තවමත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා දේශගුණික වෙනස්වීම් වල අනිසි බලපෑම අවිශ්වාස කරන අය සිටිනවාද ?
නේපාල විනාශයට මුලික හේතුව ග්ලැසියර දියවී එක වර කඩා වැටීමත් එනිසා පොලොව දෙදරා යාමෙන් රිච්ටක 5.2 කම්පනයක් ඇතිවූ බවටත් එය භූමිකම්පාවක් ලෙස වරදවා හඳුනා ගෙන ඇති බවත් හෙළි වී තිබේ . ටන්ග්බු රි නමැති කඳුකරයේ උතුරු පැත්තෙන් මෙම ග්ලැසියරය කඩා වැටී ඇත . මීටර් 5200 උඩ සිට පහල නිම්නයට එය වැටී ඇත . එසේ වැටුන ග්ලැසියර අයිස් කොටස් , මඩ ආදිය ජලය සමග විශාල ලෙස කොන්ක්‍රීට් තට්ටුවක් මෙන පහලට ගලාගෙන විත් ඇත ලෙන්ඩා කොලා නමැති නදිය පිරි ගොස් ඇත . මේ විශාල , අයිස් , මඩ , ගල් පර්වත රසුවගදී නම් දේශ සිමා මුර පොලට මුලින් අඩි දෙසීයක පමණ උසකින් කඩා වැදී එය ත්‍රිශුලි නම් නදිය දිගේ ගම් නියම් ගම් යට කරමින් පහලට විත් ඇත .
මූලික වශයෙන්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ලන්ඩන් කම්කරු නගරාධිපති සාදික් ඛාන් විසින් යෝජනා කරන ලද ULEZ (Ultra low Emission Zone) යෝජනා ක්‍රමය ගැන මට ප්‍රශ්න තිබුණි. විදුලි මෝටර් රථවල අධික පිරිවැය සහ සීමිත ආරෝපණ යටිතල පහසුකම් සැලකිල්ලට ගනිමින්, එය වෙන් කිරීමට සහ කුඩා වෙළඳුන්ට සහ සාමාන්‍ය ජනතාවට අහිතකර ලෙස බලපානු ඇතැයි මට සිතුනි.
එසේම පසුගිය කාලයේ ලන්ඩනයේ ලන්ඩන්වල ඛනිජ තෙල් විරෝධතාවයේ යෙදුණු පිරිස ගෙන් මගී ජනතාවට වෙන හිරිහැර ගැන ප්‍රියජනක චිත්‍රයක් මගේ සිතේ අඳි තිබුනේ නැත.
ග්‍රේටා තුන්බර්ග් ඇගේ දේශගුණික විපර්යාස පණිවිඩය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් ගමන් භාවිතා කිරීම, ප්‍රංශ ඇමතිවරියක් පුද්ගලික ජෙට් යානයකින් රෙක්යාවික් දේශගුණික සමුළුවකට සහභාගී වීම මට මහා කුහකකමක් ලෙස පෙනුනි.
මම තවමත් පෙට්‍රල් කාර් එකකින් යැපෙන නිසා මමත් ටිකක් කුහකයෙක් බව පිළිගත යුතුයි.
කෙසේ වෙතත්, අයිස්ලන්තයේ ආකර්ශනීය දර්ශන තුලම අපගේ සංචාරය අතරතුර දුටු දේශගුණික විපර්යාස පිළිබඳ දේ නිසා ඒ පිලිබඳ මගේ අදහස් ගැඹුරු පරිවර්තනයකට ලක් විය. අපි අයිස්ලන්තයට ගියේ 2023 වසරේදීය . අපගේ ප්‍රංශ සංචාරක මාර්ගෝපදේශකයා වන මිහායෙල්, එක්සත් ජනපද හමුදාවෙන් ඉතිරි වූ ඔහුගේ ගෑස් බොන වීශාල ටයර් සහිත බෙන්ස් වෑන්වලින් අපව මිර්ඩාල්ස්ජෝකුල් ග්ලැසියරය සහ කැට්ලා ගුහා වෙත ගෙන ගියේය. පසුගිය මැයි මාසයේ සිට අඩි 10 ක් (මීටර් 2 ක් පමණ) ග්ලැසියර ය පසුබැසීම ගැන සාක්ෂි අප ඉදිරියේ පැහැදිලිව විද්‍යමාන විය. . ඊට උඩින් ඇති ගුහාව වේගයෙන් ප්‍රසාරණය වෙමින් තිබූ අතර දැඩි අයිස් අපේ පාද යට දිය වෙමින් තිබුණි.
අයිස් මත ඇති කළු වැලි මීට වසර 500-600 කට පෙර ගිනිකඳු පිපිරීමක නටබුන් වූ අතර හිම ස්ථර යට වැළලී ගොස් අයිස් බවට පත්වී තිබේ. මෙම අති යථාර්ථවාදී අත්දැකීම දේශගුණික විපර්යාස පිළිබඳ යථාර්ථය වෙත මගේ ඇස් විවෘත කළේය.
මේ පින්තූර වල ග්ලැසියර දියවී කළු පාට පස් මතු වී තිබෙනු ඔඅබට පෙනෙනු ඇත . මේ දියවීමේ වේගය ඇති සිඝ්රය .
මගේ වීඩියෝවල, ඔබට වේගයෙන් ගලා යන ජලය දැකගත හැකි අතර, පිටතින්, ඔබට අනතුරුදායක විය හැකි ඉක්මනින් ගිලෙන වැලි හේතුවෙන් නියමිත මාර්ගයෙන් ඉවතට යා නොහැක. අයිස් තට්ටු මත ඇවිදීමට සපත්තු මත දම්වැල් පැළඳිය යුතුය.
සංචාරක ආයතනයේ සේවකයන් සමහර කොටස් වල අයිස් කඩන අයුරු ඔබට දැක ගත හැකිය. ඒ ග්ලැසියරය දියවී යන නිසාය.
සත්‍යය නම් මාලදිවයින සහ තවත් බොහෝ දූපත් නුදුරේදීම ජලයෙන් යටවීමේ අවදානමකට ලක්ව ඇති බවයි. ඔවුන්ට ඔවුන්ගේ මුළු රටම වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය විය හැකිය.
කොළඹ උදම් මාපකයේ දත්ත පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටම 0.288 ± 0.118 mm/මසකට ඉහළ යන බවයි. ඉදිරි වසර 50 තුළ, ප්රක්ෂේපන මගින් පෙන්නුම් කරන්නේ මුහුදු මට්ටම ආසන්න වශයෙන් 0.1 m - 0.2 m කින් ඉහළ යන අතර, වෙරළේ සිට කිලෝමීටර 1 ක් ඇතුළත ජීවත් වන ජනගහනයෙන් 25% ක් පමණ අවදානම් ප්‍රදේශවලට පත් කරයි.
මෙම දියවන ග්ලැසියර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ යථාර්ථය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ දේශගුණික විපර්යාස සිදු වී ඇති බවට ඇතැමුන් තර්ක කරන අතර, එය දැන් ග්ලැසියර දියවෙන භයානක වේගය අපගේ හදිසි අවධානය ඉල්ලා සිටී.
ජිවිතයේ පළමු වතාවට මම බරපතල ලෙස මේ ගැන සිතමි.
මේ ග්ලැසියර දියවීම් යාම හා පොලොව මතු වීම තුල පුංචි පැලයක මල් පිපි ඇති අයුරු දුටුවාද ? ඒ සොබා දහමයි .
අජිත් ධර්මකීර්ති 28/08/2026
//තවමත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා දේශගුණික වෙනස්වීම් වල අනිසි බලපෑම අවිශ්වාස කරන අය සිටිනවාද ? // ඉන්ටනං විදියක් නැ
ReplyDeleteමේ විසම චක්‍රය අපිම හදාගෙන, අපිම ඒවයෙන් පීඩාවිඳිමින්, අපිම ඒවට උත්තර හොයමින් ඉන්නව.
මේ ලඟදි යාලුවෙක් එක්ක FB chat එකකදි මතුවෙච්ච කතාවක් තමයි, පහනට ලංවෙලා නහින්න හදන මෙරැවව අපි මෝඩ සතෙක් කියල දැක්කට. අපිත් ඒ විදියෙ දේවල්ම නේද ජීවිතේ කරමින් ඉන්නෙ කියන එක.
මාර උදාහරණය නමියා . ඒක හරියටම හරි . මේ දවස් වල දන්නවද ලොකු සල්ලි කාරයෝ ඔස්ට්‍රේලියාව දකුණු අමෙරිකාව පැත්තේ දූපත් මිලට අරන් යනවා . එන ප්‍රශ්න වලින් බේරෙන්න . යට සමහරු පොලොව යට බිම් ගෙවල් හදනවා . මම ඉස්සර හිනා වුනා . දැන්නම් අඬනවා
Deleteඅනේ අජිත් ධර්ම මහත්තයෝ- මට පෙනෙන්නේ ඔබතුමා මේ posts ඉස්සෙල්ලම දාන්නේ fb එකට වගෙයි.
ReplyDeleteඊයේ හවස ඒකට දාපු comment එක මේ.
'සොබා දහමට නොවෙන අවනත - ලොවේ කිසිවක් නෑ!'
නිදි මැති තුමෝ . මේ ලිපියම මම අයිස්ලන්ත චාරිකාවේ ගිය කාලේ 2023 ලියුවේ . දාන්න අමතක වෙලා . FB ගියේ නේපාලේ ගැන ලියන කොට මතක් වෙලා
Deleteටිකක් වෙනස්, ඒත් ඉන්ටරෙස්ටින් පැහැදිලි කිරීමක්:
ReplyDeleteNepal Floods 2026 Explained: What Caused the Deadly Flash Flood?
මමත් ඒකම තමා ලියල තියෙන්නේ උඩ. ගොඩක් අය වැරදියට භුමි කම්පාව කියපු නිසා . නමුත් මෙයා ගෝලීය උෂ්ණත්වය නිසා ග්ලැසියර දියවීම කියන්නේ නැහැනේ . ඒක මග හරිනවා
Deleteඔය උෂ්ණත්වය අඩු කරන්නත් ප්ලෑන් කිහිපයක් මම දැක්ක ..
ReplyDeleteDirect Air Capture (DAC): Chemical systems pull carbon dioxide directly out of ambient air to replicate and accelerate natural carbon sinks.
https://climate.mit.edu/what-can-be-done-about-climate-change
Carbon Capture and Storage (CCS): Industrial plants capture CO2 emissions at the source and inject them deep underground for permanent storage
https://curious.science.org.au/video/scientific-effort-remove-greenhouse-gases
Data centers ටික තමා ඊළඟට බැනුම් අහන්නේ .. ඒවා නම් ෂුවර් එකට අභ්‍යවකාශ ගත කරයි ළඟදීම ..
කොහොමත් අලුත් විදියේ විසඳුම් ඕනේ වෙනවා මේ යන විදියට
Data centers නම් ප්‍රශ්නයක් තමා . වතුර ඕනේ වෙන එක . ඉතින් මස් කන එක . ගවයන්ගේ බැටලුවන්ගේ - අඟහරු තමා . ගිය එකා බේරෙයි
Deleteහැමදාමත් වගේ රසවත් ලිපියක් ඔබෙන්. ඇත්තම කිව්වොත් හිතට ටිකක් බයකුත් ආව. ඉදිරියට මොනවයින් මොනවා වෙයිද කියලා. මුහුදු මට්ටම ඉහල යන එක නම් ලංකාව ඇතිලු අනිකුත් දිවයින් වලට කොහොමත් අවදානම් සහිතයි.
ReplyDeleteඇත්තටම බය වෙන්න ඕනේ තමයි . මේක වඩා විස්තර සහිතව සුජීව කොකාවල විස්තර කරලා තියනව . දැනට මාල දිවයින තමා ඉදිරි වසර දහය තුල යට වෙන්න නියමිත . ලංකාවට ඒකත් ප්‍රශ්නයක් වෙනවා
Deleteහොඳ ලිපියක් ගමයෝ. අර සුජීව කියන්නැහේ අපිට පරිසර සුරකින්නයි අපෙ සුපුරුදු ආතල් ජීවිත ගත කරන්නයි දෙකම කරන්න බැරි තත්වයක් තමයි ඇතිවී තියෙන්නෙ. දෙකෙන් එකයි.
ReplyDeleteබොහොම ස්තූතියි කෞශල්‍ය තුමා . සුජීව ගේ විස්තරය හොඳයි . මට වැඩිය ඉස්තර දාල තියනව උනේ කොහොමද කියල . මම අයිස්ලන්තයේ දැක්ක විධිහට තත්වය සෑහෙන්න දරුණුයි . නමුත් ඒක තවම තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට
Deletehttps://en.wikipedia.org/wiki/The_Snow_Tiger
ReplyDeleteඅසූ ගණන්වල කියවපු පොතක්
අගේය පෝස්ටුව.
ReplyDeleteක්ලයිමේට් චේන්ජ් ගැන 85-90 කාලවල කේබල් ටීවී එකේ වැඩසටහන් ගනනාවක් ගියා, ඉන් පසුව BBC, CNN ඒ බැටනය අරගත්තා. ඒ කාලේ ග්ලැසියර් දියවීම, මාලදිවයින් වගේ දූපත් නැතිවෙන්න පුලුවන් හැකියාව, ලංකාව වගේ රටවල මුහුදුබඩ පෙදෙස් මුහුදු වතුරෙන් යටවීම, නේපාල සිද්ධිය වගේ දේවල් වගේම පොසිල් ෆියුල් සංචිතයට වෙන පුලුවන් බලපෑම ආදිය ගැන කියද්දි සයන්ස්-ෆික්ෂන් වගේ දැනුන ඒවා දැන් ඇස්පනාපිට සිද්ද වෙන්න පටන් අරං. කොහේ කොහොම වුනත් මුහුදෙන් වට වූ දූපත් රටවල් වලට වෙන බලපෑම වැඩි වෙන්න පුලුවන් නෙහ්.
කාබන් එමිෂන් වලින් වගේම ක්ලයිමේට් චේන්ජ් ටයිම් බොම්බ් වලින් ගැලවීමක් නැතිවෙයි, බොහෝ විට කලින් ශිෂ්ඨාචාර කතා වල වගේ නූතන යුගයේ අවසාන පරිච්ඡේද වලට ලංවෙමින් ද?