Sunday 10 May 2020

ලොක් ඩවුන් සුන්දරද මෙතරම්

අක්කා කතා කළා 
මල්ලි අනේ තිස්දහටත් වැඩියි  නේද 
බය නැත්ද ඔහේ ඉන්න 
අම්මත් මේ දැන් කතාකළා 
අපි හැමෝම බයෙන්
ඔයා ගැන 

අක්කේ තිස්දාහ තමයි  
අපිට  ඉතින් ප්‍රශ්නයක් 
ඇත්තෙත් නැහැ  
නැත්තෙත් නැහැ 
ජොන්සන් පරක්කු වැඩියි නේ 
එයාට  හදිස්සි වුනේ 
යුරෝපෙන් එලියට යන්න විතරයි 
අනිත් ඒවාට හරි හිමින් 
පේන්නේ නැත්ද කපටි ඉබ්බෙක් වගේ 
හාව  පරද්දපු 

අම්මට මම කතා කරන්නම් 
අම්මත් බයෙන් 
අනේ පුතේ එන්න 
අපේ ජනාධිපති ස',
එයා භාර ගන්නවලු 
එන ඕන කෙනෙක් ව  

පිස්සුද අම්මේ ඔයාට 
ළමයි දෙන්නයි අරයයි දාල 
කොහේ එන්නද 
එයාලා කොහොමත් එන්නේ නැහැ 
මම ආවත් 

අද අල්ලපු ගෙදර එක්ක බාබෙකිව් 
අම්ම තරහ නැහැනේ සුරුට්ටුවක් බිව්වට 
තාත්තා නම් බිව්වේ යාපනේ සුරුට්ටු 
හප්පේ සුවඳ  ඒත් තිබ්බනම්
කෝවිඩ්  19 සුවඳටම  මැරිලා යයි

ඕන දෙයක් කරගන්න 
කියන දෙයක් අහන ළමයෙක් යැ 
මම මේ පහන තියල දෙයියන්ට 
බුදුන්ට භාර වුනා ඔයාල රැක  දෙන්න 

මරණේ කියන එක එනවා 
ඕන වෙලාවක අම්මේ 
අද එන්නත් පුළුවන් 
හෙට එන්නත් පුළුවන් 
අවුරුදු දහයකින් එන්නත් පුළුවන් 
පුළුවන් වුනොත්  මාත් එන්නම් 
අගෝස්තුවේ වත් 
ඔයාව බලල යන්න

මේ ටික නම් අම්මට නෙමේ කිව්වේ 

ජිවිතේ තියෙන්නේ 
විඳින්න මිසක්
විඳවන්න නෙමෙයි 
බයෙන් ඉන්නවට වඩා 
ඉන්න මොහොතේ 
ඉඳහල්ල බන් සතුටෙන්
  
විස්කි වීදුරුවයි සිගාර් එකයි 
මස් කෑල්ලයි ඕනෙම නැහැ ඒකට  
පෙරාපු රා ටිකක්, යාපනේ  සුරුට්ටුවක්
ලුණු මිරිසක් එක්ක  මඤඤොක්ක 
කෑලි ටිකක් තිබ්බත් 
ඒකත් සැපක් තමයි 
තියෙන දේ විඳින එක 

ලොක් ඩවුන් සුන්දරද මෙතරම් 

13 comments:

  1. Nice. Better than a whole post, if you ask me:)

    ReplyDelete
  2. 1. (ලුණු මිරිස්, මඤ්ඤොක්කා , රා) සහ
    (මස්, සිගාර්, විස්කි) යනු එක් සංස්කෘතිිිිිියක් වුනාට එය ආර්ථිකයන් දෙකක් වන්නේ ඇයි?
    (ඉකොනෝගෙන් අහනවාද කොළඹ ගමයාගෙන් අහනවාද?

    2. අජිත්, කොන්ඩය , රැවුල සහ adidas t shirt එකක් විතරයි අඩු ඔබට, castro කෙනෙක් වෙන්න..(note that c is in lower case)
    CP-C

    ReplyDelete
    Replies
    1. ඔබ කවුරු වුනත් ඔබේ මනස නම් ශාප් . ගානට අල්ලාගෙන තියෙනවා. කෙස් ගහක් මිස් වෙලා
      සංස්කෘතීන් දෙක එකක් - හරි
      අනිඅක් පොඩි c නෙමෙයි
      hasta simpre

      Delete
    2. අනික පොඩි c නෙමෙයි
      hasta simpre

      Delete
  3. සිගාර් සහ පයිප්ප බඩු නම් තියනවා. විස්කි (හෝ වෙන දේවල් ) ඉවර වෙලා සුමාන ගාණක්. හදන හැටි යාලුවො කිව්වට ඇඟේ හලා ගන්නෙ නැතුව වතුරවත් බොන්න බැරි මට මීතයිල් නැතුව ඊතයිල් හදාගන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ලොකු අමාරුවක් නැහැනේ , පලතුරු ටිකක් ගෙනත් බොයිල් කරලා යීස්ට් ටිකක් දාල වහල තියල ගත්තම කොවිඩ් එක එන්න කලින් මැරෙන්න පුළුවන්
      How to Ferment Fruit Into Alcohol
      The steps for fermenting fruit into alcohol are easier than you might think.

      Start by filling a sanitized bucket with your choice of fruit and sugar. The amount of sugar goes by the 1:1 ratio, so use equal parts sugar to the weight of the fruit.

      Next, cover both the sugar and fruit with boiling water and let this cool to around 70 degrees Fahrenheit before adding in 1/4 teaspoon of yeast or more depending on how much fruit and sugar you used.

      Mix it together and then cap the bucket closed loosely. The fruit should ferment within a day or two but be sure to give it a good stir once a day.

      After a week, filter the fruit wine through a strainer into a second jug or bucket that can fit an airlock. Taste it as you go. When the wine is clear and has the right taste, then you can bottle it.

      Delete
  4. කොරෝනා වයිරසය හමුවේ ලංකාවේ සිංහල ආන්ඩුවත්, ඉන්දියාවේ හින්දූත්ව ආණ්ඩුවත් පිස්සු කෙලියි.
    දෙමළ ජාතියට මේ දෙකින්ම යහපතක් සිදුනොවේ.

    දෙමළාගේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික නිජභූමිය තුල දෙමල ආණ්ඩුවක් තිබුනිනම් එය මේ වනවිට කොරෝනා වෛරසය සාරථකව මර්ධනය කරතිබෙනු ඇත.

    (මෙය දෙමළ විහිළුවකි, ඉතාලි විහිඨ නමින් විහිළු වර්ගයක් ඇති ආකාරයටම දෙමළ විහිළු යනුවෙන් විහිළු ශානරයක්ද තැනීම මේ වනවිට කලයුතුම දෙයකි)

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත ඇත්තටම යාපනේ කළු සුරුට්ටු බිව්වේ, නිජ භුමිය අදාලම නෑ හේ හේ

      Delete
  5. පරොපු රා බ‍ොන්නේ ක‍ොහොමද ප‍ොලිස් මාමාලා එක්ක

    ReplyDelete
    Replies
    1. සුද්දගේ නීතියක් තවමත් පිලි පදින ගමන් .. එක්කෝ ඕනේ නැහැ , රා ටිකක් හැදුවම මක් වෙනවද

      Delete
  6. හා හා, නියමයි. මගේ කතාවත් ඕකම තමයි. එකම වෙනස, ජොන්සන් වෙනුවට ට්‍රම්ප් 'ස ඉන්නව. අක්ක වෙනුවට නංගි; තිස් දහ වෙනුවට ළඟදීම ලක්සේ පනිනවා; සිගාර් නැහැ; පාවිච්චියක් නැති නිසා.

    අපි මෙහෙම විස්කි ටිකක් බිබී ගෙදරට වෙලා හිටියට, හැමෝටම මෙහෙම ජොලි නැහැ නේද අජිත්?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ජොන්සන් ටයි ට්‍රම්ප් ටයි කුද ගහ ගන්න කියල ඉන්නවා ඇරෙන්න ඉතින් වෙන මොනවා කියලා කරන්නද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .