Tuesday 8 September 2015

නෙළුම් යායේ මාසික ත්‍යාගය සහ සම්මානය

නෙළුම් යායෙන් මාසික ත්‍යාගයක් දෙන බවට අප විසින් ගිය මස නිවේදනය කළෙමු. ත්‍යාගයේ පිරි නමන මුදල් ප්‍රමාණය පිලිබඳ සුළු ප්‍රශ්න  ඇති වූ බැවින්  ඒ වෙනුවට ග්‍රන්ථ හෝ වෙනත් ත්‍යාගයක් ප්‍රදානය කිරීමටද තීරණය කළෙමු. ඇසළ මස සඳහා  අපේ මුල්ම ත්‍යාගය  ප්‍රදානය කිරීමට තෝරා  ගත්තේ කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවියටයි.
ඇසළ  (ජූලි) මස පළවූ  තුෂාර විතාරණ ගේ හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා බ්ලොග් කවි පෙළ ප්‍රමුඛ  කොට එම මස පළවූ  ලිපි පෙළ සඳහා මේ සම්මානය පිරි නමන්නෙමු. කුරුටු ගෑ ගී පවුර අඩවිය බ්ලොග් කරුවන් කීප දෙනෙකුගේ සාමුහික ප්‍රයත්නයකි. එසේම ඔවුන් විසින් අනිකුත් බ්ලොග්කරුවන් සඳහා සින්ඩියක් ද එම මාසයේම දියත් කල බවද  නිරික්ෂනය කළෙමු.

මේ සඳහා අප රුපියල් 2500 කට ආසන්න වටිනාකමකින් යුත්,   ඔවුනට අවශ්‍ය පොත් කීපයක් පිරි නැමීම සඳහා තෝරා  ගත්තෙමු. එසේම ඔවුන් මුදල් අඩු දරුවෙකුට පොත් පත් රැගෙන දීමේ සුදානමකින්ද සිටිති.  වසර ගණනක සිට බ්ලොග් ලියන කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවියට ඉදිරියටත් සුවිශේෂ නිර්මාණයන් කිරීමට  අපේ සුභ පැතුම්  පිරි නමමු.

නිකිණි (අගෝස්තු) මස සඳහා අප තෝරා  ගත්තේ අහසෙන් එන්න බ්ලොගයයි.  එයින් මේ බ්ලොග් ලිපියට (එක පොතක් දෙදෙනෙක්) වඩා අවධානයක් දෙන්නටද අපට අවශ්‍ය බව සඳහන් කරමු. දෘශ්‍යබාධිත සහෝදරයෙකු විසින් ලියන මේ බ්ලොගයට අනුව දෘශ්‍යබාධිත පිරිස් සඳහා නිපදවා ඇති ඩේසි ඩිජිටල් තාක්ෂණ ක්‍රම වේදය ඇසුරින් පොත් ශ්‍රවණ මාධ්‍යයක් ලෙස කියවිය (ඇසිය) හැකිය.

"අහසෙන් එන්න " ලියන බ්ලොග් මහතා තමන්ට ත්‍යාගය ලෙස අප දෙන මුදලින් අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගයට පෙනී සිටින තවත් දෘශ්‍යබාධිත සිසුවෙකුට  විෂය නිර්දේශයට අවශ්‍ය පොත් එකොළහක් පමණ  රැගෙන  පරිත්‍යාග කරන ලෙස  අපට දන්වා එවා ඇත. ඒ අනුව ඒ මහතා දන්වා  එවන සිසුවෙකුට එම පොත පත ලබා දීමට පියවර ගන්නෙමු.

මාස  දෙක තුනක සිට පවත්වා ගෙන යන "අහසෙන් එන්න" බ්ලොගයේ කසුන් නයනජිත්ටද ඔහුගේ  බ්ලොග් අඩවිය ඉදිරියට ගෙන යාමට අපේ සුභ පැතුම් පිරි  නමන්නෙමු.

එසේම ලබන 2016 මාර්තු මාසයේ පැවැත්වෙන දෙවන වාර්ෂික නෙළුම්  යාය බ්ලොග් සම්මාන උළෙලේ මුලික වටය සඳහාද මේ බ්ලොග් අඩවි වල නම් ඉදිරිපත් කෙරෙනු ඇත.

ලියන්න ලියන්න තවත් ලියන්න. 

29 comments:

  1. එළකිරි.. සපෝට් එකක් ඕනිනම් කියන්න.. කුරුට්ටන්ටත් අහසින් එන්නා ටත් සුභ පැතුම් :) (කුරුට්ටන්ගේ අසංක යා බන්දලුනේ ලඟදි.. මට පෙන්නේ අලුත ගෙනා මනමාලිගේ වාසනාවද කොහෙද.. හැක හැක..)

    ReplyDelete
    Replies
    1. කමියා අසංක අයියාගේ අලුත් මනමාලිගේ පින මට බලපායිද බොල..... මම තුෂාර

      Delete
  2. සුභ පැතුම්.. අහසෙන් එන්න බ්ලොගය මම හොදට බලපු එකක් නෙමෙයි. ඒක බලන්න ඕන.. අර තුෂාරයාට මොකට බං සම්මාන දෙනවද මන්දා.. හැක්.. ජය වේවා කුරුට්ටන්ටත්.. අජියටත්..

    ReplyDelete
    Replies
    1. අා............. උඹට ඒක තමා තියෙන ප්‍රශ්ණේ නේද?????

      Delete
  3. සුබ පැතුම්. ( ත්‍යාග ලබන්නන්ට, දෙන්නන්ට හා සංවිධායකයින්ට )

    ReplyDelete
  4. මේ ඇගැයීම කොයිතරම් වටිනවාද කියන එකත්, ඒ ඇගැයීමට මේ සුන්දර බ්ලොග් මිතුරන් වටිනාකමක් එකතු කරන හැටිත් ඇත්තටම අපූරුයි. මේ වැඩේ දිහා අපහාසාත්මකව සහ උපහාසාත්මකව බැලූ අයට අගේ ඇති පිලිතුරක් දීලා තියෙනවා මම හිතන්නෙ. කුරුටු ගෑ ගී පවුරට සහ අහසෙන් එන්න බ්ලොග් අඩවියට සුභපතනවා. ඒ වගේම ත්‍යාගය නිවැරදිම ලෙස යොදාගැනීමෙන් ඔයාලා දුන්නු ආදර්ශය බොහොම වටිනවා.

    ReplyDelete
  5. ඔබේ වෑයම ඉතාමත්ම අගේ කොට සලකමි.

    ReplyDelete
  6. මේ සැරේ එනවා උත්සවයට

    ReplyDelete
    Replies
    1. ඒහෙනම් අපි ඒන ඒක ගැන හිතලා බලන්න වෙනවා.... හැක්......

      Delete
  7. කසුනාට විශේෂ සම්මානයක් දෙන්න වටිනවා.
    දිගටම යන්න අජියයියා.

    ReplyDelete
  8. එළකිරි...

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි...

    හේතුව...

    පොත් පිරිනැමීමට තීරණය කිරීම ගැන....

    ReplyDelete
  9. අහසෙන් ඇවිත් කුරුටු ගෑ ගී පවුරේ ලියන දෙන්නටම උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  10. මුලින් ම මේ ත්‍යාගයට අපිව තෝරාගෙන අපේ බ්ලොග් ගමන දිරිගැන්වීම ගැන ඔබලා ස්තූතියි.. දෙවනුව බ්ලොග්කරුවන් වෙනුවෙන් මේ සිදු කරන්නා වූ සහයෝගය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබට ශක්තිය ලැබේවා යැයි පතමි…..

    ජයවේවා

    කුගෑගීප

    ReplyDelete
  11. අහසටයි කුරුට්ටන්ටයි සුබ පැතුම්...
    නෙළුම්යායටත් හදපිරි මෙව්වා එක...

    ReplyDelete
    Replies
    1. තැන්කූ.............. තැන්කූ

      Delete
  12. කුරුට්ටන්ට සහ අහසෙන් එන්නට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ......... තැන්කූ..... (අාය මේවාට අජිත් අයියා තැන්කූ කියන්නයෑ..........)))

      Delete
  13. මේ නෙලුම්යාය දියත් කරන වැඩසටහන ඉතා හොඳ එකක් බව මා කොලඹ ගමයා අඩවියට කලින් වතාවක කොමෙන්ටුවක් මගින් කීවා මතකයි. ඒ පසුගිය මාසයේ පල වූ ලිපියකදී. නමුත් මේ මාසික තෑග්ග වෙනුවෙන් මා ලියන අහසෙන් එන්න බ්ලොගය තෝරා ගනීවියැයි මා සිතුවේ නෑ. ඒ ගැන නෙලුම්යාය සහ ලංකා නිවුස් අඩවි දෙකේම සංවිදායකයින්ට ස්තුතිය හිමි විය යුතුයි. මින් ඉදිරියටත් මෙවැනි කාර්යන් කරන්නට ශක්තිය ලැබේවා.

    මගේ පූර්න සහයෝගය මේ වැඩසටහන වෙත හිමි වේ.

    ReplyDelete
  14. My congratulations for the winners & the thanks to the organizers (Y) (Y)

    ReplyDelete
  15. සුබ පැතුම් වගේම ත්‍යාගලාභීන් මේ ත්‍යාග තමන්ගේ පුද්ගලික පරිහරණයට නොගෙන ඒ තවත් අවශ්‍යතා ඇති අය වෙනුවෙන් ඒ දේ යෙදවීම ගැන ඔවුන්ට මගේ ආචරයද පිළිගන්වන්නෙමි.පොඩි වැඩකට හොටෙල් වගයක් සර්ච් කරන අතරේ මේක බැලුවේ.මම හොයන වැඩේට නම් මේක හරියන්නේ නැහැ පුතෝ.හැබැයි ඔය වගේ තැනක රැයක් ඉන්න නම් ආසයි.

    ReplyDelete
    Replies
    1. ////පොඩි වැඩකට හොටෙල් වගයක් සර්ච් කරන අතරේ මේක බැලුවේ.මම හොයන වැඩේට නම් මේක හරියන්නේ නැහැ පුතෝ.හැබැයි ඔය වගේ තැනක රැයක් ඉන්න නම් ආසයි////????

      Delete
    2. ////පොඩි වැඩකට හොටෙල් වගයක් සර්ච් කරන අතරේ මේක බැලුවේ.මම හොයන වැඩේට නම් මේක හරියන්නේ නැහැ පුතෝ.හැබැයි ඔය වගේ තැනක රැයක් ඉන්න නම් ආසයි////????

      වැරදි කමෙන්ට් එකක් අජිත් අයියා එක මෙතන වැටිලා.

      Delete
  16. සියල්ලන්ටම ස්තුතියි.

    ReplyDelete
  17. හොඳ තෝරාගැනීමක්! සුබ පැතුම්.

    ReplyDelete
  18. මම අහසින් එන්න බ්ලොග් එක ගැන දැන ගත්තේ මේක කියවල. ගොඩක් හොඳ වැඩක් සහ හොඳ තීරණ.

    ReplyDelete
  19. එලද බ්‍රා ... සුබ පැතුම් අහසෙන් එන්නා.. අර කඩප්පුලි තුෂාරයට මොන මගුලකට දුන්නද? හැක.... සුබ පැතුම් තුශාරයෝ

    ReplyDelete
  20. මම බිලොග් අවකාශයට අලුත් ඇවිත්.තවම මාස දෙකක්වත් නැ.නමුත් මෙ ටික කාලයට බොහෝ මිතුරන් මා සමග එකතු වුනා.කරැටු සින්ඩි නිතරම මාව අගේ කලා.ඔය අතරේ මට මුන ගැහුන බිලගෝ මිතුරන් පිරිසේ Yashyantha Srinath,මධු මාධවි,අහසෙන් එන්න කසුන්,ඩ්‍රැකි,සුරංග මට බොහෝ සමීප වුන මිතුරන් වුනා.අද මෙහි පොස්ටි එක කියවනකමි කසුන් දෘෂ්‍යාබාධිතයි කියලා මම දැනගෙන හිටියේ නැ.මට ඇස්වල කදුලක් ආවා.මෙ ටික දවසට මට ගොඩක් සමීප වුන මිතුරෙක්.අපි විහිලු කලා,හිනාවුනා,මඩ ගහගත්තා,මම ඇත්තෙන්ම දැනන් හිටියේ නැ කසුන් එහෙමයි කියලා,කසුන් උඹ මගේ ජීවිතේ සදාකාලික මිතුරෙක්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .