතු කරන්නේ යයි බොහෝ අය පවසති . නෙතන්යාහු බල උන්මාදයෙන් පෙලෙන අයෙකු යයි බොහෝ අය පවසති .
එනිසා ප්‍රබල ඉරාන ප්රතිවිරෝධය හමුව උවද ඇමෙරිකන් ඊශ්‍රායල හවුල කිසියම් ජයග්‍රහණයක් දැනටමත් ලබා ඇත. නමුත් මේ සම්පුර්ණ ජයග්‍රහණයකට හරස් වන්නේ රුසියානු යුක්රේන යුද්ධයේ නේටෝ කරන උදව් මෙන් ඉරාන යුද්ධයේදී චීනය සහ රුසියාව ඉරානයට නොයෙකුත් අන්දමේ උපකාර කරණ හෙයිනි. මේ බොහෝ උපකාර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක් පමණක් වුවද ඉදිරියේදී එය වෙනස් විය හැකිය.
රුසියාව සහ තවත් රටවල් කිහිපයක් බ්‍රික්ස් සංවිධානය පිහිටුවා ගැනීමට එක හේතුවක් නම් පෙට්රො ඩොලරයේ ආධිපත්‍යය සීමා කිරීමයි . හොමුස් සමුද්‍ර සන්දිය හරහා යන නෞකා වලට යුවාන් වලින් ගෙවන්නට යයි ඉරානය පවසන විට ඒ වෙන්නේ කුමක්ද යන්න වැටහිය යුතුය . මෑතකදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුවාන් වලින් රුසියනු තෙල් වලින් ගෙවන්න යයි ශ්‍රී ලංකාවට පවසා ඇත.
සිනොපෙක් සමාගම හරහා බ්‍රෙන්ට් ඔයිල් හෙවත් දැවි තෙල් පිරිපහදුවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජනාවක් පැමිණියත් එයට ඉන්දියාව විරුද්ධය . ඒ ආරක්ෂක හේතුන් මත යයි කියමිනි. එසේම ලංකාවේ වරායවල් වෙනත් රටක යුධ නෞකා වලට ඉඩ දීම ඉන්දියා ව තර්ජනයක් ලෙස සලකයි. ආයුධ රහිත ප්‍රදර්ශනයකට ආ යුධ නැවකට, අන්තර්ජාතික සාගර නීතියට එරෙහිව ටෝපිඩෝවකින් පහර දීම අනතුරු හැඟවීමකි.
රුසියාවේ පුටීන් තමන්ගේ රටට ආසන්න රටවල් තමන්ට තර්ජනයක් ලෙස සලකා ආක්‍රමණය කිරීම බලය පෙන්වීමකි. ට්‍රම්ප් දකුණු ඇමෙරිකාවේ වෙනිසියුවෙලා හා කියුබා යන රටවල් වලට තර්ජනය කරන්නේද ඒ අනුවමය. එසේම ඔවුන් විසින් ඉරානයට පහර දීම අන්තර් ජාතික නීතියට වලංගු නැත. මේ අනුව චීනය තම රට අසල ඇති තායිවානය ආරක්ෂාවට තර්ජනයක් යයි සලකා පහර දුන්නොත් කුමක් වේද ? අපට චීනය විවෙච්නය කල හැකිද ? ඉන්දියාව 1987දී මෙන් නැවත එසේ කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ට කළහැකි යමක් තිබේද? පිළිතුරැ නැත යන්නය.
නේටෝ රටවල් ඇමෙරිකානු -ඊශ්‍රායල හවුලට සහය දෙන්නෙන් නැත . එසේම ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් නේටෝ සංවිධානය සම්පුර්ණයෙන් බිඳ වැටෙනු ඇත . එවැනි අවස්ථාවක බෝල්ටික් රටවල් ( එස්ටෝනියා , ලිතුවේනියා , ලැටිවියා ) හා මොල්දෝවා වැනි රටවල් රුසියානු ග්‍රහණයට නතු වීම වැළැක්විය නොහැකිය .
මුළු දකුණු අමෙරිකාවම ඇමෙරිකාවේ ග්‍රහණයට වැළැක්වීම ද නතර කල නොහැකිය .
නතර කල හැකි එක ක්‍රමයක් තිබේ , ඒ තුන්වන ලෝක යුද්ධයකට යාමය. ඉන් බලවත් රටවල් දෙක තුනක් විනාශ වී යාමෙන් සමහර විට සාමය එළඹිය හැකිය . නමුත් එය ඉතා දරුණු තත්වයකි .
තවත් ප්‍රශ්නයක් තබේ . ඊයේ ඉරානය ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලාගාරයකට ආසන්න තැනකට මිසයිල ප්‍රහාර එල්ල කළේය . දෙසීයක් පමණ තුවාල වූ බවද සඳහන්ය. එවැනි න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊශ්‍රායලය වැනි ජාත්‍යන්තර නිතිය තඹ සතේකට නොසකලන චන්ඩි රටක් න්‍යෂ්ටික අවි වලින් ඉරානයට පහර දුන්නොත් ඇතිවන්නේ න්‍යෂ්ටික යුද්ධයකි . මැද පෙරදිග සම්පුර්ණයෙන්ම විනාශ වී ලෝකය දරුණු අගාධයකට ඇද වැටෙනු ඇත . අපට ඇති බිහිසුනම තර්ජනය එයයි . මේ විනාශකාරී සැලසුම පරාජය කල යුත්තේ එබැවිනි .
පින්තුරය නිමවා ඇත්තේ ගුගල් ජෙමිනි වලින් මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසය . ලෝක යුද්ධයකින් අධිරාජ්‍ය පහක් බිහි වුවහොත් ලෝක සිතියම් පෙන්වන්න කියා ඉල්ලීමක් කළෙමි.
අජිත් ධර්මකීර්ති 22/03./2026
https://youtu.be/7wPJN1-rl28?t=72
ReplyDeleteස්තූතියි . මට හිතෙන්නෙම ට්‍රම්පා ව හසුරුවන්නේ වෙන සෙට් එකක් කියල
Delete@ DGMB
Deleteලෝර්ඩ් බුර් ඇවිල්ලා !!!!!!!!
https://kattakaduwa.blogspot.com/2026/03/blog-post.html?sc=1774245898786#c6989446995610338705
මේක දැක්කා අදවත් යන්න ඕනේ ඒ පැත්තේ
Deleteපිස්සෙක්ව සහ උඩගු කමින් පිම්බුණු මිනිහෙක්ව හසුරුවන්න කාටවත් ලේසි නෑ. අර ළමා අපයෝජන කරපු කෝටිපතියාගේ ෆයිල් ටිකෙන් එන නඩු අයින් කරගන්න බැරි උනොත් මේ යුද්ධේ නවතින්න තව ගොඩක් කල් යාවි. එයා විතරක් නෙවේ වටේ ඉන්න ගොඩක් අයත් ඒ ෆයිල් ටිකෙන් ගැලවෙන්න ඕනේ දෙයක් කරනවා. මේක මෙහෙම වෙනවා කියලා මිනිස්සු දැනන් උන්නා. රට ඇතුලේ කලබල කළා, මිනිස්සු මරුවා, “අයිස්" බලය යොදලා ගෙවල් වලට බලෙන් කඩා පැන්න, ඒත් අමු අමුවේ මිනිස්සු දෙන්නෙක් මරලා දාපු නිසා ඒ වැඩේ වැරදුනා. මේක පුද්ගලික හෝ, එහෙමත් නැත්නම් ඉතා කුඩා කණ්ඩායමක් නීතියෙන් ගැලවෙන්න, නිර්මාණය කල අමන යුද්ධයක්. එයින් වෙන විනාසය ඉතා දීර්ඝ කාලීන බලපෑම් ඇති කරයි.
Deleteඇනෝ කියල තියෙන් දේ ඇත්ත වෙන්නත් ඉඩ තියනවා. ඉරානෙන් පස්සෙ කියුබාව කිව් එකේ තියල තියෙන්නෙ.
Deletehttps://youtu.be/_hcWzErZb6g?t=199
@Pra Jay
දැක්කා,දැක්කා. උන්දෑ යහතින් ඉන්න එකම මඳෑ? ඔය දේව කතා එයාගෙ කැමතිම සබ්ජෙක්ට් එක නොවැ? 😁
අවාසනාවට ඕක තමයි ඇත්ත බසූ. මුලින්ම ටෙස්ලා ලොක්කව අල්ලන් යූඑස්ඒඩ් එක අඩපණ කළා. ඒකෙන් තමයි මේ රට ලෝකය පාලනය කරගෙන උන්නේ. හෙමින් සැරේ රජයේ ආයතන අඩපණ කළා. දැන් මේක ඇතුලේ කිසිම පද්ධතියක් නෑ. ඊයේ පෙරේද කියනවා ඇහුන වොෂින්ටන් ඩී සී වල ට්‍රැෆික් කැමරා ටිකත් අයින් කරන්න ඕනේ කියල. කොටින්ම එයාර් පොර්ට් වල වැඩ යන්නේ සීමිතව. මොකද බජට් එකෙන් ප්‍රතිපාදන අනුමැතිය ලැබුනේ හෝම්ලන්ඩ් සේකුරිටි දෙපාර්තමේන්තුවට. රිපබ්ලිකන්ලා යුද්දේ නවත්ත්නවට විරුද්ධව සෙනෙට් එකේ චන්දෙ දෙනවා. ඔයා කිව්වා වගේ මේ යුද්ධේ නැවතුනත් එයා තව එකක් පටලනවා. නැත්නම් කොහොමද අර ෆයිල් වලින් බේරෙන්නේ. නීතියෙන් වැරදි කාරයෙක් වුනු, කැසිනෝ හතක් බංකොලොත් කරපු කෙනෙක්ට චන්දෙ දුන්නේ මේකේ ඉන්න මෝඩ මිනිස්සු. දුක් විඳින්නේ මුළු ලෝකේම ඉන්න මිනිස්සු. යුද්ධයකට තව රටක් එකතු කරන්න තත්පර ගානයිනේ යන්නේ. ඒකත් අර පාරේ යනකොට තරුණ පිරිමි ළමයි රණ්ඩුවට පටල ගන්න ඕනේ කෙනාගේ ඇඟේ හැපෙන්නේ, ඒ වගේ තමයි. අනිත් පැත්තෙන් මොලේ පාවිච්චි නොකලොත් ලොකු රණ්ඩුවක්නේ. අන්තිමට රණ්ඩු වෙන හේතුව දන්නෙත් නෑ. ඒක තමයි මේ කරමින් පවතින්නේ. එතකොට එයාටයි එයාගේ ගෝලයෝ රොත්තටයි හිරේ නොගිහින් ඉන්න පුළුවනි.
Deleteඇනෝ තුමා 23 March 2026 at 12:48 අර මම චිත්‍රපට ගැන ලියපු ලිපිය ලිව්වනේ බිල් ක්ලින්ටන් යුද්ධයක් දියත් කළා කියල එයාගේ සෙක්ස් කතාව එලියට එන කොට . උන් ඔක්කොම ඔය වාගේ . අනිත් එක්ක ට්‍රම්ප් තනියම් නෙමේ වැඩ කරන්නේ කියන එකයි මගේ අදහස . ට්‍රම්ප් ව හසුරුවන කට්ටියක් ඉන්නව . උන් ඔය වගේම දරුණු සහ දුෂිත බවයි මගේ අදහස .
DeleteAnonymous23 March 2026 at 19:13 ඒක ඔය තරම්ම සරල නැහැ ඇනෝ තුමා . මම කොවිඩ් ආපු මුල් කාලේදී ලිව්වා එයුජෙනික්ස් ගැන ලිපියක් . පස්සේ දැන ගත්ත එක පිළිගන්න ඒ ගැන ක්‍රියා කරන්න හෙන සෙනගක් (සල්ලි තියෙන ) අය ඉන්නව කියා . ඊට පස්සේ රුසියානු යාලුවන්ගෙන් දැන ගත්තේ ඒ ගොල්ලෝ හිතන්නේ එයාලට අටැක් කරන ගෙනාව බයෝලොජිකල් වෙපොන් එකක් කියල . ට්‍රම්ප්ලා ගහන්නේ නිකන් නෙමේ . ඔය කරන වැඩ හැම එකක්ම ඒ වගේ දෘෂ්ටිවාදයක් මත යන්නේ . කොවිඩ් - සෙනග අඩු කිරීම . ඉශ්රයාලයට තර්ජන අඩු කිරීම . අයිස් විසා නැති අය බලෙන් එලියට දැමීම . ඔය හැම එකක්ම සම්බන්ධයි , https://kolambagamaya.blogspot.com/2020/04/blog-post_83.html
Deleteමිහි මත තිබෙන සම්පත් ටික සීමිතය
ReplyDeleteඑය නොතකමින් කරනෙමු පරිභෝජනය
ඒ හා වැඩෙයි ජනගහනය - හරි වැඩිය
එතකොට ඉතිං යුද්දේ නොකරත් බැරිය!
එය හොඳ මසුරන් කතාවකි නිදි තුමගේ
Deleteඅධි පරිභෝජනය ප්රශ්නයකිය අප සැමගේ
හැමෝම නිවනට දැක්කිමත් හරියි වගේ
මුන්දලා කරන්නේ මේ විධිහට ඒක වගේ
ඉතා හොඳ විශ්ලේෂණයකි. විශේෂයෙන් "යුද්ධයේ මුල්ම කැෂුවල්ටිය සත්‍යය" යන කාරණය — ඒ නිරීක්ෂණය අතිශය වැදගත්. අද ලෝකයේ සෑම යුද්ධයක්ම ගත්තත් බොහෝ දෙනෙකු රණ පාර්ශ්ව ගනිමින් "ජය" හා "පරාජය" නිර්ණය කරන්නේ තත්ත්වය නිවැරදිව නොබලමිනි.
ReplyDeleteඔබ රුසියා-යුක්රේන යුද්ධය ගැන ගෙනා කාරණය ඉතා සාධාරණ ලෙස ඉදිරිපත් කර ඇත. දොන්බාස් ප්‍රදේශයෙන් 88%ක් රුසියාව අල්ලාගෙන, ක්රිමියාවට ජල ගැටළුව විසඳාගෙන, නේටෝ සහ රුසියාව අතර බෆර් සෝනයක් ඇතිකරගෙන ඇති බව — මේවා "රුසියාව පරාජය වී ඇත" යන ලේඛනෙ ලේ ලිවීමට කලින් සිතා බැලිය යුතු කරුණු.
ඉරාන-ඇමෙරිකා-ඊශ්‍රායල ගැටලුව සම්බන්ධව ඔබ ඉදිරිපත් කළ දීර්ඝකාලීන Zionist සැලසුම් කාරණය ඉතාමත් සංකීර්ණ කාරණාවකි. ඉරාකය, ලිබියාව, සිරියාව — මේ රටවල් "ස්ථාවර" ලෙස ඉදිරිපත් කර, ඒ ස්ථාවරය බිඳ දමමින් ශක්‍ය නොවන රජයන් ස්ථාපිත කිරීම — ඒ රටයේ ස්වෛරීභාවය ගැන ප්‍රශ්නයක් නොවී, ඇමෙරිකා-ඊශ්‍රායල ආරක්ෂාවේ ප්‍රශ්නයක් ලෙස ලෝකය ඉදිරිපිට ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඇත්තෙන්ම ඉහළය.
ශ්‍රී ලංකාව ගැන ඔබ ගෙනා කාරණය — Sinopec තෙල් පිරිපහදු ව ඉන්දියාව විරුද්ධ වීම, රුසියානු නෞකාවලට යුවාන් ගෙවීම — මේවා ලංකාවේ ජනතාව ඊළඟ ආර්ථික, දේශපාලනික ගමන ගැන සිතා බැලිය යුතු ඉතා ප්‍රායෝගික කාරණා.
න්‍යෂ්ටික යුද්ධයේ හැකියාව ගැන ඔබ දෙන අනතුරු ඇඟවීම — ඒ සැබෑ භීෂණයයි. ඊශ්‍රායලයේ ප්‍රතිචාර ක්‍රමය ගත්කල, Samson Option ගැන ලෝකය දන්නා දේ සැලකිල්ලට ගත්කල, ඒ අවදානම ශූන්‍ය නොවේ.
ස්තූතියි ඔබේ වටිනා ප්‍රතිචාරයට Samson Option ගැන පොඩි හැඳින්වීමක් කරනවාද
Deleteඅහ් ඕකේ AI පිළිතුරක් ලැබුනා - The "Samson Option" is a term describing Israel's alleged deterrence strategy of using massive nuclear retaliation as a "last resort" if its military is defeated or the nation is overrun. Named after the Biblical figure Samson, it implies inflicting massive damage on enemies if the state faces an existential threat
Delete//ශ්‍රී ලංකාව ගැන ඔබ ගෙනා කාරණය — Sinopec තෙල් පිරිපහදු ව ඉන්දියාව විරුද්ධ වීම, රුසියානු නෞකාවලට යුවාන් ගෙවීම — මේවා ලංකාවේ ජනතාව ඊළඟ ආර්ථික, දේශපාලනික ගමන ගැන සිතා බැලිය යුතු ඉතා ප්‍රායෝගික කාරණා.// රජය හා ජනතාව මේගැන දැනුවත් වීම වැදගත්
Deleteමම මේ දන්නැති හින්ද අහන්නේ නස්ටික අවි තහනම් කරන්න බැරි ඇයි
ReplyDeleteසෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදය ඒ ගැන සෑහෙන දුරකට කතා කරගෙන ආව . න්‍යෂ්ටික යුධ අඩු කර විනාශ කිරීම දක්වා . ඉඅ පස්සේ සෝවියට් දේශය වැටුනා . යෙල්ට්සින් ඒ ගැන කතා කරන කොට අනිත් රටවල් ඊශ්‍රායලය , උතුරු කොරියාව හදල ඉවරයි . ඒ රටවල් කීයටවත් කැමති නැහැ . අයින් කරන්න . ඊට වඩා බලවත් අවියක් හදන්න වෙයි
Deleteඉරානයට වුන ලොකුම හානිය ෂා පාලනය පෙරලුනාට පස්සෙ තනිකරම ආගමික පූජකතන්ත්රයට බලය යෑම. විප්ලවය කාලෙ සෑහෙන තරම් බලපෑමක් කිරීමේ බලයක් තිබුන කොමියුනිස්ට්/සමාජවාදීන්ට බලය ගියානම් මෙලහට ඒක ප්රජාතන්ත්ර/ධනවාදී ක්‍රමයකට පරිවර්ථනය වෙන්න තිබුන. හැබැයි ආගමිකයින් කොයිවෙලාවෙ හරි බලය ගැනීමේ අවදානමත් සමගම )
ReplyDeleteමම AI ගෙන් ඇහුව වෙනත් ප්‍රශ්නයක්.
ඉරාන විප්ලවයෙන් පස්සෙ ටෙහ් රාන්වල ඇමරිකන් තානාපති කාර්යාලය අල්ලගත්තහම ඇයි ඇමරිකාව යුද්ධ ප්‍රකාශ නොකලේ කියල
AI Overview
The United States did not declare war on Iran following the November 4, 1979, seizure of the U.S. embassy in Tehran primarily because President Jimmy Carter prioritized the safe return of the 52 hostages over military retaliation, fearing that a declaration of war would lead to their immediate execution. The crisis occurred in a complex geopolitical environment, with the U.S. attempting to avoid a broader conflict in the Middle East, particularly with the Soviet Union expanding its influence in the region.
Reddit
Reddit
+1
Key reasons for the lack of a declaration of war include:
Safety of the Hostages: At every stage, the use of force was restrained by the high risk that military action would result in the death of the hostages, whom Iranian militants threatened to kill if attacked.
The Failed Rescue Attempt (Operation Eagle Claw): In April 1980, President Carter did authorize a high-risk rescue operation. It failed due to equipment malfunction and a desert sandstorm, resulting in the deaths of eight US servicemen. This tragedy highlighted the immense difficulty of a military solution and discouraged further escalation.
Diplomatic and Economic Strategy: The U.S. pursued a strategy of economic pressure and diplomatic isolation rather than open war. This included freezing $12 billion in Iranian assets, a boycott of Iranian oil, and filing a lawsuit in the International Court of Justice.
Post-Vietnam War Sentiment: Coming just four years after the end of the Vietnam War, there was little appetite among the American public for another military entanglement, particularly one with an unclear outcome.
Regional Instability and Soviet Concerns: Iran was in the midst of a chaotic revolution and was geographically adjacent to the Soviet Union. A U.S. attack could have prompted Soviet intervention, as they had just invaded Afghanistan, increasing the risk of a global conflict.
Ultimately, the crisis was resolved not by war, but through complex, brokered negotiations, resulting in the release of the hostages on January 20, 1981, immediately after Ronald Reagan was inaugurated.
sae
ඒක තමා ඉරාකය දම්මල පස්සේ ගැහුවේ . ඒකෙන් ඉරානය ජය ගත්ත
Deleteහොඳ විශ්ලේෂණයක්. ට්‍රුම්ප් දවස් පහකට පොඩ්ඩක් අඩිය පස්සට ගත්තා කියලා කියනවා. බලමු.
ReplyDeleteබොහොම ස්තුතියි . මේ ලිපිය වැඩිය ජනප්‍රිය නැහැ ෆේස්බු එකේ හෝ මගේ වාමාංශික යහළුවන් අතර . එයාල කියන්නේ ඉරානය දිනුව . ට්‍රම්ප් භය වෙලා ඊශ්‍රායලය ඉවරයි වගේ කතා . හැබැයි මට නම් ට්‍රම්ප් වත් එයාව හසුරුවන අය වත් නෙත්නයාහු වත් විශ්වාස නැහැ .
Deleteඑක්සත් ජාතීන්ගේ සංවිධානය නමින් වූ ආයතනයක් ලෝකයේ නොමැති බවත් මේ යුද්ධයෙන් හෙලිඋනා වගේ තමයි පේන්නේ.
ReplyDeleteමොකද්ද එක්සත් ජාතින් ගේ සංවිධානය කියන්නේ 😄
Deleteට්‍රම්ප් ප්‍රකාශකයකු විතරයි කියල මටත් හිතතෙනව.
ReplyDeleteඅනිවාර්යයෙන් , ඒකනේ කියන්න දෙයක් කියල නොදුන්නම පිස්සු කියවන්නේ 😄
Deleteඔය යන ප්ලෑන් එක ට්‍රම්ප් ට හිතෙන දෙයක් කියල කීයටවත් හිතෙනවද
Deleteඔය තමුන්නැහැල කියන ද්‍රෝන කියන ජාතිය ද්‍රෝන බමුණාගෙ සංකල්පයක් මූලික කරගෙන හදපු එකක් කියලා කේතක කෙහෙත උන්නැහැ කියනව ආයිබොවන්ඩ . 😛😂😂😂
ReplyDelete