දෙනෙතියක් තෝරා ගැනීම පිලිබඳ හොඳ ප්‍රතිචාරයක් ලැබුන නිසා මේ ලිපියත් ඉක්මනින් ලිවිමට සිතුවෙමි .
එම ලිපියට මෙතනින් යන්න.
http://kolambagamaya.blogspot.co.uk/2015/01/binoculars.html
දෙනෙතියක් මිලදී ගැනීමේදී එහි කාචයන් දෙකම හරියට එකම වස්තුවකට නාභිගත කිරීම (focusing ) හරියට වෙනවාදැයි නිරීක්ෂණය කළ යුතුයි. දුරේක්ෂයක් ගැනීමේ ක්‍රියාවලිය මිට වඩා ටිකක් සංකීර්ණයි. ඒ අප විසින් තාරකා නැරඹීමට ගන්නා කාචය සවි කල යුතු නිසා.
දුරේක්ෂ හෙවත් ටෙලස්කෝප ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. පරාවර්තක (reflectors) හා වර්තක (refractors) යනුවෙන්. වර්තක නැත්නම් refracting කෝප් එකක කාච විසින් වස්තුවේ ප්‍රතිබිම්බය සදනවා. පරාවර්තක එහෙම නැත්නම් reflecting කෝප් එකක වක්‍රාකාර දර්පණයක් කාචය වෙනුවට භාවිතා වෙනවා. එතකොට ආලෝකය එකතුවන මුල් කාචය හෝ දර්පණය මුලික කාචය (primary lens) හෝ මුලිකදර්පණය ලෙසත් (primary mirror) ඇස ළඟ තිබෙන කාචය eyepiece lens හෙවත් උපනෙත ලෙසත් හැඳින්වෙනවා.
වර්තක (refracting telescopes) දුරේක්ෂ:
1608 දී පමණ ඕලන්ද ජාතික අක්ෂි විශේෂඥයෙකු වන හෑන්ස් ලිපර්ෂේ කාච දෙකක් තුලින් බැලීමේදී ඈතින් තිබෙන වස්තුවක ප්‍රමාණය විශාලවී පෙනෙන බව සොයා ගත්තා. මෙම දැනුම යොදා ගනිමින් ගැලිලියෝ ගැලිලි සඳ බැලීම සඳහා වර්තක දුරේක්ෂයක් තැනුවා. එය ගැලිලියන් දුරේක්ෂය නමින් හඳුන්වනවා. ආලෝකය අභිසාරී වන (එකතු කරන) කාච (converging lens ) යොදා ගනිමින් 1630 දී ජොහැන්නස් කෙප්ලර් විසින් වඩා හොඳ දුරේක්ෂයක් තැනුවා. එයට කෙප්ලරියන් දුර දක්නයක් කියා කියනවා. පහත ඇත්තේ අඟල් 36ක විශ්කම්භයක් සහිත කාචයකින් යුත් ලික් නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂයයි.

ලික් නම් කැලිෆෝනියානු නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය |
මේ දුරේක්ෂ වල දුර්වලකම වන්නේ ආලෝකය එකතු කරන කාචය විශාල කරන තරමට නිරීක්ෂණය කරන වස්තුව විශාල වන නිසා කාචය විශාල කල යුතු වුවත් එය කිරීමේ සිමා ඇති විමයි. එසේම විශාල කිරීම වැඩි කිරීම සඳහා නාභිගත දුර වැඩි කිරීමට සිදු වීමයි. නාභිගත දුර f (focal length) කියන්නේ කාචයේ සිට ආලෝකය එක්වන නාභියට (focal point) ඇති දුරටයි. මෙහිදී ගෝලීය අපේරණය (spherical aberration) කියා දෙයකුත් සිදු වෙනවා. එනම් ආලෝක කිරණ එක නාභියකට යොමු වෙනවා වෙනුවට නාභින් දෙකකට යොමුවී වස්තුවේ ප්‍රතිබිම්බය විකෘති වීමයි.
මේ සිදුවීම පහත රුපයෙන් දක්වා ඇත.
ගෝලීය අපේරණය (spherical aberration) |
මේ දුරේක්ෂ්වල වල කුඩා කාච ඇති ඒවා පවුම් සියයකට වඩා අඩුවෙන් මිලට ගත හැකි නිසා මේවා ලාභදායි බව කිව යුතුයි.
පරාවර්තක (reflecting telescope )
අයිසැක් නිව්ටන් තේරුම් ගත්තේ වක්‍ර දර්පණයක් භාවිතා කර ආලෝකය පරාවර්තනය කිරීමෙන් දුරේක්ෂයක් සැදුව හැකියි කියා. බොකු ගැසුණු (අවතල) ගෝලීය දර්පනයක් හා එය ඉදිරිපසින් ශ්මිද්ට් ප්ලේට් නම් තවත් ආලෝකය විනිවිද යා හැකි විදුරු තලයක් තැබීමෙන් ඉහත සඳහන් කල ගෝලීය අපේරණය (spherical aberration) නැති වෙනවා. මෙයට කියන්නේ ශ්මිද්ට් ටෙලස්කෝප් කියා. මෙය පහත පින්තුරයේ දක්වා ඇත.
ශ්මිද්ට් ප්ලේට් සමග වක්‍ර දර්පණය |
නිව්ටන් මේ මුලධර්මය භාවිතා කරමින් නිපදවූ දුරේක්ෂය නිව්ටෝනියන් යනුවෙන් (newtonian telescope ) හැඳින්වෙනවා. පහත ඇති රුපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත. නිව්ටන් කලේ තවත් පුංචි පැතලි දර්පනයක් තබා එයින් තාරකාවේ ආලෝකය තවත් උපනෙතකට (eyepiece ) යොමු කිරීමයි.
නිව්ටෝනියන් පරාවර්තක දුරේක්ෂය |
පහත ඇති පින්තුරයෙන් දැක්වෙන්නේ මගේ මුල්ම හේලියස් නිව්ටෝනියන් දුරේක්ෂයි. මෙය අවුරුදු අටක් විතර පරණයි. මගේ බිරිඳ උපන්දිනයට ත්‍යාගයක් ලෙස අරන් දුන් නිසා මම මිල නොදන්නා මුත් ඒ දවස් වල පවුම් 300 පමණ වුන බවත් දැන් මේ දුරේක්ෂ ඊට වඩා මිල අඩුවෙන් පවුම් සියකට පමණ ගත හැකි බවත් සඳහන් කල යුතුයි.
මෙහි පහල ඇති සිදුරට තමා උපනෙත ඇතුලත් කරන්නේ. මෙහි දෙපැත්තේ ඇති අඬු වැනි දෙක එය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයයි. ඊළඟ ලිපියේ දුරේක්ෂයක් සවි කරන ආකාරය (mount) ලියන නිසා ඒ ගැන වැඩි දුර දැන් ලියන්නේ නැහැ.
පහත ඇති පින්තුරය මෙහි මෝටරයයි.
මේ දුරේක්ෂයේ විෂ්කම්භය මිලි මිටර 114ක්.(අඟල් 4.5) සහ නාභි දුර (focal length) එක මිලි මීටර 900ක්. මෙයින් අප නිවසේ පිටු පස සිට අසල නිවෙස් වල විදුලි
ආලෝකය තිබෙද්දිත් බ්‍රහස්පති ග්‍රහයා සහ එහි චන්ද්‍රයන් හතරක් පමණ නැරඹිය හැකියි. එසේම මෙහි උපනෙත් ඉවත් කර එතනට කැමරාවක් සවි කර චායාරූප ගත හැකියි. මේ දුරේක්ෂයේ දුර්වලතාවය නම් එහි විශාල බවයි. ඔසවාගෙන වෙන තැනකට යන්නට උඩ කොටස ගැලවිය යුතුයි. වාහනයක දමා ගෙන අඳුරු පෙදෙසකට යාමට ගත වන වේලාව වැඩියි. එසේම තාරකා බැලීම සඳහා එල්ලය ගැනීමේදී (align) ඒ සඳහා බොහෝ වෙලාවක් වැය කල යුතුයි. මෙහි මෝටරය වැඩ කරන්නේ ඉතා සෙමින්. නමුත් තාරකා බැලීමේදී ඒ වේගය ප්‍රමාණවත්.
මවිසින් මිලදී ගත් දෙවන දුරේක්ෂය සෙලස්ට්‍රෝන් නෙක්ස්ට් ස්ටාර් 127 යනුවෙන් හැඳින්වේ. මෙහි කාචයේ විෂ්කම්භය මිලිමීටර 127. (අඟල් 5) නාභි දුර (focal length) එක මිලි මීටර 1500ක්.
මෙය මක්සුතොව් කියලත් හඳුන්වනවා. මේ දුරේක්ෂයේ වැදගත්කම වන්නේ මෙහි විශාලනය (magnification) එක කලින් එකට වඩා වැඩියි. විශාලනය කියන්නේ දුරේක්ෂයේ නාභිගත දුර (focal length) එක උපනෙතේ (eyepiece ) නාභිගත දුරින් බෙදුවාම ලබන අගයයි. අපට මිලිමීටර 25ක උපනෙතක් තිබෙනවානම් මෙම දුරේක්ෂයේ විශාලනය 60ක් (1500/25) වන අතර මුල් එකේ 36ක් වනවා. (900/25). තවත් වැදගත් දෙයක් වන්නේ මෙය කුඩා සුරු බුහුටි පහසුවෙන් සවි කල හැකි එකක් වීමයි. මෙහි ඇති හෑන්ඩ් කොන්ට්‍රෝල් එකට ස්වයංක්‍රීය ලෙස දුරේක්ෂයේ එල්ලය ගත හැකියි. මෙහි ඇති කුඩා කොම්පියුටරයේ තාරකා මණ්ඩල, තාරක හා ග්‍රහලෝක 30000 ක තොරතුරු තිබෙන නිසා තාරකා සෙවීමත් පහසුයි. එසේම මෙය ලැප්ටොප් එකටත් සම්බන්ධ කල හැකියි. ලැප්ටොප් එකට සම්බන්ධ කලවිට ඒ සඳහාම තාරක හඳුනා ගැනීමට මෘදුකාංගයක් තිබෙනවා . උපනෙත සවි කරන තැනට කැමරාවක්ද ලෙහෙසියෙන්ම සවි කල හැකියි. වැරැද්දකට ඇත්තේ කාචයේ විෂ්කම්භය කලින් එකට වඩා විශාල අඟල් භාගයක් පමණයි. නමුත් විශාලනය වැඩි නිසා එය එතරම් බල පාන්නේ නැහැ. මෙහි මෝටරයේ වේගය 1-9 දක්වා අනුපාතයට වැඩි කල හැකි අතර එල්ලය බලන ෆයින්දර්ස්කෝපය (star point finderscope) ලේසර් පොයින්ටර් එකක් නිසා තාරකාවට එල්ලය ගන්න පහසුයි. මෙයට බැටරි හයක් දැමිය හැකි අතර මේන් සප්ලයි ලයින් එකටද සම්බන්ධ කළ හැකියි. බැටරි චාජර් එකකටත් සම්බන්ධ කල හැකියි.
මේ පින්තුරය මගේ මොබයිල් එකේ කැමරාවෙන් ගත් පින්තුරයක්. මෙහි ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා සහ එහි ගැලියන් චන්ද්‍රයන් (ගැලිලියෝ පළමුවෙන් සොයා ගත් නිසා එසේ නම් කර ඇත) වන ඉයෝ, යුරෝපා , ගැනිමීඩ් හා කැලිස්ටෝයි.
ඊළඟ ලිපියෙන් දුරේක්ෂයක් තාරකා බැලීමට සවි කිරීමේදී දැන ගතයුතු කරුණු පිලිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්.
- අජිත් ධර්මකීර්ති
(Fellow of Royal Astronomical Society)