Thursday 19 February 2015

පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට්  දේශය කාලේ  කේජිබී  ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක  පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට. දෙන්නේ නැති නහර කාරයන්ව එංගලන්තෙට පිටුවහල් කලා.  නාකි මිනිසුන්ව මරල උන්ගේ දේපල උස්සන එවුන්ව  අල්ලල හිරේ දාල ඒක  නවත්තල, උන්ට පැන්ෂන් වැඩි කරලා පාරවල් ටික අලුත් වැඩියා කලා රුසියාවේ, බෙදුම් වාදී චෙචේනියාවට කෙලින්ම බෝම්බ  දාල  හමුදා යවල මට්ටම් කරලා සාමය හැදුව,   අමෙරිකාවට කෝචෝක් එකක් එහෙම දාල  දැහැමෙන් සෙමෙන් වාර  දෙකක් හිටිය. පස්සේ ජනාධිපතිවරණේ  එනකොට පොර දැනගත්ත ආයි ඉල්ලන්න බැරි නීතියක් මේ යෙල්ට්සින් කියන වසවර්තිය දාල තියෙනවා කියල.
ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල.  පූටින්  අය්යා  අගමැති කමට ඉල්ලුව. ඉතින්  අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත  පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි.  මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ  චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට්  නායකයෝ මැරෙන  කන් හිටියේ එල්ලිලා.  15හක් ඉවරයි තව අවුරුදු 3 ක්  තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.

ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක්  රට කාල  බීල  අහවර වුණාම, නීල  වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත්  පොඩ්ඩක්  දෙන්නම්  කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ  පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන.  නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක්  වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට  හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව  දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල්  වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.

රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි  කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම  අනුව විතරක් නෙමේ  මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව  දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා  රජා  දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න.  විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි  බොන්න කතා කරනවා.  මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ.  උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම  ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්.  මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති.  ඊළඟට උඹ  එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති  වෙලා මගේ එකාව  ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා.  පොර අහනවා.

"ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"
"ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්.  ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර්  ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු  බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
"ඉතින් ඊට පස්සේ "..
"ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම  තියා  ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික  හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල  මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක්  ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත්  හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
"ඒ සද්දෙට මට ඇහැරුණා."

30 comments:

  1. මේක නං ජාතක කතාවක් වගේ.
    හැබැයි පැරලල් ලෝක දෙකක, ඉතාමත් ලඟ ටයිම් ලයින් දෙකකයි සිද්ද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නිදහස් සිතුවිලි ලියන රවී හරි රන්දිකා හරි ලියල තිබුන ජාතක කථා කියන්නේ බුදුන් වහන්සේ සම්බන්ධ ඒවා කියල. ඒ නිසා මේක කොසොල් රජතුමාගේ නුතුටු සිහිනය කියල නම් කරමු. රවීගේ ලියමනෙන් තාම අදහස ආවේ.

      Delete
  2. නුගේගොඩ සොමිය...

    ReplyDelete
  3. Coincidence?
    පුටින් කියන්නේ මම කැමතිම නායකයෙක්. අඩුගානෙ රුසියාවට තියෙන ශක්තිය ගැන ඔහු පාරම්බාන්නේ ඇමෙරිකාව වගේ සෝබනේට නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මමත් මුලදී කැමති නායකයෙක් තමා. ඒ ගෞරවය දෙන්න එපයි. එත් මට පෙන්නේ දැන් පුටින් හිතන්නේ එයා නැති වුනොත් රටට කෙලවෙයි කියල. එහෙමෙ නෙමේනේ. නායකයෝ ටිකක්නේ හදන්න ඕනේ රට ගෙනියන්න.

      Delete
  4. රුසියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. හැක් හැක්..

    මෙන්න බොලේ අළුත්ම 'රවී'.. සිහින කෝටියයි.. (සිහිනම වෙලා තිබ්බොත් හොඳයි..) සුපිරියි අජිත් අයියා.. අපිට ඔය වගේ හීන පේන්නේ නෑනේ හැබෑට..

    ReplyDelete
    Replies
    1. ට්‍රය් කරලා බලන්නකෝ ඔයත්. රට නිදා ගන්න කලින් කිරි වීදුරුවක් චොකලට් දාල බිව්වම හීන පේනවලු.

      Delete
  5. බලය තියෙද්දි කවුරුත් ඔහොමයි කියල හිතෙන්නෙ නැද්ද
    පූටින් විතරක් ඕනනැ... ස්ටාලින් වුණත් මෙහෙ ලොක්කො ටික වුණත්

    මස් කට්ටෙ රහ දන්න එකා තවත් මස් හොයනව වගේ තමා බලයට ආසා කරන කෙනත්...
    නේහ්

    ReplyDelete
  6. පුටින් ගේ අපේ ටිකිරි මොළේ අපේ රජ්ජුරුවන්ට යම්තමින් හරි තිබ්බා නම් ඔය අතන,මෙතැන අඩා වැලපෙන්න ඕනේ නැහැ නේ.

    අජිත් අයියා දැක්කේ හීනයක් විතරයි.ඒ නිසා බය වෙන්න කාරි නැහැ.

    ReplyDelete
  7. කොච්චර උනත් රුසියානුවන් කලගුණ දන්නව. මෙහේ ඉන්න ද්‍රෝහීන් වගේ නෙවේ.

    ReplyDelete
  8. මත් ද්‍රෝහියෙක්ද? පුටින් සුදු වෑන් දාල ලියන එවුන් ඉස්සුවේ නැහැ. දෙතුන් දෙනෙක් නම් මැරුව පොලිතොව්ස්කය වගේ. පුටින්ගේ පවුලේ කවුරුත් ආණ්ඩුවේ නැහැ. අඩුම ගානේ නෑදෑයෙක්වත්. දුව ඩච් කොල්ලෙක් බැඳලා නෙදර්ලන්තේ හිටියේ. යාලු වෙලා හිටිය තරුණ කෙල්ලෙක් දැන් තියන් ඉන්නවා. නමුත් මන් දන්නා විධිහට අනිත් අයට කියල කෙල්ලෝ හා මැදිවියේ "යුවතියෝ" ගෙන්න ගෙන නැහැ කාමර වලට. චීනේ එක්ක ගිවිසුම් ගහල 1/3 අරගෙන නැහැ පගා වශයෙන්. ඒ ගත්ත භාගේත් රුසියානුවන්ට ගෙවන්න කියල මුළු රටේ ණයට එකතු කරලා නැහැ. රුසියානුවන්ට පුටින්ට විරුද්ධ වෙන්න එක හේතුවයි දෙකයි තියෙන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අඩුයි. නිදහස අඩුයි. නමුත් උන් ඒක ගණන් ගන්නේ නැහැ.

    ReplyDelete
  9. හීනෙන් කියන සින්දු ....

    හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ..
    අත්වී තීබේ
    ආ.... අත්වී තිබේ ආ....
    හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ

    හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී
    හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
    ආ.... බෝ දැන් ආ....
    හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ

    මොකටද ආගමක් සැප හැර මේ ලොවේ
    හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
    ආ.... බෝ දැන්..ආ....
    හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ...

    නා‍ට්‍ය‍ය‍ - සිරිසඟබෝ

    ReplyDelete
    Replies
    1. අපොයි සින්දු ඇනෝ සිරි සඟබෝ ???????

      Delete
  10. අජිත්, මට නම් හිතෙන්නේ පුටින්ගෙන් පසු රුසියාව කියන්නේ, බේබදු යෙල්ට්සින් ගෙන් පසු රුසියාව ම තමා. තනි මිනිහෙක් මත රඳා පවතින මේ පාලනය, එම මිනිහා ඉවත්ව ගිය පසු පුස්ස බිඳ වගේ විසිරිලා විසිරිලා යාවි. රුස්සන් කැමතියි කියුවට, ප්‍රාදේශීය කොට්ටාශ වල විකල්ප දේශපාලනය යටපත් කිරීම සඳහා මෙයා නොයෙක් ජිල් මාර්ට් දානවා. පසුගිය කාලයේ පුටින්ට ෆ්‍රී රයිඩ් එකක යන්න පුළුවන්කම ලැබුනේ තෙල් මිලත් හින්දා. අමෙරිකාවේ අලුත් කැනීම් හා චීනයේ වර්ධන වේගය පහල යාමත් එක්ක, ආයිත් තෙල් මිල ඉහල යන්න කොතරම් කාලයක් යාවිද කියන එක මතත් පුටින්ගේ ඉදිරි කාලය රඳා පවතීවි.

    සාපේක්ෂව "ප්‍රගතිශීලි" කියපු අරාබි සමාජ වන ගඩාපිගේ ලිබියාව, අසාද්ගේ සිරියාව, සදාම්ගේ ඉරාකය ආදී රටවල් වලට අවුරුදු 40 කට පසු අත්වුණ ඉරණමත් අප අමතක කරන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. //රුසියාව කියන්නේ, බේබදු යෙල්ට්සින් ගෙන් පසු රුසියාව ම තමා// මම නම් හිතන්නේ නැහැ. යෙල්ට්සින් බටහිර ගැන අකමැත්තක් තිබ්බේ නැහැ. පුටින් බටහිර විශ්වාස කරන්නේ නැහැ. නමුත් මිනිහට බටහිර දේවල් ඕනේ. ඔබ කියන ඊළඟ කරුණු වලට එකඟයි. ඔබ හරියට බැලුවොත් මගේ ලිපිය ලියල තියෙන්නේ විරුධ්ධාර්ථයක් එන පරිදි. //හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට// උඩ කතාව විරුධ්ධාර්ථයක් වශයෙන් ලියල ඒ සැකිල්ල මත යට එක ලියල තියෙන්නේ. අර්ථය තේරුම් ගැනීම ඔබට බාරයි.

      Delete
  11. ඔය පෙනිච්ච හීනේ හැබෑ වෙන්න පුළුවන් එකක් , එහෙම වුනොත් .... හිකිස් තමා

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තත්වයක් ගැන අනාවැකියක්.

      Delete
  12. කට්ටියට මරු මරු හීන පේනවනේ මේ දවස් වල ... ඔය හීනෙ සැබෑ වෙන ලක්ෂණ පේන්න තියෙනවා කියල මට නම් හිතෙනවා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මොලයෙන් කල්පනා කරලා බලන්න සැබෑ වෙයිද කියලා. හොඳ තාර්කික බුද්ධියක් තියෙනවනේ.

      Delete
  13. මට ඒකාධිපතියෝ ගැන ආප ගැටලුවක් ගැන අදහස් දැනගන්නයි මේ ලියන්නේ
    අපි හිතමු රටක පාලනය යහපත් ඒකාධිපතියෙක් අතට ගියා කියලා
    එතකොට රටේ මිනිස්සු කියනවා උඹ මොන හොඳ දේ කලත් උඹ ඒකාධිපතියා නිසාම උඹ අපිට එපා කියලා
    එතකොට ඒකාධිපතියා හිතනවා මුන්ට මොනවා කලත් හොඳක් අහන්න වෙන්නෙ නෑ කියලා ඒ නිසා ඔහු වඩාත් දරුණු වෙනවා
    එතකොට මිනිස්සු එයාව වැඩි වැඩියෙන් ප්‍රතික්ෂේප කරනවා
    මේ විශම චක්‍රය නිසා අවසානයේ රට විනාශ වෙනවා
    මේ වගේ අදහසක් මොකෙක් හරි උගත් සුද්දෙක් කියලා නැද්ද?
    අනිත් කරුණ තමා ලංකාවේ වඩාත් ඒකාධිපති ලක්ෂණ පෙන්නුම්කල නායකයන්ට බලය ගන්න පෙර පක්ෂය ඇතුලින් කැපිලි ආවා නේද?

    ReplyDelete
  14. යහපත් ඒකාධිපතිය කියන්නේ කාටද? පුටින්ටද ? ලෙනින්ටද? ස්ටාලින්ද? හිට්ලර්ද?
    උගත් සුද්දෙක් කියන්නේ කාටද? ඉංග්‍රීසි ජාතිකයෙකුටද? සුදු හම තියෙන කෙනෙකුටද?
    මේ ප්‍රශ්නයෙන් ඔබ අදහස් කරන්නේ මම සුද්දන් හෝ සුද්දෙක් කිව් දේ දොහොත් මුදුන් තබා පිලි ගන්නා අයෙක් ලෙස කරන සමච්චලයක් නම් අඩුම ගන්නේ අර පැතුම් හේරත් ගේ අගනා බ්ලොගයේ බුද්ධ ධර්මය ගැන අප කල කතා බහ කියවන්න.
    පක්ෂයක් ඇතුලෙන් කැපිලි නොඑන්නේ කාටද ?
    තමන්ගේ කාර්යාලයේ වැඩ හොඳට දන්නා ඉකමනින් කරන උගත් සේවකයෙකු වනවිට කැපිල්ල එන්නේ නැත්ද?
    මට භෝ විට එසේ සිදුවේ. මෙහි සිටින සුද්දන් සමහරක් මා ලඟට පැමිණ කිසිවක් ඇසීමට මැලි වෙති. (නමුත් ඒ හැමෝම නොවේ ) නමුත් මගේ බොසා උන්ට ඊමේල් එකකින් අණ කල පසු , උන් පැමිණෙන මුත් කියන්නේ, මන් මේක දන්නවා ඒත් මතක නැහැ . මතක් කරලා දෙන්න පුලුවන්ද? කියායි.
    නමුත් නිහතමානී සුද්දන්ද සිටිති.

    ReplyDelete
  15. අැත්තටම එහෙම වුනොතින් කොහොමට හිටීද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ අගෝස්තු මාසෙන් පස්සේ දැන ගන්න පුළුවන්.

      Delete
  16. තුන් කල් දක්නා නුවන කියන්නේ මේකයි අජිත්..... එකෙන් ම ලයික්.....

    ReplyDelete
    Replies
    1. සරසා ගෙන් නියත විවරණ ලැබීම....

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .