Wednesday 5 December 2018

අගෝරා හමුවට එවූ නිශ්ශංක විජේමාන්න ගේ "සියාමා " පිළිබඳව වූ විවරණය

"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න

 ලංකාවේ සිටි දින කිහිපයේදී මම කාලයක් ජිවත් වෙලා හිටි ලුණුගල ප්‍රදේශයට ගියා . එවෙලේ ඌව ප්‍රදේශයේ සාහිත්‍යය  කලාව  නැංවීමට උරදෙන පතාක යෝධයන්  කිහිපදෙනෙක්ම හමුවුනා.
ලුණුගල මැදි මහා විදුහලේදී 

නිශ්ශංක විජේමාන්න සමග 

ඉන් එක් අයෙක් තමා මෑත කාලයේ මා  කියවූ හොඳම  කෘති දෙකක් යයි කිවහැකි "හඳ පළුව තනි තරුව" හා "තාරා මගේ දෙව්දුව" ලියූ නිශ්ශංක විජේමාන්න මහතා (දකුණේ කෙළවර) . එතැනදී හිතුවක්කාරී ලියූ එච් බි ගුණරත්න මහතා සහ කේ ඒ ගාමිණී සහ සුදත් ගාමිණී බණ්ඩාරත් හිටිය (දකුණේ සිට දෙවැන්නා) . මැද ටයි පටියක් පැළඳ සිටින්නේ ලුණුගල මධ්‍ය මහා විදුහලේ විදුහල්පති තුමා ආර් එම් ජයවර්ධන මහතා, ඔහු ළඟ සුදත් ගාමිණී බණ්ඩාර මහතා. මා ළඟින් සිටින්නේ කේ ඒ ගාමිණී මහතා. ඔවුන් යූ සර්කල් නමින් සාහිත කණ්ඩායමක් ඌවේ පිහිටුවාගෙන විනිවිදිමු නමින් සඟරාවක් පළ කරලා තිබෙනවා ඌවේ සහෘදයන් ගේ නිර්මාණ ඇතුළු කොට.  සාර්ථක නිර්මාණ බොහොමයක් අඩංගු පුංචි සඟරාවක්. ලැබුනොත් බලන්න.

ඉතින් ඒ වෙලේ මා  පිරිනැමූ 'සියාමා' පොත කියවා  දුරකතනයෙන් අදහස පළ කළ නිශ්ශංකයන්  ඉන්පසු අගෝරා සංවාදය සඳහා මෙවැන්නක් එවා තිබුණා . පහත පළවන්නේ ඔහු පළ කළ අදහස් . - අජිත් 

************* නිශ්ශංක විජේමාන්න *********************

"සියාමා කියවීමෙන් මා ලබන්නේ සාහිත්‍ය තෘප්තියක්  නොවේ. එය නැවත නැවත කියවීමෙන් සැබෑ මනුෂ්‍ය ලෝකය  හඳුනා ගන්නට වෑයම් කරමි. මෙම කෘතිය තුලින් මා හට ආශ්වාදය කරන්නට දෙයක් නැත. එහෙත් විඳින්නට විඳවන්නට   හා විනිවිදින්නට දෙයක් ඇත.

      ලංකාවේ මෙවැනි  කෘති කිහිපයක්ම පළවී ඇත. ඇෆ්ඝනිස්ථානු ස්ත්‍රී පීඩනය ගැන පුෂ්ප රම්ලනී ලියූ කෙටි කතා ග්‍රන්ථය, අනුල ද සිල්වා (හෝ රන්ජිත් කුරුප්පු) විසින්  පරිවර්තනය කළ මැද පෙරදිග ස්ත්‍රී හිංසනය සම්බන්ධ "කාන්තාරයේ කුසුම "  සහ එවන් තවත් පොත් අතරේ වුව මේ පොත "සියාමා" වෙසෙස් ලක්ෂණ පෙන්වයි.

මෙය ප්‍රබන්ධයේ කටුව පිපිරී "යථ " එලියට  පැමිණීමකි. 

 මා මෙවැනි සාහිත්‍යමය අවස්ථා වලට ළඟාවී  සාහිත්‍ය විමර්ශනය අත් හැර එහි තෘප්තකර වැකි , වින්‍යාස, ආකෘති, ලේඛක ප්‍රතිභාව ගැන නොසිතා ගැඹුරු අභ්‍යන්තර කරණාවකට පැමිණියේ තේරි ගී කියවන විටය.  ඒවාගේ බොහෝ කරදර සහිත වූ ස්ත්‍රී ජිවිත ස්වයං චරිතාපදානයක් ලෙස කවියෙන් විස්තර වේ.

අජිත් මේ කරන්නේ අපූරු දෙයකි. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව සාහිත්‍ය ශානර වල ඇති බොහෝ ලාලනයන් අත් හැර දමයි. මෙහි කතාවට උචිත අවශ්‍ය පරිසර චිත්‍රය කෙටියෙන් පෙන්වයි. ඒවා විස්තාරණය (elaborate) වූවා නම් හොඳ යයි විටෙක සිතුනි.

එසේම හැඟීම් චිත්තවේග (emotion) තවත් විස්තර කර හැකිව නොවේදැයි වරෙක සිතිනි.

සමහර අවස්ථාවන් විස්තර කිරීම (explain) තියුණු කරන්නට  තිබුණා යයිද  සිතිණි.

එහෙත් මේ අදහස් සියල්ල විකාරයකි. කෘතිය කියවා නිම වී ඇත.

එය තාමත් මා මනසේ ලැඟුම් ගෙනය. සියාමා මට පෙනේ. එහි මුලින් පෙනුණු පියකරු යුවතිය මට පෙනේ. පසුව ඇය පත්වූ දුක් භරිත බවද මට දැනේ.

කතාව තුළ සියලුම වේදනාවන් ආලෝලනයන් මගේ සිතෙහි රැව් දෙයි. එය මා රිදවා ඇත. ලෝකය වෙනස් කිරීමට දායක වීම අවශ්‍ය බැව් මගේ මනස සැළ කරයි.

***************************************************
ඔබගේ ආක්‍යාන රීතිය මා තිගස්වන්නේ ඇයිද යන්න  මම සොයා බලමි.
එය සෘජු වාර්තාකථන රීතියකට  ළං වීමකි. මා හට මේ වැරැද්ද සිදුවන්නේ සමහරවිට අප කියවා ඇති 'මළගිය ඇත්තෝ ' වැනි කෘතීන් වලින් හදද ඔලුවද පිරී ඇති නිසා විය යුතුය. නමුත් නූතන සාහිත්‍යකරුවා කොතෙක්  ඒවායින් නිදහස් ද! ෂෙහාන් කරුණාතිලක ලියූ 'චයිනමන්' හෝ එච් බී ගුණරත්න ගේ 'හිතුවක්කාරී' එසේත් නැතිනම් 'onion and tear ' වැනි විදේශ නවකතාවක රචනා සඳහා ලේඛකයා මේ ශානරය හසුරුවන හිතුවක්කාරී නිදහස් පිළිවෙල අපට ලෝකයේ අනේක විධ ඇමතුම් විලාශ  කියල දෙනවා. ඔබගේ පොතත් ඒ වගේ.

මගේ මිතුරියක් වන විශේෂඥ වෛද්‍ය ප්‍රියානි ගමගේ මේ පොත කියවා ඇගේ හැඟීම කීවේ මෙලෙස.

"එය විශ්වාස කළ හැකි අයුරින් ලියල තියෙනවා. ඇත්තටම මට ඒ කතාව තදින් දැනුනා "

ප්‍රසන්න කියූ දේ මම කියන්න ඕනේ නැහැ. ඔබ දන්න තවත් ගුරිවරියක් කීවේ ලංකාවේ අපි ඒ අතින් කොයි තරම් ලිබරල්ද කියලා.

ලිවීම දිග වැඩිද මන්ද? කොහොමටත් මේ ටිකත් කියන්න ඕනෑ.

ඔබේ උත්තම පුරුෂ ලිවීමේ සිටින සාංදෘෂ්ටිකවාදී මනුෂ්‍යයා හරිම යහපත් සමබරයි. මෙය කියවන අපට බටහිර රටවල ඇති නිදහස් පැවැත්ම ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන බව කියන්න ඕනෑ.

පොතේ පිටකවරය හා ඇතුළත සංනිදර්ශන රූප (illustration) අගයනවා. ඒත් පිටකවරය තව ආකර්ශනීයව  කළ හැකිව තුබුණා යයි සිතනවා.

- නිශ්ශංක  විජේමාන්න


13 comments:

  1. රැඩිකල් කොමෙන්ට් වලට් පිළිතුරු කීම කොළඹ ගමයා මගහරි ඒ කොළඹ කියා කිවත් ගමගේ ඇති බයි ගතියයි ලකය කොහෙසිටියත් යි ගතිය ඇත නොහරී

    ReplyDelete
    Replies
    1. අනේ ඔහේගේ නල්ල මලේ රැඩිකල් කොමෙන්ට් , අර අමු ජාතිවාදී ගෝත්‍රික පාහරයෝ පෙන්වන NGO බිල්ලෙක් අල්ලාගෙන ගහන මඩ රැඩිකල් නම් ඉතින් අන්ත ජාතිවාදී නාසි උනුත් රැඩිකල් තමයි. මගේ බ්ලොගයේ මම ගැන ලියන බොරු මම පල කරන්න ඕනේ නැහැ. ඔහෙට ඕන තැනක් ඒවා පල කරගන්න. මගේ අමනාපයක් නැහැ ෆේස්බුක් එකෙනුත් අයින් කලාම වත් තේරුනේ නැත්ද? ඔහෙලා කියන බොරු ගිලින කොණ්ඩේ බැදපු චීන්නු ලංකාවේ තවම ඉන්න නිසා උඹල වගේ උන්ට තවම පැවැත්මක් තියනවා ඒකම තමා අහේනිය ලංකාවට ගහල තියන.

      Delete
    2. ඒකම තමා අහේනිය ලංකාවට ගහල තියන......//

      ලංකාවේ අහේනිය අප රට වසනා කුමන පන්තියක් හෝ මහජනයා සතු දෙයකි සංක්‍රමියකු වන ඔබ වැන්නන් හට එය කොහෙත්ම ආදලා නැත.

      ඔබ ද්විත්ව් පුරවැසියෙකු වුවද එය ද ඔබගේ වාසියම තකා ශ්‍රීලංකා රජයට මුදල් ගෙවා ලබාගත්තෙකි.එසේ නැතිව ඔබ තවමත් ලාංකීය පුරවැසිබාවය තබාගෙන සිටිනම් ,මේ රටේ අහේනිය ගැන ඔබ කරන දෙයක්ද නැත. අවම වශයෙන් රට මෙහෙයවන මහජන නියෝජිතයන් තෝරන මහජන චන්දකටවත් සහබාගි වී නැත.එසේනම් කවර කතාද

      ඔබවැන්නන් තම හුදක් වාසියතකා සංක්‍රමියකු වී ලාංකීය අහේනිය ගැන කතා කිරීම විහිළුවකි ජයසුමන

      Delete
    3. ඔහෙලා වගේ කන්න ගියහම කබරගොයත් තලගොයා කරන මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැහැ. මහින්දට පක්ෂව ජිනීවා යන සිංහලයෝ පිටරට හිටියට කමක් නැහැ තමුසෙලට , විමල් වීරවංශට පක්ෂ නම් ද්විත්ව පුරවැසි නෙමේ ඕන කෙහල් මලක් තමුසෙලට , බැරි වෙල්වත් විරුද්ධව මොනවහරි කිවොත් මේ ඔහේ සක්රමනියෙක් පැත්තකට වෙලා ඉන්නවා වගේ කතා තමා කියන්නේ. , ලනක්වේ මගේ කවුරුහරි ඉන්නකන් මම ලංකාව ගැන කතා කරනව. ඒ දවස් වල එල් සැල්වදෝරයේ ඇමෙරිකානු ජුන්ටාව කරපු මිනී මැරුම් ගැන උද්ඝෝෂණ කරන්න හරි දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලනයට විරුද්ධව වැඩ කරන්න හරි අපිට ඒ රටවල් ඉන්න ඕනේ වුනේ නැහැ . නිකන් යනවා අයිසේ යන්න . ඔය කටහ්වම යුඇන්පී අය කියන්නේ වෙන විධිහකට . රනිල්ට විරුද්ධව මොනවහරි කිවොත් පිටරටවල ඉඳලත් හැදිලා නැහැ කියනවා. පෙරටුගාමී සමාජවාදී එකට විරුද්ධව කිවොත් බටහිර ඉඳන් ජවිපෙට කත් අදින එකෙක් කියනවා. ජවිපෙට විරුද්ධ වුනොත් පිටරට ඉඳන් කතා කරන්නේ මොකද කියල අහනවා. උඹල ඔක්කොම එකයි බලාගෙන ගියහම. ඔය මොනවා කීවත් මම කරන දෙයක්, ලියන දෙයක් නතර කරන්නේ නැහැ. පුලුවන්නම් කරලා බලන්න

      Delete
  2. සියාමා හි පසු සංවාද අගෙයි !

    ReplyDelete
  3. අයියේ ඔයාට පිස්සුද බයියොත් එක්ක තර්ක කරන්න යන්නේ ,බුරුවෙක් ,හරකෙක් අඩු ගානේ අනතුර අඳුරගෙන අනතුරෙන් ඈත් වෙන්න දන්නවා,මුන් ඒක දන්නෙත් නෑ ,යි ලොජික් එක මෙහෙමනේ හරිම සරලයි ,මහින්දට පක්ෂ අය සියල්ලන්ම දේශප්‍රේමී අනිත් ඔක්කොම දේශද්‍රෝහී,මහින්දට විපක්ෂ හොඳ සිංහලයෝ බෞද්ධයෝ එහෙම ඉන්න විදහක් නෑ ,උන් කියන විදිහට සිංහල බෞද්ධ කම = මහින්දට කඩේ යාම ,නිකන් හරි දේශපාලනිකව මහින්දට විරුද්ද කඳවුරට පක්ෂ නම් මිනිහට කියන්නේ බටහිරට කඹුරන ,එන්ජිඕ , එහෙමත් නැත්තම දේශද්‍රෝහී ,,ඕක ඕනි කෙනෙක්ට අදාලයි දෙමළ සන්දානේ කොටි නමුත් කරුණා අම්මාන් දේශප්‍රේමී කොටි ,මහින්දට විපක්ෂ ක්‍රිස්තියානි පුජකයෙක් ඉන්නවානම් එයා සැබෑ ක්‍රිස්තියානි කාරයෙක් නෙමෙයි ,එයා මුලධර්මවාදී කෙනෙක් අනිත් අය දේශප්‍රේමී පියතුමන්ලා ,වෙන එකක් තියා හාමුදුරුවරු මහින්දට කඩේ යන චිවරදාරින් සංඝරත්නය අනිත් අය දේශද්‍රෝහී ,බටහිර ගති එන්ජිඕ හාමුදුරුවරු ,මුන් දන්නේ බෙදුම් දෙකයි මහින්දට කඩේ යන උන් මාර හොඳ වීර සිංහල බෞද්ධ දේශමාමක පිරිස් ,දැන් මහින්දට විරුද්ද කඳවුරේ කිසිම විදිහකින් සිංහලයෙක් බෞද්ධයෙක් දේශප්‍රේමියෙක් ඉන්න විදිහක් නෑ , මේ වගේ උන් එක්ක ඔයා වාද කරන්න යන්නේ පිස්සුද ?ඉස්සර මේකේ වැදගත් දෙයක් ලිව්වා වැදගත් මිනිස්සු ඇවිත් ඇකඩමික් විදිහට වාද කරා අපිත් දෙයක් ඉගෙන ගත්තා ,දැන් මේකේ බයියෝ ඇවිත් උන්ගේ සරල මොලේට තේරෙන ලොජික් දානවා ඒක නිසා මේ සයිට් එක චාටර් වෙනවා ,බයියන්ට උන්ගේ ගොන් පාට දාන්න කුණුහරුප කියන්න බනින්න ඒවාට ගැලපෙන තැන් තියෙනවා ඒ නිසා මේ තැන ඒ වගේ අයට එන්න දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත . ඒ මහත්මයා එකම දේමයි කියන්නේ. එයාට ඕනේ සංවාද කරන්න නෙමේ . තැන් තැන් වල ගිහින් එයා එකඟ නොවන මත තියෙන බ්ලොග් ලියන අයව නවත්වන්න. පව් ඉතින්

      Delete
  4. තමන්ගේ කෝපාන්විත, ද්වේශ සහගත ගරහන වචන පළ නොකලාට නාහින් අඬන ඇනෝ තුමනි,
    අන්තිමට බැරිම තැන මගේ අහිංසක සුදු ජාතික බිරිඳට පහත් කොට කතා කරන්නට තරම් නිහීන දුබල තත්වයකට වැටුන නේද? මට මතකයි එක පාරක් අර මාතලන් ගේ බ්ලොග් එකේ වසර හතරකට කලින් ඔය වගේ ප්‍රහාරයක් මගේ බිරිඳ නිග්‍රහ කරලා ඇනෝ කෙනෙක් ලිව්වා . පස්සේ හොයා ගත්ත ඒ කවුද කියල. අනිත් වෙලාවට හරිම සොඳුරු මිනිහෙක් දේවල් වරදවා වටහාගෙන. ඉතින් ඇනෝ මට හුඟක් කණගාටුයි උඹ ගැන. හිත ක්‍රෝධයෙන් ද්වේශයෙන් පිරිලා විඳවනවා නේද , මමයි මගේ බොගෙයි උඹට කරන හිරිහැරයක් නේද? බුද්ධාගම් කාරයෙක් නම් ඒ පැත්තෙන් වත් හිත නිවා ගන්න බලපන්. නැත්නම් ක්‍රෝධයෙන් ම හදවත හිරි වැටිලා හෘදයාබාධ වේගේ දේ උනත් හැදෙයි පව් වෙලාවකට උඹල. මගේ බ්ලොග් එක නවත්වන් කියන එක, ලියන්න එපා කියන එක නෙමේ රැඩිකල් , ඒ තර්ක නිවැරදිව බිඳින එක. මේ "සියාමා " පොත මොකක් ගැනද ලියල තියෙන්නේ කියලවත් උඹ දන්නවද ? මේ පොතේ ඉන්න අක්බාර් චරිතය නිකන් උඹ වගේ

    ReplyDelete
    Replies
    1. තර්ක කරන්න බෑ කරන්න අවශ්‍ය දැනුම නෑ ,දන්න එක ඇතුලේ තර්ක කරලා දිනන්නබෑ ,දැනුම ගන්න අවශ්‍ය බාශාව බෑ ,බාශාව දැන ගත්තත් දැනුම පිළිගන්න අවශ්‍ය නිදහස් චින්තනය නෑ ,මුන් පව් අජිත් අයියා ,ඉතිං බනිනවා කුණුහරුප කියනවා ,වෙන මොනා කරන්නද

      Delete
  5. නෙට් එකේ ඇති සියාමා පසු සංවාද හා දේශන මිස, සියාමා කියවන්න තවමත් අවස්ථාව නැතිවීම දුකක්.

    ReplyDelete
  6. සියාමා පසු සංවාද මිස, සියාමා කියවන්නට අවස්ථාව තවම නැති කම දුකක්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .