මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -1
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස
මෙයින් පසු මා බොහෝ විට තැත් කළේ මේ මළවුන් ගෙන්වීම සත්‍යයක්ද යන්න සෙවීමටය. ජෝන් එඩ්වර්ඩ් නමැති ප්‍රසිද්ධ මීඩියම් හෙවත් මළවුන් ගෙන්වීමේ මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන්නාගේ "එහා ලොවට තරණය " (crossing over) නමැති රූපවාහිනී වැඩ සටහන දිගින් දිගටම නැරඹුවෙමි. එසේම එඩ්ගාර් කේසිගේ පොත් රැගෙන කියවූයෙමි. මේ පොත්වල අඩංගු දෑ ගැන "වේලය පිටුපසින් " කණ්ඩායම සමග වාද විවාද කළෙමි. මට සැබවින්ම සිතුනේ ජෝන් එඩ්වර්ඩ් කරන්නේ මුදල් රැගෙන බොරුවක් බවය. මිනිසුන් තමන්ගේ මියගිය නෑදෑයින් සමග කතා කරන්නට අවශ්‍ය වන්නේ ඔවුන්ට නොයෙකුත් මානසික ප්‍රශ්න තිබෙන නිසා බවට වාද කලෙමි. එසේම එඩ්ගාර් කේසි ගේ බෙහෙත් වර්ග බොහොමයක් ඉන්දියාවේ ආයුර්වේදී බෙහෙත් බවත් ඔහු ආයුර්වේද පොතකින් ඒවා සොරකම් කර නොදැනුවත් අමෙරිකානුන් රැවටු බවත් මට සිතිනි.
එඩ්ගාර් කේසි බොහෝ අනාගත කියවීම් ආදිය කලේ ස්වයං මෝහනයකට ලක්වීමෙනි. "නිදා ගෙන පේන කියන්නා " ලෙස ඔහුව හැඳින්වූයේ එබැවිනි. ඔහු බයිබලය හිස තබාගෙන නිදාගත් පසු එය මුළුමනින්ම මතක තිබු බව කියවේ. ඔහු බොහෝ තෙල් නිධි ඇති ස්ථානද සොයා දී තිබේ යයි කියති. ඔහු ක්‍රිස්තියානි වූවද පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අතර තමන්ගෙන් සුවය ලැබීමට හා අනාගතය දැන ගැනීම සඳහා එන්නන්ගේ පෙර ආත්ම ගැන කීමද කළේය. මෙය ඔහුගේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ වූ නිසා ඔහුට ඇතැම් ඇමෙරිකානු ආගමික සංස්ථාවන්ගේ දැඩි විරෝධයද එල්ල විනි. මට ඔහුව පෙනුනේ ලංකාවේ සිටින පේන කියන්නෙක් මෙනි. ලංකාවේදී ඒවා විශ්වාස නොකළ මට කේසිගේ කථා විශ්වාස කිරීමට අපහසු විය.
මෙහිදී මට තේරුම් ගියේ ජැමි හෙවත් ලවුලන් ඇතුළු පිරිස කිසිදු පල්ලියකට නොයන බවත් ඇතැම් අය ස්පිරිචුවලිස්ට් (ආත්මීය) පල්ලියට යන බවත්ය. මෙහි ශාඛාවක් එන්ෆිල්ඩ් වලද තිබුණු අතර මම එයට වරක් දෙවරක් ගියෙමි. මේ පල්ලිය බිහිවන්නේ මරණින් මතු ආත්මයක් වශයෙන් මළවුන් සිටී යයි විශ්වාස කිරීම හා ඔවුන් සමග කතා කිරීම ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි ආගම් සියල්ල ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙහි ප්‍රධානින් සියල්ල මිඩියම් හෙවත් මළවුන් සමග අදහස් හුවමාරු කරන්නන් වන අතර එයට යන වන්දනාකරුවන්ද එය විශ්වාස කරන අයම වීය. නමුත් තමන්ගේ දෙවියන් වශයෙන් ජේසුස්වහන්සේව ඇදහීම ඔවුන් දිගටම කරගෙන යාම විශේෂත්වය විය. ජේසූන් මරණයෙන් පසු පැමිණ කතා කල බව ඔවුන් විශ්වාස කරති.
එම පල්ලියේදී එක් මීඩියම් කෙනෙක් (හෙවත් මළවුන්ගේ මාධ්‍යය) මට කතා කර දෙදෙනෙකු මා හමුවීමට පැමිණ සිටින බව දන්වා කිසියම් විස්තර වගයක් කළාය. ඒවා මෙහි සඳහන් කිරීමට නොවටිනා විස්තර ලෙස හැදින්විය හැකිය. මා ගුර්කා (එංගලන්ත හමුදාවේ ගුර්කා භටයන්) වරයෙකු ලෙස සලකා කියන දෙයක් ලෙස පෙනී ගිය නිසා මට යටි සිතින් සිනා සෙමින් එතැනින් පැමිණියෙමි. නැවත එතනට නොගිය මා මුලු විස්තරයම අපේ "වේලයෙන් පිටුපස " පර්යේෂණ කාණ්ඩයට පවසා දැඩි විවේචනයක් කලෙමි.
අර පළමු ලිපියේ සඳහන් කළ අමරාවතී පන්සල වැදගත් වන්නේ මෙතනය. එම අවුරුද්දේ සුපුරුදු ලෙස ලංකාවේ දානයට මූල්‍ය සහය දෙන අතරේ අමරාවතියට දානය දීමට සැරසුනෙමි. එහි අප හැමෝමත්, පැමිණෙන යහළුවනුත් ආහාර පිස රැගෙන එන අතර භික්ෂූන් හා ස්වායත්තව සේවය කරන අය දානය ගත් පසු ඉතිරි සියල්ලෝම එහිම සිට දහවල් දානය බෙදා ගනිති. දානය ගෙනා අයගේ නම් හා මියගිය ඥාතීන්ගේ නම් පිළිවෙලට කියවනු ලැබේ.
මම ලවුලෙන් (ජැමී) ගෙන් මේ පිළිබඳව විමසුවෙමි. එදින දානය රැගෙන යද්දී මගේ පය බුමුතුරුණකට පැටලුනු බව කීවාය . (ඒ දිනවල අපේ නිවසේ බිම කාපට් කර තිබුණි.) මා එවිට ඇයට කිවේ එවැනි දෙයක් ඕනෑම කෙනෙකුට කිව හැකි බවත් හැම නිවසකම වාගේ කාපට් තිබෙන බවත්ය. (කාපට් වලට පය පැටලීමද මට නිතර වෙන දෙයකි.) මෙහිදී ඇයට මදක් තරහා ගිය බවද පෙනුනි.
ඉන්පසු ඇය කියනා ලෙසට මගේ පියා සමග සම්බන්ධ වූවාය. මෙහිදී පැහැදිලි කළ යුත්තේ ලවුලෙන් ඇන්ග්ලිකන් කාන්තාවක වූ නමුදු කිසිදු දේවස්ථානයකට නොයන්නියක් බවයි. එතැන සිටි බොහෝ අය ද එසේය. ඔවුන් බොහෝ දෙනා බෞද්ධාගම ගැන අසා නොතිබූ අතර හින්දු ආගමේ ආකාරයට කර්මය විශ්වාස කළ අය වුහ. ඉහත සඳහන් කළ එඩ්ගාර් කේසි පන්නයේ කර්මය විශ්වාස කළ අයද විය.
මෙසේ පල්ලි නොයාමට හේතුව ඔවුන් Witch හෙවත් මායාකාරියන් ලෙස සමාජය හංවඩු ගසන නිසා බව මට විස්තර කළහ. අලෙක්සන්ද්රියාවේ හිපාටියා ගෙන් පටන් ගෙන යුරෝපයේ බොහෝ ගැහැණුන් පුළුස්සා මරා දැමුණු බවද කිහ. මෙසේ යුරෝපයේ මරා දැමුණු අවසාන කාන්තාව ස්විට්සර්ලන්තයේ අන්නා ගොල්ඩි ය.
එදින ලවුලෙන් කීවේ මා උස ජනෙල් තිබෙන විශාල ශාලාවක සිටි බවයි. දානයක් දෙන විහාරයක එසේ තිබිය හැකි බව මම කීවෙමි. ලවුලෙන් කීවේ ඇය ජිවිතයේ කිසි දිනෙක විහාරයකට හෝ කෝවිලකට පා තබා නොමැති අතර ඒවා කළුද සුදුද වත් නොදන්නා බවයි. මෙහිදී දානයක් යනු කුමක්දැයි ඔවුන්ට පහදා දෙන්නට සිදු විය. එතන සිටි (චැට් රූම් එකේ) බොහෝ අය මියගිය ඥාතීන් සිහිකර දානයක් දීම හොඳ ක්‍රියාවක් ලෙස සිතූ බව ඔවුන්ගේ පණිවිඩ වලින් වැටහිණි. එසේම ඔවුන්ගේ අදහස වූයේ යාචකයන්ට දානයන් දිය යුතු බවයි.
අපේ දෙවියන් කෙළවරක සිටින බවද ඊජිප්තු ප්‍රතිමාවක් මෙන් බවද කීවාය. මෙය ඈ නොදැනුවත්කමින් කී දෙයක්දැයි විමසීමි.
ඉන්පසු ඇය කීවේ මගෙන් හුරුබුහුටි කුඩා ළදැරියක් වතුර ඉල්ලු බවයි. ඇය හැඳ සිටියේ ඩෙනිම් ජැකට්ටුවක් බවද මල් වැටුන ඇඳුමක් ඇඳ සිටි බවද තව දුරටත් පැවසුවාය. මේ දැරිය මගේ දියණියක් නොවූවත් බොහෝ ළඟ කෙනෙකු බවද කීවාය.
මා කැමති වූවා හෝ නැති වුවත් ඇය මෙහිදී පවසන්නේ සත්‍ය බවට මට පිළිගන්නට සිදුවිය. මා කුඩා කාලයේ සිට හදුනන යහළුවකු ගේ ප්‍රථම දරුවා වුයේ මේ කුඩා දියණියයි. අපේ යහළුවන් අතරින් පළමුව විවාහ වූයේ ඔහුය. යහළුවන් කණ්ඩායමේම ආදරය ලත් සුරතල් දරු පැටියා වුයේ මේ හුරුබුහුටි පොඩිත්තියයි. ඇය ජර්මනියේ පැවැත්වූ අපේ විවාහ උත්සවයටද දෙමාපියන් සමග සහභාගී වූවාය. ඇය මගෙන් වතුර බොන්නට ඉල්ලු බව හා ඇය ඇඳ සිටි ඇඳුම පවා නිවැරදි ලෙස කිවේ කෙසේද යන්න මට එවේලේ සිතා ගත නොහැකි විය.
අප මිතුරියක වූ කුඩා දියණිය ගේ මව මේ විස්තරයට නොපහන් බවක් දැක්වූවාය. මා මේ පිළිබඳව මගේ මවට පැවසූ විට ඇගේ පිළිතුර විස්මය දනවන සුළු විය. ඇය මා මළවුන්ට කතාකිරීම වහාම නවතා දැමිය යුතු බව පැවසුවාය. හේතුව පන්සලේ හාමුදුරුවන් කී දෙයකි. මේ ගෙන්වන්නේ භූතයන් හා ප්‍රේතයන් බව ඔහු කියා ඇත. එසේ භූත ලෝකයේ ඉපදී ඇති නිසා ගෙන්වන්නට පුළුවන් බවද කියා ඇත. මගේ මව හාමුදුරුවන්ගේ වදන් වලින් ශෝකයට පත්වූ නිසාත් ඇගේ සිත තව දුරටත් පාරන්නට නොහැකි නිසාත් මා එය නවතන බව පැවසුවෙමි. මගේ පියා එවැනි ආත්මයක ඉපදී ඇති කීම මගේ සොයුරියන්ද කෝපයට පත් කරවන්නක් විය.
මේ හාමුදුරුවෝම "නයනේ" ගේ ප්‍රතිචාරයේ පැවසූ පරිදි පන්සලේ තාප්පය වටේ විදුලි ආලෝකය හා තවත් වැටක් ගැසීමට මවට යෝජනා කර තිබුණි. පියාට දිව්‍යාත්මයක් ලබා දීම එහි අරමුණ යයි කියා තිබේ.
මෙහිදී මට මතක් වන තවත් සිද්ධියක් තිබේ. පියා මියගොස් හත් දවසේ දානය මේ පන්සලට දෙන්නට කතා කරද්දී සියලුම හාමුදුරුවරු උපාධි සඳහා ඉගෙනීම් වලට යන බැවින් හා, ලොකු හාමුදුරුවන් අසනීප නිසාත් හීල් දානය පමණක් එවන ලෙස දන්වා තිබිණි. මගේ මව මෙයට අකමැති වුවාය. මට පසුව දැන ගන්නට ලැබුනේ මගේ පියා හා මව දිගටම වැඳුම් පිදුම් කල කොළඹ පන්සලක නායක හිමියන් ඇතුළු හිමිවරුන් පැමිණීම ගැන මේ හාමුදුරුවන් අසතුට පළ කල බවයි. එහිදී මම කියා සිටියේ පන්සලට දානය මින්පසු නොදෙන්න කියායි. මා එසේ කියූ බව දැනගත් නායක හිමි හත් දවසේ දානය එදිනම දවාලට සුපුරුදු ලෙස පූජා කිරීම සඳහා කැමති වී තිබිණි.
කෙසේ හෝ මව හාමුදුරුවරුන් කී දේ අසා, මෙසේ පියා ගැන මළවුන් ගෙන්වන්නන් ගෙන් විමසීම ගැන දෝෂාරෝපණය කළ පසු මා ලවුලෙන් ට මේ විස්තරය කීවෙමි. මට අවශ්‍ය වුයේ ඔවුන් මෙය කෙසේ කරන්නේද කියා දැන ගැනීමටය. ඇගේ විධි ක්‍රමය ගැන මගේ අවිශ්වාසය දත් ඇය මෙහිදී මට උදව් කිරීමට එකඟ වුවාය. කිසිවක් තදින් සොයා බැලීමෙන් තොරව නොපිළිගැනීමේ ලක්ෂණය ගැන ඇගේ කිසියම් සුහදත්වයක් හා අවබෝධයක් තිබිණි. ඉහත එඩ්ගාර් කේසි ආදින් ගේ පොත් මිලයට ගෙන මිඩියම් කෙනෙකු වන්නට මා උත්සාහ කළේ ඉන් පසුවය.
ප.ලි.
මගේ මව දිගටම ඉහත කී පන්සලට පියා වෙනුවෙන් පොසොන් මාසයේ දානමය පිංකම කරන අතර ඇය දෙසීයකට වැඩි සිල් ගන්නා උපාසක උපසිකාවන්ටද දානය පිරිනමන්නි මහත් බැතියෙනි. මමද වරක් එයට ලංකාවේදී සහභාගී වුනෙමි.
නායක හිමි මගේ පියා දැන් "දේව සභාවක " සිටින බව හෙවත් හොඳ තැනක සිටින බව කියා තිබේ. "එංගලන්තයේ සිටින ළමයා ද " හොඳ පින්වන්තයෙකු ලෙස උසස්වීමක් ලබා තිබේ. "ඔබ සතුටින් නම් මමත් සතුටින්" බව මවට දැන්වූයෙමි .
ජෝන් එඩ්වර්ඩ් - http://johnedward.net/
එඩ්ගාර් කේසි - https://www.edgarcayce.org/edgar-cayce/his-life, http://www.edgarcayce.org.uk/index.html
ස්පිරිචුවලිස්ට් පල්ලිය http://beaconoflightenfield.co.uk/
අමරාවතී භාවනා මධ්‍යස්ථානය - http://www.amaravati.org/about/
මායා කාරියන් යයි පවසා මරා දැමුණු කාන්තාවෝ : https://en.wikipedia.org/wiki/List_of_people_executed_for_witchcraft
~ මතු සම්බන්ධයි
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

අමරාවතියේ දාන ශාලාව |
එදින ලවුලෙන් කීවේ මා උස ජනෙල් තිබෙන විශාල ශාලාවක සිටි බවයි. දානයක් දෙන විහාරයක එසේ තිබිය හැකි බව මම කීවෙමි. ලවුලෙන් කීවේ ඇය ජිවිතයේ කිසි දිනෙක විහාරයකට හෝ කෝවිලකට පා තබා නොමැති අතර ඒවා කළුද සුදුද වත් නොදන්නා බවයි. මෙහිදී දානයක් යනු කුමක්දැයි ඔවුන්ට පහදා දෙන්නට සිදු විය. එතන සිටි (චැට් රූම් එකේ) බොහෝ අය මියගිය ඥාතීන් සිහිකර දානයක් දීම හොඳ ක්‍රියාවක් ලෙස සිතූ බව ඔවුන්ගේ පණිවිඩ වලින් වැටහිණි. එසේම ඔවුන්ගේ අදහස වූයේ යාචකයන්ට දානයන් දිය යුතු බවයි.
අපේ දෙවියන් කෙළවරක සිටින බවද ඊජිප්තු ප්‍රතිමාවක් මෙන් බවද කීවාය. මෙය ඈ නොදැනුවත්කමින් කී දෙයක්දැයි විමසීමි.
දාන ශාලාවේ පන්සලේ භාවිතයට පූජා කළ ද්‍රව්‍ය |