Friday 23 February 2018

බංගලි ගමයා ගේ සෝවියට් නංගි

සෝවියට් දේශය ගැන ලිවීමේදී දෙයාකාරයක පිරිසකට පිළිතුරු සැපයීමට සිදුවේ. මින් එක කණ්ඩායමක් බොහෝ විට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එවැනි සංවර්ධිත රටක ජිවත් වන අය හෝ ශ්‍රී ලංකාවේ සිටින තමන් පොහොසත් හා උගත් පැලැන්තියේ යයි සිතන අයයි.  ඔවුන්ට අනුව සෝවියට් දේශය අභ්‍යවකාශයට චන්ද්‍රිකා  නොයැවූ අතර බටහිරින් සියල්ල  සොරකම් කර තිබේ. එසේම හිට්ලර්, බෙල්ජියමේ ලියෝපෝල්ඩ් ආදිපාද  හෝ අනිකුත් සියලු ධනවාදී පැත්තේ නායකයන්ට වඩා ලෙනින් හා ස්ටාලින් මිනී මරා තිබේ.

අනිත් කොටස ශ්‍රී ලංකාවේ වමට සම්බන්ධ පක්ෂ වල ක්‍රියාකාරී අය හෝ සහයෝගය දෙන අයයි. ඔවුන්ට අනුව සෝවියට් දේශය ඉතා දියුණුවට තිබු රටකි. අප පැතිය  යුතු සමාජයක් තිබුණු ලෙනින් හා ස්ටාලින් නිර්ධන පන්තියේ බලය ලෝකයට පෙන්වූ සමාජවාදී රාජ්‍යයකි. සෝවියට් දේශය ගැන යන්තම් හෝ විවේචනයක් කළොත් සරම් උස්සාගෙන වලියට එති.

ඔය දෙපැත්තම අමතක කළහොත් සෝවියට් දේශය යනු ඉතා සුවිශේෂ රටක් බවත්,   ලෝකයේ  තිබු විශාලතම රාජ්‍යය බවත් එහි පැවති  දේශපාලන ක්‍රමය තවත් කිසිම රටක නොතිබූ බවත් සිහි කළ යුතුය.  ලෙනින් විසින් රාජ්‍ය බලය ගත් පසු මුල් අවධියේ මුළු රටටම  (හැම පැල්පත ටම  නොවේ) විදුලිය දුන් බවත්, දරුණු යුද්ධය නැවැත්වූ බවත් ගොවියන්ට ඉඩම් දුන් බවත් සත්‍යයකි.  ස්ටාලින් එය අතිශයින් දරුණු ඒකාධිපති පාලනයකට යටත් කළ බවත් විප්ලවකාරීන් ඇතුළු මිනිසුන් බොහොමයක් මරා දැමු බවත් සත්‍යයකි. නමුත් ස්ටාලින් ගෙන් පසු කාලය තුල රටේ මිනිසුන් යම් තරමකට  වඩා නිදහස් සමාජයක ජිවත් වූ බවත් රට දියුණු බව ත් එලෙසම සත්‍යයකි. අප ඉගෙනීමට ගියේ ලංකාවට මෙන්ම ලෝකයේ  තවත් බොහෝ රටවලට  වඩා එසේ දියුණු වූ රටකටය. කවුරු මොනවා කීවත් එයද සත්‍යයකි.

 මේ කතාව ලියන්නේ සෝවියට් දේශයේ පැවති  සාමාජිය  වටපිටාව හා සංස්කෘතිය පැහැදිලි කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි.
තවමත් තිබෙන අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය 2016 මා  ගත් පින්තුරයකි 
මා සිටියේ දකුණු කලවරේ තුන්වෙනි තට්ටුවේ කාමරයේ ය  

අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය තරමක විශාල එකකි. ඉහත  පින්තුරය මා ගත්තේ  2016 රුසියාවට ගිය විටදීය. එහි සාමාන්‍යයෙන් මාසයකට වරක් හෝ දෙවරක් ඩිස්කෝ එකක් පැවැත්වෙයි. මෙය සංවිධානය කරන්නේ ස්තුඩ් සවියේත් හෙවත් නේවාසිකාගාරයේ ශිෂ්‍ය සභාවයි.   සාමාන්‍යයෙන් ගැහැණු හෝ පිරිමි සිසුවකු යහළු කර ගැනීමට හෝ සිකුරාදා හෝ සෙනසුරාදා නිකමට හෝ ඩිස්කෝ එකට ඔලුව දමා පැමිණීම  බොහෝ සිසුන් කරන දෙයකි. වැඩිපුරම අරාබි හා ලතින් ඇමෙරිකානු සිසුන් එහි සිටි අතර අපේ නේවාසිකාගාරයේ වැඩිපුර සිටියේ රුසියානුන් නිසා රුසියානු කොල්ලන් කෙල්ලන්  බොහොමයක්ද  ඩිස්කෝ එකේ දැකිය හැකි විය. ඒ දිනවල ඩිස්කෝ එකේ නිතර වැයුණු ගීත වලින් එකක් නම් ස්ටේටස් ක්වෝ (status quo- You are in the army now)  ගේ  "ඔබ දැන් හමුදාවේ" ගීතයයි.

ගොර්බචොව් ගේ පෙරෙස්ට්‍රොයිකා ග්ලාස්නස්ත් සමය නිසා වැඩි අවුලක් නැතිවම බටහිර ගීත වාදනය විය. අපි වැඩිපුරම  සිසුවියන් වටා  නැටුවේ මොඩර්න් ටෝකින් ගීත වලටය.  "ඔබ මගේ හදවත  ඔබ මගේ ආත්මය " ගීතය ද  ජනප්‍රිය එකක් විය.



මේ කාලයේ ඩිස්කෝ එකේ ප්‍රබලව නැටූ චරිතයක් වූයේ ස්වේතා ය. පිරුණු ලැමක්‌   හා පියකරු මුහුණක් ඇති ස්වේතා යමෙක් වරක් දෙවරක් නොව තෙවරක් වුවත් හැරී බලන රූ සපුවකට උරුම කම් කීවාය.  ස්වේතා ට කිසියම් රෙපියුටේෂන් එකක් හෙවත් ප්‍රසිද්ධියක් තිබුණි. එනම් හැම නැටුමක් අවසානයේම ස්වේතා තමන් කැමති කොල්ලෙක්   සමග කාමරයට යන බවයි. සින්දු දෙක තුනක්  අවසන් වන විට ප්‍රීතිමත් මුහුණක්  සමග කොල්ලා ද  මදක් බීමත්  ස්වේතා ද නැවත ඩිස්කෝ එකට පැමිණෙයි.  මෙසේ හතර පස් වතාවක් ම  රෑ 12.00 ට පමණ ඩිස්කෝ එක අවසන් වන තුරු මේ ක්‍රියාවලිය සිදුවේ. කිසිම විටෙක එකම පිරිමියෙකු දෙවරක් ගෙන නොයෑමට ඉතා ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදී ස්වේතා පරිස්සම් වූවාය

මුළු සතිය පුරා  ස්වේතා යනු හොඳට පන්ති යන හොඳට ඉගෙන ගන්නා සිසුවියකි. විභාග වලින් කිසිසේත් අසමත් නොවෙන  එකියකි. ඉන්පසු සති අග නොවැරදීම ඩිස්කෝ එකට යන ස්වේතා හොඳට නැටීමද හැම  නැටුමක් දෙකක්  අවසානයේ කොල්ලෙකු සමග අතුරුදහන් වීමද නොවරදවා සිදුවිය.

කිව යුතු වන්නේ ස්වෙතාට අමුතු නමක් වෙනත් රටවල මෙන් කවුරුත් පට නොබැඳීමයි. ඇයට easy going යන්නට සමාන с легким характером  ලේසි චරිතයක්  යනුවෙන් හඳුන්වා දීමක් හැරුණු  විට කිසිවෙක් ඇගේ හැසිරීමට අවුලක් නොපෙන්වූහ.

එකම දෙය රාත්‍රියේ කොල්ලෙකු සමග වැනි වැනී කොරිඩෝරයේ හමුවන ස්වෙතා ගෙන් මේ කී වෙනියද යනුවෙන් ඇසීම පුරුද්දක් වශයෙන් අප කිහිප දෙනෙකු කිරීමයි. එවැනි වෙලාවක අද රාත්‍රියේ පස් වැන්නා හෝ හයවැන්නා යයි හඬ නගා සිනාසී කීමට  ස්වේතා ද පුරුදු වී සිටියාය. අවුරුදු දෙක තුනකට පසු ස්වේතා හැම විටම ඩිස්කෝ එකේදී  අල්ලා ගත්තේ  අලුතෙන් එන ලාබාල සිසුන්ය. ඇගේ වසරේ අය ස්වේතා ගැන දැන  සිටි නිසා ඈ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුහ.

අපේ වසර වල  බංගලා දේශයෙන් පැමිණි සිසුවෙක්ද විය. ඔහුගේ නම රහමන් යයි කියමු. ඔහු තවමත්  මොස්කව් වල ජිවත් වන නිසා  නියම නම නොකියමි.  මේ සිසුවාගේ විශේෂත්වය වූයේ ඔහු පැමිණ තිබුනේ බංගලා දේශයේත් ඈත පෙදෙසකින් බවට තිබු රාවයයි. හෙවත් ඔහු බංගලි ගමරාළ කෙනෙකි. අපේ සිටි ඉන්දියානුවන් හා නේපාලි සිසුන්ටද ඔහු විලේජර් හෙවත් ගමයෙක් විය.  ඔහු දකින හැම තැන දීම වටේටම කෙල ගසන කෙනෙකි. ඔහු බංගලා දේශයෙන් ගෙනා  බුලත් කන බවද සමහරු කීහ.
(ලන්ඩනයට පැමිණෙන ඇතැම් සංගීතඥයන්, දේශකයන්, විචාරකයන් ද කාරා  පාරේ කෙළ ගසනු මම  දැක ඇත්තෙමි.)  මේ කාරා කෙල ගැසීම යුරෝපයේ සලකන්නේ අවිනීත ක්‍රියාවක් ලෙසටය.

මේ බංගලි සිසුවා රහමන් වෙළදාම්  කරන්නට සිසුන් රැගෙන එන ස්ටීරියෝ, කොම්පියුටර්   පෙට්ටි තම කරේ හෝ හිසේ තබාගෙන යයි.  ඩෙනිම් ආදී දේවල් ද එසේ හිසේ තබාගෙන ඔහු නේවාසිකාගාර අතරින් යනු බොහෝ විට  පෙනේ. වෙනත් කිසිවෙකු  මේ දේවල් මෙසේ එළිපිට  කලේ නැත. බොහෝ අය කිවේ මේ ගම මහතා මෙසේ නීති විරෝධී  වෙළඳම් එළිපිට කලේ කේජිබි එක සමගත් හොඳින්  සිටි නිසා බවයි.

හතර වන අවුරුද්ද වන විට අප වැඩිය ඩිස්කෝ ගියේ නැත. ස්වේතා නම් සිකුරාදා හෝ   සෙනසුරාදා දිනවල කොරිඩෝරයේ කාගේ හෝ  අතක් රැගෙන යනු දුටුවෙමු.  ස්වේතා කුමන නොම්මරය පසු කරන්නේද යන්න දැන  ගැනීමටද අවශ්‍යතාවයක් කාටවත් තිබුනේ නැත.

 බංගලි ගමරාල හදිසියේ  ඩිස්කෝ එකට ගිහින් තිබුණි. ඔහු හමුවීමට එතරම් සරු නැති පිට නගරයකින් පැමිණි බංගලි යහළුවන්  පිරිසකට අපේ ඩිස්කෝ එක පෙන්වීමට හා කවදාවත් නටා නැති වුවද උන් ඉදිරියේ ඔහු නැටීමටද  ගොස් තිබුණි. බන්ගලියා ගේ වාසනාවට හෝ අවාසනාවට (මා නම් සිතන්නේ වාසනාවට කියායි. ) ඔහු එදා නටා ඇත්තේ  ස්වේතා සමගය. එදා දවසේ අවසන් නැටුම වී ඇති එයත්  සමගම  ස්වේතා හා රහමන් දෙදෙනා  ඔහුගේ කාමරයට ගොස් ඇත.

මාස තුන හතරකට පසු ආරංචි  වූයේ ස්වේතා ගර්භණී වී ඇති බවය. ඇය කියා ඇත්තේ දරුවා බංගලියා ගේ බවයි. බංගලියා හතර අතේ දිවුරමින් දරුවා ඔහුගේ නොවන බව කියා ඇත. හැබැයි නීතිය  නම් නීතියයි. දරුවා ඔහුගේ නම් ඔහු කසාද  බැඳිය යුතුය.

නියමිත කාලය අවසන් වුන පසු බංගලියා ද දරුවා ඉපදෙන දවසට රෝහලට ගොස් ඇත. ස්වේතා කිව්වා නිවැරදිය. ලස්සන බංගලි පැටියෙකු ස්වේතාට ලැබී තිබුණි.

දරුවා ලැබුණු පසු මදක් විවේකී ව සිටි ස්වේතා  බංගලියා   සමග එක කාමරයක පදිංචියට ගියාය.  ඇය ඉන්පසු කවදාවත් ඩිස්කෝ එකකට ආවේ නැත. ඇය හඳුනන   අය බංගලියා ටද හදුන්වා  දුන් ස්වේතා බංගලි යාගේ "නීති විරෝධී" ව්‍යාපාර වල  පරිපාලිකාව වූවාය (business manager). බංගලියා සමග මිස වැඩිය එලි පහලියට නොගියාය.

අපි විශ්ව විද්‍යාල පාඨමාලා  අවසන් කරන සමයේ බංගලියා සෑහෙන ධනවතෙකු වී සිටියේය. පසුව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරුන් වූ රුසියාවේම  උගත් ව්‍යාපාරයෙහි දක්ෂ  සිසුන් දෙතුන් දෙනෙකු මෙන් බංගලියා ද  මෝටර් රථයක හා ෆ්ලැට් එකක්  හිමි කරුවෙකු විය.

සෝවියට් දේශය කඩා වැටුණු පසු  1994 වසරේ මුල් භාගයේ මම කිසියම් කරුණු කිහිපයක් සඳහා නැවතත් රුසියාවට  ගියෙමි. අපේ විශ්ව විද්‍යාලය පිහිටි පෙදෙසේ තිබුණු සුන්දර  අවන්හලක  කිසිවෙකු සමග හිඳගෙන සිටියෙමි.

 ආසියානු පැහැයති දරුවන් දෙදෙනෙකු ගේ අත් අල්ලාගෙන මුස්ලිම් ගැහැනියක ලෙස හිස වසාගත් රුසියානු කාන්තාවක් සුඛෝපභෝගී වාහනයකින් බැස්සාය. පිළිවෙලකට පොෂ් ටයි කෝට් පැළඳි බංගලියා අනිත් පැත්තෙන් බැස ආවේය. මා ස්වේතා හඳුනා ගත්තේ එලෙසය. ඔවුන්  ඒ වනවිට මොස්කව් වල තට්ටු නිවාස  දෙකක, සුපර් මාකට් දෙක තුනක, කම්හලක  හා ග්‍රීෂ්ම බංගලාවක (දාචා) හිමිකරුවන්ව සිටියහ.

ඕනෑම ගමරාළ කෙනෙකුට හොඳ බිස්නස් මොඩලයක් තිබිය යුතු තරමටම හොඳ බිස්නස් මැනේජර්  කෙනෙක් ද සිටිය යුතුය.





32 comments:

  1. මසුරං. මල් හතයි. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩෙපියුටි ජෙනරාල් මැනේජර් බස්සා

      Delete
  2. ඔබට සෝවියට් මිනිසෙකු සමග රුඩොල්ෆ් වැලැන්ටීනෝ , ඕසෝන් වේල්ස්, අතර්මිලර් , වෝල්ටර් ස්කොට්, අගතා ක්‍රිස්ටි, ඉයන් ගිලන් , ඩේවිඩ් බෝවි , ඩාර්ලි , හෙමිං වේ, බොරිස් කාලෝෆ් , වැග්නර් යනාදීන් ගැන කතා කල හැකිය. සෝවියට් මිනිසා ඔබව තේරුම්ගනු ඇත. එසේම ඔහු ඩොස්ටයෙව්ස්කිගේ, පුෂ්කින්ගේ , ශේක්ස්පියර්ගේ, රොමේන් රොලාන්ඩ්ගේ, හර්මන් මෙල්විල් ගේ , ජෙෆ්රි චෝසර් ගේ පොත් කියවා ඇති මිනිසෙකි.

    ReplyDelete
    Replies
    1. හුඟක් තැන් වලදී ඒක ඇත්ත. රුවන් තරම් සෝවියට් දේශය ගැන ලියන්න ගිහින් නින්දා අපහාස මෙන්ම ප්‍රසංශා ත් ලැබූ කෙනෙක් නැතිව ඈති නේද

      Delete
  3. https://www.babygaga.com/14-confessions-from-women-who-got-pregnant-to-trap-their-boyfriends/

    අතීතයේ ඉඳං එන දඩයම් ක්‍රමයක් තමයි ඕක

    Btw, Paternity test තිබුනද?

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් නම් තිබ්බේ නැහැ. Age old method එකක් නේද

      Delete
    2. ටෙස්ට් නොකර නීතියෙන් බල කරන්නේ කොහොමද? වෙන සාක්කි තිබුනද? අජිත්ලාත් සාක්කි දුන්නද මංදා. :-D

      ඔප්පු වුනත් නඩත්තු ලැබෙනවා මිසක් විවාහ වීම බලෙන් කෙරෙන්නේ නෑ නේද සෝවියට් නීතියට අනුව වුනත්?

      Delete
    3. හා හා - ප්‍රා කාන්තාවන්ට සම තැන දීලා තිබුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම. ප්‍රශ්න තිබුනා තමයි. හැබැයි කෙල්ල කිව්වොත් මෙයා තමයි තාත්තා කියල බඩුම තමයි. චෙක් කරන්න විධිහක් තිබ්බේ නැහැ නඩු ගියොත් මිසක්. හුඟක් වෙලාවට නඩු යන්නේ නැහැ. නඩු යන්න ඕනේ නැහැ කිවොත් ඒකත් එහමයි. දික්කසාද වෙන්න මාර ලෙහෙසියි. ඒත් විවාහ වෙන්නම ඕනේ ළමයෙක් ඉන්නවා නම්. නම දෙන්න ඕන පියා වශයෙන්. නඩත්තු කියල එකක් නැහැ. ලමයව ආණ්ඩුවෙන් බලා ගන්නවා කොහොමත්

      Delete
  4. ෂා එක නම් නියම කතාව.කඩුව නිකම්ම තිබුනට වැඩක් නැහැ හරියට වනාගන්න දැනගෙන ඉන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මචංලා කමෙන්ට්

      Delete
  5. මමත් ඔහොම කෑල්ලක් දැකලා තියෙනවා. ඒකි රහෙල්. උදේට කවුරු හරි අල්ලගෙන කථා කරලා හවසට පොඩි ෂොට් එකක් දාලා රූම් එකට එන්න බලන්නේ.

    ReplyDelete
    Replies
    1. රහෙල් කිව්වේ නමද? ඔය කෙල්ලෝ නරක උදවිය නෙමෙයි. ඒක ජිවන රටාව, ගැහැණු සහ පිරිමි (මිනිස්සු) සර්වයිව් වෙන්න කරන දේවල් විවිධයි

      Delete
    2. alternate spelling of Rachel ?

      Delete
  6. සුපිරි කතාව. බංගලියන්ට ඇහෙන්න කියන්න එපා. හැක්.

    ඔය රුසියාව රොකට් යැව්වේ නැතෙයි හොරකං කරාය කියන කට්ටියට දෙන්න තියෙන හොදම උත්තරේ තමා අවුරුදු ගානක් තිස්සේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගගනගාමින් රැගෙන යාමට වැඩිම විශ්වාසය තබා තිබෙන්නේ රුසියානු සොයුස් රොකට් වලටය කියන එක..

    ReplyDelete
    Replies
    1. බංගලියන්ට විරුද්ධව ලියන ඒවා නිසා දන්නවා නම් මට ෆත්ව දායි ද දන්නේ නැහැ. බ්ලොගාල කි දෙනෙකුට ගේම දුන්නද? රොකට් යැව්වේ නැත ආයුධ තිබ්බේ නැත කතා කියන්නේ අර ෆේස්බුක් එකේ තියන දිනියස් එකතුව කියන එකේ කට්ටියනේ . ඒකෙ ඉන්නව පරතෙරට දැන උගත් හෙන ජීනියස් ලා ගොඩක්. ඒ ගොල්ලෝ ඔක්කොම දන්නවා

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නියමයිනේ .Moscow , our life as students, what we shared with them..... nicely written Ajith Aiya. I like the way you have explained Swetha's character . (An example for common Russian girls and their easy going ). Hostels , discotheques , girls, weekends, songs .....our good old dys..... you provide a clear imagination .
    It's a joy ride down the memory lane.

    ReplyDelete
    Replies
    1. //An example for common Russian girls and their easy going//හැම රුසියානු කෙල්ලම එහෙම නැහැ. අපේ පන්තියේ හිටි එවුන් ස්වේත වගේ හැසිරුනේ නැහැ. කොල්ලෙක් දෙන්නෙක් යාලු වෙලා ඉන්න එක එංගලන්තේ වගේ රටවල උනත් ප්‍රශ්නයක් නෙමෙයි.
      //Hostels , discotheques , girls, weekends, songs .....our good old dys..... you provide a clear imagination .
      It's a joy ride down the memory lane. // that is true. Thank you

      Delete
    2. අනිත් එක නංගි මෙතැන් ස්වේතා වරදක් කරලා නැහැනේ. මේක සංස්කෘතීන් දෙකක්. ඒකයි වටහා ගන්න ඕනේ. හැබැයි ස්වේත අලුත් සංස්කෘතිය වැළඳ ගත්තට පස්සේ ඒ අනුව ජිවත් වෙනවා.

      Delete
  9. ලංකාවේ කෙල්ලෝ සහ කොල්ලෝ ඕවට පැටළුනේ නැද්ද . නම් ගම් නැතිව සිද්ධියක් දෙකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් ගැන ලියා තියෙන්නේ, හිටපු සහ ඉන්න තානාපති ගැන.

      Delete
    2. පැටලෙන ඒවා නම් තිබ්බ. එයින් එකක් දෙකක් ලියන්න හිතන් ඉන්නවා. මොකද සමහරු දැන් මාර සුදනෝ වගේ පෙන්නගෙන ඉන්න නිසා.

      Delete
  10. දැන් එතකොට ගමරාළ පොදු අපේක්ශකයත් එක්ක සැට් උනා.
    බිස්නස් වැඩ ආර්ථික විද්‍යාව හොදින් දන්නව, බිලියන් ට්‍රිලියන් වලින් වැඩ.
    මඩු වලිගයක් එහෙම ඔය ඉස්ටෝරියෙ තිබ්බ නං කතාව එලම කිරි.

    ReplyDelete
    Replies
    1. මඩු වලිග නැතිව ඔය මනුස්සයට වැඩ කරන්නම බැරිද :)

      Delete
  11. කොලඹ ගමයාගේ කතා ලියන්න කවුරුත් නැද්ද මංදා 😀😀😀😀

    ReplyDelete
    Replies
    1. බන්ගලිය ලියනවලු.

      Delete
    2. කොලඹ ගමයාගේ කතා ලියන්න කවුරුත් නැද්ද මංදා x 2

      Delete
  12. බංගලියා දක්ෂයෙක්..

    ReplyDelete
  13. Athi finaly.. asa hithena blog ekak hambuna..niyamai

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .