Sunday, 8 March 2026

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ පිළිතුරු පිළිබඳ විශ්ලේෂණයක්

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ පිළිතුරු පිළිබඳ විශ්ලේෂණයක්

නව දිල්ලියේ පැවැති 'රයිසිනා සංවාදය' (Raisina Dialogue) අතරතුර, විශේෂයෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විමර්ශනාත්මක මාධ්‍යවේදීන් හමුවේ ඉතා දැඩි පීඩනයක් සහිත වටපිටාවක අමාත්‍යවරයාට කටයුතු කිරීමට සිදු විය.

අමාත්‍ය හේරත්ගේ ප්‍රවේශය "ප්‍රතිපත්තිගරුක මධ්‍යස්ථභාවය" මත පදනම් වූවකි. එමඟින් ශ්‍රී ලංකාව සිය ගෝලීය වගකීම් ඉටු කරන අතරම භූ-දේශපාලනික ගැටුම්වලින් ඔබ්බට සිටින බව ඔහු තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ ක්ෂණික ප්‍රතිචාරය මානුෂීය ගලවා ගැනීමේ මෙහෙයුමක් බව හේරත් මහතා අවධාරණය කළේය. බේරාගත් දිවි ගලවා ගත් 32 දෙනා සහ මියගිය අයගේ දේහයන් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රියාවන් දේශපාලනික ප්‍රකාශයකට වඩා සදාචාරාත්මක වගකීමක් ලෙස අර්ථකථනය කළේය. මෙය ඇමරිකා-ඉරාන-ඊශ්‍රායල ගැටුමේදී පැත්තක් ගැනීමට ඔහුට අටවා තිබූ "උගුල්" සාර්ථකව නිෂ්ප්‍රභ කළේය.

ඔහු අවධාරණය කලේ ජාත්‍යන්තර නීතියට (UNCLOS) අනුකූල වීම වඩා වැදගත් බවය .  නෞකාව එම මුහුදු සීමාවට පැමිණියේ ඇයිද යන්න හෝ සිදුවීම සිදු වූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කළ විට, ඔහු නැවත නැවතත් තම පිළිතුරු එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) මත පදනම් කළේය. ශ්‍රී ලංකාව "තදින්ම ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව" කටයුතු කළ බව ප්‍රකාශ කිරීමෙන්, ශ්‍රී ලංකාව නොසලකා හැරීමෙන් හෝ රහසිගතව කටයුතු කළ බවට නැගුණු චෝදනා ඔහු නතර කළේය.

 ශ්‍රී ලංකා වෙරළට ඉතා ආසන්නයේ ඇමරිකානු සබ්මැරීනයක් ක්‍රියාත්මක වීම පිළිබඳව ශ්‍රී ලංකාව "අඳුරේ තබා ඇතැයි" කරන ලද යෝජනාවලට පිළිතුරු  හේරත් මහතා ඉතා ඉවසීමෙන් පිළිතුරු දුන්නේය .  පාන්දර 5:08 ට ලැබුණු ආපදා සංඥාව කෙරෙහි අවධානය යොමු කළ ඔහු, නාවික හමුදාව පැයක් ඇතුළත ප්‍රතිචාර දැක්වූ බව පෙන්වා දුන්නේය. මෙහිදී බුද්ධි තොරතුරු හිඩැස් පිළිබඳ අවධානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යක්ෂමතාව සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වෙත යොමු කිරීමට ඔහු සමත් විය.

විජිත  හේරත් මහතා ඉතා සූක්ෂ්ම ලෙස "සමබර නොබැඳි  පිළිවෙතක්" පවත්වා ගැනීමට සමත් විය. ඔහු තත්ත්වයේ බරපතලකම පිළිගත් අතර (ඉරාන නායකයින් වෙනුවෙන් තානාපති කාර්යාලයේ ශෝකය සඳහන් කරන පොතේ අත්සන් තැබීම පවා සිදු කරමින්), ඒ අතරතුරම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වාගෙන ගියේය. මෙයින් ඔහු ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට මුල්තැන දෙන අමාත්‍යවරයෙකු බව පෙන්නුම් කළේය.

"තොරතුර ලබා දුන්නේ කවුද" හෝ "වැරැද්ද කාගේද" යන්න පිළිබඳව අනුමාන කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්, මාධ්‍යවේදිනිය  බලාපොරොත්තු වූ ආන්දෝලනාත්මක පුවත් මවා ගැනීමට ඔහු ඉඩ නොදුනි. ඔහු විනයගරුකව කරුණු සහ ජාත්‍යන්තර බැඳීම් කෙරෙහි අවධානය යොමු කළ අතර, එම නිසාම මාධ්‍යවේදිනිය ගේ එම "උගුල" අසාර්ථක විය.

හේරත්ගේ අවසාන පිළිතුරු පිළිබඳ සමාලෝචනයක් 

"ඉන්දියන් සාගරයේ අනාගතය" යන සැසියේදී, ඉරාන ජාතිකයන් ආපසු යැවීමේ ගැටලුව පිළිබඳව අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරිණි. විශේෂයෙන්ම ඉරාන ජාතිකයන් ආපසු යැවීමට ඉඩ නොදී "රඳවා තබා ගන්නන්" ලෙස තබා ගැනීමට ඇමරිකාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේද යන්න එහිදී විමසන ලදී.

හේරත් මහතාගේ අවසාන ප්‍රකාශය "උපායමාර්ගික හැරවුමක" විශිෂ්ටත්වය පෙන්නුම් කළේය

"ජාත්‍යන්තර නීතිය" පලිහක් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය: මාධ්‍යවේදිනිය  මෙම ප්‍රශ්නය ඇමරිකාව හෝ ඉරානය අතරින් එකක් තෝරා ගැනීමක් ලෙස පෙන්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය:"අපි ජාත්‍යන්තර නීති සහ අපගේ ගිවිසුම්ගත බැඳීම්වලට අනුකූලව සියලු පියවර ගෙන ඇත්තෙමු." 

මෙය නැවත නැවතත් පැවසීමෙන් ඔහු කිසිදු "බලපෑමක්" පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ශ්‍රී ලංකාව යනු බලවත් රටක දුරකථන ඇමතුමකට නොව, නීති පද්ධතියකට අනුව කටයුතු කරන ස්වෛරී රාජ්‍යයක් බව සංකේතවත් කළේය.

දැනට ගාල්ලේ සිටින දිවි ගලවා ගත් 32 දෙනා සහ ත්‍රිකුණාමල

යේ සිටින IRIS Bushehr නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 219 දෙනා වෙත අවධානය යොමු කරමින් ඔහු සිය කතාව අවසන් කළේය. මෙම නාවිකයන් බේරා ගැනීම සහ රැකබලා ගැනීම භූ-දේශපාලනික ආරවුල්වලට වඩා ඉහළින් පවතින "මානුෂීය අවශ්‍යතාවක්" බව පවසමින් ඔහු ශ්‍රී ලංකාව "ඉන්දියන් සාගරයේ වගකිවයුතු ආරක්ෂකයා" ලෙස හඳුන්වා දුන්නේය. (සමහරවිට මෙය ඉන්දීය රජයට දිරවන්නේ නැති විය හැකිය ) 

නෞකා ලුහුබැඳ ගිය ආකාරය පිළිබඳ කතාව ඇදුණු විට ඔහු ඊට හසු නොවීය. ඒ වෙනුවට ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අගය කළ අතර, එහි ගෞරවය විදේශ බුද්ධි අංශ වෙතින් ඉවත් කර ශ්‍රී ලංකාවේ දේශීය හැකියාවන් වෙත යොමු කළේය.

සංවාදය හේරත් මහතා ලැබූ ජයග්‍රහණයක් වන්නේ ඇයි?

පළමුවෙන් ඔහු ජනාධිපතිවරයාගේ ස්ථාවරය ආරක්ෂා කළේය: 'හේග් සම්මුතිය' (Hague Convention) පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මතය සමඟ ඔහු මනාව අනුගත විය. මාධ්‍යවේදිනිගේ  කලකිරීම අවසානයේ කැපී පෙනුණි. ඇමරිකානු බලපෑම් පිළිබඳව "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරු නොදීමෙන් ඔහු රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වීම වැළැක්වීය. ඔහු " ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිගරුක මධ්‍යස්ථභාවය" රැකගත්තේය: ගලවා ගැනීමේ සහ වෛද්‍ය ආධාර සැපයීම හරහා ඉරාන පාර්ශවය සතුටු කිරීමට ඔහු සමත් වූ අතර, ජාත්‍යන්තර මුහුදු නීතිය උපුටා දක්වමින් බටහිර රටවල "රතු ඉරි" උල්ලංඝනය නොකිරීමටද වගබලා ගත්තේය.

අජිත් - මෙය සකස් කලේ වීඩියෝව ඇසුරිනි 


49 comments:

  1. රාම සැරය වුව පැරදිය හැකි සැරය
    හීන් සැරය යයි කීවේ ඉස්සරය
    ඒත් ඒක අදටත් ගැලපෙන්නේය
    විජිත උචිත ලෙස උගුලෙන් මිදුණේය

    ReplyDelete
    Replies
    1. ඇමතිලා කලිනුත් ජාත්‍යන්තරයේ නාපු හාපු නිසා විජිත හේරත් ඇමැතිවරයාට තිබුණ මෙතනට සුදුසු කෙනෙක් යවන්න. හුණ්ඩු වැඩ හුණ්ඩුව තුළට සීමා කරගත්තනම් ජාම බේරගන්න තිබුණා.

      විදේශ ඇමතිකම විහිළුවක් නෙමෙයි. මේ රජයේ ප්‍රතිරූපය. සුද්දගෙ සූට් එක ලස්සනට ඇඳගෙන කියවන භාෂාව විතරක් නෙමෙයි, විලාසය පවා අජූතයි. අහගෙන ඉන්න තියා මියුට් කරලා බලන්නත් ලැජ්ජයි.

      මේ ආණ්ඩුවට හැදෙන්න බැරි මේවා හෝදන, දිගටම මුරුංගා අත්තේ තියෙන සට්ටැඹියෝ නිසා. වැරැද්ද වැරැද්ද විදියට දකින්න මේ රටේ බහුතරයකට බෑ!

      රටට අවනම්බුවක් පමණක් නෙමෙයි, සුදුස්සාට තැන දෙන්න මැලිවීම පවා අපි ලෝකයට ප්‍රදර්ශනය කරනවා!

      Delete
    2. කොහේද බන් වැරැද්දක් තියෙන්නේ . ඇනොනිමස් එන්නේ නැතිව මචෝ කතා කරන ඉංග්‍රීසි වීඩියෝ එකක් දාපන්කෝ . 😄 ඉට අපස්සේ තීරණය කරමු මෙතන අපට සට්ටම්බියා කියන්නේ උඹට වැරදිලා නේ මචෝ . ඉංග්‍රීසි නෙමේ මෙතැන ප්‍රශ්නේ ඉන්දියන් ගෑනි අටවන උගුලේ වැටිලා ඉන්නේ නැති එක , ඔය මහා ලොකු ඉංග්‍රීස් කතා කරපු වල් බල්ලෙක් නේද පල්ලි වල බර ගානක් මැරෙන්න පාර කැපුවේ මචන්

      Delete
  2. ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ අතිශය දක්ෂ අතිවිශිෂ්ට ප්‍රබලතම විදේශ ඇමති වූ ආචාර්ය විජිත හේරත් මැතිතුමාගේ උපායමාර්ගික හැසිරීම
    ------------------------------------------

    ඉන්දීය මාධ්‍යවේදිනය පල්කී ෂර්මා විජිත හේරත් මහතාගෙන් අහනව

    ඔබ ඉරාන නිලධාරීන්ව නැවත ඉරානයට හරවා යැවීමට සූදානම්ද? ඔබ ඇමරිකා එක්සත් ජනපදයෙන් එල්ල වන බලපෑමකට යටත්ව සිටිනවාද? යනුවෙන්.

    එහිදී විජිත හේරත් සිනහවෙමින් කාටත් නොතේරෙන උත්තරයක් දෙනව.ජත්‍යන්තර නීතියට කටයුතු කරනව,අපි ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරනව කියල පුන පුනා කියනව.ඇත්තමටම ඒක උපායමාර්ගිකයි.මොකද බරසාර දේවල් කියල ඉරානය අමනාප කරගන්නත් බෑ,ඇමරිකාව අමනාප කරගන්නත් බෑ.හොදම දේ කිසිවක් නොදන්න ගොනෙකු සේ හැසිරීම.මොකද ගොන්නු කියන දේවල් කවුරුත් ගණන් ගන්නෙ නෑ.ඉතින් ඉරානය හෝ ඇමරිකාව තරහ වෙන්නෙත් නෑ.

    කොහොමද මල්පැලවල ටිකිරි මොලේ?

    ReplyDelete
    Replies
    1. එහෙම නම් හරිනි අමරසුරිය හොඳයිනේ. බිෂොප් එකේ ඉගෙන ගත්තේ. ඉංග්‍රීසි බිෂොප් කොලේජ් ලෙවල් එකේ . අර ඉන්දියාවේ දුවණිය කියලත් කියව ගන්න තිබ්බ . ඉන්දියාවේ ලයින් එක හරියටම අරන් යයි. . ඉරානය ලංකාවට උමා ඔය සඳහා ණය දුන් බවත් තේ ගන්න බවත් ඇත්ත. කොමේනි ගේ ඉරානයේ අද වෙනකොට ගැහැණු නම දෙනෙක් ගල් ගහල මරල තියනවා. අපි අඳුරන යාළුවෝ ඉන්නව බිරිඳගේ අතින් අල්ලන් ගිහින් මගදී ඉඹ කියල අත් අඩංගුවට අරගෙන ඉද්දි දැන් ඩුබායි පැනල ගිහින් ඉන්න. අපට සීයට සියක් ඉරානයේ පැත්ත ගන්න බැහැ . හැබැයි මානුෂික විධිහට බෞද්ධ විධිහට ඒ නාවිකයෝ බේරා ගත්ත. ඒ කලේ පුළුවන් වැඩක් -දෙපාරක්ම .
      මෙතන බලු වැඩේ කලේ කවුද? ඉන්දියාව. තමන්ගේ රටට ප්‍රදර්ශනේට ආපු එවුන්ව එලියට දාල ආයේ ඇතුලට ගත්තේ නැහැ. පල්කී ෂර්මා ඒක දන්නවා . ජයෂන්කර් නුත් දන්නවා. ලංකාව කරපු වැඩේ ඉන්දියාවට අතුල් පහරක් බවත් උන් දන්නවා. ඉන්දියාවේ තක්කඩි කම තමයි ඒ . ඒ නිසා තක්කඩි කමට අහනවා- ඔබ ඉරාන නිලධාරීන්ව නැවත ඉරානයට හරවා යැවීමට සූදානම්ද? ඔබ ඇමරිකා එක්සත් ජනපදයෙන් එල්ල වන බලපෑමකට යටත්ව සිටිනවාද? යනුවෙන්.- කොටින්ම අර මුජිබර් රහමන් කියන - ඇමෙරිකාවට- ඔත්තුව දුන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් තියනව. . ලංකාවෙන් ඒක දෙන්න විධිහක් නැහැ.ලංකාවට ඒක පටලවන්න පල්කි ශර්මා හැදුවේ. මේවා කලින් කතා කරගෙන ආපුවා. මෝඩි තමා ඉශ්‍රයලයට ගියේ යුද්දේ පටන් ගන්න කලින්- අපට ගාසා තිරයට බෝ** දාල ළමයි මරපු ඊශ්‍රායලයේ පැත්ත ගන්න බැහැ . ඒ වගේම ජාත්‍යන්තර නිතිය තම්බෙකට මායිම් නොකරන් තගෙක් වගේ හැසිරෙන ජනාධිපති ට්‍රම්ප් ගේ පැත්ත ගන්නත් බැහැ . නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තමයි අපේ ලොකුම අපනයන ගැනුම්කරු. ඩොලර් 3.16 බිලියනායක වටිනාකම . ඉරානය ගන්නේ මිලියන් 67යි. කාට හරි කියන්න පුළුවන් මුදලට යට වෙනවා කියල. එහෙම කියල ඉරානයේ පැත්ත අරගෙන මාස දෙක තුනකින් ආණ්ඩුව වට්ටගන්න තමා වෙන්නේ. එහෙම කර ගන්නේ නැතිව විජිත හේරත් අන්දරේ සීනි කෑවා වගේ වචනයක් කියන්නේ නැතිව එතන තප්පුලෑවත් මට නම් කමක් නැහැ. එහම නැතිව ඔතන දෙසන්න ගිහින් ඉල්ලන් කනවට වඩා.

      Delete
    2. හුඟක් අයට ඕන මේක අනන්න. උංට තේරෙන්නැත්තෙත් උංම කියන හුණ්ඩුව ඇතුලෙ තමා උනුත් ඉන්නෙ කියනෙක. අජිත් අයිය කියනව වගේ එතන බණ්ඩක්ක තියරිය නොදැම්ම නං අර ගෑණි රට හානව ඊට පස්සෙ. තනි වචනයක් විසිවුණා නං ඇති බෝම්බෙ ගහන්ඩ

      Delete
    3. @Ajith
      ඉස්සර මම ඔය පල්කිගෙ වැඩ සටහන බලනවා, ප්‍රතිවිරුද්ධ තර්ක දැන ගන්න. පස්සෙ මහ උද්දච්ච, පට්ට බයස් ඒව කියන්න ගත්තා. ඒ මදිවට නොදන්න සබ්ජෙක්ට් ගැන මේ අපි පවා දන්න බොරු දන්නව වගේ කියන්න ගත්තා. මට ඒකෙන්ම එපා වුනා. ඔය "ඔව්,නෑ" තනි වචන උත්තර ට්‍රික් එක උගුලක්. ඒකට අහු නොවෙච්ච එක හොඳයි.

      අර අජිත් කිව්ව වගේ ඉන්දියාවෙ රෙදි ගැලවුනා මේ වැඩෙන්. රැවුලයි, කැඳයි දෙකම බේරගෙන, කාවවත් තරහා නොකර ගෙන මෙහෙම ලිස්සන එකම තමයි හොඳම ඩිප්ලොමැටික් විසඳුම. ඒකට අවශ්‍ය, අමාරුවෙන් ඉංග්‍රීසී තටමන එක නං, ඒක වුනත් කමක් නෑ කියල අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා.

      Delete
    4. එතන ඒකි හෙන ගේමක් ගහන්න හැදුවේ ජයෂන්කර් එක්ක . ඉන්දියාවේ හෙන වලියක් එනවා ඉරාන නව එලියට දාපු එකට . ඒක ලංකාව උඩ දාන්න හැදුවේ . අපේ එවුන් බලන්නේ මොනවාද මන්දා

      Delete
  3. Facebook එකේ උඩට පහළට යනකොට දැකපු පොඩි Video කෑල්ලක් නිසා පොඩ්ඩක් ඒ අදාළ වීඩියෝවේ විනාඩි කිහිපයක් දීර්ඝ මුල් වීඩියෝව Youtube එකෙන් බැලුවා.

    මුලින් දැකපු Video එක දැක්කම හිනා ගියාට දීර්ඝ Video එක දැක්කම හිනා ගියෙ නැහැ. ඇඬුණා.

    වැඩසටහන මෙහෙයවන පල්කි ශර්මා අහනවා

    "ලෝකයේ ප්‍රධාන බලයන් ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේ මිලිටරි මෙහෙයුම් කිරීම තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය පවත්වාගන්නේ කොහොමද" වගේ ප්‍රශ්නයක්.

    ඒ ප්‍රශ්නය හරියටම තේරුණේ නැති වුණත් ප්‍රශ්නයේ මුල්ම හරියේ "ශ්‍රී ලංකාව ඇමරිකන් ප්‍රහාරය දකින්නේ කියලා තමයි පටන් ගන්නෙ. එතනදි පල්කි "ඇමරිකම් ඇටෑක්" කියන වචන දෙක පාවිච්චි කරනවා.

    එතකොට ඇමරිකාව කියලා රටක් මේ ලෝකයේ තියෙනවා කියන එක විතරක් දන්න මොන්ටිසෝරි පොඩි එකෙක්ට වුණත් හිතෙන්නෙ ඕන "ආහ් මේ අහන්නෙ ඇමරිකාවෙන් ගහපු මොකක් හරි එකක්" ගැන කියලා.

    හැබැයි අපේ විදේශ ඇමති කියන මිනිහට අඩුම ගාණේ ඒකවත් තේරෙන්නෙ නැහැ.
    මේ මිනිහා කලින් ලියාගෙන ගියපු කොළ කෑල්ලක තියෙන "නිල් ආර්ථිකයක් (Blue Economy)" ගැන හෑල්ලක් කියවනවා.

    ඒ අස්සෙ දිට්වා කුණාටුව ගැනත් කියනවා.

    අහන දේට නෙවෙයි මේ මෝඩයා උත්තර දෙන්නේ කියලා පෙනි පෙනී වුණත් පල්කි මේ මෝඩයගෙ මෝඩකම සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය වෙනකන් සම්පූර්ණ උත්තරය දෙන්න අරිනවා.

    අන්තිමට පල්කි මේ මෝඩයව තනිකරම විහිළුවක් කරනවා.
    මුළු සභාවම හිනා වෙනවා.

    හැබැයි මේ මෝඩයාට තේරෙන්නෙ නෑ මුළු සභාවම හිනාවෙන්නෙ මූට කියලා.

    මූත් මේ නෝංජල් හිනාව දාගෙන සභාවෙ උන් එක්ක හිනා වෙවී මූගෙ ගොන් කම දිගටම ප්‍රදර්ශනය කරනවා.

    අන්තිමට ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජයශංකර්ගෙන් පල්කි ප්‍රශ්නයක් අහනවා.
    ආචාර්ය ජයශංකර් ප්‍රශ්නයට උත්තර දෙන්න පටන් ගන්නේ මේ මෝඩයට දාර හින්ට් එකක් ගහලා.

    ඒකටත් මුළු සභාවම හිනාවෙනවා.

    වැඩසටහන ඉවර වෙලා ගෙදර ගිහිල්ලත් පල්කිලා, ජයශංකර්ලා හිනාවෙනවා ඇති මුං වගේ පට්ටපල් මෝඩයෝ රැළක්ද ලංකාවේ පාලකයෝ කියලා.

    වෙලාවක් තියෙනවනම් ආචාර්ය ජයශංකර් විදේශීය මාධ්‍යවේදීන් එක්ක එහෙම කරන සාකච්ඡාවක් දෙකක් බලන්න. තනිකරම පිස්සුවක්.

    එහෙම විදේශ ඇමති කෙනෙක් එක්ක එක වේදිකාවක වාඩි වෙලා ලෝර්ඩ් පකීර් වගේ කකුලක් උඩ කකුලක් එහෙම දාගෙන අහන ප්‍රශ්නයවත් නොතේරෙන අපේ විදේශ ඇමතියා හාන හෑම බලන්න වේදනාවක්.
    මේ හීනමානය නිසාම තමයි මුංට මේ රට හුංඩුවක් වගේ හිතෙන්නෙත්.

    එක මොහොතකට අපි ඉංග්‍රීසි බැරි එක කමක් නෑම කියමු.

    හැබැයි මුංට මට මේක කොරන්න බෑ කියන එකවත් නොතේරෙන එකනෙ යකෝ කරුමෙ.

    මුං වගේ නෝංජල් හාල් පාරු පට්ටපල් මෝඩයෝ ටිකක් ලෝකය ඉස්සරහා මේ රට විහිළුවක් කරන විදිය බලන් ඉන්න ලෝබයි ඇත්තටම.

    පුළුවන් නම් කවුරු හරි පින්වතෙක් විනාඩි 6ක් 7ක් තියෙන අදාළ Video එකට Subtitles දාලා Publish කරන්න.

    පල්කි අහන ප්‍රශ්නය සහ මේ යකා ඒකට දෙන උත්තරය අතර වෙනස දැක්කම ඔබටත් මට මේ එන කේන්තියම එයි..!!!

    Copied From @Pramith Gamearachchi

    ReplyDelete
    Replies
    1. මුල්ම තැන සභාව හිනා වුනේ පලකි කියපු එකට වෙන උත්තරයක් නොදුන් නිසා . මේකේ සහ බුකියේ වැළලෙන අය තමා මෝඩයෝ කියල මට පෙන්නේ . පලකි හදුවේම විජිත අල්ල ගන්න , අමෙරිකාවට බයයි නේද ? යටත් නේද වගේ කතාවක් කියල . විජිත evesive පිළිතුරු දෙනවට තමා උන් හිනාවෙන්නේ .

      Delete
  4. විජිත හේරත්ගේ ඉන්සිඩන්ට් එකේදි බොහෝ දෙනෙක් කියනවා දැක්කා "ඇයි භාෂා පරිවර්තකයෙක් ගන්න තිබ්බනේ" කියලා. කවුරුහරි දැකලා තියනවද ඔලිම්පික් ස්විමර් කෙනෙක් ලයිෆ් ජැකට් දාගෙන පීනනවා?

    ඩ්රයිවිං ජොබ් එකක් දෙත්දි ඩ්රයිවිං ලයිසන්ස් අනිවාර්යයි. ඒ වගේ තමයි සමහර ජොබ්ස් තියනවා ඉංග්රීසි භාෂා නිපුණතාවය අනිවාර්යයි. අපේ කලාපයේ අපි වගේ රටක , විශේෂයෙන් දෙවන භාෂාව ඉංග්රීසි කියලා කියැවෙන රටක විදේශ ඇමති වරයාගේ මූලික සුදුසු කමක් තමයි ඉංග්රීසි භාෂා නිපුණත්වය. ඒක බැරි නම් ඒ රස්සාව එහෙම බැරි එකෙක්ට දෙන්න එපා. සරලයි.

    සංචාරක කර්මාන්තය සහ ඊට අදාලව ලංකාවට යන එන සංචාරකයන් ව්ලොග්ස් කරනවා. එතනදි සුද්දෝ බොහෝ දෙනෙක් ලංකාවේ අගය කරන කාරණාවක් තමයි අපේ මිනිස්සුන්ගේ ඉංග්ලිශ් ලිටරසි එක. හිච් හයිකර්ස්ලා පාරෙ යන ලොරියකට අතදාලා ඒකට නැග්ගම ලොරි ඩ්රයිවර්ට පුළුවන් ඒ මනුස්සයා එක්ක කඩ්ඩෙන් කොටලා ජාමේ බේරගන්න. පාර අයිනේ තැඹිලි විකුණන මනුස්සයා සුද්දො එක්ක ඉංග්රීසියෙන් කතා කරනවා. ඒ බොහෝ මිනිස්සු තමන්ගෙ ජොබ් එකට අදාල වෙන ප්රමාණයට භාෂා දැනුමෙන් පොහොසත්. මේ යකා "ඉන්ටසනල්, රීටරේට්" කිය කිය ඇඹරි ඇඹරි තටම තටමා කෙලින්නේ අපේ මිනිසුන්ගෙ අභිමානයට.

    ඩිප්ලොමසි වලදි කතාවෙන් සුහදතාවය වර්ධනය කරගන්න ඕන, අවශ්ය තැන් වලදි කටින් ගහලා දිනන්න ඕන, සමහර තැන් වලදි ජෝක් එකක් කරලා ශේප් වෙන්න ඕන. ඒවා කරන්න අදාල රාජ්යතාන්ත්රිකයා මුඛරි වෙන්න ඕන. ගමේ ගොඩේ ස්ටේජ් එකක් ගහගෙන වටේ එවුන් ටිකකට පච කෙලින මුඛරි කම නෙවෙයි රාජ්යතාන්ත්රිකව කටයුතු කරත්දි උවමනා වෙන්නෙ. ඒකට ඉංග්රීසි භාෂා ප්රාචීණත්වය ඕන.

    ඒ.සී.එස්. හමීඩ් ලා , ටිරෝන් ෆනෑන්ඩො ලා, ලක්ෂ්මන් කදිරගාමර්ලා , ජී. එල්. පීරිස්ලා, මංගල සමරවීරලා, අලි සබ්රි ලා රාජකාරිය හරියට කරපු මිනිස්සු. දේශපාලනය වෙනයි, රටට කරපු සේවාවල් වෙනස්ස් ඇති, කරපු වැරදිත් ඇති. නමුත් රට වෙනුවෙන් පෙනී හිඳලා රට නියෝජනය කරලා මේ මට්ටමට ඕඩියන්ස් එකේ විහිළුකාරයො වෙලා,
    ඉන්ටවීවර්ස්ලට පච වෙලා නෑ. නිවේදිකාවක් ඉස්සරහා ඔච්චර ඇඹරෙනවා නම් බලවත් රටක ලොක්කො ඉස්සරහා කොහොමට ඇතිද? උන් කියන දේවල් , දාන කොන්දේසි වලට යේස් යේස් ගගා මොන මොනවට එකඟ වෙනවද දන්නෙ නෑ මේ මිනිස්සු.

    ඔය රස්සාව කරන්න සුදුසුකම් තියන මිනිස්සු මේ ආණ්ඩුවෙත් ඕන තරම් ඇති. එහෙම සුදුසු මනුස්සයෙකුට ඕක දීලා දාන්ඩ.
    විහින් විහිළු සපයලා රටේ සහ රටේ මිනිස්සුන්ගෙ අභිමානය බාල්දු නොකර. කෝට් එකක් ඇදලා කකුලක් පිට කකුලක් දාගෙන "ලෝඩ් ඔෆ් ද රීලෝඩ්" වගේ ඉඳගෙන ගොත ගගහා විරිත්ත විරිත්තා ඇඹරෙත්දි ලාංකිකයො වශයෙන් බලාගෙන ඉන්න ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. අර අගමැති කම් දෙයි කියල බයට කදිරගාමර් ව මැරෙව්වෙත් ඔය රටේ නේද

      Delete
    2. 'අර අගමැති කම් දෙයි කියල බයට කදිරගාමර් ව මැරෙව්වෙත් ඔය රටේ නේද'

      ජේවීපීය තමයි වැඩියෙන්ම විරුද්ද උනේ එතුමන්ට අගමැතිකම දෙනවට

      Delete
    3. සම්පුර්ණයෙන් ම වැරදියි . ජෙප්පෝ තම කදිරගාමර් ව යෝජනා කලේ අගමැති කමට ඉස්සෙල්ලම . ඊට පස්සේ මහින්ද එන්ටර් වෙලා ගිවිසුමක් ගැහුවා ජෙප්පෝ එක්ක . මහින්දට රැවටුනා . https://www.sundaytimes.lk/060827/news/nwsp3.0.html

      Delete
    4. Jagath Pathirana9 March 2026 at 03:50

      නලීන් ද සිල්වා පෙන්වා දී ඇති පරිදි කදිරගාමර් වගේ අයට හැඳින්විය යුත්තේ බර්ගර් දෙමළු විදියට.
      කදිරගාමර් හැර අනෙක් හැම බර්ගර් දෙමලාම පාගේ සිංහල ජාතියේ සතුරන් බව මතක තබාගත යුතුයි.
      එයා චන්දේ ඉල්ලුවා නම් මම චන්දේ දෙන්නේ නෑ. මට එයාගේ සිංහල ගතිය මදි.

      Delete
  5. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩකළ ප්‍රබලයෝ:

    මුල්ම විදේශ ඇමතිගේ සිට අද දක්වා! 🌍🤝

    * 1947 සිට 1977 දක්වා අපේ රටේ වෙනම "විදේශ කටයුතු අමාත්‍යවරයෙක්" හිටියේ නෑ. ඒ කාලේ අගමැතිවරයාම තමයි "විදේශ කටයුතු සහ ආරක්ෂක ඇමති" විදියට වැඩ කළේ.

    D.S. සේනානායක මහතාගේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දක්වා අගමැතිවරුන් තමයි අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට අරන් ගියේ. (විශේෂයෙන් S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි දැනුමත්, සිරිමාවෝ මැතිණිය නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවට ගෙන ඒමත් ලෝකයම කතා කරපු මාතෘකා වුණා).

    නමුත්, 1977 දී වෙනමම විදේශ කටයුතු අමාත්‍යාංශයක් (Ministry of Foreign Affairs) නිර්මාණය වෙනවා. එදා ඉඳන් අද දක්වා අපේ රටේ විදේශ කටයුතු භාරගත්ත දැවැන්තයින්ගේ සුදුසුකම් සහ ජාත්‍යන්තරය එක්ක ඔවුන් ගහපු "ගේම්" ගැනයි මේ සටහන! 👇

    1. A. C. S. හමීඩ් (1977 - 1989 සහ 1993 - 1994)
    * අධ්‍යාපනය: මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා.
    * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: ඉතා නිහඬ නමුත් මොළයෙන් වැඩ කරපු චරිතයක්. ඉංග්‍රීසි භාෂාව වගේම අරාබි භාෂාවත් හොඳින් හැසිරවීමට තිබූ හැකියාව නිසා මැදපෙරදිග රටවල් එක්ක ඉතා කිට්ටු සම්බන්ධයක් හැදුවා.
    * ලැබුණු වාසි: ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ කටයුතු ඇමතිවරයා! විවෘත ආර්ථිකයත් එක්ක ලෝකය පුරා අපේ තානාපති කාර්යාල ජාලය පුළුල් කරලා, මැදපෙරදිග රැකියා වෙළඳපොළ ලාංකිකයින්ට විවෘත කරන්න මූලික වුණා.

    2. රන්ජන් විජේරත්න (1989 - 1991)
    * අධ්‍යාපනය: වෘත්තියෙන් සාර්ථක වතු අධිකාරීවරයෙක් (Planter).
    * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: භාෂා පෙරළි වලට වඩා කෙලින් තීරණ ගන්නා, බියක් නැතිව ඉංග්‍රීසි මාධ්‍යයෙන් තර්ක කරන දැඩි නායකයෙක් වුණා.
    * ලැබුණු වාසි: ජවිපෙ කලබල සහ LTTE යුද්ධය තිබුණු අතිශය දුෂ්කර කාලයේදී, විදේශීය රටවල අනවශ්‍ය මැදිහත්වීම් පාලනය කරමින් රජයේ ස්ථාවරය ලෝකයට පැහැදිලි කළා.

    3. හැරල්ඩ් හේරත් (1991 - 1993)
    * අධ්‍යාපනය: වෘත්තියෙන් නීතිඥවරයෙක්.
    * ලැබුණු වාසි: ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ අසීරු අවස්ථාවලදී රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමබරව පවත්වාගෙන යාමට සහය දුන්නා.

    4. ලක්ෂ්මන් කදිරගාමර් (1994 - 2001 සහ 2004 - 2005)
    * අධ්‍යාපනය: LLB (ලංකා විශ්වවිද්‍යාලය), BLitt (Oxford University). ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස පත් වූ දුර්ලභ ගණයේ ලාංකිකයෙක්.
    * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: ශ්‍රී ලංකාව දුටු විශිෂ්ඨතම විදේශ ඇමතිවරයා! ඔහුගේ සුපිරි බ්‍රිතාන්‍ය (Oxford) ඉංග්‍රීසි උච්චාරණයට සහ තර්ක ගොඩනැගීමට බටහිර නායකයෝ පවා වශී වුණා.
    * ලැබුණු වාසි: LTTE සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරවන්න (විශේෂයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය) අවශ්‍ය බුද්ධිමය වටපිටාව තනිවම හැදුවේ මෙතුමා. ඒ වගේම, බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන 'වෙසක් දිනය' එක්සත් ජාතීන්ගේ නිල දිනයක් බවට පත්කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නේ මෙතුමාටයි.

    5. ටිරෝන් ප්‍රනාන්දු (2001 - 2004)

    * අධ්‍යාපනය: MA (Oxford University), බ්‍රිතාන්‍යයේ Barrister නීතිඥවරයෙක්.
    * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය නිසාම ජාත්‍යන්තර දේශපාලනය සහ ඉංග්‍රීසි භාෂාව ගැන ගැඹුරු අවබෝධයක් තිබුණා.
    * ලැබුණු වාසි: සාම ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ කාලයේදී ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ සමුළුව (Tokyo Donor Conference) හරහා ලංකාවට ඩොලර් බිලියන ගණනක ආධාර ගෙන ඒමට විශාල වැඩකොටසක් කළා.

    6. අනුර බණ්ඩාරනායක (2005 - මාස කිහිපයක්)

    * අධ්‍යාපනය: BA in History & Political Science (University of London).
    * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: උපතින්ම දේශපාලන පසුබිමක් තිබූ නිසා විශිෂ්ඨ ඉංග්‍රීසි කථිකයෙක් වගේම ලෝක නායකයන් එක්ක පෞද්ගලික මිත්‍රත්වයන් පවත්වාගෙන ගියා. කෙටි කාලයක් හිටියත් ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කළා.

    ReplyDelete
    Replies
    1. 7. මංගල සමරවීර (2005 - 2007 සහ 2015 - 2017)

      * අධ්‍යාපනය: BA in Clothing Design (St. Martin's School of Art, London).
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: ඉතා ආකර්ෂණීය සහ මිත්‍රශීලී (Charismatic) චරිතයක්. බටහිර රටවල් එක්ක ඉතා හොඳින් ගනුදෙනු කිරීමේ භාෂා හැකියාව සහ Public Relations (PR) හැකියාව උපරිමයෙන් තිබුණා.
      * ලැබුණු වාසි: 2015න් පස්සේ ලංකාවට එල්ල වී තිබුණ යුධ චෝදනා සමනය කරන්නත්, අහිමි වී තිබුණු යුරෝපා සංගමයේ 'GSP+' බදු සහනය නැවත ලබාගෙන අපේ අපනයනකරුවන්ව ගොඩදාන්නත් විශාලම සටනක් කළා.

      8. රෝහිත බෝගොල්ලාගම (2007 - 2010)

      * අධ්‍යාපනය: නීතිඥ (Sri Lanka Law College).
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: නීතිමය පසුබිම මත පිහිටා, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ලංකාව වෙනුවෙන් කතා කිරීමට නොපැකිළිව ඉදිරිපත් වුණා.
      * ලැබුණු වාසි: අවසන් යුද්ධය කාලයේදී (2009) බටහිර රටවල් වලින් ආව දැවැන්ත බලපෑම මැඩපවත්වාගෙන, චීනය සහ රුසියාව වැනි රටවල් එක්ක සබඳතා තර කරමින් යුද්ධය දිනන්න හමුදාවට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය හැදුවා.

      9. මහාචාර්ය G. L. පීරිස් (2010 - 2015 සහ 2021 - 2022)
      * අධ්‍යාපනය: LLB (ලංකා විශ්වවිද්‍යාලය), DPhil (Oxford), PhD (Colombo). ලෝකයේම පිළිගත් මහාචාර්යවරයෙක්.
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: ඉතා සංකීර්ණ සහ බර වචන (high-vocabulary) පාවිච්චි කරලා ඉංග්‍රීසි කතා කරන ඇමතිවරයෙක් විදියටයි මෙතුමා ප්‍රසිද්ධ.
      * ලැබුණු වාසි: පශ්චාත්-යුධ සමයේදී මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) ශ්‍රී ලංකාවට එරෙහිව ආව චෝදනා වලදී රට වෙනුවෙන් ශක්තිමත් නීතිමය තර්ක ගොඩනැගුවා.

      10. රවී කරුණානායක, වසන්ත සේනානායක සහ සරත් අමුණුගම (2017 - 2018)
      (දේශපාලන අර්බුද සහ කැබිනට් මාරු වීම් නිසා මොවුන් ඉතා කෙටි කාලයක් පමණක් සේවය කළා. විශේෂයෙන් සරත් අමුණුගම මහතා ප්‍රංශ භාෂාව පවා මනාව හැසිරවිය හැකි ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් [PhD] ගත් විශිෂ්ඨ උගතෙක්).

      11. තිලක් මාරපන (2017 - 2019)
      * අධ්‍යාපනය: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී, ජනාධිපති නීතිඥ (PC).
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: නීති ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් නිසා ජාත්‍යන්තර නීතිය ගැන පැහැදිලි තර්කානුකූල ඉංග්‍රීසි භාෂාවෙන් කරුණු දැක්වීමට දක්ෂ වුණා. ලංකාවට එරෙහි යෝජනා වලට මුහුණ දුන්නා.

      12. දිනේෂ් ගුණවර්ධන (2019 - 2021)
      * අධ්‍යාපනය: ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (නෙදර්ලන්තය සහ ඇමරිකාව).
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: බටහිරට වඩා ආසියානු කලාපය එක්ක වැඩ කිරීමේදී විශේෂ දක්ෂතා පෙන්නුවා.
      * ලැබුණු වාසි: කොවිඩ් අර්බුදය සමයේදී චීනය, ඉන්දියාව වැනි රටවලින් එන්නත් සහ සෞඛ්‍ය ආධාර කඩිනමින් ගෙන්වා ගැනීමට මූලික වී කටයුතු කළා.

      13. අලි සබ්රි (2022 - 2024)
      * අධ්‍යාපනය: ජනාධිපති නීතිඥ (Sri Lanka Law College).
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: නූතන ලෝකයට ගැලපෙන, තියුණු සහ ආකර්ෂණීය ඉංග්‍රීසි කථිකයෙක්. BBC, Al Jazeera වැනි ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහා කිසිම බියක් නැතුව ලෝක නායකයින්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුදුම දක්ෂතාවයක් පෙන්නුවා.
      * ලැබුණු වාසි: 2022 ආර්ථික අර්බුදය වෙලාවේ IMF සාකච්ඡා සහ රටවල් ප්‍රතිව්‍යුහගත කිරීමේ (Debt Restructuring) සාකච්ඡා වලදී රටවල් ගණනාවකට ගිහින් ලංකාව ආර්ථික අගාධයෙන් ගොඩගන්න අතිවිශාල රාජ්‍යතාන්ත්‍රික ගේමක් ගැහුවා.
      14. විජිත හේරත් (2024 සිට වර්තමානය දක්වා)

      * අධ්‍යාපනය: ස්වාභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය - BSc (කැලණිය විශ්වවිද්‍යාලය).
      * ඉංග්‍රීසි සහ රාජ්‍යතාන්ත්‍රික බව: ජාත්‍යන්තර වේදිකාවේ සරල, පැහැදිලි සහ මිත්‍රශීලී සන්නිවේදනයක් පවත්වාගෙන යනවා.
      * ලැබුණු වාසි: නව රජයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ (Non-aligned and mutually beneficial) කිසිම ලෝක බලවතෙකුට යටත් නොවී ආසියානු සහ බටහිර රටවල් සමඟ සමබරව හා සුහදව කටයුතු කරමින් අපේ රටේ ප්‍රතිරූපය ගොඩනගමින් සිටිනවා.

      අවසාන ටිකට සිනාසීමෙන් වලකින ලෙස ආදරයෙන් ඉල්ලාසිටිමි😏
      ]
      මේ අයගෙන් වඩාත්ම දක්ෂයි කියලා හිතෙන Foreign Minister කවුද?
      මටනම් මෙතනින් වැඩ්ඩ අලි සබ්රි. මොකද අමාරුම වෙලාවෙ වටේම දුවල හැමෝම එක්කම කතාකරල ගේම ගහල ගොඩ දාන්න මාරම වැඩක් කරා පොර.(මගේ මතය) ලක්ෂ්මන් කදිරගාමර්ගෙ වැඩත් සුපිරි, දක්ශ නායකයෙක් ලංකාවෙ හිටපු ඉන්ටර්නැෂනල් සන්නාමයක් ඔහු.
      මම කියවල දැකල තීන ඒව එක්ක. ඔහු වැඩකරනව මගෙ හරි පොඩි මතක ටිකක් තීන්නේ

      Delete
    2. අලි සබ්රි මාරයි නේද මෙයා - තමන්ගේ ජාතිය අපයෝජනයට ලක් කරවන්න තව ජාතියක් මරවන්න දාපු ගේම් එකට හිනා වෙලා ශේප් වෙච්ච තව අය දන්නවද , සලේ වමාරයිද මෙයා

      Delete
  6. ඉන්දියන් සාගරයේ අනාගතය (The Future of the Indian Ocean) මැයෙන් පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය අදහස් දැක්වූ අවස්ථාවේ මම ද රයිසිනා සංවාද (Raisina Dialogue) ශාලාවේ රැඳී සිටියෙමි.

    බොහෝ විට අමාත්‍යවරු විදේශ සබඳතා හෝ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥවරු නොවෙති. ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන්ට දොස් පැවරිය නොහැකිය. එහෙත්, මතු විය හැකි සියලුම ගැටලු සහ තත්ත්වයන් සම්බන්ධයෙන් රටේ නියෝජිතයන් නිසි ලෙස දැනුවත් කර සූදානම් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම අපගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ද වගකීමකි.

    විශේෂයෙන්ම පල්කි ෂර්මා (Palki Sharma) විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබූ පසුබිමක් තුළ, ඉරාන යාත්‍රා දෙක පිළිබඳ ගැටලුව එහිදී මතු වන බව සම්පූර්ණයෙන්ම අපේක්ෂා කළ හැකිව තිබූ බව මාගේ විශ්වාසයයි.

    ඊට මැනවින් ගළපන ලද ප්‍රතිචාරයක් ඉතා පහසුවෙන් ලබා දීමට අවස්ථාව තිබුණි. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව මෙම සියලුම ජාතීන් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වන බවත්, අපගේ තීරණ සැමවිටම නීතිය, ප්‍රතිපත්ති මෙන්ම රටේ උපරිම යහපත මත පදනම් වන බවත් අමාත්‍යවරයාට ඉතා සරලව ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණි.

    ලොව පුරා සිට පැමිණි බලපෑම් කළ හැකි නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විශ්ලේෂකයන් 600කට අධික පිරිසකින් සමන්විත ශාලාවක් තුළ රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට එවැනි ප්‍රතිචාරයක් මනා පිටිවහලක් වනු ඇත.

    මෙම අවස්ථාවෙන් නිසි පාඩම් උගෙන ඇති බව මම අවංකවම අපේක්ෂා කරමි. තවද, විශේෂයෙන්ම මෙවැනි වැදගත් ගෝලීය වේදිකාවලදී අදහස් දක්වන විට අනාගතයේදී අපගේ නියෝජිතයන් වඩාත් හොඳින් සූදානම් කර ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    - රජීව් අමරසූරිය, සභාපති - ශ්‍රී ලංකා නීතීඥ සංගමය

    ReplyDelete
  7. ලෝක යුද්ධ අවදානමක් මැද ඔබේ අනාගතය හැසිරවීමට ඔබ භාර දී ඇත්තේ අම්බ ලොසෙකුටය

    විජිත හේරත් 2000 වසරේ සිට අවුරුදු 26ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සිටී. සියවස් කාලකට වැඩිය. රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය සඳහා අවශ්‍ය නිරාවරණය ඇති තරම් ලබාගන්නට එම කාලය ප්‍රමාණවත්ය. එමෙන්ම, මෙම කාලය තුළ කී වරක් නම්, මන්ත්‍රීවරුන්ගේ කුසලතා නංවන වැඩසටහන් මහජන මුදලින් ක්‍රියාත්මක කළාද? පාර්ලිමේන්තුව තුළ අගනා පුස්තකාලයක් ඇති බව කියැවේ. ජවිපෙ මන්ත්‍රීවරුන් එය පරිහරණය කළේ නැද්ද?

    හුණ්ඩුවක් වැනි පුංචි යයි කියන ශ්‍රී ලංකාව මේ පුද්ගලයන්ට නිදහස් අධ්‍යාපනය ලබාදුන්නේය. සීමිත පිරිසකට ලැබෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලබාදුන්නේය. 1989 කැරැල්ලෙන් පසුව පුනරුත්ථාපනය වී යළි සමාජගත වන්නට පමණක් නොව, විවෘත දේශපාලනයට පිවිසෙන්නට ද අවස්ථාව ලබාදුන්නේය.

    මෙතරම් අවස්ථා ලබා දී තිබියදීත්, රාජ්‍ය තාන්ත්‍රිකභාවයට පුරුදු පුහුණු නොවූ විජිත හේරත් වැනි අය දිගටම දේශපාලනය කළේ කුමක් සඳහාද? තමන්ට බැරි විදේශ ඇමතිකමක් ඔහු භාරගත්තේ ඇයි?

    ඔහුගේ භාෂාව පමණක් නොව, ශරීර භාෂාව ද රටට අවමානයකි. කකුලක් පිට කකුලක් දැමීම ප්‍රතිරෝධයේ ලක්ෂණයකි. එසේ දමාගෙන පතුල හොලවනවා නම්, එයින් කියවෙන්නේ මානසික අස්ථාවර බවකි.

    රටක විදේශ ඇමතිකම, අධ්‍යාපන ඇමතිකම, අගමැතිකම, ජනාධිපතිකම වැනි වගකීම් හැමෝටම දරන්නට බැරිය. ඒ සඳහා පූර්ව පුහුණුවක් තිබිය යුතුය. සූදානමක් තිබිය යුතුය. තනතුරට ආධුනික වුවත්, වහ වහා එහි වගකීම් ඉගෙන ගැනීමට හැකි විය යුතුය. ඇමතිවරයකු, ජනාධිපතිවරයකු වැනි අයට ඒ සඳහා සම්පත් භාවිතා කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබේ.

    එහෙම වෙලාත් හැඩගැහෙන්නට බැරි එවුන්ට කියන්නට තියෙන වචනය නිකම්ම නිකම් ලොසා නොව අම්බ ලොසා කියාය.

    ඉතා සංකීර්ණ ජාත්‍යන්තර දේශපාලන වාතාවරණයක් තුළ ඔබේ රටේ අනාගතය හැසිරවීමට ඔබ භාර දී ඇත්තේ අම්බ ලොසෙකුටය.

    ReplyDelete
    Replies
    1. හෙට ආනිද්දට බලා ගන්න පුළුවන් ලොසෙක් ද කියල . ඉන්දියාව එලි දරව වෙච්හි එකට උන්ට කාලා ඉන්න බහ . මුස්ලිම් විරෝධය දාලා අල්ලපු රෙටේ විනාශ අක්රලා බෙල්ල බෙර ගත්ත එවුන් . ජේ ආර් කාලේ ලංකාව දියුණු වෙනවට ඉරිසියාවේ ටයිගර්ස් ලා පුහුණු කල වුන් . දැන් ලංකාව අයත් 2020 මට්ටමට සංචිතය ඩොලර් බිලියන් 7 ට ගෙනත් තියෙන්නේ . ආයෙත් අංචියක් අදින්න කාලේ හරිනේ .

      Delete
  8. විජිතගේ ඉන්ටර්වීව් එකේ තව දුරටත් බලන් ඉන්න බැරි තරම් ලැජ්ජ හිතුණේ, පල්කි ෂර්මා ප්‍රශ්නයක් අහලා 'ඔව්' හෝ 'නැහැ' වචනයෙන් උත්තර දෙන්න කියද්දී.

    සාමාන්‍යයෙන් පල්කී ෂර්මා කියන්නේ දිග සංවාද කරන මනුස්සයෙක්.

    ඒ මනුස්සයා පවා විජිතගේ අපහසුතාවය තේරුම් අරන් ඒ විදියට ප්‍රශ්න ඇහුවා.

    මිනිස්සු හිනාවෙන්න පටන් ගත්තේ එතැනදී.

    විජිතට මිනිස්සු හිනාවෙන්නේ ඇයි කියලා හෝ අදහසක් නැහැ. ඒ බව තේරෙන්න උවමනා සරල කියවීමවත් විජිතට නැහැ.

    ඔය සමහර ඉන්ටර්වීව් වල ඔබාමා, ජේශංකර් වගේ ඩයල් වල සියුම් උපහාසය නිසා ඕඩියන්ස් එක හිනාවෙනවා.

    ඒ හිනාවෙන්නේ කථිකයා මතු කරන උපහාසයට. විජිත අවංකවම හිතුවෙත් මේ මිනිස්සු හිනා වෙන්නේ ඒ වගේ දෙයකට කියලා.

    මෙතන හිනාවුනේ කථිකයාට.

    විජිතත් ඕඩියන්ස් එකත් එක්කම හිනාවෙන්න ගත්තා.

    මේ නිකන්ම නිකන් මන්ත්‍රීවරයෙක් නෙවෙයි.

    ජාත්‍යන්තරය ඉදිරියේ රට නියෝජනය කරන්න පත් කරපු විදේශ අමාත්‍යවරයා.

    මම පිළිගන්නවා.

    ඉස්සර වගේ නෙවෙයි, දැන් විජිතගේ ඇඳුම් පිළිවෙලයි.

    එහෙම වෙන්න ඕනනේ. දැන් විජිතලාගේ ඇඳුම් මහන්නෙත් මැලේෂියාවේ 'බර්ලිංග්ටන් ටේලර්'.

    ඉස්සර බර්ලිංග්ටන් ටේලර් ලංකාවට ආවම නැවතුණේ එක්කො කිංග්ස්බරි නැත්නම් හිල්ටන්.

    එයා ඉස්සර ඇඳුම් මැහුවේ ධම්මික පෙරේරාට සහ ව්‍යාපාරික කට්ටියට.

    දැන් විජිත ලා හඳුන් ලාත් ඇඳුම් මහගන්නේ බර්ලිංග්ටන් ටේලර්ගෙන්.

    බර්ලිංග්ටන් ටේලර් ලංකාවට ආවම ඇමති අයියලා පෝළිමේ කිංග්ස්බරි/ හිල්ටන් යනවා ෆිටිංග්ස් වලට.

    එක ඇඳුමක් කොහොමත් ටූ මිලියන් පනිනවා.

    අවුලක් නෑ. බිල ගෙවන්නෙත් බර්ලිංග්ටන් ටේලර් ලංකාවට ගෙනල්ලා හොස්ට් කරන ධම්මික ලා නිසා.

    දැන් විජිත මැචින් කලර්ස් ඇඳලා, මැචින් කලර් එකෙන් වොච් එක දාලා, වොච් එක පේන්න ෂර්ට් එකෙන් උඩට අරන් 'වෝනා බී ක්ලාසි' වෙන්න ට්‍රයි කරනවා.

    ප්‍රමාණවත් නෑ විජිත.

    බර්ලිංග්ටන් ටේලර්ගෙන් ඇඳුම් මහනවා වගේම අඩුම තරමේ සක්විති රණසිංහගේ ඉංග්‍රීසි පන්තියට යන්න.

    රටේ විදේශ ඇමතිට සභාවක 'ඉන්ටර්නැෂනල්' වචනය හරියට කියාගන්න බෑ කියන්නේ මොන ඇඳුම ඇන්දත්, නිරුවතින් ඉන්නවා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඌ කලේ ලංකාව බේරන එක . නැතිව කෝල් එක ආවහම 'ලොකු අය්යා ' රටෙන් තාත්තේ පල්ලි යන්න එපා , අන්කල් අද පල්ලියෙන් ඈත වෙලා ඉන්න කියල කියපු එවුන් වගේ අසමජ්ජතියෝ නෙමේ

      Delete
  9. ඇත්තටම මේ පෝස්ට් එකට වැඩිය ඇනෝ කමෙන්ට් මරු කියන එක කියන්න වෙනව 🤭🤭🤭
    ඒ තරං ආතල් එකක් දෙනව.
    විජිත මොනා කරල හරි කරන්නෙ ලංකාව බේරන එක නං මං කියන්නෙ එච්චරයි.
    ඉන්දියන් ලොන්තයො ගේමක් ගැහුව. උංට ඕන වුණේ ඒක ලංකාවෙ පිටින් යවන්න. කෙල වුණාම උංගෙන් උදව් ගන්න වෙනවනේ. උං අපිට කෙලින්නමයි හදන්නෙ.
    හැටි නේ. එදා ඉදලම අපිටම කෙලින්න හදන්නෙ 🤭🤭🤭

    ReplyDelete
    Replies
    1. මරු මරු එහෙම තමා වෙන්න ඕනේ

      Delete
    2. @ Mahesh
      මගේ අදහසත් ඕකම තමයි. අපේ ඊගෝ එක අප් කරගන්න ලොකු ටෝක් දීලා ඉන්දියාව එක්කවත් ගේමක් ඉල්ලන්න පුළුවන් තැනක් අපි නෑ. මෙහෙම හීන් නූලෙන් කනේ පාරක් ගහනව ඇරෙන්න.

      Delete
    3. අන්න හරි . මේ බොරු ගේම් ඉල්ලන් යන්නේ මොකටද තායිවානය ගානටවත් ආයුධ නැති කොට

      Delete
  10. හිනාවෙන්නෙ විජිත⁣ගෙ ඉංග්‍රීසි බැරිකමට නෙමෙයි, ඒත් විජිතල හදපු දේශපාලන සංස්කෘතියට. ඔවුන් රටට කිව්වෙ අපි තරම් උගත්තු නැ. අපේ ඉන්න සියලු දෙනා උපාධි තියෙන අය. ඒ දවස්වල මට මතකයි අනුර එහෙම කියනකොට අනිත් පැත්තෙ අය ලාල් කාන්ත ව පෙන්නල දුන්න. ඒ කොහොම වුනත් ජවිපෙ හදපු අධිපති මතවාදය තමා අපි උගත්තු. අනිත් පක්ෂවල ඉන්නෙ නූගතුන්. වැඩකට නැති මිනිස්සු. උන්⁣ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න එපා කියල. එක අතකින් මෙතන ජවිපෙ විසින් ජවිපෙ ම කව්ට්‍රැඩික් කළා. ඒ ඔවුන් තමන් නිර්ප්‍රභූ කියමින් ම ප්‍රභූ උගත්කම උත්කර්ෂයට නැංවීම.

    අපි හැමදාම කිව්වෙ දේශපාලනය කියන්නෙ උගතුන්ගේ රස්සාවක් නෙමෙයි කියන එක. උගත් දේශපාලකයින් ඉන්න පුළුවන්. හැබැයි දේශපාලකයින් කියන්නෙ "උගතුන්" විතරක් නෙමෙයි. ඒක තියෙන්නෙ වෙනත් තැනක. මේ හදපු මතය කොච්චර ප්‍රබල වුනාද කියනව නම් පොහොට්ටුව ගෙනාපු වියත්මගත් ඒකෙම දිගුවක්. ඒ තරමට මේක ජනප්‍රිය වුනා. ගෝඨාභය ආණ්ඩුව අසාර්ථක වෙන්න වියත් මග ලොකු හේතුවක් වුනා.

    මම හිතන්නෙ විජිතලට, හඳුන්නෙත්තිලට, අනුරලට අද වෙලා තියෙන්නෙ ඔවුන් හදපු මේ මතයට කේටර් කරන්න. ඔවුන්ගේ අනුගාමිකයන් ඉල්ලනව ඒක. හැබැයි එහෙම කරන්න කරන්න තවත් මඩේ එරෙනවා .මොකද මේ අනුගාමිකයන් ම තමා එදා බැසිල් රාජපක්ෂ ඉංග්‍රීසි වාක්‍යක කපුටාස් කියන සිංහල වචනයක් දැම්ම කියල හිනා වුනේ. එහෙම කියල විකල්ප ලෙස උත්ස⁣ගෙන ආපු විජිතලට අද ලංකාවේ නෙමෙයි, අන්තර්ජාතික ෆෝරම්වල දීත් හිනාවට ලක්වෙනකොට ඒක කාලා ඉන්න බැ.

    ReplyDelete
    Replies
    1. අපි ජෙප්පෙන්ට උදව් කරන්නේ ඕව දැනගෙන බන්. අපට කියල දෙන්න ඕනේ නැහැ . . සමහර අනුගාමිකයෝ අපි එක්කත් වලි ඇද ගන්නවා . මේ අනුදුව ඇදන් යන විධිහ් හරි . විදේශ සංචිත විඅත් තියෙන්නේ . එකපාර වැටෙන්නේ නැහැ , ඊළඟට සජිය ආවත් ගොඩ යන්න් පුළුවන් විධිහට මුන් ගේනවා . උබල දඟලන්නේ නැතිව ඉඳින් .

      Delete
  11. ලංඩන් ගිහිල්ලා දෙමල ඩයස්පෝරාව ඉස්සරහා

    "ශ්‍රී ලංකා පොලිස් , සිංහල පීපල් කම්, ඕකේ යූ ගෝ ගෝ,

    මුස්ලිම් ටැමිල් පීපල් කම්, යූ ගිව් මනි"

    කියලා කියෝපු ඩයල් එකක් විදේශ ඇමති වුනාම ඔයාලා වෙන දෙයක් බලාපොරොත්තු වුණාද ?

    ReplyDelete
    Replies
    1. දෙමල ඩයස්පෝරා එකට තේරෙන්නේ කතාකරන් එපැයි 😄 . උඹ හිතන්නේ උන් කතා කරන්නේ කොහොම්යි කියලද ? මමත් අවුරුදු 35 ලන්ඩන් වල ඉන්නේ . තවම ගෙදර දෙමල විතරක් කතා කරන ඩයල් ඉන්නවා

      Delete
  12. ලොකුම ලෙවල් එකෙන් විජිත ඇමතිතුමාගෙ කතාව හෝදන්න අරන්. ඕක අපිට නෙමෙයි ජාත්‍යන්තරයට හෝදපල්ලා. හිනා උනේ උන්. රටට.

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර්රේ හෝදනන්න් දෙයක් නෑ යකෝ . ඉම්ෆ් ගෑනි ඇවිත් හොඳම සහතිකයක් දීල ගියේ අමෙරිඅක්ව ශේප් . බ්‍රිටිෂ් FM ලඟදි ඇවිත් ගියා . උඹල දන්නා ජාත්‍යන්තරය , . ගිහින් චු කරල බුදිය ගනින්

      Delete
    2. මේක තරහෙන් නෙමේ කීවේ හොඳද ? (කියවන විට ලිවිම ) ඊයේ රෑ නිදි මතේ. කියන්න ඕන වුනේ ජාත්‍යන්තරේ හෝදන්න දෙයක් නෑ . IMF එක්කෙනා ඇවිත් හොඳම සහතිකයක් දීල ගියේ. අනිත් පැත්තෙන් ඇමෙරිකාව ශේප් . බ්‍රිටිෂ් FM ලඟදි ඇවිත් ගියා . උඹල දන්නා ජාත්‍යන්තරය , . ගිහින් චු කරල බුදිය ගනින්. රෑ නේ

      Delete
  13. ඇනස්ලි බර්ටි සැමුවෙල් කියන්නේ මේ රටේ මෙතෙක් පහළ වුණු හොඳම ප්‍රහසන ශිල්පීන් තිදෙනෙක්...

    ඊට පස්සේ ආපු අයගෙන් විජය නන්දසිරි විතරයි ඒවගේ මිනිස්සු හිනස්සන්න පුළුවන් කෙනෙක් හිටියේ...

    අපි ඉස්සර රූපවාහිනී විනෝද සමය එනකම් බලාගෙන හිටියේ පුල පුලා..

    මේ ඔවුන්ගේ එක වැඩසටහනක කොටසක්..

    සුද්දෙක්ගේ ගෙදර උයන්න කෝකියෙක් ඕන වෙනවා...

    කෝකියට ඉංග්‍රීසි දැනීමක් ඕන කියන එක,
    එක කොන්දේසියක්..

    සුද්දා කෝකියා එක් කරගෙන ගියාම අහන ප්‍රශ්න තුනක් තියෙනවා ඉංග්‍රීසියෙන්..

    බර්ටි තමයි කෝකියා..

    සැමුවෙල් තමයි බ්‍රෝකර්..

    ඇනස්ලි තමයි සුද්දා..

    දැන් බර්ටිට කලින්ම සුද්දා අහන ප්‍රශ්න තුන කියල දෙනවා..

    What is your name...?

    උත්තරය සිරිසේන..

    What is your age

    උත්තරය
    ටුවෙන්ටි එයිට්

    What do you like your breakfast, bread or rice ?

    මිනිහ දෙකටම කැමති නිසා උත්තරය

    Both...

    දැන් ඔන්න සුද්දා හම්බවෙන්නේ එක් කරගෙන යනවා..

    සුද්දා කෝකියව interview කරනවා..

    කරුමෙට මුල ප්‍රශ්නෙට අහන්නෙ දෙවෙනි ප්‍රශ්නය.

    birty උත්තර දෙනවා..

    නම ඇහුවහම වයස කියනවා...

    ඊට පස්සේ වයස ඇහුවහම නම කියනවා..
    සුද්දට තද වෙනවා..

    තුන්වෙනි ප්‍රශ්නෙ වෙනුවට අහන්නේ වෙන ප්‍රශ්නයක්..

    Are you mad or am I mad...?

    බර්ටි සූදානම් වෙලා ගියපු තුන්වෙනි උත්තරය දෙනවා..
    Both....

    ඇන්ස්ලිලා...බර්ට්ලා සැමුවෙල්ලා.. නැති උනත් තවම අපිට ඒ fun එක ගන්න පුළුවන්....

    ReplyDelete
  14. වැඩේ තියෙන්නේ මාලිමාව හිතන් ඉන්නේ මුන්ට අපි අපහාස කරනවා කියලා.
    රජය කාගේ වුණත් රට අපේ.
    ඒක තේරුම් ගන්න බැරි සෙට් එකක් තමයි මාලිමාවේ ඉන්නේ.
    හුණ්ඩුව කන් හැන්දට දාලා නැවතුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ බං උඹල අපහස කරනවා නෙමේ ,. අර ලොකු අයියා ට පොඩි මල්ලි ලට ඡන්දේ දිනන්න දීලා ලනකේ පල්ලි වල අහිංසක මිනිස්සු මරවපු ඉන්දියාවේ අරහේ මෙහෙ හැඟුණ ඉංග්‍රීසි දන්නා නොදන්නා පරයෝ ටික ආයේ ගේන්න ට්‍රයි කරන නිසා . අපි ඉංග්‍රීසි හදා ගන්නම් . ඔයාල කලබල නොවී ඉන්න

      Delete
  15. How a Reuters Leak Shifted the Balance:
    The Diplomatic Cable that Helped Sri Lanka Regain Control of the Iranian Sailors Crisis
    In the shadowy world of diplomacy, most battles are fought quietly—behind closed doors, through confidential cables and discreet conversations between embassies. But occasionally, a single leak drags those hidden manoeuvres into the open, forcing governments to recalibrate their strategies overnight.

    Such a moment arrived when the international news agency Reuters revealed the contents of a confidential diplomatic cable sent from the United States Embassy in Colombo to Washington concerning the fate of Iranian sailors rescued by Sri Lanka Navy after a naval confrontation in the Indian Ocean.

    The disclosure did more than embarrass diplomats. It unexpectedly altered the geopolitical balance of a delicate crisis involving Sri Lanka, Iran, United States, Israel, and India—and, according to analysts, it gave Colombo the diplomatic breathing space it needed to take control of the situation.https://www.colombowire.com/2026/03/geopolitical-diplomatic-cable-that.html

    ReplyDelete
  16. අදත් පොස්ට් එක මාරු. මම නොදන්නා ගොඩාක් දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි මෙවැනි කාලෝචිත කතාබහ සවිස්තරාත්මකව එන එනවාට.

    ReplyDelete
    Replies
    1. කතා කරලම තමයි ඇත්ත හොයා ගන්න වෙන්නේ

      Delete
  17. ඔව්, ඩිප්ලොමැටිකලි ලිස්සායාම (evading) , පාර්ශවයකට අහුනොවීම (non-commitment) , ටෙක්නිකලි ලීගලි නිවැරදිව පිලිතුරුදීම හරි. ස්ට්‍රැටජී එක විශිෂ්ඨයි, කෙටි පිලිතුරුදීමත් නිවැරදියි. පැහැදිලිබව අඩුයි.
    ප්‍රසන්ටේශන් සමග eloquence (ව්‍යක්තභාවය?) අපහසුනම් අඩුගණනෙ පැහැදිලිභාවය (clarity) තිබුනානම් ප්‍රශ්නයක් එන්නෙ නෑ. අනිත් එක කතාකරන ගමන් හිනාවෙන්නෙ නැතුව, ඒක කිව්වට පස්සෙ පොඩි හිනාවක් දැම්මනම් හරි. ප්‍රසන්ටේශන් නිසා තමයි අර්බුදය.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ ලිස්සා යන කිහිප දෙනෙක්ම ඉන්නව . බසු මහතා . නීතිඥ ප්‍රා ජේ මහතා . තව දන්නා අය නම් කරන්න . ඒ මනුස්සය තමන්ගේ උපදේශකයා කියපු ටික හරියටම කරලා ආව . උපදේශකයා රන්වලට පාර්ලිමේන්තුවේ දුන්න ගේම ම දුන්නද කියල මම මේ කල්පනා කරන්නේ . (අර විග් එකේ දෙපැත්ත එකතු කරල හීතලට දාන තොප්පියක් වගේ කරලා යැව්ව එකට . ) මේ එන ප්‍රතිවිරෝධයට

      Delete
  18. අර හැමතැනම වයිරල් වෙන, ෂෝර්ට් වීඩියෝ කීපය නිසා මුළු එකම බැලුවා , එතන පලකි ෂර්මා හදන්නේ උඹලා අමරිකාවටද සපෝර්ට් කරන්න්ර් නැත්තම් ඉරානෙටද කියලා විජිතගේ කටින් කියවගන්න වගේ සීන් එකක් . දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒකට අහුවෙන්නේ නැති එක නම් හොඳයි . ඒකෙන් අල්ලගන්න් බැරිවුනාම තමා , ඔව් නෑ විතරක් කියපං කියලත් කියන්නේ . එතැනදී ෂර්මාට ඕන උත්තරේ අපු නැතිනිසා තමා කියන්නේ උඹ ලිස්සලා ගියහැටි මාරයි වගේ එකක් . කට්ටිය හිනා වෙන්නේ ඒකට . එතන ප්‍රශ්නේ විජිතගේ ඇක්සන්ට් එක , බොඩි ලැන්ග්වේජ් එක වගේ දේවල් , වඩාත්ම බොඩි ලැන්ග්වේජ් එක . විජිතලව දිප්ලෝමටික් ස්ටේජ් එකට නග්ගන්න ගෘම් කරන්න ඕන ත සැහෙන්න . එකට අලි ඔලුව නැතුව හරි විදිහට හරි මිස්සුන්ගෙන් උපදෙස් ගන්නොන

    ReplyDelete
    Replies
    1. ඒකට විජිත දැනුවත්ව අහුවෙන්නේ නැතිව ඉන්නේ කියන එක උඹල පිලි ගන්නේ නැතිනම් මට කරනන් දෙයක් නැහැ . ඒක තමයි මමේ මේ බෙල්ල දීලා හැම තැනම , බුකියේ පවා කියන්නේ . කට්ටිය හිනා වෙන්නේ විජිතට කියලනේ 'සුපිරි ලෙස ඉංග්‍රීසි දන්නා ලංකාවේ හැමෝම වගේ ලිව්වේ ' අර මොකද නීතිඥයා පවා . අඩුම ගානේ ඔයා පිලි අරන් තියනව මොහොකටද කියල . ඒකට ස්තූතියි

      Delete
    2. /එකට අලි ඔලුව නැතුව හරි විදිහට හරි මිස්සුන්ගෙන් උපදෙස් ගන්නොන//මේකට නම් කියන්න තියෙන්නේ අලි ඔලුවක් තියෙන කෙනෙක් නේම් කියල . මම ගිය පාර ගිය වෙලේ රියදුරු මහත්මය ලව්වා කඩේකින් කෑම දෙකක් ගෙන්න ගෙන දෙන්න කෑවේ . ඉස්සර වගේ වියදම් ෂැන්ග්‍රීලා ටයි කිචන් වලින් වෙනම ගේන ඒවා නෙමේ . සමහර විට ලංකාවේ මිනිසුන්ට ඕනේ ඕකේ අනිත් පැත්ත . සරල විධිහට ජිවත් වෙන එකට ලංකාවේ මෝඩ මිනිස්සු කැමති නැහැ . එය අහන්නේ උපදේශකයන් කියන ඒව අමං දන්නා විධිහට . එයාල ලියල දෙන ඒවා . හුඟක් විදේශ ඇ මතිලට උපදෙස් දුන්න අය තවම ඉන්නව ඒ අය අස් කරලා නැහැ .

      Delete
  19. ශ්‍රී ලංකා විදේශ ඇමතිතුමාගේ පිළිතුර ගැටළු සහගත වෙන්නේ ඉංග්‍රීසි නිපුනතාව නිසා කියලා හිතනවානම් ඒක වැරදියි. පැහැදිලිවම ඔහු රාජ්‍යතාන්ත්‍රික භාවයක් පිළිඹිබු කරේ නැහැ. එකම වදන නැවත නැවත කියනවා.ප්‍රශ්නයක් අහපුවහම ඍජු පිළිතුරක් නොදී වටේ යනවා. දැන් ඔහු පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දෙන විදිහ බලන්න. කිසිම clarity එකක් නැහැ. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නය direct question එකක් වුනා. ඔහුගේ ඉංග්‍රීසී දැනුමෙන් මෙයට වඩා හොඳට පිළිතුරක් දෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ communication ප්‍රශ්නයක්. ඉංග්‍රීසි නිපුනතාවය මදි කම මේක ඉස්මතුකරනවා.සිංහල භාෂාවෙන් පිළිතුරු දුන්නනම් මේ ගැටළුවට වඩා හොඳ පිළිතුරක් ලැබෙයිද? දන්නේ නැහැ. උද්ධච්ච කම ඇත ඇරලා වියදම් කරලා මේ අඩුපාඩු හදාගන්නවනම් හොඳයි. මම නම් ඉස්සර දේශපාලකයෝන්ගේ ඉංග්‍රීසි වරදුනහම හිනා වෙන්නෙත් නැහැ.දැන් හිනාවෙන්නෙත් නැහැ. හැබැයි නොදැනුවත්කම පිළිගන්න. එක රටේ යහපතට හේතු වෙනවා. ඒකට පිළිතුරු විදිහට කදිරගාමර් හරි, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම හරි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි, 76 වසරක සාපය හරි, අල්ලාගෙන දඟලන එක තේරුමක් නැති වැඩක්.අනෙක් අතට විජිතට වඩා උඹට පුළුවන්ද කියලා අහන්නත් එපා. මට ඔච්ච්රවත් බැරිවෙයි . අමතක කරන්න එපා රටේ පහළම පංතියකින් ආපු රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉංග්‍රීසි ඉගෙනගත් විදිහ.

    ReplyDelete
  20. පොඩි ප්‍රශ්නයක් අහන්නම් . ඔයා දන්නවද UNCLOS කියන්නේ මොකද්ද කියල . ඒකට දෙන පිළිතුරෙන් පස්සේ ඔයාගේ කමෙන්ට් එකට පිළිතුරක් දෙන්නම් . උද්ධච්ච කමනම් නෙමේ . එහෙම කෙනෙක් නෙමේ . කියල දුන්න විධිහ කියල මම නම් හිතන්නේ. ඔය මේක කියන්න ඕන කෙනෙකුට ඉතුරු ඒවාට හිනා වෙලා මග හරින්න කියල . ශර්මා කවුඩ් අකියල් ඔය උඩ බස්සා කියල තියනව . ඒ නිසා කියන්න යන්නේ නැහැ , තව පොස්ට් එකක් කොහොමත් ලියන්න ඉන්නේ

    ReplyDelete
  21. ඔබගේ ඕනෑම සේදුම් අවශ්‍යතාවයක් සඳහා කදිම විසඳුම ධර්මකීර්ති ලොන්ඩරිය. නවතම තාක්ෂණයෙන් කදිමට සෝදාදෙයි. 😛🤣🤣🤣

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .