Thursday 21 July 2022

මහින්ද, සෝමවංශ , පාඨලී, විරවංශ ගේ සමූහ කරුමය පලදීම හෙවත් අටවන ජන්සන් ගේ පදවි ප්‍රාප්තිය


මේ ලිපිය කියවන මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු මා හැරයන්නට හේතුවනු ඇත. නමුත් සත්‍යය අමිහිරි යයි ඔබ අසා නැත්ද?. 
 රනිල් වික්‍රමසිංහට  නිල වශයෙන් "රාජපක්ෂ" රකින්නා නම්බු  නාමය ලැබී  තිබේ.  මම මෑතක් වනතුරුම සිතා  සිටියේ ඩලස් අලහප්පෙරුම යන හොඳ රාජපක්ෂ කුක්කෙකු කියාය.  දැන් පෙනෙනා අන්දමට  අරගලකරුවන්ගෙන් "නිර්පාක්ෂික" යයි හඟවා ගෙන සිටි පිරිසක් සජිත්ට සහය දෙන අතර තව පිරිසක් ඩලස් ට සහය දෙති. ඒ අනුව  සජිත් පිල  සහය දුන්නේ  "රාජපක්ෂ විරෝධී" ටිකට් එක වන ඩලස් ටය. ඉතිරි අරගල කරවන අන්තරය/පෙසප හා ජවිපෙ/වෘත්තීය සමිති අතරට බෙදීයයි. අරගල කරුවන්ගෙන් යම් ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ට සහය දී ඇති බවක්ද පෙනී යයි.

 සජිත් තම සොහොයුරිය ගේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ගේ උදව් ගෙන ඇති බවට රාවයක් තිබූ අතර, සජිත් ගේ ඇතැම් මුදල් ගනුදෙනු සම්බන්ධ ක්‍රියා සඳහා මහින්ද රජය අහක බලා තිබීමේ චෝදනාවක් ද ඇති නිසා  සජිත්,  රාජපක්ෂ විරෝධියෙක් වන්නේ කෙසේද යන්න මට නොතේරේ.  බැදුම්කරය සම්බන්ධව රනිල්ටද එම චෝදනාවම තිබේ. 

අපි මදක්   ඉතිහාසයට යමු. තීරණාත්මක මැතිවරණයක් වූ 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ට සෝමවංශ /වීරවංශ ඩබලේ  නායකත්වයෙන් ජවිපෙද පාඨලී ගේ නායකත්වයෙන් හෙළ උරුමයද සහය දුන්හ. තනි අලියා රනිල්, යූඇන්පී  අපේක්ෂකයා විය. රනිල් චන්ද 48.3% ලබාගත් අතර මහින්ද ගත්තේ  චන්ද 50.48%. වෙනස 1.86% කි.  මුළු රටේම ජනයා 73.74 ක් ඡන්දය දුන් අතර  යාපනයේ චන්දය දුන් සංඛ්‍යාව  1.1% කි. ඉනුත් රනිල් 70.2% ද මහින්ද 25.%  ක්‌ද ලබා ගත්හ .  වන්නියේ ඡන්දය දුන් මුළු සංඛ්‍යාව 34.3% වෙද්දී රනිල්ට ඉන්  77.39% ද මහින්දට 2.86% ද ලැබුණි.  රනිල්ට රට බෙදන  කොටියා ලෙසින් නමක් වැටුණු  අතර රටේ දෙමළ , මුස්ලිම්, කතෝලික සුළුතරයේ,  බහුතර චන්දය වැටුනේ රනිල්ටය.

 එල්ටිටිඊ නායක  වේළුපිල්ලේ ප්‍රභාකරන් ඡන්දය  වර්ජනය කරන ලෙස අණක් නිකුත් කළේය. ඡන්දය  දෙන්නට පැමිණි වන්නි වැසියෙකුගේ අතක් කපා දැමුණි. 1999 ජනාධිපතිවරණ  ඡන්දයේදී යාපනයේ මුළු ඡන්ද සංඛ්‍යාව  612270 වෙද්දී රනිල් 43% ද වඩා ජනප්‍රිය චන්ද්‍රිකා 45% ලබාගෙන තිබුණි. 2005 දී යාපනය වැසියන් චන්දය දුන්නේ 7000 ක පමණ  ගණනකි. වන්නියේ රනිල්ට 59.9% (මුළු චන්ද 205,541න්  ) ලැබී තිබුණි. මේ අනුව ප්‍රභාකරන් චන්දය ප්‍රචණ්ඩත්වයෙන් වර්ජනය නොකලා නම් 1.86% වෙනස් අභිබවා රනිල් ජය ගන්නට වැඩි ඉඩක්  තිබුණි.
 ඒ දිනවල පැතිරුණු කතාව වූයේ එක්තරා  අලසයෙකු හරහා ප්‍රභාකරන් ට විශාල මුදල් ප්‍රමාණයක්  ලබා දී ඡන්ද වර්ජනය කිරීමට සැලැස්වූ බවයි. ඒ පිලිබඳ සාක්ෂි හිමිව තිබු ශ්‍රී පතියෙකු හදිසි රිය අනතුරකින් මිය ගියේය. ප්‍රභාකරන් ඒ වර්ජනය ක්‍රියාත්මක කළේ නෝර්වේ, ඉන්දියා, ඇමෙරිකා  සහය තිබූ රනිල් , එල්ටීටිය දෙකඩ කර කරුණා කොළඹට ගෙනා රනිල්, වඩා අනතුරුදායක ලෙස සැළකු හෙයිනි. කෙටියෙන් කිවහොත් රනිල් දිනන්නට තිබූ ජනාධිපති මැතිවරණය හොරා ගත්තේ මහින්දය.

ඉන්පසු යුධ ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ නියම ලෙසින් මැතිවරණය දිනුවේ 2010 සරත් ෆොන්සේකා ට එරෙහිවය. 

ඊයේ සිදුවූයේ, කර්මානුකූලව  තමන් සොරාගත් ජනාධිපති පදවිය තමන්ගේ චන්දයෙන් ම රනිල්ට භාර දීමට මහින්ද ඈතුලු පිරිසට සිදු වීමය. සෝමවංශ අමරසිංහ අද ජිවතුන් අතර නැත.  පාඨලී චම්පික ජාතිවාදී දේශපාලනයෙන් මිදී ඇති  බවක් යහපාලන කාලයේ පෙන්වූයේය. ඒ පාහර  ජාතිවාදී දේශපාලනයේ යලි යලිත් යෙදෙමින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්නට වෙහෙස වුනු විමල් විරවංශ , ගම්මන්පිල ආදීන් ට පැහැදිලි පරාජයක් අත්වී තිබේ. 

සජිත් ප්‍රේමදාස ද යම් ප්‍රමාණයකට  සජබ මෙහෙයවන්නේ ජාතිවාදී පදනමකිනි.  ඔහුගේ පියාගේ අවාසනාවන්ත මරණයද එයට හේතුවක්  විය හැක. නමුත් රනිල් ජාතිවාදී පදනමක සිට කිසිදිනක  කටයුතු කර  නැත.  රට බෙදන චෝදනාවක් හා කොටි ලේබලය ඔහුට වැදුනේද ඒ නිසාය.  

කලකට ඉහත මම 2015 දී වාමාංශයේ දක්ෂිණාංශය,  දක්ෂිණාංශයේ වාමාංශය හා මාක්ස්වාදී සෝමවංශ මැයින් ලිපියක් ලීවෙමි. මගේ තර්කය වූයේ රනිල් වික්‍රමසිංහ ගේ එජාපය ට වඩා  මහින්ද රාජපක්ෂ ගේ පොදු පෙරමුණු රජය දක්ෂිණාංශික බවයි.  රනිල් අති දක්ෂිණාංශිකයෙකු වුයේ ජේ ආර් හා ප්‍රේමදාස ගේ දක්ෂිණාංශික පාලන සමයන් හිදීය. බටලන්ද වධකාගාරය පිළිබඳ ඔහුට චෝදනා එන්නේද මේ සමයේ කටයුතු කළ ආකාරය නිසාය. කොටින්ම  රනිල් කටුස්සෙකු පාට වෙනස් කරන්නාක්  මෙන් ස්ථාවරයන්  වෙනස් කරන්නෙකි.   

  මදක් කල්පනා කර බලන්න. රටේ ජනාධිපති වූයේ සමනළයෙකු යයි අපහාසයට පත්වූ,  සුළු ජන කොටස් සමග වඩා හිතැතිව සිටින  පුද්ගලයෙකි.

අරගලකරුවන්  දෙස බලන්න.  ඔවුන් මුල සිටම ජාතිවාදය ප්‍රතික්ෂේප  කල රටේ සෑම ජන කොටසක්ම පිළිඹිබු කළ කොටසකි. සැබෑ බලය මෑතක් වන තුරුම තිබුනේ ඔවුන් අතය.  රටේ  ජනාධිපති කරන්නට පොහොට්ටු ජාතිවාදීන් ට චන්දය දෙන්නට සිදු වූයේ ඔවුන් අපහාස  කළ එක පාර්ලිමේන්තු පුටුවක් හිමි පුද්ගලයෙකුටය. ඉන් ප්‍රතිවිරුද්ධ පක්ෂයේ සිටි ජාතිවාදීන්ට උරුම වූයේ පරාජයකි.

සෝමවංශ හා විරවංශ ගෙන් මිදුනු ජවිපෙය තවදුරටත් ජාතිවාදය කර පින්නා ගෙන යන පක්ෂයක් නොවේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොහොමත් ඒ ස්ථාවරයෙන්  මිදී බොහෝ කල්ය . 

 මගේ මවට  ඊයේ මා  දුරකතනයෙන් කතා කල අවස්ථාවේ ඇය පැවසුවේ දිසානායක කොලුවාට චන්දය දෙන බවය. ඇය අදහස කලේ කුමක්ද යන්න මට එකවරටම වැටහුනේ නැත. මොන දිසානායක කොළුවා ද කියා කල්පනා කෙරුවෙමි.  පිටි පස්සෙන්  "අන්ර කුමාර,  අන්ර කුමාර" යනුවෙන්කෑ  ගසනු ඇසුනි. මම මවට කීවේ අනුර දිනන්නේ නැති බවය. නමුත් මහා ඡන්දයක් පැමිණියොත් ඔවුන්ට වඩා  බලයක් මේ අවස්ථාවේ ලැබෙන බවත්ය. 

මව කිවේ ද පාර්ලිමේන්තු ඡන්දය නොව මහා මැතිවරණයක්  පැවතිය හොත් ඇය ඔවුන්ට ඡන්දය  දෙන බවය . මහින්ද මහතා 2015 පැරදුනු වෙලේ දුකින් පිරී ඔහුගේ  මැද මූලන නිවසට බැහැ දැකීමට යන ජනකාය සමග පවා ගිය ඇය අංශක 180කින් හැරී අනුර  කුමාරට ඡන්දය දෙන්නට සිතන්නේ නම් බොහෝ පැරණි පොහොට්ටු ඡන්ද දායකයන්ද එලෙසම සිතනු ඇති බව  මට හැඟුනි. 

ජවිපෙ සම්බන්ධව මට ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් ඔවුන්ගේ වැඩ පිළිවෙල කුමක්ද යන්නය. ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස සිතා  සිටියත් මෑතකදී එලි දැක්වුණු ඔවුන්ගේ අරගල ගීතයක පෙනුනේ දැඩි සමාජවාදී නැඹුරුවකි.  සුන්දර සමන්මලී ගේ තියුණු කටහඬින් ගැයෙන ඒ  ගීතය මට මතක් කළේ චේ වෙනුවෙන් නතාලි කර්දොනේ ගයන හස්තා සිම්පරේ ගීතයයි. ජවිපෙ ගීතය පුරාම තිබුනේ චේ හා කියුබානු විප්ලවයේ පින්තූරය.   සමහර ආධාරකරුවන් ප්‍රසිද්ධියේ කියුබාවේ ක්‍රමය පසසති. ඒ  අතරේ ඇතැම් නායකයන් පොල්පොට් ද පසසනු ඇසුනි.



මා  සමග සෝවියට් දේශයේ උගත් කියුබානුවන් තිස් දෙනෙකු ගෙන් අද කියුබාවේ ජිවත් වන්නේ හතර දෙනෙකු පමණි. අනිත් සියල්ලෝම පිටරටවල වැඩ කරමින් තමන්ගේ පවුලේ සංරක්ෂණය සඳහා මුදල් එවති. ලබන අවුරුද්දේ කියුබාවට සංචාරයකට යන නිසා වැඩි විස්තර ලිවිය හැකිය. ඇමෙරිකානු සම්බාධක මෙන්ම අසාර්ථක ආර්ථික පිළිවෙත් නිසා කියුබානු ආර්ථිකයේ ලොකු වර්ධනයක් නැත. ඔවුන් වැඩිපුරම යැපෙන්නේ සංචාරක ව්‍යපෘති වලින්, පිටරටවල වැඩ කරන කියුබානුවන්  එවන මුදල් වලින්, දුම්කොළ වලින් හා ඖෂධ නිෂ්පදනයෙනි. 

ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක්  ගෙන ඩෙන්මාර්ක් , ෆින්ලන්ත, ස්කන්ඩිනේවියානු  ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් වඩා හොඳ  යයි මට සිතේ. එසේ නොමැතිනම් චීන ක්‍රමයේ ද වරදක් නොමැත. මා  කියන්නේ ඩෙන් ෂියා ඕ පින් චීනය වෙනස් කළ ආර්ථික ක්‍රමය ගැනය. චීනයේ විදේශ ප්‍රතිපත්තිය සමග සමගාමී වීමේ  අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. චීනය අද චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ ලබා ඇති දියුණුව විශිෂ්ඨ එකකි. (ඔබ සොයන්නේ එවැනි භෞතික  දියුණුවක් නම්)  



 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ගැනද මෙවැනිම ප්‍රශ්න මට  තිබේ. ඔවුන්ගේ  සමහර ආධාරකරුවන් ද  උතුරු කොරියාව සහ  කියුබානු ක්‍රමය ගැන පසසමින් කතා කරති. මේ පක්ෂ දෙකම අරගලයෙන් පසු බලය ලබා ගැනීමක් ගැන කතා කරන්නේ නම් තමන් ක්‍රියාත්මක කරන්නට අදහස් කරණ පාලන ක්‍රමය ගැනද ප්‍රකාශයන් කළ යුතු බව හඟිමි.

මා ගියවර ලියූ ලිපිය කියවා ජවිපෙ ආධාරකරුවෙකු  කීවේ  මෙවැන්නකි. "අජිත් මෙහෙම යුද්ධෙ මෙහෙයවපු ෆොන්සේකාට සහය දෙයි කියල මම හිතුවේ නැහැ.  දෙමළ මිනිස්සු මොනවා කියයිද? " කිඹුලා කනවා ඉවසිය හැකි වුවත් කොහිල කටු ඇනෙනවා ඉවසිය නොහැකි යයි කියුමක් තිබේ. ඒ ප්‍රකාශය රෝහිත භාෂණ, මංජුල වෙඩිවර්ධන, දීප්ති ගුණරත්න , උදය තෙන්නකෝන් වැන්නෙකු  කීවා නම් සාධාරණ කමක් ඇත.  ඔවුන් දිගින් දිගටම යුද්ධයට විරුද්ධව  අදහස් දැක් වූවන්ය.

අද ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනය තීරණාත්මක ලෙස පරාජය වී ඇති මොහොතකි. අරගල කරුවන්ට ජාති  භේද, කුල භේද, ලිංග භේද වලින් තොරව සහය ලැබුණු යුගයකි. 

එසේම රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව ලිබරල් දේශපාලන ව්‍යාපෘතියේ අවසාන පුරුකය. රනිල් බොහෝවිට අටවන්නෙකි. ඇටවීම සාර්ථක වුවහොත් ඉතිරි අවුරුදු දෙක පාලනය කර ඔහු නික්ම යනු ඇත.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අසාර්ථක වන තැන අරගල කරුවන්ට වේදිකාව  හිමි වනු ඇත. මටනම් මේ තත්වය ඉතා  සුභවාදී එකකි. 

--අජිත් ධර්මකීර්ති 

ප. ලි. - "අටවන ජන්සන්" උපුටා ගත්තේ ප්‍රවීණ බ්ලොග් රචක ද.ග.ම. බසු තුමාගේ යෙදුමකිනි.  

136 comments:

  1. ඩෙන් ෂියා ඕ පින් චීනය වෙනස් කළ ආර්ථික ක්‍රමය සමග ගැට ගැසුනු දේශපාලන ක්‍රමයක් ද තිබේ. එහි පුද්ගල නිදහසට හෝ විවේචනයට ඉඩක් නැත. ඔබට දේශද්‍රෝහී චෝදනා යටතේ දඬුවම් කිරීමට කැසකවන්නේ ද මේ ප්‍රතිපත්තිවලට අනුගත වූ අයයි. මුස්ලිම් ජන කොටස්වලට සලකන ආකාරය පිළිබඳ දැඩි විවේචන තිබේ. චීන ක්‍රමය නිර්දේශ කිරීමට පෙර මේ කරුණු ගැන ද සිතා බැලිය යුතුය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔබට වරහන් තුල කොටස කියැවි නැත. ((ඔබ සොයන්නේ එවැනි භෞතික දියුණුවක් නම්) ). ජවිපෙ තනි පක්ෂයක් තුල බලය ලබා ගතහොත් භෞතික දියුණුව චීන ක්‍රමයේ අවුලක් නැත. අරගලය කරන බොහෝ අය භෞතික ප්‍රශ්න මත අරගලයට එක් වූවන්ය

      Delete
  2. "අටවන ජන්සන්" යෙදුම සයිස් කරල බැලුවාම "අටවන මාටින්" වෙන්න ඕනෙ කියල හිතුනා. තව "ආන්න ජංසං!" කියල එකකුත් තිබ්බා. "අටවන මාටින්" මමත් පංචතන්තරේ නිදි ගෙන් හොරා කාපු කියමනක්. කොහොමත් රනිල්, නොම්බර එකේ අටවන මාටින් කෙනෙක් තමයි.

    රනිල්ට, ධම්මික පෙරේරාට තියන තරම්වත්, ආර්ථික සැලැස්මක් නැති බව මගේ විස්වාසයයි. රංජන්ව නිදහස් කරනවා වගේ සිල්ලර වැඩ ටිකක් කරාවි, ඒ ඇරෙන්න, වෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    සහෝදරවරුන්ගේ අධිතක්සේරුව නිසා, අරගලය අල වුනා වෙන්නත් ඇහැකි.


    ReplyDelete
    Replies
    1. අටවන මාටින් හා ආන්න ජන්සන් එකතු කර අටවන ජනසන් නිර්මාණය කරන ලදී. හෝදරවරුන්ගේ අධිතක්සේරුව - ජවිපෙ ට හැමදාමත් තියෙන ප්‍රශ්නයක්.

      Delete
    2. //මටනම් මේ තත්වය ඉතා සුභවාදී එකකි. // ඒම කියන්නටද... කල් වැඩිය
      බසුතුමා කීවා සේ..... මටත් හිතෙන්නෙ රනිල්ට ධම්මිකට තරම්වත් ආර්ථික දැක්මක් නැති බවයි. බලය රැකං මේ අවුරුදු දෙක අදී. ඒ කරලා නෝනිත් එක්ක බීච් එක ගාව ගෙයක් අරං ඉතිරු කාලෙ ජීවත් වෙයි

      Delete
    3. මේවට කියන්නේ out of context ලියනවා කියල. කලින් වාක්‍යය මොකක්ද? - ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසාර්ථක වන තැන අරගල කරුවන්ට වේදිකාව හිමි වනු ඇත- ඊට පස්සේ තමයි -මටනම් මේ තත්වය ඉතා සුභවාදී එකකි. දැන් රනිල් ලංකාව හදන්න යන වැඩේ පැත්තක දාල අරගල කරුවෝ මර්දනය කරන්න යනකොට මොකද වෙන්නේ? ආයේ අරගලය ඉස්මතු වෙන එක. රනිල් හැදුවොත් හොඳයි. නැත්නම් මේ ගොන් වැඩේ කරන්න ගියහම අරගලය තමා. අරගල කරුවන්ට මර්දනය කියන්නේ දෙයියෝ දුන්න වගේ වැඩක් නේ. නැත්නම් කුමාර් කියයිද - පාර්ලිමේන්තුවෙන් පිටත අරගල කරලා බලය ගන්නවා කියල. ඕක ඉතින් මොන පැත්තෙන් බැලුවත් සුභවාදී තමයි.

      Delete
  3. /මටනම් මේ තත්වය ඉතා සුභවාදී එකකි./ ඔබගේ අදහසට මම එකඟ වෙමි. ඒ උනත් කැබිනට් එකත් පත්කර ගත්තාට පස්සේ බලමු සුභවාදී බලාපොරොත්තු ඇතිකර ගත හැකිද කියා.

    ReplyDelete
    Replies
    1. මම පොඩ්ඩක් sarcastic වෙලා තියෙනවා මෙතන. සුභවාදී කීවේ අරගල කරුවන්ට අරගලය වඩාත් තීව්‍ර කල හැකි කියන හේතුව මත හා ජාතිවාදය අවසන් වීම මත. නමුත් අරගලය තීව්‍ර වෙනවා කියන්නේ ආයෙත් අවිනිශ්චිත තත්වයක් ඇතිවෙනවා කියන එකයි. දෙපැත්තටම ගන්න පුළුවන්.

      Delete
  4. චීනයේ සීඝ්‍ර ආරථික දියුණුව ගැන එකඟයි. ඒත් චීන/රුසියානු ආරථික දියුණුව එන්නේ මර්දන සමඟයි. මර්දනය ඇති තැන අසාධාරණය සහ අසමානතාවයත් රජ කරනවා.

    ReplyDelete
    Replies
    1. ලිට් ට කීව එකම තම. -(ඔබ සොයන්නේ එවැනි භෞතික දියුණුවක් නම්) යනුවෙන් වරහන් තුල සඳහන් කලේ ඒ නිසා. මර්දනය සාපේක්ෂයි.

      Delete
  5. මං සමහරවිට බැනුම් අහනවා cynical කියලා. ඒකට වඩා ඇත්තෙන්ම මං realistic and pragmatic ප්‍රායෝගික/යථාර්ථවාදී මේ රටේ චාන්සස් ගැන .

    අපි මොනව කිව්වත් මේ රට හොඳට හැදෙන්නේ නෑ. පෙට්‍රල් පෝලිම්වල හිටපු අය දන්නව. මිනිස්සු මිත්‍රශීලී ඇති නිකම් බලන් ඉන්නකොට . එච්චරයි. සිස්ටම්වලට කැමති නෑ. මේක ආචාරශීලීත්වය, නීතිගරුකත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ලොකුවට සංවර්ධනය වුන හෝ වෙන රටක් නෙමෙයි. තිත්ත ඇත්ත තමයි මේක පිටිපස්සට යන්න ප්‍රවණතාවය වැඩි රටක්. අපේ දෙමව්පියන්ගේ කාලෙට වඩා මිත්‍යා විස්වාස දැන් වැඩි එක උදාහරණයක්.

    දැන් තියන ලොකුම ප්‍රශ්නය ඉන්ධන. ඒක සාමාන්‍ය ගාණකට විසඳලා ආර්ථික අර්බුධයෙන් සාමාන්‍ය ගාණකට ගොඩයන එක තමයි මේ රටේ කරන්න පුලුවන් සහ මේ රටේ අති බහුතරය deserving .
    ලස්සන න්‍යායන් ගැන කතා කරමින් සිටීම හා අරගල කිරීම කොහොමත් කලෑකි අපිට. ඒක අපේ විනෝදාංශයක් වගේම pressure valve එකක්. මානසිකව අපිට අවශ්‍ය දෙයක්.
    මගේ cynical (ඒකටත් කියන්නෙ 'නරුම' කියලද? ) යයි පෙනෙන realism එකෙන් කාටවත් තරහ ගියොත් සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. මේ අදහසේ හිතන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා

      Delete
    2. ඉතින් ඔයා සුභවාදී නැත්ද? රනිල්ට ඕක කරන්න චාන්ස් එකක් තියෙනවා. ආයෙත් අල කර ගත්තේ නැත්නම්.

      Delete
    3. ඔව්. සුබ හෝ අසුබ හෝ ලංකාවට ඔරොත්තුදෙන ගාණට තමයි බලාපොරොත්තු තියාගන්න පුලුවන් කියලයි මං කිව්වෙ.

      Delete
    4. ප්‍රාජේ එක්ක එකඟයි

      Delete
    5. ඕන් දැන් රනිල් අල කරගෙන. පැරා අරහේ බැනුම් අහනවා. කට්ටියක් ගෝට මෙඡාර නරක නැහැ කියනවා. ගේම් තමයි

      Delete
  6. Jagath Pathirana21 July 2022 at 04:37

    මම සිංහල ජාතිකවාදියෙක් . මට වඩා වටින්නේ ජාතිය. රටට මොකක් වුනත් ප්‍රශ්ණයක් නෑ.
    මේ වෙලාවේ රනිල් ජනපතිවිම හොඳයි.
    නලීන් ද සිල්වාගේ ලිපිය බලන්න.

    ReplyDelete
    Replies
    1. මහින්ද වගේම නලින් ද සිල්වා ඉල්ලං කෑම සහ ඉල්ලන් කමින් සිටීම ගැන මම සුභවාදී ආකල්පයකින් බලන්නේ.

      Delete
  7. අජිත් ධර්මකිර්ති ඔබ ලංකාවේ පුරවැසියෙක්ද ? ඔහේ ලංකාවේ පුරවැසිභාවය නැවත මුදල් දී ලබාගත්තේ කවදා ද? එය ලබාගත්තත් අවසන් වරට චන්දයක් පාවිච්චිකර පාලකයින් තෝරන්න සහහාගිවුයේ කවර චන්දයේ දීද

    එසේ නොවන්නේනම් ලංකාවේ මහජන බදුමුදල් වලින් පිනට ඉගෙන තම පුද්ගලික වාසි තකා පොමි යන්ගේ පුරවැසියෙක් ලෙස කටයුතු කර ලාංකීය දේශපාලනය හරි හෝ වැරදි ගැන කතා කිරීමට ලිවීමට ඔබට සදාචාර අයිතියක් තිබෙනවද ?

    කියක් හෝ හොයාගන්න සිංහලෙන් පොතක් දෙකක් බ්ලොගක් ලීවා කියන ඔබ ,අප ඔබව දකින්නේ මොකක් වශුයෙන් කියා සිතනවාද

    පවුම් සොච්චමක් ලංකාවට එවූ පලියට ලාංකීය ජනතාව ජීවත්වෙන්නේ අප එවන සොච්චමෙන් බව කට මෑත දොඩවන්නේ නැතිව හැකි ඉක්මනින් අප රටින් තොලොන්චි වෙලා යනවාද
    අපේ රටේ ඇතිවී ඇති ඕනෑම අවුලක් ලාංකීය සර්වජනචන්දය හිමි සහ පාවිච්චි කරන ජනතාවගේ කැමැත්තට ඉඩ දී විසඳා ගැනීමට ඉඩදී , ලක් වැසියන්ට බක තපස් අනුසාසනා නොකර

    ඔබ නැවත ලංකාවට සංචාරයකට හෝ නැවත නොපමිනියා කියා හෝ ඔය පවුම් සොච්චම නොඑවා සිටියා කියා කිසිම ලන්කිකක් ඔබ වැන්නවුන් ළඟ දනින් වැටි සිටින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අනේ හොඳයි. දණින් වැටී ජිවත් වනවාට වඩා දෙපයින් සිට මිය යාම උතුම්ය. වහාම සියලුම් ආනයන නවත්වා විදේශීය තානාපති කාර්යාල පිටමන් කර , ඇමෙරිකානු ආයෝජන ගිනි තබා , චීන යෝජනා ගිනි තබවා, ඉන්දියාවෙන් එන ආධාර නැව් නතර කර දෙපයින් සිට ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන්න.

      Delete
  8. 'කිසියම් සහයෝගයක් දක්වනවා නම් දක්වන්නේ දීප්ති කුමාර ගුණරත්න මහතාගේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට පමණයි. ඒ ඔවුන්ගේ මනෝ විශ්ලේෂණය පිලිබඳ අධ්‍යාපනික වැඩ නිසා.' - අජිත් ධර්ම

    අජිත් ධර්ම, ඔබ ඔබගේ ඉහත සදහන් අදහසේ තාම සිටිනවද?

    ReplyDelete
    Replies
    1. දැන් එය සමබිම පක්ෂය වශයෙන් නම් කර ඇත. ඔවුන්ගේ අදහස් සාකච්ඡාවට ගැනීම වටී.

      Delete
  9. දැන් අජිත් කවද්ද ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද හලෝ , මෙච්චර හොඳ රටක් දාල ඔය මෝඩ වැඩ කරන්න කවුද යන්නේ , මගේ ජනාධිපති යා ඔය. පොහොට්ටු ජනාධිපති නේ

      Delete
  10. හ‍ඳ පෙන්නුවම ඇඟිල්ල ගැන අහනවා වගේ මගේ ප්‍රශ්නෙ නතාලි කර්දොනේ ගැන. මේ වගේ චේට ආදරය කරන ලතින් ඇමරිකානු හෝ නැගෙනහිර යුරෝපියානු වෙනත් තරුණ ගායක ගායකාවන් සිටිත්ද? නැත්නම් කර්දොනේ ජීවත්වන පොසිලයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ මුල එක , එයා තරුණ කාලේ කියපු එක. https://www.youtube.com/watch?v=86LSuXi5TLU

      Delete
    2. https://www.youtube.com/watch?v=aZjHr7sQGo4

      Delete
    3. අර ලෝකල් පුටිං වගේ ලෝකල් චේ ල කලෙත් ගැහැණු පිරිමි ලිංගික සබඳතා තහනම් කරලා , විප්ලවයක් කියන්නේ මොකද්ද අමුතු එකක් කරපු එකනේ. චේ ගේ විප්ලවයේ සිගාර් එකක් ගහගෙන ගැහැණු ළමයෙක් ගේ කරට අත දාගෙන ආදරේ කරන ගමන් කරපු විප්ලවයක්. උන්ගේ ආදරේ උතුරනව. https://www.youtube.com/watch?v=oXjK3BLyzPI

      Delete
  11. රනිල් කවදාවත් බලතල සහිත රාජ්‍යනායකයා වෙලා නැහැ. එක්කෝ චන්ද්‍රිකා යටතේ අගමැති, හෝ මෛත්‍රී යටතේ. එක්කෙනෙක් රජය පවරගත්තා සහ අනෙකා කකුලෙන් ඇද්දා. අද ඉන්නේ අමාරුම අවස්ථාවක. එලියට එන විදිහ මටනම් හිතාගන්න බැහැ. පොහොට්ටු චන්දෙන් පත්වෙච්ච එක අවාසියි. ඔහුට ඕන ඇමති මණ්ඩලයක් පත් කරගන්න බැහැ. අනික අනික් ජනපතිවරුන්ට වගේ නැතුව අවුරුදු 2 යි තියෙන්නේ. ඒ අවාසි ඔක්කොම එක්ක රට මෙතනින් ගොඩ දාන බව නම් මට විශ්වාසයි. හැබැයි ගෝටා එන්න ඉස්සෙල්ල තිබ්බ තත්ත්වෙටම ගැනීම ගැන නම් බලාපොරොත්තු තියා ගන්න බැහැ. එකක් දන්නවා. ඒනම් කිසිම වැඩක් නොකර ඔහේ සිටි චන්ද්‍රිකා, මල්ලිලට සහ ළමයින්ට දුවන්න දීල ඔහේ සිටි මහින්ද, රනිල් කරන දේවල් වල ක්‍රෙඩිට් එක ගැනීම හැර කිසිවක් නොකල මෛත්‍රී, සහ කිසිම දෙයක් කරන්න දැනීමක් හෝ මොලයක් නැති ගෝඨාභට වඩා විශාල දෙයක් ඔහු කරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කරයිද , ජවිපෙ සහ පෙරටුගාමීන් කියනව වගේ රට ලේ විලක් කරයිද

      Delete
  12. ඔන්න අජිත්ලාගේ හාමු රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපතිගේ අණ පරිදි ගෝල්පේස් අරගල කරුවන්ට ඊයේ හමුදාව දම්මලා ගැහුවා. අජිත් ධර්ම කිරිතිට දැන් සතුටුද?

    අපගේ දුක වේදනාව, රුධිරය දකින්න ආසා අජිත් ඔබ නරුමයෙක්.

    ReplyDelete
    Replies
    1. මගේ ? මට පේන්නේ බයියන්ට සතුටුයි වගේ, සෑහෙන කාලෙකින් බ්ලොගයට ආවේ නේද? දැන් කියන්න පුළුවන්නේ අරගලයෙන් ගෙන්න ගත්ත ජනාධිපති කියල. නැහැ මහින්ද ඇතුළු පොහොට්ටුව චන්දෙ දුන්නේ. මහින්ද ගේ කර්මය පල දීම. මම ඔය අන්තිමට ලියල තියෙන්නේ රනිල් අසාර්ථක වුනොත් අරගලයට සුභවාදී කියල. ඒක වෙයි. හැබැයි ඒක වෙනවා කියන්නේ ගොයියෝ උඹටත් රට පනින්න වෙයි.

      Delete
  13. මචන්..මට තියන ප්‍රශ්නයක් මේක...ඔය අරගලය කියන එක මුලින්ම පටන් ගත්තේ පුරවැසි අරගලයක් විදියටනෙ..අපි හැමෝම සහයෝගය දුන්නා..එතකොට පහු වෙද්දී අරගලේ නායකයෝ විදියට මතුවුන අය..ඊලගට ගුටි කාලා පාරේ වැටිලා හිටපු අය..ඊලගට මාධ්‍යවලට වොයිස් කට් දීපු අය බහුතරය කොන්ඩ රැවුල් වවාගත්ත පෙරෙට්ටො ටයිප් එකේ රස්තියාදු පෙනුම තියන උන්නේ..හැමතැනම බලපන්..අර ඊයෙ රෑ ගුටිකාලා බිම වැටිලා ඉන්න අයගේ පෙනුමත් ඒ වගේනේ..දැන් පුරවැසි අරගලයක් නම් ඕකේ ඉන්න ඕනි ගුරුවරු ව්‍යාපාරිකයෝ..දැන් බලන්නකෝ තෙල් පෝලිමක් ගත්තම ටීවී එකට වොයිස් කට් දෙන අයයි අරගලේ වොයිස් කට් දෙන අයයි..තෙල් පෝලිම් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නියෝජනයක්..ඔය වගේ සිද්දි හින්දා එපා උනා අරගලේට බැහැලම හිටපු උන්ටත්..අන්තිමට දැක්කද අරගලේ නායකයෙක් නෑ..පක්ශයක් නෑ කිව්වට අන්තිම වෙද්දී එක එකා මතුවුන විදිය..

    ReplyDelete
    Replies
    1. ඕක ඉනෙවිටබල් කේස් එකක්නෙ. ස්ට්‍රක්චර් එකක් නැතුව මූව්මන්ට් ඉදිරියට යන්නෙ නෑ. කොහෙන් ගියත් යම් පොලිටිකල් සහ ඉකොනොමික් ස්කූල් ඔෆ් තෝට් එකක් ඔතන මුදුන වෙනව තමයි. මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ ලිබරල් සහ ෆ්‍රී මාකට් ඉකොනොමි. මම වගේ උන් අරගලයෙ බහුතර muscle එක නියෝජනය කරානම් ලංකාවෙ වාමාංශික අදහස් තියෙන විතරක් නෙමේ ක්ලාස් ඉෂූස් තියෙන අයත් දැන් ඔයාල මතුකරන අප්‍රසාදයම මතුකරනව අරගලය bourgeois එක විසින් හයිජැක් කරල කියල. කොහෙන් හෝ නියෝජනය නොවන මිනිස්සු කාන්ඩයක් ඉන්නවම තමා.

      ලංකාවෙ සාමාන්‍යෙන් වැඩියෙන්ම සද්දෙන් කතා කරන මනුස්සය තමයි මුදුන වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සුන්ට පොලිටිකල් ලීඩර්ශිප් එකක් දැරීම තරමක් අපහසු ඕක්වර්ඩ් දෙයක් නිසා ඒ අඩුව පිරවීම වම්මුන්ගෙන් සිද්ධ වීම නිකන්ම වගේ වෙන දෙයක්. රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙනගත්ත කෙනෙක් මේ ඩයිනැමික් එක දන්නව. පොලිටික්ස් නොකරන ලමයි අපි හම්බ කලොත් අපි කනව වගේ ඉද්දි ශිෂ්‍ය සංගම් වල නායකත්වයන් වම්මුන්ගෙන් ගෲම් වෙන ලමයි පැනල ගන්නව. උන් පන්ති නායක කමක් හරි ගන්න චරිත. තරමක් විතර ඕවර් කන්ෆිඩන්ට් පෞරුෂ...උන්ගෙ හැටි ඒ. අරගලෙත් ඕකමයි උනේ. නමුත් පමණට වඩා යම් මතයක් නියෝජනය වෙනව කියන එක රහසක් නෙමේ. ඒ නියෝජනයෙ අසමමිතිකතාවය විසඳන එක ඉතාම අමාරු දෙයක් දැන් නමුත් යම් උත්සාහයක් ගන්න බව පේනව.

      අරගලයෙ උඩ ස්ට්‍රාටා එකේ නායකයො කෙසේ වෙතත් ඕකට සහභාගී වෙන සාමාන්‍ය පිරිස් බැලුවම තවමත් නියෝ ලිබරල්ස් ලා සහ වම්මු හරි හරියට ඉන්නව. මේකයි "අරගලේ ඉන්නෙ ජෙප්පො විතරයි" කියන කතාවට මට එකඟ වෙන්න බැරි. එතකොට මම වගේ උන් ඉන්නෙ කොහොමද.

      ඇත්තම කතාව අර ඉකොනොමික් මොඩ්ල් දෙක අතර ඝට්ටනය මුල ඉඳලම තිබුන නමුත් රනිල් ආවට පස්සෙ යම් මිඩ්ල් ක්ලාස් පිරිසක් හැලිල ගිය නිසා වම්මුන්ගෙ හඬ වැඩි උනා. මේ ආර්ථික 'ක්‍රමය' ගැන ගැටලුව කතාකරලම විසඳගන්න වෙන දෙයක්. අරගලේට විතරක් නෙමේ රටක් විදිහට ආර්ථික ප්‍රතිපත්තියකට යන්න කලින් අපි හැමෝටම හිතල බලල ඔය දෙකෙන් වඩා හොඳ ක්‍රමය තෝරගන්න වෙනව කොහොමත්. ඉතින් ඔය ආතතිය මහා විනාශකාරී අවසානයක් විදිහට මටනම් පේන්නෙ නෑ අරගලය සම්බන්දව. කොහොමටත් රටක් විදිහටත් එන ස්වාභාවික ප්‍රශ්නයක් ඕක.

      වම්මුන්ගෙ- විශේෂයෙන්ම පෙරෙටුගාමීන්ගෙ- extra-constitutional ක්‍රමවේදයන්ට යෑමේ උවමනා ප්‍රකාශිත උනා. ඒවටනම් මන් හිතන්නෙ අපිට හැමෝටම වගේ ඒකමතිකව විරුද්ධ වෙන්න පුලුවන්. ජෙප්පොවත් එච්චර අප්සට් වැඩවලට කැමති නෑ මම දන්න තරමින්.

      ප.ලි: මේ බෙදීම හමුවෙ දෙන්නම් බැටේ ඇටිටියුඩ් එකෙන් ඈත් වීම සම්පූර්ණ මූව්මන්ට් එකම පරිහානියට පත් කරනව. මොකද විපිළිසර වෙලා අරගලය ඩිසෝල්ව් කරා වගේ නෙමේ ආපහු අයිඩියල්ස් උඩ දුවන මූව්මන්ට් බෙහෙතකටවත් හොයාගන්න වෙන්නෙ නෑ. ඉවසල ඉවසල බැරිම තැන පුපුරන රයට්ස් ඇරෙන්න. මේක සමථයකට පත් කරන්න පුලුවන් කියලයි මම පෙනී ඉන්නෙ. ඔය දෙන්නම් බැටේ මාන්සිකත්වයෙන් නෙ 2019 ජන්දෙ දුන්නෙත් මිනිස්සු. ඒක වැඩිහිටි මදි.

      Delete
    2. ස්තුතියි ඇනෝ . ස්තූතියි ඇනෝ , මම ඔය ලිපියේ අවසන් කොටසේ ජවිපෙ, සහ පෙරෙටුගාමී පක්ෂ දෙකෙන් අහල තියෙන්නේ දැන් මොකද්ද යෝජනා කරන ක්‍රමය කියල ඒකයි . අරගලයේඑක කොටසක බෙදුම්වාදී රේඛාවක් තියෙනවා මේ පක්ෂ දෙක තුල. ජවිපෙ අරගල ගීතයක් ගහන කොට පෙරේට්ටෝ තව එකක් ගහනවා. ඔය බෙදිල්ල අවාසියි කියන එක මේ අයට කීවට තේරෙන්නේ නැහැ දෙගොල්ලටම. අර දීප්ති කීව වගේ අරගලයේ මුලින් හිටි මධ්‍යම පන්තියෙන් කොටසක හැලිලා ගිහින් තියෙන්නෙත් ඒකයි. රනිල් ඕක හොඳටම දන්නවා

      Delete
  14. අරගලකරුවන් රාශියක් අත්තඩංගුවට ගෙන ඇත. තවත් කොටසක් පැහැරගෙන ඇත. තවත් පිරිසක් අතුරුදහන්.

    බොහෝ දෙනෙක්ට දැඩි ලෙස පහර දී ඇත.

    අජිත් ධර්මකීර්ති නැමැති අමුනුස්සයා ඉතා සතුටෙන් පෙළෙනවා ඇත.

    අජිත් ඇතුළු ධනපති මර්ධකයන්ට අවශ්‍යය මිනිස් බිලිය.

    හෘද සාක්ෂියක් නැති අජිත් ධර්මකීර්ති නුබට අරගලකරුවන්ගේ ශාපය වදිනවා

    ReplyDelete
    Replies
    1. අපේ පැරණ බ්ලොග් ලියන මල්ලි කෙනෙකු වන රසික ගුණවර්ධනගේ ඔළුවට ගසා , හමුදාවෙන් අත් අඩංගුවට ගෙන ඇත. ඇනෝ එපමණ වේදනාවක් තිබේ නම් රසික මල්ලි ඇත්තේ කොහෙද කියා හොයා දැනුම් දෙන්න. නීතිඥ මහතුන්ට එතනට යා හැකියි.

      Delete
  15. ජනාධිපති කාර්යාලය අල්ලා ගෙන සිටි කැරලිකරුවන්ට පහර dee අතපය කඩා දැමු ත්‍රිවිධ හමුදාවට අපගේ ස්තුතිය.

    කැරලිකරුවන්ගේ ඔලුවට වෙඩි තැබීමට අවසර දුන් සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපගේ ආචාරය.

    රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උපදෙස් ලබා දෙන අජිත් ධර්මකීර්ති මහතාටත් අපගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. රනිල් ගොයියාට අතට ලැබුන දේ කටට දමා නොගැනීමට නොහැකි වීම කාගෙවත් වරදක් නොව රනිල් ගේම වරදකි. රනිල් IMF එකට ලංකාවේ ස්ථාවර රාජ්‍යයක් ඇතැයි පෙන්වීමට කරන මේ බොළඳ මෝඩ උත්සාහය නිසා සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කර දෙනවා ඇත. අරගලය තීව්‍ර කිරීමේ රනිල් ගේ උත්සාහය අරගලයට සුභවාදී එකක් වනු ඇත.

      Delete
  16. ඊයේ රාත්‍රී 21/07/2022 පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී රසික ගුණවර්ධන නිදහස් කරනු.

    ReplyDelete
    Replies
    1. ඕක අපිට කියන්නේ මොකද? අපිද රසිකව අල්ලං ඉන්නේ?

      ඕක කියනවකො මනුස්සයෝ තමාගේ ලොක්කා වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට.

      Delete
    2. උඹලගේ මහා එකා මහින්ද , තවමත් ගේම අත් ඇරලා නැහැ නේද

      Delete
    3. දැන් එතකොට මහින්දගේ අණද හමුදාව පිළිපදින්නේ?

      රසිකව නිදහස් කරන්න කියලා බ්ලොග් එකේ හෑලි දාන්නේ නැතුව තමුසේ කෝල් එකක් දීලා කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට.

      Delete
    4. මහින්ද ගේ අණ රනිල්ට , ගෝට ගේ එන කමල්ට , ඕක ඔච්චර අමාරුද තේරුම් ගන්න

      Delete
    5. රසික ඉන්නවා https://www.youtube.com/watch?v=AGpzavuDn4Y

      Delete
  17. අජිත් ධර්මකීර්ති ලංඩනයට වී සිංගල් මෝල්ට් විස්කි බී රස මසවුළු වලින් සන්තර්පණය වීමෙන් අනතුරුව සුව පහසුව නිදා සිටිනා විට, අරගල බිමේ නොනිදා වැස්සේ තෙමෙමින් යටත් වීමට වඩා මිය යාම උතුම් යන අරමුණෙ සිටිනා අරගලකරුවන් වැද වැටෙමින් ගහන්න එපා අපි ගෝල්පේස් වලින් යන්නම් කියා ඉල්ලද්දීත් සන්නද්ධ හමුදාවෝ පහර දී ඇත.

    අජිත්ගේ උපදෙස් පරිදි මර්ධනය ආරම්භ වී ඇත. අරගලයේ සිටිනා ක්‍රියාකාරීන්ගේ දත්ත සියල්ල අන්තර්ජාලය හරහා ලබාගෙන මර්ධකයන්ට ලබා දෙන්නේ අජිත් ධර්මා විසිනි. ඔහුට අන්තර්ජාලය ඔස්සේ එවැනි සෙල්ලම් දැමීම කජු කනවාටත් වඩා පහසු කටයුත්තකි.

    ඕනෑම අයෙකුගේ සමාජ මාධ්‍ය දත්ත ලබා ගැනීමට තරම් දක්ෂතාවයක්‌ අජිත් ධර්මට ඇත. මෙලෙස ඉතා ක්‍ෂුක්‌ෂාම ලෙස මර්ධනය දියත් කෙරෙන්නේ අජිත් ධර්මාගේ උපදෙස් පරිදි කියා කියන්නේ එබැවිනි.

    මොහුගේ ඇති බිහිසුණු නිර්ලජ්ජිත, ආසානුකම්පිත මනස කෙසේදැයි කියතොත් මොහු විසින්ම ඉන්නා තැන් කරන කියන දෑ මර්ධකයන්ට ලබා දී පාවා දෙන ලද රසික සොයුරා නිදහස් කරන්නයි කියා මොහුම සටහන් කිරීමය.

    මේ වන විට රසික සහෝදරයා ධර්මචක්‍රයේ දමා කරකවන අයුරු, ඔහුගේ නියපොතු ගලවා නළලට ඇන ගසා, මාපට ඇගිලි වලින් ලේස් පටියක් ගැටගසා බාල්කයක එල්ලා පහර දෙනු අයුරු සජීවීව ලන්ඩනයේ සිට නරඹමින් මෙම රුධිර පිපසිතයා සතුටු වෙනවා ඇත.

    ReplyDelete
    Replies
    1. උඹල ඔය ගේම් එක ගහන්නේ නැත්තටම නැති වෙලා යන්න. දැන්ම උඹලට හිතවාදී සයිට් වල ගෝට හිටියනම් වඩා හොඳයි කියල කතා යනවා. ඕමල්පේ සෝභිත හෙම වැඩ පටන් අරන්. ඊට පස්සේ නාමල් කුමාරයා එයි දියසෙන් කුමාරයා වගේ හැමෝවම බේරා ගන්න.

      https://lankacnews.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%9c%e0%b7%9d%e0%b6%a7%e0%b7%8f-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9c/

      මම කියන්නම් මොකද වෙන්නේ කියල. නාමල් ට මොන ලබ්බක් වත් කරන්න වෙන්නේ නැහැ. අරගලය තීව්‍ර වෙනවා. ඊලඟ රැල්ල ඔයිට වැඩිය දරුණු වෙන්න ඉඩ තියෙන නිසා තමා මම ඔය ලිපියේ ජවිපෙ ක්‍රියාකාරීන් ගෙන් අහන්නේ මොකක්ද ගේන ක්‍රමය කියල. සමාජප්‍රජාතන්ත්‍ර වාදී නැතනම් චීන ක්‍රම. ජවිපෙ පෙරටුගාමී දෙගොල්ලට එකතු වෙන්න කියන්නේ. මොකද ඒ රැල්ල අනිවාර්යයයෙන්ම එනවා.

      Delete
    2. https://lankacnews.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a7%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%af/

      Delete
    3. උඹලගේ, නමලයාගේ මාධ්‍ය සෙට් එක ෆේස්බුක් එකේ දාන ලයිව් ෆීඩ් බ්ලොක් කරනවා. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ගහනව. මේක සැලසුම් කරලා රාජපක්ෂලා කරන්නේ කියල හැමෝම දන්නවා. තව ටික දවසක් අල්ලාගෙන ඉඳි. එච්චර තමයි.

      Delete
    4. මර්ධනය නවත්තන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට කියන්න ඉතින්. එතකොට මොන ප්‍රශ්නයක් වත් නැහැනේ.

      Delete
    5. උඹලගේ බොස්ට බැරිද? සයිට් අයිතිකාරයට

      Delete
  18. අරගලය පාවා දෙන අජිත් ධර්ම කීර්ති ගෙන් ප්‍රවේශම් වෙමු.

    අජිත් උබට දකින්න ඕනි අපේ ලේ ද? උබ මොකක්ද මේ කරන භයානක සෙල්ලමෙන් බලාපොරොත්තු වෙන්නේ?

    මේ වගේ නින්දිත ලේ පිපාසිත රාක්ෂයෙක් තවත් නැතුව ඇති.
    මිනීමරු ජෙනරාල් ෆොන්සේකාත් හොදයි කියලා කිව්ව අජිත්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට 2010 ෆොන්සේකා ගෙනාවේ කවුද? එතන ජවිපෙත් හිටියනේ. මේ රාජපක්ෂ කුක්කෙක්ද කොහෙද? ෆොන්සේකා තමයි මගේ දැනුත් චොයිස් එක. අනුර කුමාර ගේ අධි තක්සේරුව නැත්නම්, පොඩ්ඩක් නිහතමානී වෙලා ෆොන්සේකාව යෝජනා කරන්න තිබ්බ. හරිනි ටඅනුමැත කරන්න තිබ්බ. ෆොන්සේකා ඉල්ලුව එතකොට ඉල්ලන්නේ රාජපක්ෂලා ගෙන් රනිල්, විමල් ලාගෙන් ඩලස් සහ සජබ/ජවිපෙන් ෆොන්සේකා. රනිල්ට ෆොට්ටුවේ කොටසයි ලැබෙන්නේ. ඉතිරි කොටස ඩලස් ට යනවා. අනිත් චන්දත් බෙදෙනවා. සජබේ සහ ටි එන් ඒ ඇතුළු චන්ද ටිකත් එක්ක ෆොන්සේකා ට ජනාධිපති වෙන්න චාන්ස් එක වැඩියෙන් තිබ්බ. ෆොන්සේකා ජනාධිපති වුනානම් මේක වෙන්නේ නැහැ . ඉස්සෙල්ලම ඇතුළට දාන්නේ රාජපක්ෂලා ටික.උඹල ෆොන්සේකා ට භය ඒකයි. ජවිපෙ/පෙරටුගාමී උන්ට තියෙන හොඳම චොයිස් එකත් ෆොන්සේකා. ශ්‍රී ලංකා හමුදාවල ලක්ෂ දෙකක් විතර ඉන්නවා. (එංගලන්තේ ටත් වැඩියි) ඉන් බහුතරයක් ෆොන්සේකා ට පක්ෂයි.

      Delete
  19. පොන්සි අරගල ලොජික්

    අනුන්ගෙ ගෙදරකට පැනලා, එක අල්ලන් ඉන්නකොට, අයිතිකාරෙයා ගෙ ඉල්ලදි කියනවා, අහවල් දවසෙ අහවල් වෙලාවට එක දෙන්නම් කියලා
    අයිතිකාරෙයා ගමෙ උන් එක්ක ඇවිල්ල නෙලුවාම කියනව, මානව හිමිකම් කඩ උනාලු

    හරක් රැල බොලාට ඔය ඉන්න ඉඩම් නගරසබාවෙන් කානිවල් එකකට කියලා කුලියට ගන්න තිබ්බා, මිනිස්සු ක්‍රවුඩ් ෆන්ඩ් එකක්කරයි

    හරක් රැල එවා කරන්නෙ නෑ, ගුටිකාලෙ බෙරිහන් දෙනවා මරනො ගගා, මොකද අරකට වඩා ගුටිකන එක මාර්කට්..

    මුන් අරගල කාරෙයො නෙවි, ත්‍රස්තවාදියො, ගහල මදි, පුකවල් පලන්නඔන., වෙස හැත්ත රජයෙන් නිකම් ඉගෙන ගෙන, රජයෙන් රස්සාත් ඉල්ලන්, රජයෙ දෙපලත් අල්ලන් ඉනවා,

    රජයෙ උන් හොරුනම් සාක්සි සහිතව නඩු දාලා එවා ඔප්පු කරලා එවා පවරගනිල්ලා, දැන් උස්සන් එන්න එපා උසාවිය දුසිතයි කියන, එවා නිතියෙන්ම කරන්න පුලුවන්, කම්මැලි නැති හොද මුදලට-බලයට නැමෙන්න්නෙ නැති ලොයර්ස්ලා ලවා වැඩෙ කරපල්ලා. කඩන්න බැරි කෙස් හදපල්ලා, සාක්කි එකතු කරපල්ලා,,

    අරගලෙ සමාජමාද්‍යවල ප්‍රමොට් කරන වැඩි දෙනෙක් උන් 2019 ගොටාට කඩෙ ගිහින් රෙද්දෙ රෙවුනු උන්, උන් ගොටාට තියෙන අමතැත්තට වඩා රනිලට අකැමැති,, එ වගෙම ඔකුන් වැඩ් දෙනෙක් ගොඩ ආවෙ 2015-2019 ආර්තිකෙන්

    කාලකන්නි. මෙ වෙස බල්ලන්ට ඔන රට ලිබියාවක් කරන්න, මුන්ට ඔන අරගලෙයක් නැ, මුන්ට ඔන අරගලෙන් ගරාගෙන කන්න. පුකවල් පලපල්ලා ඔකුන්ගෙ

    ReplyDelete
    Replies
    1. another option, which may get a bad reaction.

      Delete
  20. මැයි 09 වැනිදා රෑ ගෙවල් ගිනිතියපු සෙට් එක අන්තිමට දැන් පොටපාදල දීල තියෙන්නේ කාටද? වික්‍රමසිංහට. වික්‍රමසිංහ මහත්තයා මන්ත්‍රීවරු 134 ක් තෝර ගත්තේ කොහොමද? එතුමා එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ එකම මන්ත්‍රී. මේක පොහොට්ටුවෙන් විතරක් නෙවෙයි, සජබෙත් ඇතුළු තවත් පක්‍ෂවලින් මේ 134 හැදිල තියෙන්නේ. පොදු වශයෙන් හේතුව ඔවුන් තුළ තියෙන අනාරක්‍ෂිත බව. ඒ අය හොයනවා මේ අනාරක්‍ෂිත බවෙන් ගැලවෙන්න පුළුවන් පරිප්පුව දෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්ව.


    ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් පිටවුණ වෙලාවේ සුනිල් හඳුන්නෙත්තිලා, ලාල්කාන්තලා පාර්ලිමේන්තුව වටකරන්න ආපු වෙලාවේ පාර්ලිමේන්තුවත් තවත් ජනාධිපති ලේකම් කාර්යාලයක්, අරලියගහ මන්දිරයක්, ජනාධිපති මන්දිරයක් බවට පත් කරන්න උත්සාහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය, ඇඳිරි නීතිය දාලා ආරක්‍ෂක අංශවලට නියෝග දුන්නෙ රනිල් වික්‍රමසිංහ. එහෙම රනිල් වික්‍රමසිංහ කෙනෙක් තමයි ඕන කියල හිතුවා. එහෙම කෙනෙක් ඕනෙයි කියලා හිතන්න මන්ත්‍රීවරයාගේ මනස නිර්මාණය කළේ අරගලය. දේශපාල න්‍යායක්, අනාගත දැක්මක් විචාරශිලී කියවීමක් මොනවත් නැතුව මේ කනේ කරාබු දාගත්ත රැවුල්කාරයෝ අර ලිබියාවේ මොක්කුද වගේ කට්ටිය හෙන වීරයෝ වෙලා, සුන්දර කතා කියලා සමාජ මාධ්‍යයේ දාලා නළු නිලියෝ මේ ගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම ෆෝම් කරලා අන්තිමට රනිල් ගෙනාවා. ඒක තමයි ඇත්ත කතාව. රනිල්ව ඕන වුණේ මන්ත්‍රීවරුන්ට මේ අනාරක්‍ෂිත බව හින්දයි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (21 වැනිදා) පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    ReplyDelete
    Replies
    1. විමල් නුත් රනිල්, රාජපක්ෂලා වගේම මේකට වග කියන්න ඕනේ රාක්ෂයෙක්.

      Delete
  21. කරුණාකර අත්සන් කරන්න. https://chng.it/tDzwnzS6t9

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්ති කියන්නේ අන්ත දක්ෂිණාංශික විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේ පිපාසිත රාක්ෂයෙක් කියලා හැමෝම අත්සන් කරමු.

      Delete
    2. කොහොම හරි කමක් නෑ අත්සන් කරපන්. සරෝජ් ටත් කියපන්.

      Delete
  22. මට තියන පුංචි ප්‍රශ්නය තමයි, කෙනෙකු ලැබුන ජනවරම ඉටුකරන්නට නොහැකිව ඔහු වෙනුවට වෙනෙකෙකු ඒ ජනවරමෙන්ම පත්වූ නියෝජිතයන් විසින් පත්කලාම, අළුතෙන් පත්වූ කෙනා විසින් ඉටු කල එම ජනවරම ලබාගන්න ජනතාවටම පොරොන්දු වූ දේවල්ම වෙන්න ඕනි නේද කියායි? ගෝටාට බලය දුන්නේ පාරේ බැහැල ඩෙගා නටන වුන්ට නෙලන්න කියලා තමයි ඕයි (ඕයි කිව්වේ ඔහේට නොවෙයි),ඌගේ අනුප්‍රාප්තිකයා ඉටු කරන්න ඕනිත් ඒ ජනවරම තමයි. - ඇණයා රාජවිපක්ෂ

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/656465171/videos/5014973745296049/

      Delete
    2. ගහන්ඩ අවශ්‍ය නැහැ. ගැහුවේ වෙන ගේමකට. බෙරේ වැවේ නාපු එකේ පලිය ගන්නයි, ගෝට රනිල්ට වඩා හොඳයි කියන්නයි.

      Delete
  23. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ අජිත්. කලිනුත් එහෙම කරලා බැලුවනේ.

    අජිත් හුරේ දාන ජෙනරාල් ෆොන්සේකාත් 88/89 භීෂණ සමයේ ඉදන් 2009 වේල්ලමුයික්කාල් වෙනකන් ලක්ෂ ගානක් මිනිස්සු මැරුවේ.

    ප්‍රශ්න විසදුනාද, උග්‍ර උනාද?

    ReplyDelete
    Replies
    1. //88/89 භීෂණ සමයේ ඉදන් 2009 වේල්ලමුයික්කාල් වෙනකන් ලක්ෂ ගානක් මිනිස්සු මැරුවේ.// ෆොන්සේකා ට විතරක් බැර කරන්න එපා. උඹල ඔක්කොම. ෆොන්සේකා නියෝජනය හා මෙහෙයවීම උනාට ලංකාවේ සිංහල මිනිස්සු 2/3 සපෝර්ට් කල දෙයක් කතා කරලා වැඩක් නැහැ. රාජපක්ෂලා, චමිපිකල, විමල්ල, ජවිපෙ දෙපැත්තම, මුළු පාර්ලිමේන්තුවම එතන හිටියේ. ෆොන්සේකා කියන්නේ ඒ අවස්ථාවේ උපායමාර්ගිකව හොඳම තේරීම , අදත් එහෙමයි. අගෝස්තු 9 වදින්නේ මිට වඩා දරුණු විධිහට. එඡාර තමා කියන්න තියෙන්නේ

      Delete
  24. බැසිල් – THE MAN –

    මිනිස්සු වැටෙති.

    ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති.

    බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.

    සමහර මිනිස්සු මොළය ඇතිව උපදිති.

    ජන්දදායකයන් වන අප බොහෝ විට උපදින්නේ මොළය නැතුව ය.

    තියෙන මොළයෙනුත් වැඩ ගන්නට පුලුවන් අය ඇත්තන් ද එහෙමටම නැත.

    තම මොළයෙන් 100% ක කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්නා මිනිසුන් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙනි.

    තියෙන මොළයෙන් 200% ක කාර්‍යක්ෂමතාවයකින් වැඩ ගන්නා මිනිසකු මෙලොව වෙසෙයි නම් ඒ, බැසිල් රාජපක්ෂ පමණක් විය යුතුය .

    90 දශකය මුල් භාගයේ බැසිල් සේවය කළේ බම්බලපිටිය ‍යුනිටි ප්ලාසා හි පිහිටි ජපන් සමාගමක උපදේශකයකු ලෙසිනි.

    ජපන්නු එදවස ද ජපන් යෙන්වලින් පඩි ගෙව්වේ බැසිල්ට නොව බැසිල් ගේ මොළයටය.

    මහින්ද රාජපක්ෂ 1988 මහ මැතිවරණයට සැරසෙන විට බැසිල් අත ඔහුම සැකසූ A4 ප්‍රමාණයේ පොතක් විය.

    එහි වූයේ අබලන් ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානවල පාරවල් පිළිසකර කරන අන්දම ඇස්තමේන්තු ද සහිතවය.

    ඒ ඇතැම් මාර්ගයක් පිළිසකර කළ විට කනත්තට යන දුර අඩු වූයේ කිලෝමීටර් වලිනි.

    ජන්ද වැටෙන්නේ දහස් ගණනිනි .

    තම දිස්ත්‍රික්කය පිළිබදව හා ගැමියාගේ අවශ්‍යතා පිළිබදව බැසිල් තුල වූ අවබෝධය ට මෙය සරල උදාහරණයක් පමණි.

    රනිල් 30 වතාවටත් වඩා වාර්තාගත වැඩි වාර ගණනක් පරාජයට පත් වුවත් කිසිම දිනෙක වගකීම බාර ගත්තේ නැත.

    අවසානයේ ආසන බිංදුවට වැටුනත් රනිල් පරාජයේ වගකීම බාර ගැනීමට සූදානම් නැත.

    ඒ අතින් ගත් කල බැසිල් යනු ගෞරවාන්විත මිනිසෙකි.

    ඔහු තනිවම පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගිය මිනිසෙකි.

    ඔහු පරාජයේ වගකීම තනිවම බාර ගත්තා පමණක් නොව වසරක් තුල නව පක්ෂයක් පිහිටුවා සිදුවූ වරද ජයග්‍රාහී ලෙස නිවැරැදි කළේ රටේ ප්‍රධානම පක්ෂ දෙක බිමටම වට්ටවමිනි.

    පරාජයේ තනි වගකීම බැසිල් ගත්තද 2015 පරාජයට උරුමකරුවෝ බොහෝ සිටිති.

    කොටි ත්‍රස්තවාදීන්‍ පරාජය කළද මර්වින් සිල්වා වැනි තක්කඩියෙක් පාලනය කරගැනීමට අසමත් වීම එම පරාජයේ ප්‍රධාන සාධකයකි.

    දුමින්ද සිල්වා සිද්ධියෙන් ද එවක රජය අනා ගත්තේ මධ්‍යස්ථ ජන්දදායකයන් විපක්ෂය වෙත ආකර්ෂණය කරවමිනි

    අද ඇමැති නාමල් හැසිරෙන විදියට එදා තරුණ නාමල් හැසිරුණේ නම් එම පරාජය තවත් අවම කරගත හැකිව තිබුණි.

    මහින්දට ළං වූ සියල්ලම මහින්දට ඇති ආදරයට ළං වූ අයම නොවේ.

    (2015 ජනවාරි 8 හැන්දෑවේත් මහින්ද ගේ හැලියේ බත් කකා සිටි සමහරුන් ජනවාරි 9 පාන්දර මෛත්‍රී ළග සිටියේ එබැවිනි.)

    රටේ ප්‍රථම පුරවැසියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගේ සිට සුපර් මාකට්වලින් ගෙදරට බඩු ඇදගෙන ජනාධිපතිතුමා හමුවීමට වේලාවන් ලබාදුන් නිලධාරියා දක්වා මේ පරාජයට වගකිව යුතු විය.

    තම හිතවතුන් ට උසස්වීම් දෙන විට රාජ්‍ය සේවකයින් කළකිරීම වැළැක්වීමට නොහැකිය .

    රාජ්‍ය සේවකයින් කළකිරෙන විට එය තැපැල් ජන්දවලට බලපෑම වැළැක්වීමට නොහැකිය .

    අවසානයේ මේ සියල්ලේ වගකීම දරාගත්තෙ බැසිල් ය.

    ‘අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා හිටං’ යැයි මෛත්‍රී කියද්දී බැසිල් බය වුනේ නැත.

    ඔහු අලුත් පක්ෂයක් බිහිකිරීමේ අභියෝගය බාර ගත්තා පමණක් නොව එය අතිශය ජයග්‍රාහී විලාශයෙන් නිමා කළේය .

    අද බැසිල් නිර්මාණය කළ පක්ෂය ජය පැන් බොයි.

    මෛත්‍රී ඇවිදියි.

    මෙහිදී තවත් යමක් කිව යුතුය .

    ඒ, මතු දවස නායකත්වයට සූදානම් වන නාමල් ටය.

    නාමල් ට බැසිල් බාප්පා ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

    විශේෂයෙන්ම නාමල් වටා සිටින සෙන් තෝමස් කාරයන්ට බැසිල් ගේ කෙස් ගහක තරම් වත් දේශපාලන විඥානයක් නැති බව වටහා ගත් දාට නාමල්ගේ ඉදිරිය වඩා පැහැදිලි වනු ඇත.

    හැම විටම බැසිල් වටා හොඳ කණ්ඩායමක් සිටී.

    ඒ අතර අපතයන් කිහිප දෙනෙකු සිටී.

    මින් සමහරුන් ප්‍රසෙන්ටේෂන් වලින් අන්දන්නන් ය.

    ඔවුන් ට දැන්ම රෙඩ් ලයිට් දමාගෙන මේ ගමන ගියොත් බැසිල් ව නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

    ලංකාවේ දේශපාලන පක්ෂ නහුතයක් තිබේ.

    ඒවාට පක්ෂ නායකයින් නහුතයක් ද සිටී.

    මේ නහුතයක් දේශපාලන පක්ෂවල නහුතයක් වූ නායකයින් සිහිපත් කරගත යුතු එක කරුණක් ඇත.

    එනම්, ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය.

    ReplyDelete
    Replies
    1. 😅ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය- 😅 ඒ කොහොම වෙතත් කකුල් දෙකෙන් එල්ලී නොසිටියොත් ඇති චෞසේස්කු වගේ

      Delete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete
    Replies
    1. හුඟක් සාධාරණ විධිහට ලියල තියෙනවා. මම හිතන්නේ නැහැ මම අනුන්ව වෙනස් කරන්න ලියනවා කියල. මම හුඟක් වෙලාවට මට දැනෙන ඇත්ත ලියනවා. කියවන අය සමහරවිට අකැමැතියි. මේ ලිපියේ සමහර රනිල් ගැන ලිව්ව කරුණු වලට ජවිපෙ සහ පෙරටු යාලුවෝ අකැමතියි. ජවිපෙ සහ චීනය ගැන ලීව ඒවාට යුඇන්පී යාලුවෝ අකමැතියි. හැමෝටම හරියන දේවල් ලියන්න අමාරුයි. මිනිස්සු කල්පනා කරනවනම් ඒ ඇති.

      Delete
  27. ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ.

    එහිදී ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

    එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.

    මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.

    එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.

    ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.

    ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.

    එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

    තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

    නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

    ReplyDelete
    Replies
    1. අවංකව කියනවනම් මේ දවස් වල චීනෙයි රුසියාවයි හිටියත් ඇති. හේ හේ

      Delete
  28. අජිත් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට ලංකාවේ සිසුන් බඳවා ගැනීම නවතා දමා තියෙනවා, එංගලන්තයේ වගේම ස්කොට්ලන්තයේ අයර්ලන්තයේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන් තියෙන ලේටස්ට් තත්ත්වය ගැන?

    මේ නිසා ගොඩක් විදේශ විශ්ව විද්‍යාල වල 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා දැමීමට තීරණය කරලා තියෙනවා ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත්තේ ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වීම නිසා එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනු වී ඇති පසුබිමක ඉතිරි පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය ගැන පැහැදිලි පිළිගත හැකි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව ඔවුන්ට අණ කොට තියෙනවා. ලංකාවේ ඉන්න කට්ටියට පුද්ගලික විශ්ව විද්‍යාල නැහැ, පිටරටවල තියෙන ඒවලින් ඉගෙන ගන්න දෙන්න ඩොලරුත් නැහැ. පේන විදියට නම් ලංකාව එක තැන පල්වෙන්න හේතුව ඊනියා වාමාංශිකයින් සහ ජාතිවාදී බලවේග කියන එක මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕනෑ.

    ඒ වගේම හැම මගුලක්ම රාජ්‍ය ව්‍යවසාය යටතේ තියාගන්න ඕන කියන මෝඩයින් කෑ ගහලා උද්ඝෝෂණය කරලා මාරාන්තික උපවාස කරලා හැමදාම ලංකාවේ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නැවැත්තුවා. ඔය මෝඩයින් පාලනය කරන්න වෙනම අරගලයක් පටන් ගන්න ඕනෑ. එදාට තමයි ලංකාව හදන්න පුළුවන් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ ළමයි ගන්නේ නැහැ දැන්. තාවකාලිකව නතර කරලා තියෙන්නේ. -ඊනියා වාමාංශිකයින් සහ ජාතිවාදී බලවේග - තරමක් දුරට ඇත්ත. ඕක ඉතින් කියල බලන්නකෝ වෙන්නේ මොකද කියල.

      Delete
    2. එංගලන්තයට එනවනම් නීතිඥයෙක් හරහා අයැදුම් කරන්න. ටිකක බලපෑමක් තිබෙනවා. මම දන්න නීතිඥයෙක් කරනවා. කැමති නම් එයාගේ කම්පැනි එකේ ලින්ක් එක දාන්නම්

      Delete
  29. තෙල් ඕනි. මොකටද? වාහනේට. වාහනේට? ඔව් වාහනේට. ඊට අමතරව ඕනා යන්ත්‍ර උපකරණ වැඩ කරන්න. ආ ඇයි මොකක්ද? නෑ. පොදුමේ මෙහෙම ගමු. තෙල් ඕනා මොකටද, ඇන්ජින් දුවවන්න. ඇන්ජින්. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ඔක්කොම අඩංගුයි.

    හැබැයි තෙල් විතරක් තිබ්බට මදි දුවවන්න. යන්ත්‍ර. එංජින්. ඔව්.

    බව්වා පාරක් දාලා සැපේ.

    ReplyDelete
    Replies
    1. තෙල්, යන්ත්‍ර , මැෂින් , කොම්පියුටර් මේ ඕන දෙයක් නැතිව එළදෙනක් හදාගෙන , ගොම පොහොර යොදා වගා කරගෙන ජිවිතේ ගෙනිච්ච හැකි. පෞද්ගලිකව මම නම් කරන්නෙත් නැහැ. ඕනෙත් නැහැ.

      Delete
  30. රනිල් වික්‍රමසිංහ-අජිත් ධර්මකීර්ති හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පක්ෂ සන්නද්ධ අංශය සමග 'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද අපට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන් ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව ඉදිරියේදී පක්ෂ සන්නද්ධ අංශය මගින් කුලී හමුදාවට පහර දී ජනපති මැදුර, කාර්යාලය ඇතුළු සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති රනිල්-අජිත් මිලිටරි ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ නායක අනුර කුමාර මහත්මය ඉන්දියානු තානාපති සමග හම්බ වුනා නේද? තවම අර ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තිය කරනවද

      Delete
    2. ශ්‍රී ලංකා හමුදාවට ගහන එක ලෙහෙසි නැහැ. ඕක කියන්න ගිහින් දෙමල යාලුවන්ගෙන් බැනුම් ඇහුව. අන්තිමට උන් පිලි ගත්ත මම හරි කියල. හමුදාව තමන්ගේ පැත්තේ නැත්නම් ගෙදර ගිහින් බුදිය ගන්න එක තමා හොඳම වැඩේ.

      Delete
  31. ඔන්න අජිත් ධර්මකීර්තිගේ පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය, අන්ත දක්ෂිනාන්ශික විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මිලිටරි මර්ධනය වෛද්‍ය පැතුම් කර්නල් වත් අත්තඩංගුවට අරං. ඔහු ලන්ඩනයේ සිට ලංකාවට පැමිණ සිය මුළු ජිවිතයම කැප කලේ අරගලය වෙනුවෙන්. අවි ආයුධ පැහැරගත් බවට චෝදනා කරමින් ඔහුව හිරේ දාලා.

    පැතුම් කර්නල් මීට කලින් ශ්‍රී ලංකා හමුදාවේ සේවය කෙරු නිසා සන්නද්ධ පුහුණුව සහිත ඔහු තර්ජනයක්‌ විය හැකි නිසයි හිර කරන්නට ඇත්තේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හමුදා මේ වන විට පැතුම් කර්නල්ගේ ගුද මාර්ගයට පයිප්ප බටයක් ඔබා එය තුලින් කටු කම්බියක් ඇතුල් කර, පයිප්ප බටය ඉවත් කර ගුද මාර්ගය තුල ඇති කටු කම්බිය කරකවමින් වධ දෙනවා ඇති.

    හිසට පරාල ඇන ගසනවා ඇති.

    අජිත් ධර්මකීර්ති ඔබ මේ දෙස බලා මර්ධනයට එරෙහිව කිසිවක් නොකර සිටින්නේ කෙසේද?

    අපව පැහැරගෙන ගොස් දින ගනන් ඇගිලි වලින් උඩ එල්ලා තබා පහර දෙන විට ඔබ‍ට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැද්ද සිතට?

    අප ඔබ‍ට කල වරද කුමක්ද? අප කලේ යහපත් රටක් වෙනුවෙන් අරගල කිරීම පමණයි.

    දැන් අපගේ කාඩර්වරුන් අතුරුදහන් කරමින් පවතිනවා මෙම මිලිටරි ජුන්ටාව.

    කොමරේඩ් අලීව අල්ලං ගියා අහස්යාත්‍රාවේදී. ඔහුගේ දෑස් උගුල්ලා මිරිස් දමා පහර දුන්නත් ඔහු අරගලය පාවා දෙන්නේ නෑ සත්තයි.

    මෙලෙස කොමෙන්ට් ඔස්සේ අදහස් පල කරන මාවත් වධකයන්ට අල්වා දීමට අජිත් ධර්මකීර්ති උත්සහ දරාවි.

    අජිත්, උබට පුළුවන් ලොකුම දේ මාව මරලා දාන එක. ඊට එහා දෙයක් උබට බැහැ. කෑලි කපල මැරුවත් විමුක්ති අරගලය අතාරින්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙන්න බැරිද? පැතුම් කර්නර් හිටියේ ගෝට ගේ පැත්තේ කියල. එයාට ඕන වුනේ මහින්දව එළවන්න #ගොටෝගෝහොම් ගෙනාවේ ඒකට උදව්වක් ලෙස. එක මිලිටරි ඉන්ටලිජන්ස් ඒක ගේමක් නෙමයිද ? හැබැයි ඒ ගේම් එකට කෙළවුණේ නිර්පාක්ෂික අය , අන්තරේ හෙම එකතු වුන නිසා. දැන් එයාව ඇතුලට ගන්න ඕනෙමයි අනිත් අයව ගන්න නිසා. එහෙම නෙමෙයිද?.

      Delete
    2. පැතුම්ට සහයට ලියන ලිපි: පැතුම් කර්නර් වයස අවුරුදු 40ක තරුණයෙක්. කැළණියේ උපත ලැබූ පැතුම් දරුවෝ තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා විය. කැළණිය වෙදමුල්ල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන පැතුම් සාමාන්‍ය පෙළ විභාගය ඉහලින් සමත් වීමත් සමඟ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය.
      2001 වසරේ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ප්‍රතිඵලය වාර්තා කරන පැතුම්, 2002 සිට 2008 දක්වා වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි තම අධ්‍යයන කටයුතු සිදුකළේය.
      2008 යුද්ධයේ අවසන් අදියරේදී උතුරට වෛද්‍යවරුන් අවශ්‍ය වීමත් සමඟ ලුතිනන් වරයෙක් වශයෙන් සේවයට බැඳීමට තීරණය කරන පැතුම්, මානුශීය මෙහෙයුම අවසන් වන තුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල පළමු සැරහුම් කුටියේ සේවය කරමින් සිය ගණනක් රණවිරුවන්ට සිය දෑතින් ප්‍රතිකාර කළේය.
      ඊලාම් යුද්ධයේ වෛද්‍යවරයෙකු ලෙස තමා ලැබූ අත්දැකීම් "යුද බිමක වෙද මහිම" නමින් ග්‍රන්ථයක් ලෙසින් පසුව ඔහු විසින් එළිදැක්වීය.
      යුද්ධය අවසන් වීමත් සමඟ තමා වෛද්‍යවරයෙකු වශයෙන් යුද්ධ හමුදාවට ප්‍රවිශ්ඨ වීමට හේතු සාධක වූ කරුණ සපුරා ඇති බැවින් ශ්‍ර්‍රි ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්ව 2010 වසරේදී සිංගප්පූරුව බලා පිටත් වන්නේ සිංගප්පූරුවෙහි රජයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමටයි.
      වගුරු බිමෙන් ඉසුරු පුරට - the lessons from the miracle of singapore " ග්‍රන්ථය ඔහු විසින් රචනා කරනු ලබන්නේ 2018 වසරේදීය.
      විදේශ රටක රෝහලක සේවය කිරීමට වඩා තමන්ගේ මව් රට වෙනුවෙන්, තමන්ගේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් දෙයක් කළ යුතුය යන හැඟීම පැතුම්ට තදින්ම දැනෙන්නට විය. එනිසාම ඔහු සිංගප්පූරුවේ සේවය කරන අතරම, මසකට වරක් ලංකාවට පැමිණ තම පෞද්ගලික ධනය සහ දායකයන් ගෙන් ලද පරිත්‍යාග මුදල් යොදවා නොයෙකුත් සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කළේය.
      මේ අතරතුර පැතුම් පසක් කරගත් කරුණක් නම් ලංකාවේ පවතින බොහෝ ආර්ථික, සමාජයීය, පාරිසරික හා සංවර්ධන ගැටලුවලට දේශපාලන විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය යහපත් වටපිටාවක් ලංකාවේ දේශපාලනය තුළ හිඟ බවත්ය.
      ලංකාවේ අනීතික රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන්, දූෂිත දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් පැතුම් පසු වූයේ දැඩි අප්‍රසාදයකිනි. ඒ අනුව 2017 වසරේදී ජාතික හරිත පෙරමුණ ලෙස ස්වාධීන පක්ෂයක් පිහිටුවා ගනිමින් පැතුම් දේශපාලනයට අවතීර්ණ වන්නේ පවතින දේශපාලනය ක්‍රමයට විරුද්ධව යමින් විසඳුම් සෙවීම සඳහායි.
      ජාතික හරිත පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ සැබෑ දේශහිතෛශී තවත් තරුණ නායකයින් එකතුවන්නට විය. ඔවුන්ට නායකත්වය සපයමින් පැතුම් රටවටා විවිධ ව්‍යාපෘති දියත් කරන්නට විය.
      ●ජාතික හරිත සංකල්පය අනුව යමින් 70,000කට අධික පැල සංඛ්‍යාවක් රටේ විවිධ ප්‍රදේශයන්හි රෝපණය කිරීම සිදුවිය.
      ●ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තම දහදිය මහන්සියෙන් ගොඩනැංවීමට දායක විය.
      ●කොරෝනා අවස්තාවෙදී මිලියන ගානක මුදලක PPE, සනීපාරක්ෂක උපකරණ, වියලි ආහාර බෙදාදීම සිදුවිය.
      ●දුෂ්කර පළාත් වල දහස් ගණනක් ගැබිනි මව්වරුනට අවශ්‍ය උපකරණ ලබාදීම සිදුවිය.
      2020 පැවති මහමැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගම්පහෙන් ඉදිරිපත් වන පැතුම් ඡන්ද 5,780ක් ලබා ගනිමින් 6 වැනි ස්ථානයට වැඩිම ජන්ද ප්‍රතිශතය වාර්තා කරනු ලබනුයේ පිලිගත් දේශපාලන පක්ෂ සහ තවත් ස්වාධීන කණ්ඩායම් 20ක් අභිබවමිනි.
      තම බිරිඳ ලද විදේශ ශිෂ්‍යත්වයක් හේතුවෙන් සිය පවුල සමඟ එංගලන්තයට යාමට සිදුවන පැතුම් එංගලන්තයේදී රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීම ආරම්භ කරන අතර ඔහු ලද දැනුම අනුව ශ්‍රීලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අර්බුදය පිලිබඳව සමජ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කරන්නට විය.
      2021.12.31 පැතුම් විසින් නිර්මාණය කල Go Home Gota හෑෂ් ටැග් එකත් සමඟ දහස් ගණනක් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් එක්විය. පවතින දූෂිත පරිපාලනයට එරෙහිව සාමකමී අරගලය දියත් වෙන්නට විය.
      පළමු වතාවට පැතුම් සොයා පොලිස් නිළධාරීන් සිය නිවසට පැමිණෙන්නේ 2022 අප්‍රේල් මාසයේදීය. පැතුම් ඒවන විටත් එංගලන්තයේ සිටි බැවින් Go Home Gota සමාජ මාධ්‍ය සමූහයේ group admin පොලිස් අත්අඩංගුවට ගැනිණි.
      පැතුම්ට විවිධ පාර්ශවයන්ගෙන් ජීවිත තර්ජන ඇතිවන්නට වීමත්, තම මවු රටේ ජනතාව වෙනුවෙන් සාමකාමී අරගලයේ හවුල්කරුවෙකු වීමට තිබූ දැඩි අවශ්‍යතාවයත් නිසා නැවත ලංකාවට පැමිණි පැතුම් රටපුරා යමින් විටක ජනතාව දැනුවත් කරමින්, විටක ජ්‍යාත්‍යන්තරය දැනුවත් කරමින් හදවතේ අරගලය දිනවන්නට රටේ අහිංසක මිනිසුන් දිනවන්නට එසේ කැපවිය.
      ඔහු,
      තරුණයෙක්...
      වෛද්‍යවරයෙක්...
      රණවිරුවෙක්...
      පරිසරවේදියෙක්...
      ග්‍රන්ථ රචකයෙක්...
      කථිකයෙක්...
      දුප්පතුන්ගේ හිතවතෙක්...
      මානව හිතවාදියෙක්...
      මේ ලක් මහ පොළොවට ආදරය කරන සැබෑ මනුස්සයෙක්...
      පැතුම් කර්නර් තම රට වෙනුවෙන්, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි වරදට අද වන විට අනීතික ලෙස අත්අඩංගුවට පත්ව ඇත.

      Delete
  32. අපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්ඩම් ඩිමොක්‍රසි හෙවත් ජනමත ප්‍රජාතන්ත්‍රවාදය සහ රෙප්‍රසන්ටේෂන්ල් ඩිමොක්‍රසි හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක්. පාරෙ ඉන්න පිරිස විශ්වාස කරනවා ඒ අයට ජනමතය තියෙනවා කියල. චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය පිරිස විශ්වාස කරනවා ඒ අය ජන මතය නියෝජනය කරනවා කියල. බලය දියවන්නාවෙන් එලියට ගන්න හදන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පිරිස්.

    මම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා මගේ උත්සාහය පාර්ලිමේන්තුව ඇතුලෙ ප්‍රශ්න විසදන්න. නිශ්චිත කාලයකට පස්සෙ මැතිවරණ පවත්වන්න. පාරෙ මතය ජනමතය විදිහට ගැනීම මුළාවක් වගේම භයානකයි කියන එකයි මගේ අදහස. හැම කෙනෙකුටම උවමනා විදිහට රටක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මගේ කැමැත්ත යම් පිලිගත් නියෝජිත පිරිසක් අපව නියෝජනය කරන ක්‍රමයයි. ඒ අය අසාර්ථක නම් අපිට ඊලග වාරයේ ඔවුන් මාරු කළ හැකියි. ඔවුන්ගේ වැරදි තීරණ වෙනුවෙන් ඔවුන්ට ඊලග අවස්තාව අහිමි වන අතර අපගේ වැරදි තීරණය වෙනුවෙන් අපට එකග වූ නිශ්චිත කාලය දරාගැනීමට සිදුවෙනවා.

    මේ අතර ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයක් ගැනත් කතාවෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නවා කියන්නෙම ප්‍රභූ නැත්තං එලිටිසම් එකක් පිලිගන්නවා කියන එක. තෝරා ගත් පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රභූවාදයේ පදනම. ඒක නරක දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්. ප්‍රභූවාදයට විරුද්ධ නිර්ප්‍රභූ අරගල කියන්නෙ තමන් වෙත ප්‍රභූත්වය පවරා ගැනීමේ වෑයමකට වැඩි යමක් නෙමෙයි.

    උදා විදිහට පාරට බැහැපු පිරිස් විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් තෝරාගත් පිරිස ඒ අය කියල. ඒ අය විසින් විවිධ නීති පනවනවා. සමහර අයව තහනම් කරනවා, දඩුවම් නියම කරනවා. රූපවාහිනී නාලිකා අතපත් කරගන්නවා. ඒ අය ස්වයං ප්‍රභූත්වයක් බුක්ති විදිනවා. මේ නිර්ප්‍රභූ වෙස්ගත් ප්‍රභූත්වයට වඩා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභූත්වය ඩිමොක්‍රටික් කියල මං හිතනවා.

    ReplyDelete
    Replies
    1. පනස් දාහකට වැඩිය සෙනගක් එළියට බැස්සොත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එතනින්ම අවසන් වෙනවා. ජුලි 9 වුනේ ඒක. ලංකාවේ මෝඩ වාමංශික පක්ෂ දෙකක් තියෙන නිසා ඔවුන් බලය ගත්තේ නැහැ. ඒක වෙනම දෙයක්. මිනිසුන් එලියට බැස්සොත් ඒ අයට ආණ්ඩු බලයක් පිහිටුවන්න පුළුවන්. ලෝක ඉතිහාසයේ හුඟක් තැන් වල ඒක වෙලා තියෙනවා. මම පෞද්ගලිකව ඒකට කැමැත්ත දක්වන්නේ නැහැ. මොකද එයින් පොල්පොට් ක්‍රමයක් වුනත් එන්න පුළුවන් නිසා. නමුත් ඒ වගේ දේ වෙන්න පුළුවන්.

      Delete
  33. මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!

    "පැතුම් කර්නර් කියන්නේ මට මගෙ පක්ෂයේ නායකයා විතරක් නොවේ"

    "අපේ බැඳීම හදවත් වල"

    ඔහුගේ වචන වලින්ම කිව්වොත්,

    තාරුකටයි පැතුම්ටයි පුලුවන්,

    “ඕනෑම සතුරකුට විරුද්ධව පිටට පිට තියාගන විස්වාසයෙන් සටන් කරන්න”

    අපි ජයග්‍රහණය කරන බව ඔහුටත් මටත් විශ්වාසයි.

    "ඔහු නිසා මා හෝ මා නිසා ඔහු ලද කිසිඳු භෞතික ප්‍රතිලාභයක් නැත"

    නමුත් මාගේ පියාණන්ගෙන් පසු ලේ බැඳීමක් ඇති
    සහෝදරයෙකු ලෙස ඔහුගෙන් ලැබූ මානුශීය දායද ඇත.

    අපේ කුඹුරු යාය ලග ස්ලැබ් එක උඩ වාඩි වෙලා ඔහු කී වචන
    මට තවමත් මතක ය.

    තාරු,

    අපේ අම්මා මම යුද්ධෙට යනකොට මෙහෙමයි කිව්වෙ,

    “මට උඹව නවත්තන්න බෑ පැතුම්, යුද්ධෙට යන හැම දකුණෙ කොල්ලෙක්වම අම්මලා නැවැත්තුවොත්?

    මේ රට බේරගන්න වෙන කොහෙන්වත් එන්නෙ නෑ,

    රටේම ඉන්න අපිටමයි ඒ කැපකිර්‍රීම කරන්න වෙන්නේ"

    එදා තමයි ඔහු මට කියන්නේ,

    "මේ රට වෙනස් කරන්න ඕන බන්
    මිනිස්සු විඳවන එකෙන් ගොඩ ගන්නම ඕන.
    ඒකට මට උඹව ඕන"

    ලංකාවේ දේශපාලනය තිත්ත මම පක්ෂයකට එන්න
    එකඟ උනේ එදා.

    මුදල් සහ තනතුරු, මගේ දෑස් ඉදිරියේම ප්‍රතික්ෂේප කරපු නුඹ මට වීරයෙක් පැතුම්.

    අපි කොහොමහරි පාර්ලිමේන්තු යන්න නෙමේ තාරු ඕන,
    රට හදන්න පුලුවන් පාරේ පාර්ලිමේන්තු ‍යන්නයි ඕන.

    ඒ නිසා අපි මේ සටන කරමු.

    "වෙඩි කන්න, හිරේ යන්න, චරිතය විනාස කරගන්න ලෑස්ති වෙලා වරෙන්"

    ඔහු ලක්මව වෙනුවෙන් කළ සේවය නිසාම අද සිරගතව ඇත.

    👉 මානුශීය මෙහෙයුම අවසන් වනතුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල, පළමු සැරහුම් කුටියේ සේවය කරමින් රණවිරුවෝ බේරාගත් දෑත් වලට,

    👉 ලක් මහපොළොව මත පැළ 70,000ක් දායාද කරපු දෑත් වලට,

    👉ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තමන්ගෙ දහදිය මහන්සියෙන් හදපු දෑත් වලට,

    👉 කොරෝනාවේ මිලියන ගානක මුදලක PPE , සනීපාරක්ෂක උපකරණ , වියළි ආහාර බෙදපු දෑත් වලට,

    👉දහස් ගානක් දුෂ්කර පළාත් වල ගැබිණි අම්මලාට අවශ්‍ය උපකරණ දුන් දෑත්වලට,

    👉 උතුරේ දෙමළ ජනයාට සැබෑ සහජීවනය අරන් ගිය දෑත් වලට
    ලක්ෂ ගානක් මිනිස්සු දැනුමෙන් සන්නද්ධ කළ මිනිසාගේ දෑත්වලට,

    👉ආර්ථික අර්බුදය එක්ක ලෝකයේ ඕනෑම රටක නිර්මාණය වන අරගලය සාමකාමී කරන මොඩල් එක හදපු දෑත්වලට,

    මාංචු දාන්න. නිහඩ කරවන්න.

    "නුඹලා බලාපොරොත්තු වන සිහින දේශය නිර්මාණය වේවි"

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    ඔහු වෙනුවෙන් සහ අනෙක් සියළු අරගලකරුවන් වෙනුවෙන්
    පෙනී සිටින්න.

    ReplyDelete
    Replies
    1. එයා පෙරටුගාමී පක්ෂයට බැඳුනේ නැත්තේ ඇයි

      Delete
  34. තේරෙන්නේ නෑ අප්පච්චි මොනවා කරන්නද කියලා

    ReplyDelete
    Replies
    1. අප්පච්චි දැන් මැද මුලනෙද රොස්මිඩ් වලද

      Delete
  35. ඇයි අපිව පැහැරගෙන ගොසින් මරා දමන්නේ අජිත්?

    ReplyDelete
    Replies
    1. කවුරු හරි එහම කරනවද?

      Delete
  36. පුබුදු ඉන්දික පෙරේරා කියන තරුණයා හේවාගම ෂෙඩ් එකේදී මනුස්සයෙක්ට ගහනවා වීඩියෝ කරලා.
    එයාව අල්ලගෙන මාංචු දාලා ඉන්දවලා ගහලා වීඩියෝ ඩිලීට් කරන්න ෆෝන් එක අන්ලොක් කරපන් කියලා. පුබුදු අන්ලොක් කරලා නෑ. පුබුදු තමන් සතු අයිතීන් වෙනුවෙන් ලීගලි ෆයිට් කරන්න ලෑස්තියි.
    Update - පුබුදුගේ ප්‍රකාශය
    සිදුවීම වුනේ 26 රාත්‍රී 9ට ආසන්න වෙලාවක. මම ශෙඩ් එකට ගියේ 25 රාත්‍රී 8 30ත් 9ත් අතර වෙලාවක. මම පහුවදා වෙනකොට හිටියේ පෝලිමේ පලමු 90ට ආසන්න හරියේ.
    හවස 6600L පැමිනීමෙන් පසුව මම ශෙඩ් එකට 5වන තැනට ආසන්න වනවිට පෙට්රල් ඉවර බව පවසමින් පොලිස් SI වරයෙක් සහ සිවිල් ඇදුමින් සැරසී සිටි කිහිප දෙනෙක් පිරිස විසුරුවා හැරීමට උත්සාහ කරා.
    මම ශෙඩ් එක අසලට යන විට මට වාහන දෙකකට විතර ඉදිරියෙන් සිටි අවුරුදු 40ක විතර සහෝදරයෙක් තෙල් ඉල්ලා වචන හුවමාරුවක් සිදුවුනා. ඔහු කතා කරේ ආවේගයන් වුනත් නිළ ඇදුමට නිසි ලෙස ගරුකරමින්. ක්ෂණිකව ක්‍රියාත්මක වුන සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසක් සහ යුනිෆෝම් ඇදගත් පොලිස් නිළදාරියෙක් ඔහුට පහර දෙමින් ඇතුලට ඇදගෙන ගියා.
    මම හිටියේ ඊට ටිකක් දුරින් පිරිස අතර. මම වහාම සිදුවීම් ජංගම දුරකථනය ගෙන වීඩියෝ කරන්න පටන්ගත්තා. ඒ සමග ක්‍රියාත්මක වූ අසල සෙනග අතර සිටි සිවිල් ඇදුමින් සැරසුන දෙදෙනෙක් මගේ පසුපසින් විත් මා අල්ලාගෙන ජංගම දුරකථනය උදුරාගන්න උත්සාහ කරද්දී මම එය ලොක් කර පසු පස සිටි සෙනග දෙසට දුරකතනය විසි කරා.
    ඒ සමග මාවත් ශෙඩ් එක ඇතුලට ඇදගෙන ගිහින් මාංචු දැමූවා. ඒ වනතුරු ඔවුන් පොලිස්සිය බව මා දැනුවත් නෑ. විනාඩි දෙක තුනකට පසුව ඔවුන් දුරකථනයත් සොයාගෙන තිබෙනවා. ඒ වනවිට මමත් වචන හුවමාරුව සිදුවූ පුද්ගලයාත්, ඔහුව බේරාගැනීමට කෑ ගැසූ පසු දින තෙල් ලබාගැනීමට පෝලිමට පැමිණි අයෙකුත් එකට තබා මාංචු දමා බිම වාඩි කරවා සිවිල් ඇදුමින් සිටි නිළදාරියෙක් කුණු හරුපයෙන් බනිමින් මගේ හිසට පහර දුන්නා. අනික් දෙදෙනාටත් පහරක් හෝ දෙකක් ඒ අතරේ එල්ල වුනා. එම සිවිල් ඇදුමින් සිටි අය අතරින් බොහොමයක් ඒ වනවිටත් බීමතින් සිටි බව අපට සහතිකයි. සාක්කුවේ තිබුන අනික් දුරකථනය රහසින් ගෙන ඒ වනවිටත් වාහනයේ සිටි මගේ හිතවතාට ඇමතුමක් දෙන බව දුටු ඔවුන් එයත් උදුරා ගන්නවා.
    විසි කල දුරකථනය මගේ යැයි ඔප්පු කිරීමට ඔවුන්ට අන්ලොක් කර දෙන ලෙස පැවැසුවත් මම කිසිම හේතුවකට මගේ නීතීඥ සහය නොමැතිව අන්ලොක් කිරීම ප්‍රතික්ෂේප කරා.
    අපි තිදෙනා කඩුවෙල පොලිස්සියට ගෙනැවිත් කලිසම් බෙල්ට් උපැස් පාවහන්, ඉන බැදි මුදල් දැමූ කුඩා පවු්ච එක, වාහනයේ යතුර ඉවත් කර කූඩුවට දමූ පසුවත්, නැවතත් දුරකතනය අන්ලොක් කරන්න කියුවත් මම ප්‍රතික්ෂේප කරා. ඔවූන් සෑහෙන වාරයක් අන්ලොක් කරගන්න උත්සාහ කරනවා මම දුටුවා.
    "වීඩියෝ කරන්න උඹ මහ චන්ඩියෙක්ද? කඩුවෙල පොලිස්සිය වැඩ කරන්නේ උඹලා හිතන විදියට නෙමෙයි. බලපන් උඹ දවස් 14ක් ඇතුලට ගියාම වෙන දේ" කියමින් දිගින් දිගටම මට තර්ජනය කරා.
    මගේම සහෝදරිය නීතීඥයෙක් බැවින් සැකකරුවෙකු සතු අයිතිය ගැන හොදින් අවබෝධයක් ඇති මම ඉල්ලා සිටියා නීතීඥයෙක් සම්බන්ධ කරගන්න හෝ නිවසට පණිවිඩයක් දෙන්න. නමුත් ඔවූන් නැවතත් කුණුහරුපයෙන් බැන වැදුනා මිස මට කිසිම අවස්ථාවක් දුන්නෑ. OIC ට කතා කරන්න ඉල්ලුවත් අපි තිදෙනාටම කිසිම අවස්ථාවක් දුන්නෑ.
    පසුව දැනගත් පරිදි එම සිද්ධියට පසු නැවත පැයකට අධික කාලයක් වාහන 30කට වැඩි ප්‍රමාණයකට තෙල් ගසා තිබෙනවා. පොලිස්සියද ඒ බව අපිට ප්‍රකාෂ කරා. අප හිතවතුන් විසින් ඇරස්ට් කරපු අපේ වාහන දෙකකට තෙල් ගසා ගැනීමටත් සමත් වෙනවා.
    අවසානයේ පළමු චූදිතයා වුනේ මම. මට පසුවදා පාන්දර පැමිණි පුද්ගලයෙකු සමග වචන කිහිපයක් කතා කිරීමට ලැබුන අවස්ථාව හරහා සහෝදරියට පණිවිඩයක් යැවීමට හැකි වූනා. ඒ වෙනතුරු මා බලන්න පැමිණි අයට මාහා කතා කිරීමට වත් අවසර ලැබෙන්නෑ.
    උදෑසන මගේ කට උත්තරයක් ලෙස ලියූ ලියැවිල්ලකට මට පැහෑදිලි කිරීමකින්, කියවීමට අවස්ථාවක් හෝ මගේ උපැස් යුවල වත් නොදී කූඩුවේ සිටියදීම බලෙන් අත්සන් ගන්නවා. මම ඊට නොකියවා අත්සන් කිරීමට විරුද්ධවූ විට "උසාවියට ගිහින් කියපං උඹට කියවන්න දුන්නෑ" කියලා නැවත කුණුහරුපයෙන් බනිමින් තර්ජනය කර අත්සන ලබාගැනීමට කටයුතු කරනවා.
    අවසානයේ මගේ සහෝදරියගේ සහ මා හිතවත් පිරිස මැදිහත් වීමෙන් මට පැය 13කට ආසන්න කාලයකට පසු 27වන දින දවල් 11ට පමණ පොලිස් ඇප හිමිවෙනවා. එම අවස්ථාවේ නැවත මගේ දුරකථන දෙකම මට හිමි වෙනවා.
    සියළු සාක්ෂි ලොව පුරා විසිරි පුද්ගලයන් කිහිප දෙනෙකු අත සුරක්ෂිත කර ඇති අතර මාගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග වලට ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  37. අජිත් ධර්මකීර්ති මහත්මයා සහය දක්වන ජෙනරාල් සරත් ෆොන්සේකා කියනවා ලබන නම වෙනිදා ගෝල්ෆේස් ඇවිත් අරගලය අවසන් මෙහෙයුම පටන් ගන්න කියලා.

    සන්නද්ධ හමුදා වලටත් දැනුම් දෙනවා කැරලිකරුවන්ට වෙඩි තැබීමේ නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා

    කරුණාකර අජිත් මහත්මයා මට කියන්න පුළුවන්ද ඔබගේ දේශපාලන න්‍යාචාර්ය ජෙනරාල් ෆොන්සේකා මහත්මයා මොකක්ද කරන්න හදන්නේ කියලා.

    පෙරටුගාමී පක්ෂයේ නායකයා කුමාර් ගුණරත්නම් මහත්මයාවභීෂණ සමයේ හමුදා අත්තඩංගුවට පත් උනාම මරණින් බේරා ගත්තේ ජෙනරාල් ෆොන්සේකා නිසා ඔවුන් දැන් එකතුව රටේ බලය අල්ල ගන්නද යන්නේ?

    ජෙනරාල් ෆොන්සේකා මහත්මයා, කුමාර් මහත්මයා එහෙම හොදට මිනී මරන්න දන්නා අය නිසා කී දාහක් මරයිද මේ පාර?

    අජිත් මහත්මයා ඇයි මේ වගේ මිනීමරු, රුධිර පිපාසිත ඝාතකයන්ට සහය දක්වන්නේ?

    ReplyDelete
    Replies
    1. මට දේශපාලන න්‍යාචාර්ය කෙනෙක් නැහැනේ. සාමාන්‍යයෙන් දීප්ති ගේ ඒවා තමා කියවන්නේ. ජෙනරාල් ෆොන්සේකා මහත්මයා ට නම් ඕනෑවෙයි කෙනෙක්. ඕක ලේ විලක් වෙන්නේ රනිල් දක්වන ප්‍රතිවිරෝධය මත. කටත් කරගෙන ප්‍රශං විසඳන එක තමා හොඳම.

      Delete
  38. අජිත් ධර්මකීර්ති මොකක්ද බං මේ කරන වැඩේ? තොපට ලජ්ජා නැද්ද තවත් කඩේ යන්නේ රනිල් හාමුට?

    ඔන්න මර්ධනය ත්වුර කරයි.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයට පොලිසිය කඩාපනී !

    නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද (29) උදෑසන හදිසියේ පොලිස් කණ්ඩායමක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.

    වරෙන්තුවක් පවා නොමැතිව බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් කණ්ඩායම පක්ෂ කාර්යාලය තුළ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බවයි එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ.

    ReplyDelete
    Replies
    1. කුමාර් ගුණරත්නම් කීව නේද අරගලයට පිටින් ගිහින් බලය ගන්න ඕනේ කියල. ඒව කියන කොට "මර්දනයක්" එයි කියන අදහස තියෙන්න ඇති නේද? මර්දනය තිබෙන තරමට තමයි පක්ෂයට තැනක් තියෙන්නේ. එහෙම නෙමෙයිද?https://www.facebook.com/frontlinesocialist/videos/428943022456065/

      Delete
    2. කාටවත් කඩේ යනවට වඩා ඇනෝ මම කරන්නේ ඇත්ත ලියන එක. වැහිලා තියෙන, සමහරු ඕන කමින් වහන ඇත්ත ලියන එක. ඔයාලගේ කුමාර් කලින් හිටියේ ජවිපෙ. ඒ ජවිපෙ තමා පාඨලී එක්ක මහින්ද ගෙනාවේ. ඕව ඇත්තනේ . අදත් ජවිපෙ කට්ටිය කියන්නේ රට බේරා ගන්න ගෙනාව කියාල. නය අරගෙන යුද්ධ කළා. ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සු හිතන්නේ ඒක හරි කියල. හැබැයි ඒ කාලේ රනිල් හරි. උඹල වැරදියි. අද රනිල් වැරදියි ඒ මහින්දල එක්ක එකතු වෙනකොට. උඹල තරමක් දුරට හරි. ඔය දේශපාලනය තමයි මම මේ මතක් කරන්නේ. අන්න විරවන්ෂත් එකතු වෙන්න යනවා. මටනම් උඹල ඔක්කොම එක කාලෙක දී වැරදියි. දැන්වත් හැදියල්ල ඉතිහාසය දිහා බලල. ශ්‍රීපති සුරිය ආරච්චි ගේ කාරෙක හදිසියේ ගහක වැදිලා පොර මැරුණේ ඇයි?

      Delete
    3. https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02y2yHM1s2NouSUbhG6nSBQTaJM5kEfryvmx5WEwTxBN4dnFqtK86V1Grnj6MJ5ztyl&id=100069116005195

      Delete
  39. ජූනි මාසයේ නවතම භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2ක් වෙලා. ඒ ගැන සතුටුයි වගේ ම කණගාටුයි. ලංකා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම ලැබුණෙ 2021 වසරේ. ආදායම ඩොලර් බිලියන 12.5යි. හැම සතියෙම අපනයනකරුවන් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීම් තියල, අනිත් පැත්තෙන් තානාපතිල 63ක් මුණ ගැහිල අලුතින් සොයාගත් වෙළඳපොල නිසයි මේ වැඩි වීම වෙන්නෙ. කවුරු කෙසේ කීවත් බැසිල් රාජපක්ෂ රට ගොඩ නැගීම ගැන විස්වාසය තිබ්බෙ මේ තිරසාර මාර්ගය ඔස්සෙ. ඇත්තටම මීට එහා එකක් නැ. තියෙනව නම් කියන්න. ණය ටික ගෙවාගෙන, අපනයන ආදායම වැඩි කරගෙන, ස්ව ශක්තියෙන් ගමන් කරපු මාර්ගය තමා අවලස්සන ඇමරිකානුවා කියල, කපුටා කියල මේ රටේ මිනිස්සු ම විනාශ කර ගත්තෙ.

    ඉහත දිගුකාලීන සැලසුම ට්‍රැක් එකට වැටෙනකල් තමා ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලගත්තෙ. පස්සෙ ඒක ඉවර වෙනකොට ම IMf ණය ලැබෙන්න තිබුණා. බලන්න කොතරම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ද කියල. ඒක විනාශ කිරීමට ගෝඨාභයත් වගකියන්න ඕන. රිදුනෙ බැසිල්ට නෙමෙයි, රටටම. මේ මග ගියා නම් නැගිටින්න තිබුණේ අලුත්ම රටක්. ණය නැති රටක්.

    මතක තියා ගන්න IMf ගියත් අපට ලැබෙන්නෙ ඩොලර් බිලියන 3යි. අපේ ප්‍රශ්න විසඳන්න ඒක ගෑවෙන්නවත් මදි. මාස තුනක භාණ්ඩ අපනයන ආදායම. සංචාරක ගලා ඒම්, අනෙත් පැත්තෙන් IT, රෙමිටන්ස් මේ සේරම සැලසුම් කරල තිබ්බෙ 2022 ඩොලර් බිලියන 30ක් රටට එන විදියට. හැබැයි ඒ ණයත් ⁣ගෙවාගෙන (ඩි⁣ෆෝල්ට් නොවී), රටේ කීර්තියත් රැකගෙන.

    අද අපි බංකොාලොත් ලේබලය ගහගෙන. ඩොලර් බිලියන 3ක් ගන්න IMF එකේ ඕනෑම කොන්දේසියකට යටත් වෙන තැනට පත් කරලා. ලෝක බැංකුව විසින් අද නිකුත් කරල තියෙන නිවේදනයට අනුව, අපේ සාර්ව ආර්ථික ස්ථාවරය හදා ගන්න කල් මුදල් දෙන්නෙ නැහැ කියල. මේ නොකියා කියන්නෙ IMF ණය අනුමත වෙනකල් ඉන්න කියල. හැබැයි IMf ණය අපට ලැබෙන්නෙ චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුනොත් විතරයි. චීනය ඒකට කැමති නැහැ කියල පැහැදිලි ව කියල තියෙද්දි තමා නන්දලාල්-සබ්‍රි-හර්ෂ ත්‍රිත්වය ඒක පාර්ශවිකව ණය නොගෙවන තීරණය අනීතික ව ගත්තෙ. ඒකට සමාජ ඉල්ලුම ඊනියා අරගලය විසින් හැදුවා. කෝ අද ණය නොගෙව්ව කියල අපට තෙල් බෙහෙත් ගන්න ඩොලර් ඉතිරි වෙලාද? නැහැ. ණය නොගෙවන තීන්දුවට පස්සෙ ලංකාවේ ව්‍යාපෘතිවලට එවපු ඩොලර් ටික පවා විදේශ රටවල් විසින් අකුල ගත්තා. ණය නොගෙවන රටකට ණය දෙන්න බැහැ. නීති විරෝධීයි.

    ඒ මොක වුනත් චීනය අකමැති නම් අපට IMf ණය දෙන්නෙත් නැහැ. හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ අපට දැන් Plan B එකක් ද නැතිවීමයි.

    මේ තත්වය පුරෝකථනය කරල තමා බැසිල් රාජපක්ෂ රට ශක්තිමත් තැනක තියාගෙන IMF යන්න ගියේ. මොකද නැත්නම් මේ අය අපේ බෙල්ලම මිරිකනවා. දැන් සිදු වෙමින් තියෙන්නෙ ඒක.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉතින් ඕකට බනින්න ඕනේ අර විමල් විරවංශ , ගම්මන්පිල කියන අති දක්ෂ ඉතා නුවණැති මහත්වරු දෙන්නටයි , වියත් මගටයි තව විපක්ෂයේ කිහිප දෙනෙකුටයි නේ , ආ, චීන වාමාංශිකයන්ට එහෙම. හැබැයි ඉතින් ඔය දත්ත නිවරදිද කියන්න දන්නේ නැහැ, මුලාශ්‍රය දෙන්න බලන්න අපනයන ආදායම ගැන

      Delete
  40. මේ කතාව සමාජයට එකතු කළ යුතුයි, මේ සිද්ධිය සිදුවෙන්නෙ 2011-2014 කාලෙදි. ඌව වෙල්ලස්සෙ රවීන්ද්‍ර දේශප්‍රිය ආචාර්යවරයෙ වටා, ඔහු තමුන්ගෙ සිසුවියක් එක්ක සම්බන්ධතාවක් පවත්වනවා. දිනක් දෙදෙනා යන වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඒ සිසුවිය මිය යනවා. දෙදෙනා අතර සිදුවූ රහසක් මකන්නට හිතාමතා ඒ අනතුර සිදුකළ බව කිව්වත් ඒකට සාක්ෂි මට හමුව නැහැ. කෙසේ හෝ මේ කතන්දරේ අග මුල ආරංචි වෙච්ච, රජරට පළාතේ ගෙවල් තිබ්බ අර සිසුවියගෙ අවමඟුලට නෑදෑයෙක්වත් සහභාගි වෙන්නෙ නෑ. අන්තිමට විශ්වවිද්‍යාලෙන් තමුන්ගෙ බැචීගෙ අවමඟුලට යන ළමයිටම තමයි මළගෙදරට අවශ්‍ය වෙන සීනි තේ කොළ බිස්කට් ටික පවා අරන් යන්න වෙන්නෙ. ඒ තරම් ප්‍රතික්ෂේප වීමක් ඒ ගමෙන් ඒ පවුලටම ඇතිවුණා.

    ලස්සනම කතාව පටන් ගන්නෙ ඉන් පස්සෙ. ලංකාවෙ ඉන්න දක්ෂ, සෘජු පරිපාලකයෙක් ලෙස හැඳින්විය හැකි, අදටත් රජයේ පර්යේෂණායතනයක ප්‍රධානියෙක් විදිහට සේවය කරන එවකට සිටි, ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින්, මේ දූෂිත විවාහක ආචාර්යවරයා සේවයෙන් ඉවත් කරනවා. ඉවත් කිරීමෙන් පමණක් නොනවතින, ඒ උපකුලපතිවරයා තමුන් එහි සේවය කරන කාලය තුළ, මොහුට ලංකාවෙ කිසිම විශ්වවිද්‍යාලයක සේවයට එකතු වෙන්න ඉඩ නොදෙන්නෙ, ඔහු ඉල්ලුම් කරන සෑම විශ්වවිද්‍යාල පත්වීමකදීම, අදාළ සරසවි පාලනාධිකාරියට මොහුගේ කල්ක්‍රියාව ගැන දැන්වීමෙන්. පසුව කලක් වෙනත් රාජ්‍ය ආයතනයක පර්යේෂණ සේවය කරන මේ තරුණ රවීන්ද්‍ර දේශප්‍රිය ආචාර්යවරයා, ඉහත කී උපකුලපතිවරයාගෙන් පසු වසර කීපයක ඇවෑමෙන් යළිත්, අවකල් ක්‍රියා හේතුවෙන් තමුන් සේවයෙන් පහකළ විශ්විද්‍යාලයේ සේවයටම එකතු වෙන්නෙ ජේ‍ය්ෂ්ඨ ආචාර්යවරයෙක් විදිහටයි. අද දරුවො දෙන්නෙකුත් සමඟ සතුටින් ගත කරන අදාළ ආචාර්යවරයා, සරසවි ආචාර්යවරයෙක් ලෙස සියළුම වරප්‍රසාද විඳිමින් ඉන්නෙ, තමුන්ගෙ දරුවා උපාධිය අරගෙන පවුල ගොඩදායි කියලා හිතපු අර දුප්පත් සිසුවියගෙ පවුලට බරපතළ අසාධාරණයක් සිදුකරලයි. ඒ සිසුවියගෙ බැච් එකේ හිටපු උන් අද බැඳලා, ළමයි හදාගෙන, ජොබ් කරමින් ඉන්නවා. උන් මේ කතාවට සාක්ෂි දරාවි.

    මොන වරද කරත් "තමුන්ගෙ එකා" ආරක්ෂා කරන ගතිය ලංකාවෙ උගත් බුද්ධිමතුන් අතරත් තියෙනවා. අර රංජා කියන එක හරි, උන් ඔක්කොම යාළුවො මල්ලි.

    ReplyDelete
    Replies
    1. මම දන්නා මහාචාර්ය කෙනෙක්හිටිය කරුණාදාස කියල. ඒ යකම මට කියල තියෙනවා විශ්ව අවිද්යාලේ ගැහැණු ළමයින් අපයෝජනය කරපු හැටි. මම හිතුවේ බොරු කියල. පස්සේ දැන ගත්ත ඇත්ත කියල. ප්‍රේමදාස ගාව කලක් ඉඳල පස්සේ රාජපක්ෂ ලට හේත්තු වුනා

      Delete
  41. ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන් රනිල් පැන්නීමටය. දැන් ‘අරගලයේ’ පියා බව පෙනෙන සරත් ෆොන්සේකා අගෝස්තු 9 දින පැමිණ වත්මන් ආණ්ඩුව ද පන්නා දමන්නැයි තම අරගල ‘දරුවන්ගෙන්’ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. එසේ පැන්නීමෙන් පසු රටේ නායකත්වයට පත්විය යුතු හොඳම පුද්ගලයා ඔහුට අනුව නම් ඔහුම විය යුතුය. අරගලකරුවන් ඔහු බලයට පත්කළ පසු ඔවුන්ට සිදුවන්නට ඉඩ තිබෙන්නේ නිකම්ම නිකම් කලවැද්දන් බවට පත්වීමට විය හැකිය. කෙසේ වෙතත්, සරත් ෆොන්සේකාට රට ගොඩගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙල තබා ඔහුට සිටින කණ්ඩායමවත් කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඔහු පවත්වන කතාවල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කළ නොහැකි වීම ඔහුට වාසිදායකය.

    අරගලය ‘සාමකාමී අරගලයක්’ ලෙස වරනැගීමක් තිබෙන අතර ඇමරිකා, කැනඩා තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවා එය එසේ යයි සිතන බවක් ඇතැම් ට්විටර් පණිවුඩවලින් පෙනිණි. එහෙත්, ‘සාමකාමී අරගලය’ යනු පැනඩෝල් වැනි වෙළඳ සන්නාමයකි. අරගලය යන ක්‍රියාකාරීත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලුගසා මරාදැමීම, තවත් මන්ත්‍රීවරයකුට ඒ අන්දමින්ම පහරදීම හා නිවාස රාශියක් ගිනිතබා විනාශ කිරීම ද, තවත් දේපළ රැසකට කළ හානි ද තිබේ.

    අරගලය ‘කැරැල්ලක්’ ලෙස හැඳින්වීමට කැමති අය ද සිටිති. එහෙත්, සාධාරණව කල්පනා කර බැලූ විට සමස්ත අරගලය කැරැල්ලක් වන්නේ ද නැත. කිසිදු කැරැල්ලක් නායකත්වයකින් තොරව පවතින්නේ නැත. ස්වයං සිද්ධව පැනනැගුණ කැරැලිවලට පවා අවසානයේදී හෝ නායකත්වයක බලපෑම ඇතිවේ. මෙහි එවැනි වගකීම් භාරගැනීමක් නැත.

    එහි ‘මොබ් ප්‍රචණ්ඩත්වයන්’ මාලාවක් තිබිණි. එහෙත්, සමස්ත අරගලය ‘මොබ් ප්‍රචණ්ඩත්වයට’ ඌනනය කරන්නට ද බැරි ය. එහි යම් යම් ආදරණීය හා සුන්දර සංස්කෘතික ලක්ෂණ තිබිණි. එහෙත් එය ‘ආදරයේ අරගලයක්’ ද නොවේ. ඕනෑ තැනක තිබෙන ආදරය සේම එහි තිබුණු ආදරය ද වෛරයට ඉතා සමීප එකකි.

    ‘අරගලටඅඅඅඅඅඅහ් ජයහ්වේවාහ්!’ යනු මේ අරගලයේ ප්‍රධානම මන්තරය විය. එහෙත්, එසේ මැතිරූ පමණින් අරගල ජයග්‍රහණය කරන්නේ නැත.

    ‘කපා කපා කෑලි කපා – අප වළකනු සිතනු එපා – ලේ හැලුණත් පාර දිගේ – අපේ ගමන අපි යනවා’ යි කීවාට, කවුරුවත් කෑලි කපන්නට ආවේත් නැත. පාරවල් දිගේ ලේ හැලුණේත් නැත. අපේ ගමන අපි යනවා ය කී අය දැන් වෙන වෙනම තම තමන්ගේ ගමන් යාම පටන්ගෙන තිබේ.

    ‘මර්දනය’ ගැන කියන්නට තිබෙන්නේ ද එහෙමම දෙයකි. 1971 හෝ 1989 හෝ දෙමළ අරගලයේ අවුරුදු 30 තුළ මර්දනය ගැන අත්දැකීම් ලබා තිබෙන අය වර්තමානයේ සිදුවන දෙය මර්දනයක් ලෙස නොදකිති. එය ද මර්දනයේ ප්‍රබන්ධයකි.

    1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට පත්වූ කිසිවකුට අවම මාස තුනක් පමණ ගතවන තෙක් ඇප ලබාගැනීමට නොහැකි විය. 1986දී මාත්, මනෝජ් ප්‍රේමකීර්තිත් බුලත්සිංහල අතුර පොළේ ජවිපෙ පත්‍රිකා බෙදමින් සිටියදී එවකට පැවති ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් මා පොලිසියට අල්ලා දුන් අතර, පොලිසියේ නීති විරෝධීව හා නීත්‍යානුකූලව දින ගණනක් තබාගෙන හරක් පයියෙන් පවා පහරදීමෙන් අනතුරුව මා මාස තුනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලදී. තහනම් සංවිධානයක පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් මා හට පවරන ලද නඩුවට මා 1989දී එළියකන්දේ සිටියදී මා අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර, එදා නෝඩේට් කළ නඩුව තවමත් නෝඩේට්ය.

    ReplyDelete
    Replies
    1. 1989 කැරැල්ල සමයේ හදිසි නීතියටත් වඩා ක්‍රියාත්මක වූයේ අනීතියයි. එළියකන්ද වධකාගාරයේ කලින් කල රඳවාගෙන සිටි පිරිස් අතරින් රැඳවුම් නියෝග තිබුණේ මටත්, වර්තමානයේදී දීර්ඝ කාලයක් තිස්සේ ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයකු වන සුමිත් චන්දනටත්, රැඳවුම් නියෝග තිබියදීම තලල්ල හමුදා කඳවුරේදී වධදී මරාදමන ලද ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ චම්ලි දිසානායකටත් පමණි. අප දීර්ඝ කාලයක් තිස්සේ නඩු නොමැතිව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

      හමුදාව ඉවත් වී පොලිසිය මර්දනයේ සමස්ත වගකීම භාරගත් පසු, නීත්‍යානුකූලව රැඳවුම් කඳවුරුවල සිටි පුද්ගලයන් නිදහස් කර, අධිකරණ භූමියේදීම පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සුලබ තත්වයක් විය. ඉහත් දැක්වූයේ මර්දනයක් සිදුවූ ආකාරය පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. දෙමළ කැරැල්ල මර්දනය කළ ආකාරය එමෙන් සියගුණයක් බිහිසුණුය.
      පසුගිය සමයේ සුලබම ක්‍රියා වූයේ වහසිබස් දෙඩීම, මොබ් හෙවත් ආවේගශීලී ජන සමූහයන් ලෙස චලනය වීමයි. මෙම මොබ් ක්‍රියාකාරකම් බොහොමයක් නීති විරෝධී වනමුත්, ඒවා බොහොමයක් සුළු වැරදි ලෙස සැලකිය හැකිය. එහෙත්, ගෙවල් ගිනි තැබීම්, දේපළ හානි කිරීම් හා මිනීමැරීම්වල ද යම් පිරිසක් නියැලුණහ.

      වැඩියෙන්ම සිදුවන්නේ ආවේගශීලී ජනරාශිවල බලය ඇඟට අරගෙන වහසිබස් දෙඩීමයි. විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් වහසි බස් ඔස්තාද්ලාය. ඒ හැරෙන්නට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකළ හැකි මට්ටමකින් ඔවුන් මේ ‘අරගලය’ සමග සම්බන්ධ වූ බවක් නොපෙනේ.

      කෙසේ වෙතත්, දැන් රජය පැත්තෙන් පොලිසිය යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවක් පෙනේ. එම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම් යනු සිදුවූ නීති උල්ලංඝනයන්ගෙන් නොගිණිය හැකි තරම් සුළු ප්‍රමාණයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාය. නීති උල්ලංඝනයන් සිදුවූ පරිමාණය අනුව විමර්ශන කිරීමට හෝ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් පද්ධති කිසිසේත්ම ප්‍රමාණවත් නැත. රාජපක්ෂවරුන් සොරකම් කර ලෝකයේ සඟවා තිබෙන මහජන ධනය සොයන්නට අප කටයුතු ආරම්භ කළ යුත්තේ මෙවැනි යුක්තිය පසිඳලීමේ පද්ධතියක් සමගය.

      ‘මර්දනය’ යනුවෙන් හඳුන්වනු ලබන මෙම ක්‍රියාවලිය ද ඉතා දුර්වල රාජ්‍ය ක්‍රියාකාරීත්වයකි. එමගින් සිදුවන්නේ වැරදිකරුවන් හඹාගොස් දඬුවම් කිරීමකට වඩා යුක්තිය පසිඳලීමේ පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වී නැති බව පෙන්වීම පමණි.

      පී ජයසිංහ -අගලවත්ත

      Delete
    2. පැරා මම ඔබේ "කේ පොයින්ට් "සහ රෝහිත ගේ "එළියකන්ද " පොත් දෙකම කියෙව්වා. කිසියම් සඳහනක් මේ ලිපියේ තිබෙනවා. වැඩිය කවුරුත් කියවපු එකක් නෙමෙයි. මේ ලිපිය තරම්වත්. මොකද වධ කඳවුරු ගැන දැන ගන්න මිනිස්සු කැමති නැති නිසා. ඒ අය යටතේ එහෙම නොවෙයි කියල එයාලා හිතනවා. නමුත් මිනිහෙකුට වධකයෙක් වෙන්න යන්නේ මිනිත්තුවයි. අපි වගේ නිදහස් මතධාරීන් තමා ඕනෑම දේශපාලන පක්ෂයක , ක්‍රියා දාමයක මූලික ගොදුරු වෙන්නේ. හේතුව අපේ පිටිපස්සේ පක්ෂයක් නැතිවීම සහ, ඒ අයට අපෙන් ආපු විවේචනයක් හොයා ගන්න පුළුවන් නිසා. ඔබේ අත්දැකීම් බිහිසුණුයි. රුදුයි. වෙලාවකට ඔයාට ෆේස්බුක් එකේ බනින පුංචි කොල්ලෝ ගැන දුකත් හිතෙනවා. ඔබේ ස්ත්වරයා මට වටහා ගන්න පුළුවන්, සිරිමල් විජේසිංහ ගේ හා දීප්තිගේ ස්ථාවරයත් සමගම. දීප්තිගේ ස්ථාවරය ඔබෙන් වෙනස් වන්නේ දීප්ති තවමත් සමාජවාදී සමාජයක් ඕනේ කියල කියන නිසා පමණයි.https://kolambagamaya.blogspot.com/2022/07/3-21.html

      Delete
    3. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ගැන දැන් මෙහෙම බලන්න. -ලෝක බැංකුව , IMF ණය දෙන්නේ නැහැ ,ප්‍රති ව්‍යුහගත කරන්න ඕනේ සහ රාජ්‍ය සේවය අඩු කිරීම වගේ කොන්දේසි තිබෙන නිසා. නමුත් චීනය විරුද්ධයි ප්‍රති ව්‍යුහගත කරනවට. එයාලගේ ණය අවශ්‍ය වෙලාවට ගෙවන්න කියනවා. අපි දැන් හොඳටම දන්නවා චීනෙන් නයට ලැබුණු දක්ෂිණ අධි වේගී මාර්ගය, නුවර මාර්ගය, නෙලුම් කුලුන, වරාය , ස්ටේඩියම් ආදී හැම එකේම චිනේ දීපු මුළු මුදල යොදවල නැහැ කියල . කොටසක් අතුරුදහන් කියල. චිනෙම කියනවා ඒක දැන් . නමුත් ඒක ලංකාවේ ප්‍රශ්නයක් මිසක් චිනේ ප්‍රශ්නයක් නෙමේ. චිනේ හරි එතන. චීන ව්‍යපෘති බ්‍රිතාන්‍යයේත් වෙනවා. ඔය ප්‍රශ්න එන්නේ නැහැනේ . වැඩ හොඳට යනවනේ. දැන් ඔය සල්ලි නොයෙකුත් ආකාරයෙන් ලංකාවේ ඇතුලේ හුලන්දාව, දඬුමෙවුනාව, එක එක ඉංජිනේරු පෞද්ගලික විශ්ව විද්‍යාල, මෑණි වරුන්ගේ හෝටල් ආදී වශයෙන් ආයතන වල ආයෝජන වෙලා ඒ සල්ලි නීතිගත වෙලා. ඊට අමතරව උණ්ඩියල් ක්‍රමය මගින් වෙන රටල property සහ බැංකු වල ආයෝජන වෙලා .ඕව අරගන්න වෙනව ණය වලින් කිසියම් කොටසක් හරි බැලන්ස් කරන්න. මේක ලොකු මුදල් ප්‍රමාණයක්. ලංකාව වගේ රටකට දරන්න බැහැ. ඕව හොයන්න FBI උදව් නුත් ගන්න වෙයි. ලංකාවේ සෑහෙන පෙරලියක් කරන්න වෙනවා. රනිල්ට ඕක කරන්න බැහැ හරි ඕනේ නැහැ හරි කියල දැන් පැහැදිලි වේගෙන යනවා. ඊළඟට ඕක කරන්න පුළුවන් කෙනා - (යුධ අපරාධ චෝදනා තිබුනත්) ෆීල්ඩ් මාෂල් විතරයි. වෙන කවුරුත් ඉන්නවද? පාඨලී හෝ අනුර කුමාර කරයි කියල හිතන්න අමාරුයි. අසීමිත ජනතා බලයක් ලැබුනොත් පුළුවන්. එහෙම එකක් පේන්න නැහැ. අනික ලංකාවේ ත්‍රිවිධ හමුදාව අමතක කරන්නත් හොඳ නැහැ. තවමත් ඒ ගොල්ලෝ හොඳින් ඉන්නව. නමුත් අරගලේ ඇතැම් කොටස් ටිකක් අවුල්.බොළඳයි. ඔයා ලීව ටිකෙනුත් ඒක පැහැදිලියි නේ. අනික ලංකාවට පොල්පොට්වාදී සමාජවාදයක් අවශ්‍යත් නැහැ.

      Delete
  42. 'ලෝක බැංකුව , IMF ණය දෙන්නේ නැහැ ,ප්‍රති ව්‍යුහගත කරන්න ඕනේ සහ රාජ්‍ය සේවය අඩු කිරීම වගේ කොන්දේසි තිබෙන නිසා. නමුත් චීනය විරුද්ධයි ප්‍රති ව්‍යුහගත කරනවට. එයාලගේ ණය අවශ්‍ය වෙලාවට ගෙවන්න කියනවා. අපි දැන් හොඳටම දන්නවා චීනෙන් නයට ලැබුණු දක්ෂිණ අධි වේගී මාර්ගය, නුවර මාර්ගය, නෙලුම් කුලුන, වරාය , ස්ටේඩියම් ආදී හැම එකේම චිනේ දීපු මුළු මුදල යොදවල නැහැ කියල . කොටසක් අතුරුදහන් කියල. චිනෙම කියනවා ඒක දැන් . නමුත් ඒක ලංකාවේ ප්‍රශ්නයක් මිසක් චිනේ ප්‍රශ්නයක් නෙමේ. චිනේ හරි එතන. චීන ව්‍යපෘති බ්‍රිතාන්‍යයේත් වෙනවා. ඔය ප්‍රශ්න එන්නේ නැහැනේ . වැඩ හොඳට යනවනේ. දැන් ඔය සල්ලි නොයෙකුත් ආකාරයෙන් ලංකාවේ ඇතුලේ'

    කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

    ශ්‍රී ලංකාව තම ප්‍රමුඛ ණය සම්පාදකයකු වන චීනය සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා වහා සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාව චීනයට විවිධාකාරයෙන් ඩොලර් බිලියන 6.5ක් පමණ ණයය. එය ඩොලර් බිලියන 51ක් පමණ වේ යයි ඇතැම් පාර්ශ්ව විසින් ගණන් බලා තිබෙන ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරෙන් 10%කට වැඩිය.

    එහෙත්, මේ සම්බන්ධ පර්යේෂණයක යෙදුණු උමේෂ් මොරමුදලි සහ තිලිණ පඬුවාවල ප්‍රකාශ කරන පරිදි “චීනය රජයට ලබාදී තිබෙන වාණිජ ණය සහ ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසාය (SOEs) වෙත ලබා දී තිබෙන ණය සලකා බලන විට, රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය (PPG) යන පුළුල් අර්ථ දැක්වීම අනුව, 2021 අවසානය වන විට චීන ණය පංගුව 19.9% ​​දක්වා ඉහළ යයි. එම ණය තොගයේ ණය සේවා සමස්ත රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය ණය සේවාවෙන් 20% කි.”

    කෙසේ වෙතත්, 2021 වසර අවසන් වන විට, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් 36.5%ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වන අතර එම වසරේම මුළු විදේශ ණය ආපසු ගෙවීම්වලින් 47%ක්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් වූ බවයි. මෙම සන්දර්භය තුළ, චීනයේ ණය බෙහෙවින් කුඩා බව ද ඔවුහු පෙන්වා දෙති.

    සමස්ත ණය සම්බන්ධයෙන් ද ඔවුන් කරන ලබන ගණනය කිරීම් වෙනස්ය: “මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) වෙතින් තොරතුරු දැනගැනීමේ අයිතිය මත පදනම්ව කරන ලද ඉල්ලීම් හරහා ලබාගත් දත්ත මත විශ්වාසය තබන්නෙමු. රාජ්‍ය ව්‍යවසාය විසින් සෘජුවම ලබාගන්නා ලද කුඩා විදේශ ණය කිහිපයක් හැර, රාජ්‍ය හා රජය විසින් සහතික කරන ලද ණය සේවාවල අති බහුතරය හසුරුවනු ලබන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසිනි. එහි දත්ත මගින් පෙන්නුම් කරන්නේ ඩොලර් බිලියන 35.8 ක රාජ්‍ය හා රජය විසින් සහතික කරන ලද බාහිර ණය හිඟයක් 2021 අවසානය වන විට තිබෙන බවය.”

    ReplyDelete
    Replies
    1. චීනය මෑත ඉතිහාසයේදී 1950 දශකයේ රබර් සහල් ගිවිසුම සමයේ පටන්ම ලංකාවේ දීර්ඝකාලීන ආර්ථික හවුල්කරුවෙකි. මෑත ඉතිහාසයේදී චීනය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අතිවිශාල වශයෙන් ණය සැපයුවාය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ අවම වීම හේතුවෙන් චීන ණය උගුලක් පිළිබඳ ශ්‍රී ලංකාවේ කතිකාවක් නිර්මාණය විය. එහෙත්, යථාර්ථය එසේ නොවන බව අධ්‍යයන මගින් පෙනේ. 2018 වසරේදී සහ වසංගතය අතරතුර චීනය සෘජුවම අයවැය මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවට ණය සැපයුවාය.

      චීනය ද ශ්‍රී ලංකාවේ සෙසු ද්විපාර්ශ්වීය ණය සම්පාදකයන් පරිද්දෙන් ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමකට එකඟ වේද යන්න වැදගත් කාරණයක් බව එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආධාර සම්පාදන ආයතනයක් වන USAID ප්‍රධානියකු වන සමන්තා පවර් ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී පැවසුවාය.

      කෙසේ වෙතත්, චීනය මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාවට සුබවාදී ප්‍රතිචාරයක් දක්වා නැත. චීනය ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී ප්‍රතිපත්ති දෙස ඉතා පරීක්ෂාවෙන් බලාසිටින බව චීනය පිළිබඳ අධ්‍යයනය කරන අන්තාරා ගෝසාල් සිං විසින් පළකර තිබෙන මෙම ලිපියෙන් පැහැදිලි වේ.

      චීනය ශ්‍රී ලංකාවේ ණය ආපසු නොගෙවීමේ ප්‍රතිපත්තියට සහ බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට විරුද්ධය. එසේම, බටහිර රටවල උවමනාව පරිදි සිදුකරන්නට යන ණය කප්පාදුවකට ද විරුද්ධය. චීනයේ මෙම විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක කරගැනීමට ද බාධා පැමිණ තිබේ. ශ්‍රී ලංකාව චීන ණයවලට ද තමන්ගේ ණයවලට පරිද්දෙන්ම සලකන බව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්ට ඉතා වැදගත් වේ. හෙයාර්කට් එකක් හෙවත් ණය කප්පාදුවක් සිදුකරන්නේ නම්, එම කප්පාදුව චීනයටත් අදාළ විය යුතුය. චීනයට එක ආකාරයකටත්, තමන්ට තවත් ආකාරයකටත් සැලකීම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්ගේ කැමැත්තට හේතු වන්නේ නැත. ඒ නිසා ඔවුන් සමග සාකච්ඡාවල තීරණයකට පැමිණීම සඳහා චීනයේ ආකල්පය ඉතා වැදගත් වේ.

      ශ්‍රී ලංකාවේ චීන විරෝධය මේ වන විට චීනයට හෙළිදරව් වී හමාරය. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරුමට ශ්‍රී ලංකාව ඉතා වැදගත් වුව ද, චීනය ඒ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය වන පරිදි නැටවෙන්නට සූදානම් නැති බව ශ්‍රී ලංකාවට අවබෝධ කරගැනීමට සිදුවේ. බටහිර රටවලට අවශ්‍ය පරිදි කටයුතු කරමින් චීනයෙන් නිදහසේ ණයගැනීම තවදුරටත් කළ නොහැකිය.

      ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර සම්බන්ධතාවලදී අව්‍යාජ වීමට හා යථාර්ථයට මුහුණදීමට සිදුවේ. “ඔයා මට සල්ලි දුන්නැත්තං මං අරයගෙන් සල්ලි අරන් එයා එක්ක යාළුවෙනවා” යන විදේශ ප්‍රතිපත්තිය දැන් යල්පැන ගොස් හමාරය. ඒවාට රැවටෙන කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා දැන් නැත. රුසියාවේ පූටින් එයට රැවටේ යයි සිතනවා නම් එය ශ්‍රී ලංකාවට අලුත් රැවටීමක් පමණි.

      Delete
    2. පී ජයසිංහ -අගලවත්ත

      Delete
    3. ශ්‍රී ලංකා ණය - http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=102&Itemid=308&lang=en

      Delete
    4. https://www.europarl.europa.eu/RegData/etudes/ATAG/2022/729441/EPRS_ATA(2022)729441_EN.pdf

      Delete
    5. මම මගේ ලිපියේ ලියල තිබෙන පරිදි ජවිපෙ චීන ක්‍රමයට යනවනම් මම කැමතියි. චීන ක්‍රමයට දියුණු වෙන්න පුළුවන්. චීනයේ පිළිවෙත මර්දනකාරී කියන එක තනි පක්ෂයක් විසින් පාලනය අකරණ නිසා සහ නිරගමික රාජ්‍යයක් නිසා. ඒක එහෙමම ලංකාවේ වෙන්න ඕනේ නැහැ. රුසියාවෙන් තෙල් ගන්නවටත් මම පක්ෂයි. නමුත් රුසියානු සමගම නිත්‍යානුකුල එක්ක නොවේ කියල ප්‍රශ්නයක් ඇති කරන නිලධාරීන් එහම් කරන්නේ ඇයි කියන එකත් බලන්න වෙනව.අ එක්කෝ කොමිෂන් නැති නිසා. නැත්නම් වෙන බලපෑමක් නිසා.

      Delete
  43. මේ ගතවෙන වේදනාත්මක මොහොතට නමක් නෑ...
    ඒක වේදනාත්මක මොහොතක් විතරක්ම කිව්වොත් හිතට සෑහීමකුත් නෑ....
    මම හිතන්නේ අංශුමාත්‍රිකව දුහුවිලි වෙලා පාවෙලා යන්න හිතෙන්නෙම මේ වගේ මොහොතක් උදා වුනහම....

    මට දැන් ඇහැට පේන උන් එක්කත් පිපුරන වෛරයක් තියෙන්නේ...
    කොහේ හරි ඉබාගාතේ බලාගෙන ඉන්නකොට කවුරු හරි එකෙක් ඒ මැඳින් ගියත් ඇති මේ කේන්තියට...

    එහෙම ගියපු එකා ටෙන්ට් එකකට ඇඳපු කේබල් එකක පැටලිලා කබරයා පත බෑවුනා වගේ වැටුනේ මීට ටික වෙලාවකට කලියෙන්...

    ආයේ මුකුත් නෑ ජීවිතේ ප්‍රශ්න ඔක්කෝම මොහොතකට හරි හමාරයි...
    ඇත්තටම කීවොත් ආතක් පාතක් නැතුව කල්පන ලෝකෙක බංකුවක හිටපු මම නැගිට්ටේ එහෙමයි...

    එකෙක් වැටෙන්නම ඕන තව එකෙක්ට නැගිටින්න නම්...

    මම ඒ වගේ ගොබ්බ කතාවක් ඔලුවට ආරූඪ කරගෙන මහ මුහුඳ දිහා බැලුවා.. එහෙමට අමුතු හුත්තක් ලියන්න තරම් ඒක වෙනසක් නෑ.. ඒත් එහා ටෙන්ට් එකේ එකා ෆොටෝ එකක් එක්ක ලියලා තිබ්බේ හරියට මේක නිකම් සැන් ඩියාගෝ වෙරළ තීරය වගේ සීන් එකකින්...

    පක...

    සුදුපාට පෙණ කැටී.. කුණු පාට දිය රැලී...

    ඒ අස්සෙන් නන්දා මාලනීගේ "පවන " ලබ්බක් දාගෙන ..යකෝ 21 සියවස ලබලත් අහන්න පුලුවන් විකල්ප ගීතයක් ,අරගල ගීයක් ගයාගන්න බැරි වෙච්ච රටකට අන්දන්න ඕන නන්දා මාලනීගේ සුදු සාරියම තමා...
    යදමින් බැඳ විලංගු ලා ඇඟිලි තලණවලු...

    මහ මූසලම කටහඬක් ඕකනම්...

    අනික තාම ඇගිලි තලන ලෙවල් එකට අවිල්ලා නෑ කොහෙත්ම... මේ සිංදු දාන පකයි ඔක්කොටම ඔය වද විඳින්න පුදුම සෙක්ස් ඇරියස් එකක් ඇත්තේ... අම්මපා...

    එහෙන් අයුක්තියේ අණ පිලිපැඳ කුමකට නුඹ පලඳින තරු ලු...
    "තොපේ රෙස්පට් අපට ඕන නෑ යකෝ 🤣

    මට ඒ එයාර්ෆෝස් කොල්ලගේ හඬ මේ වගේ හුත්තවල් අහන කොට රැව් පිලි රැව් දෙනවා..සඌනම් නියම කොල්ලෙක්... නියම වචන ටික සහ හරිඅ වචන ටික... හොද වැඩේ බොලාට...හරියට තමන්ගේ රස්සාව කරන එකාට අනිත් එකාට රෙස්පට් පකුන් අදාලම නෑ.. උඹලත් එක එකාට රෙස්පෙක්ට් කොර කොර යන්න දෙයක් නෑ චන්දෙකදි තොපේ රෙස්පෙක්ට් එක තියන් කතිරේ ගැහුවනම්...

    අම්මපා මම නම් කියන්නේ ඕයි ඔය මොහිදීන් බෙග්ගෙයි නන්දා මාලණීගෙයි ඔය තියෙන ලබ්බේ සිංදු මේ රටින් මකබෑවිලා ගියපු දාක අනේ අම්මපා විප්ලවය සිද්ද වෙයි...

    මට ඇත්තටම කියන්න තියෙන්නේ ඔච්චරයි...

    ඔව්වා පඳ වල ලියපු කම්මැලිකම් !

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනි ගේ පවන හෙම දාගෙන ආපු එකනම් ටිකක් බොළඳයි වගේ කියල මටත් පෙනුන. නමුත් පොදු අරගලයක දී හැමෝගෙම කැමැත්ත සහ ආසාවත් බලන්න වෙනවනේ. හැබැයි ඇනෝ පිලි ගන්න ඕනේ "අරගලය" විසින් ඔයාලගේ core එකේ පටන් හෙල්ලුව කියල. ඒක වැදගත්.

      Delete
  44. නැන්දගේ මරණය

    අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා

    1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා

    2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා

    3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ

    4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන

    මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක මම පැහැදිලි කරගන්නේ මේ විස්ධිහට . ඔව්, අපි කීවට අර සල්ලි මේ සල්ලි ගැහුවා. හොරකම් කළා කියල, හිතන් හිටියට අපට ඒවා ඔප්පු කරන්න බහ. සිසිටිවී නෙමේ සාක්කි ඔක්කොම මකල තියෙන්නේ. ඔය ඉඩම වගේම රනිල්ට වෙච්ච දේ බලමු. බැදුම් කර වංචාව රාජපක්ෂ කාලෙම කරගෙන ආව. රනිල් ගේ යහපාලන කණ්ඩායමත් කළා. එතකොට Perpetual Treasuries සමාගමේ එක අධ්‍යක්ෂිකාවක් කබ්රාල් ගේ සොයුරියක් . රනිල් ඊට පස්සේ ඒ බැදුම්කර සල්ලි freeze කළා. ඒක කවුරුත් දන්නේ නැහැ, නමුත් රනිල් සහ රවී ට්‍රැප් වුනා ගානට. යහපාලන කාලෙත් ඒ ආණ්ඩුවේ භාගයක් මෙහෙයෙව්වෙත් මහින්ද මහත්තය. රටේ ඇත්ත බලවත්තු ඒ ගොල්ලෝ. දැනුත් එහමයි. හෙටත් එහෙමයි. ඉතින් ඔය කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයාට තියෙන ඉඩම ලියා ගත්ත කියල හස්බන්ඩ් ට චාජ් කරන්න බැහැ වගේ තමයි. ඉතින් නැති වෙච්ච සල්ලි හොයනව් අකියන්නේ මිරිඟුවක් හමා යාමක් තමයි.
      The report had stated that as Siromi Noel Wickramasinghe, a sister of the former Governor occupied the position of a Director of Perpetual Treasuries Ltd. from 23 December 2013 till 9 March 2015, it was observed that there could have been related party transactions in between the Central Bank and of Sri Lanka and Perpetual Treasuries Ltd. at that time also.
      https://www.ft.lk/Financial-Services/cabraals-sister-responds-to-allegation/42-441977

      Delete
  45. https://www.youtube.com/shorts/_Yk0KqE2lds

    ReplyDelete
    Replies
    1. ලංකා ඊ නිව්ස් -2022.ජුලි.31, ප.ව.11.45) පසුගිය 29 දා සවස සහ 30 දා උදෑසන ගෝල්ෆේස් වෙරළට ගොඩ ගැසූ තරුණ මළ සිරුරු දැන් දින දෙකක් ගත වී ඇති නමුත් පොලිසිය මේ අය කව්දැයි හඳුනාගත් බවක් හෝ ඒ මරණ වලට හේතු හෝ මරණ පරීක්ෂනයේ තොරතුරු හෝ කිසිවක් නොකියයි. ජඩමාධ්‍ය ද ඒ ගැන ප්‍රශ්න නොකරයි. නමුත් මේ ගැන ලංකා ඊ නිව්ස් විමර්ශන මාධ්‍යවේදීන්ට ප්‍රශ්න රාශියක් තිබේ. එකී ප්‍රශ්න මෙහි ඉදිරිපත් කරන අතර පොලිසිය හෝ වෙනත් වගකිවයුත්තෙක් හෝ පිළිගත හැකි පිළිතුරු ජනතාවට කිව යුතුය.

      මරණ වලට හේතුව කුමක්ද?
      ශ්‍රී ලංකාව නිදහස ලැබීමටත් පෙර මෙවැනි මළ සිරුරු වෙරළට ගසා ගෙන විත් ඇති අතර එකල තිබූ දුර්වල තාක්ෂනික හැකියාවන් මත පවා ශ්‍රී ලංකාවේ පොලිසියට ඒවා හඳුනාගැනීමට හැකියාව තිබිණ. එසේ නම් අද ස්මාර්ට් යුගයේ පොලිසියට දින දෙකක් ගත වීත් මේ සිරුරු කාගේදැයි හඳුනා ගැනීමට හෝ මරණයට හේතු හඳුනාගැනීමට නොහැකි යයි කියන්නේ නම් එය පිළිගැනීම අසීරුය.

      ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයේ දියවැල් පිළිබඳ හොඳින් දන්නා පළපුරුදු විමර්ශකයන් පවසන්නේ මෙම මළ සිරුරු ගාලුමුවදොරට පාවී ආවේ නම් නිසැක වශයෙන්ම මේ පුද්ගලයන් කොල්ලුපිටිය බම්බලපිටිය ප්‍රදේශයේ ගැඹුරු මුහුදට වැටුනු අය විය යුතු බවයි.

      මළ සිරුරු වල සේයාරූ අනුව මේ සිරුරු පැය 72 ක කාලයක සිට පැය 144 ක කාලයක් තිස්සේ මුහුදේ පාවී ආවා විය යුතුය. මළ සිරුරු වලට මාළු කොටා ඇති ආකාරය අනුව ද මෙම පුද්ගලයන් වැටුනු මුහුදු කලාපය කිව හැකිය. ලොකු මාළු කොටා ඇති නම් පුද්ගලයන් ගැඹුරු මුහුදට වැටුනු අය ද කුඩා මාළු කොටා ඇති නම් නොගැඹුරු මුහුදට වැටුනු අය ද විය යුතුය.

      මේ පුද්ගලයන් නිකම්ම මුහුදට වැටුනේ කෙසේද? මරා මුහුදට දැම්මා ද? පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මේ වන විට මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබිය යුතුය. නමුත් ඒ පිලිබඳ පොලිසිය මුනිවත රකී. මෙම ලිපිය ලිවීමට පෙර අද දිනයේ දහවල් කාලය පුරාම පොලිසිය විමසමින් මරණයට හේතුව සඳහන් මරණ පරීක්ෂණ වාර්තාව ගැන විමසා සිටිය ද කිසිදු පොලිස් නිලධාරියෙක් ඒ ගැන පිළිතුරක් දුන්නේ නැත.

      මෙතෙක් සිරුරු හඳුනා නොගත්තේ ඇයි..?
      පළමුව හමුවූ සිරුරේ කමිසයක් නොමැති අතර කළිසමක් පමණක් ඇත. එම කළිසමේ පසුපස සාක්කුව තුල මුදල් පසුම්බියක් වැනි යමක් තිබේ. නිසැකවම ඔහු කව්දැයි හඳුනා ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඒ පසුම්බිය තුල තිබිය යුතුය. ඒ ගැන පොලිසිය තාමත් නිහඬ ය

      දෙවැනියට හමුවූ මළ සිරුරේ කලිසම් කමිස කිසිවක් නැති අතර ඇත්තේ යට ඇඳුම පමණි. සිරුරේ දෑත් බැඳ තිබූ බවක් පෙනී යයි. ඒ අනුව ඔහු මරා මුහුදට දැමූ අයෙකු බවට සැක කිරීමට ප්‍රබල හේතු ඇත.


      පොලිසියට මේ සිරුරු හඳුනාගැනීම මහා ප්‍රහේලිකාවක් විය නොහැකි ය. මන්ද යත් මේ සිරුරු වල ඇඟිලි සලකුණු අනුව ඔවුන් කව්දැයි සොයා ගත හැකිය. පොලිසිය 2006 සිටම සිටිසන් ඩොට් එල්කේ නමින් ජනතාවගේ ඇඟිලි සලකුණු සහිත දත්ත ගබඩාවක් එකතු කරමින් සිටී. මේ සිරුරු වලින් ලබා ගත් ඇඟිලි සලකුණු එකී දත්ත ගබඩාව සමග සන්සන්දය කළා ද? නැති ද?

      මළ සිරුරු වල දත් පිළිබඳවද වාර්තා ලබා ගෙන ඒ පිළිබඳවද පොලිසියේ ඇති දත්ත ගබඩාව සමග සන්සන්දනය කළ හැකිය. එසේ කළා ද? නැති ද?

      ලංකාවේ සමාජය සමාජශීලී එකකි. යමෙක් පදිංචි ස්ථානයෙන් අතුරුදහන් වී නම් ඒ ගැන අසල්වාසීහු දැනුම් දෙති. ලංකාවේ ජනතාව සෑම දෙනාම ග්‍රාම සේවක ලඟ ලියාපදිංචි වී සිටිති. මැතිවරණ කොමසමේ ලියාපදිංචි අය වෙති. ඒ අනුව මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය සොයා ගැනීමට උත්සාහ කෙළේ ද? නැති ද?

      119 පොලිසි හදිසි ඇමැතුම් අංකයට මේ අයගෙන් කියා සැක කළ හැකි ඇමැතුම් ලැබී තිබේ ද? මේ අය කියා සැක කළ හැකි අයගෙන් පොලිසියට කිසියම් පැමිණිල්ලක් ලැබී තිබේ ද? නැතිනම් මේ අයට එරෙහිව කිසිවෙකු පැමිණිලි කර තිබේ ද? අනන්‍යතාවය සොයා ගැනීමට මේවා ගැන පොලිසිය විමර්ශනය කළා ද? නැති ද?

      පසුගිය දින කිහිපය පුරා පාතාල වෙඩි තැබීම් 6 ක් පමණ වාර්තා විය. ඒවා සමග මේ මරණ වල සම්බන්ධයක් තිබේද කියා පොලිසිය විමර්ශනය කළා ද? නැති ද?

      පසුගිය ජුනි ජූලි මාස තුල මෝටර් සයිකල් වලින් පැමිණ සිදුකළ ඝාතන 17 කි. ඒ එකක් හෝ ගැන පොලිසිය අපරාධකරුවන් සොයා ගෙන නැත. සීසීටීවී දර්ශන අනුව එම වෙඩි තැබීම් සියල්ල ටී-56 සහ මි.මී.9 ගිනි අවි වලින් සිදුකළ ඒවාය. ඝාතකයන් ඒ ගිනිඅවි හසුරුවන ආකාරය අනුව ඔවුන් ඉතා පළපුරුදු වෙඩික්කරුවන් බව හඳුනාගත හැකිය. බොහෝ විට ඔවුන් ආරක්ෂක අංශ වලට සම්බන්ධ වූවන් හෝ ඉන් පළා ගිය අය විය හැකිය. නමුත් මේ කිසිවක් ගැන ද පොලිසිය නිහඬය.

      ප්‍රධාන සැක කටයුතු කාරණා..
      කලින් කී පරිදි 29 දා සහ 30 දා මළ සිරුරු ගොල්ෆේස් වෙරළට ගසා ආවේ නම් මුහුදට වැටිය යුත්තේ කොළඹ කොල්ලුපිටිය බම්බලපිටිය මුහුදු ප්‍රදේශ වලින් විය යුතුය. එසේ නම් ප්‍රධාන සැක කාරණයක් මෙසේ ය.


      චන්ද්‍රප්‍රදීප්

      Delete
    2. අජිත් ධර්මකීර්ති මහත්මයා,

      ඔබතුමාගේ බ්ලොග් අඩවියේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව අවැඩක් වන ආකාරයේ කොමෙන්ටු මාගේ අයිපී අංකයෙන් පලව ඇත්තම් ඒවා ඉවත්කරන මෙන් ඉල්ලා සිටිමි.

      එම කොමෙන්ටු මගින් ගරු ජනාධිපතිතුමා පිළිබඳව හෝ සන්නද්ධ ආරක්ෂක අංශ පිලිබදව හෝ හානිකර අන්දමේ යමක් පල කිරීමට මා කිසිසේත්ම අදහස් නොකළ බවත් දන්වමි.

      එසේම මෙම කොමෙන්ටුව පල කරන ලද්දේ මාගේ ස්වකීය අභිමතය පරිදි වන අතර කිසිදු බාහිර බලපෑමක් නිසා නොවන බවද සටහන් කරමි.

      ස්තුතියි.

      Delete
    3. අයි පී අංක වලින් මොන මගුලක් කරන්නද 😃

      Delete
    4. කොමෙන්ට් කරේ කවුද කියලා හොයාගෙන මරන්න

      Delete
    5. ෆේස්බුක් කමෙන්ට් දාල තියනවනම් අයි පී අංක ඕනේ නැහැ හොයන්න පුළුවන් ආණ්ඩුවකට. ෆේස්බුක් එකෙන් අයින් වෙන්න

      Delete
    6. 'Anonymous2 August 2022 at 02:21
      කොමෙන්ට් කරේ කවුද කියලා හොයාගෙන මරන්න

      Ajith Dharma.2 August 2022 at 23:01
      ෆේස්බුක් කමෙන්ට් දාල තියනවනම් අයි පී අංක ඕනේ නැහැ හොයන්න පුළුවන් ආණ්ඩුවකට. ෆේස්බුක් එකෙන් අයින් වෙන්න'

      අජිත්ලා එහෙම හොයලද මිනිස්සු මැරුවේ? මාවත් පාවා දෙනවද?

      Delete
    7. 😌 ඇනෝ මචං හොඳ වෙලාවට මම 1984 දීම රටින් ගියා. කාවවත් මරන්න ඕනෙත් නැහැ. මැරෙන්න උනෙත් නැහැ. ලංකාවේ එක පැත්තක අවස්ථාවාදී දේශපාලනයකුයි අනිත් පැත්තේ වෛරී දේශපාලනයකුයි තියෙන නිසා තමා එහෙම වෙලා තියෙන්නේ. ඒවාට හේතු තියනව. නමුත් ඔය දෙකම නැති දවසක ඔහොම කමෙන්ට් දාන්න ඕන වෙන්නේ නැහැ. කරන්න ඕනේ ඔන්න ඔය වර්ගයේ දේශපාලනයට තිත තියෙන එක.

      Delete
  46. Food inflation there hit 332% in the year to June, ahead of Zimbabwe’s 255% increase and Venezuela’s 155%. Turkey was fourth with a food inflation rate of 94%. Iran 86% and Sri Lanka (sixth) 80%.
    Last week Bangladesh called on the International Monetary Fund (IMF) for financial support after an increase in the cost of imported food and energy threatened to undermine the south Asian countries finances.

    Bangladesh is understood to need about $4.5bn (£3.6bn), though only $1bn-$1.5bn is available under current IMF arrangements.

    Sri Lanka has already asked for a bailout from the Washington-based fund after running out of cash to buy vital imports, while a deal with Pakistan for a $6bn IMF loan was revived in June.
    https://www.theguardian.com/business/2022/aug/01/food-prices-soar-across-world-amid-ukraine-crisis-world-bank-finds

    ReplyDelete
  47. දවසක් දා
    නොනගත රාත්‍රියක්
    ඇවිත් තිබුණා
    හැමදාටම නවතීවි
    යැයි මට සිතුනා..!!

    ඒක දවසක් ද මොහොතක් ද තත්පරයක් ද කල්පයක් ද කියන්න මම දන්නේ නෑ. මම තාමත් දන්නේ නෑ ඒ කාලේ කොහොම ගත වුණාද කියලා. කාලය කියන්නේ ගත වෙන දෙයක් ද මම හිතුවා. තෙල් පෝලිමක් වගේ ජීවිතය ඔහේ නතර වෙලා. සුපර්මාකට්ටුවක රාක්කයක් වගේ ජීවිතේ හිස් වෙලා. බඩ ගින්නක් දැනෙන්නේ නෑ හරියට ආර්ථික අර්බුදය බඩ තේරුන් අරගෙන වගේ.

    ඒත් ඇග හැමතැනම පලු මතුවෙලා. කසන්න ඇති. මම පස්සේ එහෙම හිතුවා. කසනවා කියන්නෙත් සැපක් නෙව. කෑලි ගැලවෙන්න කසන්න පුලුවන්. ඉසියුම් කේෂනාලිකාවලින් ලේ එළියට එනකොටත් කසන්න පුලුවන්නම්..

    ඔව්.. ඇත්තටම කාලය ගත වෙන්නේ නෑ.

    මම පාරට බැස්සා ඉර බැහැගෙන ගියාද කියන්න මට තේරුමක් නෑ. ඒත් ආපස්සට එනකොට තැනින් තැන විදුලි බුබුළු දැල්වෙලා තිබුණා. මිනිස්සුත් පාරේ නෑ, උන් ගෙවල්වලට රිංගලා වෙන්න ඇති.. මම හිතුවා.

    තෙල් පෝලිමේ ත්‍රීවිලර් එකක් අස්සේ තුන්සීය හතර ගහනවා. මම බලාගෙන හිටියා. ගල් බෝතලයක් හෙමීට හිස් වෙනවා. ඒකට කිසිම හදිස්සියක් නෑ. ඒකත් කාලය වගේ ගත වෙන්නේ නෑ. කැලතෙන්නේ නෑ. කැලතෙනවා නම් ගතවෙනවා කියලා අපිට දැනෙනවා.

    මම රේල් පාර පැනලා බොරැල්ල දිහාට ඇවිද්දා. තෙල් පෝලිම ඉවරයක් නෑ. ඒකත් නැවතිලා. මිනිස්සු ඔහේ බලාගෙන ඉන්නවා. හිනාවක් නෑ. ඉනාවක් කාලාවත් ද? ඉසියුම් චලන ඉඟි කිසිත් නැති මූනු ඔව් ඒවා ගත වෙන්නේ නෑ. මම හිතුවා.
    ඒ ගමන නින්ද යන්නේ නෑ. නින්ද නේන රැයක් ඉවර වෙන්නේ නැත්තං ඒ කියන්නේ හෙට උදාවෙයි කියලා බලාපොරොත්තුවක් නැත්තං ජීවිතේකට මොනාද වෙන්න පුලුවන්?

    ජනේලය ඇරගෙන මූන එළියට වීසිකරගත්තාම ඈතින් කණාමැදිරි එළි ජනේල් කළුලු මන්දිරය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් නෙළුම් කුලුන. ඔහේ බලාන ඉන්නයි තියෙන්නේ. සිගරැට්ටුවක් තිබුණනම්..

    ඔන්න ආයෙත් පාරට වැටෙන්න හේතුවක්. කාලය ගත වෙන්නේ නැති නිමේශයක ජීවත් වෙන්න පොඩි හරි හේතුවක් සිගරැට්ටුවක දැවටිලා හරි එනවා කියන්නේ. ඩන්හිල් සුවඳ දැනෙන්න උනා. ඩන්හිල් රස එක්ක ස්ට්‍රෝබෙරි රසත් දිවග එහෙට මෙහෙට වෙනවා. මම ඔහේ ඇවිදිනවා. බොහෝ කඩ රාත්‍රියට හුස්ම ගන්න එක අමතක කරලා. කොහේද යන පූසෙක් මීයෙක් එක්ක නිනව් නැති සෙල්ලමක. උන්ට තියෙන ජීවිතේ.. පුහ්..!

    මොකෝ කරන්නේ ?

    මොනා කරන්න ද බලන් ඉන්නවා

    තෙල් එයිද?

    දන්නේ නෑ
    දැන් කොහොමද මස් රස්සාව

    මොනා වෙන්නද? ඌරා එළුවා එනවා අපි කපනවා සුද්ද කරනවා

    මම කීවේ අඩුවක් නැද්ද

    ආවොත් කපනවා එච්චරයි

    ඒක ඇත්ත

    දෙමටගොඩ හැමදාම මෙහෙමද?

    ඔව් අපි දන්න කාලේ ඉඳලා මස් මැරුවා මුලු කොළඹටම මස් දුන්නේ මෙහෙන් තමයි

    මස් මඬුව..

    ඔව්..

    මස් වත්ත කියලත් එකක් තියේනේ
    ඔව් ඔය පාර තමයි ඒ..

    ඩන්හිල් එකක් බොනවද?

    බොමු..

    අරං එන්නම්..

    මම නැඟිට්ටා ආයෙත් ගමන. ගුවන් පාලම දිහාට. බේකරිය නම් ඇරලා. බනිසක් කනවානම් තැන. මාළු පාන් එකක් කන්න හිතුනා. ඉතිං මාළු පාන් එකක් කෑවා. ඔන්නොහේ ඩන්හිල් ඕනීනෑ කියලා ආයෙත් අනෙක් පාරෙන් ගෙදර එන්න පාරට වැටුණා.

    පන්සල් හැමතැනම. නිවන තමයි හොයාගන්න නැත්තේ. මගේ නිවනත් අතුරුදන්. කොළඹ සීසීඩී එක ළඟට ගිහිං ටිකක් වෙලා ඉන්න හිතුනා. ඒකත් මරු තැන. බලං ඉන්න හිතෙන තැනක්. ගුහාවක්.

    මේකේ ඇතුල මොනවගේ ඇද්ද? කෙළවර මොන වත්තටද මායිම් වෙන්නේ? වධකාගාරත් තියෙනවද? මම ඉතිං හිතනවා. ඔන්න ටිකක් මට මාව දැනෙන්න ගන්නවා. ගාර්ඩ් එකට ඉන්න දෙන්නා ඔහේ බලාගෙන. මාත් බලාගෙන. ජීවිතේ අපි අතරින් ලාවා වගේ ගලාගෙන යනවා. ඒක මිදෙන්න ඔන්න මෙන්න..!
    මම ඉතිං ආයෙත් ගෙදරට එන්න පාරට වැටුණා. දැන්නම් ඉර ඇහැරිලා වගේ. නිදාගත්තෙත් නෑ නේද? මතක නෑ. ඇත්තටම ඇහැරලා ද හිටියේ? අනේ මන්දා..!

    There she stood in the doorway
    I heard the mission bell
    And I was thinking to myself
    This could be Haven or this could be Hell
    Then she lit up a candle
    And she showed me the way
    There were voice down the corridor
    I thought I heard them say

    ඒක ලස්සන සිංදුවක්. කවුරු උනත් උදේට ඒවගේ සිංදු අහන එක හොඳයි. ඉන්ටර්ලෝග් ගල්කැටයම් උඩින් ගෙදරට ආවා. ඇත්තටම කොහේද ගියේ? මොනාද වුණේ? මට තේරෙන්නේ නෑ. ඒක නොනගත වෙලාවක්..!

    ජීවිතේ නවාතැනක්
    ආදරය මිහිරි සංගීතයක්
    කෝ ඔබේ හඬ
    ගයන්න උස් හඬින්
    ජීවිතේ තව දුරක්...!!

    ඒ අස්සේ සුරුට්ටුවක් හම්බ වුණා. මේකත් අහේතුක හමුවීමක්.. මින්ට් රස සුරුට්ටුවක්..!!

    ReplyDelete
    Replies
    1. ආතල් කමෙන්ට් එක. පොඩි කෙටි කතාවක් වගේ. අලුත් පෝස්ට් එකක් ලියන්න හිතෙන්නේ නැහැ මේ වගේ ප්‍රතිචාර නිසා.

      Delete
    2. 'අලුත් පෝස්ට් එකක් ලියන්න හිතෙන්නේ නැහැ මේ වගේ ප්‍රතිචාර නිසා.'

      ඒ ඇයි? ප්‍රතිචාර අප්සට් ද?

      Delete
    3. නැහැ හොඳ නිසා

      Delete
    4. මට පැහැදිලි නැහැ අජිත් ඔබ කියන දෙය. ප්‍රතිචාර හොද නම් ඇයි අලුත් පොස්ට් එකක් ලියන්න හිතෙන්නේ නැත්තේ?

      Delete
    5. ප්‍රතිචාර කියව කියව ඉන්න එක ඊට වැඩිය ආතල් නේ.

      Delete
  48. මන් හිතන්නෙ මේක කළකම් පල දීමක් වෙන්නෙ පාක්ශිකයෙක් විදියට බැලුවොත්. ඒත් ඇත්තටම වෙන්නෙ ආමාරු කාලෙට යාලුවෙක්ගෙ උදව් ගන්න එක. මේක සජිත්ට ආයෙත් හම්බෙන්නෙ නැති අවස්ථාවක් රනිලුයි, මහින්දයි එකට තියලා ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැම කුණු ගොඩක්ම රනිල්ට බැර කරලා ජනමතයක් හදන්න අවස්ථාවක් තිබ්බත්. හිරුණිකා තරම් දෙයක්වත් සජිත් කරන්නෙ නෑ. ඒ වෙනුවට කරන්නෙ ජවිපෙට ගහන එක.

    රන්ජන් කිව්වා වගේ ඒ ඔක්කොම යාළුවො මල්ලි තමයි කියන්න වෙන්නෙ. මට පොඩ්ඩක් කියනවද රනිල් ගේ නව ලිබරල් වැඩ මොනවද කියලා. මට පැහැදිලි නෑ, ආණ්ඩුවෙ දේවල් විකුණන එකද.රනිල්ට වඩා බැසිල්ට නව ලිබරල් කියන්නත් පුළුවන් නේද

    ReplyDelete
    Replies
    1. දෙන්නම නව ලිබරක් කියන්න පුළුවනි. Neoliberalism is contemporarily used to refer to market-oriented reform policies such as "eliminating price controls, deregulating capital markets, lowering trade barriers" and reducing, especially through privatization and austerity, state influence in the economy.

      Delete
    2. නව ලිබරල්. මේක ගිය අවුරුද්දේ ජුලි ලිව්වේ. රනිල් තමයි එතන අන්තිමය කියල. ජවිපෙ මැතිවරණයක් හරහා හෝ පෙරටුගාමීන් අරගලයක් හරහා බලයට එන්න පුළුවන් කමක් තිබුන නිසා. නමුත් දැන් තත්වයට අනුව ජනාධිපති වරණයකින් මම කලින් කීව වගේ රනිල් දිනන්න ඉඩ තියනවා. විපක්ෂයේ චන්ද කැඩෙන නිසා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .