Thursday 14 July 2022

අරගලයේ නායකයා සහ අන්තර් කාලීන පාලනයේ නායකයා

 

අද ශ්‍රී ලංකාවේ තත්ත්වය බැරෑරුම් බව අප සැවොම දන්නෙමු. අරගල කරුවන් අතර භේද පැන නැගී ඇත. මේ බෙදීම ඇති කරන්නට මූලික ම හේතුව අගමැති හා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ගෝඨාභය රාජපක්ෂ මෙන් නොව රනිල් ශූර සහ කපටි දේශපාලනඥයෙකි. එංගලන්තයේ මේ කපටිකම හඳුන්වන්නේ "clever" හෙවත් දක්ෂකමක් ලෙසය. එල්ටිටිඊ සංවිධානයේ  කරුණා , ප්‍රභාකරන් සමග භේද කිරීමට මුල් වුනේද  ඔහුය. රනිල් භේද කිරීමේ සමතෙකි. වෙන අවස්ථාවක නම් රනිල්ගේ ලිබරල්  ප්‍රතිපත්ති වලට මගේ අකමැත්තක් නැතිවීමට ඉඩ තිබුණි. නමුත් අද තත්වය වෙනස්ය. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ  ජනාධිපතිත්වය බේරා  ගැනීමේ  සටනේ මුලින්ම සිටින්නෙකි. ශ්‍රී ලංකාවේ වැසියනට  අවශ්‍ය එය නොවේ.

මෙතරම් දීර්ඝ කාලයක්, දින සියයක් පුරා  මිනිසුන් අරගල කළේ තිබෙන පාලක රෙජීමය රැක ගන්නට නොවේ.. ජනතාවගෙන් බහුතරයකට ඔවුන්ගේ පරම අයිතියක් වන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිය. උයන්නට ගෑස් නැති, බොහෝ අයගේ අදායම් මාර්ග අහිමි වී, රැකියාවලට යාමට හරි හමන් ප්‍රවාහනයක් නැති  අන්ත අසරණ තත්වයකට පත්වී සිටි ඔවුන්ගෙන් සමහරෙක් රනිල් වික්‍රමසිංහ අගමැති වී සහනයක් ගෙනෙනු ඇතැයි කල්පනා කළහ. ඒ බලාපොරොත්තු සුන් වී ගියේ ඉතා ඉක්මනිනි. මගේ ලිපිය "අදානිගේ සුළං විදුලිය , ක්‍රෙඩිට් ලයින් එක සහ මෝඩ මෝඩි" කියවන්න. ඒ ලිපියේ ම දක්වා ඇති පරිදි කිසියම් බලවේගයන් විසින් ලංකාවට ගතහැකි යම්ක්‍ රියාමාර්ග වළකන සෙයක්  ද පෙනේ.

අරගලයේ මුල් අවධියේ එහි සිටියේ ලිබරල් මතවාදී නිර්පාක්ෂික තරුණ තරුණියන් පිරිසකි. එසේම ඔවුන් ජාතිවාදයට අතිශයින්ම විරුද්ධ බොහෝ නිර්මාණශීලි අය වූහ. සිංහල, දෙමල , මුස්ලිම් නියෝජනයක් හා කොළඹ හා පිට පෙදෙස්වල පරිගකණක තාක්ෂණ වේදීන්, වෙනත් වෘත්තිකයන්,  නිදහස් මාධ්‍ය කරුවන්, පැරණි බ්ලොග්කරුවන්   කිහිප දෙනෙක්ද ඒ අතර විය.  වාමාංශික අදහස් ඇති කිහිප දෙනෙකුද ඔවුන් අතර වූ බව දන සිටියෙමි. නමුත් ප්‍රධාන වාමාංශික පක්ෂවල පුර්ණකාලින සාමාජිකයන් එහි සිටියේ නැත. කුමාර් ගුණරත්නම් සහෝදරයා* (වෘත්තීය  නාමයක් ලෙස)  සංවිධායක ධුරය දරන පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ "ජන අරගල" ව්‍යාපාරය දීර්ඝ කාලයක සිට පැවත එන විරෝධතා ව්‍යාපාරයකි.. නමුත් ඔවුන් ගෝල්ෆේස් හි ගෝටා ගෝ ගම මුලදී සිටියේ නැත.  ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා* (වෘත්තීය  නාමයක් ලෙස)  පැවසුවේ නායකත්ව නොමැති අරගල වලට ඔවුන්ගේ සහයක් නොමැති බවය.

නමුත් තත්වය වෙනස්වූයේ ඉතා සීග්‍රයෙනි. ජනතාව මුහුණ පාන ප්‍රශ්න දෙගුණ තෙගුණ  විය. එදිනෙදා  ජීවිතය පවත්වාගෙන යාම ගැටලුසහගත විය. උද්ධමනය ඉතා සීග්‍රයෙන් වැඩිවන්නට විය. ගෝඨාගෝගාගමට මහජන සහය වැඩි වුනද එහි දිගටම සිටීමට වෘත්තිකයන්ට නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසිය යොදමින් ඔවුන් ඉවත් කිරීමට උත්සහ කළේය. අනිකුත් අවස්ථාවල පාරවල් බ්ලොක් කරන්නේ යයි අප්‍රසාදයට පත්වන අන්තරය (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය)  මෙහිදී  සටනට එළැඹියේය. අන්තරයේ සම්ප්‍රාප්තිය අරගලයට අමුතු ජවයක් එක්වුණු අතර කලින් ෆේස්බුක් හා බ්ලොග්වල අන්තරය පතුරු හැරිය පිරිස්  එහි ගුණ වයන්නට විය. සමබිම පක්ෂයේ  දීප්ති කුමාර ගුණරතන  අරගලයට මුල සිටම විරුද්ධ වෙමින් කියා සිටියේ එය මධ්‍යම පන්තිකයන් අන්තර්ජාලය , ගේම් හා පෙට්රෝල් නැති නිසා කරන තාවකාලික පිස්සු අරගලයක් බවය. 

මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා දරුණු ලෙස මර්දනය ඇති කිරීමට හැකියාව  තිබුනද කිසියම් හේතුවකින් ඔහු එම ක්‍රියා මාර්ගය තෝරා ගත්තේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙන් තවත් බොහෝ අපක්ෂපාති ජනයාද අරගලයට එක්  විය.අරගලයට නායකත්වය දීමට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක ඉදිරියට පැමිණියේය. අරගලයභූමියට  ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පන්නා දැමිණි.

ලන්ඩනයේ මෙන්ම  ලෝකයේ බොහෝ ප්‍රධාන නගරවල  අරගලය සහය පල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණි.  මේ ලිපිය ලියන මමද ලන්ඩනයේ රැළියට  එක්වූයෙමි.  ජනතාව මුදල් එකතුකරමින් අරගල කරුවනට සහයට යැවූහ.අරගල  භූමියට බතින් , බුලතින්, තේ පැන්  වලින්, වතුරින් සංග්‍රහ කිරීමට බොහෝ අය ඉදිරිපත් විය.
තව දුරටත් තම සහෝදර ගෝඨාබය  විශ්වාස නොකළ හිටපු අගමැති  මහින්ද රාජපක්ෂ හා ඔහුගේ  පුතුන්ද ජොන්ස්ටන් හා තවත්  ඇමැතිවරුද අරගලයට ප්‍රහාරයක් දියත් කලත් කොම්පඤ්ඤ විදිය හා අවට කාර්යාලවල පිරිස හා අවට ජනයා   ප්‍රති ප්‍රහාර  දෙමින් අරගලය ආරක්ෂා කළහ. මේ තීරණාත්මක පැයේ  මහින්ද රජය විසිවිය. රනිල් අගමැති විය.

තවදුරටත් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල ගෝඨාබය එළවන්නට කොළඹට රැස්වූ අරගලකරුවන් ප්‍රමුඛ ජනතාව ජනාධිපති මන්දිරය හා ආරලිය ගහ මන්දිරය තම යටතට ගත්හ. ජනාධිපති ගෝඨාභය සැඟවුණි. අද ඔහු රටින් පිටය. වැඩ බලන ජනාධිපති රනිල්ය.



රනිල්ගේ ගේ ගිනි තැබීම හා පුස්තකාලය ගිනි තැබීම තුල කිසියම් කුමන්ත්‍රණ කාරී තත්වයක් තිබේ. එය හරියටම හෙළි දරව් වනු ඇත්තේ පසුවය. අද අරගල කරුවන් ගෙන් සෑහෙන ප්‍රමාණයක් භේද බින්න වී ඇති බව මුලින් සඳහන්  කලෙමි. ජවිපෙට මෙන්ම පෙසපේ ටද අවශ්‍ය අරගලයේ නායකත්වය තමන් යටතට ගැනීමටය. වසන්ත සමරසිංහ. අරගලයේ මුල්මු කාලයේම සිටි   ක්‍රිස් සියඹලාපිටිය, පරණ බ්ලොග්කරුවකු වන මංජුල සමරසේකර ආදීන් ජවිපෙ කොටසේ  පෙරමුණේ සිටින බව පෙනේ.  එසේම ලිබරල් මතවාදී ලෙස මා සිතා සිටින (වැරදීමක් විය හැක) ප්‍රියංග විශ්වජිත්, පැතුම් කර්නර්, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,   තරිඳු උඩුවරගෙදර,  චමල් අකලංක පොල්වත්තගේ   , රතිඳු සේනාරත්න, ජීවන්ත  දේද්දුවගේ ,  කසුන් පුස්සවෙල ඇතුළු  තවත් යුටියුබ් කරුවන් බොහොමයක්ද මධ්‍යස්ථ කාණ්ඩයේ සිටිති. සජබයේ බොහොමයක් ද අරගලයේ සිටියත් ඔවුන් සිටියේ පොදු සහයක් දෙන මට්ටමකය. අන්තරය පෙරටු කොට  එහි කැඳවුම් කරු වසන්ත මුදලිගේ සමගින් පෙරටුගාමී සමාජවාදීන් අරගලය තුල ශක්තිමත් තැනක සිටි.

මේ තත්වය තුලය වායු සමීකරණ ඇති  කාමර  ගැන ඇතිවුන අවුලේ සිට අද පාර්ලිමේන්තුව අල්ලා  ගැනීමට යාමේදී වූ සිඳුවීම් ද කරලියට පැමිණෙන්නේ.  අරගලයේ සාමුහිකත්වය බිඳී යාමේ තර්ජනයක් පවතී. එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටීම ගැන ජනතාවගේ කැමැත්තක් ද නැත. මේ තත්වයන් තුල අරගලය ඉදිරියට මෙහෙයවීමට එහි නායකත්වයට  අරගල කරුවන් පොදුවේ ගරු කරන චරිතයක් තෝරා ගත යුතුය. එසේම මේ චරිතයට පාර්ලිමේන්තුවේ සහ රටේ පොදු ජනයා  අතරද පිලි ගැනීමක් තිබිය යුතුය. ඩිල් වල අඩු වශයෙන්ම සිටි දේශපාලනඥයෙකු විය යුතුය. නායකත්වයක් ඇති කිරීම, කිසියම්  විනයක් මේ තුලට එක් කළ හැකිය. 

මා කිසි විටෙක ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා ට සහය පල කර නැත.ලියා නැත.මිට කලින් ලිපියක  මා සඳහන් කළේ  මිළඟ මැතිවරණයට සුදුසු සජිත් ප්‍රේමදාස , අනුර කුමාර , පාඨලි චම්පික  හෝ නාමල් බවයි. අද ඇතිවී ඇති තත්වය  තුල මේ කාලයේ ඉතා පරිණත  ලෙස පාර්ලිමේන්තුවේ විවාදයන් හි යෙදෙන, නායකත්වයට  පුරුදු, තම ප්‍රතිපත්තීන් පාවා නොදී සිරගෙයි පවා කාලයක් ගත කළ අරගල කරුවන් බොහෝ දෙනෙකුගේ ගෞරවය හිමි, සැබවින්ම යුද්ධයක් මෙහෙයවූවා යයි අපට පෙනන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය භාර ගත යුතු බව මම සිතමි.

කණගාටුවකට මෙන් විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා එයට ගැලපෙන්නේ නැත, ඔහුට අරගල කරුවන් බොහොමයකගේ සහයෝගයක් නැති බවක් පෙනී යයි. 

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  නිර්පාක්ෂික, ජවිපෙ හා පෙසප/අන්තරය අරගලකරුවන් මෙන්ම පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ නායකයාද විය යුතුය. ඔහුට  හමුදාවේ සහය ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇතැයි මට සිතිය නොහැකිය. 
වැඩ බලන අන්තර්වාර ආණ්ඩුවක තාවකාලික ජනාධිපති  හෝ අගමැති විය යුත්තේ ඔහුය.

මෙවැනි නායකත්වයක් නොමැතිව අරගලය වඩා විනාශකාරී මාවතක් ගනු ඇතැයි මට සිතේ.  මගේ අදහසට ඔබලාට කැමැති වීමට අවශ්‍ය නැත. නමුත් එක්සත්ව අරගල කිරීමට හා ජනතා රජයක් බිහි කිරීමට පහසු නැත. මුල් අවධිය සාක්ෂාත් කර ගැනීමට සුදුසු නායකත්වයක් අවශ්‍යමය. 

-අජිත් ධර්මකීර්ති 

ප.ලි: සරත් ෆොන්සේකා මහතා ජන ඝාතක යුද්ධයක් මෙහෙයවූ බව සැබෑය. එසේනම් ලංකාවේ සිංහල බහුතරයක්ද ජවිපෙ (සහ කැඩී ආ පෙසපේ ද)  , හෙළ උරුමය ද එයට සහය දුන් බව අප අමතක නොකළ යුතුය. 
අප දැනට යුද්ධයේ ගෞරවය  "රෙන මග ඔස්සේ නොන්ඩි කඩාල්" ට භාර දෙමු. 

මුල් ලිපි :






122 comments:

  1. ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ හොදින් මිනිමැරීමට පුහුණු වූ යන්ත්‍රයක්. ඔහුට විධායකය හම්බුනා කියන්නේ රනිල්ට හපන්.

    අරගලකාරයෝ ඔක්කොම ධර්මචක්කරේ යවාවි. අජිත් ධර්මකීර්ති මේ කැස කවන්නේ එයට.

    සන්නද්ධ අවි පුහුණුව සහිත පක්ෂ කාඩර්වරුන්ගේ, එල්ටීටීඊ සාමාජිකයන්ගේ සහය ඇතිව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙරටුගාමී පක්ෂය මුලිකත්වයෙන් සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කල යුතුයි.

    හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුයි. මරමස්ථාන අල්ලා ගැනීම දිගටම සිදුකල යුතුයි.

    අජිත් ධර්මකීර්ති වැනි ද්අයට ද්‍රෝහීන්ට දෙන දඩුවම ලබා දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් දැන් ඕකේ ඉන්න අනිත් අය මිනි මැරීමට නුපුරුදු අයද? මම කතා කරන්නේ පෙරටුගාමී සහ ජවිපෙ සහෝදරවරු ගැන. ෆොන්සේකා ජන ඝාතක යුද්ධය මෙහෙයවූ බව ඇත්ත. නමුත් එයට ඔය කියන පක්ෂ දෙකත් (පෙරටුගමින් හිටියේ ජවිපෙ ඇතුලේ) සහයෝගය දුන් බව අමතක කරන්න එපා. ෆොන්සේකා මිනි මැරුවේ ඔවුන්ගේ අනුදැනුම ඇතිව. ඔබ කියන පෙරටුගාමී අරගලය් ආවසන් වන්නේ ඔවුන් විසින් ජවිපෙ කෙඩර් සමුලඝාතනය කර හෝ ජවිපෙ හා ඔවුන් අතර ගැටුමකින්.

      Delete
    2. Jagath Pathirana14 July 2022 at 13:15

      මොකක්ද “ජන ඝාතක යුද්ධය“ කියන්නේ.
      දෙමළ ජාතිවාදී කැරැල්ල මර්ධනය කිරීමට
      ඔය වචනය පාවිච්චි කරන්නේ ඔබ පඬියෙක් බව පෙන්වන්නද?

      එතකොට ජාතික සමාජවාදය මර්ධනය කිරීම දඩමීමාකරගෙන කල බෝල්ෂෙවික්වරුන්ගේ යුරෝපා ආක්‍රමණය, මොන “ඝාතක යුද්ධයක්“ ද?

      Delete
    3. බෝල්ෂෙවික් වරුන් කොහෙද හලෝ ආක්‍රමණය කලේ. උන්ව ආක්‍රමණය කරපු එකාට ගැහුවා මිසක්. හිට්ලර් කලේ ජන ඝාතක යුද්ධයක්. ඌ සාමාන්‍ය වැසියන් මරපු නිසා.

      Delete
    4. රට හිඟා කන තත්ත්‍වයට පත් වුනාට කමක් නෑ නේද ජගත්. මේං පඞියාචාර්‍යතුමාගේ රෙදි නැතුවම කඩේ යනවා:
      http://www1.kalaya.org/2022/07/9.html
      එක අතකට මේවා කරපු පව් පලදීම්. ගාමන්ට්වල සන්නාලියොයි, මැදපෙරදිග ආයම්මලයි, තේවතු ලයිම්වල කුලී කාරයොයි හොයපු ඩොලර් වලින් සැමන් ෆිලේ, ගෝට් චීස් පාටිදාපු ජාතියක් නෙව අපි?

      Delete
    5. Jagath Pathirana

      Delete
    6. Jagath Pathirana14 July 2022 at 14:24

      //ගාමන්ට්වල සන්නාලියොයි, මැදපෙරදිග ආයම්මලයි, තේවතු ලයිම්වල කුලී කාරයොයි හොයපු ඩොලර් වලින් //
      ඔබට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාවක්.
      ඔය ගෑණු සල්ලි හෙව්වේ උන් වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමෙයි.

      Delete
    7. ගෝඨාභය ඔබ යා යුතුමය...

      ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

      ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

      ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

      ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

      ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

      ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

      ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

      ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

      ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

      ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

      ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

      🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

      🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

      🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
      ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

      🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

      🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

      🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

      🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

      🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
      ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

      ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

      එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

      ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

      ඔව් ඔබ යා යුතුමය...

      ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

      වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

      ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

      අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

      ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

      කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

      ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත.

      - රසික සුරියාරච්චි -

      Delete
    8. ජගත් , "ඔය ගෑණු සල්ලි හෙව්වේ උන් වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමෙයි." එතකොට ඔයා සියඹලා කෑවෙම නැහැ

      Delete
    9. ඇනෝ , මට තේරෙනවා.
      Anonymous14 July 2022 at 16:22, මටත් ඊයේ හීනියට වගේ දුකක් ආව ගෝඨා ගැන. මම හිතන්නේ මිනිහ ගෙව්වේ අයියල තුන් දෙනගෙයි උන්ගේ ළමයින් ගෙයි පව් ටික. මම හිතන්නේ මෑන් එච්චර හම්බ කළා කියල. පවුල ගොඩ නැගීමේ ව්‍යාපාරයේ හිටිය. ඔයාට අමතක වුනු දේ තමයි පාස්කු ප්‍රහාරය, අනික් එක කට්ටිය් නිදොස් කොට නිදහස් කිරීම. එක්කෙනෙක් දෙන්නෙක් ලෙඩ වෙන කොට කෝවිඩ් වලින් මුළු රටම වසා දැමීම. කාබනික පොහොර ෆියැස්කෝ එක. ඔහොම දිගින් දිගට කිව්ව හැකි, වැඩක් නැහැ. හැබැයි එකක් ගැන මම ගරු කරනවා. මිනිසුන්ට ගහල වෙඩි තියන්න පුළුවන් වුනත් ඒක කලේ නැහැ. මහින්ද ඒකට කතා කරලා බැන්න කියල ආරන්චියි. අර බේරේ වැවේ කට්ටිය නාපු සිද්ධියේදී , මම එපා කියාදී ඇයි එහෙම කලේ කියල අහපු එක. ඒ ඇරෙන්න ඉතින් "පවුල් අවුල් " එයාගේ නෙමේ. අනිත් රාජපක්ෂ ලාගේ

      Delete
    10. හොඳින් හෝ නරකින් ස්ථාවරභාවය ඇතිකරන්නට, ආර්ථිකය ට්‍රැක් එකට දාන්නට සහ දේශපාලනය කරන්නට රටක් ඉතිරි කරන්නට හැක්කේ වෙන්ඩ ජනාධිපතිලා අතරින් රනිල්ට පමණි.

      රනිල් හොඳ නැති බව නොදන්නා කිසිවෙකු නැත. එසේම රනිල් විශ්මකර්මයකු ද නොවේ. ආර්ථිකය ගොඩදාන්නට රනිල්ට බැරිය. පුළුවන් ගොඩයන මාර්ගයට දාගන්නට පමණි. ජාත්‍යන්තර හා ජාතික බල දේශපාලන සූදු මැද මියෙම්වා, රැක්ම්වා පන්නයේ ගේමක් ගහන්නට ඉන්න වෙන්ඩ ජනාධිපති රනිල්ය. අනෙක් එවුන්ට පවුල් පන්සල්ය. අහස උසට හීනය. මහජනයාට ගූ බයය. රනිල්ට ඒවා නැත. දැන් නම් ඉන්න ගෙයකුත් නැත.

      මේ වෙලාවේ පාලනය සඳහා පතෝලයන්ගෙන්, බල පෙරේතයන්ගෙන්,ෆැන්ටසිකාරයන්ගෙන් හෝ ආධුනිකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ නොම්මර එකේ කැරියෙකි. රනිල් අවශ්‍ය යයි අප කියන්නේ ඒ නිසාය.

      Delete
    11. මේක මේ අජිත් පැරකුම් ජයසිංහ එයාගේ වෝල් එක දාපු එකක්නේ. ඔයා එයාද

      Delete
  2. ඔබේ අදහස නිවැරදියි. අරගලය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පිවිසිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මම ඊයෙත් හීනයක් දැක්කා. ඒක මානව අයිතිවාසිකමක්නේ. හීනේ එවලා ඇති බ්ලොග් එකට.

      Delete
    2. දැන් ටිකක් ප්‍රජාතනත්‍රවාදී පැත්ත අමතක කරන්න වෙයි හැබැයි මේ විධිහට ගියොත්. ෆොන්සේකා ට නායකත්වය ගන්න වෙන්නේ ඒ නිසයි. ටික කාලෙකට හරි.

      Delete
    3. නැවත ආපහු ප්‍රජාතන්ත්‍ර වාදී පැත්තට එනවා වගේ පේනවා අරගල සමූහය

      Delete
  3. සිහින දැකීමේ නිදහසත් මානව අයිතිවාසිකමක්නේ!

    ReplyDelete
  4. ආයුධ බිම තැබීම පරාජය භාර ගැනීමක්. පක්ෂයේ සන්නද්ධ අංශය තව දුරටත් ශක්තිමත් කල යුතුයි

    ඊයේ අගමැති කාර්යාලය අසලදී කුලී හමුදාවන්ගෙන් පැහැරගත් අවි ආයුධ අධ්‍යනය කර නව ආයුධ නිපදවා කාඩර්වරුන්ට ලබා දිය යුතුය

    ReplyDelete
    Replies
    1. ටිපර් වෙන්න එපා, නොදන්න හින්දයි අහන්නෙ? ඔය කාඩර්වරු වැඩට බැස්ස කිසිම රටක, ඔක හරියට අටවගන්න බැරිවුනේ ඇයි සහෝදරයා?

      Delete
    2. බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ(13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් කල් දුව මහතා පවසයි.

      මෙහිදී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය , ජීව උණ්ඩ 60 මැගසින් දෙකක්, මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

      Delete
    3. ගහන්න ලැහැස්ති වෙනවා . නමුත් ප්‍රශ්නේ ඕක නෙමේනේ Anonymous14 July 2022 at 02:28 සහෝදරයා. උඹල උඹල මරා ගන්න එකනේ. රට ලේ විලක් වෙන එක විතරයි. උඹලට ඕක සාමකාමිව විසඳ ගන්න බැහැ කියල පේනවනේ.

      Delete
  5. සම්ප්‍රධායික අන්තගාමී සමාජවාදය හෙවත් කාඩර්වරුන්ගේ සිහිනය:

    1.තුවක්කුවෙන් තමයි බලය අල්ලන්න ඕනෙ( එතකොට තමයි සදාකලිකව් බලයේ ඉන්න පුළුවන්)

    2.හොම්බට ඇන, ඇන තමයි හුදී ජනයාට සමාජවාදය පොවන්න ඕනෙ.

    3. අපි සියල්ල දත් කාඩර්වරු, තොපි නොමඟ ගිය ජනතාව. ඒ නිසා තොපි වෙනුවෙන් තීරණ ගන්නෙ අපි.

    4. අපේ තීරණවලට විරුද්ධ වෙනවුන් ද්‍රෝහීයෝ. උන්ව කැංගරු කෝට් ක්‍රමේට නඩු අහලා, වෙඩිතියලා ලයිට් කණුවල එල්ලලා, දණිස්සෙන් උඩට මිනීපෙට්ටිය උස්සන්න තහනම් කරන්න ඕනෙ.

    සිරි ලංකාවාසී සැමට පොල්පොට්ගේ, ස්ටාලින්ගේ පිහිටයි.


    ReplyDelete
    Replies
    1. පොල්පොට්වාදයට යන්න ඉතා ළඟයි . මම මේ ලිපි පෙළ ලියන්නෙත් ඒකයි.

      Delete
    2. කාම්බෝජය ගැන

      Delete
  6. Well written Ajith.

    ReplyDelete
    Replies
    1. Sorry, when i use the phone sometimes comments go as anonymous
      Pra Jay

      Delete
  7. 'අරගල භූමියට බතින් , බුලතින්, තේ පැන් වලින්, වතුරින් සංග්‍රහ කිරීමට බොහෝ අය ඉදිරිපත් විය.'

    කොහෙද බුලත් දුන්නේ? අජිත් හිතුවද අජිත් වගේ පඩික්කම් පුරව පුරව ඉන්න නාකි මැන්ටල් ගෝල්පේස් එකේ ඉන්නේ කියලා. එතන බුලත් කකා ඉන්න අය නැහැ.

    ReplyDelete
    Replies
    1. මට නම් ඔය බුලත් කකා ඉන්න ගොඩේ අය පේන්න බැහැ, මොකද එයාලා ගාව ගදයි. ඇයි මේ බුලත් කන අයට ඒවාට යන සල්ලි එකතු කරලා හ‍රි චුයින්ගම් කන්න බැරි.

      Delete
    2. නාකි මැන්ටල් නේද? යෝජිත සමාජවාදී සුරපුරයේ මනුස්සකම වෙන්නැති නේද? කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය.

      Delete
    3. ඇනෝ "බතින් බුලතින්" කියන්නේ හෙළ ජන වහරේ එන යෙදුමක් පමණයි. ඉන් අදහස් වන්නේ "හොඳට සංග්‍රහ කළා " යන්න. නාකි මැන්ටල් කියල කීවහම මේ Anonymous14 July 2022 at 04:35 කිව වගේ නකින් මරණ සමාජවාදයක් එයි කියල මිනිස්සු බය වෙයි හැබැයි. 😆

      Delete
  8. ජෙනරාල් සරත් ෆොන්සේකා නැමැති භයානක මිනීමරුවාට හමුදාවේ සහය ඇති නිසා ඔහු තාවකාලිකව හෝ රටේ බලය ලබා ගතයුතුය යන ප්‍රකාශය තුලින් ධර්මකීර්ති ඔහුගේ නිරුවත ලොවට මෙන්න මෙසේ යැයි කියා පෙන්වා ඇත.

    කිසිදු ධර්මයක් නොදන්නා ධර්මකීර්තිට එම නම තැබූ තැනැත්තා සිටි නම් අද ධර්මයට සිදු කල අපහාසය දැක, කීර්තිගේ අපකීර්තිමත් ඉතිහාසය සහ වර්තමානය දැක විස්සෝප වෙනවා ඇත.

    ධර්මය නොදන්නා අපකීර්ති දැන් කියන්නේ මිලිටරි ජුන්ටාවේ ජෙනරාල්ට බලය දෙන ලෙසයි.

    මෙම ඝාතකයා උතුරේ දෙමළුන්ට සිදු කල අපරාද නොදන්නේද? සිය නිජ භුමියේ හිමිකම වෙනුවෙන් අයිතිය ඉල්ලු නිරායුධ අහිංසක ද්‍රවිඩ ජනයා ළමා ලපටීන්, කාන්තාවන් ඇතුලු ලක්ෂ දෙකක් සුදූ පොස්පරස් අඩංගු පොකුරු බෝම්බ හෙලා ඝාතනයට අණදුන් අපරාධකරුවාය.

    මොහුගේ හමුදා මර්ධනයට අසුවූ තවත් ලක්ෂ ගණනක් උතුරේ ජනයා අදටත් අත් පා අහිමිව දුක් විදිති.

    උතුරේ පමණක් නොව 88/89 භීෂණ සමයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා සිදු කල මර්ධනය අපට මතකය. වෙනත් සිසුවෙක්ට ලැබිය යුතු විදෙස් ශිෂ්‍යත්වය දේශපාලන හයිය මත වංචා කොට ලබා ගෙන රුසියාවට ගොස් සිටි නිසා අධර්මඅපකීර්ති එම විස්තර නොදන්නවා විය හැක.

    අජිත් ධර්මකීර්ති හුරේ දමනා මර්ධනය ඔහු කෙරේ හඹා එන්නේ නැත. මන්ද ඔහු ලංකාවට නේන බැවිනි.

    එනමුත් මොහුගේ මනුෂත්වයට විරෝධී බිහිසුණු අදහස් ගැන බ්‍රිතාන්‍ය රජයට, ජර්මානු රජයට මෙන්ම සේවය කරනා ස්ථාන වලට දැනුම් දිය යුතුය.

    අරගලය දිනේවා.

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකා ගේ ජන ඝාතක යුද්ධය ගැන මම හොඳින් දනිමි. ඔබ ඇනෝ නොදන්නවා වුනාට මම 1983 සිටම යුද්ධයට විරුද්ධ වුවෙකි. මගේ මිතුරන් අතර සිටියේ බොහෝ යධ විරෝධීන් ය. මම රෝහිත භාෂාන සහෝදරයාට හා මංජුල වෙඩිවර්ධන සහෝදරයන්ට ඇලුම් කරන අයෙක්මි. අද අරගලයේ පෙරෙමුණේ සිටින කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමීන් ද අනුර කුමාර ගේ ජවිපෙ ද එම යුද්ධයට 2005 සිට සහය දැක්වුවන් ය, ලනක්වට රාජපක්ෂ පිළිලය ගෙනෙවේද ඔවුන් හා පාඨලි ගේ හෙළ උරුමයයි. ෆොන්සේකා යුද්ධය කලේ ඔහු හමුදා නිලධාරියෙකු බැවනි. ජවෙප්ට ප්‍රතිසංස්කරණ වන්නට පුලුවන්නම්. පෙරටුගාමීන් දැන් සම්පුර්ණ දෙමල හිතවාදී භූමිකාවක් රඟන්නේ නම් ෆොන්සේකා ට නොහැකි ඇයි . එසේ නොවාන්නට නම් උඹලාගේ පටු , ගොන් බෙදා වෙන් කර කරන අරගල නවත්තපල්ලා.

      Delete
    2. Jagath Pathirana14 July 2022 at 13:17

      මම 1983 සිටම යුද්ධයට විරුද්ධ වුවෙකි
      මහත්මයාගේ වයස කීයද?

      Delete
    3. 1983 දී මට 18 යි. ගණන් පුලුවන්ද

      Delete
  9. ප්‍රෝඩාතන්තරේ රජයයි හිටු කියලා
    මන්තිරි වෙන්න බැරි වූවෙක් රජ කෙරිලා
    වැඩිම සහය ඇති අගමැති නම් කරලා
    දෙන්නැයි කියයි; රටම හිනා ගස්සවලා!

    ReplyDelete
    Replies
    1. මිනිහට ඕන වුනේ පැය දෙකේ ජනාධිපති වෙන්න.

      Delete
  10. //මුල් අවධිය සාක්ෂාත් කර ගැනීමට සුදුසු නායකත්වයක් අවශ්‍යමය. // ඒක ඇත්ත. ඒත් අතීත sfගෙ පැටිකිරිය අපි දැක්ක නෙව.. පාර්ලිම්ට් ආපු මුල් කාලෙ. (දැන් හැදිලද දන්නෙ නෑ). මොකෝ මේ ටික දෝහ... අන්ර (වෙන්නෙ නෑ නම් තමා)

    //අරගලය ඉදිරියට මෙහෙයවීමට එහි නායකත්වයට අරගල කරුවන් පොදුවේ ගරු කරන චරිතයක් තෝරා ගත යුතුය// - කණ්ඩායමක් හදාගත්තා නම් වඩා හොඳයි කියලයි හිතෙන්නෙ. උපදෙස් ගන්න ඔය නීතිඤ සංගමය පවා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැමියා මම ෆොන්සේකා ට ඉතා අකමැතිව හිටි කෙනෙක්. ජවිපෙ ජනාධිපතිවරණයට සහය දුන් වෙලවේ වුනත් දෙගිඩියාවෙන් හිටියේ. මේක ලියන්න හේතු දෙකක් තියනවා. එකක් ඔහු දැන් පරිණත විධිහට කතා කරනවා. දෙක , ඔහුට අරගලකරුවන් ගේ සහ සමාජයේ වඩා පිලි ගැනීමක් තිබෙන චරිතයක් වීම. කණ්ඩායමක් තියෙනව. නමුත් ප්‍රශ්නේ ඒ කණ්ඩායමට අන්තරය කොන්ට්‍රෝල් නැහැ. අන්තරය කොන්ට්‍රෝල් වෙනෙන් කුමාර් ගුණරත්නම් සහෝදරයා ගේ පෙඅපේ හරහා. එතකොට ජවිපෙ ක්‍රියාත්මක වෙනෙන් වෙනම. දැන් අන්තරේ වසන්ත මුදලිගේ පාර්ලිමේන්තු යන්න එපා කිවම පැතුම් කර්නර්, ජවිපෙ ලාල් කාන්ත, හඳුනෙත්ති යන්න කියනව.

      Delete
    2. https://www.lankahotnews.net/2022/07/pathum-kerner.html

      Delete
  11. පාර්ලි‌‌මේන්තුව අරගලකරුවන්ගේ යටතට ගැනීම අත්‍යවශ්‍යයි. ඉන්පසු නව පාලනයක් ගොඩනගමු.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ටිකත් අස් වෙන්න ඕනේ.

      Delete
  12. රාජපක්ෂලා එළවන මගේ අරගලයට දැන් අවුරුදු 18ක්. ඒක පටන් ගත්තෙ 2004දි. ගෑස් විදුලිය බෙහෙත් ඉන්ධන නැති වීමෙන් පටන්ගත්ත මැද පාංතික අරගලයෙ මුල් පරිච්ඡේදයෙ මාත් සක්‍රීය සාමාජිකයෙක් වුනා. ඒ වෙනුවෙන් ලිව්වා. කතා කළා. මට අනන්‍ය විරෝධයන් පැවැත්තුවා. මේ අරගලයෙන් මං තීරණාත්මකව කැඩෙන්නෙ සජිත්ට පහර දී එලවා දාපු දවසෙ. ඒ පහරදීම ගැන කිසිම විදිහක සාධාරණ මැදිහත් විවේචනයක් අරගලකරුවන්ගෙන් සිද්ද වෙන්නෙ නෑ. ඒ ගැන ප්‍රශ්න කිරීම හින්ද මං ඒ වෙලාවෙ සජිත්වාදියෙක් වෙනවා. ඒ මොහොතෙදි මං තේරුම් ගත්තා අරගලය ප්‍රචන්ඩත්වයට සහයෝගය දක්වනවා කියන එක. ඒ වගේම රාජපක්ෂලාගේ පාක්ෂිකවාදයම අරගලය ඇතුලෙත් වැඩ කරනවා කියන එක.

    අරගලය මුල ඉඳලම මගේ ආස්ථානය වුනේ පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කමක් වෙනුවෙන් අරගලය මහජන මැදිහත්වීමක් කියන එකයි. අරගලයෙ හැටියට රටක් කරන්න ඕන කියන එක නෙමෙයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නිර්මාණය කරනවා වෙනුවට ෆැසිස්ට්වාදයක් කැඳවන අරගලයකට මගේ කිසිම සහයෝගයක් තිබුනෙ නෑ. සර්ව පාක්ෂික නායකයන් එකට කැඳවමින් අරගලකරුවන් ඊට සම්බන්ධ කරන වේදිකාවක් නිර්මාණය කිරීමට දායක වීම හේතු‍වෙන් මං අරගලය පාවාදෙන්නෙක් වුනා.

    එදා මං කියද්දි අරගලය ජවිපෙ සහ පෙරට්ටන් විසින් අත්පත් කරගන්නවා කියල මහා පිරිසක් මට විරුද්ද වුනා. ඒත් දැන් අපිට දකින්න තියෙන්නෙ මොකක්ද? මේ කවුරුහරි ප්‍රාර්ථනා කළ අරගලය නම් මට කියන්න තියෙන්නෙ අබසරණයි කියල විතරයි.

    දැන් මේක නවත්තන්න එපා. තව පුළුවන් තරම් රාජ්‍ය ගොඩනැගිලි අත්පත් කරගන්න. අරගල එහෙම තමයි කියමින් ගිනි අවුලන්න. කුමාර ගුනරත්නම් කියන විදිහට අරගලයේ නීතිය රටේ නීතිය කරන්න. තව නොබෝ දිනකින් ජනතාව විසින් අරගලකරුවන්ට ගහලා පන්නන කල්ම අරගලය කරන්න.

    අරගලයට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සජිත්ට පහර දීම මම අනුමත කරන්නේ නැහැ. ඉන් වුනේ අරගලයට සම්බන්ධ කොටසක් ඉන් කැඩී යාම පමණයි. ඒ අය එක් කරගන්න පුළුවන් ෆොන්සේකා වගේ කෙනෙක් ආවොත් විතරයි.

      Delete
  13. බෝල්ෂෙවික් ත්‍රස්තවාදී කල්ලි දෙක එකිනෙකා මරා ගනිී .

    රනිල් වික්‍රමසිංහ විධායක බලතල භාවිතා කොට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තහනම් කොට මර්ධනය කර දැමිය යුතුයි.

    දේපල ගිනි තබන, සිවිල් ජන ජීවිතය කඩාකප්පල් කාන ත්‍රස්‌තවාදය පරාජය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ ආදී දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් සදහා අවි ආයුධ පුහුණව ලබා දී ඔවුන්ට අවි ආයුධ නිකුත්කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. කලින් වෙච්චි දේ. ප්‍රා ගෙනල්ල්. ඒක වෙන්න කලින් මේ තරුණ තරුණියෝ බේරා ගන්න ඕනේ

      Delete
  14. ෆොන්සේකා කියන්නෙත් ගෝටභය වගේම මෝඩයෙක්.
    අජිත් ගොනා කියලා දන්නවා, හැබැයි ෆොන්සේකා මේ වෙලේ රටේ පාලනය ගන්න ඕනි කියලා වගේ ගොන් කතාවක් කියයි කියලා නං හිතුවේ නැහැ.

    අනික අජිත් ගේ දේශපාලන විශ්ලේෂණ වැරදෙන්නේ ඔබ‍ට ලංකාවේ ප්‍රවුත්ති ලැබෙන ආකාරය වැරදි නිසා
    ඔබ කියවන්නේ ඔබ‍ට රුචි නිවුස් විතරක් වෙන්න ඇති ල. ඉන් පසු ඔබ එන්නේ සැබෑ තත්වය ගැන තක්සේරුවකට නෙමේ


    ගෝටාට උනෙත් ඒකනේ. ගෝටා වටේට හෙනම බබ්ල් එකක් හැදිල තිබුනෙ. ඒකෙන් එයත්න හෙනම ඊගෝ එකෙන් හිටියෙ.

    බබ්ල් එක බ්ලාස්ට්වෙලා ම මහපොලවට වැටෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.ෆොන්සේකාටත් එහෙමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා සජිත් වගේම මෝඩයෙක් වෙන්නත් පුළුවන්. ඔහුට ලංකාවේ පාලනය දිගටම භාර දෙන්න කියල නෙමේ මේ කියන්නේ. අරගල කරුවන් ගේ නායකත්වය මනුස්සයෝ. ඔන්න අදත් රනිල් ගේ හෝ සජිත් ගේ කට්ටිය ගෝල්ෆේස් එවුන්ට ගහල. වසන්ත මුදලිගේ කියනවා පාර්ලිමේන්තුව අල්ලන්න ඔවුන් සහය දෙන්නේ නැහැ කියල. හඳුන්නෙත්ති කියනව අල්ලන ඕනේ කියල. වසන්ත සමරසිංහට වලි දානවා. දෙගොල්ල මරා ගන්න ලඟයි. ඉතා ලඟයි. එක තැනක හමුදාවට ගහල යුධ අරගෙන. රනිල් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියල ම හොඳටම දන්නවා. මම කැමති වුනා මුලින් රනිල්ට අරගෙන කරන්න දෙන්න කියල. නමුත් මිනිස්සු ඒ මූඩ් එකේ නැහැ. ෆොන්සේකා බබල් එකක් ඉන්නව කියලා මම හිතන්නේ නැහැ. මේක මගේ යෝජනවක් විතරයි . වෙන කෙනෙක් ඉන්නවා නම් ලියගෙන් යන්න. නායකයා අන්තරය, ජවිපෙ සහ අනිකුත් අරගල කරුවන් ගුරා කරන කෙනෙක් වුනහම ඇති. අනික මම කියන්නේ අන්තර් කාලින පාලනයක් චන්දෙ තියනකන් ඊට අපස්සේ ජවිපෙ හරි වෙන පක්ෂයක් හරි බලයට එයිනේ. නැත්නම් මට ලැබෙන ආරංචි වල හැටියට උඹල මරා ගන්න ඉතා ළඟයි.

      Delete
  15. අනුර කියන්නේ රනිල්ගේ කොල්ල, රනිල් අනුර අවුස්සලා ගෝට පැන්නුව
    පස්සේ තේරෙයි
    අනුර කියන්නේ රනිල් 89 මරන්නේ නැතුව බේරාගත්තු ගෝනි බිල්ලෙක්
    ඒ දවස්වල ගෝනි බිල්ල කියන්නේ කවුද කියල කියන්න ඕන නැහැ නේ

    ReplyDelete
    Replies
    1. මම එහෙම එකක් දන්නේ නැහැ. සාක්ෂි නැති කතා

      Delete
  16. ආරංචි වන අන්දමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ සභිකයන්ගේ ඉල්ලීම පරිදි ඊයේ සවස පාර්ලිමේන්තුව වැටලීමට ගිය අරගල කරුවන්ගේ පහර කෑමට ලක්වූ ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙක් මිය ගොස් ඇත.

    හමුදා ගිනි අවි දෙකක් පැහැරගෙන ඇත. හමුදාව වියුරු වැටීමට ආසන්නය.

    අද දහවල් සිට කොළබ දිස්ත්‍රික්කයේ ඇදිරි නිතිය පනවා ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ ව්‍යවස්ථාවෙන් පිට සිදුවන අරගල සහ කැරලි මර්ධනය කරනා බවයි. ෆැසිස්ට්වාදයට ඉඩ නොදෙන බවද සටහන් කරා.

    මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය පාලනයේ තිබු ස්ථාන ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට භාර දීමට තීරණය කර ඇති අතර , අන්තර් විශ්ව විද්‍යාලය බල මණ්ඩලය ග්‍රහණයේ තිබු මරමස්ථාන වලින් ඔවුන් පසුබැසීමට තීරණය කොට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ල මැරිලා නැහැ. පසු බහින එක හොඳයි.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ලිපියේ මුල් කොටස සමඟ එකඟයි. ෆොන්සේකා ගැන පැහැදීමක් ඇතත්, මේ වෙලාවේ සුදුසු ඔහුද කියන්න දන්නෙ නෑ. හිමිජ්ජා වගේ
    හිටපු රනිල්ගේ දැන් ක්‍රියාකලාපය බැලුවාම....

    මේ වෙලාවෙ විසඳුමක් ගන්න වෙන්නෙ පාර්ලිමේන්තුව හරහා කියන එක හරියි කියල හිතෙනවා. පාර්ලිමේන්තුව ඇල්ලීමට උසිගැන්වීම හරහා ජවිපෙ බලලුන් ලවා කොස් ඇට බෑවීමේ ප්‍රතිපත්තිය හොඳට පැහැදිලි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ අරගලකරුවෝ එක තැනක් යටතට ගණන් ඕනේ නිසා ෆොන්සේකා කිවේ. වෙනේ කෙනක් ඉන්නවා නම් ලියන්න.

      Delete
    2. දෙවන කොටසේ ලීවේ මොනවාද කියල කල්පනා කරන මම. 🥸

      Delete
  19. "සැබවින්ම යුද්ධයක් මෙහෙයවූවා යයි අපට පෙනන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා" මේක තමයි වැදගත්ම පොයින්ට් එක. For good or bad, he has demonstrated 'some' leadership qualities.

    සාලිය පීරිස් (BASL) හොඳ තේරීමක් කියලත් ගොඩක් අය කියලා තිබුනා නේද.

    ReplyDelete
    Replies
    1. සාලිය පීරිස් බැහැයි කීවනේ. නැත්නම් එයා තමා ෆොන්සේකාට කලින් හිටිය චොයිස් එක.

      Delete
  20. එකම ලංකට් එක ඇදගෙන මාස තුනකට වඩා ගෝල්පේස් එකේ ලැගලා අන්තිමට අරගලකාරයන්ට ලැබුනේ රනිල්ගේ ජනාධිපතිකම පිළිගන්නයි.

    ඊට අමතරව අරගලකාරයොන්ට ලැබුනා ප්‍රීති කසානා. දැන් ගෙවල් වලට වෙලා කස කසා හිටිය හැකි.

    ReplyDelete
    Replies
    1. අරගලකාරයෝ එක්ක බුදියාගන්න ගිහාම ඔහොම වෙනවා ඇනෝ

      Delete
  21. ගෝටාබේ මහත්තයෝ අරගෙන ආවට දානේ
    පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ

    ගෝටාබය පැරදුනාට කමක් නෑ පුතේ.

    ධර්මකීර්ති දිනනවා නං රටට හෙන ගැහුවත් කමක් නැහැ අනේ

    ReplyDelete
    Replies
    1. මම මොකෙන් දිනන්නද

      Delete
  22. මහින්දෝදය විද්‍යාගාර රනිලෝදය ලෙස වෙනස් කිරීමට යාමට එරෙහිව නැගී සිටිමු!

    ReplyDelete
    Replies
    1. කිසිම දෙහ්සප්ලකයෙක් ගේ නමක් නොදැ ඉන්න පුළුවන් නේ.

      Delete
  23. Replies
    1. සෑහෙන කාලෙකින් . වෙල්කම් බැක්

      Delete
  24. ෆොන්සේකා ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් නෙවෙයි, අවස්ථාවාදී ආත්මාර්ථකාමි ගති තියෙනවා. එක වෙලාවකට කියන දේ නෙවෙයි තව වෙලාවකට කියන්නෙ. වාසියක් දැක්කම තමන්ගෙ කණ්ඩායමට නායකයට විරුද්ධ වෙනවා. මම තමයි හරි කියලා හිතන ඒකාධිපති ගති තියෙන කෙනෙක් මනුස්සයෙක්ට ගරුත්වයක් දීලා කතා කරන්න දන්නා කෙනෙක් නෙමෙයි.

    මේ වෙනකොට එයා දේශපාලන පක්ෂම කීයක ඉදලා තියෙනවද. එහෙම කරන්නේ එයාගේ වාසිය වෙනුවෙන්. බුද්ධියෙන් දේශපාලන තීරණ ගන්නා කෙනෙක් නෙමෙයි. මිනිස්සු බොරුවට චූන් කරන්න හොදයි සහ මිනිස්සු චුන් වෙලා ඉන්නකොට ඒවායෙන් තවත් බොරුවට ෆෝම් වෙන කෙනෙක්.

    එයාගේ දේශපාලන හැසිරීම හරිම ලමකයි.

    මේ වෙලේ ලංකාව මුහුණ දෙන දරුණු දේශපාලන, සමාජීය, ආර්ථික ගැටළු වලට මෙයාගෙන් විසදුම් නැහැ.

    ReplyDelete
    Replies
    1. //ෆොන්සේකා ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් නෙවෙයි, අවස්ථාවාදී ආත්මාර්ථකාමි ගති තියෙනවා// දැන් ඕක නැත්තේ කාටද ඔය ඉන්න සෙට් එකේ.
      //මේ වෙලේ ලංකාව මුහුණ දෙන දරුණු දේශපාලන, සමාජීය, ආර්ථික ගැටළු වලට මෙයාගෙන් විසදුම් නැහැ.// වෙන්න පුළුවන්. නමුත් එන්න තියෙන ලේ විල නවත්වන්න පුළුවන් කෙනෙක්.

      Delete
    2. https://www.youtube.com/watch?v=ADEIP2ULTx4&feature=youtu.be

      Delete
  25. රාජපක්ෂ රෙජිමයාධිපති
    රෙජිමයාධිපති රාජපක්ෂ

    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව
    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව අභිතව සටනට

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ මිලිටරි ජුන්ටාව , ෆොන්සේකාගේ මිලිටරි ජුන්ටාව , සජිත් ගේ මිලිටරි ජුන්ටාව , ඩලස් ගේ මිලිටරි ජුන්ටාව , අනුරගේ සමාජවාදී ජුන්ටාව, කුමාරගේ අන්තරේ ජුන්ටාව , දීප්තිගේ ෆේස්බුක් ජුන්ටාව 😄

      Delete
  26. වරදක් නොකළ යමෙක් ඇත්නම් පළමු ගල ගසන්නැයි ජේසුස් වහන්සේ කීහ.

    ආරක්ෂක ල‍ේකම් ගෝටාබය හෝ විධායක ජනාදිපති ගෝටාබය සමග එදිරි වුවද සියලු තනතුරු හැරගිය සරණාගත ගෝටාබය සමග එක බිම් පඩියේ හිඳගනිමි. කරට අතදාගෙන 'අල්ලලා දාපං මචං' කියා කියන්නෙමි. ජයග්‍රහණයේ ගෝෂා මැද පරාජිතයා සමග හුදකලා වන්නට මං කැමතිය.

    ගෝටා දැන් ජාතියක නින්දා පරිභව විඳින්නෙකි. ගෞරවය අන්තිම බිංදුවටම සිඳුනෙකි. තමන් කළ හා නොකළ සියලු පාපයන් වෙනුවෙන් කරගසන්නෙකි. එදා ඔහු මහා විරුවෙකුට ඇන්දවූ සුවිසල් ජනතාවක් අද ඔහු සමග නැත. ඔහු මහා ප්‍රාඥයෙකුට ඇන්දවූ වියත් සභාවක් නැත. ඔහුට විනාශකාරී ප්‍රතිපත්ති තනා දුන්, ඒවාට කතා ගොතා දුන්, උගතුන් බුද්ධිමතුන් අද නැත. සියලු වරද ඔහු තනිව සිදු කර ඇත. මහින්දට නාමල්ට රටක් තිබුනත් ගෝටාට ඉන්න රටකුත් නැත.

    ගෝටා වීරයෙක් කලේ රටේ මහා ජනතාවගේ මුග්ධභාවයයි. දැන් ගෝටාගෙන් ඒ මුග්ධභාවයේ සළුපිළි උනාගෙන ඔවුන් තව විරුවෙක් නිර්මාණය කරනු ඇති. ඒ විරුවා කර තබාගෙන, ඔහුගේ අධෝවාතයද අහෝ සුවඳැයි ප්‍රශස්ති ලියනු ඇත. අරගලයේ එවන් ජාතික විරුවන් දුසිම් ගණනින් බිහිවනු අපි දුටිමු. පසුව උන්ටද ගෝටාට වූ දේම සිදුවනු ඇත. අපි අපේ මුග්ධ සළුපිලි අන්දවන්නට තව අලුත් විරුවන් සොයනු ඇත.

    කෙසේ වුවත් ගෝටාබය රාජපක්ෂ නැමැති ඒ වයස්ගත මිනිසාට සතුටින් පිරුනු අනාගතයක් පතමි. විරුවකුගේ ඇඳුම් උනාලූ පසු දැනෙන සැහැල්ලුව ඔබ සනසාලනු ඇත. විරුවන් තනන චාරිකාවේ යෙදෙන ජනතාව සදා පසුතැවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත. අර කලින් එකේ ලිව්වා වගේ වෙඩි තියන්න එන නොකළ එකට ගරු කරනවා. විපත් මග කියල ගෙනාපු නුපුහුණු රැල මෑන් ව ලෙසටම ඇන්දුවා තමයි.

      Delete
  27. ඔක්කොම එකතු වෙලා ජනප්පතිතුමාට ෆුකේ ඇරියයි කියලා හම්බෙයිද තෙල්? ඒ මනුස්සා පව්. අපිත් පව්. ජනප්පතිතුමත් පව්.

    ReplyDelete
    Replies
    1. තෙල් හම්බවෙන්න රටේ ආර්ථිකය කළමණා කරන්න ඕනේ නිවැරදිව. ගෝට තීරණ ගන්න බැරිව ලත වෙච්ච ජනාධිපති කෙනෙක්.

      Delete
  28. රාජපක්ෂලා පැන්නීම සඳහා කෘත්‍රිමව නිර්මාණය කරන ලද සමාජ වෛරයෙන් ලාංකික සමාජය මිදිය යුතුය.

    මේ පසුපස ක්‍රියාත්මක වූ ඉන්දීය හා ඇමරිකානු දේශපාලනය තේරුම්ගත යුතුය.

    කෘත්‍රිමව නිර්මාණය කරන ලද දෙය කොයි තරම් සමාජයේ මුල්බැස තිබේදැයි අධ්‍යයනය කළ යුතුය.
    ඒ අනුව දේශපාලනිකව කටයුතු කළ යුතුය

    ReplyDelete
    Replies
    1. ඉන්දීය දේශපාලනය තමයි ගෝඨා ගෙනාවේ. අරගලය නිර්මාණය වුනේ උන් හින්ද නෙමේ . උන්ට ඒකට එකතු වෙන්න උනා.

      Delete
  29. අවසානයේදී අජිත් ධර්මකීර්ති ජය ගත්තේය. ඔහුගේ සදාකාලින නායක රනිල් වික්‍රමසිංහ ජනපති පුටුවේ ඉදගත්තේය. රනිල් වික්‍රමසිංහට බලය ලැබීම හැර විරෝධතාකරුවන් ලද අන් කිසිවක් නැත. නිවසට ගොස් තනිව මදක් පුටුවක පිටුපසට හාන්සි වී ඒ ගැන කල්පනා කරන විරෝධතාකරුවෙකුට තමා කළ දෙය ගැන කුමක් සිතේවිද? ඒ කෙසේ වෙතත්, ඉදිරියේ දී ඔවුන්ට රාජ්‍ය යන්න එහි පරිසමාප්තියෙන් අභිමුඛ වීමට නියමිතයි.

    මෙම අරගලයේ මුල සිටම මෙය කෘතිමව ඇති කරන ලද අරගලයක් බවත් මෙහි අරමුණ රනිල්ට බලය දීම බවත් අප පැවසුවෙමු. අජිත් ධර්මකීර්ති බ්‍රිතානයේ සිට ගෙනියන බිහිසුණු වැඩ පිළිවෙල ගැන සහ ඔහුගේ එක්සත් ජතික පක්ෂ ඉහල සඹදතා, අන්ත දක්ෂිණාංශික ජනපති රනිල් වික්‍රමසිංහගේ බිහිසුණු ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කළෙමු.

    මෙම බ්ලොග් අඩවියේ පවා අප සටහන් කල ඇති කොමෙන්ටු ඒවාට සාක්ෂි දරනවා ඇත. එවිට අජිත් ධර්ම මහතා පැවසුවේ අප යමක් හිතේ මවාගෙන සිටිනා බවයි. එනමුත් අප කී දේ සත්‍යය වී ඇත. ලක්ෂ 69 ක ජනතා වරමක් ලැබූ, තුනෙන් දෙකක පාර්ලි‌‌මේන්තුවක් තිබු, 20 වෙනි සංශෝධනය මගින් අසීමිතව බලගන්වනු ලැබූ විධායක ජනපතිවරයෙක්ට උන් හිටි තැන් අහිමි කිරීමට අජිත් ධර්ම මහතා ප්‍රමුක යටිබිම්ගත යාන්ත්‍රනය ප්‍රභල විය.

    අරගලය මෙහෙය වන්නේ තමායයි කියා සිතා සිටි පෙරටුගමින්ට සිහිඑලඹෙන විට ඔවුන් රාජ්‍ය මර්ධනයට හසුවී සිටිනු ඇත.
    මේ මොහොතේ ලන්ඩනයට වී බ්‍රැන්ඩි වීදුරුවක් තොල ගාන ගමන් අජිත් ධර්ම මහතා සිය කෘට බුද්ධිය මෙහෙයවමින් වික්‍රමසිංහ ජනපතිවරයාගේ බලය තහවුරු කිරීමේ චෙස් ක්‍රීඩාවේ ඊලග ඉත්තන් මෙහෙයවමින් සිටිනු ඇත.

    මොවුන්ගේ මෙම බලලොහිත්වයෙන්, චෙස් ඉත්තන් වීමෙන් අප ගැලවෙන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. වැරදි ආරංචියක් නේ. මම බ්‍රැන්ඩි බොන්නේ නැහැ නොව. සිංගල් මෝල්ට් තමයි. Laphroaig Lore Islay Single Malt එකක් මේ දිනවල ඉවර කරන්නේ. බීල බලහන්. නියම දුම් ගහපු රැසක් එනවා. සුවඳ එක්කම. ඒක නෙමේ මචං දැන් බලහන්කො ෆොන්සේකා ආවහම සජියගේ බලේ අඩුවෙනවා. සජියගේ සජබේ කැඩෙනවා . ඒකෙ ඉන්නේ හොරු අරකෙ, පොහොට්ටුවේ වගේම . කිරි පල්ලල ඇතුළු සෙට් එක. උන් බලයට ආවත් මෙච්චරම තමා . ඕක නවත්වන්න ඕනේ දෙයක්නේ. මෙඡාර ත්ටමන්න් ඕනෙද තව හොරු ටිකකට බලය දෙන්න. ඩිල් අඩුම ෆොන්සේකා එන එක හොඳයි. අනික දැන් කාලේ කාටවත් ඒකාධිපති රංගන දාන්න ලෙහෙසි නැහැ. එහම් කරන්න නම් චීන හෝ රුසියානු ක්‍රමයට යන්න වෙනව.
      ඒක නෙමේ මේ කොමෙන්ට් එක උඹමහීනෙන් දැකල ලීවද නැත්නම් ලංකානිව්ස් වෙබ් එකේ බොස් ගේ හීනයක්ද?

      Delete
  30. මේ පින්තූරයේ ජම්පර් ඇදන් ඉන්න සරත් ෆොන්සේකා අතේ තියෙන්නෙ phone එකක්ද?

    ReplyDelete
  31. ගූටාබේ මහත්තයා ගියා. දැන් කෝ තෙල්?

    කීර්ති කොහෙද දැන්? ලංකාවට ඩොලර්, පවුම් එවන්න බැංකුවේ පෝලිමේද?

    ReplyDelete
  32. ඉන්දියාවෙ හුත්තක් නෙවෙයි බන් ලංකාවෙ ගොබ්බ හරක් තමා රටට කෙලවලා දැම්මෙ.

    ඉන්දියාව නෛතිකව බැදිල ඉන්නව ලංකාවෙ ඒකීයත්වය රකින්න සහ යුද උපකරන ලබා දෙන්නත්. ඉල්ලීමක් කරොත් උන්ගෙ මිලිටරි සහය ලබා දෙන්නත්. ඉතින් උන් ලංකාවට කෙලවනව කියන්නෙ උන්ගෙම ව්‍යවස්ථාවට එරෙහි වෙනව කියන එක. අපේ රටේ ඉස්සර ඉදපු එවුන් ගහපු ගිවිසුම් ගහල තියෙන්නෙ ඔන්න ඔහොමයි. :lol:

    කච්චතිව් දූපත එහෙම දකුනු ඉන්දියාවෙ එවුන් ටෝක්ස් දුන්නට උන්ට ආය මලාට ගන්න බෑ අපි දුන්නොත් මිසක්. ඔන්න ඔය නිසයි අපේ නෙවි එකෙන් උන්ගෙ එවුන්ට වෙඩි තියල දැම්මත් ඉන්දියාවෙ ආන්ඩුවෙන් මොකුත් කරන්නෙ නැත්තෙ :rofl:

    ReplyDelete
    Replies
    1. ජේ ආර් ආතාලා ගහපු ගිවිසුම්

      Delete
    2. ඉන්දියාව ලංකාව දෙකඩ වෙන්න දෙන්නේ නැහැ. ඒක හරි.

      Delete
  33. ෆීල්ඩ් මාෂල්ගේ බූමිකාව නම් බැහැර නොකල යුතුයි, මන්ද ලුතිනන් කර්නල් කෙනෙක්ගෙන් අපි කාපු සම්බුව තාම දිරවගන්න බැරුව ඉන්නේ. අහන්න දකින්න ලබුනා එයා විධායකය අහෝසි කරන්න අකමැතියි සහ ලංකාව හදන්න කෙවිටක් නැතුව බැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. බොලාව හදන්න කෙවිටක් ඕනේ වෙයි. ඇයි මේකේ ඉන්නෙම අනී අපේ ඉස්කෝලේ සර් , නිශ, ටීචර් මට මෙච්චර් ගහල අච්චර ගහල හැදුවේ. එයාලා නැත්නම් අද මම මෙතන නැහැ නහයෙන් අඬන උන් නේ

      Delete
  34. සමාජවාදි බල්ලො, මෙ රට ගොඩ ගන්න දෙන්නෙ නැ,

    මුලින්ම සිරිමා උත්තමාවියට කෙලියා
    ඉගාවට ජෙ ආර් උත්තමෙයාට කෙලියා
    ආයෙ දැන් ගොටාබය උත්ත්මෙයාට කෙලියා
    දැන් රනිල්ට කෙලින්න හදන්නෙ,

    සිරිමාට එයාගෙ දැක්මක් තිබ්බා, පොඩ්ඩක් හරි, චෙ0ගුවෙරා බම්බුවක් ගෙනල්ල එ ගැනිට එක කරන්න නොදි ඇරලා දාලා රට ලෙ විලක් කලා
    ආයෙ ජෙ ආර් ට දුන්න්නා, වෙලාට ජෙ ආර් සිරිමා වගෙ ගොන් ගහක් නෙවි, සමාජවාදි පම්කෙ ලොක්කා බාබකිවි කරලා වැඩෙ ඉවර කරා,

    හැබැයි මුන් තමයි ප්‍රබාට ගෙම ඉල්ලුවෙ, එ ප්‍රබා හිටියානම් මුන්ට මෙම නටන බෑ, සල්ලි එන්නෙත් නෑ එක නිසා මහින්දෙයා ෆොම් කර්ලා ප්‍රබාට කෙලියා

    දැන් ආයෙ නැග්ටගෙන එනවා, සමාජවාදෙ ලන්කාවෙ අයින් කලෙ නැත්නම් මුන් මෙකට ලොවෙත් ගොඩ එන්න දෙන්නෙ නෑ, දනවාදි විදියට හරි, එකාදිපති විදියට හරි මොන විදියකට හරි රට ගොඩදාන්න එන එන එකාට ඇරිලා වැඩෙ අල කරලා දානව, මොකද මුන්ට සමාජවදි රට වලින් සල්ලි එන්නෙ මුන් මෙක සමාජවාදි කොරන්නම් කියලා කිය කිය ඉන්නකම් විතර නෙ, මෙක ගොඩ ආවොත් මුන්ට උන්ට කියනන දෙයක් ණැති වෙනො, එ ගොන් රටවල උන් දන්නෙ නැ මුන් කරන්නෙ රට කාකා උන්ගෙන් සල්ලි ගරන එක විතරයි කියලා,

    රටෙ නමෙනුත් සමාජවදි කැල්ල අයින් කර්ලා දාලා, මෙ පස්ක තහනම් කර්ලා දාන්නම ඔන, දැන් අවුරුදු 60ක් තිස්සෙ මුන් මෙක කනවා

    ReplyDelete
  35. මොන සමාජවාදී රටවලද මචන් එහෙම සල්ලි එවනවා. උදාහරණයක් දෙන්ඩකෝ

    ReplyDelete
  36. ඔන්න අජිත්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.

    අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.

    ..
    අද දින ප්‍රධාන පුවත්.

    1) රනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි

    2) කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන අතර කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    3) හමුදා නිලධාරින් දෙදෙනෙක් ගෙදර යවා රනිල් වැඩ අල්ලයි
    ජුලි 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් අත්කර ගැනීමේදී එම ස්ථානයේ හමුදා ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කොළඹ 112 බළසේනාධ්පති ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරව අද (15) සිට සියලුම රාජකාරිවලින් ඉවත් කර තිබෙනවා.

    ඒ සදහා හේතුවී ඇත්තේ අගමැති කාර්යාලය අත්පත් කරගැනීමේ අවස්ථාවේදී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට හා රාජ්‍ය දේපලවලට හානි නොකරන ලෙස ඔහු කරන ලද දැනුම්දීමයි.

    මීට අමතරව බ්‍රිගේඩියර් සෝමවීර අසල සිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බළාඇණියේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී ගුණවර්ධනවද රාජකාරියෙන් ඉවත් කර තිබෙනවා.

    මෙම නිලධාරීන් දෙදෙනා අරගලකරුවන්ට හානි නොකරන බවට දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණය වුණා.

    එම නිලධාරීන් දෙදෙනාගේ ක්‍රියාකලාපය සාමාන්‍ය ජනයාගේ ප්‍රශංසාවට හේතුවුවද වැඩබලන ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී තිබෙනවා.

    4) 'අරගලකරුවන්ගේ' පහරදීමෙන් තුවාලලත් හමුදා සෙබළුන් බලන්න වැඩබලන ජනපති රනිල් හමුදා රෝහලට යයි

    5) 'කැරලිකරුවන්' අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.

    මීට අමතරව අරගලකරුවන් අල්ලා ගනු ලැබූ අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරයට මාධ්‍ය කැදවා තිබු අතර එහිදී මාධ්‍යට පෙන්වා තිබුනේ එම ස්ථානවලට දැඩි ලෙස හානි සිදුවී ඇති අයුරුයි.


    දැන් ඉතින් වැඩේ වෙන විදිය පැහැදිලිනේ. අරගලකරුවන් කැරලිකරුවන් වෙලා ඉවරයි. නිවුස් යන්නෙත් එහෙම. හමුදාවේ රනිල්ට එරෙහි අය ගෙදර.

    අතුරුදහන් ගිවි අවි දෙක සොයාගන්න ඕනෑම බලයක් ක්‍රියාත්මක කරන්න හමුදාවට අවසර. අද උදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් නීතිඥයන් පැවසුවා මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උනත් රාජ්‍යයට එරෙහි තර්ජනයකදී අහිමි වෙන බවත්, එය සාමාන්‍ය දෙයක් බවත්.

    දැන් ඉතින් ඔය අතුරුදහන් ගිනි අවි සොයාගන්න ගිහින් අරගලකරුවන් කී දෙනෙක් අතුරුදහන් වෙයිද?

    අජිත් ධර්ම මහතා සිංගල් මෝල්ට් විස්කි බොන ගමන් තව ජිවිත කීයක ලේ බලාපොරොත්තු වෙනවද?

    මෙලෙස අදහස් පලකරන මාවත් මරා දමාවි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ යටතට ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසම ගත්තෙත් අපව මර්ධනය කිරීමටයි.

    මේ ගත වන්නේ රුධිරු රාක්ෂයාගේ රාත්‍රීයයි.

    ReplyDelete
    Replies
    1. මාත් මේ අරගලයට යමින් ගමන්

      Delete
  37. රනිල් තමයි මිනිහා

    දේශපාලන අනාගතයක් ගැන අපේක්ෂා තියෙන ජනාධිපති කෙනෙක් නෙමෙයි දැන් ඕනැ. ජනප්‍රිය නොවන තීරණ අරන් ආර්ථිකය නිසිමගට ගන්න කෙනෙක්.

    සජිත්, ඩලස්, අනුර, චම්පික වගේ අය 2024 වෙනකල් ඉවසන්න.

    සරත්ට ආසාව තිබුණට කරන්න පුළුවන් දෙයක් නැහැ.

    රනිල් අර්බුදයකදී පාලනය ප්‍රතිස්ථාපනය කරන හැටි පැය 24න් කරල පෙන්නුවා. ඒ නිසා රනිල් තමයි මිනිහා. ඔහුට විරුද්ධව කියන අවලාදත් ඔහුට අදාළ නැහැ. ඔහු කළයුතු වැඩක් තියෙනවා. ඒක කරලා ඔහු යා යුතුයි. කොහොමත් ඔහු විශ්‍රාම යායුතුයි.

    අනෙක් අය 2024 වෙනකල් අනාගත නායකත්වයට සූදානම් වෙන්න. පුළුල් පෙරමුණු හදාගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරගන්න. වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන විචාරාත්මකව හිතන්න.

    පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔය අරගලයේ සම්මුතිය/ නීතිය අමතක කරදාන්න. බලය වෙනුවෙන් ඕනැ පුපක් ප්‍රීති වෙසක් කියන අවස්ථාවාදීන් ඒක මරු කිව්වට කිසිම පාලකයෙකුට ඒක ක්‍රියාත්මක කරන්න බැහැ.

    එක්කො අඩියක් පස්සට ගන්න. නැතිනම් අඩි දෙකක් ඉස්සරහට ගන්න. හැබැයි, රනිල් හිටියොත් ඔයගොල්ලන් පන්නපු ගෝඨාභය වගේ නිවට නොවෙන්න පුළුවන්.

    -රසික සූරියආරච්චි-

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් ගේ ගෝලයා එයාගේ වෝල් එකේ තියෙන ඒවා දානවද

      Delete
  38. රටේ සිවිල් යුද්දයක් ඇති වෙයි..- පෙරටුගාමීන්

    රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස කිසිසේත්ම පිළිගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.​

    එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ පැසිස්ට්වාදී රනිල් වික්‍රමසිංහ මහතා සන්නද්ධ ක්‍රියාමාර්ගයකින්ප හෝ පන්නා දැමිය යුතු බවයි.​

    රනිල් වික්‍රමසිංහ හරහා පැමිණීමට නියමිතව ඇත්තේ දේශපාලන ස්ථාවරත්වයක් නොව සිවිල් යුද තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතා නිසා ලංකාවට විදෙස් හමුදා අත පෙවීමක් ඇති විය හැකි බවද ඔහු කියා සිටී.

    ReplyDelete
    Replies
    1. සන්නද්ධ ක්‍රියා මාර්ග හරියන්නේ නැහැ. මම හිතන්නේ නැහැ පුබුදු ජයගොඩ ඒවගේ කතාවක් කීව කියල.

      Delete
  39. මෙම ලිපියේ දීප්ති කුමාර ගුණරත්න ගැන ලියා නැත්තේ අමතක වීමකින් නොව, අජිත් ධර්මකීර්ති තුල දීප්ති කෙරෙහි පවතින ඉර්ශියාව නිසාය. අජිත් දීප්තිට බය බව මීට පෙරද මෙම බ්ලොග් අඩවියේ සදහන් කළෙමු. අජිත් දැන් වත් මේ නින්ධිත වැඩේ නවත්තන්න.

    දීප්ති ඔබට වඩා දක්ෂයෙක්. සිය දහස් ගුණයක්. අනික ඔහුගේ කඩවසම් පෙනුමට ස්ත්‍රීන් බොහෝ සෙයින් ආකර්ෂණය වෙනවා. ඔබගේ පෙනුම කැතයි කියලා මොකක්ද මේ කරන විකාරය? මිනිස්සුන්ට දේශපාලන වශයෙන් එරෙහි වීම එකක්. ඒත් අජිත් ඔබ කරන්නේ පුද්ගලික හේතු පොදු දේශපාලන වේදිකාවට ගෙන ඒමයි.

    ඔබගේ පෙනුම, උස් මිටි කම්, හිසේ කෙස් නැති වීම අපට අදාල වන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. අජිත් කීර්ති, අනුර කුමාර සහෝදරයා සමග ජන්මාන්තර වෛරී ඔබ ඉහත සදහන් කරන කාරනාව විය හැකියි. අනුර කුමාර කොණ්ඩය පීරා පෙනුමට ඉන්නවා.

      ඒ වගේම අජිත් කීර්ති විසින් හිසේ එකදු කෙස් ගහක් නැති, දෑස් වපර කුමාර් ගුණරත්නම්ගේ පක්ෂයට සහය දෙන්නෙත් ඒ නිසා විය හැකියි.

      මනුස්සයෙක්ගේ පෞද්ගලික පෙනුම නිසා ඇතිවන හීනමානය රටකට බලපාන අන්දම !

      රෝහණ විජේවීර සහෝදරයාගේත් දත් බොල්ලෑ නිසා යම්කිසි මානසික පීඩනයකින් හිටියා කියලා කටේ ඉස්සරහ දත් දෙක විතරක් තියෙන, අතකුත් නැති වික්ටර් අයිවන් දවසක් කිව්වා.

      Delete
    2. මම ඔය පක්ෂ තුනටම සහය දෙනවා විරුද්ධ පක්ෂ තිබිය යුතුය කියන අදහසින්. ඔවුන් එකිනෙක මරා ගැනීම මගේ ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    3. හැබැයි දීප්ති අරගලය ගැන කිව්වා සමහර දේවල් ඇත්ත. ත්‍රිමාණ එකට ගිහින් බලන්න.

      Delete
  40. මින් ඉදිරියට ඔය ජනාධිපතිවත්, අගමැතිවත් කරන්න එපා
    මෙන්න මේ දෙවර්ගයේ උදවිය

    1. හමුදා සේවයේ නිරත වුනු අය -

    රටක් ආරක්ෂා කරන්න හමුදා සේවය තියෙන්න ඕන තමයි... ඒක නිවැරදිව කරනවා නම් ගෞරවණීය රැකියාවක් තමයි... නමුත් ජීවිත කාලයක් සමාජයෙන් වෙන් කර තබාගෙන, අධික විනය නීති සහිතව, සාමාන්‍ය වැසියාට නුහුරු චර්යා රටාවක් එක්ක, සාමාන්‍ය වැසියන්ගේ චින්තන්යෙන් ඈත් කර හදන වෙනම බ්‍රීඩ් එකක් මිලිටරි සර්විසස් කියන්නෙ.... ඒකෙ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ඉඳලා, අධ්‍යාපනයත් ඒකෙන්ම ලබලා එන කෙනෙකුට ජනාධිපති හෝ අගමැති කම් දරන්න අවශ්‍ය "පුළුල් සිවිල් චින්තනය" නැහැ....

    කඳවුරු ජීවිතය, කඳවුරු පාලනය වගේ දේවල් වලින් බොහොම මිශ්‍ර වාර්ගික, මිශ්‍ර චින්තනයක් සහිත සමාජයක් පාලනය කරන්න බෑ.....

    සිරීපාදෙට කුරුවිට පාරෙන් නගින්න ඉස්සර තිබුණේ ගල් වළ ගොඩැලි සහිත පාරක්... ඒකෙ වැස්සට හේදිලා ගිය ගල් ගෙඩි වලට අඩිය තිය තිය තමයි වන්දනාකරුවන් නැගගෙන ගියේ.... වයස් ගත උදවියටත් පහසුවෙන් අඩි තිය තිය නැගගෙන යන්න පුළුවන් උනා....මොකද පස් ගොඩවල්, ගල් ගොඩවල් තිබ්බෙ ළඟින් ළඟින්....

    නමුත් ඒ පාරෙ යුද හමුදාවෙන් පඩිපෙළක් හැදුවා.... ඒ පඩි අතරෙ සැළකිය යුතු ගැප් එකක් තියෙනවා... පඩි අතරෙ ලොකු පරතරයක් තියෙන, සම දුරක් තියෙන පඩිපෙළක නගින්න ශරීර ශක්තියෙන් උපරිම හමුදා සෙබළුන්ට පුළුවන් උනාට, සාමාන්‍ය ජනතාව අර අසමමිතික පොළවේ පහසුවෙන් ඇවිද්ද ගමන නැතුව, බොහෝම දුකට පත්වුනා... ඔවුන් උකුල් ඇටේ වේදනාවෙන් අඬ අඬ නැග්ගෙ ඒක...වයස්ගත උදවියට ඒක විශාල අපහසුවක් වුනා...

    හමුදා චින්තනය ඒ වගෙයි....ඒ අයට සිවිල් සමාජය කියන බොහොම විශාල, නානත්ථ කායා, නානත්ථ සංඥා තියෙන පරිසය හසුරුවන්න තේරෙනවා මදි.... ඒ ගොල්ලන්නට් වෙන ඕනම විෂය පථයක තනතුරු කරන්න පුළුවන් ඇති... ඒත් ජනාධිපති, අගමැති වෙන උදවියට තියෙන්න ඕන සියළු ක්ෂේත්‍ර වල සිවිල් සමාජය ගැන මනා වැටහීමක් සහ පුළුල් චින්තනයක්....

    2. "සින්ගල් ස්ටේජ්" හෙවත් තනි වේදිකාවේ පුද්ගලයන්
    දේශපාලනයේදී "සින්ගල් ස්ටේජ්" පීපල් කියන්නෙ ලෝක විෂයෙහි අන්තිම අසාර්ථක, අතිශය පටු, දැක්මක් තියෙන, ඒ නිසාම එකම වේදිකා හරයකට කොටුවෙච්ච මිනිස්සු.... වෙනින් වචන වලින් කිව්වොත් "ජාති, ගෝත්‍ර, වර්ග හෝ ආගම්වාදීන්"....

    මේ උදවිය මුළු ජීවිත කාලයක් තිස්සේ කරලා තියෙන්නෙ එකම එක ජාතියක්, එක ආගමක්, එක ජන වර්ගයක් නැති දේවල් අතිනුත් දාලා උස්සගෙන ඇවිදපු එක... මේ අයට මේ විසි එක්වෙනි සියවස කියන්නෙ මුළු මිනිස් ප්‍රජාවම වේගයෙන් එකට එකතු වෙමින් පවතින සියවසක් කියන එක තේරෙන්නෙ නෑ....

    නූතන පරිභෝජනය සිදුවන්නේ මුළු මහත් ජාත්‍යන්තරයම එකතුවී එකිනෙකා කෙරෙහි කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන නිසා බවත්, ඒ නිසා තවදුරටත් "ජාතික රාජ්‍ය" කියන ඒවා වලංගු නැති බවත්, ඒවා අනාථ වෙන පොටවල් බවත් තේරෙන්නෙ නෑ....

    මේ දෙගොල්ලම ඉහළම තනතුරු වලට ගේන්න එපා.... ඔවුන් රටවල් අනාථ කරනවා.....

    මින් පස්සෙ ඔය තනතුරු ලැබිය යුත්තේ "කොමන් සෙන්ස්" හෙවත් තැනට සුදුසු දේ කරද්දි සාමාන්‍ය දැනීමෙන්, ප්‍රඥාවෙන් පිළිතුරු සොයන අය... ඒ වගේම පැරණි පොත්පත් වලට වහල් නොවී, රටවල මුදල් හම්බු කරලා සශ්‍රීක වෙන්න භාවිතා කරන ලද ක්‍රමවේදයන් භාවිතා කරන්න, අත්හදා බලන්න තරම් ඔලුව විවෘත අය.... ඒ සේරටම වඩා රටක සමාජය තේරුම් ගත්තු, ඒ සමාජය එක්ක පහසුවෙන් මුහුවෙන්න පුළුවන් උදවිය....

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා ට තාවකාලිකව මේ තනතුර ලැබිය යුත්තේ ඉදිරියට එන ලේ හැලීම් වලක්වා ගන්න. එයා නැතිනම් අරගල කරුවන්ට සහ පාර්ලිමේන්තුව දෙකටම ගැලපෙන කෙනෙක් යෝජනා කරන්න.

      Delete
  41. ගෝටාභය රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිතුමා බැවින් එතුමාට ගරු කරමු.

    කුමාර ගුණරත්න නැමැති මහත්තයා පෙරටුගාමී සංවිදානය නැමැති පක්සයක හිමිතුමා බැවින් එතුමාටත් අපි ගරුසරු ඇතිව ඉමු.

    අජිත් දර්මකීර්ති නැමැති කෙනා පිලිබදව අප නොදන්නා මුත් ඒ කොහේ හරි ඉන්නා ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් විය යුතු නිසා ඒ අයටත් ගරු සැලකුම් කිරීම වරදක් නොවෙ.

    ReplyDelete
    Replies
    1. මට අතිගරු සහ ගරු සැලකුම් අවශ්‍ය නැත 😆

      Delete
  42. දෙයක් ඇත්නම් එය සුදුස්සාටම ලැබිය යුතුයි.
    ගොවි දන මනා වූ. දිනිය යුතු වූ සේම ගම් බිම්.

    විධායක ජනපති විය යුත්තේ රනිල්මයි.

    ReplyDelete
    Replies
    1. මේ මතයේත් සෑහෙන පිරිසක් ඉන්නවා

      Delete
  43. රනිල් වැ.බ. ජනපති හැටියට පත්වුන ගමන් පිටත රජයේ ගොඩනැගිලි අත්පත් කරගනිමින්, නිවෙස් ගිනි තබමින්, පාරෙ නීතිය හැටියට රටේ නීතිය සකස් විය යුතු යැයි කී 'නින්දිත කැරලිකරුවන්' අතුරුදන්ව නැවත රාජ්‍යය ස්ථාපිත වීමම රනිල්ගේ දක්ෂතාවයට හොඳ සාක්ෂියකි. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ශිෂ්ටත්වය සහ රාජ්‍යය පිළිගන්නා ජනතාවගේ නියෝජනය වන්නේ රනිල්ය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔවුන් නින්දිත කැරලිකරුවන් ලෙස හැඳින්වීම ට විරුද්ධ වෙමි

      Delete
  44. ෆේස්බුක් එකේ ඉන්න බහුතරයක් උන් හිතන් ඉන්නෙ උන්ගෙ මතය තමයි ජනතා මතය කියල. අරගලකාරයො හිතන් ඉන්නවා උන්ගෙ මතය තමයි ජනතා මතය කියල. පෙට්‍රල්, විදුලිය, බෙහෙත්, පෝර නැතුව පාරට බැහැපු මිනිස්සු උන්ගෙ සම්මුතීන් පිලිගන්නවා කියල උන් හිතන්නෙ. මිනිස්සු එලියට බැස්සෙ රාජපක්ෂලා එලවන්න. එතනින් එහා සම්මුතියක් නෑ. අරගලය නමින් කැරැල්ලක් පටන් අරගෙන මේ කරන්නෙ ජනතා මතය බිලිබාගන්න උත්සාහයක්.

    සර්ව ජන චන්දය කියල එකක් රටේ තියෙනවා. ඒකෙන් මිස වෙන කිසි දේකින් ජනතා මතය ගැන කතා කරන්න අයිතියක් නෑ. එහෙම කතා කිරීමම ජනතාව යනු තමන් යැයි සිතීමේ ඒකාධිපතිවාදයක්. ඊළග චන්දෙකදි ඔය කියන ජනතා මතය දැකපු දවසට ඔය හැමෝම පුදුම වෙන්න නියමිතයි. 😃 (ආපහු චන්දයක් පවත්වන තුරු ජනතා මතය නි‍යෝජනය කරන්නෙ පාර්ලිමේන්තුව. ඒක පිලිනොගන්නවා නම් අපි සර්ව ජන චන්ද බලය අහෝසි කරන්න ඕන. මගේ නං විරුද්ධත්වයක් නෑ)

    ReplyDelete
    Replies
    1. චන්ද වලින් තොරව ජනතා පරමාධිපත්‍ය කියල එකකින් එන ආණ්ඩු තියෙනවා. විශාල දේශපාලන පෙළපාලි, ජනතා නැගිටීම් වලින් වෙන්නේ ඒක. ලංකාවේ අරගල කරුවන් ඒ අවස්ථාව මගහැරියා . දැන් ඔවුන් චන්ද බලයට නැවත යා යුතු වෙනවා.

      Delete
  45. අජිත් ධර්මකීර්තිට උත්තර නැති නිසා අජිත් පැරකුම් ජයසිංහගේ අදහස් ඇනෝ කොමෙන්ටු ලෙස ඔහුම දමාගෙන, ඒවාට උත්තර ඔහුම ලබා දෙමින් සිටි.

    ධර්මකීර්තිගේ මෙම නිර්ලජ්ජ වෑයම සියල්ලෝම දනිති.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/ajithperakumjayasinghe

      Delete
    2. පැරා ඊයේ 16.17 ට දාපු කොමෙන්ට් එක 😃

      Delete
  46. සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගැනීම හැර විකල්පයක් නැහැ.
    පක්ෂ කාඩර්වරුන් දීර්ඝකාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා සුදානම් කල යුතුයි.

    කුලී හේවායන් සමුල ඝාතනය කල යුතුයි.

    Tharindu Iranga

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හමුදාවට ගහල ආයි ඇරගන්න හදන්නේ 😃

      Delete
  47. මචන් අජ්ජ,

    උඹේ ඔය ෆන් සේකා වගේ පොල් බූරුවෙක් නැවතත් රටේ පාලන තන්ත්‍රය මෙහෙයවීමට කරළියට ගේන යෝජනාව නම් තනිකර විහිළු කතාවක් අඩුම තරමින් ඌට හරියට කතාවක් කර ගන්නවත් බෑ සිවිලයිස් සමාජයේ හැසිරීම කුජීතයි ක්ෂණිකවම කෝපයට පත්ව නිතරම මළ කරේ තියාගෙන කුපිත වෙලා පිස්සු නටන ගෝත්‍රික ළිං මැඩියෙක්... මතකනෙ 2015 කොළඹට තනියම පක්ෂයක් හදාගෙන ඉල්ලලා ඡන්ද දෙදාස් ගාණක් විතරයි 2020 සමගි ජන බලවේග රැස්වීම් වල රාජපක්ෂලා ට කුණුහරුප කියලා බැනල සජිත්ගේ ඡන්ද වලින් මනාප ටිකක් කඩා වඩාගෙන යන්තම් පාර්ලිමේන්තුවට රිංගා ගත් හිවලෙක් ඇත්තටම ඌ නන්දසේනට හපන් මිලිටරිමය මානසිකත්වය ඇති අමු සොකඩයෙක්, ඌට පෙරටුගාමී උන් කැමති වෙන්නේත් නැහැ ඔය තාවකාලිකව අරගලයට එන්න දුන්නාට අනිත් එක පෙරටු ගාමී කියන්නේ රටෙන්ම ඡන්ද පන්දාහක් ගන්න බැරි පුංචි කල්ලියක් මේ පාර අරගලය වෙලේ උන්ගේ අවුරුදු ගානක් කඳුළු ගෑස් වලට මුහුණ දීල තියෙන එක්ස්පීරියන්ස් එකෙන් අරගලයේ පෙරමුණ ගත්තාට උන්ට රටේ පාලනයට සම්බන්ධ වීමට බහුතර මහජනයා ඡන්දෙ දෙන්නේත් නැහැ

    ඔය සේරටම කලින් සැබෑ ප්‍රතිගාමී බලවේග මේ මොහොතේ හැසිරෙන ආකාරය පිළිබදව ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි, විශේෂයෙන්ම අන්ත දූෂිත අසික්කිත සටකපට රාජපක්ශලාට මේ වෙලාවෙ කරන්න තියන හොදම දේ අඩියක් පස්සට අරගෙන සද්දෙ වහල ඉන්න එක.
    එහෙම ඉද්දි රාජපක්ශලාගෙ කුණු ඔක්කොම නග්න සේනගේ උඩට එනවා. රටින් පලාගිය නන්දේට ආයෙ නැති වෙන්න දෙයක් නෑනෙ.

    නමුත් නන්දිගවයා උඩට දාගෙන රටේ බලය අල්ලන්න ආපුඋන් දන්නවා මේ වෙලාව ස්කිප් කරොත් ලංකාවේ හෝ කෝල්ඩ් බුද්ධිමත් චන්ද දායකයො වගේම මේ අරගලයේ ඉන්න බහුතරයක් දෙනා පවා ඊලගට උන් දෙන ලනුව කාල උන්ව ආපහු ගේනවා කියලා.

    මමත් අජිත් වගේම උග්‍ර රාජපක්ශ විරෝධියෙක්. ඒත් මම නන්දසේන නන්දිගවයා ගැන කියවන විදිය වෙනස්. හැබැයි දැන් ඒක පැහැදිලිව සම්පූර්ණයෙන්ම කියන්න බෑ මාව දෙකයි පණහේ තැරි දාර පුනක්කු මීහරක් බයියෙක් ගානට වැටෙනවා. 😂😂 ඒත් තව ටික දවසකින් මම නැවත ඒක කියන්නම් එතකොට ලංකාවේ ජනමතය මීට වඩා ගොඩාක් වෙනස් වෙලා තියෙයි පැහැදිලි වශයෙන්ම.

    ඔතනදී කෙටි සටහනක් මේ මොහොතේ කරන්න පුළුවන් ඇත්තටම නාමල්ගෙ අනාගත දේශපාලනේට බෙල්ල දීපු මනුස්සයා තමයි නන්දසේන. අන්තිමට පොරවත් දන්නෑ පොරට මොකද උනේ කියලා. ඒ තරම් පොරගේ සහෝදරයෝ පොරට ආදරෙයි එච්චර තමයි මේ වන විට කියන්න පුළුවන් දේ.

    ReplyDelete
  48. ඔය නායකත්වයට පත්වීම පිළිබඳව එක එක පුද්ගලයන් තෝරා ගැනීමට වඩා සේරටම කලින් රටට ගැලපෙන විදියට ඉතාමත් කල්පනාකාරීව නව සැලැස්මක් සකස් කරගෙන ඒකට අනුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ශබ්ද වහාම ක්‍රියාත්මක කළ යුතුයි, මූලික වශයෙන් ලංකාවේ දැනට පවතින සුබ සාධන රාජ්‍ය ව්‍යුහයට ආයුබෝවන් කියන්න කාලේ හරි. එසේම, වර්ජනම විනා වැඩක් කිරීම කෙරේ සිතන්නේ වත් නැති ලංකාවේ අමන වෘත්තීය සමිති කාරයින්, අන්තර් විශ්ව විද්‍යාල මනෝ විකෘතික කඩාකප්පල් කාරීන් ආදි ජඩ දුෂ්ට බලවේග මෙල්ල නොකළොත් තවදුරටත් ලංකාවේ ආර්ථිකය බංකොලොත් වීම වළක්වනු බැරිවේවි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල උපදේශකයන් සහ ලංකාවේමත් බුද්ධිමතුන් නිතරම කියන පරිදි පාඩු ලබන සහ රටට බරක් වී ඇති රජයට අයත් ආයතනවලින් ද නිදහස් වීම පිළිබඳ වත් රජයේ අනවශ්‍ය සේවකයන් ලක්ෂ පහක් හයක් වත් සේවයෙන් ඉවත් කර රජයේ අනවශ්‍ය නාස්තිකාර වියදම් පාලනය කිරීම ගැනත් සිතීමට වත් මේ අලුත් අවස්ථාව උපයෝගී කර ගැනීමට අඩුගානෙ ලංකාවේ අලුත් රජය කල්පනා කළොත් රට දිනුම්... නැත්නම් ඉතින් සොරි.කොම්

    (ප.ලි. පෙරටුගාමී පොන්සේකා සජිත් වගේ හරිහමන් දැක්මක් නැති රටක හෝ ලෝකයේ ආර්ථිකය ගැනවත්, සම්පත් සකසුරුවම් කමින් කළමනාකරණය කිරීම පිළිබදවවත් මෙලෝ හසරක් දන්නේ නැති හැරෙන හැලෙන පැත්තට වැල් බයිලා නන් දොඩවන ජනප්‍රියවාදි මැටි ගොඩවල් වෙනුවට යමක් කමක් තේරෙන රනිල් චම්පික හර්ෂ වගේ "පුද්ගලයන් " වත් යෝජනා කිරීමට තරම්වත් අඩුම ගානේ අජිත්ගේ බුද්ධිමය හැකියාව මුහුකුරා යයි කියලා පතමි ප.ලි.)

    ReplyDelete
    Replies
    1. Anonymous17 July 2022 at 13:35

      ඇනෝ හොඳ වැටහීමක් හැබැයි, මට ඔය උග්‍ර රාජපක්ෂ විරෝධය කියල එකක් නැහැ. රාජපක්ෂලා කරපු ගේම් එක අන්තිම පහත බලු එකක් නිසා තමා විරෝධය. නමුත් ඒක වුනා කියල සජිතට සහය දෙන්න මම ලැහැස්ති නැහැ. සජිත් ගේ අක්ක බේරුවේ රාජපක්ෂ (ගෝටා) මුදල් ගනුදෙනුවේදී. අනිත් එක තමා රනිල්ට සල්ලි නැතිව පොර බැදුම්කර විකුණලා කීයක් හරි ගහගන්න බැලුව පක්ෂෙට. ඌ ට නෙමේ. රනිල පෞද්ගලිකව හම්බ කරපු සල්ලියක් නැහැ මම දන්නා තරමින්. උඹලට ඔඅකම ප්‍රේමදාස ගැන කීව හැකිද? තාත්ත මැරුන ගමන් සජිත්ට සල්ලි ඉතිරුවේ කොහොමද කියල උඹ දන්නවද? අර පන්සල් වල එක එක ඒව අහන්න , අරක මේක? සජබේ ට සල්ලි කොහෙන්ද මැතිවරණ කරන්න කියල දන්නවද? රනිල වගේ එවුන්ට නැති? ඕව තමා ප්‍රශ්න.
      මගේ ෆොන්සේකා යෝජනාව තාවකාලික එක. මේ අවස්ථාවේ. අනුරට දිනන්න බහ. ජවිපෙ ඕනෑම වෙලාවක අධි තක්සේරුවක ඉන්න පක්ෂයක්. චන්දයක් තිබ්බොත් දිනන්නත් ඉඩ තිබෙනවා, පරදින්නත් ඉඩ තිබෙනවා. පෙරටුගාමී සමාජවාදීන් තවම රෙඩි නැහැ. උන් දෙගොල්ල ඇර ගන්නේ ඒකයි . පෙරටුගාමීන් අරගලයේ තැනක හිටියට ලංකාවේ වටේ ගත්තොත් බලයක් නැහැ. ඒ නිසා ඔවුන් පුළුවන් තරම් අනුරව බකල් කරන්න හදනවා. ඉතින් මගේ අදහස ෆොන්සේකා දාල ඊට පස්සේ මාස තුනකින් විතර චන්දෙකට යන්න. ෆොන්සේකාට ආයෙත් චන්දෙන් එන්න පුළුවන්. සජිත් චන්දෙන් දිනුවොත් අවුලක් නැහැ. ඒක රටේ මිනිසුන් ගේ කැමැත්ත.
      අනිත් අක්රණේ තමයි අනුර චීන (ඩෙන් ෂියා ඕ පින් ) ගේ ක්‍රමයට යනවනම් අවුලක් නැහැ. හැබැයි දේශීය ගොවිතැනයි අරකයි මේකයි අල්ලාගෙන පොල්පොට් ක්‍රමයට හි කියුබන් ක්‍රමයකට යයි කියල මගේ බයක් තියනවා. අනුරට ඕනේ නැති වුනත් පහල කේඩරය ඉන්නේ එතැන් වගේ පේන්නේ.
      මම චම්පිකව තමයි මුලින්ම යෝජනා කරගෙන හිටිය. කලින් ලිපි දැක්කනම් තේරෙයි . නමුත් චම්පිකට සහයෝගය අඩුයි. ෆොන්සේකාට තරම් වත් නැහැ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .