කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Friday, 19 November 2021
සියළුම වීඩියෝ යූටියුබ් චැනලයේ
Monday, 15 November 2021
මතකයේ රැඳුනු සැඳෑව
මතකයේ රැඳුනු සැඳෑව
ලන්ඩනයේ දී, 2019 ලංකාවේදී එලි දක්වපු පොත සමාප්ත කරන සැන්දෑව එන්න කලින් බාධා කිහිපයක්ම ආව. අනුර හෑගොඩ කිවිවර ගේ නිවසේ ප්‍රශ්නයක් නිසා ඔහුට ඒමට නොහැකි වීමත් හිතවත්ම මිතුරෙකුට කෝවිඩ් ප්‍රශ්නයක් නිසා ඔහුට ඒමට නොහැකි වීමත්. ඒ අතරේ එන්නට පොරොන්දු වුනු තවත් මිතුරන් දෙදෙනෙකුටම පවුලේ හදිසි ප්‍රශ්න වගක් මතුවෙලා තිබුන. මුදල් ගෙවා ලබාගත් ශාලාව නිසාම කෝවිඩ් වසංගතය නිසා කිහිප වරක් කල් දැමුණු මේ හමුව තව දුරටත් කල් දැමීමට නොහැකි අවස්ථාවත් ආව. එක මොහොතක මට හිතුන නොවැම්බර් 13 ඇත්තටම අවාසනාවන්ත දවසක් ද කියලත්. නමුත් අපි ඒවාට සැලෙන්නේ නැහැනේ.
මගේ යහළුවෝ පිරිසක් එහෙම සැලෙන්න ඉඩ දුන්නෙත් නැහැ.සෝවියට් දේශයේ කීව් නගරයේ උගත් සරෝජ් ගේ ළඟම ඥාතියෙකු ගේ පවුලේ ප්‍රශ්නයක් වුනත් ඔහු පැමිණියේ ගයානිගේ මාළු ව්‍යන්ජනයත් අරගෙන. සරෝජ රැගෙන ආවේ නන්දන සහ යමුනා. මොකද සරෝජ ගේ වහනය ඒ වෙලාවේ වෙන කාර්යයක. යමුනා, ඉනෙස් සහ රෝහිත සමග ශාලාවේ උෂ්ණත්ව පාලනය, ලයිට් සෙටින් ආදිය භාර ගත්ත. මේ ශීතල කාලෙනේ. මගේ දයාබර බිරිඳ ඉනෙස් තමා කෑම බිම තිබුණු මේසය සකස් කළේ මට අනිත් වැඩ කරන්න ඉඩ දීල. එයාට උදව් වුනේ ශීලා. ශීලා බටහිර ලන්ඩනයේ ඉඳල දුම්රියේ එන ගමන්ම පරිප්පු එකක් හදාගෙන ආව, මම සම්බෝලේ හැදුව. ඔන්න ඒ දෙකම තිබුන හරිද? ඇත්තම කියනවා නම් ඉනෙස් නැතිව මට මේ මුකුත් කර ගන්න වෙන්නේ නැහැ. කීව් වලම උගත් කුමාර,එහෙම ඉගෙන ගත්ත රෝහිත, බන්දුල සහ ධම්මික සමග ආවහම මට හිතුනේ මේක "කීව් සන්ධ්‍යාවක්" වේවි කියල. එහෙම වුනේ නැහැ අපි මොස්කව් වලම නතර වුනා. ලැප්ටොප් එක ප්‍රොජෙක්ටරයක දාගෙන සෙට් කරන එකේ ඉඳල වීඩියෝ එකත් කරුණාවෙන් කරල දුන්නේ කුමාර.
ඉනෙස් සහ ශීලා තමයි පුටු පේලියට තියන්න පටන් ගත්තේ. පස්සේ හැමෝම තමන්ගේ පුටුත් ඇදගෙන වාඩි වුනා. ඒ කෙසේ වෙතත් සම්ප්‍රදායට ගරු කරලා විනාඩි හතළිහක් විතර ප්‍රමාද කරලා, මම ඉවෙන්ට් පටන් ගන්න කියල සරෝජ් ට කීව. සරෝජ් තමන්ගේ සුපුරුදු ශෛලියෙන් වැඩේ හොඳට කරගෙන ගියා. ආයේ දෝෂයක් කියන්න බැරිවෙන්නම. මොස්කව් මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ හෙවත් ප්‍රසිද්ධ ලුමුම්බා එකේ උගත් මිතුරු අතුල පැමිණියේ හොඳ ප්‍රංශ ෂැම්පේන් බෝතලේකුත් අරගෙන, පැය ගාණක් මග ගෙවාගෙන වොල්වර්හැම්ප්ටන් ඉඳන්.(මේකේ සෝවියට් ෂැම්පේන් වගේම මිහිරි රසයක් තියනවා. අපි ඉතින් ඔරිජිනල් හැටියට සළකන්නේ ජිවිතේ පළමු වතාවට බීපු සෝවියට් ෂැම්පේන් එකනේ). ඊළඟට ඈත ඉඳන් ආවේ බ්‍රෙන්ට්වුඩ් ඉඳන් ආපු සුබෝධ. සුබෝධව දැක්කේ අවුරුදු ගාණකට පස්සේ වගෙයි මතක. දෙන්නම උගත්තේ සෝවියට් දේශයේ. දැන් එන් එච් එස් එකේ වැඩ. අතුල පොතේ පිටුවක් කියවන්න පටන් ගත්තේ වටිනා මතකයන් රැසක් අවදි කරමින්. මෙහෙම වැඩකදී අනිවාර්යෙන්ම එන අකාලයේ අප අතරින් සමුගත් සොඳුරු මිතුරෙකුගේ අඩුවත් අපට දැනුන කීවොත් නිවැරදියි.
මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උගත් ආශා, පේරාදෙණියේ නිෂ්පාදනයක් වන විපුලි සහ ප්‍රසිද්ධ බ්ලොග් මිතුරෙකු වන මාකස් ඉන්පසු විටින් විට පොතේ පරිච්ඡේද කියවමින් සහභාගී වුනා පමණක් නොවෙයි. ආශා තමන්ගේ මතකයන් කියන අතරේ විපුලි ඇගේ සෝවියට් පොත් කියැවීමේ ලැදියාවත් මතක් කළා. මාකස් ගේ කතාවේ විශේෂත්වය වුනේ ඔහු සෝවියට් දේශයට කිසිම සම්බන්ධයක් නොමැති වීමත් රුසියාවට කිසිම සම්බන්ධයක් නොවීමත් තුල. එනිසා ඔහුගේ ගැඹුරු විශ්ලේෂණය සිතන්නට යමක් ඉතිරි කරා.
ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න ස්වීඩනයේ සිට සාකච්චාවට සහභාගී වුනේ පොත ලියන විට ඔහු මාහට දුන් උපදෙස් ද මතක් කරමින්. ඔහුට සහයට නුවන් ජේ ද අදහස් පළ කළා , සරෝජ් සහ අතුල සමග. එතන බිහි වුනේ සජීවී සංවාදයක්.
අයුමිණි කියන්නේ මගේ දියණියන් සමග මගෙන් භෞතික විද්‍යාව අමතරව උගත් දියණියක්. ඉංජිනේරු සිසුවියක් වන ඇගේ සංගීතය පිලිබඳ දැනුම අතිමහත්. ඇගේ සංගීතඥ පියතුමන් වන නිස්සංක වික්‍රමරත්න සමග ඔවුන්ගේ මධුර හඬින් සභාව ප්‍රමෝදවත් කළා. නිස්සංක ගේ පිය බිරිඳ ඉන්දු තමයි සින්දු පුරුදු වෙනකොට තේ සහ කැවිලි සපයමින් අපිව දිරිමත් කළේ. ඩිලානි එන්න බැරි වුනත් රස නහර පිනවන බුරියානි එකක් හදල දුන්න. ආශා බුරියානි එක්ක කන්න හදන රසවත් රයිටා එකක් ගෙනාව . ඉනෙස් හොඳටම හොඳ සලාදයක් හදල තිබුන. මේ හැමෝටම ස්තූති වෙන්න සන්ධ්‍යාව ප්‍රබෝධමත් ජයග්‍රහණයක් වුනා.
සෝවියට් සම්ප්රදාය අනුවම සන්ධ්‍යාව ඉවර වුනේ අතුල ගෙනාපු ෂැම්පේන් එකෙන් සහ මගේ රුසියානුමිතුරකු වන ලියෝනිඩ් ප්රදානය කල බෙලුගා වොඩ්කා එකෙන් (බෙළුගා කියන්නේ රුසියාවේ මිල අධිකම මාළු බිත්තර ගන්න මත්ස්‍ය ජාතියක් -බෙළුගා කැවියාර්). ඒක හුඟක් මෘදු ලෙස දිවට දැනෙන ප්‍රණීත රසයක් දෙන එකක් නිසා ඇරපු හැටියේම වගේ ඉවර වුනාද කොහෙද?😉 අන්තිමට අපි කට්ටියක් අපේ නිවසේ එක්රැස් වුනේ සම්ප්‍රදායික විධිහට වැඩේ නිම කිරීමේ සහ කෝපි බීමේ පාටියට. බන්දුල සැපයූ කියුබාවෙන් ගෙනා හවානා සිගාර් නිසා ඒකත් රසවත් වුනා, වැඩේ වැඩියත්ම රසවත් වුනු හේතුව යටම තිබෙන පින්තුරයකින් පෙනේවි.
පැමිණි හැමෝටම ස්තූතියි, සුභ පැතූ හැමෝටමත් ස්තූතියි. සිය පවුල සහ යහළුවන් ඇති තැන තව දෙයක් කුමටද?
කතාව අවසන් කරන්නම් තව කරුණක් එක්ක. මේක බ්ලොගයක ප්‍රතිචාරයකට දාපු ජපානය පිලිබඳ යූටියුබ් වීඩියෝවක් ගැන. එහි සමහර තරුණ වැසියන් ගේ තනිකම ගැන. ඔවුන් සයිබර් කැෆේ වල ඉතා කුඩා කාමර වල දවස පුරාම ගත කරමින් එහිම නිදාගන්නවා. ජිවිතයේ සන්තකව තියෙන වස්තුව අඩුයි. ලොකු ගෙවල් නැහැ. ඉතාම සරල ජිවිතයක් කියල හිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් දරුණු තනිකමකින් පීඩා විඳිනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. අපි අවුරුදු ගණන් දියුණු ධනවාදී රටවල ජිවත් වුනත් මේ රටවල සැප පහසුව මැද සමහර තනිකමේ ගෙවන ජිවිත හුඟක් තිබෙනවා. අපි ඒක සෝවියට් දේශයේ දැක්කේ නැහැ. පාලනය කෙතරම් සීමා තිබුණු එකක් වුනත් මිනිසුන් සාමූහිකවමුණ ගැහුණා. (තම තමන්ගේ නිවෙස් වල ජිවත්වුනත් එළියේ දී එක්වී වැඩ කරන ගතියක් තිබුන) වනයේ ඇවිදින්න ගිහින් ගිනිමැල ගහගෙන වරු ගණන් කවිවල සිට නවකතා, චිත්‍රපට සහ විහිළු කතා දක්වා කතා කරමින් කාලය ගත කිරීමේ පුරුද්දක් තිබුන.අපි කැමති වෙන්න ඇත්තේ එකට වෙන්න ඕනේ.
Ajith
Friday, 12 November 2021
පොතට තිත තැබීම
//
සියල්ලෝම දිග ඇදී සිටිද්දී ගිටාරය ගත් තාන්යා ගීයක් පටන් ගත්තාය. මව සංගීත ගුරිවරියක් නිසාදෝ ඇයට හොඳින් ගිටාරය වාදනය කිරීමට හැකිය. කොහොමත් බොහෝ රුසියානුන් තම දරුවන්ට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වැයීමට හෝ නර්තනයක් කිරීමට උගන්වති. එය වඩාත් පැතිර ඇත්තේ රුසියානු යුදෙව් ජාතිකයන් අතරය. බොහෝ විට පියානෝව හා වයලීනය හෝ ඔපෙරා නැටුම් ගැහැණු ළමුන්ටද ගිටාරය හා ජිම්නාස්ටික් පිරිමි ළමුන්ටද උගන්වති.
තාන්යා පටන් ගත් ගීතය මදක් දුර ගයන විට සියල්ලෝම නිසොල්මන් වූහ.
ඇය දැන්මම අනාගතය දකින්නීද? ඇය ගයන්නේ විටින් විට මද සිනහවකින් මුව සරසා ගෙන ඔහු දෙස බලාගෙනය. ගිහාන් ගේ සිත වටහා ගත නොහැකි දුකකින් පිරී ගියේය.
"ව්ස්යෝ නාපොමිනායේත් අ තෙබ්යේ
අ තී නි ග්ද්යේ
අස්තල්ස්යා මීර්
කතෝරි ව්ම්ස්ත්යේ විදෙල් නස්
ව් පස්ලෙද්නි රස්....."
ලෙසින් ගැයූ ගීතයේ තේරුම රහසකට වඩා හදවතේ තෙරෙපෙන අදහසක් කියා පෑමක් වැනි විය.
"හැකි හැම විටම මතකයට නැගෙනුයේ නුඹයි
නමුත් නුඹ නැත පෙනෙනා මානයක
අප එක්ව සිටි අයුරු දුටු ලොව පමණක්
ඉතිරිව ඇත අවසන් වරට
බැල්කනිය සහ ජනේලය ඇති කාමරය
ආලෝකයෙන් පිරීලා
සාමකාමියි එදා වගේම
අප එක්ව සිටි හැටි දුටුවා මෙන්
අවසන් වරට
කාලය ඉක්ම යාවී , නුඹට අමතක වේවි
සිඳුවූ හැම දෙයක්ම අප අතර ,
සිඳුවූ හැම දෙයක්ම අප'තර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම් කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට
දිනත් ගෙවී යයි ,
හිම සමයන්ම කොපමණ ඉකුත් වී ද නොදනිම්
නැත්නම් වසර කීයක් ගත වුනිද
සමහර විට තවෙකෙකු සමග මා
තුටිව දිවි ගෙවනු වනු ඇත
සමහර විට එහෙමත් නැතිව
කිසිවක් මේ සඳු යට සදාකාලික නොවේ
නමුත් ඔබ සමග වුන් හෝරාවනම්
මට කිසිදා
අමතක නොවෙනු ඇත
නුඹ මා සමග සිටියුරු
අවසන් වරට
කාලය ඉගිලී යාවී
නුඹට අමතක වේවි
සිදුවූ සියල්ලක්ම අප අතර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම් කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට"
ගීතය අවසන් වී බොහෝ වෙලාවක් යනතුරු කිසිවකු කතා කළේ නැත. ෂෝලහොව් ලීවාක් මෙන් දොන් නදිය නිසලව ගලා යයි. නිහඬතාවය බිඳිමින් ඉඳහිට වතුර පොදක් පමණක් වෙරළේ වැදුණි.//
මේ දිනවල බ්ලොග් ලෝකයේ ගීත ගැන කතාවක් යයි.
ගිටාරයෙන් වැයීම සඳහා මම රුසියානු ගිටාර් තනුවම හා ඒ කෝඩ් ම භාවිතා කළෙමි. වදන් වෙනස් කිරිමක්ද සිදු කලේ පරිවර්තනය කළ ආකාරයටම ගැයීමට නොහැකි බැවිනි.
ඔබ කොහේද ඇත්තේ
ඉහල මාලයේ කවුළුව ඇති කුටියේ
ආලෝකය පිරීලා
සන්සුන් ලෙසමයි ඇත්තේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
වෙනෙකෙකු හා සතුටින් ඉන්නට
අප ඒ හෝරාවම නම්
මට කිසිදා
අමතක වන්නේ නැහැ
ඔබ මා ළඟ සිටි අයුරු
ඒ අවසන් වරටයි
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
Tuesday, 2 November 2021
සම්බෝල පාටියක් නොවේ
වෝක් එක පටන් ගත්ත තැන |
අර මම කලින් ලීව "පාටියේ අඩු දේ " කතාවට පහුවදාම අහිංසක යෙහෙළිය කෝල් කරලා කියනවා "අනේ අජිත් පොල් තිබ්බේ නැහැනේ ".( ලින්ක් එකට ඔබන්න ඒ ලිපිය මිස් වුනා නම්.)
ඇවිද්ද තැන් |
බුලා ගේ අයිතිකාරයාගේ ලෑන්ඩ් රෝවරේ |
අයිතිකාරයාගේ ටැට්ටර් සෙට් එක |
Friday, 22 October 2021
දුයිෂෙන් පන්නයේ ගුරුතුමෙක් සහ දරුවන් සමූහයක් , නාථගනේ විදුහලින්
මේ ලිපියෙන් සමහර අයට මහියංගන ඉස්කෝලෙට වතුර දීපු එක මතක් වෙයිද දන්නේ නැහැ. සුමිත් කලණසිරි ප්‍රධාන පිරිස ඒ දිනවල බ්ලොග් සින්ඩිය වන නෙලුම් යාය එකතුව සමග කළ ඒ සත්කාරයට විශාල පිරිසක් සම්මාදම් වුනා. ඒ ගැන සුමිත් ලියපු සුන්දර ලියමන මෙතන. "වහින්නට හැකිනම් ගිගුම් දී". ඔය වැඩේ සහ ඊට කලින් අපි කරපු එවැනි වැඩ ගැන කතාවකට අයිටිවී එකේ මමත්, නාලක ගුණවර්ධන, අජිත් පැරකුම් හා අනුරාධා කෝදාගොඩ , තරුරසී විසින් සංවිධානය කරපු රුපවාහිනී වැඩ සටහනකට අපි සහභාගී වුනා. එහි අසන්නන්ගේ ප්‍රශ්නයක් වශයෙන් නන්දන ගුණතිලක මහත්මයා ඇහුවා "ඇයි මේ ආණ්ඩුව කරන්න ඕනේ වැඩ ඔය ගොල්ල කරන්නේ" කියල. මම හිතන්නේ මම උත්තර දුන්නේ අපේ කැමැත්තෙන් කරන දෙයක් වශයෙන් සහ ආණ්ඩුව කරනකන් බලන්න ඉන්න බැරි බව වගේ දෙයක්. හැබැයි ඒ ප්රශ්නය අද ඇහුව නම් පිළිතුරක් ලෙස අහන්න තියෙන්නේ
Sunday, 17 October 2021
පාටියේ අඩු දේ
අද උදේ කීර්ති පැස්කුවල් කියන සංගීතඥයා මෙහෙයවන සංගීත පන්තියකට යන්න හිටියේ. සින්දු කියන්න ඉගෙන ගන්න. නැත්නම් ගෙම්බා වගේ බක බක ගාන්න බැහැනේ පාටියකට ගියහම. බිරින්දෑ නම් කිව්වේ, අනේ මේ අවුරුදු පනස් හයක් වෙන්න යනව. මොන සිංදුද ඔයාට කියල. ලොකු දුව නම් කීව තාත්තා ඔන්නොහෙ යන්න ඒකට , වයස ප්‍රශ්නයක් නෙමේ තමන්ගේ හීන වලට. ප්‍රශ්නේ කියන්නේ මට එහෙම හීනයක් තිබුනෙම නැහැනේ. මේක මේ කෝවිඩ් කාලේ ඔළුවට වැටිච්ච මරාලයක්.
Tuesday, 12 October 2021
අපි දෙදෙනා අද ...............
Wednesday, 6 October 2021
කුහුඹිය ගේ කතාව හෙවත් කුහුඹු කළමනාකරණය
සෑම දිනකම කුඩා කුහුඹිය තම කාර්යාලයට (හෝ වැඩපළට ) හිමිදිරියේම පැමිණ එසැණින්ම වැඩ පටන් ගත්තාය. සෑම දිනකම නිෂ්පාදන බොහෝමයක් කළ ඇය ඒ ගැන ඉතා සතුටු වූවාය. ඇගේ බොසා හෙවත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තැන වන සිංහයා කුහුඹිය කිසිදු සුපවයිසර් කෙනෙකු නොමැතිව, කාගේවත් සොයා බැලීමකින් තොරව වැඩ කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කළේය. ඔහුට හදිසි යුරේකා මොහොතක් පහල වුනේ එවිටය. මැනේජර් කෙනෙකුගේ, සුපවයිසර් කෙනෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇය මෙතරම් නිෂ්පාදනය කරනවා නම් සුපර්වයිසර් කෙනෙකු යටතේ ඇය වඩා පලදායී ලෙස නිෂ්පාදනයේ යෙදෙනු ඇතැයි සිංහයාට සිතුනි.
Sunday, 3 October 2021
දෙමළ පරිවර්තිකාව අමතක වෙනවද
අපේ පරිවර්තන සාහිත්‍යය සෑහෙන්න ප්‍රබල එකක්. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ ස්වතන්ත්‍ර නිර්මාණ වගේම පරිවර්තන පොතුත් සෑහෙන්න කියෙව්වනේ.
Saturday, 25 September 2021
බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් ඩීසල් ප්රශ්නය
අපේ ගෙවල් පාර ඒ කියන්නේ හාට්ෆඩ් (Hertford) මාවත දැන් දවස් ගානක ඉඳන් බ්ලොක් වෙලා. පෙට්‍රල්, ඩීසල් ගහ ගන්න කාර් පෝලිම. බොරිස් ජොන්සන් ගේ කොන්සවේටිව් ආණ්ඩුව සහ මගේ සමහර බ්‍රෙක්සිට් යාලුවෝ කියන්නේ මේක ජන මාධ්‍ය වලින් ඇති කරන බයක් කියල. ඒක මට පිළිගන්න අමාරුයි. පත්තර වලින් පෙන්වන්නේ පෙට්‍රල් නැති බව. හේතුව තමයි බරවාහන (ලොරි හා කන්ටේනර් ) පදවන රියදුරන් නැති කම. ආණ්ඩුව ඒ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්න කියල සමාගම් වලට දැන් වුවා. පත්තර වල තිබෙන අන්දමට රියදුරන් ගේ පඩිය දැන් අවුරුද්දකට පවුම් 75000 සිට 100000 දක්වා වැඩි කරලලු. ඒ කියන්නේ මාසෙට පවුම් 6250 - 8300 දක්වා (ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ) මම නම් හිතන්නේ එපමණම වැඩි කරලා නැහැ. දන්නා විධිහට අවුරුද්දට 40000 - 60000 වගේ තමා ලැබෙන්නේ. (මසකට පවුම් 3000- 5000 -ලක්ෂ 10- 15 පමණ)