Thursday 5 January 2023

දීප්ති කුමාර ගුණරත්න සමග අවංක සාකච්ඡාවක්


දීප්ති  කුමාර  ගුණරත්න කියන්නේ සෑහෙන කාලයක සිට මගේ මිත්‍රයෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්  මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන  නන්දන වීරරත්න සහ විචාරකයෙකු වන  සිරිමල් විජේසිංහ  මහජන පුස්තකාලය කේන්ද්‍ර කොටගෙන නිර්මාණ සංවාද කුලකය කරන සමයේ , ඒ කියන්නේ අසූව දශකයේ අග අපි දෙදෙනාම උසස් පෙළ ශිෂ්‍යයන් වශයෙන් එවැනි  සාකච්ඡා වල ඉඳල තිබෙනවා. දීප්ති මට නැවත හමුවෙන්නේ X කණ්ඩායමේ ප්‍රකාශන හරහා. එම කණ්ඩායමේ විසිර යාමෙන් පසු ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී  ලංකා පෙරටුගාමී පක්ෂය (Sri lanka Avanguard Party)  හා කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර අවුලක් ඇතිවුනා පක්ෂයේ නම පිළිබඳව.  ඒ හා සම්බන්ධ ලිපියක  මම ඒ පිළිබඳව මගේ අදහස පළ කිරීමෙන්  පසු අපේ සංවාදය  නැවත ඇති වුනා. ඒ ගැන 2013 ලියු ලිපියක් තමයි මේ. 

දීප්ති ඉන්පසු පක්ෂයේ නම වෙනස් කළා. ඔහු දැන් ශ්‍රී ලංකා සමබිම පක්ෂයේ නායකයායි.  දේශපාලන වශයෙන් දීප්ති සහ මම එකඟ වෙන තැන් වැඩි බව මට කාලයක සිට වැටහී තිබෙන දෙයක්. ඒ කියන්නේ ජාතිවාදය හා යුද්ධය ට අප දෙදෙනාම එරෙහි වූවන් මුල් කාලයේ සිටම. එසේම පෞද්ගලික  විශ්ව විද්‍යාල විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ගැන අපේ අදහස් එකයි. අරගලය සම්බන්ධයෙන් අපි දෙදෙනා අතර තිබුනේ වෙනස් මත දෙකක්. නමුත් ඔහු ගේ මතය වඩා නිවැරදි එකක් යයි මම දැන් පිළි ගන්නවා.  බොහෝ අය ඔහුව විවේචනය කරන බව සත්‍යයක්.  නමුත් මගේ සියාමා පොත එළි දැක්වූ වෙලේ අදහස්  දැක්වීමට මම ආරාධනය කලේ නන්දන වීරරත්න සහෝදරයාට සහ දීප්ති ට.  මම දීප්ති සමග එකඟ නොවන්නේ ඔහු ඇතැමුන් එල්ල කර, කරන  පෞද්ගලික විවේචන ලෙස මම සලකන අදහස්, එතැනදී එකඟ නොවී සිටීමට  එකඟ වන්නට අපට හැකි වුනා. 

පසුගිය ඔක්තෝබර්  මම ශ්‍රී ලංකාවේ සිටින විට දිප්තිව හමු වුනා. ඔහු ඉල්ලු  ජුඩිත් බට්ලර් ගේ "අරගල" සම්බන්ධ පොතක් දීමට ගිය වෙලේ.  එතකොට අපට හිතුන මම අහන නොයෙකුත් ප්‍රශ්න අලලා පොඩි වීඩියෝ එකක් කරමු කියල. ලංකාවේ සිට අන්තර්ජාල සම්බන්ධතා මේ දවස්  වල ටිකක් අමාරු නිසා  අපි පසුගිය දෙසැම්බර් 29 වනදා Zoom  හරහා සංවාදය අරන් ගියේ වීඩියෝ එක නැතිව. ඒක ප්‍රශ්නයක් නෙමේ කියා සිතනවා.

පහත ඇත්තේ මගේ ප්‍රශ්න සහ ඒවාට දීප්ති කුමාර ගුණරත්න සැපයූ පිළිතුරුයි.  මෙමෙ ප්‍රශ්න ඔහුට කලින් සැපයූ ඒවා නොවේ. 

යූ ටියුබ් යොමුව 

 




ලිපියේ යොමු:


//සමබිමෙන් විවෘත ආරාධනාවක්
පසුගිය දශක දෙකට සාපේක්ෂව අප විසින් දේශපාලන පක්ෂයක් ලෙස ලබා ගන්නා ලද ජයග්රහණ රාශියක් ඇත. එහිදී අපට කිසිවෙක් උදවු උපකාර නොකල ද බොහෝ අය අපට විවේචනයන් ගෙන ඒමටත්, උපදෙස් ලබා දීමටත් ඉදිරිපත් විය. එලෙස නොමඳ විවේචනයන් සහ උපදෙස් ලබා දුන් සියල්ලන්ටම අපගේ ස්තූතිය පුද කරන්නෙමු.
සෑම විටම සමාජය තුළ යම්කිසි සමාජීය වශයෙන් දේශපාලන මැදිහත් වීමක් කරන විට ප්රබල ලෙස බාධාවක් වන්නේ මුදල් නැමති බාධාවයි. ප්රධාන ධාරාවේ වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂයන් වලට උදවු කිරීමට ව්යාපාරිකයන් සහ පුද්ගලයින් විශාල පිරිසක් සිටියද, සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට උත්සහ කරන අප වැනි දේශපාලන පක්ෂයන් ට එලෙස මූල්යමය වශයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙක් තවමත් ඉදිරිපත් වී නැත. මෙතෙක් අප පැමිණි ගමන් මග පැමිණියේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ගේ ධෛර්යයෙන් සහ පක්ෂයේ දීප්ති සහෝදරයා ගේ වැඩපිළිවෙළට සත්ය ලෙසම ආදරය කරන සහෝදර සහෝදරියන් ගේ කැපවීමෙන් ය.
එහෙත් පුළුල් වශයෙන් ජාතික දේශපාලනයට පිවිසීමේ දී මුදල් නැමති සාධකය සියල්ල ට ඉහළින් බාධාවක් ලෙස පැමිණෙන බැවින් පක්ෂයක් ලෙස සමාජය ක්රියාකාරීව වෙනස් කිරීමට ගන්නා ක්රියාමාර්ග වලට බාධාවක් ලෙස ඉස්මතු වන බව පක්ෂයක් ලෙස අපි ද සෘජුව පිළිගන්නෙමු.
අප වටා සිටින බොහෝ දෙනෙකු මෙන්ම අප ගැන දන්නා බොහෝ දෙනෙකු නොදන්නේ පක්ෂය නඩත්තු වන්නේ කෙසේ ද කියා ය. අපට නිධානයක් හෝ ධනයෝගයක් හෝ ලැබී ඇතැයි සියල්ලන්ම සමප්රේක්ෂණය කරන නිසා පක්ෂයේ කටයුතු ප්රමාද වීමට හේතු ද විමසයි. මුදල් යනු බොහෝ දේ තීරණය කරන සාධකයකි.
පක්ෂයක් ලෙස සමාජයට පැමිණිලි කිරීමට සිදු වන්නේ ඉදිරියේ එන මැතිවරණය සඳහා මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා අවශ්ය ලෙස මූල්ය තත්වය යහපත් කර ගැනීමට අවශ්ය වන බැවිනි.
අපව දන්නා නොදන්නා ඕනෑම අයෙකුට පක්ෂයේ කටයුතු සඳහා උපකාර කිරීමට සියල්ලන්ටම අවස්ථාව විවෘත කිරීමට පක්ෂය විසින් තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂයේ මුදල් ලේකම් වන මිහිරාන් සහෝදරයා සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා දායක විය හැක.
මිහිරාන්:- 077 495 0204
එසේම අප පක්ෂයේ මාධ්ය ලේඛම් වරයෙකු පත්කර ඇති අතර ඒ සඳහා ප්රසන්න සහෝදරයාගෙන් විමසිය හැක.
ප්රසන්න:- 076 881 9091
මීට අමතරව අප සමඟ සම්බන්ධ වීමට, සංවිධාන ගත වීමට, සංවාද පැවැත්වීමට කැමති පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂය සිටී නම් ඒ සඳහා රුවන් සහෝදරයා සම්බන්ධ කරගත හැක.
රුවන්:- 0764999498
සමබිම පක්ෂය විසින් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. අපට ආධාර කරලීමට හැකියාව ඇති, ඊට කැමති අය සිටී නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කල හැක.
සමබිම පක්ෂය
ලංකා බැංකුව (BOC-BATHTHARAMULLA )
A.No. 87467875//

20 comments:

  1. චතුෂ කුමාර5 January 2023 at 03:08

    දීප්ති කඩවසම් නිසා ඔහුට බිරින්දෑවරුන් හදුන්වා දෙන්න ස්වාමි පුරුෂයන් පසුබට වන බව දීප්ති මා සමග පැවසුවා. ධර්මකීර්තිට ඒ බය නැද්ද?

    ReplyDelete
    Replies
    1. 53 ශ්‍රී ලොරි තාම දුවනවද? එහෙනම් ඒක හින්දා වෙන්න ඇති

      Delete
    2. දීප්ති ගේ බිරිඳ පියකරු කාන්තාවක්. එනිසා ඔහුට අන් අයගේ අඹුවන් පසුපස යාමට අවශ්‍යතාවයක් ඇති යයි මම හිතන්නේ නැහැ. අනික මගේ විවාහයේ මට එහෙම භයක් , අනාරක්ෂිත භාවයක් නැහැ.

      Delete
  2. නව දැනුමෙන්ද යුතු වුණු
    කථිකත්වයෙන් සපිරුණු
    නිසි කල ඉඩක් නොලැබුණු
    උගතෙකිය, දැන් කල් ඉකුත් වුණු!

    (කරුණාකර අවි අමෝරා නොගන්න- මා වැරදි වීමට ඉඩ තිබේ. එහෙත් මගේ අදහස කීවෙමි!)


    ReplyDelete
    Replies
    1. 😀 අවුලක් නැහැ . මට නෙමේනේ කීවේ. දීප්ති ලා ලියන කියන ඒවා හරියට අහන්නේ නැති මිනිසුන්ගේ කතාවක් නේ ඔය. එහෙම හැමදාම කියන මගේ යාළුවෙක් ගැන මෙන්ෂන් කරලා තියනව ඕකෙම. එයාගේ වැටහීමේ ප්‍රමාණය මට තේරුන නිසා. 9භූමී ගැන තියෙන කෑල්ල අහන්න)

      Delete
    2. ආශු මරසිංහට එරෙහි විපරීත මාධ්‍යhttps://www.youtube.com/watch?v=l7wuyxcqu3s

      Delete
    3. IMF යනවට රාජ්‍ය සේවකයින් විරුද්ධ ඇයි?https://www.youtube.com/watch?v=8BCLwR53Vbc

      Delete
  3. අරගලය පිළිබද ප්‍රශ්නය මෙන්ම ඔබ අසන ප්‍රශ්න පිළිබදව ගැටළුවක් තිබේ, ඔබගේ පළමු ප්‍රශ්නයම පරස්පරයකි. අරගලය පාර්ශව ගණනාවකගේ එකතුවකි. එය සාමාන්‍ය මිනිසාට කාර්නිවල් එකක් විය. නමුත් අරගලය සාධනීයව සලකන ලද පිරිසක්ද එහි සිටිය බව අප පිළිගත යුතුය. එසේම අරගලය ලෝක මට්ටමින් ජනප්‍රිය වූ බවද , ලංකාවේ ද අරගල කරන මිනිසුන් සිටින බව ලෝකයට පණිවිඩයක් රැගෙන ගිය බවද අප පිළිගත යුතුය. එසේම අරගලය නිසා සාධනීය වෙනස්කම් කිහිපයක් සිදු වූ බවද අප හොදින්ම දන්නා කාරණයකි. අරගලයේ තේරුමක් නැති කොටස 99% ක් නම් 1% හෝ සිදු වූ හොද දේ යනු සමාජ වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තුවක් ඇති අපට මහාමෙරකි.අජිත් , දේශපාලනය තරුණ විය යුතුය.දෙයක් කරන මනුස්සයාට ඉඩ දිය යුතුය. නාකි කාක්කන් තරුණ අපගේ අනාගතය විනාශ කර දැමුවා. තවත් ඔවුන්ගේ යටි අරමුණු නොදැන කටයුතු කිරීමෙන් වලකින්න. සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා නොදන්නවා වුනාට මම අරගලයේ මුල ඉඳන් හිටියා. ලන්ඩන් වලත් ගියා. දිප්තිලා මුල ඉඳන් කීවේ ඕක මධ්‍යම පන්තික අරගලයක් (ඒක ඇත්ත) ඕක ඉවර වෙන්නේ විහිළුවකින් සහ ඇස් රතු වීමකින් කියල. (ඒකත් ඇත්ත). මම සහභාගී වුනේ හැම අරගලකටම සහයෝගය දිය යුතුය කියන න්‍යායයෙන්. නමුත් අරගලය අද ගෝඨාභය එළවන්න විතරක් කෙරුව වගේ කියන තැනට වැටිලා නේද? රනිල් ගේ වැඩ සාධනියයි කියා හිතනවානම් එහෙනම් ඉතින් ඔයාල අරගලය දිනලා තමයි. මම වැරදියට හිතුව මේ ආවේ 1917 පෙබරවාරි රුසියාවේ ආව වගේ අරගලයක් රජය වෙනස් වීමක් සහිතව කියල. නමුත් මධ්‍යම පන්තියට ඒක අවශ්‍ය වුනේ නැහැ, අන්තිම හරියේ අන්තරේ /පෙසප හා ජවිපෙ වලිය එලියට ආව වෙනද වගේම. ඒ කියන්නේ වෙලා තියෙන්නේ 1905 වගේ එකක් විතරයි. මුලදී අරගලයේ හිටි මගේ පරිගණක ඉංජිනේරු සහ අනිත් යාලුවෝ අතර නිර්මාණාත්මක වැඩක් කෙරුණා. මට නම් පෙනුන වුන එකම දේ එපමණයි. කාට හරි අන්න ඒ ටික වුන විධිහ ප්‍රයෝජනයට අරගෙන ඉදිරි සැලසුමක් කරන්න පුළුවන් අන්තරේ කොපමණ අරගල වල ඉදිරියෙන් හිටියත්, වැඩ කලත් ඔවුන්ගේ ඇත්තේ අතිශයින් ආචීර්ණ කල්පික වාමාංශික ගෝත්‍රවාදී අදහස් ගොන්නක් වෙනත් රටවල වාමාංශය ඊට ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඒකත් හරහට හිටිය.
      //නාකි කාක්කන් තරුණ අපගේ අනාගතය විනාශ කර දැමුවා. තවත් ඔවුන්ගේ යටි අරමුණු නොදැන කටයුතු කිරීමෙන් වලකින්න// අනේ මේ මගුල නම් කියන්න එන්න එපා. යටි අරමුණු තියෙන්නේ කා ළඟද කියල. ඒවා කාල බීල ඉන්නේ, අර මම දැක්ක වසන්ත මුදලිගේ ට සපෝර්ට් කරන්න එයාගේ මූන ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්න පට්ට හොරු දෙතුන් දෙනෙක්ම . රස්ස්වල් හොයා ගන්න. ආධාර ගන්න කරන දේවල්. හිරිකිතයි ඒ මිනිස්සු ගැන. (වසන්ත සහෝදරයාගේ වැරැද්දක් නෙමේ ඒක )

      Delete
    2. අනික් කාරණය තමා , අපි ලන්ඩන් වල ඉන්න සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සු , දේශපාලන ක්රියාධරයෝ අපේ පඩි මුදල් එකතු කරලා අරගලයට යවපු එක. ඒ ආශ්වාදය තවම් හිත වල තියෙනවා. අපේ මිනිස්සු කෑම යවපු හැටි. වතුර බෝතල් යවපු හැටි. නමුත් ලංකාවේ සෙට් ඊට පස්සේ සංවිධානය වුනා සල්ලි ගන්නම ඊට පස්සේ මෙහෙ වෙන සංවිධාන, කොටින්ම කම්පැනි එන්ටර් වුනා කරන්න . පීස් ඇන්ඩ් ජස්ටිස් වගේ කම්පැනි. ඒවාට කොහෙන්ද සල්ලි ආවේ. අර බයියෝ කියන "විදේශ මැදිහත්වීම් " සාධනීය කරන තරමට ඒ සහභාගිත්වය ආව. එතනින් එහාට වැඩක් නැහැනේ කතා කරලා. ඔබට සුබ නව වසරක්. ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
    3. 'අපි ලන්ඩන් වල ඉන්න සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සු '

      ලන්ඩන් වල ඉන්න සාමාන්‍ය මිනිස්සු එක්ක රනිල් වික්‍රමසිංහ මිලිටරි නායකයාට තියෙන පයුරුපාසනම මොකක්ද?

      Delete
    4. රනිල් වික්‍රමසිංහ මිලිටරි නායකයෙක් වුනේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඔය කතාව ගොතන්නේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. මගේ හිටපු මිතුරන් වන සරෝජ් පතිරණ හෝ ලංකා නිව්ස්වෙබ් අයිතිකරු වන චන්දිම විතානාරච්චි. තමන්ට නිව්ස් දෙන ලංකාවේ අය අනිත් පැත්තට පාවාදීම නිසා ඇතිවුණු තත්වයක් හේතුවෙන්. තව ලියන්න පුළුවන් . නමුත් වැඩක් නැහැ. මගෙයි රනිල් ජනාධිපති ගෙයි ඔය කියන සම්බන්ධයක් නැහැ. එහෙම නම් මම ලංකාවට ගිය වෙලේ හම්බ වෙන්න එපාය. තමන් කරන දේවල් අනිත් අයට පටවන එක ලංකාවේ අයගේ සිරිතක්.

      Delete
    5. අරගලේ තවත් එක මුඛ්‍ය පලයක් තමයි මේක. https://www.theguardian.com/business/2023/jan/08/hedge-funds-holding-up-vital-debt-relief-for-crisis-hit-sri-lanka-warn-economists

      Delete
  4. සේපාල් අමරසිංහගේ සීයායි ජෙවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ තාත්තයි අයියයි මල්ලියි.

    නෑ කම අනුව සේපාලගේ බාප්පා කෙනෙක් තමයි සෝමවංශ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද? දැනගෙන හිටියේ. ලල කාන්ත ලියල තියෙනවා හොඳ කතාවක්. //ළදා වහන්සේ
      සේපාල හා ලබ්බ

      අපේ ගෙදර ඉදලා නුවර වැව ඉස්මත්ත දිගේ මහින්දෙ ස්කෝලෙ ට පයින් ඇව්දගෙන යනකොට නෙත ගැටුනු අපූරු දසුනක් මගේ මතකයේ තියනවා.

      නුවර වැවේ සොඳුරුම සොඳුරු ජල තලයට ඉස්මත්තෙන් රුවන්වැලි සෑය අභයගිරිය,මිරිසවැටිය,ජේතවනාරාමය එක පෙලට නැගී සිටින අපූරුව මම වෙන කොහේදිවත් දැකලා නැහැ .අදටත් ඒක එහෙම්මමයි.

      ඒ අසිරිය විද විද වැව් පිට්ටනිය දිගේ ගිහිල්ලා වැව් බන්ට් එකට ගොඩවෙන්නේ පුල්ලේයාර් කෝවිල ලගින්. ස්කෝලේ ඇරිලා ආපහු එනකොට කෝවිලේ පොල් ගහපුවාගේ ඉතුරු බිතුරු අහුලගෙන කනකොට කෝවිලේ සාමි කෙහෙල් කොලේකට පුල්ලේයාර් බත් දෙන්නේ ආදරේ පොදි බැදගෙන.

      වැව් පිට්ටනියේ එල්ලේ ගහලා, ස්කෝලෙ ට ඇදපු සුදු සර්ට් එකයි කලිසමයි ගලවලා පැත්තකට දාලා, වතුර ට පැනලා, මාලු පැටව් අල්ලා, වතුරේ නටලා නටලා ගොඩට එන්නෙ වතුරේ යට කිමිදිලා මානෙල් අලත් උගුල්ලාගෙන. ඊට පස්සෙ රිලා පැටව් ටික වාගේ අල කටින්ම සුද්ද කරගෙන කනකොට දැනෙන කිරි රස මාරම මාරයි.

      සමහර දවසට එතනින්ම අපි යන්නෙ වැව් ඉස්මත්තේ තියන අපේ හේනට. හේනට අතුල් වෙනකොටම පේන්නේ අම්මා මුලින්ම හේන කොටන්න පටන් ගන්න දවසේම හේන ඉස්සරහ තියන ඇහැල ගහේ දෙබලක රදවපු පුල්ලයාර් දෙවියන්ට වෙන් කරපු පොල් ගෙඩිය. අපි වතුර බොන්නෙත් නුවර වැවෙන්. අම්මා වතුර කලය පුරවගෙන හිස ඔසවනකොටම දකින්නෙ හතර මහා වෙහෙරවල් (ඒක මම දාපු නමක්). ඒ වෙලාවට අම්මා හිතෙන් සාඨු සාඨු කියන බව මම දන්නේ මම අම්මව හොදින් දන්න නිසයි.

      ඉර බැහැගෙන යන කොට වැව් පිට්ටනියෙ නිදහසේ උලාකන්න ඇරලා හිටපු අපේ හරක් පට්ටියේ හරක් ටික දක්කගෙන ගෙදර එනකොට පේන්නේ මිහින්තලය චෛත්‍යය.

      උසස් පෙලට අනුරාධපුර සෙන්ට්‍රල් එකට යන කාලේ, ස්කූල් කට් කරලා ගජ මිතුරු මායි, කලු ආරියි, කමලුයි නිව් විජේන්ද්‍ර එකේ චිත්‍රපටියක් බලන්න ගිය දවසක පොලීසියෙන් පැනලා අපිව අල්ල ගත්තනේ. පොලිස් ජිප් එකේ දාගෙන අපිව ඉස්කෝලෙට අරන් එනකොට බැංකු ටවුමේ මුස්ලිම් පල්ලිය ලග ජිප් එක නවත්තලා පල්ලියේ ගේට්ටුව ලග නනාගෙ කඩෙන් රාල හාමිලා තේ අරන් බීලා අපිටත් තේ අරන් දුන්නා. එදා කාපු සමෝසා එකේ රහට අපි තුන්දෙනා පුරුද්දක් හැටියට නානගෙ කඩේට ගියා.

      කොල්ලන්ගේ, කොලු රංඩු වලදී අනුරාධපුර සෙන් ජෝසප් කොල්ලන්ට ගේම දෙන්න යන කොට ඉස්කෝලෙ ලගදී මුලින්ම ඇහැ ගැටෙන්නෙ ක්‍රිස්තියානි පල්ලිය. “අසල් වැසියන්ට ප්‍රේම කරමු” කියලා මතක් වුනත් අපි “ප්‍රේමය” හින්දම ගහ ගත්තා.
      ඔහොම හිටපු මම මගේ ඇස් දෙකෙන්ම 83 කලු ජූලිය දැක්කා. පුල්ලයර් කෝවිලට ගිනි තිබ්බේ සිංහල අන්තවාදීන්. 85දී ජය ශ්‍රී මහා බෝධියට පහර දුන්නේ දෙමල අන්තවාදීන්.

      මුස්ලිම් අන්තවාදීන් යොදාගෙන කතෝලික පල්ලි වල බෝම්බ පුපුරවනකොට මම කොලඹ අහස යට.

      මේ හැම සංසිද්ධියකදිම මට රිදෙනවා. හේතුව මට ප්‍රගතිශීලී වෙන්න, අයුක්තියට එරෙහිවෙන්න, යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න, ඇවැසි තැන නැගී ඉන්න, මිනිස්සුන්ගෙ සහෝදරයෙක් වෙන්නෙ, ජීවිතය කියව ගන්න ආගමික වටපිටාව බාදාවක් වුනේ නැති නිසා.

      ආගමත් දේශපාලනයත් මේ බිමේදී මුලින්ම සම්බන්ධ කරන්නෙ මිහිදු හාමුදුරුවොත්, දේවානම්පියතිස්ස රජ්ජුරුවෝත් මුනගැහුනට පස්සෙ. බුදු හාමුදුරුවෝ තෙවරක් වැඩම කරල තිබුණත් එතකොට බුදු දහමක් මිස ආගමක් තිබුනෙත් නෑ. නුවර වැව ගොඩ නගපු අනාගමික පන්ඩුකාභය රජතුමාත්, මිහිදු හමුදුරුවොත් දේවානම්පියතිස්ස රජ්ජුරුවෝත් මගේ ජීවිතයට බද්ද වෙච්ච අතහැරිය නොහැකි ප්‍රපංච.

      මේ කිසිවක් අවමානයට ලක් නොවිය යුතු ය.-ලාල් කාන්ත

      Delete
    2. සමාවෙන්න දැනගෙන හිටියේ - නැහැ කියලයි කියන්න ඕනේ වුනේ . ලාල් කාන්තගේ කතාව එයාගේ ෆේස්බුක් පේජ් එකෙන්

      Delete
  5. //සමබිමෙන් විවෘත ආරාධනාවක්
    පසුගිය දශක දෙකට සාපේක්ෂව අප විසින් දේශපාලන පක්ෂයක් ලෙස ලබා ගන්නා ලද ජයග්‍රහණ රාශියක් ඇත. එහිදී අපට කිසිවෙක් උදවු උපකාර නොකල ද බොහෝ අය අපට විවේචනයන් ගෙන ඒමටත්, උපදෙස් ලබා දීමටත් ඉදිරිපත් විය. එලෙස නොමඳ විවේචනයන් සහ උපදෙස් ලබා දුන් සියල්ලන්ටම අපගේ ස්තූතිය පුද කරන්නෙමු.
    සෑම විටම සමාජය තුළ යම්කිසි සමාජීය වශයෙන් දේශපාලන මැදිහත් වීමක් කරන විට ප්‍රබල ලෙස බාධාවක් වන්නේ මුදල් නැමති බාධාවයි. ප්‍රධාන ධාරාවේ වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂයන් වලට උදවු කිරීමට ව්‍යාපාරිකයන් සහ පුද්ගලයින් විශාල පිරිසක් සිටියද, සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට උත්සහ කරන අප වැනි දේශපාලන පක්ෂයන් ට එලෙස මූල්‍යමය වශයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙක් තවමත් ඉදිරිපත් වී නැත. මෙතෙක් අප පැමිණි ගමන් මග පැමිණියේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ගේ ධෛර්යයෙන් සහ පක්ෂයේ දීප්ති සහෝදරයා ගේ වැඩපිළිවෙළට සත්‍ය ලෙසම ආදරය කරන සහෝදර සහෝදරියන් ගේ කැපවීමෙන් ය.
    එහෙත් පුළුල් වශයෙන් ජාතික දේශපාලනයට පිවිසීමේ දී මුදල් නැමති සාධකය සියල්ල ට ඉහළින් බාධාවක් ලෙස පැමිණෙන බැවින් පක්ෂයක් ලෙස සමාජය ක්‍රියාකාරීව වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලට බාධාවක් ලෙස ඉස්මතු වන බව පක්ෂයක් ලෙස අපි ද සෘජුව පිළිගන්නෙමු.
    අප වටා සිටින බොහෝ දෙනෙකු මෙන්ම අප ගැන දන්නා බොහෝ දෙනෙකු නොදන්නේ පක්ෂය නඩත්තු වන්නේ කෙසේ ද කියා ය. අපට නිධානයක් හෝ ධනයෝගයක් හෝ ලැබී ඇතැයි සියල්ලන්ම සමප්‍රේක්ෂණය කරන නිසා පක්ෂයේ කටයුතු ප්‍රමාද වීමට හේතු ද විමසයි. මුදල් යනු බොහෝ දේ තීරණය කරන සාධකයකි.
    පක්ෂයක් ලෙස සමාජයට පැමිණිලි කිරීමට සිදු වන්නේ ඉදිරියේ එන මැතිවරණය සඳහා මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලෙස මූල්‍ය තත්වය යහපත් කර ගැනීමට අවශ්‍ය වන බැවිනි.
    අපව දන්නා නොදන්නා ඕනෑම අයෙකුට පක්ෂයේ කටයුතු සඳහා උපකාර කිරීමට සියල්ලන්ටම අවස්ථාව විවෘත කිරීමට පක්ෂය විසින් තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂයේ මුදල් ලේකම් වන මිහිරාන් සහෝදරයා සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා දායක විය හැක.
    මිහිරාන්:- 077 495 0204
    එසේම අප පක්ෂයේ මාධ්‍ය ලේඛම් වරයෙකු පත්කර ඇති අතර ඒ සඳහා ප්‍රසන්න සහෝදරයාගෙන් විමසිය හැක.
    ප්‍රසන්න:- 076 881 9091
    මීට අමතරව අප සමඟ සම්බන්ධ වීමට, සංවිධාන ගත වීමට, සංවාද පැවැත්වීමට කැමති පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂය සිටී නම් ඒ සඳහා රුවන් සහෝදරයා සම්බන්ධ කරගත හැක.
    රුවන්:- 0764999498
    සමබිම පක්ෂය විසින් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. අපට ආධාර කරලීමට හැකියාව ඇති, ඊට කැමති අය සිටී නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කල හැක.
    සමබිම පක්ෂය
    ලංකා බැංකුව (BOC-BATHTHARAMULLA )
    A.No. 87467875//

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .