කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday 26 February 2023
ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්
Saturday 18 February 2023
අර මැරිලි සහ මේ මැරිලි
ශ්‍රී ලංකාව හිටපු ගමන් අවදි වෙලා කියල පේනවා තරුණ වියට එළැඹෙන ළමයි තුන් දෙනෙක් ගුරුවරියකගේ ස්වාමි පුරුෂයාට ගහල මරපු එකට. ඒ අතරේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියනව වගේ තව කට්ටියලක් රැඩිකල් අයට බනිනවා. අරගලේට බනිනවා. මානව හිමිකම් නිසාලු ඔක්කොම. එහෙමනම් ඉතින් මානව හිමිකම් තියන, ළමයින්ට ගහල හදන්නේ නැති ඔක්කොම රටවල කොල්ලෝ කෙල්ලෝ දිගට හරහට මිනිසුන්ව මරනවා ඇතිනේ.
Monday 6 February 2023
ෂාරුක් ඛාන් ජයතිස්ස
ගූගල් එකේ රෙජිස්ටර් වෙන්න කීව නිසා මම හිතුවේ ජාජබේ රැස්වීමේ පුටුවක් තිබේය කියාය. රැස්වීම පටන් ගන්නේ හවස 2.00 ට කිවූ නිසාත් ශ්‍රී ලංකා ජාතික සම්ප්‍රදාය අනුව අනිත් එවුන් ප්‍රමාද වී එයි කියා හිතුන නිසාත් මම පරක්කු නොවී ඇල්පටන් දුම්රිය ස්ථානයෙන් බැස ගුගලයා දමාගෙන රැස්වීම් භුමිය හෙව්වෙමි. තාම වෙලාව දෙකය. දර්ශන හෙට්ටි ආරච්චි එවූ මෙසේජයේ තිබුනේද දෙකට කියාය. කිසි බයක් නොවී වමට හැරෙන කොටම ලංකාවේ වගේ කෙනෙක් හිටං ඉන්නවාය. (සිරිසේන නොවේ).
ටීකාක් එහායින් කඩදාසි උර වල දැමූ කෑම පාර්සල් තොගයකි. පසුව මටද ඒ කෑම එකක් ලැබුනු නිසා එහි තිබුනේ රෝල්ස් එකක්, කේක් කෑල්ලක් , සැන්ඩ්විච් එකක් ,වඩයක් සහ වතුර බෝතලයක් බව දන්නෙමි. ඒක දුන්නේ නිකන්ය. දැන් නම් මට හොඳටම අවුල්ය. (එළියට යනකොට ආධාර කරන්න කියූ බව අමතක කරමු.)
Wednesday 1 February 2023
දීප්ති කුමාර ගුණරත්න සහ රුවන් ජයතුංග ප්‍රශ්නය
Monday 30 January 2023
ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්
- අජිත් ධර්මකීර්ති
Tuesday 24 January 2023
ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය
අපේ ඊළඟ වැදගත් සංචාරක ස්ථාන දෙකක් වූයේ සැන්ටෝරිනි වල පිහිටි කෞතුකාගාරයක් හා පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානයකි. පුරා විද්‍යා කැණීම් කරන ලද ස්ථානය හැඳින්වුණේ අක්‍රෝතිරි යන නමිනි. කෞතුකාගාරය තිබුනේ හෙරක්ලියොන් වලය. මේවායේ තිබුනේ අවුරුදු 3600 කට පෙර ග්‍රීක දූපත් වල තිබුණු අතිශයින් දියුණු ශිෂ්ටාචාරයක විස්තරය.මිනෝඅන් පිපිරුම ලෙසින් හඳුන්වන ගිනිකඳු පිපිරීමෙන් පසු එම ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගියේය.
මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය. ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල ජිවත්වූ ග්‍රීකයන්ට අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස් එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ ක්නොසස් නමැති පෙදෙසේ විශාල මිනොඅන් මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.
ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල් පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව 4000-3500 තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද මෙම පාෂාණය ආභරණ සැදීමට, මාළිගාවල සහ ආරාම වල විසිතුරු කිරිමට භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත් ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත කී පුරා විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන් ආවේ ගියේ එහෙයිනි.
ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසැල් පිහිටුවිමටද පුරෝගාමී වූවාය. බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය. බ්ලවැට්ස්කි ගැන ලියුවේ මම අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා ලංකාවට ගිය බව දැන ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි.
බලන්ගොඩ මානවයා සිටියා යයි සැලකෙන්නේ වසර තිස් අට දහසකට පෙරය. මේ ගැන කලින් ලියූ බ්ලොග් ලිපියක මෙසේ සඳහන් කලෙමි.
වසර තිස් දහසකට පමණ පෙර බලන්ගොඩ මානවයා ලෙස හැදින්වූ හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් පුර්වජ මානවයන් ජිවත් වූවා යයි සාක්ෂි ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබේ. (සමහරු එම සාක්ෂි විකිපෙඩියා වේ සඳහන් බොරු යයි කියා බැහැර කරති.) මගේ අදහස අනුව බලන්ගොඩ මානවයා ගේ අස්ථි මෙන්ම වසර තිස් දහසකට කලින් සොයාගත් ගල් ගුහා වාස භුමි, භාවිතා කළ උපකරණ වලට අනුව ශ්‍රී ලංකාවේ ආදී කාලීන ජනාවාස තිබුණු බවට නිගමනය කළ හැකිය. එනම් ලංකාව ඉන්දියාවට භූගෝලීය වශයෙන් සම්බන්ධව තිබු කාලයේ සිට ලංකා භුමිය ජනාවාසව පැවතුන බවත් ලංකාවේ මුල් පදිංචි කරුවන් ඉන්දියාවේ තමිල්නාඩුවට, කර්ණාටක ආදී ප්‍රදේශ වලටද පොලිනිසියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට මෙන්ම ඉන්දියන් අන්දමන් දුපත්වලටත් විසිරි ගිය බවත්ය. ලංකාව හා ඉන්දියාව ආදම්ගේ පාලම මගින් සම්බන්ධව තිබුනේ වසර 7000 කට පමණ පෙරය. ඒ සම්බන්ධය සම්පුර්ණයෙන් ම නැති වුනේ 15 ශතවර්ෂය වැනි සාපේක්ෂව ඉතා මෑත කාලයකය.
උඩ තිබෙන මිනොඅන් තරුණියගේ චිත්‍රය බලන්න. එහි මාලිගාවක ඇඳ තිබෙන චිත්‍රය සීගිරි අප්සරාවන්ට සමානය. සීගිරිය ඇත්ත වශයෙන්ම කාශ්‍යප රජු විසින් කරවන ලද්දක්ද? නැතිනම් සාදා තිබුණු බල කොටුවකට පැමිණ එහි ඔහු ලැගුම් ගත්තාද යන්න අපට කිව හැකිද? එය කාශ්‍යප ලෙසින් කරවන ලද බවට සාක්ෂි තිබේ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. කාශ්‍යප රජු මුලින් තිබූ චිත්‍ර අනුසාරයෙන් ඒවා නැවත අඳින ලද්දේද?
මේ පහල ක්නොසස් මාළිගාවේ සිතුවම් අතර ගැහැණුන් වඩා පැහැපත් ලෙස පෙන්වා දෙන අතර පිරිමින් දුඹුරු රත් පැහැයකින් ඇඳ තිබේ. වඳුරන් ගේ චිත්‍ර සහ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කරන්න.
විජය කුමරු සමග ලකාවේ මැද හා දකුණු පලාතට සේන්දු වූ පිරිස නිසා එම පළාත් වල භාෂාව සිංහල ලෙස දියුණු වන්නට ඇති බවත් එළාර වැනි රජවරුන්ගේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා උතුරු පළාතේ වත්මන් දෙමළ බස බව දියුණු වෙන්නට ඇති බවත් උපකල්පනය කළ නොහැකිද? එසේ නම් දෙමල හා සිංහල ලෙස බෙදී ඇත්තේ එකම රටක ජිවත් වූ එකම ජන සමූහයක් විය නොහැකිද?
වසර 3500 කට ප්‍රථම මිනොඅන් ශිෂ්ටාචාරය ද ඔවුන්ගේ විය හැකිද?
ඊලම් හෙවත් ඊලමයිට් වරු ජිවත්ව ඇත්තේ ඉරානයේය. ඒද ක්‍රිස්තු පූර්ව 4000 සිට ක්‍රිපූ 1500 දක්වා වන අතීතයකය. ඊලම් ශිෂ්ටාචාරය තිබුනේ ආර්යයන් ඉරානයට පැමිණීමට පෙරය. ඊළම ලංකාවේ තිබුනේ නැත. ඔවුන් සුමේරියන් වරු හා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ට සමාන බවක් දක්වයි. අවුරුදු 3500 ක පමණ කාලයකට පෙර ඔවුන් මුහුදු මාර්ගයෙන් පැමිණ ඇතැයි පුරා විද්‍යාඥයන් අනුමාන කරති. බැබිලෝනියන් වරු හා සටනකින් පැරදෙන තුරු ඊලමයිට් වරු ක්‍රිස්තු පූර්ව 750 දක්වා ජිවත්ව ඇත.
මේ සියල්ලන්ගේම මූලාශ්‍රය බලන්ගොඩ මානවයාගේ පරම්පරාව විය නොහැකිද? මධ්‍ය ප්ලේයිස්ටෝසින යුගයේ (වසර 200,000 සිට 500,000 දක්වා ) සිට ඉන්දියානු අර්ධද්වීපයේ හෝමෝ ඉරෙක්ටස් ජනාවාස තිබී ඇත. කර්ණාටක ප්‍රදේශයේ මෑතකදී අස්ථි ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෙසොලිතික් යුගයේ (අවුරුදු 25000-30000) ආදිතමයා මේ අනුව හමුවන්නේ ලංකාවේදී ය.
මා කාම්බෝජයට ගිය අවස්ථාවේ එහි ඇති නාග ප්‍රතිමා දැක ඒ ගැන විමසුවෙමි. . ඔවුන් ගේ අතීත කතාවකට අනුව කාම්බෝජ කුමරකු වන තොන් නාග ගෝත්‍රික කුමරියක වන වාසුකී (ලිව්යේ) සමග වූ විවාහ වී චම්පා හි කාම්බෝජ රාජධානිය ගොඩ නගා ඇත. හිස් නවයක නාග ප්‍රතිමා අන්කර් වට් හා නොම්පෙන් (සුදු පැහැ ප්‍රතිමාව) නගරවල දක්නට ඇත.
තවත් අපූරු චිත්‍රයක් අපට හමුවුණි. ඒ ක්‍රිපූ 3500-3600 මහා පිපිරුමට කලින් මිනොඅන් වරු කිසයම් යුද්ධයක් ගැන ඇඳ තිබෙන සිතුවම්ය. මුදුදෙන් පැමිණෙන විශාල නාවික හමුදාවක් මිනොඅන් නාවික හමුදා සමග සටන් කරන මේ සිතුවම් ඇඳ ඇත්තේ කුමන යුද්ධයක් ගැනද කියා පුරා විද්‍යාඥයන් තවමත් නොදනිති. ඔවුන් සිතන්නේ අප්‍රිකානුන් සමග ඇතිවූ සටනක් කියාය.
වසර 10000 කට පෙර සිටියේ දඩයම් කරුවන් සහ ආහාර එකතු කරන්නන් (hunter - gatherers) බවට ඇති මතය බිඳී යමින් පවතී. තුර්කියේ ගොබෙල්කි ටෙපේ ආරාමය වන ගොඩනැගිල්ල සාමාන්‍ය දඩයම්කාර සමාජයකට නිම කළ නොහැකිය. මෙය වසර දෙදහසකට අඩු නටබුන් ගොඩක් බවට මුස්ලිම් මුල්ලා වරුන් පවසන අදහස නිසා මුලදී කැණීම් නොකර තිබුණි. බටහිර පුරා විද්‍යාඥයන් එයට වසර 2000-3000 කට පෙර ගොඩ නගන්නට ඇති පැවැසුහ. තුර්කි සහ නව යුරෝපීය සොයා ගැනීම් වලට අනුව එය වසර 12000-13000 පමණ පැරණිය. (පින්තූරය අන්තර් ජාලයෙනි)
ඒ කාලයේ භාවිත කරන ලද උපකරණ ද එයට යාබද නගරයක පොලොව යට තැනු විශාල කාමර සහිත ගොඩ නැගිල්ලක්ද සොයා ගෙන ඇත.බුදුන් ශ්‍රී ලකාවට සේතු සමුද්‍ර සන්ධිය හරවා පයින් වැඩම කර යක්ෂ - නාග යුද්ධය සමථයකට පත් කලාද? එසේත් නැතිනම් ලංකාවේ ඉපදුනු බුදුන් වහන්සේ (නමක්) ඒ යුද්ධය නැවත් වූවාද? මේ ප්‍රශ්නය සොයා බැලීම සඳහා ලන්ඩනයේ මගේ මිතුරු නීතිඥයෙකු වන වජිර ධනපාල සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පුස්කොලපත් පිරික්සන්නටත් වෙනත් සාධක සොයා ගැනීමටත් වසර දෙක තුනකට පමණ පෙර තීරණය කලෙමි. වජිර ඒ අදහසට පක්ෂව ඇත්තේ ඒ ගැන සොයා බලා බව මට පැවසීය. කෝවිඩ් වසංගතය එන්නට පෙරාතුව දෙරණ රූපවාහිනියේ වසන්ති නානායක්කාර මහත්මිය හා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක වන පද්මිණි මාතරගේ සමග එකතුව මේ පිළිබඳව ව්‍යාපෘතියක් කිරීමට අප අදහස් කරගෙන සිටියෙමු. එය කෝවිඩ් සමග ඇතිවූ තත්වය නිසා වැලකි ගියේය. තවම එවැනි අදහසකට පක්ෂපාතිත්වයක් නැති මුත් ග්‍රීසියේ දී මා දුටු, කියැවූ , ඇසූ දේවල් අනුව ඒ ගැන සොයා බැලීමට අදහස් කරගෙන සිටිමි.
ග්‍රීක වාසීන්ට හෙලනික් වරු යන නාමය ලැබුනේ කෙසේද යයි මම කෞතුකාගාරයේ භාරකරුගෙන් විමසුවෙමි. ඔහු කීවේ හෙලස් යනු ග්‍රීක මුල් නම බවයි. හෙලස් යන නමින් හෙලනික් යන නම සැදී ඇත. ග්‍රීක ආණ්ඩුව හෙලනික් රිපබ්ලික් ය. ඔවුන්ගේ භුමිය හෙලස් ය. ඔහු තව දුරටත් මා සමග කතා කල අතර ඒ සාකච්ඡාව ඉදිරියේදී පල කරමි. //The Greeks called their land Hellas and themselves Hellenes. It was the Romans who called them Greeks- (Graeci ) and that is the name by which we know them. The Greek historian Herodotus wrote that “ Egypt is the gift of the Nile ” but he never came up with an expression so memorable to describe his own country.-wikipedia-google-//
මේ පිලිබඳ ඉදිරියේදී පල කරන ලිපි පෙලට සමගාමිව මිනෝඅන් ශිෂ්ඨාචාරය සමග ලංකාවේ ඇති සම්බන්ධතාවය සොයා බැලීමට තීරණය කලෙමි. අප පටන් ගත යුත්තේ බ්ලවස්ට්කි , ගයිගර් ආදීන්ට වැරදුනු තැනිනි. එනම් ආර්ය මිත්‍යාව ඉවත් කරය. දේශපාලන හා ජාතිවාදී අරමුණු වලින් තොර සැබෑ සාක්ෂි සොයන කිසියම් ව්‍යාපෘතියක් ඇරඹීම ගැන ඔබේ අදහස් පල කරන්න. (බ්ලොග් අඩවියේ පළ කිරීම වඩා හොඳය.)
- මතු සම්බන්ධයි
- අජිත් ධර්මකීර්ති
ග්‍රීසියේ ගිනි කන්ද කරා ගිය ගමන - ග්‍රීසියේ සංචාරය 5
ලංකා ඉතිහාසය - ජාන විද්‍යාවේ ද්‍රවිඩ සිංහල තියරිය හා බුදුන් උපන් ලංකාව
Greece vs Hellas: The Semantics Behind the Country with Many Names
Nazi Scientists Who Wanted To Find The Origins Of The Aryan Race Came To Sri Lanka
Sunday 15 January 2023
නේස් නෝනලා ගේ කතා වස්තුව
ලලා අයියා ලලක්කා ට හොරෙන් අහවල් වචනය ලැප් එකේ ගහන්නට මාන බලමින් උන්නේය. අහවල් වචනේ වැඩියෙන්ම හොයන්නේ ලංකාවේ උන් කියා ගුගලයා ද කියන බැවින් ලලයියා හිටියේ මොකද කරන්නේ කියා හිතා ගත නොහැකිවය. ඉඳහිට ඉතාලියේ ඉන්න නෑයින් ට හා පිටරට ඉගෙන ගන්නා දෝණිට ෆේස්බුක් එකෙන් ලලක්කා කතා කරන නිසා ලලක්කා ද ඉඳහිට ලැපය භාවිතා කරයි.