Tuesday 11 March 2014

උදීත ගේ අන්තිම කොමෙන්ටුවට දුන් උත්තරය

# Ajith උඹට පිස්සුද මචං අල්ලපු ගෙදර උන්දැගේ jeep එක මගේ වගේ ළඟ ඉඳන් ගත්තේ. තරහ නෑ මචං ඕනෑම පුද්ගලික දෙයක් අහපන් මට හංගන්න කිසිම දෙයක් නෑ…
ඇයි මචංඅපි හැමෝටම හොඳ වාහනයක් ගෙයක් බලෙන් දෙන්න හදන්නේ මම අහලකින්වත් ගිහිං නැති මාර්ක් සීයාගේ කැමැත්ත උඹ පිලිගත්තට මචං මම පිළිගන්නේ නෑ. කැමැත්තෙන් හිගන්නෝ වෙලා ඉන්න පයින් යන්න පැලක ඉන්න කැමතියි කැමති කෙනාට කැමති විදියට ඉන්න දෙන ඒ වගේම මහන්සි වෙලා වැඩකරලා ව්‍යාපාර කරලා ඉගෙනගෙන උත්සාහයෙන් පුද්ගලික ගුවන් යානයක් ගන්න උනත් අවස්ථාව තියන ධනවාදී ක්‍රමයට මම කැමතියි. මිනිස්සු කියන්නේ පාලිත මී මැසි සමාජයක් නොවෙයි. කියන එක වටහාගන්න දාස් කැපිටාල් විතරක් කියවල මදි නූතන ජාන විද්‍යාව, මිනිස් මොලය ගැන Neuroscience ගැන , ක්වොන්ටම් භෞතිකවිද්‍යාව ගැන හොයල බලන්න එතකොට තේරෙයි මාක්ස් ගේ යල් පැනගිය අදහස් මිනිස් විෂය එක්ක ප්‍රායෝගික නෑ කියන එක. ඔබත් මමත් අරුණිත් මෙන්ම ලොව හැම මිනිහෙක්ම unique. මිනිස් සමාජයේ එක විදියේ ආශාවන් තියන දෙන්නෙක් නැහැ . ඔබ මොන විදියෙන් තියරි මාක්ස් ගේ ඔප්පු කලත් ඔය තියරි එකක්වත් මිනිස්සු දෙන්නෙ ටව ත් සාධාරණ වෙන්නේ නැහැ ඒ තරමට මිනිස් ආශාව විවිධයි. සොරි මචං මම මාර්ක් අයියා ගැන කියනකොටත් අප්පිරියාවක් මිනී කුණු ගඳක් දැනෙන්නේ. ඔයා ගිය අඩි පාරේ මීට කලින් ගිය ඔයා වගේ අය එයාගේ කතා කියවල හැමෝටම යහපත උදාකරන්න මරපු මිනී ගාන සිහිවෙනකොට ලඟින් යන්න නොලැබීම වාසනාවක් කියල හිතෙන්නේ මචං~ - Uditha published in Aruni Shapiro's blog 

මචන් උදිත උඹ අන්තිමට ලියපු එකට උත්තරයක් දෙන්න හිතුනා. අරුණි ගේ blog එකේ අපි තව දුරටත් කතා කරන එක ethical ද දන්නේ නැහැ. අරුණි අකමැතිනම් උඹගේ අර Marx සිය ගැන dala තියෙන එකේ comment එකක් දාන්න. ඉතින් මචන් උඹේ Marx සීයාගේ ගේ ලංකාවේ උපන් මුනුබුරෙක් එක්ක කතා කරන්න ලැබීම ලොකු දෙයක්. උඹට මචන් හොඳ වාහනයක් ගෙයක් අරන් දෙන්න මට කිසිම උවමනාවක් නැහැ. Marx කිවේ තමන්ගේ හැකියාවන්ට අනුව තමන්ගේ අවශ්‍යතාවට අනුව ලැබිය යුතුයි කියල. මන් හිතනවා marx හරි තවම මේ සමාජයේ හුඟක් මිනිස්සුන්ට ඒ තත්වය නැහැ. මම නම් මචන් අල්ලපු ගෙදර එකාගේ වාහනේ ෆොටෝ ගහන්න තරම් උවමනාවක් නැහැ. මන් මගේ වාහනේ ෆොටෝ වත් FB එකේවත් දන්නේ නැහැ. දාන අය ඉන්නවා. එක ඒගොල්ලන්ගේ වැඩක්. මන් කියන්න අදහස් කලේ මම මට උපරිම විධිහට මේ ධනවාදී සමාජයේ කරදරයක් නැතුව ජිවත් වෙනවා කියන්න. එහෙම උණය කියල Marx ට බනින්න උවමනාවක් නැහැ කියන්න. උඹ ධනවාදී ක්‍රමයට කැමති නම් එක උඹේ කැමැත්ත . නමුත් උඹල බොරු තර්ක දානවා කියල හිතෙනවනම් ඒකට විරුධව කතා කරන්න අපට සිද්ධ වෙන්නේ නැත්ද? මන් දැන් අරුණි ලින්ක් විතරක් දැම්ම නිසා හා අරුණි බෙවෙර්ක් Hilferding ට උත්තර දුන් එක දැකපු නැති නිසාත් , වෙන වැඩ තිබුනත් ඉදිරි මස දෙකේදී ඒවලින්ම quote කරලා උත්තරයක් දෙනවා. සමහරවිට අරුණි කියන දේ පිලි ගන්න වුනත් පුළුවන් Bawerk තර්කය ඔප්පු කරලා නම් එකට මම විවුර්තයි. මචන් උඹ කියනවා මෙහෙම: //”මිනිස්සු කියන්නේ පාලිත මී මැසි සමාජයක් නොවෙයි. කියන එක වටහාගන්න දාස් කැපිටාල් විතරක් කියවල මදි නූතන ජාන විද්යාව, මිනිස් මොලය ගැන Neuroscience ගැන , ක්වොන්ටම් භෞතිකවිද්යාව ගැන හොයල බලන්න එතකොට තේරෙයි මාක්ස් ගේ යල් පැනගිය අදහස් මිනිස් විෂය එක්ක ප්රායෝගික නෑ කියන එක”.// මචන් උඹ මන් ගැන දන්නැති නිසා ලියන්නම්.උඹට මල්ලි කියන්නද ,පුතා කියන්නද , මචන් කියන්නද කියල sure නැහැ. මන් හිතනවා මන් ගොඩක් වැඩිමල් ඇති කියල. ඒ නිසා උඹේ කලකිරීම තේරුම් ගන්න පුළුවන්. මචන් මන් දැන් අවුරුද්දකට කලින් මගේ තුන්වෙනි MSc එක කලා . මගේ hobby එක astronomy නිසා QMUL එකේ Astrophysics course ඒක සොමියට කලේ. . Quantum Physics එක subject එකක් හැටියට මන් සැහෙන්න කියවල තියනවා.. මට double ස්ලිට් experiment එක ගැන එහෙම ඉතින් උඹ ඇහුවොත් කියා ගන්න පුළුවන්. ඔය සමහර අපේ බුද්ධාගමේ බුවාලා quantum entanglement එක අල්ලල බුද්ධාගම හරියි කියල තර්කයක් ගේනවා. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ existence and none -existence ගැන විතරය් මචන්. මහායාන හාමුදුරු කෙනෙක් වන Dharmakirti (මම නෙමේ මම ඒ c.AD 600-700 වල හිටියේ නැහැ) තර්කයක් ගෙනාවා status 3 ක් තියනෙවා . අර දෙකට අමතරව in -between existence and none -existence අතර කියල. බටහිර කට්ටිය හොයා ගන්න කලින් මචන්. (ref. Hetubindu of Dharmakirti – A Point of Probans by P.P Gokhale). මට මතක විධිහට Schrödinger equation එකේ time t එක අයින් කලාම ඒක තමා වෙන්නේ.http://en.wikipedia.org/wiki/Schr%C3%B6dinger_equation . එතකොට උඹ Neuroscience වලිනුත් දම ගහනවනේ. මෙන්න මේ ලින්ක් දෙකේ තියෙනවා ඇමෙරිකාවේ out-of-body experience පරීක්ෂනයක් ගැන : http://www.popsci.com/article/science/woman-who-can-will-herself-out-her-body
http://journal.frontiersin.org/Journal/10.3389/fnhum.2014.00070/full
Marx ගේ යල් පැනගිය අදහස් මේවට සම්බන්ධ වෙන්නේ කොහොමද මචන්? මම සැහෙන touch එකේ ඉන්නේ මේවා ගැන. ද්‍රව්‍යය නොව විඥාණය උඩින් කියල මම පිළිගන්නේ නැහැ. ඉහත දෙකෙන් මොලයේ ක්‍රියාකාරීත්වය ඔප්පු වෙන්නේ, මොලය ද්‍රව්‍යමය දෙයක් . quantum අංශූන් ගැනත් එහෙමයි. අනික Marx නෙමේ මචන් ඒවා ගැන කතා කලේ එංගල්ස් – Dialectics of Nature වලදී. හැබැයි එංගල්ස් ගේ වැරදි යල් පැන ගිය අදහස් ඒකෙ තියෙනවා . උදාහරණයක් වශයෙන් මන්දාකිණි ගැන. ඒ කලේ මන්දාකිණිය විශ්වය හැටියට දැනන් හිටිය නිසා වෙච්ච වරදක්. ඒ ඇරෙන්න Marx capital එකේ සමහර මුලික සිද්ධාන්ත හා දයලේක්තික වාදය මේවලින් බොරු වෙලා නැහැ. මම Big Bang Nucleosynthesis ගැන අරුණි ට දාපු කොමෙන්ට් එකක සඳහනක් කරලා තියෙනවා. H , He වැනි මුලික අංශුන් එකට ගැටී අලුත් ඒවා හැදුනු හැටි ගැන standard model එකේ උගන්නනව. මගේ local ඇස්ට්‍රෝ group එකට මම දේශනයක් කරනවා june වල. කැමති නම් PPT එක එවන්නම්. http://www.skiesunlimited.co.uk/HAG/
මචන් මෙන්න මේකට මට වෙනම ලොකු පිළිතුරක් තියෙනවා. //”සොරි මචං මම මාර්ක් අයියා ගැන කියනකොටත් අප්පිරියාවක් මිනී කුණු ගඳක් දැනෙන්නේ. ඔයාගිය අඩි පාරේ මීට කලින් ගිය ඔයා වගේ අය එයාගේ කතා කියවල හැමෝටම යහපත උදාකරන්න මරපු මිනී ගාන සිහිවෙනකොට ලඟින් යන්න නොලැබීම වාසනාවක් කියල හිතෙන්නේ මචං”// මන් මචන් 82-83 ලයියා අයියා එහෙම අයින් වෙන කොට පන්ති පහේ සමාජවදෙන් අයින් වෙලා වී.කෝ.ස. පැත්තෙත් ගිහින් දයාන් ගේ දේශනාත් අහල ලංකාවේ uni එකකටත් තේරිලා වැරදි සමාජවාදය බලන්න තියෙන උණට රුසියාවට ගිය එකෙක්. හැබැයි එහෙදි එහෙට අපු කොමුයුනිස්ට් පක්ෂේ ඇයො මම සෝවියට් රුසියාව විවේචනය කරන නිසා මාව ජෙප්පෙක් ගේ ගානට දැම්මේ . ඉතින් මේ අඩි පර කලින් ගිය එකක් . මෙතනට මම අපහු ආව හේතුව මෙතනට අදාල නැති නිසා ඒක මම ඔයාගේ මර්කස සීයා ගැන ලියපු බ්ලොග් එකට දාන්නම් . නැත්නම් අරුණි කැමතිනම් මේකටම දාන්නම්.
මචන් මගේ යහළුවෙක් ඉන්නවා BBC එකේ වැඩ කරන සරෝජ් කියල. පොර “ද්‍රෝහියාගේ දියණිය” කියල පොතක් පරිවර්තනය කරලා තියෙනවා. පුලුවන්නම් බලපන්. අපි ඊයේ අපේ බිරින්දෑ වරුන්ව International women’s Day නිසා concert එකකට යවල අපි ළමයි බලාගෙන (නියම මර්ක්ස්වදින් වශයෙන් මචන්, හොරුන් වගේ පෙනී සිටින උන් වගේ නෙමෙයි.) vodka ටිකකුත් කටට හලා ගෙන උඹල ගැන සාකච්චා කලා . ඉතිං Dr Shivago වගේ නොවුනත් ඒක සත්‍ය කතාවක්. පුලුවන්නම් බලන්න. සෝවියට් දේශයේ අසාධාරනකමක් ගැන තියෙන්නේ. සරෝජ් ටත් දැන් සමාජවාදය අරහන් . තනිකරම ඉතින් ලංකාවේ හොර සමාජවාදීන් නිසා.
මචන් අන්තිමට කියන්න තියෙන්නේ මම උඹ කියන හැම දේටම විරුද්ධ නැහැ. අර වෙනුෂ ඉමන්දී ගැන උඹේ මතයේ තමා මම ඉන්නේ. එතකොට නැගෙනහිර ජර්මනිය ගැන මාතලන් මල්ලිට දුන්න පිළිතුරේ තමා මාත් ඉන්නේ. මට ඒ පැත්තේ නෑ දුරුස් ලත් ඉන්න නිසා උන් හිතන දේ ගැන first -hand දැනුමක් තියෙනවා. (දැන් කියන්න එපා macro economic ලෙවෙල් එකෙන් කතා කරපන් නෑදායොයි අතන මෙතන උන් නුයි කියපුව කියන්න එපා කියල. නමුත් උන් stazi එකෙන් බැට කාපු නිසා මන් දන්නවා) ඉතින් අපි එකඟ වුන දේට එකඟ වෙලා විරුද්ධ වෙන දේවල් ගැන තර්ක කරමු.

24 comments:

  1. අජිත් මම මාක්ස් ගේ අරුතින් ගත්තොත් කම්කරුවෙක්. වරායක නිල් කොලර් රැකියාවක් කරන්නේ. අධ්‍යාපනය 100% academic නොවෙයි self studied එහෙම නැත්නම් Home schooled. අජිත් ඔයා 100% academic ඒ වගේම White Collar ජොබක් කරන කෙනෙක්. මේක ලිව්වේ ඔයා ඔයාගේ background එක ගැන කියල තියන හින්ද.
    //මචන් මෙන්න මේකට මට වෙනම ලොකු පිළිතුරක් තියෙනවා.//
    අජිත් මරණ වලට පිළිතුරු දෙන්නේ කොහොමද? මාක්ස් සීයා සහ උඹලා හොඳ හිතින් අපි වගේ කම්කරුවන්ට විමුක්තිය උදා කරලා දෙන්න සම්පුර්ණයෙන් හොඳ හිතින් මේ මති ,තියරි හදල. කැපිටාල් එකේ බරපතල ගණන් පවා හදල පෙන්නල දෙනවා හැබැයි හැම කොමිනිස්ට් /මාක්ස්වාදීන් ලඟම තියන එකම සිතුවිල්ල, absolute truth එක තමයි මාක්ස් කියල තියෙන්නේ කියල හිතන දෘෂ්ටිවාදය උඹ ලඟත් තියනවා.
    උඹල අමතක කරන එක තමයි මේක කරන්න ගිහින් කොමිනිස්ට් රාජ්‍යයන් පහුගිය සියවසේ 110,000,000 මිනිස්සු ඝාතනය කළා කියන එක. ස්ටාලින් විතරක් 43,000,000 ක් සෝවියට් දේශයේ මිනී මැරුම් ටික විතරක් මුළු සියවස පුරා ලෝකයේ වෙනත් සියලුම යුද්ධ වලින් මැරුණ මුලුගානට වැඩියි.
    උඹ මේ දක්වා සංවාදයට ගෙනල්ල තියන අපි අතර විසංවාදයක් ඇතිවෙලා තියෙන්නේ මාක්ස් ගේ න්‍යායේ Heart එක වගේ තියන අතිරික්ත වටිනාකම පිළිබඳව නේ. හොඳයි අපි ඒ ගැන කතා කරමු. මේක නිවැරිදියි කියල අජිත් ඔලුවෙන් හිටගෙන තර්ක කරනවා නේ හරි අපි පටන් ගමු.මේ තියරිය නිවරිදිවෙන්න අවශ්‍ය මුලිකම දේ පවා වැරදියි කියලයි මම කියන්නේ මාක්ස් භාණ්ඩයක වටිනාකම value එක තීරණය කරන්නේ ඔහුගේ යුගයේ සම්භාව්‍ය ආර්ථික විද්‍යා දැනුමට අනුකුලවයි. Adam Smith සහ David Ricardo ගෙන් ඇරඹුන මාක්ස් සහ කොමිනිස්ට් කාරයින් සියල්ල ආදරයෙන් වැලඳ ගත් මේ භාණ්ඩයක වටිනාකම ශ්‍රමයට පමණක් සම්බන්ධ කරලා වටිනාකම තීරණය කරන labor theories of value (LTV) කියන්නෙම මේ යුගයේ කොහොමවත් යොදාගන්න බැරි දෙයක්. අජිත් හරියි කියන මාක්ස් ගේ තියරියේ මේ මුලික භාණ්ඩයක වටිනාකම තීරණය කරන
    ක්‍රමයම වැරදියි. ඒකම Heterodox කියන එකයි මම කියන්නේ. මේ සියවසේ භාණ්ඩයක වටිනාකම හෝ හුවමාරු වටිනාකම ශ්‍රමය මගින් තීරණය වෙන්නේ නැහැ. දැන් මේ මුලිකම දෙය වැරදි නම්, අජිත් මාක්ස් ගේ තියරිය ගෙඩිය පිටින්ම වැරදියි කියන එක තේරුම් ගන්න තරම් අජිත් උගත් කෙනෙක් නේ දැන් ඉතින් පුළුවන් නම් පෙන්වල දෙන්න තාමත් ලෝකේ භාණ්ඩයක(commodity එකක) මිල ශ්‍රමයට සම්පුර්ණයෙන්ම related කියල. ලෝකේ මේ යුගයේ කිසිම මුඛ්‍යධාරාවේ ආර්ථික විද්‍යාවක්වත්' (Mainstream economics) මේ LTV එක පිළිගන්නේ නැහැ . ඔබට හිතුවක්කාර ලෙස ඕනෑනම් ඒක පිළිගන්න පුළුවන් මොකද මාක්ස්වාදීන් හිතන්නේ තමන් absolute truth එක දන්නවා ඒක නිසා භාණ්ඩයක වටිනාකමටත් absolute value එකක් තියනවා කියල නේ.
    ඉතින් labor theories of value එක ඔබ පිලිගන්නවා නම් මෙතනින් එහාට මේ තියරිය ගැන අපි සංවාද කරලා වැඩක් නැහැ මම ඒක පිළිගන්නේ නැහැ ඒක නිසා මේ තියරිය ඒක පිළිගන්නේ නැති අයට වැරදියි. ඒක පිළිගන්න අයට ඔබගේ තියරිය තාම සත්‍යයක් වගේ පේනවා ඒක මට වෙනස් කරන්න බැහැ. මට කියන්න තියෙන්නේ සුභ අනගතයක් කියල විතරයි.
    Adam Smith, David Ricardo ලගේ ඉඳන් මේ දක්වා ආර්ථික විද්‍යාව විකාශනය වුන අයුරු මම ඉදිරියට මගේ බ්ලොග් එකේ ලියන්නයි ඉන්නේ ඒකට උත්තේජයක් උනේ ඔබේ සංවාදය එයාට ස්තුතියි.

    ReplyDelete
  2. මචන් මම මගේ ගැන ලීවේ උඹ මට quantum physics ගැනයි nuro -science ගැනයි හදාරලා එන්න කියපු නිසා. උඹයි අරුනියි දෙන්නම ටිකක් "මං පොර " ලීලාවෙන් කතා කලේ. හරියට අපි මොකුත් කියවල නැති ගොඩේ බය්යෝ වගේ. මම පන්ති පහ ට ගිහිල්ල අනුනුට මාර්ක්ස්වාදය උගන්වන්න යන එකෙක් නෙමේ කියන්න. (මරණ ගැන පිළිතුර මේකේ නැහැ . එකේ වෙනම ලිපියක් හැටියට අද වෙලා තිබුනොත් දාන්නං. ) මචන් උඹල අපි ලියන පිළිතුරු හරියට කියවන්නේ නැහැ. මම ස්ටාලින් වාදියෙක් නෙමේ. ඒ වගේම ස්ටාලින් මර්ක්ස්වදියෙක් නෙමෙයි. උඹ දන්නවද ලෙනින් war communism එක වැල වුනාට පස්සේ NEP කියලා policy එකක් ගානවා. රුසියාවේ ධනවාදය දියුණු කරන්න. එකෙන් production එක වැඩි වුන බව. මෙන්න මේක බලපං මචන්. http://mises.org/journals/jls/5_1/5_1_5.pdf ධනවාදී පොරක් ලියල තියෙන්නේ නමුත් balance . http://www.historylearningsite.co.uk/new_economic_policy1.htm
    මචන් මරුන ගණන් ගැන මේකේ තියෙනෙව . ඕක තර්ක කරලා වඩක් නැහැ. http://www.scaruffi.com/politics/dictat.html මාවෝ එට වැඩ මරල තියෙනවා. අමෙරිකාවත් ඒ ගානටම දැන් මරාගෙන යනවා. ඉරාකේ දැන් 500000 පැනල.
    මචන් මම capital එක දැනට කියවලා තියෙන විධිහට මාර්කස් භාණ්ඩයක වටිනාකම ශ්‍රමයට විතරක් අදාල කරලා නැහැ. ඒක තම මම කිවේ උඹ කැපිටල් එක කියවලා නැහැ කියල. මන් හිතනව අරුණි කියවල තියෙනෙව කියල. නැත්නම් එයා බෙවෙර්ක් ව අදින්නේ නැහැ. මම මචන් බෙර්වෙක් ගේ දෙවෙනි කොටස කියවල (Hilferding ට) දුන් උත්තරය බලල නැවත සංවාදයකට එනවා කිවේ එකයි. මචං ඇත්තටම labor theories of value (LTV) හරියටම වැරැදි කියල ඔප්පු වෙනවා නම් මන් එක අතෑරලා දාන්න ලෑස්තියි. එකම තමා මන් අරුනිට කිවේ.උමබ මට කියනව quantum physics අරව මේවා ඉගෙන ගෙන එන්නලු. ඒවා ඉගෙන ගෙන තමා මන් මේ නිගමනයට ආවේ. රුසියාවේදී මම Marx විරෝධියෙක්. පස්සේ paranormal ගැන අධ්‍යනය කල. බුද්ධාගමේ miss වෙච්ච තැන් කියෙව්වා . අර ධර්මකිර්ටි හාමුදුරුවෝ ගැන ලිව්වේ එහෙම කියවපු නිසා. නමුත් 1971 , 1988, 1989 ගැන වඩා දැන ගන්න ලැබුනම මට තේරුණා Marx ලිව්වේ හරියටම මොකද්ද කියලවත් ලංකාවෙ සමහර මර්ක්ස්වාදීන් නොදන්නා බව. (ස්ටාලින් , මාවෝ , හිට්ලර් යන ඒකාධිපතියන් Marx අනුගමනය කලේ නැහැ. පොල්පොට් නුත් එහෙමයි. මන් දැන් මචන් තව blog එකක් ඇරලා capital එක මට තේරෙන විධිහට දානවා. මචන් පුලුවන්නම් උඹේ ඔය විරුද්ධ theory දාල comment කරපන්. අපි තුන් දෙනාම එක තැනකදී පොදු හැඟීමක් තියෙනවා . මම ලංකාවේ නැවත 1971ක් 1989ක් හෝ ලෝකය තව ස්ටාලින් හෝ හිට්ලර් කෙනෙකු බිහි වෙනවට කැමති නැහැ. මර්ක්ස්වදය අඩුම ගණනේ හරියට ඉගෙන ගත්තොත් මේ මිනිස්සු ඒක වෙන්නේ නැහැ කියල මන් හිතන්නේ . මචන් ගොඩක් අලුත් පක්ෂ වල මේවා අලුතෙන් ඉගෙන ගන්නවා. එකට උදව් කල යුතුයි. පක්ෂව හෝ විපක්ෂව.
    අනික මන් absolute truth එකක් ගැන කියන්නේ කියල කොහෙවත් කියල නැහැ. prejudicial වීම හින්ද නැහැ. මම කතා කරන්නේ open . මට කවුරු හරි යමක් ඔප්පු කලොත් මම හොයල බලල එක හරිනම් පිලි ගන්න කෙනෙක්. මම r l stevenson ගේ පොත් , Dr Brian Weiss ගේ පොත් හෙම කියල පුනරුප්පතිය පිලි අරන් හිටය. මගේ astro course එකෙන් පස්සේ දැන් මන් ඒක පිලි ගන්නේ නැහැ. ජන වලින් යම් memory එකක් pass වෙනවා ඇති කියල තම දැන් හිතන්නේ . එකටත් සාධක නැහැ.
    සෝවියට් දේශයේ තව වැරැද්දක් හැටියට මම දකින්නේ මේ වගේ දේවලට අවකාශ නොදුන් එක. එහෙම වෙනස් අදහස් වලට ඉඩ දුන්න නම් තත්වය වෙනස් වෙන්න තිබ්බ. අපි තර්ක කරලා හරි එක තේරුම් ගන්න ඕනේ කියන අදහසේ මම ඉන්නේ. අනික මාර්ක්ස් වත් මම වත් උඹටවත් කම්කරුවන් වන්ටවත් බලෙන් විමුක්තිය උදා කර දෙන්නේ නැහැ. මන් අරුනිට ලියපු උත්තරේ මේක ලිව්වා . උඹල හිතන් ඉන්නේ (අරුණි ඇතුළුව) මර්ක්ස්වදය හරියට රොබින් හූඩ් , සරදියෙල් වගේ ඇති උන්ගෙන් අර ගෙන නැති උන්ට බෙදල දෙනවා කියල. මචන එක බොරුවක්. කවුරුහරි මර්ක්ස්වදියෙක් එහෙමෙ කියනවා නම් ඌ මර්ක්ස්වදය ලන්ගකින් වත් ගිහිල්ල නැහැ. මාර්කස් වහල්, වැඩ වසම් , ධනපති යුග අධ්‍යනය කරලා ඊළඟ එක communism කියල predict කල. මන් විශ්වයේ හා ලෝකයේ ඇතිවීම astrophysics වල ඉගෙන ගන්න කොට මේක ඔළුවට ආව . මන් නැවත මර්ක්ස්වදයට ආවේ එහෙම. උඹ කැමති නම් තව කතා කරමු. ඉදිරියට හරියට facts අරන්.

    ReplyDelete
  3. //උඹේ ඔය විරුද්ධ theory දාල comment කරපන්//
    මචං ධනවාදී නිදහස් වෙළඳ පොළට තියරි නැහැ ඒක තියෙන්නේ එදිනෙදා ජිවිතයේ මහපොළොවේ මිනිස්සු ප්‍රයෝගිකව ජීවත්වෙන්න යනකොට ජීවිතය පහසු කරගන්න මිනිස් පරිනාමයත් එක්ක ඕපපාතිකව ඇතිවුන දෙයක් ආර්ථික ක්‍රමයක්, මාක්ස්වාදය වගේ පුද්ගලයෙක් කාමරයකට වැදිලා තව තියරි හදාරලා ඒවා එක්ක ගලපලා කෘතිමව හදපු පොතක තියන මතියක් නොවෙයි. ප්‍රයෝගික ලෝකයේ කරන්න ගියපු හැම තැනකම අසාර්ථක වෙලා මිනිස්සු ඒ රටවලින් පැනල යන්න හදද්දී බලෙන් වෙඩි තියල ,බලෙන් ශ්‍රම කඳවුරැ දාල ට්‍රයි කරලා ඇස පනාපිට අසාර්ථක වුන දෙයක්. දැන් උඹල අයිත් මුල ඉඳන් ඒ පොත්ම බලල කියනවා ඒ වැරදුනේ ඒ අය මාක්ස් කියපු දේ නොවෙයි වෙන දෙයක් කරපු හින්දලු ඒ මක්ස්වාදේවත් සමාජවදේ වත් නොවෙයිලු.
    දැන් ආපහු තියරි වමාරන්නේ නැතිව සරලව කියන්න බැරිද ඒ අයට වඩා උඹල දැන් අලුතින් මාර්ක්ස් තේරුම් අරන් වෙනස් විදියට කියන්නේ මොනවද? කොහොමද රටක් කරවන්න හදන්නේ කියල?
    උඹ දැන් කැපිටාල් කියවල මොකද්ද හොයාගත්තේ? මාක්ස් ගේ තියරි හරියි කියනවා. හරි අපි හිතමු මාක්ස්ගේ සූරාකෑම තියරිය හරි කියල දැන් කොහොමද මාක්ස් කියන සූරාකෑම නැතිකරලා නිෂ්පාදනය කරන්නේ රුසියාව හරි මාවෝ හරි පොල්පොට් හරි උතුරු කොරියාවේ පිස්සු පූසා හරි පිදෙල් ක්‍රස්තෝ හරි කරපු ක්‍රමයට වඩා වෙනස්ව උඹ දැන් අලුතින් යෝජනා කරන ක්‍රමය මොකද්ද ? එහෙම මිනිස් විෂය සම්බන්ධයෙන් සමාජ ක්‍රම කෘතිමව හදන්න පුලුවන්ද? ධනවාදී වෙළඳපොල ක්‍රමයම ඉදිරියට නූතන තාක්ෂණය නිසා වඩා වෙනස්ව හැමෝටම යහපත් ලෙස වෙනස් වෙනවා මිසක් ලෝකේ ආපස්සට ගිහිල්ල මාක්ස් ගේ යුතෝපියාව සැබෑ වෙන්නේ නැහැ. මාක්ස් කියපු එක දෙයක්වත් උනාද?
    තරහවෙන්න එපා මාක්ස් මම කියවල තියේද නැද්ද කියල හිත කරදර කරගන්නත් එපා. අනාගත යුගය මොනවගේ එකද්ද කියල මාක්ස් ගේ තඩි භාගෙට ලියල අනුන් ඉවර කරපු කැපිටාල් එකට වඩා යූ ට්යුබ් එකේ අනාගතය ගැන අනාවැකි කියන ජේසන් සිල්වාගේ වීඩියෝ එකක් මේ යුගයේ මට වැදගත්. මට කැපිටාල් ජේසන් සිල්වාගේ යූ ටියුබ් ක්ලිප් එකක් විතරවත් වටින්නේ නැහැ.
    උඹට ශුද්ධ වූ අයිතියක් තියනවා මාර්ක්ස් හදාරන්න ඒවා ගැන ලියන්න. ලියපං රස විඳපන්. අවුරුදු දොළහක් ජනාධිපති වෙලා ඉඳල රටට කිසිම දෙයක් නොකරපු චන්ද්‍රිකා නෝනත් කැපිටාල් කියවල තියනවා කිව්වා නේ.

    //උඹ දන්නවද ලෙනින් war communism එක වැල වුනාට පස්සේ NEP කියලා policy එකක් ගානවා. රුසියාවේ ධනවාදය දියුණු කරන්න. එකෙන් production එක වැඩි වුන බව.//
    ඒ කියන්නේ ලෙනින්ටත් තේරිලා මාර්ක්ස්වාදය වැඩකරන්නේ නැහැ කියල ...? මචං ඔස්ට්‍රියානු පාසලේ නිදහස් වෙළඳපොල ආර්ථිකය මම දැනට පිළිගන්න ආර්ථික ක්‍රමය. මගේ දේශපාලනය ලිබටේරියන් පැත්තට බොහෝ බර දේශපාලනයක් මමත් උඹ වගේම මාක්ස් ගේ ලණු ගිලගෙන ඉඳල තියනවා බොහොම ඉස්සර.

    ReplyDelete
    Replies
    1. //මාක්ස්වාදය වගේ පුද්ගලයෙක් කාමරයකට වැදිලා තව තියරි හදාරලා ඒවා එක්ක ගලපලා කෘතිමව හදපු පොතක තියන මතියක් නොවෙයි// - මේක වැරැදි කතාවක්. Marx වහල් යුගයට කලින් යුගයේ ඉන්දල හදාරපු එකක් ගැන ඔය මෙහෙම කියන්නේ .
      //එහෙම මිනිස් විෂය සම්බන්ධයෙන් සමාජ ක්‍රම කෘතිමව හදන්න පුලුවන්ද? // එහෙම හදන්න බැහැ . එකයි ඒ ක්‍රමයවල් වැටුනේ . ඔබ එතන නිවැරදියි.
      //ධනවාදී වෙළඳපොල ක්‍රමයම ඉදිරියට නූතන තාක්ෂණය නිසා වඩා වෙනස්ව හැමෝටම යහපත් ලෙස වෙනස් වෙනවා මිසක් ලෝකේ ආපස්සට ගිහිල්ල මාක්ස් ගේ යුතෝපියාව සැබෑ වෙන්නේ නැහැ// Marx ආපස්සට නෙමේ ඉදිරියට යාමක් ගැන කියන්නේ . එකයි කියන්නේ Marx ව ඉස්සෙල්ල හරියට කියවන්න කියල.
      //මාක්ස් කියපු එක දෙයක්වත් උනාද?//- Marx කිව්වේ මොනවාද කියපන් මචන් . මන් අරුනිට දාපු කොමෙන්ට් එකක ලිව්වා Marx වැරදියට predict කල කියල එංගලන්තේ factory කම්කරුවෝ අරගල කරනවයි කියල . නමුත් ඒක එහෙම වුනේ නැහැ පාර්ලිමේන්තුව නීති සම්මත කරලා කම්කරුවන්ට අයිතිවාසිකම් දුන්න නිසා. දැන් ඔය උඹ ඉන්න රටෙත් වහල්ලු සටන් කරලා උන්ගේ අයිතිවාසිකම් දින ගත්ත . දිනලා දුන්නේ ලින්කන් වගේ හදවත හොඳ උගත් මිනිස්සු. කම්කරුවෙක් වෙඩි වැදිලා මල. මයි පළවෙනිදා. උඹට මචන් දැන් ඉන්න ජොබ් එකේ පය අට වැඩ කරන්නත් අනිත් priviledges නුත් හම්බ වෙනවනම් හම්බ වෙන්නේ ඒ අරගල නිසා .
      //ඒ කියන්නේ ලෙනින්ටත් තේරිලා මාර්ක්ස්වාදය වැඩකරන්නේ නැහැ කියල ...?// මෙන්න මෙතන උඹ දස වැරැද්දක් කරනවා. ලෙනින්ට තේරුනේ මර්ක්ස්වදය වැරදියි කියල නෙමේ . තමන් වැරදියි කියල. අපහු මන් කියනවා. බසික් Marx වාදය කියවන්න අනුන්ගේ බයිලා කියවන්න කලින්. Marx කිවේ එංගලන්තයේ හෝ ජමනියේ වගේ ඒ කලේ දියුණු ධනවාදී රජයක විප්ලවයක් වෙන බව. ලෙනින් තමන්ගේ තනි රටක සමාජවාදය කියන න්‍යායෙන් ඒක වෙනස් කරලා , පසු ගාමී රජෙක් පාලනය කල වැඩ වසම් රුසියාවේ විප්ලවය කලේ. පළවෙන හතර අවුරුද්දෙන් පස්සේ NEP එක ගෙනාවේ එකයි. ලෙනින් මරණ
      මැරුණට පස්සේ "මන් තමා පොර" කියා හිතපු ස්ටාලින් ඒවා අයි වෙනස් කරලා පරණ ක්‍රමයට ගිය. එකෙන් මිලියන් ගණනාවක් කන්න නැතිව මරුන. ලෙනින් NEP ගැන ලියපුව යට ගැහුවා. මාර්ක්ස්වාදය විකුර්ති කලා . මාවෝ අනුගමනය කලෙත් ඒක . කස්ත්‍රෝ විප්ලවය කරන කොට මොන මර්ක්ස්වදයක් වත් දන්නේ නැහැ. පොරම ඒක පිලිගන්නවා. ඔවුන් නිදහස්කාමින් විතරයි මුලදී . ඇමෙරිකාව සම්බාධක දාල ගහන්න ආවහම තම සෝවියට් දේශයට හේත්තුවෙලා ඒ ක්‍රමය පිලි ගත්තේ
      //මචං ඔස්ට්‍රියානු පාසලේ නිදහස් වෙළඳපොල ආර්ථිකය මම දැනට පිළිගන්න ආර්ථික ක්‍රමය. // මචන් උඹල මොකද ස්ටාලින් කරපු වැඩ වලට Marx ටය බබැන්නට හිට්ලර් කරපු දරුණු වැඩ වලට ඔස්ට්‍රියානු පාසලට බනින්නේ නැත්තේ . හිට්ලර් දියුණු ජර්මනියක් බිහි කලේ ඒවා අනුගමනය කරලනේ.
      //මමත් උඹ වගේම මාක්ස් ගේ ලණු ගිලගෙන ඉඳල තියනවා බොහොම ඉස්සර// උඹ මර්ක්ස්වාදය කියල ජවිපෙන් හරි කොහෙන් හරි ලණුවක් ගිලින්න ඇති. මම කියවල තේරුම් ගන්න උත්සහ කරන කෙනෙක්. එහෙම නැතිනම් මම මේවට තියෙන විරුද්ධ ලිපි කියවන්නේ නැහැ. කාගෙවත් ලණුවක් ගිලින්න තරම් මම මෝඩයෙක් කියල හිතන්නේ නැහැ. නමුත් ලනු ගිලල තියෙනව business කරන්න ගිහිල්ල නම්. ලංකාවේ දැනුත් නිදහස් ආර්ථිකය යටතේ මිනිස්සුන්ව රවටන ලනු දෙන එවුන් තමා ඉන්නේ.

      Delete
    2. මචං මෙතන "මන් පොර" වෙන්න මට ඕනෑ නැහැ, ඒත් මෙතන උඹ මට මාක්ස්වාදය හදාරපන් කියන හින්දයි කියන්නේ මම ඒක ජෙප්පොන්ගෙන් නොවෙයි මූලාශ්‍ර වලින්ම තමයි ඉගෙන ගත්තේ. ඉතා පැහැදිලිවම මම කියන්නේ ලෙනින් වැරදියි මාවෝ වැරදියි ස්ටාලින් වැරදියි කියල නොවෙයි මාක්ස්වාදයේ බේසික් වැරදියි කියලයි. උඹල ඔය ඒක අසාර්ථක වුනාම හිත හදාගන්න කියන දෙයක් මාක්ස් තියරි හරියට ලෙනින් දැනගෙන ඉඳල නෑ වගේ කතා. උඹ මෝඩයෙක් කියල හරි උබ මේවා කියවල නැහැ කියල නොවෙයි මම කියන්නේ උබගේ opinion එක උඹට සත්‍යයක් ඉතින් එකත් එක්ක මගේ ගැටළුවක් නැහැ. මම පිලිගන්නවා මගේ අධ්‍යාපනය chaos උඹ වගේ academic නොවෙයි උසස් පෙළ කලේ ගණිත අංශයෙන් උපාධිය open university සමාජ විද්‍යාව,ලංකාවේදී වැඩකලේ ආර්ථික විද්යාඤයෝ එක්ක ඇමරිකාවේදී කරන්නේ සාමාන්‍ය රැකියාවක් එහෙම උනා කියල මම කියවන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් මට තියනවා. ඔබේ මතය ඔබ දැරීම ගැන මගේ කිසිම අවුලක් නැහැ මම ඒක වෙනස් කරන්න යන්නෙත් නැහැ මොකද මම දන්නවා ඒක මට වෙනස් කරන්න බැහැ කවදාහරි දවසක උඹටම තේරුනොත් මිසක්. මම කියන්නේ මෙච්චරයි මාක්ස්වාදය අයිත් මුල ඉඳන් උඹට තේරෙන විදියට මට කියල දීල මාව වෙනස් කරන්න හදන්න එපා ඔයා ත්‍රිමාණ එකේ දීප්ති වගේ අය එක්ක එකතු වෙලා ඔයාලගේ වැඩේ කරගෙන යන්න. මම අවුරුදු ගානක් දිප්තිලා නිර්මාල් ල එක්ක එක බත් එක බෙදාගෙන කාල වැඩ වැඩ කරලා තියනවා ලංකාවේ ඉන්න කාලේ. දැන් මගේ අවබෝධය වෙනස් මේ කාලයේදී මම, අරුණි වගේ අය එක්ක අපේ නුවණින් වටහාගත් දෙය අනුව අපේ වැඩේ කරන්නම්.

      Delete
    3. //" මාක්ස්වාදය අයිත් මුල ඉඳන් උඹට තේරෙන විදියට මට කියල දීල මාව වෙනස් කරන්න හදන්න එපා "// මචන් මේකට නම් මට කියන්න දෙයක් නැහැ . මොකද මන් කලින්ම අරුණිගේ බ්ලොග් එකේ ලීවා මන් කාවවත් වෙනස් කරන්න නෙමේ ලියන්නේ කියල. කොටින්ම් ඔබව වෙනස් කරන්න මට තියෙන අයිතිය මොකද්ද? උඹ හිතන්නේ මම තෙල් බේත් කාරයෙක් කියලද? මම ලියන්නේ තර්ක කරන්නේ ඒකෙන් අනිකා හරියට හෝ වැරදියට දන්නා දේවල් දැන ගන්න . මම ඉගෙන ගන්නේ සමහර දේවල් එහෙම. දැන් බලපන් අරුණි කීව Hilferding Bawerk ට උත්තරයක් දුන්න බව මන් දන්නේ නැහැ, එක මට මිස් වෙලා ඒක මන් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ . අනික Marx නෙමේ අනික් උන් කැපිටල් එක ඉවර කලේ කියල උඹ කියනවා. මම එහෙම එකක් දන්නේ නැහැ.
      //ඔයා ත්‍රිමාණ එකේ දීප්ති වගේ අය එක්ක එකතු වෙලා ඔයාලගේ වැඩේ කරගෙන යන්න.// එහෙම කෙනෙක් එක්ක මන් වැඩ කරනවා කිව්වේ කව්ද? මන් දැකලවත් කතා කරලවත් නැහැ. 3මාන එකෙන් තමයි දන්නේ. ඒ website එකේ අරුණි ගේ blog එකේ ලිපියක් තිබ්බා . ඒක දැකල තමා මන් කොමෙන්ට් කලේ. මගේ දෙවෙනි කොමෙන්ට් එක ඒගොල්ල ignore කල නිසා මන් අරුණිගේ බ්ලොගය හොයාගෙන ඒකෙ දැම්ම. අරුණි ඒකට උත්තර දුන්න. වෙන අර්ථ කතනයක් ඒකට නැහැ. මම ඔය හැම එකම කියවනවා. 3mana , Lankanewsweb , බූන්දි, විකල්ප , 3mana එකට විරුද්ධව ගහනවා පතුල කියල එකකුත්, lankaviews , ගිනි සිළුව lankapage දැන් එකතු කර ගත්තා අරුණි ගේ බ්ලොග් එක ඔබේ සහ මාතලන් ගේ බ්ලොග් එක. මගේ ළමයින්ට මම නිදහස දීල තියෙන්නේ කැමති ආගමක් අදහන්න. එකෙක් atheist අනිකා Buddhist. හැබැයි දෙන්නම ක්‍රිස්තියානි ආගමත් හොඳින් දන්නවා. එහෙව් එකේ මන් මොකටද තව කාගෙවත් තමන්ගේ මතයක් දීමේ අයිතියට Challenge ක‍රන්නෙ. උඹ මචන් Markx ගේ basic වැරදි කියන්නේ මොන පදනමින්ද කියල මට තේරුම් ගන්න බහ. උඹ ඒකට මුකුත් logic එකක් නොදාන නිසා. මන් අර කලින් කිව්ව ලිපිය ලියුවම සමහර විට ඒකට comment කරන්න. මේක මෙතනින් නවත්තමු.

      Delete
    4. //ලෙනින් තමන්ගේ තනි රටක සමාජවාදය කියන න්‍යායෙන් ඒක වෙනස් කරලා , පසු ගාමී රජෙක් පාලනය කල වැඩ වසම් රුසියාවේ විප්ලවය කලේ. //

      මේක නිවැරදි නැහැ නේද? ලෙනින් රුසියාවේ විප්ලවය කලේ තනි රටේ සමාජවාදයක් ගැන අදහසකින් නෙමෙයි. 'අධිරාජ්‍යවාදය එහි දුර්වලම පුරුකින් බිදී ගියා' කියන එකේ අර්ථය යුරෝපයට ව්‍යාප්ත වීම උඩ රුසියානු විප්ලවයේ අනාගතය තීන්දු වෙනවා කියන එක. ජර්මානු විප්ලවය ගැන ලෙනින් විශ්වාසය තබන්නේ මේ ඉදිරි දැක්ම නිසා. පසුව ස්ටාලින්-බුඛාරි්න් හවුල නිල වශයෙන් 'තනි රටක සමාජවාදය' අදහස සූත්‍රගත කරනවා. ප්‍රාග්ධනය ගැන ඔබ ලියන බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් නම් අගෙයි.

      Delete
    5. මේක පිලිබඳ විවාදයක් තියෙනවා තමයි.
      http://www.marxist.com/LeninAndTrotsky/chapter08.html
      හැබැයි මෙහෙම ඒවත් තියෙනවා
      “I know that there are, of course, sages who think they are very clever and even call themselves Socialists, who assert that power should not have been seized until the revolution had broken out in all countries. They do not suspect that by speaking in this way they are deserting the revolution and going over to the side of the bourgeoisie. To wait until the toiling classes bring about a revolution on an international scale means that everybody should stand stock-still in expectation. That is nonsense.”

      – Lenin, Speech delivered at a joint meeting of the All-Russian Central Executive Committee and the Moscow Soviet, 14th May 1918, Collected Works, Vol. 23, p. 9.

      ඉතිඔන් සත්‍ය තත්වය තමා තනි රටක විප්ලවය කල හැකි යයි ලෙනින්ගේ තර්කය .

      Delete
    6. මේකෙන් කියන්නේ රුසියාවේ විප්ලවය කරන්න ලෝකයේ අනිත් රටවල විප්ලවය කරන කම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ කියන එක. මේක තමයි මෙන්ශෙවික්වරුන්ට එරෙහිව ලෙනින් ගෙ තර්කය. ඒත් මේකෙන් රුසියානු විප්ලවයේ අනාගතය රැදිල තියෙන්නේ යුරෝපා විප්ලවය මතයි කියන එක අහෝසි වෙන්නෙ නැහැ. ලෙනින් රුසියානු විප්ලවය සැලකුවේ යුරෝපා විප්ලවයේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස. ට්‍රොට්ස්කිගේ වචනයෙන් කියනවා නම් 'සමාජවාදය යනු ඇමරිකානු තාක්ෂනය නම් ලාඩම දාගත් රුසියානු අශ්වයා'. තනි රටේ සමාජවාදය ස්ටාලින්ගේ නිමැවුමක් මිස ලෙනින්ගේ අදහස නෙමෙයි. රුසියාවේ විප්ලවය කරන්න පුලුවන් කීමත් රුසියාව කියන තනි රටේ සම්පූර්න සමාජවාදී සමාජයක් ගොඩනගන්න පුලුවන් කීමත් දෙකක්.

      Delete
    7. හොඳයි අපි මෙහෙම තර්ක කරමු. ලෙනින් මෙතන විතරක් නෙමේ මේ ගැන කතා කරලා තියෙන්නේ . තව තැන් තියෙනවා. ටිකක් කල් ඕනේ ඔක්කොම හාරලා එලියට ගන්න. :) රුසියාවේ නෙමේ ඕනෙම තැනක විප්ලවය කරන්න පුළුවන් . හැබැයි විප්ලවය කරලා එතන සමාජවාදය ගොඩ නගන්න බැහැ කියල කීවොත් කලින් කීව එක එතනම නිශේධනය වනවා නේද ? මම විප්ලවයක් කල හැකියි කියා කියනවා. නමුත් සමාජවාදය ගොඩ නගන්නේ නැහැ කියනවා? එතකොට මම කලේ ධනවාදී විප්ලවයක්ද?

      Delete
    8. මට පරිවර්තනය කරන්න දැන් වෙලාවක් නෑ . පස්සේ මේ ටිකම ලිපියක දාන්නම් . වෙලාවක් තියෙනවනම ඔබ පරිවර්තනයක් කරන්න එකඟ නම්. http://marxism.halkcephesi.net/Tony%20Clark/socialism%20in%20one%20country.htm

      and

      http://www.revolutionarydemocracy.org/archive/olgin4.htm


      ‘As a separate slogan, however, the slogan of the United States of the World would hardly be a correct one, first, because it merges with socialism; second, because it may be wrongly interpreted to mean that the victory of socialism in a single country is impossible, and it may also create misconceptions as to the relations of such a country to the others’. (V.I. Lenin: ‘The United States of Europe’ slogan; Selected Works, Eng. Ed., Vol. 5; p.141; August 1915)

      ‘The only more or less concrete historical argument advanced against the slogan of the United States of Europe was formulated in the Swiss Sotsial-Democrat (at the time the central organs of the Bolsheviks) in the following sentence, "Uneven economic and political development is an absolute law of capitalism". From this Sotsial-Democrat draws the conclusion that the victory of socialism is possible in one country, and that therefore there is no reason to make the dictatorship of the proletariat in each separate country contingent upon the establishment of a United States of Europe…That no country in its struggle must "wait" for others, is an elementary thought which it is useful and necessary to reiterate in order that the idea of concurrent international action may not be replaced by the idea of concurrent international inaction. Without waiting for the others, we begin and continue the struggle, in the full confidence that our initiative will give an impetus to the struggles in other countries; but if this should not occur, it would be hopeless to think—as historical experience and theoretical consideration testify—that, for example, a revolutionary Russia could hold out in the face of a conservative Europe, or that a socialist Germany could exist in isolation in a capitalist world’.(Trotsky: Works. Vol.3, part 1; pp.89-90: also quoted in Stalin: Works 8 ‘. 336)

      This was Trotsky’s Reponses to Lenin’s theory of the possibility of socialism in one country as an integral part of the revolutionary process. He was against any ‘temporising’, or holding back the revolution in individual countries, which put him at variance with the right wing leaders of the socialist movement, but, at the same, he did not believe that socialism could maintain itself in, for example Russia or Germany, in face of a conservative Europe. In the case of the Soviet Union, this was indeed what happen. Socialism did in fact hold out. The survival of the Soviet Union until its final liquidation by the revisionists, who had gain control of the CPSU, had served to refute Trotsky’s prognosis. So, on the one hand, Trotsky was opposed to delaying the revolution in individual countries, but on the other, he opposed the Leninist thesis that socialism was possible in one country as part of the wider international struggle for revolution.

      Delete
    9. ස්තුතියි. මේ පහුගිය ශත වර්ෂය පුරා ස්ටාලින්වාදීන් සහ ට්‍රොට්ස්කිවාදීන් බෙල්ල කඩාගෙන විවාද කරපු මාතෘකාවක්. ලෙනින්ගේ ඔබ දැක්වූ උපුටනය සහ වෙනත් එවැනි උපුටන දෙක තුනක් මත ස්ටාලින්වාදීන් 'තනි රටක සමාජවාදය' න්‍යායට ලෙනින්ගේ අනුකූලතාවය තිබෙන බව පෙන්වීමට වෑයම් කලා. ලෙනින්ගේ උපුටන සංදර්භයෙන් පිට උපුටා අරගෙන ඊට විකෘති අර්ථයක් දීමට ස්ටාලින් උත්සාහ කරන බව අනිත් අතට ට්‍රොට්ස්කිවාදීන් කීවා.

      කොහොම හරි න්‍යායක් විදිහට 'තනි රටේ සමාජවාදය' ලෙනින් ඉදිරිපත් කලේ නැහැ. ඒක සංයුක්තව ඉදිරිපත් කරන්නේ ස්ටාලින් හා බුඛාරින්.

      http://en.wikipedia.org/wiki/Socialism_in_One_Country

      මේ න්‍යාය ඉදිරිපත් කිරීමට පෙර 1924 පෙබරවාරියේ Foundations of Leninism කියලා ස්ටාලින් ලියන පොතේ ඔහුම මෙසේ කියනවා.

      //“The overthrow of the power of the bourgeoisie and the establishment of a proletarian government in one country does not yet guarantee the complete victory of socialism. The main task of socialism—the organization of socialist production—remains ahead. Can this task be accomplished, can the final victory of socialism in one country be attained, without the joint efforts of the proletariat of several advanced countries? No, this is impossible. To overthrow the bourgeoisie the efforts of one country are sufficient—the history of our revolution bears this out. For the final victory of Socialism, for the organization of socialist production, the efforts of one country, particularly of such a peasant country as Russia, are insufficient. For this the efforts of the proletarians of several advanced countries are necessary.
      “Such, on the whole, are the characteristic features of the Leninist theory of the proletarian revolution.”//

      ලෙනින්වාදී මතය කියා ස්ටාලින්ම දැක්වූ අදහස මෙයයි. ( පසුව ඒ වසරේම අග මේ පොතේ සංශෝධිත මුද්‍රනයක් නිකුත් කෙරෙන අතර එහිදී උක්ත ඡේදය සංශෝධනය කරනු ලැබ පල කර තිබුනා )

      විප්ලවය කිරීම ( කම්කරු රාජ්‍යයක් බිහිකිරීම ) සහ සමාජවාදී සමාජයක් බිහිකිරීම කියන්නේ එකක්ම නෙමෙයි. පලමුවැන්න සමාජවාදී සමාජයක් ගොඩනැගීම සදහා වන දේශපාලන පූර්ව කොන්දේසිය. රුසියාවේ විප්ලවය කරන්න පුලුවන්ද? ( ඒ කියන්නේ රුසියාවේ ධනේශ්වර පාලනය පෙරලා නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ගන්න පුලුවන්ද?) කියන ප්‍රශ්නයේදී ලෙනින්/ ට්‍රොට්ස්කි දෙන්නාම හිටියෙ 'ඔවු' කියන තැන.හැබැයි ඒ ජාත්‍යන්තර විප්ලවයක කොටසක් ලෙස. එහෙම නැතිව රුසියාව වගේ පසුගාමී රටක සමාජවාදය සම්පූර්නයෙන්ම ගොඩනගන්න පුලුවන් කියා ඔවුන් විශ්වාස කලේ නැහැ. විප්ලවයකින් ධනේශ්වර පංතිය පෙරලන කම්කරු රාජ්‍යයකට සමාජවාදී ක්‍රියාමාර්ග ගන්න පුලුවනි. ඒත් සමාජවාදී සමාජයක් ගොඩනැගීම 'සම්පූර්න කරන්න පුලුවන්' ජාත්‍යන්තර තලයේදී විතරයි. මීට පටහැනිව 'තනි රටේ සමාජවාදය' න්‍යාය යෝජනා කලේ රුසියාවේ සමාජවාදී සමාජයක් ගොඩනගා අවසාන කල හැකි බවයි. 1936 දී රුසියාවේ සමාජවාදය ගොඩනගා අවසන් බව ස්ටාලින් නිවේදනය කරන්නේ ඒ අනුව.

      Delete
    10. ( අජිත් - වර්ඩ් වෙරිෆිකේශනය ඉවත් කරන්න පුලුවන් නම් අගෙයි )

      contd ...

      දියුනු ධනපති රටවල නිර්ධන පංතියේ ආධාරයෙන් තොරව රුසියාවට තනියම සමාජවාදය ගොඩනගා සම්පූර්න කල හැකි බව ලෙනින් කිසිම තැනෙක කියා තිබෙනවාද? එහෙම කියා නැහැ. තනි රටක සමාජවාදය න්‍යායෙන් කියැවෙන්නේ රට තුල ස්වයංපෝෂීව සමාජවාදී සමාජයක් ගොඩනැගිය හැකි බවයි. 1936 දී රුසියාවේ සමාජවාදය ගොඩනගා අවසාන බව ස්ටාලින් කීවේ ඒ අනුව.

      අනිත් අතට රුසියානු විප්ලවයේ ඉදිරිය සහ සමාජවාදයේ ජයග්‍රහනය යුරෝපා විප්ලවය මත පදනම් වී තිබෙන ආකාරය ගැන ලෙනින් කරපු පැහැදිලි කිරීම් ඕනෑ තරම් තිබෙනවා. සමාජවාදය රුසියාවේ තනියම ගොඩනගා අවසන් කරන්න පුලුවන් කියා ලෙනින් සිතුවා නම් ඔහු මෙතරම් වැදගත්කමක් යුරෝපයට දෙන්නේ ඇයි?

      උදාහරන කීපයක් -

      1. 4th January 1918:
      "We are far from having completed even the transitional period from capitalism to socialism. We have never cherished the hope that we could finish it without the aid of the international proletariat. We never had any illusions on that score The final victory of socialism in a single country is of course impossible. Our contingent of workers and peasants which is upholding Soviet power is one of the contingents of the great world army, which at present has been split by the world war, but which is striving for unity We can now see clearly how far the development of the Revolution will go. The Russian began it - the German, the Frenchman and the Englishman will finish it, and socialism will be victorious." (LCW, Vol. 26, pp. 465-72.)

      2. 23rd April 1918:
      "We shall achieve final victory only when we succeed at last in conclusively smashing international imperialism, which relies on the tremendous strength of its equipment and discipline. But we shall achieve victory only together with all the workers of other countries, of the whole worldÉ" (LCW, Vol. 27, p. 231.)

      3. 14th May 1918:
      "To wait until the working classes carry out a revolution on an international scale means that everyone will remain suspended in mid-air It may begin with brilliant success in one country and then go through agonising periods, since final victory is only possible on a world scale, and only by the joint efforts of the workers of all countries." (LCW, Vol. 27, pp. 372-3.)

      4.29th July 1918:

      "We never harboured the illusion that the forces of the proletariat and the revolutionary people of any one country, however heroic and however organised and disciplined they might be, could overthrow international imperialism. That can be done only by the joint efforts of the workers of the world We never deceived ourselves into thinking this could be done by the efforts of one country alone. We knew that our efforts were inevitably leading to a worldwide revolution, and that the war begun by the imperialist governments could not be stopped by the efforts of those governments themselves. It can be stopped only by the efforts of all workers; and when we came to power, our task was to retain that power, that torch of socialism, so that it might scatter as many sparks as possible to add to the growing flames of socialist revolution." (LCW, Vol. 28, pp. 24-5.)

      Delete
    11. 5. 8th November 1918:
      "From the very beginning of the October Revolution, foreign policy and international relations have been the main question facing us. Not merely because from now on all the states of the world are being firmly linked by imperialism into one, dirty, bloody mass, but because the complete victory of the socialist revolution in one country alone is inconceivable and demands the most active co-operation of at least several advanced countries, which do not include Russia We have never been so near to world proletarian revolution as we are now. We have proved we were not mistaken in banking on world proletarian revolution Even if they crush one country, they can never crush the world proletarian revolution, they will only add fuel to the flames that will consume them all." (LCW, Vol. 28, pp. 151-64.)

      6. 15th March 1919:
      "Complete and final victory on a world scale cannot be achieved in Russia alone; it can be achieved only when the proletariat is victorious in at least all the advanced countries, or, at all events, in some of the largest of the advanced countries. Only then shall we be able to say with absolute confidence that the cause of the proletariat has triumphed, that our first objective - the overthrow of capitalism - has been achieved. We have achieved this objective in one country, and this confronts us with a second task. Since Soviet power has been established, since the bourgeoisie has been overthrown in one country, the second task in to wage the struggle on a world scale, on a different plane, the struggle of the proletarian state surrounded by capitalist states." (LCW, Vol. 29, pp. 151-64.)

      7. 5th December 1919:
      "Both prior to October and during the October Revolution, we always said that we regard ourselves and can only regard ourselves as one of the contingents of the international proletarian army We always said that the victory of the socialist revolution therefore, can only be regarded as final when it becomes the victory of the proletariat in at least several advanced countries." (LCW, Vol. 30, pp. 207-8.)

      8.20th November 1920:
      "The Mensheviks assert that we are pledged to defeating the world bourgeoisie on our own. We have, however, always said that we are only a single link in the chain of the world revolution, and have never set ourselves the aim of achieving victory by our own means." (LCW, Vol. 31, p. 431.)

      9. End of February 1922:
      "But we have not finished building even the foundations of socialist economy and the hostile powers of moribund capitalism can still deprive us of that. We must clearly appreciate this and frankly admit it; for there is nothing more dangerous than illusions And there is absolutely nothing terrible in admitting this bitter truth; for we have always urged and reiterated the elementary truth of Marxism - that the joint efforts of the workers of several advanced countries are needed for the victory of socialism." (LCW, Vol. 33, p. 206.)

      Delete
    12. හරි ඔබේ උත්තරය හරි යයි මදකට පිලි ගනිමු. Wikipedia එකේ තියෙන්නේ පරම සත්‍යම නෙමෙයි. මමත් ඒකෙන් උපුටා දක්වනවා සමහර වෙලාවට. නමුත් මටත් එකේ edit කරන්න පුළුවන්. ස්ටාලින් මේ නියමය ගේනවා කියා තම පිලි ගැනීම . එතන අපට වාද කරන්න අවශ්‍ය නැහැ. මගේ ප්‍රශ්නයට උත්තරය ඔබේ පිළිතුරු 3ම තුල නැහැ. //හැබැයි විප්ලවය කරලා එතන සමාජවාදය ගොඩ නගන්න බැහැ කියල කීවොත් කලින් කීව එක එතනම නිශේධනය වනවා නේද ? // ලෙනින් තනි රටක විප්ලවයක් සාක්ෂාත් කර ගත හැකියි කිවනේ. තනි රටක සමාජවාදය ගොඩ නගන්න පුළුවන් කිවේ ස්ටාලින් නම් , එයා වැරදී නම් (සෝවියට් දේශයේ සමාජවාදය බිඳ වැටුන නිසා) , විප්ලවය කලාට පස්සේ තනි රටක සමාජවාදය ගොඩ නගන්න බැරි නම් ඒ විප්ලවය කරන එකේ පලක් තියෙනවද? එහෙම නැත්නම් මාක්ස් කිව්වයි කියල තියෙන විධිහට දියුණු ධනවාදී රටක ඒක වෙනකම් බලා ගෙන ඉන්නවද? හුඟක් අය ජිජැක් ල ලැකාන් ල පස්සේ යන්නෙත් ඒක නිසානේ . ඒ නිසා තමයි ආපහු මාක්ස් කිවේ මොකද්ද කියන එක නැවත හොයන්නේ වෙන්නේ. මට හිතෙන්නේ එහෙමයි. නැත්නම් අසාර්ථක පෙරලි වලින් මිනිස්සු විනාශ වීම නවත්තන්න බැහැ. ගොඩ නගන්න බැරි සමාජවාදයක් වෙනුවෙන් සටන් කරන්න වත්, එකට ජීවිතය දෙන්නවත් අවශ්‍ය වන්නේ කාටද? මේ සංවාදයේ දීම තව කෙනෙක් ඇහුව මට ඕන්නැති දෙයක් උඹල බලෙන් දෙන්න හදන්නේ ඇයි කියා? මගේ අදහස වුනේ මම මුකුඉත් බලෙන් දීමකට වඩා විශ්වය පරිණාමය වුන වගේ , ජිවය පරිණාමය වුනා වගේ සමාජයත් පරිණාමය වෙන බව පෙන්වන්න. අපි කැමති වුනත් නැතත් . එතන තම මට මාක්ස්වාදය හා දයලෙක්තිකය අවශ්‍ය වෙන්නේ .

      Delete
    13. නැහැ අජිත් මම ඒක කලින් පැහැදිලි කලා. සමාජවාදය කියන එක මාක්ස්ගේ ඉදලම ගන්නේ ජාත්‍යන්තර ප්‍රපංචයක් විදිහට. ලෙනිනුත් ඒක ගත්තේ එහෙමයි. එතකොට රුසියාවේ විප්ලවය කරනව කියන එක එයා ගන්නේ යුරෝපා විප්ලවයේ ආරම්භක ලක්ෂ්‍යය විදිහට. ඒක ස්ටාටිං පොයින්ට් එක විතරයි. "අධිරාජ්‍යවාදය එහි දුර්වලම පුරුකෙන් කැඩී ගියා" කීවේ එ් නිසා. තව පුරුක් තියෙනව බිදින්න. විප්ලවය කරපු ගමන් තුන්වන ජාත්‍යන්තරය හදන්නේ ඒ නිසා. ජර්මානු විප්ලවය ගැන අසීමිත බලාපොරොත්තු තියන්නේ ඒ නිසා.රුසියාවේ විප්ලවය කරන්නේ ( ධනේශ්වර පාලනය පෙරලලා - සෝවියට් සභා වලට බලය ගන්නෙ) රුසියාව කියන තනි රටේ ස්වයංපෝෂිත සමාජවාදී ආර්ථිකයක් හදන්න නෙමෙයි. එහෙම හදන්න බැහැ. අර මම දුන්න හැම උපුටනේකම ලෙනින් කියන්නේ සමාජවාදී සමාජයක් සම්පූර්නයෙන්ම ගොඩනගන්න පුලුවන් ජාත්‍යන්තර තලයේදී කියලයි. ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යය තරමක් පරිශීලනය කලොත් මේ කියන්නෙ මොකක්ද කියල විස්තරාත්මකව දැන ගන්න පුලුවන් වේවි.

      Delete
    14. රාමා , මේ ඔබගේ පැහැදිලි කිරීම තම මගේ ප්‍රශ්නය. ඔය කියන කතාව ට්‍රොට්ස්කිවාදීන් කියන කතාවමනේ. නොනවතින විප්ලවය ගැන කතා කිරීම නේ ඔබ කියන්නේ. ඔබ පිලි ගන්නවනේ ලෙනින් කිව කියල තනි රටක විප්ලවයක් කල හැකියි කියල. //රුසියාවේ විප්ලවය කරන්නේ ( ධනේශ්වර පාලනය පෙරලලා - සෝවියට් සභා වලට බලය ගන්නෙ) රුසියාව කියන තනි රටේ ස්වයංපෝෂිත සමාජවාදී ආර්ථිකයක් හදන්න නෙමෙයි. එහෙම හදන්න බැහැ. // ඔය කතාව විධි කීපයකින් එංගලන්තයේත් කියනවා. මාක්ස් කාර්මික විප්ලවය දියුණු රටක විප්ලවය වෙනකම් බල හිටි නිසා. ඔය තර්කයට අනුව අපි විප්ලවයක් කලොත් ඊට පස්සේ අයෙත් රටක් දියුණු නොවන ඒකාධිකාරී ආර්ථික ප්‍රතිපත්ති ගෙනි යනවද එහෙම නැත්නම් මුලින් සංස්කෘතික විප්ලව කරලා මිනිස්සු මරා දාල අයෙත් ධනවාදී ක්‍රමයට හැඩ ගැහෙනවද (චීනය) , නැත්නම හොරෙන් හොරෙන් ප්‍රතිසන්ස්කරන කරනවද ඇඟට නොදැනෙන්න (කියුබාව) , නැත්නම් ලංකාවේ වගේ රටක විප්ලව කෙරුවට ලෝකේ විප්ලවේ වෙන්නැති නිසා ඔය ටිකක් ශිෂ්‍ය අරගල දෙකක් තුනක් කරලා ඉන්නව්ච්ද? ඔය තියෙන රජයටම ධනවාදය තව ටිකක දියුණු කරන්න දුන්නම හොඳ නැත්ද ? ඔබ එහෙම සමාජයක් හදන්න බැහැ කියල පිලි අරන් , ඊට පස්සේ මොකක්ද කියන්නේ වමන්ශිකයන්ට ? ප්‍රජාතන්ත්‍ර වාදය සඳහා අරගල කරන්න කියලද? .........කොහොමත් මෙන්න මේ හේතුව නිසා තම මම කැපිටල් එකටම නැවත යන්න ඕනේ කියන්නේ.. මේ ප්‍රශ්නයට මගේ පිළිතුර මේක අවසානයේ ඉදිරිපත් කරන්නයි බල පොරොත්තුව. ඔයාගේ ඒ පිලිබඳ අදහසක් තියෙනවා නම් ඔයාගේ අඩවියේ පල කරන්න. පස්සේ අපි සංසන්දනය කරමු.

      Delete
  4. අජිත් ඔයා Double-slit experiment දන්නවා quantum physics දන්නවා ඉතින් ඒ වගේ කෙනෙක් නූතන මාර්ක්ස්වාදීන් පවා පිළිනොගන්නා හද්ද පරණ මාක්ස් ගේ labor theories වල එල්ලිලා කාලේ නාස්තිකරන්න තරම් හිතුවක්කාර බොලඳ වීමක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නූතන මාක්ස්වාදියෙක් වන Slavoj Zizek එයාගේ Less Than Nothing: Hegel and the Shadow of Dialectical Materialism පොතේ මෙහෙම කියනවා “Today, the scientific discovery which needs philosophical rethinking is quantum physics—how are we to interpret its ontological implications whilst avoiding the double trap of superficial pragmatic empiricism and obscurantist idealism (“mind creates reality”)? Lenin’s Materialism and Empirio-Criticism has to be thoroughly rewritten—firstly by abandoning the aforementioned naïve notion of fully constituted material reality as the sole true reality outside our minds.
    භාණ්ඩයක වටිනාකම එක් එක් ඒකීය පුද්ගලයාට සාපේක්ෂව විවිධයි. (Double-slit experiment එකේ observer දන්නවා නේ )මට වටින දේ ඔයාට සත පහක් වටින්නේ නැහැ පුද්ගලයා ගේ මනස වටිනාකම වෙනස් කරනවා, එකතු කරනවා. ශ්‍රමයට වඩා භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ ගන්න පුද්ගලයාගේ මනස.මාර්ක්ස් /ලෙනින් මේවා ගැන මෙලෝ හසරක් නොදැන හිටි කාලේ කියපුව ඇත්ත කියල academically මේවා ඉගෙනගත්තු ඔයා කියද්දී ඒක මාක්ස් ගැන තියන අන්ධ භක්තියක් නොවෙයිද?

    ReplyDelete
    Replies
    1. මචන් දැන් උඹ මට ඕනේ තැනට හරියටම ආව . මට තවම හරියට සිංහලෙන් මේවා type කර ගන්න බහ. මම සැහෙන අලුත් කෙනෙක් blog ලියන්න ආව . ඒ නිසා ඉහත උත්තර වල තියන sintax errors වලට සමාව ඉල්ලනවා. මචන් මට Slavoj Zizek කියන්න ඕනේ නැහැ ලෙනින් සමහර තැන වල වැරදියි කියල. අධ්රජ්‍යවාදය ගැන ලෙනින්ගේ ලිපියේ වැරදි තැන කීපයක් තියෙනවා. - හැබැයි මෙන්න මේ මුලික දේ මම පිලි ගන්නවා. එනම් අපේ දැකීමෙන් හා සිතෙන් එහා වස්තුන් පවතින බව. Quantum physics වලින් ඒක නිෂ්ප්‍රභා වෙන්නේ නැහැ. observer බැලුවාම අංශුව වෙන තැනක පතිත වෙන බව Quantum අංශුවේ හැසිරීමට සම්බන්ධ දෙයක්. පුද්ගලයාගේ මනසින් භාණ්ඩයක මිල තීරණයවෙනවනම් පලයන් ගිහිල්ල ගන්න බලපන් Walmart එකෙන් TV එකක්. කියපන් මේක $400 නෙමේ $350 කියලා . උඹට දෙයි මෙන්න ගන්න කියල. එහෙම කේවෙල් කරන්න පුළුවන් මාර්කට් එකේදී. ඒ ඇයි ? කඩේදී එකේදී මිල තීරණය කරන්නේ සිල්ලර වෙළෙන්දා , උගේ ශ්‍රමය හා ලාභය , අතරමැදිය, උගේ cut එක. තොග වෙළෙන්දා උගේ cut එක හෙවත් ලාභය , අතරමැදියා අයෙත් හා අන්තිමට ගොවියා . උන්ගේ මනසින් තම ඉතින්. සත්තු බඩු විකුනන්නේ නැහැනේ. . හැබැයි ලෙනින්ගේ විධිහට මාර්කට් එකට ගොවියට කෙලින්ම එන්න දුන්නොත් තම ශ්‍රමය එකතු කරලා ගොවියා ගානක් කියයි. ඔයාට කේවෙල් කරලම ගත හැකි. භාණ්ඩ නිෂ්පාදකයාට ම විකුනන්න දුන්නොත් වෙන්නේ එකයි.
      //.මාර්ක්ස් /ලෙනින් මේවා ගැන මෙලෝ හසරක් නොදැන හිටි කාලේ කියපුව ඇත්ත කියල academically මේවා ඉගෙනගත්තු ඔයා කියද්දී ඒක මාක්ස් ගැන තියන අන්ධ භක්තියක් නොවෙයිද?// මෙන්න මේ වැරදි තර්කයට හා ඇයි මම quantum physics, astrophysics කරලා marx ගේ ඔබ කියන විධිහට යල් පැනගිය දෙයක් ගැන කතා කරන්නේ කියන එකට උත්තරයක් මන් හෙට දානවා බ්ලොග් එකේ වෙනම ? එකට දිගට ලියන්න ඕනේ දෙයක්. ඔය ප්‍රශ්නේ මිට කලින් ඇහුව මගේ ආදරණිය බිරිඳත් හය මාසෙකට විතර කලින්. මම Quantum Checks කියන බ්ලොගය පටන් ගත්තේ එක ලියන්න . ඉංග්‍රීසියෙන් මොකද ඉංග්‍රීසියෙන් reference දාන්න ලේසි නිසා. නමුත් ඔයා දැන් ඒ ප්‍රශ්නය නගන නිසා මම එකට ලියනවා හෙට. දැන් රෑ වැඩි නිසා. අන්ධ භක්තියකින් නෙමේ ලියන්නේ. එකත් වැරදි කතාවක්. අන්ධ භක්තිය තියෙන මිනිස්සු තම මතයට විරුද්ධ දේ කියවන්නේ නැහැ. තම මතය හරියි කියල එකට ගහ ගන්න යන යට තම අන්ධ භක්තිය තියෙන්නේ . උදාහරණයක් වශයෙන් ඔය ආගම් භක්තිකයෝ ටික ගන්න. සිරියාවේ, ලංකාවේ, බුරුමයේ, ඇමෙරිකාවේ ඔය ඕන තරම් ඉන්නේ .

      Delete
    2. //පුද්ගලයාගේ මනසින් භාණ්ඩයක මිල තීරණයවෙනවනම් පලයන් ගිහිල්ල ගන්න බලපන් Walmart එකෙන් TV එකක්. කියපන් මේක $400 නෙමේ $350 කියලා . උඹට දෙයි මෙන්න ගන්න කියල. එහෙම කේවෙල් කරන්න පුළුවන් මාර්කට් එකේදී. ඒ ඇයි ? කඩේදී එකේදී මිල තීරණය කරන්නේ සිල්ලර වෙළෙන්දා//
      මොනවද අජිත් මේ කතා? උඹ quantum physics, astrophysics කරා කිව්වට ආර්ථික විද්‍යාවේ බේසික් වත් දන්නේ නැති කෙනෙක් කියන කතා නේ කියන්නේ. මේ වගේ බොළඳ කතා කියන්නේ ඇයි academic අධ්‍යාපනය මේ වගේ පොතේ ගුරු ගිරාපෝතක දැනුමක්ද?
      පහුගිය අවුරුදු 5 ඇතුලත lcd/led TV එකක මිල ඉහල ගිහින්ද පහල ගිහින්ද තියෙන්නේ? lg ,samsung, sony ,.etc..etc..වගේ tv නිෂ්පාදනය කරන කොම්පැනි අතර වෙළඳපොල තරඟය නිසා සහ නුතන තාකෂණික දියුණුව නිසා මිල එන්න එන්න පහල යාමක් වුනේ. පාරරිභෝගිකයා කඩේදී හෙට්ටු කිරීම නොවෙයි මිලට බලපාන්නේ පාරිබෝගිකයාට තමන් කැමති අනගි බඩුව හෝ මිල අඩු බඩුව තෝරා ගැනීම සඳහා තියන නිදහස නිසයි. මේ දෙය වෙන්න අවස්ථාව ලැබෙන එකම ආර්ථික ක්‍රමය නිදහස් වෙළඳපොල ක්‍රමයේදී විතරයි, උබලගේ මාක්ස් සීයාගේ ක්‍රමය කරොත් එකෙක්ටවත් tv නෑ බං..,...උඹ කරලද නැද්ද කියල කියන්න මම දන්නේ නැහැ හැබැයි මාක්ස් කියවන්න කලින් ආර්ථික විද්‍යාවේ බේසික් වත් ඉගෙන ගනිං ආර්ථිකය හැසිරෙන හැටි නොදැන මාක්ස් කියවන්න බැහැ. මට මුලින් වරදුනෙත් ඒ හින්දමයි ඒ කාලේ කියවද්දී මාක්ස් ගේ philosophical ලණු ගෙඩි පිටින් ගිල්ලෙ අර්ථශාස්ත්‍රීය දැනුම නොතිබුන නිසා පසු කාලෙක දැන් මහා භාණ්ඩාගාරයේ ලේකම් පී බි ජයසුන්දර ළඟ වැඩ කරද්දී ඔහුගෙන් ලැබුන විශ්මිත ආර්ථික විද්‍යා දැනුම සහ අභාෂය නිසා අර්ථශාස්ත්‍රය හැදෑරීමෙන්පසුව සහ ඇමරිකාවට පැමිණීමෙන් පසුව ෆ්‍රොයිඩ් ලැකානියන් මනෝ විශ්ලේෂණය කියන්නේ මාක්ස් ගේ කතාව වගේම කතන්දරයක් විතරයි කියල වැටහ ගත්තට පස්සේ තමයි තමයි තේරුනේ මාක්ස්වාදය කියන්නේ විකාරයක් කියල.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මචන් ඉඳල හිටලා තරහ යන එක හොඳයි. නැත්නම් boring . මෙන්න උඹ කිව්වා ටික. "//(Double-slit experiment එකේ observer දන්නවා නේ )මට වටින දේ ඔයාට සත පහක් වටින්නේ නැහැ පුද්ගලයා ගේ මනස වටිනාකම වෙනස් කරනවා, එකතු කරනවා. ශ්‍රමයට වඩා භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ ගන්න පුද්ගලයාගේ මනස//" ඉතින් උඹ කියපු එක දැන් උඹම උඹේ උසස් ආර්ථික දැනුමෙන් නිෂ්ප්‍රභා කරලා දැම්ම නිසා මන් ඒ ගැන තව දුරටත් කතා කරන්නේ නැහැ.
    //පාරරිභෝගිකයා කඩේදී හෙට්ටු කිරීම නොවෙයි මිලට බලපාන්නේ// - මම එහෙම එකක් කියල නැහැ. ගොවියා තමන්ගේ නිෂ්පාදනය කෙලින්ම market එකට ගෙනාවොත් උඹට හෙට්ටු කරන්න පුළුවන් කියල කිව. එතකොට එයාගේ ශ්‍රමයට ගිය ගැන අඩු කරලා හරි එයට එක විකුනන්න පුළුවන්. භාණ්ඩයක මිල එහෙම තීරණය කරනවා කියල මන් කිවේ නැහැ. මන් කියන්නේ Marx කියපු විධිහට භාණ්ඩ වල මිල තීරණය වෙන්න ඕනේ කියල විතරයි.
    Mr Jayasundara නේද අර හිටපු CJ අහක් කලේ මොකද්ද නඩුවක. හැබැයි හැම ජනාධිපතිවරයෙක්ම ලඟට ගත්ත නිසා දක්ෂයෙක් වෙන්න ඕනේ. මම අයෙත් මේක කියන්නම්. මම නැවත මර්ක්ස්වදය ඉගෙන ගන්න ගත්හේ අවුරුදු දෙකකට කලින්. අවුරුදු 20 ක් වෙන දේවල් ඉගෙන ගත්තේ . සමහර විට මන් ඉන්දියාවට ගිය වෙලේ දැක්ක දුප්පත් මිනිස්සු ගැන හිතල, ඊටත් පස්සේ අර කිව වගේ විශ්වය , තරා හැදුනු හැටි ඉගෙන ගෙන හිතට අව දෙයක් වෙන්න පුළුවන් . මගේ charity එකක් තියෙනවා අම්ම හෝ තාත්ත නැති ළමයින්ට උදව් කරන. එකේ මේ ලඟදි ඉල්ලීමක් අව ලංකාවෙන්. නගර සභාවෙන් ඇවිත් පදිංචි වෙලා හිටපු පැල්පත් කඩල. මේ ළමය (මගේ දුවගේ වයස ) පොලිසියේ inspector ගේ කකුල් දෙක අල්ලල බදා ගෙන අඬල , ඉස්කෝලේ වැඩ කලේ නැහැ අබාධිත නංගිට නිදියන්න තැනක් නැහැ ගේ කඩන්න එපා කියල. අපි දැන් දැනට ඒ ළමයට පොඩි මුදලක් යවනවා. ඒවගේ 15-20 කට අපි උදව් කලා . ඉදිරියටත් කරනවා. සමහර විට ඒ නිසා වෙන්න පුළුවන් මම මර්ක්ස්වදය ගැන නැවත හිතන්න පටන් ගත්තේ. සමාජවාදය බැරිනම් අඩුම ගානේ හරි ධනවාදය වත් රටක තියෙන්න ඕනේ. අපිට මේ ලෙනින් ගේ NEP එක ගැන, සමහර ලෙනින්ගේ ලියවිලි අඩු පාඩු කම් ගැන කියල දුන්නේ අපේ දර්ශනය උගන්වපු ගුරුවරු ගොර්බචෝව් ආවට පස්සේ . නමුත් සෝවියට් දේශය මන් එහෙ හිටි කලේ විවේචනය කලට එකේ කිසියම් සුන්දර පැත්තකුත් තිබ්බ. මිනිස්සු racist නෙමේ . තියෙන දෙයක් බෙදා ගන්නවා , ගෙදරට කතා කරනවා ඒ වගේ දේවල්. ආණ්ඩුව නෙමේ . සමාජය. උඹ කැමතිනම් මචන් මේකට උතරයක් ලියන්න. ඊට පස්සේ මේ සංවාදය නතර කරමු. නැත්නම් මට වෙලාව හොයා ගන්න බැහැ අනිත් ලිපි දෙක ලියන්න. දැන් ඔලුවේ ඒක කැරකෙන වෙලාවේ ලියන්න ඕනේ.
    දැන් අනිත් එකේ මන් උඹට කල ඉල්ලීම හරිනේ මන් කැපිටල් එකේ මට තේරෙන කොටස් ලිව්වම කොමෙන්ට් කරන්න කියල. ඔය ආර්ථික දැනුම තියෙන්නේ ඒකට . මට නම් ඔප්පු කරන්න බහ මන් ආර්ථිකේ ඉගෙන ගත්ත කියල උනි එකේ. ඔ/L වලට commerce and accounts වලට distinction එකක් තියෙනවා. හැබැයි political economy ඉගෙන ගත්ත රුසියාවේ අවුරුදු දෙකක්. මන් teacher එක්ක හැම දාම වලි . එතකොට ලංකාවේ JR නිදහස් ආර්ථිකේ හඳුන්වා දීල . මන් teacher (ප්‍රොෆෙක් ) ට කිව්වේ shares and stocks වැඩ කරන මිනිස්සුන්ට දුන්නම උන් නිෂ්පාදනයේ අයිතිකරුවන් වෙනවා capitalist සමජයෙදීම කියල . එකත් දැන් වැරදි අදහසක් කියල මම හිතන්නේ.
    දීප්ති කියන්නේ පෙරටුගාමී පක්ෂයේ නායකය වශයෙන් මම දන්නවා. ගොඩක් විචාර ලිපි එහෙම කියවල තියෙනවා. . ඕගොල්ලන්ගේ X එකේ ප්‍රශ්න ගැන මට අවබෝධයක් නැහැ. ඒක ගැන කතා නොකර ඉමු.

    ReplyDelete
  7. බොහෝ දෙනකු සිතාගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයක් බවයි. මේ ඊයේ පෙරේදා ජවිපෙන් නිකුත් කරපු මොකක්ද පොතක් ගැන ලිපි බර ගණනක් ලිව්වා අරුණි ශපීරෝ. උන්ට බඩ යනව ජේවීපී එක දැකල. ජේවීපී එකට කරන්න පුළුවන් කෙමනක් නෑ. උන් මාක්ස්වාදියො වුනානම් හොඳ ගමනක් යන්න තිබුනා. මොකද කිව්වොත් උන්ගෙ පහළ සාමාජිකත්වයත් සෑහෙන ඉහළකට යනකන් ඉන්න "කේඩර්වරුත්" අවංක නිසා. මාක්ස්වාදය වැඩියෙන් අධ්‍යයනය කරන්නෙ ධනවාදියෝ. එහෙම කරන්නෙ සාර්ථකව සටන් කරන්න ඕනැ නිසා. කම්කරු‍වො මාක්ස්වාදය දන්නෙම නෑ.මාක්ස්වාදී කියාගන්න හුඟක් පක්ෂ වල එවුනුත් මාක්ස්වාදය ඉගෙනගන්නෙ නෑ. ධනවාදියො මාක්ස්වාදය ඉගෙනගන්නව විතරක් නෙවෙයි ඒක විකෘති කරමින් තමන්ගෙ ක්‍රමවේදය ආරක්ෂාකරගන්න කටයුතු කරනව. අද වෙනකොට ‍ලෝකෙ විනාශ කරන තරමක් විනාශ කරල තියෙන්නෙ ධනවාදී ඇමරිකන් කාරයෝ. උන් අනුන්ට බණ කිය කියා අනාගතය විනාශ කරනවා. දවසක් කවුද අහල තිබුන අරුණිගෙන් ඇමරිකාව මොන්ට්‍රියල් ප්‍රොටෝකොල් එකට අත්සන් කළේ නැත්තෙ ඇයි කියල. අරුණි ලස්සනට ඒ ප්‍රශ්නෙන් ලිස්සල ගියා. එ‍ය‍ාගෙ බ්ලොග් එකේ ලේසියෙන් කමෙන්ට් කරන්න බෑ. කමෙන්ට් කළාට, එයාට ඒවට උත්තර නැත්නම් ඒ කමෙන්ට්ස් පබ්ලිෂ් කරන්නෙත් නෑ. ලෙනින්ගෙ සහ ස්ටාලින්ගෙ වෙනස තේරුම් ගන්නවත් බැරි එවුන් එක්ක විවාද කරල තේරුමක් නෑ මට හිතෙන්නෙ.

    ReplyDelete
  8. හෙනහුරාගේ කොමෙන්ටුවට සම්පුර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .