ගරාවැටෙන යටත්විජිත ශ්‍රී විභූතිය- ඓතිහාසික ගල්කිස්ස හෝටලය
අපගේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දින කිහිපය අප ගත කළේ ඓතිහාසික මවුන්ට් ලැවිනියා ලෙසින් හඳුන්වන ගල්කිස්ස හෝටලයේය. අප එහි ගියේ ලැවිනියා දුම්රිය එන්ජිම පිළිබඳ කතා බහක් අප අතර ඇති වූ නිසා සහ එම ඉතිහාස කතාවට සම්බන්ධ ස්ථානය දැක ගැනීමටත්ය. ඒ වනවිට මම මොහාන් රාජ් මඩවල මහතාගේ ලොවීනා නවකතාවත් කියවා තිබුණි .
මෙම හෝටලය පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයට මුහුණ ලා ඇති, ඉතාමත් මනරම් කුඩා කඳුගැටයක් මතය. මෙම අලංකාර ආණ්ඩුකාර මන්දිරයේ නිර්මාතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයකු වූ සර් තෝමස් මේට්ලන්ඩ් (1805–1811) ය. ඔහු ඉන්දියන් සාගරය දෙසට විහිදුණු මෙම උස් ප්‍රපාතය මත තම නිල ගිම්හාන නිකේතනය ලෙස මෙම මන්දිරය ඉදිකර, එය ‘මවුන්ට් ලැවීනියා හවුස්’ (Mount Lavinia House) ලෙස නම් කළේය.
මොරීන් සෙනෙවිරත්න මහත්මිය ලියූ ග්‍රන්ථයක ඉතා පැහැදිලිව විස්තර කර ඇති පරිදි, මෙම මන්දිරය පිටුපස "කිං ටොම්" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ ලොවීනා අපොන්සුවා නම් දේශීය සහ කුලහීන මෙස්තිසෝ (Mestizo) නර්තන ශිල්පිනිය අතර පැවති රහසිගත, තහනම් ප්‍රේම සම්බන්ධයක් තිබුණි. එවකට සිටි රදළ බ්‍රිතාන්‍ය සමාජය උසස් නිලධාරියෙකු දේශීය නර්තන ශිල්පිනියක ඇසුරු කිරීම දැඩි ලෙස හෙළා දුටු බැවින්, ඔවුන්ගේ සම්බන්ධතාවය දැඩි ලෙස රහසිගතව තබා ගැනීමට සිදු විය.

වසර 1806 දී මන්දිරය ඉදිකරන අතරතුර, මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා රහසිගත භූගත උමගක් නිර්මාණය කිරීමට තම ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේය. මෙම උමඟේ එක් කෙළවරක් මන්දිරයේ වයින් ගබඩාව තුළින් ආරම්භ වූ අතර, අනෙක් කෙළවර සැතපුම් කිහිපයක් දුරින් පිහිටි ලොවීනාගේ පියාගේ නිවසේ ළිඳක් තුළින් මතු විය. මන්දිරයේ ඉහළ මහල්වල උත්සව සහ සාද පැවැත්වෙන අතරතුර, ලොවීනා මෙම රහස් උමඟ ඔස්සේ මන්දිරය තුළට කැඳවාගෙන එනු ලැබුවාය. කෙසේ වෙතත්, 1811 දී බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයට මෙම රහස් ප්‍රේමය හෙළිවීමත් සමඟ එය ඛේදනීය ලෙස අවසන් විය. "ඉංග්‍රීසි කිරීටයට සහ දෙවියන්ට" පටහැනි ක්‍රියාවක් ලෙස සලකා මේට්ලන්ඩ්ව වහාම මෙරටින් කැඳවා මෝල්ටාවට මාරු කර යවන ලද අතර, ඔහු එහිදී අවිවාහකවම මියගියේය.
සර් තෝමස් මේට්ලන්ඩ් ගෙන් පසුව රොබට් බ්‍රවුන්රිග්, එඩ්වර්ඩ් පැජට් , එඩ්වර්ඩ් බාන්ස් (ලංකාවේ පාරවල් බොහොමයක් නම් කර තිබුනේ ඔහුගේ නමිනි .) මේ නිවසේ ජිවත් වූ අනිකුත් ආණ්ඩුකාරවරුන්ය.
1833 කොළරා වසංගතයක් පැවති කාලයේ ඉංග්‍රීසි හමුදා භටයන් ගේ සනීපාරක්ෂක නිකේතනයක් ලෙස ද 1860 නවාතැනක් ලෙසද පවතී මේ නිවස 1877 දී මවුන්ට් ලැවිනියා මහා හෝටලය නමින් හෝටලයක් බවට පත් කෙරුණි . දෙවන ලෝක යුධ සමයේ මිලිටරි රෝහලක් ලෙස භාවිතා කෙරුණු හෝටලය, 1956 දී ප්‍රසිද්ධ "ක්වායි නදියේ පාලම" (The bridge on the river Kwai ) චිත්‍රපටය සඳහාද තෝරා ගැනුණි.
ලංකාවේ ප්‍රථම නයිට් ක්ලබ් එක වූයේ 1957 දී මෙහි පිහිටවූ 'ලිට්ල් හට්' එකය .


අප එහි යන විට අපට සැබෑ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය අත්විඳීමට ලැබුණි. එහි පිළිගැනීමේ නිලධාරීන් (Reception Team) අප ආ මොහොතේ සිටම ඉතාමත් කාරුණික හා සහයෝගීශීලී ලෙස කටයුතු කළහ. ඇතුල්වන ස්ථානයේ සිටි දොරටුවේ සේවා සහායකයන් හැඳ සිටියේ යටත් විජිත සමය විදහා දැක්වෙන නිල ඇඳුමකි. එය හෝටලයේ අනන්‍යතාවය රැකීමක් ලෙස මම දිටිමි .
හෝටලයේ පැරණි විභූතියේ නටබුන් අදටත් එහි දැකගත හැකිය. අප එහි නැවතී සිටි දින දෙක තුළ, එහි වසර හතලිහකට අධික කාලයක් සේවය කළ ප්‍රවීණ සේවකයෙකු වන විජේසිංහ මහතාව හමුවීමට අපට වාසනාව ලැබුණි. ඔහු ඉතාමත් කාරුණිකව හෝටලයේ ඉතිහාසය පිළිබඳ අපව දැනුවත් කරමින් විශේෂ චාරිකාවක ට අපව කැඳවාගෙන ගියේය.
එහිදී අප දුටු දේ මේ ස්ලයිඩ් එකෙන් නැරඹිය හැකිය .
***********************************************************************
හෝටලයේ උදේ ආහාරය ගන්නා ස්ථානය සහ පිහිනුම් තටාකය අසලින් පෙනෙන කොළඹ මුහුදු තීරයේ දර්ශනය අතිශයින්ම සුන්දරය. එහි සිට කෘතිමව ගොඩ නගන ලද ඉතිහාසයේ සරදමක් වන පෝට් සිටිය පෙනේ. මේට්ලන්ඩ් හෝ බ්‍රවුන්රිග් එවැන්නක් කිසිදා නොසිතන්නට ඇත .
මෙහි උදේ ආහාර බුෆේ එක සැබවින්ම විශිෂ්ට වන අතර, සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාර මෙන්ම බටහිර ආහාර වර්ග රැසකින්ද සමන්විතය. මෙම උස් ස්ථානයේ සිට, පහළින් ඇති දුම්රිය මාර්ගය දෙස බලමින් උදේ ආහාරය ගැනීම අමතක නොවන අත්දැකීමකි. හෝටල් කන්දට කෙළින්ම පහළින් ගල්කිස්ස දුම්රිය ස්ථානය පිහිටා ඇති බැවින්, මුහුදු වෙරළ දිගේ ධාවනය වන දුම්රිය දෙස බලා සිටීමට කැමති ලොව පුරා සිටින දුම්රිය ලෝලීන්ට මෙය සැබෑ ස්වර්ගයකි.
නමුත්, මෙම සුන්දර දර්ශනයෙන් ඔබ්බට ගොස් හෝටලයේ කාමර දෙස බලන විට දැකගත හැක්කේ හදවත කම්පා කරවන යථාර්ථයකි. වත්මන් අයිතිකරුවන් මෙම ජාතික උරුමයේ විනාශය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනේ. හෝටල් කාමර තරමක අබලන් තත්ත්වයක පවතී—ඒවා තෙතමනයෙන් යුක්ත, පුස් කා ඇති අතර දැඩි අප්‍රසන්න සුවඳකින් යුක්තය. අප දුටු පරිදි, මුළු හෝටල් සංකීර්ණයේම මිනිසුන්ට නැවතීමට සුදුසු මට්ටමක පවතින්නේ කාමර කිහිපයක් පමණි. වායුසමීකරණ යන්ත්‍ර නිසා තරමක ඉසුම්බුවක් ලැබුනද එයින් ආග්‍රහණ කරන වාතයේ වෙනසක් වීම අඩුය . ගොඩනැඟිල්ලක අච්චු/පුස් (mold) වැඩීමේ ගැටලුවක් ඇති වූ විට, එම දිලීර මඟින් අන්වීක්ෂීය බීජාණු (spores), අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය (allergens) සහ උත්තේජක (irritants) මිලියන ගණනක් ගෘහස්ථ වාතයට මුදා හරියි. මෙම අංශු ආශ්වාස කිරීමෙන් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන සෞඛ්‍ය ගැටලු රැසක් ඇති විය හැක. අප දෙවෙනි දවසේ දුම්රිය මග වඩා හොඳින් පෙනීමට කාමරය මාරු කෙරුවෙමි. අපේ කැමැත්තෙන් ඉල්ලාගෙන ගිය නිසා අපි ඒ පිළිබඳව කිසිවක් නොකීවද එම කාමරය මුලින් කාමරයටත් වඩා දරුණු ලෙස තෙත් වාතය පිරි තිබුණි . රාත්‍රියේ බැල්කනියට ඇති දොර විවෘත කර මුහුදෙන් එන ලවණ මිශ්‍ර සුළඟින් කාමරය පිරෙන්නට හැරියෙමු .
හෝටල් කළමනාකාරීත්වයේ ප්‍රශ්නකාරී තීරණයක් නිසා, එහි ඇති විශාල උත්සව ශාලා (Ballrooms) වටා විශාල තාප්පයක් ඉදිකර ඇත. මේ නිසා හෝටලයට පැමිණෙන අමුත්තන්ට පෙනෙන ලෝක පූජිත සුන්දර මුහුදු දර්ශනය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත.
හෝටලයේ සේවය කරන තනි පුද්ගල සේවකයන් ඉතාමත් කරුණාවන්ත සහ මිත්‍රශීලී වුවද, ඉහළ කළමනාකාරීත්වයෙන් කිසිදු සහයෝගයක් හෝ මඟපෙන්වීමක් නොමැති නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම අසරණ වී ඇති බව පෙනේ.
ගල්කිස්ස හෝටලය යනු හුදෙක් මුදල් උපයන ව්‍යාපාරික හෝටලයක් පමණක් නොවේ; එය ශ්‍රී ලංකාවේ යටත්විජිත, වාස්තු විද්‍යාත්මක සහ ප්‍රේම ඉතිහාසයේ අතිවිශාල වටිනාකමකින් යුත් ජීවමාන ස්මාරකයකි. පෞද්ගලික අංශයේ නොසලකා හැරීම නිසා මෙවැනි සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථානයක් පුස් කමින් විනාශ වී යාම දැකීම අතිශයින්ම වේදනාකාරී ය.
මෙම හෝටලය ශ්‍රී ලංකාවේ වෙරළබඩ යටිතල පහසුකම් සමඟ බද්ධ වී ඇති බැවින් සහ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සලකුණක් බැවින්, රජයේ මැදිහත්වීම අවශ්‍ය යයි මට හැඟේ.
එනිසා, හෝටලයට පහළින් ඇති ඓතිහාසික ගල්කිස්ස දුම්රිය ස්ථානය සමඟ පවතින සෘජු සබැඳියාව හඳුනාගෙන, මෙය ආරක්ෂිත නාගරික උරුමයක් ලෙස සුරැකීමට මැදිහත් වන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිමු. ප්‍රධාන දුම්රිය ස්ථාන අසල හෝටල් සැදීම බ්‍රිතාන්‍ය යටත්විජිතයේ අංගයක් විය. පැඩින්ටන් , කිංග්ස් ක්‍රොස් ලන්ඩනයේ දුම්රිය ස්ථාන සමගම ඇති විශාල හෝටල් සංකීර්ණ මෙයට උදාහරණය. වර්තමාන ජපානයේද දුම්රිය සංචාරක මගින් සඳහා එවැනි හෝටල් නිර්මාණය කර ඇත.
එසේම ලෝක මට්ටමේ සංචාරක සම්පතක් මෙලෙස විනාශ වී යාම වළක්වා, මෙම මුහුදුබඩ දායාදය පෞද්ගලික කළමනාකාරීත්වය සමග සහයෝගයෙන් මුදාගැනීමට කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් ද ඉල්ලා සිටිමු .
ඔවුන්ගෙන් සහයෝගයක් නොමැතිනම් රජය වහාම මැදිහත් වී මෙම දේපළ නැවත රජයට පවරාගැනීමට හැකිදැයි සොයා බලා රාජ්‍ය ආයෝජන මඟින් මෙහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුය. එය පසුගිය යටත් විජිත සමය සිහි ගන්වන්නක් නිසා සමහරුන්ට මේ අදහස අපුල විය හැකිය . නමුත් මෙම ගොඩනැඟිල්ල අයිති මේ රටේ ජනතාවට සහ එහි ඉතිහාසයටයි. එය රටේ සංස්කෘතික හා ජාතික උරුමයකි!
- අජිත් ධර්මකීර්ති 02/10/2026
https://www.tripadvisor.ie/ShowUserReviews-g499079-d307713-r1032409111-Mount_Lavinia_Hotel-Dehiwala_Mount_Lavinia_Western_Province.html
ReplyDeletehttps://www.dailymirror.lk/the_weekend_online/Mount-Lavinia-Hotel-Celebrates-220-Years-of-Love/426-299441
thannks
Deleteගල්කිස්ස හෝටලය නිකම්ම කාමර විකුණන තැනක් සහ ලංකාවේ wedding ගන්න ශාලාව කුලියට දෙන තැනක් බවට පත්වීම ශෝචනීයයි. ලංකාවේ තියෙන වටිනාම ඓතිහාසික උරුමයක්. සිංගප්පූරුවේ MBS (Marina Bay Sands) වගේ open වෙන්න ඕනේ, මේකේ තියෙන යටත්විජිත යුගයේ කාමර ප්‍රවේශ පත්‍ර ක්‍රමයකට සංචාරකයින්ට විවෘත කලොත් ආදායමක් ගන්න පුළුවන්. ඒ වගේම ගල්කිස්ස දුම්රිය ස්ථානයත් හෝටලයට සම්බන්ධ කරලා, කොටුව පානදුර ඉඳන් පැරණි පන්නයේ විශේෂ දුම්රිය සේවාවක් (Heritage Train) හැදුවොත් මේක ලෝකයේම අවධානය දිනාගන්නා සංචාරක කලාපයක් කරන්න පුළුවන්. ලංකාවේ සංචාරක කර්මාන්තය දිනෙන් දින වලපල්ලට යනවා. MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) සහ sports events නැතුව ඊළඟ පිම්ම පැනගන්න අමාරුයි.
ReplyDeleteනිහඬපාල තුමෝ , මේ කමෙන්ට් එක හරි විධිහටම කියල තියනව. මට කියන්න ඕනේ වුන අදහස හරියට අකුරු කරලා . මේ කමෙන්ට් එක උස්සනවා මගේ ෆේස්බුක් පෝස්ට් එකටත් . ස්තූතියි එකෙන්ම
Deleteඅහා! විශිෂ්ට ගවේෂණාත්මක ලිපියක්. ආයෙ හතර-පස් වතාවක්ම එන්න ඕනෙ. චන්දෙ දාන්න යන්න තියන නිසා පස්සෙ හමුවෙමු.
ReplyDeleteස්තුතියි ගවේෂකයානනි
Deleteතාම ගූගල්ගෙ ලෙඩේ සුව නෑ. දැනුයි අපේ බ්ලොග් රෝලට ආවෙ.
ReplyDeleteමගේ නම් අප්ඩේට් වෙලා වගේ
Deleteමගේ බ්ලොග් රෝලටත් ඇවිත්!
Deleteයකඩ මල්ලට ගුල්ලො ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසික් කරපිය කිව්වලු.හ්ම්...😞
ReplyDeleteඒකත් එහෙමයි , බේරා ගන්නම් බැරි වුනහම ද
Deleteඔය කිසිදෙයක් කරන්නෙ නෑ. විනාශ වෙලා ගියාට පස්සේ කම්පා වෙන එක විතරයි කරන්නේ.
ReplyDeleteමේවා පෞද්ගලික දේපළ නේ දැනට . මම කියන්නේ සමහර වෙලාවට රජය ඉදිරිපත් වෙන්න ඕනේ කියල . අපරාදේ වගේ හිතෙන්නේ නැත්ද ?
Deleteරජය ඕකට අතගහන එකක් නෑ. පෞද්ගලික ව්‍යාපාර රජයට ගන්නවා කියන චෝදනාව එනවනේ. මේ ලිපිය කියවනකල් මේ තත්ත්වය දැනගෙන හිටියෙත් නෑ. වටිනා ඓතිහාසික ස්ථානයක් ලෙස රැකගත යුතු තමයි. ඇන්තන් චෙකොෆ් හිටපු කාමරේකුත් සුරක්ෂිත කරලා තියනවා කියලා අහල තියනවා.
Deleteඔව් ලිට්සිකර් . මම රජයේ ඉහල තැනකට කිව්වා . සනත් උක්වත්ත බොහම ඇඩමන්ට් කෙනෙක් කියල කිව්වා . කිව්වට අහන්නේ නැති කතා කරන්න බැරි කෙනෙක් කියල . හොටෙල් මැනේජ්මන්ට් එකේ පහල අය කීවේත් ඒක . ආණ්ඩුව අත ගහන්නේ නැහැ . චෙකොෆ් , චාලි චැප්ලින් හිටි කාමර ගැන කියන්න එකෙක්වත් නැහැ එතන . සනත් උක්වත්ත තම වර්තමාන අයිති කාරයා . 1975 එයාගේ තාත්තා අරන් තියෙන්නේ
Deleteපවුලූෂා නියම සිංදුවක් ලියල AI (Suno) දාලා කියවලා.
ReplyDeleteපට්ට සිංදුව.
https://iwanpaulooshaa.blogspot.com/2026/10/blog-post.html?sc=1791482307992#c926672812478004122
කෝ දැක්කේ නැහැනේ
Deleteආනේ... බස්සාගේ මේ කමෙන්ට් එක දැකලා මමත් අනවසරෙන්ම ගිහිල්ල බැලුව. මාර ලස්සනයි නේද. thanks
Deleteලස්සනයිද කියලත් අහනවා? බොක්කටම වැදුනා පිහි පාරක් වගේ. අපි හැමෝටම කියන්න බැරි ආදර කතා තියනව නෙව?🫠
Deleteහ්ම්ම්... .
Deleteගල්කිස්ස හෝටලයට වඩා මට නම් මතක තියෙන්නේ ගල්කිස්සේ මුහුදු වෙරළ. අපි ඒ කාලේ විභාග ඉවර වුණාම යන්නේ ගල්කිස්සේ බීච් එකට තමයි. කාලා බීලා, තව ඉතින් එක එක දේවල් කරලා 😄, රෑ වෙලා බස් එකක්වත් නැතුව පයින්ම ගාටපු දවසුත් තිබුණා. හරිම සුන්දර කාලයක් ඒක. අදටත් ඒ මතකයන් හරිම රසවත්.
ReplyDeleteගල්කිස්ස හෝටලය කියන්නේ ඒ කාලේ අපට නම් හරිම ලස්සන, සුඛෝපභෝගී, ටිකක් හයිලෙවල් තැනක්. ඇත්තටම ඒකට වෙනම ගාම්භීරත්වයක්, ආකර්ෂණයක් තිබුණා. අපි වගේ කොල්ලන්ට ඒ කාලේ ඕක ටිකක් දුරින් ඉඳන් බලන තැනක් තමයි. 😄
දැන් ඒ හෝටලයත් පරණ තත්ත්වයෙන් පහළට වැටිලා, ඒ තිබුණු ආකර්ෂණය නැතිවෙලා කියලා අහන්න ලැබීම නම් දුකක්. මොකද ගල්කිස්ස හෝටලය කියන්නේ නිකම්ම හෝටලයක් නෙමෙයි, අපේ තරුණ කාලේ මතකයන් එක්ක බැඳුණු ගල්කිස්සේ අනන්‍යතාවයේම කොටසක්.
ඔව් මයියා හරි. ගල්කිස්ස හෝටලය කවදාවත් "අපේ" එකක් වුනේ නෑ. ඒක කොළඹ එලීට් පන්තියේ සහ ධනවත් විදේශ සංචාරකයන්ට පමණක් ඇරුන තැනක් විදිහටයි මටත් හැමදාම මතක තියෙන්නෙ,
Deleteඓතිහාසික වෙන්න නම් ඇති. කොළඹ නගරය ලස්සන කරපු තැනක් ද? ඔව්, ඈතින් ඉඳන් රසවින්ඳ අපේ නොවන, අපට අකැප , අපේම හීනයක්. කටුක සත්‍යය තමයි, ඒ නිසාම ඒ තරම් බැඳීමක් නැති වග.
අපිත් වැල්ලවත්තේ ඇඩම්ස් ඔන්ලි චිත්තර පටිය බලලා යන තැනක් තමා . මට මතකයි ලේඩි චැටර්ලි බලල , බලු ලැගුන් බලල ඔතනට යනවා . ඒ දවස් වල අපටත් ලඟින් යනවා මිසක් ඇතුළට යන්න බැරි තැනක් තමා . මේද පාර ගියේ අර ලොවිනා කතාවයි , ලවිනියා M 7 කොච්චි එන්ජින් එකයි නිසා . කතාව බලන්නත් එක්ක . අනික තැන ලස්සන නිසා . බුදිය ගන්න බැහැ ගඳට . හා ද්දේම ගණන් . කෑම එකත් රුපියල් පන්දාහක් විතර . ඒවා හොඳයි . හැබැයි සාමාන්‍ය වේටර් ලට හෙම සවුත්තුවට සලකන්නේ
Deleteඒ කාලේ ඉඳන් එහෙමයි . මම ගිය දවසෙත් ඔය 'එලීට් ' සෙට් එකක් දෙකක් හිටිය . සුදු කලිසම් හෙම ගහල . ඒත් ඉන්දියන් ටුවරිස්ට් ල සෙට් එකක් හිටිය . එලීට් කැලේ . හේ හේ කාම බීම වල නම් වරදක් නැහැ ඇත්තටම . ඒවා සුපුඋරි . සේවක සෙට් එකත් හොඳයි . ඒක සාමාන්‍යයෙන් ලනක්වේ ඔක්කොම හොටෙල් වල ඒ වගේ . අපි ජෙට් වින් එකේ හිටිය . ඒක සුපිරි . කාමරත් එල .
Deleteඅජිත් මහත්තයෝ, ලොවීනා පොතේ ප්රූෆ් බැලුවෙ මං.
Deleteමටත් කීප සැරයක්ම පින ලැබුණා ගල්කිස්ස හෝටලයේ උදේ බුෆේ එකට යන්න.
මාර බුෆේ එකක්...
නිදි බුෆේ එකනම් හොඳයි . හැබැයි ඒක ඔය අනිත් ඒවා ජෙට් වින් , සිනමන් බේ වගේ තමා . සිනමන් බේ එකට යන්න . මරු
Deleteඔය මේට්ලන්ඩ්-අපොන්සුවා කතාව, ඓතිහාසික ප්‍රේම කතාවක් කියල ෂුවර්ද? පබ්ලෝ නෙරුඩා සහෝදරයා, සක්කිලි කෙල්ලව දූෂණය කල එකත් රොමැන්තිකරනය කරලා විකුණගෙන කෑව රට නේද මේක? ඕක පවර්-ප්ලේ එකක් වෙන්න බැරිද?
ReplyDeleteමම නං කියන්නෙ, අයිති කාරයන්ට දඩ ගහන්න ඕනෙ ලොවෙත් නැති වෙන්න. ආණ්ඩු තියෙන්නෙ, නගර සභාව තියෙන්නෙ, PHI ල ඉන්නෙ, අධිකරණයක් ඉන්නෙ ඒකට නෙමෙයිද? නැතුව බේල්-අවුට් කරලා, රටේ සල්ලි වලින් නඩත්තු කරන තව සුදු අලියෙක් හදන්න ඕනෙමද?
කෑව කෑව , මම මේ සත්‍ය කතාව ලියන ගමන් හේ හේ . නැහැ ඒ කතාව එහෙමයි කියල තමා කියන්නේ . පවර් ප්ලේ එකක් කියන අදහස මම එතැන් ඉන්න කොට හිතුන . //මම නං කියන්නෙ, අයිති කාරයන්ට දඩ ගහන්න ඕනෙ ලොවෙත් නැති වෙන්න. ආණ්ඩු තියෙන්නෙ, නගර සභාව තියෙන්නෙ, PHI ල ඉන්නෙ, අධිකරණයක් ඉන්නෙ ඒකට නෙමෙයිද?//100% එකඟයි . ඔය අය්තිකාරයෝ හෙම දළ තියෙන පාරම්පරික ධනවත්තු . එයාලට කේස් අදිනවා අඩුයි මම හිතන්නේ
Delete+++++++++++++++++++👌🙏💐
Deleteබස්සා මහත්තයෝ මමත් හිතන්නේ එහෙමයි.පොඩ්ඩක් ලුණු ඇඹුල් දාලා අපේ කෙල්ලෝ ලස්සනයි සුද්දොත් වහ වැටෙනවා වගේ දෙයක්. මොකක් හරි තිබුනත් ඒක ලව් එකක්මද දන්නේ නැහැ. හැබෑටම ඔය කියන උමග තවම තියනවද ?
Deleteඇයි අර දාලා තියෙන්නෙ ආරුක්කු දොරයි, දර පෝරණුව වගේ කාමරෙයි. පැහැදිලිවම අයිතිකාර උක්වත්තෙ හාමුලට පුස් මකා ගන්න බැරි වුනාට, ලොවිනව මාකට් කරන බව නම් පේනවා:
Deletehttps://www.dailymirror.lk/the_weekend_online/Mount-Lavinia-Hotel-Celebrates-220-Years-of-Love/426-299441
සාක්කි නම් නෑ, ඒත් මට ඔය උමඟ ජෙනුයින්ද කියලවත් විස්වාස නෑ. ඒත් ඕන කෙනෙකුට ෆැන්ටසි විකුණගෙන කන්නත්, ඒ ආතල් එක ගන්නත් තියන අයිතියට මම ගරු කරනවා. මට පොඩ්ඩක් අවුල් ඉතිහාසෙ විකෘති කරනව නං තමයි.
ඒ අතරම, අජිත් තමන් ගෙ කාලය, ශ්‍රමය, මුදල් වියදම් කරගෙන අපව මේ අපූරු රෝලකෝස්ටර් රයිඩ් එකේ ගෙනිච්ච එක ගැන මගේ ආචාරය.
මම හිතන්නේ උමග ඇත්තක් කියල . නමුත් ලොවිනා ගේ කතාවේ වෙන කොටසක් ඇති කියල හිතනවා . ලිපියකින්ම හමු වෙමු
Deleteමට ඇමැති තුමා කිව්වේ උක්වත්ත ආඩම්බරයි කියල. ඒ ගොල්ලෝ ඇඟිලි ගහන්න යන්නේ නැහැ පෞද්ගලික දේපල වලට . ඒ වුනාට අර ඔබතුමා කියනව වගේ සංචාරක ආයතන , හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි වගේ දේවල් තියෙන්නේ උක් කපන්නද . හොයල බැලුවා හෝටල් සංගමේ සභාපති හෙම වෙලා ඉඳල තියනව -https://www.dailymirror.lk/the_weekend_online/SANATH-UKWATTE-BIDS-ADIEU-THASL/426-225626
Deleteඅපි හිටිය දවස් වලම ටුවරිස්ට් කපල් එකක් දාල ගියා . අපි දවස් හතරක් ඉන්න හිටියේ දවස් දෙකෙන් ගියා ආපහු ජෙට් වින් එකට . ඒවා හොඳට කරගෙන යන හොටෙල් .
Delete100% එකඟයි. ඊයේ රෑ ජාමෙ ලංකාවෙ පරිපාලන සේවෙ මිතුරෙක් එක්ක කතා කලා. ඔහුත් අර අරටු බැහැපු රාජ්‍ය නිළධාරිවාදය ගැන තමයි කිව්වෙ. මට ඔබ නිතරම කියන ඒ කතාව , වෙනදට වැඩිය බරට දැණුනා. 🤔
Deleteස්තූතියි ලොක්කා . ඕව හැදෙන්න කොපමණ කල් යයිද මන්දා . නමුත් දැන් අලුතින් එන සෝෂල් මීඩියා වලට් දාන ට්‍රෙන්ඩ් එකෙන් හොඳකුත් වෙයි කියලත් හිතෙනවා .
Deleteහුම්. පොට් එක වෙඩිං ලොකේසන් එකක් විදියට තමා අපිට වඩා මතක.
ReplyDeleteඒ වගෙම තමයි ගල්කිස්ස හෝටලේ කියද්දි මතක් වෙන තව කෙනෙක් ඉන්නනව. සූපවේදී පබිලිස් ලොක්ක!
පබිලිස් ලොක්කට දැන් අනූවක් විතර . අපි හිටි දවස් වල හිටියේ නැහැ . පුතා නම් ඉන්නව මම හිතන්නේ
Deleteවෙඩින් තමා ගන්නේ දැන්
Deleteකාමර තෙතමනෙන් යුක්තයි/
ReplyDeleteඅඩේ මීට අවු: 11,12 කලිං ගියාම මටත් ඔයවගක් දැවුන. මං ඒත් හිතුව ඒ තෙත්/පුස් ගතිය මට විතරක් දැවුන එකක්ය කියල. හුම්. ඒ කියන්නෙ බර කාලෙක ඉඳල හෝටලේ දිරාපත්වෙන ගානට තමා කටයුතු වෙන්න අර කීවත් වගෙ. අපරාදෙ... 💔
මායිය කියල තියෙනව වගෙ අපි වගෙ අයට ගල්කිස්ස බීච්එකෙ ඉඳල, ඒ කියන්නෙ එළියෙන් ඉඳල දකින හෝටලේ තමයි වාව්!
ඒකනේ කියන්නේ . කට වහන් හිටියේ මොකටද ? මම කිව්වා ෆ්ලෝ මැනේජර් ලට . එයාල කිව්වා දන්නවා ඉතින් ඉහලින් මුකුත් කරන්නේ නැහැ කියල .
Deleteනමියා හොරෙන් බැදලා වාගේ... මායියා එක්ක ගල්කිස්සේ බිච් ගිහිල්ලා නේ.
Deleteඑහෙමත් එකක්ද ?නිදිත් නොදැන ?? සුබ මංගලම් නමියෝ
Deleteහෙහ්.හෙ 😁. මං ගියේ අනුන්ගෙ වෙඩිමක් කවර් කරන වැඩකට. ඒ හන්ද ඕව කා එක්කවත් කතා කරන්න යන්න වෙලාවක් හම්බුනෙ නැ.
Deleteහැමදාම ජයසිරි මංගලං වගෙ තමා. පෙරලුනු පිට හොඳයි කියල ඉන්නො ඉතිං 😂😂
@ඇනෝ
Deleteහෙහ්, හෙහ් "මායියා"
+++++++++++++++++++++👌🤣😁
ගෙවල් ලගටම ඇවිල්ලා ගිහිල්ලා නේ...අමතක උනාද කොළොම්පුරයාත් ගල්කිස්සේ පොරක් කියලා. මේට්ලන්ඩ් - ලොවිනා පෙම්කෙලියේ ඇතුලේ..අපි තාප්පේ අයිනේ වැටේකේ ගාල්වල ..😂
ReplyDeleteඅනේ මහතුනේ සොරි වේවා . ඔය අත්දැකීම් එක්ක එහෙම දෙයක් හිතුනේ නැති එක ගැන . ප්‍රා ජේ තුමා නම් ආවා බලන්න . අනික එක සැන්දෑවක් යාලුවෝ බුක් කරලා තිබුන . ඒකත් අවුල් . මොකද්ද මේ ඩ්‍රැගන් කියල චයිනිස් එකක් . ඒ ළඟම . වැඩ කලේ ඔක්කොම දෙමල සහෝදරවරු . අන්තිම සවුත්තු සර්විස් එකක් දුන්නේ
Deleteවෙලාවක් තිබ්බොත් ගාල්ලේ NOH - New Oriental Hotel එකටත් ගිහින් බලන්න
ReplyDeleteඋඹ දැන්නේ කියන්නේ ලව්පුසා තුමා . අපි ආපහු ආවා . ඊළඟ සැරේ තමා
Deleteහැමදාමත් වගේ ඔබේ සටහන කියෙව්වා.
ReplyDeleteපැරණි උරුමකම් කියන දේවල් මේ විදිහට ජරා ජීර්ණ වෙලා යන එක ගැන නම් හරිම දුකයි. නුදුරු අනාගතේ මේ දේවල් නවීකරණය වෙලා ලස්සන නගරයක් හැදෙවා කියලා මම පතනවා.
මම කැමැතියි පෞරාණික ගතිය පොඩ්ඩක් තියල නවීකරණය කරනවා නම් . ඔය උඩ නිහඬ පාල මහත්මයා හෙම කියල තියනව වගේ
Deleteඔව් ඇත්ත. මමත් ඉන්නේ ඔබේ මතේම තමයි. නවීකරණය වනවා කියලා අමුතුම දේවල් අලුත්ම විදිහකට නෙමෙයි.. මේ වගේ පෞරාණික වටිනාකම තියෙන දේවල් ඒ පෞරාණික කම රැකගනිමින් ම නවීකරණය වෙන එක තමා ඉතාම වටින්නේ.
Deleteඔව් ඒක හරි . ඕව හරියටම කරන්නේ මීහ් ඉන්න 'පර සුද්දෝ ' තමා . මොකක් හරි යන්තන් අවුරුදු 100 , 150 පරණ අට මාගලක් වුනත් වට කරලා පාරක් හදල , පුලුවන්නම් මියුසියම් කෑල්ලකුත් ගහල ටිකට් කඩනවා 😃. මේ වගේ තැනක් කොහොම කරන්න් පුලුවන්ද ? ප් [ පොත් දෙක තුනකුත් ලියල් තියෙන එකේ
Deleteඅනේද කියන්නෙ?
DeleteOldest Pub in England
ඔය තියන්නේ එකක්
Deleteමැක්‍රෝ යතුරු පුවරුවකට උදව්වක් අවශයයි
ReplyDeleteමම Interception.zip යොදාගෙන
මැක්‍රෝ ප්‍රකාරයේ යතුරු පවරුවක් හදන්න තතනමි.
ඒ සඳහා Rapooවර්ගයේ යතුරු පුවරුවක් ගතිමි.
එහි ඉහලම පේලියේ යතුරු හඳනා ගන්න බැරිය
කල හැක්කක් කියාදෙන්න.
DeleteStandard Function Key Shortcuts (Fn + F-Key)
Depending on your specific model (such as the Rapoo E9050, 9010M, or 8200M), the top line typically performs these actions:
• Fn + F1: Back button / Previous track
• Fn + F2: Forward button / Play/Pause
• Fn + F3: Homepage / Next track
• Fn + F4: E-mail
• Fn + F5: Multimedia player
• Fn + F6: Play / Pause or Mute (varies by model)
• Fn + F7: Stop or Volume Down
• Fn + F8: Previous track or Volume Up
• Fn + F9: Next track or Search
• Fn + F10: Volume - (or Copy on some compact layouts)
• Fn + F11: Volume + (or Paste on some compact layouts)
• Fn + F12: Mute (or Lock screen on some compact layouts)
Device Switching & OS Mode (Selected Models)
• Fn + 1 / 2 / 3: Switch to Bluetooth paired devices
• Fn + 4 (or Fn + USB): Switch to the 2.4 GHz USB receiver mode
• Fn + Q / W: Switch between Mac OS and Windows OS modes
• Fn + Esc: Toggle Fn Lock (if your top row is stuck triggering multimedia actions instead of standard F1–F12 inputs)
ඔයාට ගන්න බැරිද ඉස්ටේසමයි හෝටලෙයි දෙකම
ReplyDeleteඔයා ණයක් දෙනවනම් මම ගන්නම්
Deleteබස්සා තුමාගෙ සපෝර්ට් එකද වෙනයම් හේතුවක්ද මන්ද මේ ලිපිය දැන් බ්ලොග් එකේ සහ ෆේස්බුක් එකේ දෙදහ පන්නල ගිහිල්ල
ReplyDeleteමම නිසා නෙමෙයි, මේකෙ context නියම නිසා. ඔබගේ මහන්සියට සහ කැපවීමට සාධාරණක් ඉටුවීම ගැන සතුටුයි. සුභපැතුම්!👌💐
Deleteඅපට වැඩි,වැඩියෙන් ගවේශණාත්මක ලිපි කියවන්න ලැබේවා.🙏
අගේ ඇති විස්තරයක්.
ReplyDeleteස්තූතියි ගරු මහත්මයා
Delete