Wednesday 16 December 2015

නෙළුම් යාය ඉල් මස ත්‍යාගය හා මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල

බ්ලොග් ලෝකයට හදිසියේ කඩා පැන්නා කියා අපට සිතුන අමුතු ශෛලියක ලියන්නෙක් නෙළුම් යාය ඉල් මස ත්‍යාගය සඳහා තෝරා ගත්තා. බොහෝ විට හාස්‍ය රසය උපදවන ලෙස තමන්ගේ නෑදෑයෙකු ගැන ලියන මේ බ්ලොග්කරුවා පසුව වන්දනා ගමන් ගැන මෙන්ම ගංවතුර ගැනද අමුතුම මානයකින් ලියා තිබුනා. බ්ලොග් ලෝකයේ බොහෝ අය දැන් දැන හඳුනන මේ බ්ලොග් කරු තමා හඳුන්වන්නේ ශ්‍රංග හෙවත් සුරංග යන නමින්. බ්ලොග් අඩවිය තමා "යාං හෑල්ල".

අපි තෝරාගත් ලිපි පෙළ තමා ඔහු ගං වතුරක් ගැන ලියු ලිපි. ඒවා ලියු අවංකත්වය මෙන්ම ලියු ශෛලියද බොහෝ අයගේ පැසසුමට ලක්වුණා. සුරංගට තවත් රසවත් ලිපි ලිවීමට සුභ පැතුම්.

 මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල

ලබන අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙල බොහෝ විට මාර්තු 26 වන සෙනසුරාදා මේ අවුරුද්දේ පැවැත්වූ ශාලාවේම නව මාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට තීරණය කර තිබෙනවා. අපට ගිය වාරයේ ජන මාධ්‍ය අමාත්‍යංශයේ ශාලාව ලබා දුන්නේද ඔහුයි. (වෙනත් ශාලාවක් ලබා දෙන්න පුලුවන්නම් කියන්න ). කල්‍යාණ මිත්‍ර ඇතුළු බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මෙය සංවිධානය කිරීමට සහය දැක්වීමට කැමැත්ත පළ කලා.

එදාට උත්සවය මෙහෙයවීම හා කවර අංගයන් ඇතුලත් කල යුතුද යන්න සඳහා යෝජනා එවන්න.

එසේම වඩා වැදගත් ලෙස අප දෙන බ්ලොග් සම්මාන සඳහා ඔබගේ යෝජනාද එවන්න. අපි ඒ එන හැම යෝජනාවක්ම සළකා බැලීමට පොරොන්දු වෙනවා. බ්ලොග් කරුවන්ට, බ්ලොග් නොලීවත් කොමෙන්ට් දමන අයටද මේ සඳහා සහභාගී විය හැකියි. වසරේ හොඳම බ්ලොග් කරු 1, 2, 3 මෙන්ම නෙළුම් යාය අඩවියේ එක් එක් අංශ සඳහාද එක ත්‍යාගය වශයෙන් පිරි නමනවා.

"මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට  අයත් වනවා. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා  ඉතිහාස   යනුවෙන්. මෙයින් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා, සංචාරක යන අංග වලට එක, දෙක, සහ  තුන ස්ථාන තෝරා ත්‍යාගයන් දීමටත් අදහසක් තිබෙනවා."

 ත්‍යාගය ට ඇතුලත් වන්නේ මුදල් හෝ පොත්, නෙලුම් යාය සම්මානය හා සහතිකයක්.

යෝජනා එවිය යුත්තේ: editor@nelumyaya.com ලිපිනයට.


ප.ලි. කොළඹ ගමයා ගේ අඩවිය මගේ පෞද්ගලික බ්ලොග් අඩවියයි. මා මේ විස්තරය මෙහි දමන්නේ දැනට නෙළුම් යාය සංස්කරණය කරන නිසා. ලබන අවුරුද්දේ නෙළුම් යාය තුලම සියලු විස්තර ඇතුලත් කරන්නටයි බලා පොරොත්තුව. දෙසැම්බර් මාසයේ මම නිවාඩු යන නිසා මේ මාසයේ බ්ලොගය තේරීම කල්‍යාණ මිත්‍ර කරනු ඇති.

68 comments:

  1. හොඳම ඇනෝට මොකුත් නැත්යි

    ReplyDelete
    Replies
    1. ජපානෙට දෙනවද බම්බලපිටියට දෙනවද වේයන්ගොඩ පැත්තට දෙනවද කියල තාම තීරණයක් නැහැ.

      Delete
    2. ඔස්ට්‍රේලියාවත් ලිස්ට් එකේ ඉන්නවා.

      Delete
    3. මරු කමෙන්ට් එක අජියා.. හැක්

      Delete
    4. කරුණාරත්න පරනවිතාන ලොක්කල වගේ අය නැතිව මේක කරමු. බලහං බස්සිගේ වැඩේ.. ඔය කුම්භාණ්ඩයෝ හිටියේ නෑනේ..

      Delete
    5. හොඳම ඇනෝට විචාරක ගානේ තෑග්ගක්....

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. //කරුණාරත්න පරනවිතාන ලොක්කල වගේ අය නැතිව මේක කරමු// දේශක මහතා , බස්සිගේ වැඩේ ප්‍රයිවෙට් එකක් නේ. ඒකෙ විවාදයක් නැහැ බර පැන දරන්න ඇත්තේ බස්සා හා බස්සි සහ බස්සිගේ නෑදෑ කැල කියමුකෝ. දැන් අපේ වැඩේ පොදු එකක්. ගිය සැරේ චන්දිම හා මගේ අතිනුත් වියදම් ගියා. ඉතින් අපි හදන්නේ වියදම අඩු කර ගන්න හැම අතින්ම. තෑගි වලට ස්පොන්සර් ලා හම්බ වුනේ නැත්නම් ඒකත් අතින් නේ. ඉතින් පරණවිතාන ලොක්කා දෙන උදව්වක් ගන්න මම නම් කැමතියි. හෝල් එක හම්බ වෙන එකත් ලොකු දෙයක්. ගිය සැරේ නම් සංග්‍රහයත් (රෝල්ස්, තේ ආදිය ) එතනින්. ඒක නිසා අපට අනුකම්පා කරන්න. නැත්නම් බ්ලොගාල එකතුවක් දාල හෝල් එක අරන් දෙනවනම් එහෙම කරමු.

      Delete
    8. හොදා ඉතිං.. මං කියල සල්ලි දෙන්නයැ.. ඔන්න එන්න කියමු බං.. හැක්.. ඔව් බං අපි ප්‍රැක්ටිකල් වෙමු.. එතකොට අහවරයි නෙව.. සමාවෙන්න ඔය පුංචි සිත සිදුන නං.. හැක් හැක්

      Delete
    9. හිත සිදුනේ නැහැ බං ඇත්ත ඇති සැටියෙන් කිව්වා විතරයි.

      Delete
  2. ස්‍රංගය ට මේක ලැබුනු එකටනම් බොහොම සතුටුයි. උත්සවය ගැන කියන්න මේ සැරේ තිබුනු එකේ වැඩසටහන් විස්තරයක් එවන්න පුලුවන් ද? නෙලුම් යායට ජය!

    ReplyDelete
    Replies
    1. http://kolambagamaya.blogspot.co.uk/2015/03/blog-post_30.html
      http://kolambagamaya.blogspot.co.uk/2015/03/2014.html

      Delete
  3. දේශනා කීයක් තියෙනවද? හික්ස්

    ReplyDelete
    Replies
    1. ඉයන් ට එකක් දෙනවා දොස්තරලා ගැන කතා කරන්න. දොස්තර කෙනෙකුට එකක් දෙනවා ඉයන් ගැන කතා කරන්න.

      Delete
    2. සිරා ප්‍රශ්නේ ඉයන්. මටත් ඒක තීරණාත්මක සාධකයක්...

      Delete
    3. මම හිතන්නේ දේශනා නැතුව තියන්න. නාලක ගුණවර්ධනට දේශනයක් දෙන්න යෝජනාවක් තියනවා.

      Delete
  4. සුරං ගොයියා හොඳ තේරිමක්... උගේ ලිවිල්ල ඉස්තරන්

    කරූ ප්‍රධාන අමුත්තා කරපු එකත් හොඳ දෙයක්, මොකෝ ඌත් බොගත් දාපු පොරක්නේ.... ඌ අපිට ආඩම්බරයක්...

    ReplyDelete
    Replies
    1. දැන් මෙම උත්සවයට කරු සහබාගිවන්නේ බ්ලොග් කරුවකු වශයෙන ද නැතිනම් දේශපාලනික ඇමතියෙක් විදිහටද

      යුරෝපිය සමාජක අත් දැකීම් තිබෙන ඔබ රාජ්‍යත්‍රාන්තික නොවන පොදු කටයුත්තකට මෙවන් දේශ පාලනික කෙනෙකුට ආරාධනා කිරීමන් ඔබ බලාපොරොත්තු වන්නේ ලාංකීය මාධ්‍ය ප්‍රචාරණයක් ලබාගනිමින් ඔබ උත්සවය වර්ණවත් කරගන්න ද

      එසේම කලින් බ්ලොග් ලියන්නෙකු වූ ඔහු රාජ්‍යත්‍රාන්තික නොවන කටයුක්තකට දේශ පාලනික අමාත්‍ය මට්ටමින් ආරාධනා කර අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදිමද

      යුරෝපිය සමාජයේ වැදගත් චාරධර්ම ආරෝපනය කල හැක්කේ එහි අත්දැකීම් බහුලව දකින කෙනෙකුට මිස ටුවරිස් කෙනෙකුට නොවේ

      මෙහෙමවත් සැමදේම දේශපාලනීය කටයුත්ත වෙන එක වලක්වන්න උත්සහ කරමු [කරුට මඩ ගැසිමක් නොවේ ] තීරණය ඔබ සතුයි!!! එය මට අදාළ නොවේ

      Delete
    2. උඩ කොමෙන්ට් එක දැක්කද?
      ////කරුණාරත්න පරනවිතාන ලොක්කල වගේ අය නැතිව මේක කරමු// දේශක මහතා , බස්සිගේ වැඩේ ප්‍රයිවෙට් එකක් නේ. ඒකෙ විවාදයක් නැහැ බර පැන දරන්න ඇත්තේ බස්සා හා බස්සි සහ බස්සිගේ නෑදෑ කැල කියමුකෝ. දැන් අපේ වැඩේ පොදු එකක්. ගිය සැරේ චන්දිම හා මගේ අතිනුත් වියදම් ගියා. ඉතින් අපි හදන්නේ වියදම අඩු කර ගන්න හැම අතින්ම. තෑගි වලට ස්පොන්සර් ලා හම්බ වුනේ නැත්නම් ඒකත් අතින් නේ. ඉතින් පරණවිතාන ලොක්කා දෙන උදව්වක් ගන්න මම නම් කැමතියි. හෝල් එක හම්බ වෙන එකත් ලොකු දෙයක්. ගිය සැරේ නම් සංග්‍රහයත් (රෝල්ස්, තේ ආදිය ) එතනින්. ඒක නිසා අපට අනුකම්පා කරන්න. නැත්නම් බ්ලොගාල එකතුවක් දාල හෝල් එක අරන් දෙනවනම් එහෙම කරමු.//

      Delete
    3. ලාංකීය මාධ්‍ය ප්‍රචාරණය කරු නැතුවත් අපට ගන්න පුළුවන්. කොටින්ම ගිය සැරේ පුවත්පත් සාකච්චාවක් ලෑස්ති කරන්න කතා කරපු වෙලේ ඒක එපා කිව්වෙත් මමමයි. මම යුරෝපයේ ටුවරිස්ට් කෙනෙක් වෙන්න ඇති. නමුත් යුරෝපයේ දේශපාලකයෝ කියල උන්ව වෙන් කරනවා දැකල තියෙනවද? එහෙනම් ඔය ජෙරෙමි කෝබින් හෙම යන උත්සවත් නැවත වන්න ඕනේ. අපට ශාලාවක අවශ්‍යතාවය තියනවා. දෙන තැනින් අපි ගන්නවා. දෙන කෙනාට එන්න ආරාධනා කරන්නේ. මට ඒකෙ වැරැද්දක් පේන්නේ නැහැ.

      Delete
    4. ////"අපට ශාලාවක අවශ්‍යතාවය තියනවා. දෙන තැනින් අපි ගන්නවා"/////
      .දේශපාලකයෙක් රජයේ දේපලක් පුද්ගලික උපහාර උලෙලෙකට නොමිලයේ ලබා දෙන්නේනේ කුමන පදනමක් යටත්ද විශේෂයෙන් ලංකාවේ ? ශාලාවක් අවශ්‍ය නම් කොළඹ නගර සභාව සතු ප්‍රජා සාල ලබාගන්න බැරි ඇයි

      Delete
    5. කොළඹ නගර සභාව සතු ප්‍රජා සාල - මේක ගන්නේ කොහොමද?
      දෙහපලකයෙක් හැටියට ඒක ලබා දෙනවට වඩා බ්ලොග් කරුවෙක් හැටියට ලබා දීමක් වුනේ. එතන තව දේශපාලනයකුත් තියනවා. බ්ලොග් සහ වෙබ් මාධ්‍ය වාරණයක් තිබ්බා දන්නවනේ. ඒවා දැන් නැහැ. රජය මේ නිදහස දෙනවා කියන පණිවිඩය දෙන්නත් ඕනේ වෙන්න ඇති.

      Delete
  5. Well done Ahranga..!! Ajith ayya.. Oyalage ahala pagala inna apitath theeggak dunnoth be kiyanne ne. Liyanta oni mamath blogak.. Jayawewaa..!! Wedi wediyen blog liyawewaa..!!

    ReplyDelete
    Replies
    1. මලේ සිංහල ටිකක් දාගන්නකෝ ඔය බ්‍රව්සරේ. අහල පහල කිව්වේ ? ඔයාගේ බ්ලොගයක් තියනවා නේද? මම ඇවිත් තියනවා ඒකට.

      Delete
    2. ඕකේ අජිත් අය්යා මිස්ටර් මාතලන්. ඔබලාගේ බලවත් ඉල්ලීම පරිදි මගේ ජංගම දුරකතනයට සිංහල අකුරු දැමුවෙමි. හැබැයි ඉතින් ටයිප් කරන්ට අම්බානක වෙලා යනවනේ. මේ ඇපල් වලට ඇප් හොයන්ට ගියහම මලවදේ. සංහිද එකක් තියෙනවා. මෙලෝ රහක් නෑ. හරි හරි. දැන් හිටන් සිංහල කොටන්නන්කෝ..

      Delete
    3. මොකක්ද ඔයා දාපු එක. මටත් කියන්න. මට ටැබ් එකේවත් මොබයිල් එකේ වත් සිංහල ගහන්න බැහැ.

      Delete
    4. http://www.google.com/intl/si/inputtools/try/

      Delete
    5. අජිත් අය්යා.. ඇපල් වලට හරියන එකක් නම් හොයාගන්ට බැරි උනා. ගුගල් ඉන්පුට් ටුල් එකේ ලින්ක් එක කොපි කරන් තමයි සිංහල කොටන්නේ..

      Delete
    6. ටික්කා මම ඔයාව පෞද්ගලිකව දන්නේ නැහැ. ඇවිත් කොමෙන්ට් කරනවා කියා දන්නවා. අර අපේ බ්ලොග් මිතුරකු වන මධ්‍යස්ත මතධාරිය චෝදනාවක් කරලා තිබෙන්නේ මොකක් ගැනද ?

      Delete
  6. බ්ලොග් ලියන උදවියට වගේම බ්ලොග් නොලිය බ්ලොග් කියවල කමෙන්ට් කරන උදවියත් බ්ලොග් ලියන උදවියට දෙන්නේ අපමණ සහයෝගයක්.. ඒ නිසා කියවීමේ අගය ගැන දිරිමත් කිරීමක් විදිහට හරි බ්ලොග් රචකයන් දිරිමත් කරන බ්ලොග් රචකයන් නොවන උදවියටත් යම් අගය කිරීමක් ලැබෙනවානම් ප්‍රසංසනීයයි.. රචකයා සහ පාඨකයා අතර සෘජු සම්භන්ධතාවයක් නොතිබුන මුද්‍රිත මාද්‍ය ඉතිහාසයක් එක්ක බ්ලොග් කලාව ඒ දුරස්ථභාවය නැතිකරමින් පවතිනවා. ඒ සෘජු සම්භාන්ධතාවය වැඩි දියුණු වෙන්නත් එක්ක පාඨකයන්ට යම් ඇගයීමක් අත්‍යවශ්‍යයි නේද.. පුංචි බ්ලොග් රචකයෙක් විදිහට මම කැමතියි අපිට ප්‍රතිචාර දක්වන පාඨක පිරිසට යම් ඇගයීමක් ලැබෙනවානම්..

    ReplyDelete
    Replies
    1. කල්පනා කරලා බලමු.

      Delete
  7. කට්ටිය පෙළට ඉඳගෙන කතා අහනවට වඩා, බ්ලොග්කරුවන් ඉන්ටරැක්ටිව් වෙන ආකාරයේ අංග ටිකක් සූදානම් කලොත් හොඳයි නේද? කතා වැඩි වුණොත් කට්ටිය මගදී පැනලා යයි :)

    ReplyDelete
  8. 26 is a Saturday right? Propose to add a little time for bloggers interactions trailng prize giving.. congrats to shranga..

    ReplyDelete
    Replies
    1. මේ සැරේ එහෙම කරමු.

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. දැනට ඔබ කරගෙන යන පිළිවෙල හොඳයි. මේ වැඩපිළිවෙල සාර්ථකත්වයට පත්වේවා!

    ReplyDelete
  12. ප.ලි. කොළඹ ගමයා ගේ අඩවිය මගේ පෞද්ගලික බ්ලොග් අඩවියයි. මා මේ විස්තරය මෙහි දමන්නේ දැනට නෙළුම් යාය සංස්කරණය කරන නිසා. ලබන අවුරුද්දේ නෙළුම් යාය තුලම සියලු විස්තර ඇතුලත් කරන්නටයි බලා පොරොත්තුව.
    දෙසැම්බර් මාසයේ මම නිවාඩු යන නිසා මේ මාසයේ බ්ලොගය තේරීම කල්‍යාණ මිත්‍ර කරනු ඇති. (තවම කලණයට කිව්වේ නෑ ඒක )

    ReplyDelete
  13. මට ඇත්තේ එක යෝජනාවයි.

    කතා සංඛ්‍යාව හා වේලාව අහන් ඉන්න සාමාන්‍ය මනුස්සයෙකුට දැරිය හැකි ගණනකට සීමා කිරීම

    ReplyDelete
    Replies
    1. තවම මේවායේ තීරණයක් නැහැ. කතා දානවද නැත්ද කියලත්. එකයි අහන්නේ හැමෝගෙන්ම.

      Delete
    2. එන හැමෝටම භාෂාව හා සාහිත්‍යය ගැනයි එකේ ශෛලීයන් ගැනයි උනන්දුවක් නැතිවෙයි! ඒ වගේ හරබර දේශන ගැලපෙන එකක් නෑ තියලා හිතනවා!

      Delete
    3. මේ පාර වෙනස් විධිහකට යන්නේ.

      Delete
  14. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    ReplyDelete
  15. මාර්තු නේද,ඉන්න තියෙන හැකියාවට වඩා නොඉන්න තියෙන හැකියාව වැඩියි.කොහොම උනත් හොඳ වැඩක්නෙ මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. එන්න පුලුවන්නම් හොඳයි. ඒත් පිටරට ඉන්න කොට ඕක ලෙහෙසි නැහැනේ.

      Delete
  16. අජිත් අයියා.............

    යාං හෑල්ල තේරීම ගැන හරිම සතුටුයි.... වෙනස් ම අාරක රචනාවක් තියෙන කෙනෙක්....

    මේලකින් විස්තර ඒවන්නම්............

    ReplyDelete
  17. සුරංගයාගෙ ලියවිල්ල ඌටම අනන්‍යයි. සුභ පැතුම්!
    අජියයියා, සයිඩ් සපෝට් එකක් හරි දෙන්නම්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ගිය පර බැරිවුන නිසා මේ පාරවත් කවියක් කියමු.

      Delete
  18. සුරංගම්ලර් ට සුබ ප්‍රාර්ථනා ....
    අජියො..මේ දවස්වල තියෙන උනුසුම් බ්ලොග් පරිසරය ගැන හිතුවාම තෑගි වලට බොඩි ආමර් හෙල්මට් වගේ ඒවා ලේස්ති කලොත් වටී.....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තත්වයක් තියනවා. මටත් ගහනවා කියල තියෙන්නේ. මේ දවස් වල අමතර පන්ති යනව ටයික්වොන්ඩෝ හා තායි කික් බොක්සිං.

      Delete
  19. ශ්‍රංග තෑග්ග සඳහා ගැලපෙන පුද්ගලයෙක්...
    සුබ පැතුම් ශ්‍රංග...

    උත්සවය සඳහා මගෙන් යෝජනා,

    කතා ඇත්නම් ඒවා කරන්නේ කවුද සහ මාතෘකා කුමක්ද යන්න කලින්ම දැන ගැනීමට සැලැස්වීම යෙහෙකිය...
    වෙන්කරගත් කාල රාමුව තුළ සියල්ල (කතා සහ සම්පුර්ණ උත්සවයම පවා)පැවතිය හැකිනම් වඩා හොඳය...
    මේවා විචල්‍ය වීමට ඉඩකඩ ඇතිනම් පසුපසින් දොරක් ඇති ශාලාවක් තෝරා ගැනීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බැලීම අගනේය...

    ReplyDelete
    Replies
    1. එක කටහ්වක් හා බ්ලොගාලගේ ඉන්ටර් ඇක්ටිව් වැඩක් තමා අදහස. ඊමේල් එක එවැන්න බැරිද. සංවිධානය ගැන අදහස් එවන්නම්.

      Delete
    2. පරණවිතාන ලොක්කට ප්‍රධාන කතාව විනාඩි 10, නාලකට විනාඩි පහලවක්. සෝෂල් මීඩියා ගැන . එච්චරයි.

      Delete
  20. වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සුබ පැතුම්..එදාට බෙල්ල දාල යන්න එන්නම් කෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ආවම හඳුනාගන්න අමතක කරන්න එපා.

      Delete
  21. සුරංග මේකට උපරිම සුදුස්සා.... උගේ ලිවිල්ලට ගහන්ඩ ලිවිල්ලක් නෑ ඒ ශෛලියෙන්... ඌ දන්නෙත් නැද්ද මන්ද මෙහෙම එකක් ගැන.. කෝ නෑ නේ පේන්න... යෝජනාවක් කරන්නම් අජිත් අයියා.. ඔය දේශණ වලට කට්ටිය ගන්නකොට අහන ඉන්න පුළුවන් විදියට කතා කරන ය දැම්මොත් වටිනවා... ඒ වගේම දේශනා කෙටි වෙනව නම් වඩාත් හොඳයි... මොකද මිනිස්සු ඔතෙන්ට එන්නෙ එක එකාගේ පණ්ඩිතකම් අහන ඉන්න නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. සුරංගට කිව්වා. පරණවිතාන ලොක්කට ප්‍රධාන අමුත්තා ලෙස කතාවක් දෙනවා. නාලක ගුණවර්ධනට කතාවක් දෙන්න යෝජනාවක් තිබෙනවා.

      Delete
  22. ජයෙන් ජය අපිත් ඕනම දේකට ඉන්නව මහා සංගරත්නය ‍ලෙසින්....

    ReplyDelete
  23. ඔබේ උත්සහය ඉහළින් අගයමි. නමුත් පරණවිතානලා වැනි අවස්ථාවාදී දේශපාලන අනාථයින්ගේ අත්වලින් සම්මාන දෙන්නේ නම් හිරිකිතය. නිදහස් මතධාරීන්ගේ සීමා මායිම් නැති බ්ලොග් ලෝකයේ සම්මාන සඳහා දේශපාලුවන් ගාවා ගැනීම කිරි කළයක් දොවා ගොම බිංදුවක් නොව ගොම බෙට්ටක්ම මිශ්‍ර කිරීමක් ලෙසයි මම දකිමි.
    මේ තීරණය ගැන නැවත සිතා බලන්නේ නම් එය බ්ලොග් ලියන්නන්ට ගෞරවයකි.

    ReplyDelete
    Replies
    1. පරණවිතාන අවස්තවාදියෙකු වන්නේ දේශපාලනික වශයෙන් ඔබ සිටින පැත්ත අනුව බව මගේ විශ්වාසයයි. ගියවර සම්මාන දුන්නේද ඔහු හා කරු ජයසුරුයයි. බ්ලෝග හා වෙබ් අඩවි තහනම් ඉවත් කර තර්ජන නොකර කටයුතු කලා නම් රාජපක්ෂ මහතා වුවද ඒ තැන ගන්නවාට මට ප්‍රශ්නයක් නැත. ඔහු දේශපාලකයෙකුටත් වඩා බ්ලොග් ආදිය ගැන අවබෝධයෙන් සිටින්නෙකි. ඔබගේ මේ චෝදනාව ඔහුට කෙලින්ම එදාට පැමිණ කියන්න. මේ ඔහුගේ බ්ලොගයයි. http://satharadiganthaya.blogspot.co.uk/2015/12/blog-post.html

      Delete
  24. මට විනාඩි හතක් දෙනවද මොහිදීන් බෙග් මාස්ටර්ගේ සිංදුවක් කියන්ට (තිත් දෙකයි කැපිටල් ඩී)

    සුබ පැතුම් කරන කියන හැම දෙයක්ම ජයෙන් ජය වෙවා (තිත්දෙකක්)

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .