මඩ වලට ප්‍රතිචාර දක්වන්නේ වත් මොනවත් කියන්න යන්නේවත් නැහැ කියල හිතා ගත්තේ මාස කිහිපයකට කර. මඩකරියන් තමනුත් මඩ නාගෙන අනුන්ට මඩ ගහන්නේ ඇයි කියන එකට විශාරද යහළුවෝ වගේම, ඒ පැත්ත හෝ මේ පැත්ත දෙකටම හිතවත් අය නොයෙකුත් හේතු කියා පෑව. අන්තිමට මේක ලියන්න හිතුවේ අර පැත්තක හිටිය ඉයන් ටත් හිත රිදිලා කියල මේ ලිපියෙන් දැක්කම.
මඩ ප්‍රහාර වලට එක හේතුවක් තමා මම ලංකානිව්ස්වෙබ් එක්ක පටන් ගත්ත නෙලුම් යාය යුඇන්පී ආණ්ඩුවක් දිනවන්න කරපු දෙයක් කියන චෝදනාව. ඒ වගේ දේවල් විවේචනය කලාට ප්‍රශ්නයක් නැහැ. ඒවා දේශපාලිනිකයි නේ. ඒ චෝදනා වලට උත්තර දීල තියෙනවා. නෙළුම් යාය පටන්ගන්න කොට තිබුනේ රාජපක්ෂ ආණ්ඩුවක් බව කොපමන කීවත් පිලි ගන්නෙත් නැති නිසා ඒවාට උත්තර දීමත් නිෂ්ඵලයි.
නෙලුම් යායේ උත්සව වල බජට් ඉල්ලන එකටත් කිහිප තැනකම පිළිතුරු දීල තියනවා. උත්සව සංවිධානය කරපු ලංකානිව්ස්වෙබ් (මුල් අවුරුදු දෙක) හා නෙළුම් යාය පදනම (තෙවැනි උත්සවය) කියන්නේ කාටවත් බජට් දෙන්න ඒගොල්ලෝ බැඳිලා නැහැ කියල. මම කලේ බ්ලොග් සම්මාන දීමේ යෝජනාව ගෙනාපු එක සහ ඒ සම්බන්ධයෙන් වෙහෙසුනු එක. මම අදත් හිතනවා සම්මාන දීම සාර්ථකයි කියල.
පළමුවැනි උත්සවයේ අපි දෙතුන් දෙනෙක් අතින් වියදම් කලා කියල මම ලියල තියනවා. ඕන කෙනෙකුට මාව පෞද්ගලිකව හමුවෙලා ඒ විස්තර ගන්න පුළුවන්. හංගන්න දෙයක් නැහැ. දෙවැන්නේදී සමරු පොත ට ලැබුණු දැන්වීම් නිසා යන්තම් ගොඩ දාගත්ත බව තමා ලංකා නිව්ස්වෙබ් කට්ටිය කිව්වේ. ඒකත් හුඟක් නෙමේ කියල එයාලමයි කිව්වේ. මම අහන්න ගියේ නැහැ මොකද ඊට පස්සේ කරපු ප්‍රජා සත්කාරක වැඩ වලටත් ඔවුන් මුදල් වියදම් කරපු නිසා.
තෙවැන්නේ සංවිධායක කටයුතු වලට මුල් දෙක තරම්මවත් මම සම්බන්ධ වුනේ නැහැ. ඒකට හේතුව සම්මාන උළෙල දෙකකට වඩා කරන්න මම බල පොරොත්තු වෙන්නේ නැහැ කියල කලින්ම දන්වල තිබ්බ නිසා. මගෙත් පෞද්ගලික වැඩ තිබෙන නිසා. ඉතින් ඒක සෑහෙන ජයට සංවිධානය කරල තිබ්බ බව හැමෝම කිව්වා වගේම මමත් දැක්කා. ඒකෙ වියදම් පියවා ගත්ත හැටි අහන්න වෙන්නෙත් ලංකානිව්ස්වෙබ් එකේ මහත්ම මහත්මීන් ගෙන්ම තමයි.
අර දෙක හා තුන උළෙල දෙකේම සම්මාන මුදල් ප්‍රදානය කරපු බ්ලොග්කරුවට ඒ ගැන අහන්න අයිතියක් තියනවා. එසේම ඒ මහත්මයා හෝ මහත්මිය ලංකානිව්ස්වෙබ් කට්ටියව අඳුරන නිසා පෞද්ගලිකව උනත් එයාට අහන්න පුළුවන්.
එයාටවත් නැති උනන්දුව තියෙන්නේ මේ කියන බ්ලොග්කරුට සහ ඔහුගේ ඇනෝ හමුදාවට.
මම ඕකට උත්තර දෙන්න නොගියේ යුඇන්පී ඇමතිලා දෙන්නෙක්ම සංවිධායකවරු ගෙන්නපු නිසා. මේ බ්ලොග්කරුවා යුඇන්පී රජයට විරුද්ධයි කියල මම දන්නවා. ඒ විරුද්ධ කම් මත කරන විවේචන දේශපාලනික ස්වරුපයක් ගන්න නිසාත් සංවිධායකයන් ඇමැතින් ගෙන්වීම විවේචනය කරන්නට ඔහුට සාධාරණ අයිතියක් තිබේ යයි සිතූ නිසාත් තමා එහෙම කලේ.
නමුත් ප්‍රශ්නය මගේ නමට මෙතරම් විරෝධයක් එල්ල කිරීම සහ මුදල් ගත් බවට හැම තැනම කියා පෑම. චෝදනා කරන අය ගේ අතේ තමා චෝදනා ඔප්පු කිරීමේ වගකීමත් තියෙන්නේ. මම කොතරම් ප්‍රතික්ෂේප කළත් එම චෝදනාව නැවත නැවත එල්ල කරන්නේ "අපේ එවුන් හොරකම් කලා. ඒ වගේම අනිත් එවුනුත් කාගෙන් හරි හොරකම් කරන්න ඇති " යන මතයෙන් වෙන්න ඇති. මෙතැන මම හොරකම් කරන්නේ හෝ කළේ කාගෙන්ද කියන ප්‍රශ්නය තමා අහන්න වෙන්නේ? කවුරු හරි එහෙම ඔය ඇනෝ හමුදාවට හෝ එම බ්ලොග්කරුට කියා තිබෙනවානම් එම තැනැත්තා මුණ ගැසෙන්න ඕන වෙලාවක කැමතියි. මොකද මගේ නම් ගාවල කවුරු හරි ගානක් කඩා ගත්තද කවුද දන්නේ.
මේ අතරවාරයේ තමා ඔය බ්ලොග්කරුට විරුද්ධව මඩ ගහපු නොයෙකුත් ඊමේල් එන්න ගත්තේ. මම කිසිවක් පළ කලේ නැහැ. පහත පින්තුරය දැන් පල කරන්නේ වෙනත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කළ නිසා සහ ඒ බව ඔප්පු කරන්න. නැතුව මේ තැනැත්තට පහර ගහන්න නෙවෙයි. එහෙම අවශ්‍යතාවයක් මට නැහැ.
මම මේ ගැන තව බ්ලොග්කරුවන් දෙතුන් දෙනෙකුගෙනුත් විමසුවා. ඒ අය දන්නවා ඒ ගැන. අපේ සාමූහික අදහස වුනේ මේ මඩ ප්‍රහාරයට කිසිම ප්‍රසිද්ධියක් නොදෙන්න. මේ බ්ලොග්කරු අපට අපහාස කළත් අප එවැනි තත්වයට පත්විය යුතු නැති බවයි අපි හිතුවේ. අඩුම ගණනේ ඇනෝ කොමෙන්ට් එකක් වශයෙන්වත් අපි මේවා පාවිච්චි කළේ නැහැ. මම පෞද්ගලිකව එවැනි දේට කොහොමත් විරුද්ධයි.
එනිසා මම හොඳින්ම දන්නවා ඉයන් එවැන්නක් නොකළ බව. මා මේ ස්ක්‍රීන් ෂොට් එක පල කරන්නේ මට මේ විස්තර කියා එව්වේ ජුනි මාසයේ බවට පෙන්වන්න . මෙම බ්ලොග්කරුගේ තවත් පෞද්ගලික ක්‍රියා ඇතුලත් වෙනත් විස්තර සමග මගේ බ්ලොගයේ පළ කර පිළිතුරු දෙන්න කීවත් මම එසේ කලේ නැහැ. ඒ වගේ පහත් තැනකට වැටීමට ඇති අකමැත්ත නිසා.
මම නැවතත් සියලු බ්ලොග්කරුවනට කියන්නේ මේ බ්ලොග්කරු ගේ හෝ වෙනත් කිසිම බ්ලොග්කරුවෙකුගේ අඩවියක මම ඇනෝ ප්‍රතිචාර දමා නැහැ. එසේම ඔහු විසින් පවසන මවිසින් මුදල් වංචා කළ බවට කරන චෝදනා සියල්ල සිතින් මවා ගත් අමූලික බොරු. ඒවා බොහොමයක් විසුළු සහගතයි. ඔහුටත් එසේ කියන අනිත් අයටත් හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙස මා පවසා ඇති නිසා මම ඒ ගැන තව දුරටත් කරදර වෙන්නෙත් නැහැ.

මෙය මට ලැබුනේ ජූනි මාසයේ |

එවන ලද පින්තුරය |