Wednesday 3 August 2016

සාන්ත පිතර්බුර්ගයේ දීය - 1

මේ දිනවල මා  සිටින්නේ රුසියාවේය. අපි මුලින්ම පැමිණියේ සාන්ත පිතර්බුර්ගයටයි. සෑම දිනම රාත්‍රියේ නවාතැනට පැමිණෙන්නේ විඩාවෙන් බැවින් බ්ලොගය ලියන්නට සිත එක්තැන් කර ගැන්ම මදක් අපහසුය. දැන් දවස් අටක් පමණ ගතවී ඇති බැවින් කෙසේ හෝ ලියන්නට සිතුවෙමි. සහෘදයන්ගේ බ්ලොග් අඩවි වලට පැමිණීමට කාලයක් සොයා ගැන්ම මදක් අපහසු නිසා ඒ ගැන සමාව අයදිමි.
 සමහර විට චාරිකාවේ මැදින් පටන් ගැන්ම සුදුසු යයි සිතමි. අප මෙහි පැමිණියේ ජූලි  27ය. ජූලි  31 යනු මෙහි නාවික භටයන්ගේ දිනයයි. මේ නිසා නේවා ගඟේ යුධ නෞකා  කිහිපයක් තිබේ. අද නාවික හමුදා භටයන් තමන් ගේ දරු පවුල්, දෙමාපියන් හෝ පෙම්වතියන් කටුව නගරයේ සැරි  සරති . එකිනෙකාට  සුභ පතා ගනිති. බොහෝ අය  මත්පැන් ද පානය කරමින් තැන තැන සිටිති.

පහත ඇත්තේ නෞකා  කිහිපයකි.





නේවා  ගඟේ පළල අඩි  1200 සිට 1500 පමණ වේ. මෙහි නැව්   ගල්ෆ් ඔෆ් ෆින්ලන්ඩ් හෙවත් පින්ලන්ත මුහුදට යාත්‍රා කරති. නේවා  ගඟ දිගේ පාලම් කිහිපයක් තිබෙන අතර ඒවා විවෘත කරන තුරු නැව්  නවතා තිබේ. ගඟේ නැව්  විවෘත කරන්නේ රාත්‍රී 1.30 ටය.

ජුලි 31 දා  රැයේ  නැවියන් සඳහා ගිණි  කෙලි සංදර්ශනයක් රාත්‍රී දහයට පමණ පැවැත්වේ. අප එය නරඹා  නවාතැනට පැමිණියෙමු. නමුත් මම දියණියන්ට කියා සිටියේ නොනිද සිටින ලෙසත් අප නැවත පාලම් විවෘත කිරීම බලන්නට යන බවත්ය. ඔවුන් එයට කැමති වූයේ  නැත. මහන්සි බව කියමින් මැසිවිලි නැගුහ. එවිට ම කීවේ  මගේ පියා  සහ මව වෙසක් බලන්නට, හින්දු කෝවිලේ රදම් බලන්නට අප රැගෙන ගිය බවත් මා  දැන් එය ඉතා අගයන බවත්ය, කවද හෝ බිරිඳ හෝ මම නැති දිනයක් එළඹෙන බවත් එදිනට සමහරවිට අප සතර දෙනා  එකට නැරඹු මෙවන් සිදුවීමක් ඔවුන් අගය කරනු ඇති බවත්ය. මද නිහැඬියාවකින් පසු දෙදෙනාම ඇඳ පැළඳගත්හා. අපි රාත්‍රී එකට පමණ පිටත් වුනෙමු. අප යන විටත් බොහෝ අය  එහි රැඳී සිටියහ.

පාලම් විහිදුවීම මෙහි සටහන්ව ඇත.





අද සවස අගෝස්තු තුන් වැනිදා නේවා  ගඟේ ඉර බැස යන අන්දම මෙහි සටහන්ව ඇත.



16 comments:

  1. ඔව්, අපි පවුලම (තවත් තාත්තා ගේ මිතුරු පවුල් සමග) ගිය චාරිකා අපට තාමත් මතකයි. ඒ වගේ ම චීන සර්කස් සන්දර්ශනයේ කොටසක් පෙන්වන නිසා (මගෙ නාමලී නම් සින්දුව ආ) සිංහල චිත්‍රපටයත් නරඹන්නට ගියා!

    ReplyDelete
    Replies
    1. මටත් ඒ චිත්‍රපටය නම් මතකයි. තාත්තා සමග චිත්‍රපට බලන්නට මෙන්ම උදේ පාන්දර දුවගෙන වාහන හැප්පි හැටිත් බැලුවා මතකයි.

      Delete
    2. ගොපලු හඬ සමග චීන සර්කස් - 1975

      Delete
  2. සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ ජාතිවාදී තරුණයන් විදේශිකයන්ට පහර දෙන බවක් කියවෙනවා. සංචාරය සඳහා සුරක්ශිතද ?

    ReplyDelete
    Replies
    1. සෙන්ට් පීටර්ස්බර්ග් නෙමෙයි සාන්ත පිතර්බුර්ගය

      Delete
    2. තැනකදී එහෙම වුනාද දන්නේ නැහැ, නමුත් ඕව බොහොමයක් ප්‍රචාර. බීබීසී හෙම නිතරම කියනවා. මගේ වැඩ කරන තැන ඩිරෙක්ටර් පර්සනලි කිව්වා පරිස්සම් වෙන්න කියල නිවාඩු අත්සන් කරද්දී. මිනිස්සු හරිම හොඳයි. මම ඊයේ රෑ 11.00 ටත් එළියේ. තරුණයෝ හා තරුණියෝ ඉංග්‍රීසි කතා කරනවා විතරක් නෙමේ. උදව් නුත් කරනවා. කැනඩාව ගැන හොඳ නමක් තියෙන නිසා එහි වෙන දේවල් පල වෙන්නේ නැහැ, නමුත් එහෙත් වෙනවා.

      Delete
  3. අපේ සොල්දාදුවෝ නම් රෙජිමේන්තුවේ මොටෝක්‍රොස් සඳහා වැටුපෙනුත් මුදල් දී අහසට දත නියවනවා. අම්මපා.

    ReplyDelete
  4. අජිත් "ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා" හෙම නෑනේද?

    ReplyDelete
  5. සුන්දර ලෙනින්ග්‍රෑඩ්යේ වයිට් නයිට්, ඊරිසියාත් හිතෙනවා. පරණ යාළුවෝ හමුවෙන්න යනවද? මොස්කව් වල නම් තවම කීප දෙනෙක් ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙ දන්නා කවුරුත් නැහැ. මොස්කව් වල නම් හමු වුණා .

      Delete
  6. බොහොම ඉස්තුතියි අපි වෙනුවෙන් මෙව්වා ලියනවට. පින්තූර තමයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. දාන්නම් සුරංග මලයා. හෙට ඉඳන් ආයේ ලියනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .