Sunday 16 December 2018

අප වැනි සමාජයක් තුල අන්තවාදයේ පැවැත්ම කුමක්ද - 'සියාමා' සමග නන්දන වීරරත්න - 1

"නන්දන වීරරත්න සහෝදරයා මගේ "සියාමා" කෘතිය ජනගත කළ අවස්ථාවේ කරන ලද දේශනයෙන් කොටසකි. ප්‍රවීන මාධ්‍යවේදී   නන්දන වීරරත්න ප්‍රබල වාර්තා චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහු බීබීසී සංදේශය වැඩ සටහනේ වසර ගනනාවක් සේවය කළේය. "
නන්දන 
පිටුවහළේ ඉන්න ලාංකිකයෝ  ලංකාව ගැන උනන්දුවෙන්නේ ඕනේ නැහැ කියල ප්‍රකාශයක් යනවා. මම ඕකට විරුද්ධව කතා කරලා තියනවා . අජිත් එක්ක හෙම වගේම වෙන අය එක්ක  අපි එකතු වෙලා වාද කරනවා  ලන්ඩන් ගිය වෙලාවට. අපි කණ්ඩායමක් ඉන්නවා මේවා ගැන සංවාද කරන.

 කොහොමත් මම කැමැතියි අජිත් අන්තවාදය ගැන මෙහෙම පොතක් ලියුවට. අන්තවාදය ගැන එයාට කියන්න පුළුවන් අත්දැකීමක්  අපට දැනෙන අත්දැකීමක් ගැන මෙහෙම අපට ඉදිරිපත් කරපු   එක ගැන  මගේ ස්තූතිය අජිත්ට  හිමියි. ලංකාවේ හුඟක් වෙලාවට මේ  වගේ  දේවල් විෂය කර ගන්නේ නැහැ ලියන්න.  අඩුම ගානේ ජනප්‍රිය නවකතාවකවත්  ලියන්න පාදක කර ගන්නේ  නැහැ. ඒවා දේශපාලන වැඩට අරවට මේවට පාවිච්චි  කරනවා මිසක්. ලංකාවේ  මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ.

මට ඒ පොතේ කතාව කියවන කොටම මතක් වුනේ ගෝනවල සුනිල්. ගෝනවල සුනිල් ගැන අජිත් දන්නවා ඇති.බියගම ආසනයේ හිටපු ප්‍රසිද්ධ බරපතල  ඡන්ද දායකයෙක්. ගෝනවල සුනිල්ව හිර ගෙදරට නියම වුනා තරුණියක් දුෂණය කිරීම පිළිබඳව. ගෝනවල  සුනිල්ට සමාව දුන්න එකතරා කාලෙකට පස්සේ. ජනාධිපති සමාව. ඒ මේ අපරාධය කළාට පස්සේ. අජිත් ගේ පොතේ එක කෑල්ලක් තියනවා ඒ වගේම. ඒ සමාවට නීති ක්ෂේත්‍රයේ කියන්නේ  "සුනිල් සමාව" කියල. අපේම ජනාධිපති කෙනෙක් ස්ත්‍රී දූෂකයෙකුට, ඒ වගේ අපරාධ කරුවෙකුට සමාව දීම. ඔය ප්‍රතිපත්තිය පටන් ගත්තේ එතැනින්.  මේක අන්තවාදයේ කෑල්ලක්. ලංකාවේ පුද්ගලික දෙයක් වගේ පෙනුනට, එක  ස්ත්‍රී දුෂණයක් වුනාට . බංගලා දේශය වගේ රටවල මුස්ලිම් අන්තවාදීන් ගේ කතාවක් විතරක් නෙමේ.මම කියන්නේ. මේ ලංකාවේ වෙච්ච දෙයක්. මේකේ තිබ්බ අයුක්තිසහගත භාවය අපේ ඔළුවේ දීර්ඝ කාලයක් තිබුන.
ජේ ආර් විශ්‍රාම ගිහින් විශ්‍රාම සුවයෙන්  ඉන්න කාලේ එකඟ වුනා   සම්මුඛ සාකච්චාවක් දෙන්න. නෙල්සන් එස් පෙරේරා කියල අපි සමග වැඩ කරපු කෙනෙක් තමා යන්නේ මේ සම්මුඛ සාකච්ඡාවට.  අපි  කට්ටිය එකතුවෙලා ජේ ආර් ගෙන්  අහන්න ප්‍රශ්න හරි ගස්සනවා දැන්. කට්ටිය එකඟ  වුනා එක ප්‍රශ්නයකට
"ඇයි තමුන්නාන්සේ ගෝනවල සුනිල්ට සමාව දුන්නේ".
  අපි හිතුවා දැන් නෙල්සන් ගිහිල්ල මේ කරපු වැඩේ ගැන ජේ ආර් ගෙන් පසු තැවෙන උත්තරයක් අරගෙන එයි කියල. නෙල්සන් සාකච්ඡාව ඉවර කරලා ඇවිත් ඉන්නවා.
ඇහුවා මොකද වුනේ කියල. නෙල්සන් කියනවා
"නෑ ඉතින් සම්මුඛ සාකච්ඡාව හොඳට ගියා. වරදක් නැහැ."

"කතා කරලා මොකද කිව්වේ  ගෝනවල සුනිල්ට සමාව දීපු එක ගැන"
නෙල්සන් කියනවා,
"මම ඉතින් ඇහුව ජේ ආර් ගෙන්
"ඇයි තමුන්නාසේ ගෝනවල සුනිල්ට  සමාව දුන්නේ "
එතකොට ජේ ආර් අහනවා "මොකක් ගැනද ඔයා කියන්නේ"
"අසුවල් අවුරුද්දේ ස්ත්‍රී දූෂණයක් කරපු මිනීමරුවෙකුට  ඔබතුමා සමාව දීල තියනවා"
එවෙලේ ජේ ආර් අහනව,
"ඉතින් මොකක් ද ප්‍රශ්නේ? දැන් එයාට මොනවාද වුනේ? මට බලය තිබුනද එයාට  සමාව දෙන්න?"
"ඔව් විධායක ජනාධිපති හැටියට ඔබ තුමාට පුළුවන් සමාව දෙන්න"
"ආ එහෙනම් මම ඉතින් වැරැද්දක් කරලා නැහැනේ"

මේක තමයි හම්බ වෙච්ච  උත්තරේ ගෝනවල සුනිල්ට  සමාවක් දීම ගැන ජේ ආර් ජයවර්ධන ගෙන්මේ. වගේ කතා ඕන තරම් වෙනවා. මේක බංගලා දේශයේ වුනාට  මේක අපේ අත්දැකීමක්. අපි ගාව මේක තියනවා.ඇති තරමින් තියෙනවා.

ප්‍රශ්නේ තියෙන්නේ මේ කතාවට  අජිත් වෙන රටක් අදාල කර ගන්නවා, මේක ඇතුලේ අපිට මේ කතාව  කියන්න වෙන්නේ නැහැ. ඒක හොරකම් කරනවා ඉරිදා පත්තරේකට පාතාලේ  වාර්තාවක් විධිහට එලියට දාන්න . එහෙම නැත්නම් වෙනත් විධිහේ කතාවක්  හැටියට විකුනනවා. ඒ ඇරෙන්නට  ඒ අපරාධ සම්බන්ධයෙන්, ඒවා   නතර කිරීමට ක්‍රමයක් හැටියට, ඒවාට විරුද්ධව සංවාදයක් හැදිලා , ඒකට  විරුද්ධ ක්‍රියා මාර්ගයක් හැටියට එන්නේ නැහැ.  මෙන්න මේක උඩ තමයි මම කියන්නේ අන්තවාදයේ මුලික ගැටලුව තියෙන්නේ. මම මාතෘකාව හැටියට ගත්තේ "අන්තවාදයේ  පැවැත්ම මොකක්ද කියන්න අපේ වගේ සමාජයක් ඇතුලත".
  මම විශ්වාස  කරනවා අන්තවාදය කියන එක එන්නෙම මිනිස්සුන්ට මේක ඇතුලෙ තියන ක්‍රමයත් එක්ක විරෝධය කියල. පවතින සමාජයත් එක්ක ඒකෙ පැවැත්මත් එක්ක තියෙන විරෝධයත් එක්ක තමා අන්තවාදය එලියට එන්නේ කියල.

මොකද විශේෂයෙන්ම අපි අවුරුදු 400කට  කිට්ටු කාලයක්  යුරෝපයේ යටත්විජිතයක් හැටියට හිටියේ . අපට භාර ගත්තත් නොගත්තත්  අපට ආගම්  භාර ගන්න සිද්ධ වුනා, සංස්කෘතීන් භාර ගන්න  සිද්ධ වුණා, ආහාර වාසගම් නොයෙක් දේ භාර ගත්ත පෘතුගීසින් ගේ සිට  ඉංග්‍රීසින් දක්වා සියලුම අයගෙන්. ඒ එන දේශපාලන යටත් විජිත වාදය වගේම සංස්කෘතික යටත්විජිත වාදයත්  භාර ගන්න අකැමති මිනිස්සු ඉන්න පුළුවන්. බින් ලාඩන් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ එන යුරෝපීය හෝ සෝවියට් සංස්කෘතික දේශපාලන  මතවාදයට යටත් විජිත වාදයට දේශපාලන මතයට අකමැති  මිනිස්සු දක්වන විරෝධය අන්තවාදයක් වශයෙන් එළියට එනවා. මේක හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ.

මම විශ්වාස  කරනවා  අන්තවාදයක ට පැවැත්මක් එන්නේ ඒකට  විරුද්ධ මිනිස්සු ඒකට ගන්න  ක්‍රියාමාර්ගය මත කියල. ඒකත්  එක්ක ගනුදෙනු කරන ආකාරය මත තමයි අන්තවාදය පරාජය කරන්න පුළුවන් වෙන්නේ  . අන්තවාදය අඩු කර ගන්න  පුළුවන් පොදු සමාජයකට. අපි ඒ ගොල්ලන්ගේ අවුල කියන්නේ නැත්නම්, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කියන්නේ නැත්නම් ඒ ගොල්ලන්ට වෙන වැරැද්ද අසාධාරණය  කියන්නේ නැත්නම්  අර මනුස්සය හුදෙකලා මිනිහෙක් බවට පත් වෙනවා. මිනිහට  සිද්ධ වෙනවා මිනිහ දන්නා  ඔය පොදු සමාජය විරුද්ධව  වැඩ කරන්න.

 මම සැහෙන කාලයක්  යුධ වාර්තාකාරයෙක්  හැටියට LTTE  ප්‍රදේශයන් වල සාමකාමී විධිහට ගනුදෙනු කරපු කෙනෙක්.
මම දැකපු දෙයක් තමා  ඒ ගොල්ලන්ගේ ප්‍රාදේශීය උසාවි වල කුල නාමය කිවොත් දඩ ගහනවා. කුල කීවොත් දඬුවම් කරනවා . මට තේරුණා ඒ ගොල්ලන් අන්තවාදයට යන්න කුලය සාධකයක් වෙන්න ඇති කියල.   LTTE ඇතුලේ දෙමළ   සටන්කාමී ව්‍යාපාරය ඇතුලේ ඒ ගොල්ලන්ට යාපනේ ප්‍රභූ පන්තියෙන් ආපු විරෝධය හා පීඩනය ඒ ගොල්ලෝ අනිත් පැත්තෙන් පාවිච්චි කරන්න  ඇති කියල.
ප්‍රසිද්ධ කතාවක් තියනවා.
එක දවසක්  LTTE එකේ අවි ගත් තරුණයෙකුට  යාපනේ කුලවතෙක් එයාගේ කුල නාමය අමතල කතා කරනවා. පළමුවෙනිවතාවට  කීවම අර අවිගත්ත තරුණයා අපහු හැරිලා බණින්න යනවා කුලවතාට. කුලවතා ගහනවා අර තරුණයාගේ  කම්මුලට. තරුණයා කුලවතාට වෙඩි තියල මරල දානවා.
මේ වගේ ඕනෑතරම් අපට හම්බවෙනවා සිද්ධීන්. අන්තවාදීන් සන්නද්ධ වීම තුලින්.   බලන්න පහුගිය අවුරුදු 60-70 තුල අලංකාවේ මිනි මැරුම් අපරාධ , යුද්ධ  තොගය  කොපමණද  කියල. විශේෂයෙන්ම  දේශපාලන අපරාධ තොගය. ඉතින් මේවා ගත්තම මම පුද්ගලිකව විශ්වාස කරන්නේ  අන්තවාදය වෙන්නේ සමහරවිට අන්තවාදීන් ට ඒ දේ දරන්න බැරි නිසා.

නන්දනගේ දේශනය මෙතැනින්.
මේ වීඩියෝ ලින්ක් එක ලැබුනේ අද, නන්දන කියන දෙයට පසු වදනක් මේ තරුණයාගේ කතාවේ තියනවා.
https://www.facebook.com/ashaindika/videos/10213634213037469/?t=21



12 comments:

  1. කලින්ම මේ අගනා දෙසුමට සවන් දුන්නෙක්මි

    ReplyDelete
  2. පිටුවහළේ ඉන්න ලාංකිකයෝ ලංකාව ගැන උනන්දුවෙන්නේ ඕනේ නැහැ කියල ප්‍රකාශයක් යනවා. මම ඕකට විරුද්ධව කතා කරලා තියනවා .

    තව මොනවා කතා කරන්නද වාද කරන්නද සුළුවෙන් හරි ලාංකීය මහජන මුදලින් නඩත්තු වන අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන තමන්ගේ වාසියට සංක්‍රමණය වෙලා පරගැතියන් වශයෙන් ලංකාවේ හරි හෝ වැරදි ගැන ප්‍රසිද්දයේ කියවන්න ලියන්න විවේචනය කරන්න
    මොන ආසිලාචර කමක්ද මිනිස්සු 40 -50 එකතු කරගෙන හොල එකක කාමර කැල්ලක කුලියට අරගෙන අනුන් ලවා ඔහේගේ කෙරුවාව ගැන කයිවාරු ගසා අපට පෙන්වා අපි මෙහෙමයි පරගැති කුක්කෝ වසයෙන් කලපව් මකාගන්න යමක් කරන්නේ කියලා පෙන්වන්නන්ද මෙ

    තොපි රට අත්හැර ගියානම් මොන ලබ්බක් ද මෙහෙ බලාගෙන කරන්නේ උබත් නිකම්ම නිකම් ලෝන්ත පොල් තට්ටයෙක් මිසක් උබට පුලුවන්ද යමක් කරලා ලංකාව දියුණ කරන්න තොපේ දෙමව්පියන්වත් ඒකාලේ හරි දේ කළා නම් නුතන පරම්පරාවට මෙහෙම් දෙයක් වෙයිද
    අනුන් කරපු දෙයක් නැවත මෙතැන් කියවල ලියලා ඔහේ හදන්නේ පොරක් වෙන්නද
    එක එකාගේ දේශනයි අදහස් පළකරන්නේ තමන්ගේ කියලා නිර්මාණයක් කර ගැන බැරි තරමටම ඔහේ බංකොලොත් වුනාද

    එහෙම නැතිනම් ලේකකයො කියලා නැවත යුධ මනසිකත්වයක් ඇතිවෙන්න ලියලා යුද්දය විකුනම් කන්න ගතමනාවක් හොයාගන්න ද කල්පනාව

    ReplyDelete
    Replies
    1. ඔයා මහින්ද රාජපක්ෂට ආදරෙයි වගේ නේද ගොඩක් ?

      Delete

    2. මේ ගොන් තඩියා ව පොඩ්ඩක් විශ්ලේෂණය කරමුකෝ. ඒකයි මේ කොමෙන්ට් එක දැම්මේ. එක මු මට අපහස කරනවා පොළ තට්ටය වගේ දේ කියල. දෙක මූ මහා ලොකුවට හොයා ගත්ත වගේ මගේ පවුලට ළමයින්ට අපහාස කරනවා. මම ඒවා දැම්මේ නැහැ. මේක මගේ බ්ලොගේ. මට ඕන දේ පල කරන්නේ. ඉතින් මූට වාවන්නේ නැහැ. ඉරිසියාව කුහකකම උතුරනවා. මේ යන්නේ මගේ දෙවෙනි පොත. ඉතින් බනිනවා නවත්වන්නැ කියල හිතාගෙන. හරියන්නේ නැහැ.පඟර නැට්ටෝ මේකා ඇවිල්ල ටිපිකල් කීබෝඩ් වීරයෙක්. අපි නමින් (හසිත සෙනරත්) වගේ දැම්මම ලොකු මිනිහ වගේ ඒකම කියවනවා හොයා ගත්ත. බූරුවෝ අපි හැංගිලා නැහැ . උඹයි ඇනෝ රෙද්දස්සේ හැංගිලා ගහන්නේ. පරයා හෙවත් පරගැතිය , වහල, බිය ගුල්ල වගේ ඔය ඕන දෙයක් උඹ ගැන කිව්ව හැකියි. යුද්ධය විකුනම් කාපු එවුන් අන්තවාදය දේශනා කරපු එවුන්ව අපට කියනව අපි ඒවා කරනවලු. නන්දන විරරත්නට ඕන දෙයක් කිව්වා හැකි. ඒක එයාගේ වැඩක්. මම පල කරන්නේ මට ඕන දේ මගේ බ්ලොගේ. ඒක මගේ වැඩක්. උඹ කැමති නැත්නම් නොකියව ඉන්දහන්. පලයන් අර තියෙන්නේ යුක්තිය , අරක මේක ඕන තරම්. ඒවාට පලයන් බන්. උඹට බයේ මේවා නවත්වන්න උඹ කවුද බං

      Delete
  3. ඔයා හරියටම කිව්වා අනේ. ඔයා ගංගා මෑණියන් හමුවෙන්න ගියා නේද හසිත සෙනරත්

    ReplyDelete
  4. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..

    විජයග්‍රහණයේ අම්මටහුඩු පෙළපාලිය ය, පරමාධිපත්‍යය දිනාගත්තය, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත්තේ රනිල් ය , අරකය මේකය කියා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරමින් සිදුකරනා ගොං ආතල් එක දෙස බලාසිටින අතර මෙසේ ලියමි.

    ජනවාරි 8, සිරිසේනව ජනාධිපති කලේ ද, මහමැතිවරණයෙන් රාජපක්සලා පරදවා ආණ්ඩුව පිහිටුවාලූයේ ද රාජපක්ස රජ සමයේ සිදුවූ මනුස්‍ය ඝාතන , රාජ්‍ය ත්‍රස්තවාදය, භීෂණය, බිලියන ගණනින් සිදුවූ මහජන මුදල් මංකොල්ලය, මාධ්‍ය මර්ධනය , නීතියේ ආධිපත්‍යයට, අධිකරණ පද්ධතියට එල්ලව රාජාණ්ඩු මැදිහත්වීම්, ජාතිවාදය ආගම්වාදය , වළක්වා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත කිරීමට ය. රටේ බහුතර මහජන විශ්වාසය වූයේ එයය.




    නමුත් ඒ පොරොන්දු සියල්ල බල්ලට දමමින් ඔබත් ඔබේ එජාපය ප්‍රමුඛ ආණ්ඩුවත් සිදුකලේ රාජපක්සලා ප්‍රමුඛ ඝාතන චෝදනා එල්ලවී සිටින්නන් සමග ඩීල් දමමින් නඩු ප්‍රමාද කිරීම, යහපාලන පොරොන්දු කඩකරමින් ජනතා පරමාධිපත්‍යය ජෝක් එකක් කිරීම, පෙර සිටි හොරු තක්කඩින්ට නැවත තනතුරු වරප්‍රසාද ලබා දීමය. අවසානයේ දී දින සීය යන්නටත් කලින් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකර සියළු ජනතා බලාපොරොත්තු බිඳ දැම්මේ ඔබත් ඔබේ පක්ෂයත් ය. මහබැංකු අධිපති පත් කිරීමේ සිට බැංකු මංකොල්ලය වන තෙක් සියල්ල සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු වුවත් , ඊට අදාල විමර්ශනයට ප්‍රකාශයක් දීමට පැමිණීමට කී විට බය නැති අගමැති කියා පෝස්ටර් ගැහුව ආකාරය අපිට මතකය.

    ජනවාරි 8 ජනතා බලාපොරොත්තු ඉටු කර, නීතිය යහපාලනය ස්ථාපිත කර පොරොන්දු වූ පරිදි කලින් අපරාධ කරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ඔබ කලේ උන්ව හුරතල් කිරීම ඩීල් දැමීම සහ ඔබත් උන්ට සමාන ලෙසම හොරකං කිරීමය.

    ඉතින් ඔබත් රාජපක්සලා සේම කුණු කූඩයට යා යුත්තෙක් වුවත් අද, ඔබ ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ අම්මටහුඩු මුරදේවතාවා ලෙස පෙනී සිටින්නේ ඔක්තෝබර් 26 ජනාධිපති සිරිසේන සහ මහින්දගේ ව්‍යවස්ථා විරෝධී , අනීතික කුමණ්ත්‍රණය නිසා බව මතක තියා ගන්න.

    එයට විරුද්ධව රටේ ජනතාව විරුද්ධ උනේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම නැතිවීමේ විප්‍රලම්භ සෘංගාරය නිසා හෝ එජාපයේ බලය නැතිවීමේ සෝකෙන් නිසා නොව රටේ ජනතා පරමාධිපත්‍යයත් , නීතියේ ආධිපත්‍යයත් සුරක්ෂිත කිරීමට නිසා බවත් සිහිකර ගන්න.

    ඒ වගේම දැන් ඔබ අගමැති නොව ජනාධිපති වුවත්, එජාපයට 2/3 ක බලයක් ලැබුනත්, රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැරගත් ව්‍යවස්ථා කුමණ්ත්‍රණකරුවන්ව නීතිය ඉදිරියට ගෙන එනවා වෙනුවට, පෙර නඩු සේම ඔවුන් සමග ඩීල් දමා එකට නිදාගන්නා බව අපි හොඳටම දන්නෙමු.

    ඒ නිසා ගරු රනිල් අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..

    මහින්දව එලවීම එජාපයේ හෝ රනිල්ගේ ජයග්‍රහණයක් නොවේ. ඔබ ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු කලානං මහ රෑක ඔබට නොදැනිම ඔබේ ආණ්ඩුව හොරකං කිරීමක් වෙන්නේ නැත.
    ඒ නිසා උඹලා ඔය උඩ පැනීම ඇතුලේ තියෙන්නේ උඹලා ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු නොකර, ජනතා පරමාධිපත්‍යය බල්ලට දැමූ ශාපයේ අඳෝනාවයි.

    කරුණාකර මීට දෙදිනකට පෙර කී මාධ්‍ය ස්වාධීන කිරීමේ කතා නැවත අහන්න.
    රාජ්‍ය උත්සවයක් නොවන එකක් අපේ බදු මුදලින් නඩත්තු වන ස්වාධීන රූපවාහිනියේ හා ජාතික රූපවාහිනියේ සජීවීව විකාසය කිරීම ඔබ පැවසූ මාධ්‍ය ස්වාධීන කිරීමද..?
    රැලියට කලින් දේසාබිමානී ගීත දමා ඔබ ලබනා ආතල් එක කුමක්ද ?
    මහජන සංඛ්‍යාත අවභාවිත කිරීමට ඔබට අවසර දුන්නේ කවුද ?

    කරුණාකර ඇහැරෙන්න.
    ඔබ ගෙව්වේ ඔබ කෙරූ පව් ය. ජනතා පොරොන්දු බල්ලට දැමීමේ ශාපයය. තක්කඩින්ව හුරතල් නොකර , ඩීල් නොදමා, උඹලාද ඒ අයුරින්ම දූෂණ වංචා නොකර, පොරොන්දු ඉටුකලානං රාජපක්සලා ආණ්ඩු බලෙන් පැහැරගන්නේ නැත.
    තවමත් විශ්වාසය තැබිය හැකි අධිකරණයයත්, ව්‍යවස්ථා කුමණ්ත්‍රණයට එරෙහිව නැගිටින ලද මහජන බලවේගයත් නැත්නම් , සිරිසේන කියන කියන වෙලාවට කකුල් දෙක ළඟට රැස්වීම් වලට ගිය එජාපයත් ඔබත් ආණ්ඩුව නැවත ගන්නා ආකාරය සිහිකර ගන්න.

    ඒ නිසා ඇහැරෙන්න.
    ඕවාට පුරවැසියන්ට හිනායනවා මිස ඊට එහා දෙයක් වෙන්නේ නැත.
    රාජපක්සලා, සිරිසේනලා සේම ඔබද ගෙදර යා යුතු ය.

    අගමැති උනාට පසු ඔබටත් එජාපටත් සටන අවසන් උනාට අපට එහෙම නැත.
    ලොක්කා මරණාධාර සමිතියේ සබාපති උනත් හුරේ දාන වහල්ලුන් ඔබටත් , මහින්දටත් සිරිසේනටත් ඉන්න බව අපි දනිමු. නමුත් ආණ්ඩු පත් කරන්නේ පුරවැසියන් බව සිහිපත් කරගන්න.

    සටන අවසන් නැත..!

    - චමල් අකලංක පොල්වත්තගේ

    ReplyDelete
  5. මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන පින් පාට එක්ක බලන කොට උන් රිලා මොටයි වගේ. මූනේ නාවර පෙරාගෙන , උද්ඝෝෂණ බෝඩ් ලෑලි උස්ස ගෙන , ගිරිය යටිං කෑ මොර දීගෙන , මොන ජීවිතද බං. ඒකට උඹේ කෙල්ල පින් කඳක්. අරුන් වගේ පව් කරලා නෑ.උඹේ කෙල්ල ලකී. මචං ඔහොම්මම කෙල්ලට තව හොඳට ඉංග්‍රීසි උගන්නවලා IELTS පාරක් දාලා. ඔසී වගේ රටකට වැඩි දුර අධ්‍යාපනයට යවපං. ආපහු ආවම හොඳ තැනක ලොකු රස්සාවක් ගන්න පුලුවන් අත උඩින්. ඒ වෙන කොට අර රිලා මොටයි ජොබ් ඉල්ලලා උද්ඝෝෂණය කර කර ඉඳියි.

    මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්. පක්ශේ ඉන්න හීනමාන , ඉරිසියාකාරයෝ උඹට දොස් කියයි. සත පහකට ගනන් ගන්න එපා ඔය යක්කුන්ව. උන්ට ඕනේ හැමදාම දුප්පත්කම, කාලකන්නිකම මාකට් කර කර ඉන්න. උඹ හරි මචං. කිසිම දේකට සැලෙන්න එපා.

    එහෙනම් මචං මම නවතිනවා. උඹේ දුවව මතක් කරා කියපං. හොඳට ඉගන ගන්න කියපං. කවදා හරි කෙල්ලට උඹේ පක්ශෙන් හරි පාර්ලිමේන්තු එන්න පුලුවන් වෙයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න කියපං. එහෙනම් මම නවතිනවා. BS අතිමිත්‍ර
    කැනඩා සංක්‍රමික මැන්ටල් ස්පෙශ්ලිස්ට් රුසියන් ඩොකා

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්තට මේ චෝදනාව ආවේ අර දිල්කා සමන්මලී එක්ක ගිය වාදයෙන් පස්සේ. ඒකෙදි සමන්මලිට රෙවෙන්න වැදුන නිසාද කොහෙද? ලාල් කාන්තගේ වැඩේ පොඩ්ඩක් අවුල් තමයි නිදහස් අධ්‍යාපනය ගැන දෙසමින් ළමයා පෞද්ගලික විද්‍යාලයකට යැවීම. හැබැයි ලාල් කාන්ත කියන්නේ ලංකාවේ හැටියට සාපේක්ෂව අවංක දේශපාලනඥයෙක් කියලයි මම හිතන්නේ. ඔය අනිත් එවුන් දිහා බැලුවම

      Delete
  6. අජිත් අයියා තමන්ගේ අනන්‍යතාවය හංගගෙන කථා කරන්නේ තමන් දරණ අදහස් වෙනුවෙන් තමන්ට වත් සැබෑ ලෝකේ පෙනී ඉන්න බැරි නිසානේ ඒ නිසා ඔන්න ඔය ගොබ්බයා අත ඇරලා දාලා අපි කරන වැඩේ කරමු , දැන් මේ නන්දන මහත්තයාගේ කථාව දිහා බැලුවොත් මට අල්ලලා ගිය කථාව තමයි අර ජේ ආර් ගේ කථාව, දැන් එයා එතන වැරද්දක් කරලා නෑනේ වැඩේ කරලා තියෙන්නේ පවතින නිතිය ඇතුලේ , ඔය වගේ තමයි මහින්ද ශිරානි බණ්ඩාරනායකව ඉවත් කිරීම කරේ පවතින ව්‍යවස්ථාව ඇතුලේ, නීතිය ක්‍රියාත්මක කිරීම මගින් සෑම විටම යුක්තිය ඉටු වෙන්නේ නෑ, දැන් ප්ලේටෝ රිපබ්ලික් එකේ යුක්තිය යනු කුමක්ද කියලා කථා කරන්න එක පරිච්චේදයක් වෙන් කරනවා , එහෙම කරන්න ඇත්තේ ඔය කථිකාව ඒ දවස් වල ඇකඩමියාව ඇතුලෙත් කථා උන නිසානේ , අපි අද කොච්චර යුක්තිය ගැන කථා කරනවද , අපි හදා ගන්න ඕනි හැමෝටම යුක්ති සහගත සමාජයක් නේද , යුක්ති සහගත බව කියන්නේ , ආර්ථික ,සමාජීය,සංස්කෘතික යුක්තිය ,අද වම බොහෝ දුරට කථා කරන්නේ මේකේ ආර්ථික කෑල්ල ගැන විතරයි ,රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු පුරවැසියන්ට යුක්ති සහගතව ජිවත් වෙන්න පුළුවන් සමාජයක් අවශ්‍යයි ,අපි කථා කරමු

    ReplyDelete
  7. // දැන් මේ නන්දන මහත්තයාගේ කථාව දිහා බැලුවොත් මට අල්ලලා ගිය කථාව තමයි අර ජේ ආර් ගේ කථාව, දැන් එයා එතන වැරද්දක් කරලා නෑනේ වැඩේ කරලා තියෙන්නේ පවතින නිතිය ඇතුලේ , ඔය වගේ තමයි මහින්ද ශිරානි බණ්ඩාරනායකව ඉවත් කිරීම කරේ පවතින ව්‍යවස්ථාව ඇතුලේ,// හරියට හරි

    ReplyDelete
    Replies
    1. ඔය කී බෝඩ් වීරයෝ ඔහොම්මමයි අපට තද වෙනා කියල හිතල උන් ලියනවා. පව් ඉතින්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .