Tuesday 30 November 2021

වොල්තම්ස්ටෝ පොම්පාගාරය ට ගමනක්


ලිවැලි ප්‍රදේශය සහ ලී නදිය 

සාමාන්‍යයෙන් සති අන්තයේ කිලෝමීටර දහයක් දොළහක්  කොහේ හරි ළඟ ලස්සන තැනක ඇවිදීමට යාම අපේ සිරිතය.  ඉතින් අපි ඉස්සර කොල්ලා, කෙල්ල කාලයේ නිතර ඇවිද්ද  ලේටන් පැත්තේ ලී වැලි පාක් එකට ගියෙමු. එහි තවමත් බිල් සහ නුරායි නමින් යුත් තුර්කි සම්භවයක් ඇති අපේ යහළු පවුලක් වෙසෙති. ඔවුන්ද හමුවීම අපේ බලාපොරොත්තුව විය. ඉතින් ඔය වටේ පිටේ ඇවිදිං ගමන් බිල් ගේ ගෙවල් පැත්තේ තිබු පුංචි කෞතුකාගාරය කටත් ගියෙමු. මම සාමන්‍යයෙන් මෙවැනි තැන්වලට යාමට කැමතිය. එම පොම්පාගාරය පිහිටුවා තිබෙන්නේ 1896 වැනි වසරකය. නගරයේ මෙමෙ පෙදෙසේ අපද්‍රව්‍ය  සහිත ජලය එක් රැස් කර පිරිසිදු කරන තැනකට යැවීමට මෙය පිහිටුවා තිබේ. ඒ සඳහා භාවිතා කල ජල පොම්ප යනාදිය මෙමෙ කෞතුකාගාරයේ එක් රැස් කර ඇත.

මා මෙවැනි තැන් නැරඹීමට යන්නේ මේ පැරණි යන්ත්‍ර නැරඹීමට පමණක් නොවේ. මේ යන්ත්‍ර බිහිකළ ඉංජිනේරුවන් පමණක් නොව එම ස්ථාන වල දිවා රෑ රැකියා කළ සේවක සේවිකාවන්ට ගෞරවයක්ද ලෙසටය. මේ මිනිසුන් නැත්නම් අපි අද නගරවල ගෙවන පහසු ජිවිත මිට වඩා අපහසු වීමට ඉඩ තිබුණි. කුණු , අපද්‍රව්‍ය ඉවත් කිරීම, අපවිත්‍ර ජලය ක්‍රමානුකුලව ඉවත් කිරීම හරි හැටි කෙරෙන්නේ නැත්නම් නාගරික ජීවිතයඉතා අපහසු එකක් වේ. එතනට ඒමට මේ සියල්ලන්ගේම උත්සාහයන් වැදගත් බව අපට මතක කළ හැකිද?
පරණ බැම්ෆෝඩ්මෝටරයක් , 1944 
තනි සිලින්ඩරයේ මාෂල් වාෂ්ප එන්ජිම 



මුල් කාලයේ බයිසිකලයක් 



එන්ජිමේ ලෝඩ් එක පවත්වාගෙන යන ගවනරය (the Governor)


වාෂ්ප බලයෙන්  වැඩ කරන මුල් කාලයේ  පොම්පයක් 

එයා කොම්ප්‍රෙසර් 
බීම බෝතල් වලට කාබන්ඩයොක්සයිඩ් වායුව පුරවන යන්ත්‍රයක්  

මුල් කාලයේ වැකුම් ක්ලිනරයක් 





මාෂල් ලොකොමොටිව් වර්ගයේ බෝයිලරයක් 











23 comments:

  1. //මා මෙවැනි තැන් නැරඹීමට යන්නේ මේ පැරණි යන්ත්‍ර නැරඹීමට පමණක් නොවේ. මේ යන්ත්‍ර බිහිකළ ඉංජිනේරුවන් පමණක් නොව එම ස්ථාන වල දිවා රෑ රැකියා කළ සේවක සේවිකාවන්ට ගෞරවයක්ද ලෙසටය. මේ මිනිසුන් නැත්නම් අපි අද නගරවල ගෙවන පහසු ජිවිත මිට වඩා අපහසු වීමට ඉඩ තිබුණි.//

    පොඩි දැති රෝද වුව ඉතාම වැදගත්ය
    ඒවා නැතිව ලොකුවාටත් වැඩ බැරිය
    පොඩ්ඩන් ගරු කරන ඔබගේ මේ ගතිය
    පසසමි අජිත්! වැඩි දෙනෙකුට මෙය නැතිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි සොයුර

      Delete
  2. මාෂල් ලොකොමොටිව් වර්ගයේ බෝයිලරය ලග ඉන්න කෙනා ඔකේ වැඩ කරන කම්කරු මහත්තයෙක්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ වැඩක්. අපූරු පිංතූර ටික. ස්තූතියි🙏👌😊

      බොහෝ කලකට ඉහත, ලෝකයේ කර්මාන්ත ශාලාව වුනේ එංගලන්තයයි. ස්කොට්ලන්තයේ දෑවැන්ත කරමානත ශාලා සහ දක්ෂ කාර්මිකයින් සිටි බව අසා තිබුනට, "මේඩ් ඉන් ඉංලන්ඩ්" ලෙස බෞතීස්ම කිරීමට දේශපාලන බලපාන්න ඇති නේද?

      Delete
    2. @ඇනෝ ඔව් ඔව්.
      @බසු, මේඩ් ඉන් ස්කොට්ලන්ඩ් වැඩිපුර ඉතින් ඇඳුම් තමා. ස්කොට් සායවල් , තොප්පි, පෙරවන රෙදි වගේ. එංගලනතේ තමං කාර්මික දියුණුව ඇති වුනේ නේද

      Delete
    3. https://en.wikipedia.org/wiki/Industrial_Revolution_in_Scotland

      Delete
  3. බොහොම ලස්සනට සංරක්ෂණය කරලා, අනාගත පරම්පරාවන් වලට මේවා දැක බලා ගන්න හදලා තියන එක කොච්චර හොඳද? ඒවා අපිටත් බලන්න අවස්තාව දුන්නාට අජිත් ටත් ස්තුතියි.

    ලංකාවේ තියන පරණ දේවල් අබලි යකඩ වලට විකුනලා දානවානේ. පොඩි කෝච්චි පාරේ දුවාපු ගැරට් ඇන්ජිමේ බොයිලේරුව කපලා දාස මුදලාලිට දීලා ඉතුරු ටික පරණ යකඩ වලට විකුනපු අපිට මොන කෞතුකාගාරද??

    මම මේ වගේ තැනකට ගියාම, මේවා දිහා බලලා, ඒ කාලයේ මිනිස්සු මේවා පාවිච්චි කරපු හැටි හිතෙන් මවා ගන්න හරි කැමතියි. (අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ පරණ යකඩ ගොඩක් දිහා බලාගෙන භාවනා කරනවා කියලයි.)

    @D.G.M බස්සා,
    // "මේඩ් ඉන් ඉංලන්ඩ්" ලෙස බෞතීස්ම කිරීමට දේශපාලන බලපාන්න ඇති නේද?//

    "මේඩ් ඉන් ග්‍රේට් බ්‍රිටේන්" කියලානේ ඉස්සර ගැහුවේ.

    ReplyDelete
    Replies
    1. හෑ ඒක දැනන් හිටියෙ නෑ. රැලේ බයිසිකල්, BSA වගේ නමක් තිබ්බ මෝටසයිකල්, ක්‍රෙම්බ්‍රිජ් කාර්, ෂෙෆීල්ඩ් වානේ ගැන දැණන් හිටිය.

      අදට වුනත්, ලෝකයේ දියුණුවට බ්‍රිතාන්‍ය සෑහෙන දායකත්වයක් සපයනවා.

      Delete
    2. සෑම් බොහොම ස්තූතියි , මටත් ඔය පුරුද්ද තියෙනවා. පොඩි කෙල්ලත් ඉංජිනියරින් ම කරණ නිසා වැඩි ගානක් නැහැ. දෙන්නම ගිහින් බලන කොට වයිෆ් කරන්නේ මියුසියම් එක කවුරු හරි කතාවක් දාගෙන ඉන්න එක. මේඩ් ඉන් යූකේ කියල ගැහැව්වා නේද. ඉන්ස්ට්රුමන්ට් වලට මේඩ් ඉන් ග්‍රේට් බ්‍රිටේන් කියලා ගැහුවා මට මතක විධිහට.

      Delete
  4. සංරක්ෂණය නම් ඉස්තරම්. ඇවිදින්ට ගිය කාලයක් මතක නෑ

    ReplyDelete
    Replies
    1. වොලන්ටියර්ස් ලා අතින් ගෙවාගෙන මේ අය කරන්නේ. මමත් පොඩි ආධාරයක් කළා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් පළාතේ කවුන්සිල් එක විදුලිය දෙනවා. මොකද මිනිස්සු එතනට එනවා කියල තේරිලා.

      Delete
    2. වොලන්ටියර්ස් ලා අතින් ගෙවාගෙන මේ අය කරන්නේ. මමත් පොඩි ආධාරයක් කළා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් පළාතේ කවුන්සිල් එක විදුලිය දෙනවා. මොකද මිනිස්සු එතනට එනවා කියල තේරිලා.

      Delete
  5. අජිත්,
    පෙන්ඩන් මොඩල් රේල්වේ මියුසියම් එකට ගිහිල්ලා තියනවද?

    ReplyDelete
    Replies
    1. ගියේ නැහැ. දැන් වහල ඇත්තේ. ලබන අවුරුද්දේ තමයි

      Delete
  6. අජිත් ඔබේ සටහන අසාවෙන් කියෙව්වා.නිතර අහන්න දකින්න නැති වෙනස් ගමනක්. ඔබේ විදුලි ඉංජිනේරු මතකත් අවදි වෙන්න ඇති. පරණ Street cars සහ බස් සංරක්ෂණය කරන්න විශ්‍රාම ගත් අය එකතුවෙලා කරන තැනක් මෙහෙත් තියෙනවා. ඒ අය ඒ වෙනුවෙන් ගිම්හාන කාලයේදී දිවා රෑ නොබලා වැඩ කරන්නේ නොමිලේ.https://hcry.org/ තවත් ඒ වගේ සටහන් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ , ප්‍රතිචාරයට සහ ලින්ක් එකට ස්තූතියි . ඒ වගේ කලෙක්ෂන් එකක් තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක කැනඩා ආවොත්

      Delete
    2. අනුරුද්ධ, ටොටෙන්හැම් (ටොරොන්ටෝ සිට 427 මාර්ගයේ උතුරට යන්න ඕනේ, පැය එක හමාරක් පමණ ) තියෙනවා වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රියක්. හේමන්ත සමයේ ගස්වල පත්‍ර වර්ණවත් වූ දිනයක ඒ දුම්රියේ චාරිකාවක් යන්න. මනහරයි!

      http://southsimcoerailway.ca/

      Delete
    3. ඒකත් මරු , අනිවාර්යයෙන්ම යන්න ඕනේ ගමනක්

      Delete
    4. මේ වගේ ඒවා (දුම්රිය ගමන්) වේල්ස් වල සෑහෙන්න තියනවා.

      Delete
  7. ඒව අපූරුයි නේ.. අර තැඹිලි පාටට තියෙන්නෙ ලෑන්මාස්ටරයක්ද..
    අර බයිසිකලේ නං මල් හතයි. ඒකක රවුමක් ගහන්ඩ නං ෆිල්ම් එක්කම රඟපාන්ඩ වෙයි නේ 😃😃😃

    ReplyDelete
  8. ඒක නියම පොට් එකක් වගෙයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .