Tuesday 15 September 2015

කණගාටුදායක වාර්තාකරණයක්

ශ්‍රී ලංකාවේ දැරියක අපචාරයකට ලක් කර මරා  දැමීමක් ගැන ප්‍රවෘත්ති කීපයක්  පලවී තිබේ. එසේම ෆේස්බුක් , ට්විටර් ආදී සමාජ ජාලා  අඩවි වලද බ්ලොග් වලද මේ සිද්ධිය ගැන නොයෙකුත් වාර්තා මෙන්ම අදහස් ද පළවේ. ප්‍රථමයෙන්ම මේ අහිංසක දැරිය ගේ අවාසනාවන්ත ඉරණම පිලිබඳ සම්පුර්ණ කණගාටුව මෙන්ම ශෝකයද ඥාතීන් ට පළ කරමි.
මේ සාහසික අපරාධය කළ  තැනැත්තා  ද හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වේයැයි උදක්ම බලා පොරොත්තු වෙමි.

කෙසේ වුවද මේ මරණය පිලිබඳ වාර්තාකරණය ඉතාමත් ජුගුප්සා  ජනක ලෙස පහත් ආකාරයෙන් කෙරෙනේ බවද නිරීක්ෂණය කලෙමි. ගොසිප් ලංකා හා තවත් වෙබ් අඩවියක දැරිය මිය ගිය තැන ඇල ඉවුරේ පින්තූරයක් දැරියගේ මුහුණ පමණක් ආවරණය කර පල  කර තිබේ. මෙවැනි පින්තුර පල කිරීමෙන් මොවුන් බලා  පොරොත්තු වන්නේ කුමක්ද?

එසේම එම ගොසිප් අඩවියේම එම දියණියගේ වෙනත් ඡායාරුපයක් වෙබ් අඩවිය සැකකාරයෙකු යයි සිතන පියාගේ (කුඩා ප්‍රමාණයේ මුහුණ පමණක් දියණියගේ පින්තුරයේ පහල කොටස ට වැටෙන පරිදි පල කර තිබේ. (මෙතැන) මෙහිදී දියණියගේ ඇඳුම දණහිසින් උඩට වෙන්නට ගිය පින්තුරයක් තෝරා පළ  කර ඇත.  වෙන පළ  කරන්නට පින්තුර හොයා ගන්නට බැරි වුනාද ?

පියා  සැක කාරයෙකු විය හැකිය. නමුත් පොලිසියෙන් එසේ කීවාද? එසේ නීතියෙන් කියා නැත්නම් එවැන්නක් පළ  කළ හැකිද? සමහර විට පියා  නොවිය හැකිය. එසේ වුව හොත් මේ වෙබ් අඩවි පියාගෙන් සමාව ඉල්ලනවා ද?

එසේම ළඳරු පාසලේ වෙනත් දරුවන්ගේ මුහුණුද ඇතුව තවත් පින්තුරයක් පල කර තිබේ. අර දරුවන්ටද මින් අසාධාරණයක් වන්නේ නැතිද? ඔවුන් නිරාවරණය කරන්නේ කුමටද?

මුහුණු පොතේ තත්වයද මින් අඩු නැත. ඊට අමතරව අපරාධකරුවන් එල්ලා මරා දැමීමට උද්ඝෝෂණ කරන අය න්ම ගිය  ආණ්ඩුව කාලේ පොලිසිය පාවිච්චි කල "ආයුධ පෙන්වීමට යාමේදී තමන් ම වෙඩි තබා ගන්න ක්‍රමය " වෙනුවෙන් පෙනී සිටින්නන් ද කොමෙන්ට් අතර දැකිය හැකිය.

එංගලන්තයේ සාමාන්‍යයෙන් මෙවැනි වාර්තාකරණයන් දැකිය නොහැකිය. නමුත් මා පුදුමයට පත්වුණේ වෙබ් ලෝකයේ නම රැන්දූ බව කියන ගෝඩ්  ෆාදර් කෙනෙකුද මෙවැන්නක් ලියා තිබීමය.  එංගලන්තයේ සිට පලවන මෙහි  මේ ලියා  ඇත්තේ කුමක් ද?//මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය ************** කිරීමකින් පසු ******************. ********* ****** දැරිය*********** දැරිය  ************  ඇත. දූෂකයාගේ  ****** ****** ***** **** සීරීම් තුවාල දක්නට ඇත//

ඉතා ජුගුප්සාජනක ආකාරයෙන් දැරිය බලහත්කාරයට ලක් වූ අයුරු හා සිරුරේ සිට හමුවූ ඇතැම් වෙනත් පිරිමියෙකුගේ සිරුරින් පිටවූ ද්‍රව්‍ය ගැන විස්තරද ලියා තිබේ. මෙවැනි වෙබ් අඩවියකින් මෙවන් පහත්  වාර්තාකරණයක් බලාපොරොත්තු නොවීමි. සමහර විට මරා දැමුණේ වැඩිහිටි අයෙකු නම් තව කමක් නැත. මේ කුඩා දැරිවියකි. මේ වාර්තාකරණය ඔබ සාධාරණිකරණය කරන්නේ කෙසේද? 

57 comments:

  1. අපේ වාර්තාකරණය ගැනද කතා කරන්නේ ... හපොයි

    ReplyDelete
    Replies
    1. අපිත් වග කියන්න ඕනේ. .කියවන දනා..

      Delete
  2. සෑහෙන්න කල් යයි අජිත්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මේ විකල්ප මාධ්‍ය කියන ඒවත් ඒ ඒ ලෙවල් එකටම බැස්සම අනාථයි නේ.

      Delete
  3. මේ වාර්තාකරණය සාධාරණිකරණය කරන්න බෑ අයියන්ඩි..
    නැවත නැවත දුෂනය කිරිමක් මරා දැමිමක්

    ReplyDelete
    Replies
    1. .එහෙම තමා මටත් හැඟුනේ.

      Delete
  4. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
    Replies
    1. මමත් හෙන බිසී පහුගිය දවස් .වල. නෙලුම් යාය අප්ඩේට් කරනන් තිය ගොඩක් කියවන බ්ලොග් පැත්තේ වත් යන්න බැරිවුනා. .වහාම සංචාරය පටන් ගන්න ඕනේ..

      Delete
  5. මේ සිද්ධිය මතු නොව මෙවන් බොහෝ සිදුවීම් පිළිගත් සම්මත මාධ්‍ය ආයතන මගින් මෙන්ම සමාජ ජාලා මගින්ද එළි දැක්වෙන්නේ මේ සා විනාශකාරි අයුරින් බව සත්‍යයකි. ඒවා වළකන්නට නීති හදන්නට කුමණ හෝ රජයක් ක්‍රියාකළහොත් මාධ්‍ය නිදහස නැතිකරනවා කියමින් හඩතලන්නේද මාධ්‍ය කරුවන් ම පමණක් නොවේ. අවශේෂ ජනයාද මේ විරොධතාවලට එක්වේ. කුණුවලට ඉල්ලුම ඇත හම්බකරන්නෝ ඒවා විකුණාදමති. අවශේෂයෝ හිට් එකක් ලයික් එකක් වෙනුවෙන් ඒවා රස කර හෝ විරෝධතා විලසින් ජනතාවට බෙදා හරිති. දේශපාලකයන් පතුරු ගසන්නට කලින් මාධ්‍ය භාවිතාව මෙන්ම නිදහස් මාධ්‍ය භාතිතාව ද ප්‍රමිතියකට ගන්නට කාලය එළැඹ ඇත. අවම ලෙස කර්තෘ සංසදය මගින් ඉදිරිපත් කොට ඇති ආචාරධර්ම මාලාව ඒවා සැකසූ කතුවරුන්ම රකිනවාද යන පැණයද අප තුළ ඇත.
    ඔබේ මේ ලිපියෙන් වුව අර අවිචාරවත් ලිපි දෙකට පිවිසෙන පිරිසක් වෙති. එයින් ඔවුන්ට බලාපොරොත්තුවන රැන්ක් එකට න්නට ලයික් වැඩිකරගන්නට හිට්ස් ගන්නට හැකිය. වරද කොහෙද? මේවා නැවැත්විය යුත්තේ කවුද? පටන් ගතයුත්තේ කොතැනින්ද?

    ReplyDelete
    Replies
    1. මම මම මේ කල්පනා කලේ ලින්ක් අයින් කරනවද කියල. ඇත්තටම ඔයා කිව්ව්ව කතාව හරි. මමත් කරන්නේ හිට්ස් වැඩි කරන්න උදව් දෙන එක. .මම මම ලිපිය අප්ඩේට් කරන්නම්.

      Delete
  6. මාධ්‍යයට මේක වරක මදුලක් වෙලා. හත් දවසක් බඩගින්නෙ උන්න එකාට බත් පිගානක් හම්බ වුනා වගෙ. ඇක්ස්ඩන්ට් ගැන වර්නනා කර කර ආතල් ගත්ත මිනීකාක්කන්ට කාලෙකින් රහ කෑමක් හම්බවෙලා.
    බුකියෙ ශාරියා නීතියට විරුද්ධව කතා කරපු එවුන් දැන් කියනව ශාරියා හොඳයිලු.

    ReplyDelete
    Replies
    1. .අපොයි ෂරියා නම් එපා. දැන් වැඩේ ඒකයි .. මහින්ද රාජපක්ෂ පැරදු නා නේ.. කට්ටියට බයිට් එකට ගන්න කවුරුත් නැහැ .වගේ. දැන්.. ඇමති රෑනක් ඉන්නේ උන්ව අල්ල ගත්තහම හරි.

      Delete
  7. පැහැදිලිවම එකඟයි. මේ මාධ්‍ය හැසිරෙන විදිය එක්ක තව ටික කාලයක් යද්දි ගෑණු ළමයෙක්ට පාරෙ බැහැල යන්න බැරි වෙනවා.

    //ම=රණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූ**** කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි.................// නිකන් porn movie එකක විචාරයක් වගේ ලියල තියෙන්නෙ. අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒ වගේ.. සාමන්‍යයෙන් මම කියවන වෙබ් අඩවියක් නිසා ටිකක් මොකක්ද වගේ හිතුන.

      Delete
  8. http://kandegamaya.blogspot.com/

    කන්දෙගමයා ( සජීව බාලසූරිය ) යනු මාතලේ දිස්ත්‍රික්කයේ කන්දෙවත්ත නම් සුන්දර ග්‍රාමයේ උපන් පශ්චාත් උපාධිධාරියෙකි. ඉබ්බන්වල හන්දියේ මහවැලි ගොඩනැගිල්ලේ සිට සයිබරයට එයි.

    බ්ලොග් ලොවට හාපුරා කියා පැමිණි මේ මහවැලි තරුණයා සිය බ්ලොගයට එන ලෙස කොළඹගමයාට ඇරයුම් කරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇවිත් යන්න එන්නම්.

      Delete
  9. මඩ වාර්තාකරුවන්ට හා ගොඩ පෙරකදොරුවන්ට ඉල්ලමක් හම්බුනා වගේ මෙහෙම සිද්දි. චඃ..

    හැබැට කවුද ඔය ගෝඩ් ෆාදර්???

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉන්නවනේ දැන්.

      Delete
    2. සඳරුවන් සේනාධීර ගැනනේ කියල තිබුනේ ඔය ගෝඩ් ෆාදර් කමටත් පොරයක් තියනවා අජිත්.

      Delete
    3. අපි නොදන්න වලි

      Delete
  10. මචෝ උඹ කරලා තියෙන්නෙත් උන් කරපු දේම නේද.....?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින්. පෙන්නහන් බලන්න. අර නලින් මල්ලි කිව්ව නිසා ලින්ක් ටිකත් අයින් කලා.. මම පුළුවන් තරම් තරු ලකුණු දාල කතාව කිව්වේ.

      Delete
    2. තරුවෙන් කියවෙන දේ මේ බ්ලොග් කියවන්නන්ට අරුමයක් නොවේ අජිත් අයියා.

      Delete
    3. Naleen Dilruksha කියනදේ ඇත්ත. මම ඔය සයිට් එකේ ඔය පුවතේ හෙඩිම දැක්කත් මුලින් කියෙව්වෙ නැහැ. නමුත් මේක දැක්කට පස්සෙ තමයි කියෙව්වෙ ඒකෙ එහෙම දෙයක් තියෙනවද කියලා බලන්න. ඔබේ ලිපියේ නිල්පාට කොටස නොදා හිටියනම් හොඳයි කියලා මටත් හිතෙනවා. ඒකෙන් වුනේ පෙලඹුමක් ඇතිවන ඇඩ් එකක් වීම පමනයි.

      Delete
    4. Maathalan & Naleen Dilruksha කියනදේ ඇත්ත. මම ඔය සයිට් එකේ ඔය පුවතේ හෙඩිම දැක්කත් මුලින් කියෙව්වෙ නැහැ. නමුත් මේක දැක්කට පස්සෙ තමයි කියෙව්වෙ ඒකෙ එහෙම දෙයක් තියෙනවද කියලා බලන්න. ඔබේ ලිපියේ නිල්පාට කොටස නොදා හිටියනම් හොඳයි කියලා මටත් හිතෙනවා. ඒකෙන් වුනේ පෙලඹුමක් ඇතිවන ඇඩ් එකක් වීම පමනයි. ඒ ලිපියේ තියෙන දේ ඇත්තෙන්ම මට දැනගන්න උවමනා නැහැ. ඔබයි එයට පෙලඹුම ඇති කලේ... ඔබ මෙය කාරුනික සහ මිත්‍රශීලී දෝශාරෝපනයක් ලෙස සලකයි කියා හිතනවා.

      Delete
    5. විවේචනය සාධාරණයි කියල පිලි ගන්නවා. නමුත් මම එය විවේචනය කරන්නේ කොහොමද එය නොදා කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඔබ එතනට අලුතෙන් ගියත් මේ වෙබ් අඩවිය ලංකාවේ හා විදේශයේ වැඩිම දෙනෙක් කියවන එක හැටියට තමා කියන්නේ නේද. එහෙම එකක් මිට වඩා පරිස්සම් වියයුතුයි කියලයි මම කියන්නේ.

      Delete
  11. ඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ගිය බන්. බෝට්ටුව ගිහිල්ල. ඌ උත්තරත් දාල.. කැමා ගේ ලෝකය හොයා ගන්න .බැහැ බැහැ .. මං දැම්මද කොහෙද බ්ලොග් රෝලේ..

      Delete
    2. ආ මේ තියෙන්නේ

      Delete
  12. අජිත්
    ලංකාවෙ ඉන්න බෝතල් මාධ්‍යවේදීන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තුවෙන අපියි මෝඩයො.මුන් දන්නෙම කුනු රසය විකුනන්න.සක්විති අල්ල ගත්ත වෙලාවෙ මුන් සමහරු සක්විතිගෙ ප්‍රේම කතාව ලියල තිබුන හරියටම ඒ ලියපු එකා උන් දෙන්නට පාන ඇල්ලුවා වාගෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි ?මාත් දිවයිනේ දැක්ක ඒ ඒ වගේ වගේ ලිපි .කීපයක්. දැන් කියවන්නෙම නැහැ. බ්ලොග් ඊට වැඩිය .හොඳයි.

      Delete
  13. අනේ මන්දා අයියේ :(

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කියල හරි යන්නේ නැහැ. .ලිපියක් .දාල විරෝධය පල කරන්න.

      Delete
  14. කෝ මේකෙ මම දාපු කමෙන්ට් එක? :O

    ReplyDelete
    Replies
    1. අන්න වැටිලා.. මන් දන්නෙත් නැහැ මේ ගූගල් කාරය කරන .වැඩ.

      Delete
  15. ලංකාවේ මාධ්‍යකරණය ගැන කතා නොකර ඉන්න තරමට කලකිරිලා අජී අයියේ.කවදා වෙනස් වෙයිද සැකයි.

    ReplyDelete
    Replies
    1. ඔයත් එහෙක නේද ඉන්නේ

      Delete
  16. මගේ කොමෙන්ටුවත් දූෂණයට ලක් වෙලා...

    ReplyDelete
    Replies
    1. අපි ඕවා කරන්නේ නැත ..

      Delete
  17. පුවත්පත් වාර්ථාකාරයන්ට ඔන හිටි එක වැඩිකරගන්න.පාඨකයෝ ගොඩක් කැමතියි කුනුරසයට.හරියට සුනඛයා අසුචි හොයනවා වගේ.දෙපැත්ත මැචි වෙනවා.මෙහෙන් ඉල්ලන දේ එහෙන් දෙනවා.එහෙන් දෙනතුරැ මෙහෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.එක ඔයා අර අර ලියල තියෙන මානසික ප්‍රශ්න තියෙන තියෙන කට්ටිය.

      Delete
  18. කාටුන් එකක් හරි සති අන්තෙ ෆිල්ම් එකක් බලන්න හරි ඇරුනාම ලංකාවෙ චැනල් බැලීම අතැරලා තියෙන නිසා ලේ කෝප කරගන්න එක නතර කරගෙන ඉන්නෙ. බණ කියන අහන රටක්නෙ මේක. ඒ උනාට විනයක් කියන දේ දශමයක්වත් නෑ. ජනමාධ්‍ය විතරක් නෙවෙයි ලංකාවෙ උන් තැනකට ගිහින් ඉන්නවත් දන්නවද. පෝලිමක පිලිවෙලට යන්නවත්? වැඩක් නෑ අජිත් අයියේ අපි ලේ පුච්චාගන්නවා විතරයි. කුණුරස ඉල්ලන උන් ඉන්නකම් ඕක නතර වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් විවේචනය කරන්නේ නැහැ .අනුං ලියන දේවල් මේ මේ විධිහට,ලියන කරණය ගැන මිසක්. හිට් ගන්න දේවල් අපිත් ලියනවා. ලිංගික දේවල් අපිත් ලියනවා. රහත් වෙලා නැහැනේ.. නමුත් අඩුම ගානේ කිසියම් රීතියක් තියාගෙන ඉන්නවා මෙන්න මෙතනට වැටෙන්නේ නැහැ කියල.

      Delete
  19. කවුරු හරි දන්නවද මේ මේ ගූගල් එකට මොකද වෙලා වෙලා තියෙන්නේ කියල. .ලියන ලියන වචනේ එ එක එක වදිනවා දෙපාර දෙපාර ..

    ReplyDelete
  20. මෙවැනි පුවතකදි වින්දිතයන්ගේ අනන්‍යතාව හෙළි කිරීම, පින්තූර පළ කිරීම නැවතත් ඔවුන්ව අපරාධයකට ලක්කිරීමක්
    ජයවේ අජිත් අයියා!

    ReplyDelete
  21. මටත් මේ ලංකාවේ මාද්‍ය ගැන තියෙන්නේ පිලිකුලක්. ඕනෑම සිදුවීමක් රඟපාමින් පුවත ට වඩා කතන්දර කීම මොවුන්ගේ පුරුද්දක් වෙලා. ඒකෙන් අදාල පුද්ගලයින් අසාදාරනයට ලක් වන බව ඔවුන්ට අමතක වෙලා. නමුත් මුංගේ සාදාරනය නම් හැම වෙලාවෙම කතා කරනවා.මේ අහින්සක දැරියව තවදුරටත් දූ* කර දිවි* කිරීමක් මේ වෙන්නෙ. මෙයම පමනක් නොවේ මේ ලඟදීම අලියෙකු පහර දීමෙන් මිය ගිය ප්‍රියන්ත රත්නායක මාද්‍ය කරුවාට ද අත් වූයේ මෙවැනි ම ඉරනමක්. තමන්ගේ මාද්‍ය සහෝදරයින් ගැනත් මෙලෙස කටයුතු කරන මේ තිරිසන් මිනිසුන් අන් අය ගැන යහපත් ලෙස වාර්තාකරනයේ යෙදෙන බවට සහතිකයක් නෑ. මේ සඳහා ස්වර්නවාහිනී අදාල පුවත බලන්න. ලිංකුවක් දැමිය නොහැක.


    අජිත් අයියේ අර ලිංක් දෙක මේලක් දාන්න බැරිද?

    ReplyDelete
  22. ඔය ගෝඩ් ෆාදර් ගැන නම් කතා කරලා වැඩක් නැහැ අජිත් අයියා.මතකද අර ඉන්දියාවේ බස් එකක සමුහ දුෂණයකට ලක්ව මරණයට පත් කෙරු විශ්ව විද්‍යාල ශිෂ්‍යව ගැන ඉන්දීය මාධ්‍ය කතා කරන විට ඒ ශිෂ්‍යාවගේ නම හෝ වර්තා නොකර සිදුවීම ගැන පමණක් වාර්තා කෙරුවා.වෙලා තියෙන්නේ අපේ මිනිස්සු ගොඩක් කැමතියි ප්‍රචන්ඩත්වයට.ඒ තුලින් වීරත්වයට පත් වෙන්න.ඉතින් මේ වගේ වර්තා පල වීම පුදුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව ඒ අතින් පියවරක් ඉදිරියට ඇවිත් නේද ?

      Delete
  23. මම ඔබේ ලිපිය කියෙව්ව, ඒක ඇත්ත තමයි, මාධ්‍ය උණත් මීට වඩා වගකීම්සහගත විය යුතුයි

    ReplyDelete
  24. ස්තුතියි ලින්ක් එකට.

    ReplyDelete
  25. ඇත්තෙන්ම මාධ්‍ය හරහා මේක පල උනේ අන්ත ජරා විදිහකට. මේ සිද්ධි වාර්ථාකරනයේ කිසිම සදාචාරාත්මක බවක් තිබුණේ නෑ. සැකකටයුතු දේවලුයි දැරියගේ චායාරූපයි දාල තිබුණේ සමාජය අවුස්සන්නම බලාගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ප්‍රශ්නය වැඩි වුනේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .