Sunday 9 April 2017

සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය

දැන් තවත් නෙළුම් යාය සම්මාන උළෙලක් හමාර වී තිබේ.  මෙවර සම්මාන උළෙල පිලිබඳ කතා බහ තවමත් අවසන් වී නොමැත.
රාජිත, පණ්ඩුක, මහින්ද දේශප්‍රිය, කරු ජයසූරිය සම්මාන උත්සවයේ දී 
 එය ඇත්තෙන්ම ප්‍රීතියකි. විවේචනද වැඩි වී තිබේ. කෙටියෙන්  කියනවා නම් මුල් නෙළුම් යාය සම්මාන උළෙලවල් වලින් බ්ලොග්වලට ලැබුණු ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධියක්,  ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුගේ වර්ජන මධ්‍යයේ වුවද මෙම උළෙල නිසා ලැබී ඇත. සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට ලැබී ඇත්තේ විශාල තල්ලුවකි. සමාජයේ ඒ පිලිබඳ කතාබහ තවමත් අවසන් වී නොමැත.

මේ අතරේ සම්මාන උළෙල පිලිබඳ ඇතිවන හා හූව සෙමින් මැකී යන තත්වයක් තුල නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසූරියත් බුකියේ මංජුල සමරසේකරත් එකම ප්‍රශ්නයක් ඇදගෙන නෑමක් කරනු පෙනුනි . ඒ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ සහභාගිත්වය ගැනය.  හෙන්රිට අනුව මේ ඇවිල්ලා නොටෝරියස් ප්‍රා - ජිතය. මංජුලට අනුව නෙළුම් යාය බ්ලොග් කාරයන්ව  රාජිතට විකුණලාය. මේ නයිට් වරු (knights in shining armour) තම අසිපත් ලෙලවා ගෙන බ්ලොග්කරුවන් බේරා ගැනීමට බුකියේ සටන් වැද සිටියහ.
රාජිත සේනාරත්න මහතා සම්මාන ප්‍රදානයේදී 
සම්මාන උළෙලේ දේශපාලනය මගේ මිතුරන්ටද තදබල ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ. බොහෝදෙනා ඇසට පෙනුනත් සඟවන සත්‍යය මෙවර නෙළුම් යාය සම්මාන උළෙල තුලින්  ඉස්මතුවී තිබේ. ඒ මෙසේය.

පසුගිය පෙබරවාරි මස ලන්ඩනයේ සිටි හඳුනන අයෙකු විසින්  එවන ලද පණිවිඩයක කියවුනේ "වියත් මග " නම් සංවිධානයක් ශ්‍රී ලංකා හමුදාවක  එක්තරා හිටපු සෙනෙවියකු ගේ මුලිකත්වයෙන් රැස්  වෙන බවත් එයට සහභාගී  වන ලෙසත්ය.  එදින වෙන කටයුත්තක් තිබූ  බැවින් මට සහභාගී වීමට නොහැකි විය. දින කිහිපයකට පසු  ලැබුණු තවත්  දුරකථන ඇමතුමකින් හඳුනන අයෙකු පැවසුවේ නව ව්‍යවස්ථාවෙන් රට  බෙදීමට යන බැවින් නැගෙනහිර ලන්ඩනයේ පැවතෙන රැස්වීමක ට වහ වහා පැමිණෙන ලෙසය.  මේ අවස්ථා දෙකේදීම  ගෝඨාභය යන  නම සමග බැඳුනු සටන් පාඨයක් යෝජනා වෙන බව මට දැන  ගන්නට ලැබිණි. ඒ "ගෝඨාභය  රාජපක්ෂ ජනපති කරමු" යන්නය. මේ රැස්වීම්  සංවිධානය කරන්නේ ද කලක සිට  ලංකාවේ කිසියම් හෝ විධියක ව්‍යවස්ථා සංශෝධනයක ට විරුද්ධව කටයුතු කළ, කරන ලංකාවේ කිසිදු ජාතික ප්‍රශ්නයක් තිබෙන්නේ නැත යන මතයේ සිටින පිරිසක් විසිනි.

මේ තත්වය  මත බ්ලොග් අවකාශයේද  කිසියම් බෙදීමක් උවමනාවෙන් ඇති කරන කණ්ඩායමක් මතු විය. ඔවුන් කලක් නිහඬව සිටියද ඉස්මතු වුයේ හෙළ බස රකින නියායෙනි. මේ ගැන විරුද්ධත්වයක් නැති වුවද මේ අදහස පිටුපසින්  ඉස්මතු වූයේ, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ගේ රජය පැරද වූයේ ලංකාවේ සංවර්ධනයට  ඉරිසියා කරන බටහිර ජාතින් බවත් ඔවුන් යුඇන්පී/මෛත්‍රී සන්ධානයට උදව් කළේ  එනිසා බවත් යන අදහසය.  විවෘත ආර්ථිකය මත ලංකාව කිසියම් ප්‍රමාණයකින් මැලේසියාවේ ක්‍රමයට දියුණු වෙද්දී ජේ ආර් ගේ රජයට විරුද්ධව දෙමළ සංවිධාන වලට  යුද පුහුණුව දුන්නේ ඉන්දියාව බව වීම මොවුන් අමතක කරන කරුණකි. (රාජපක්ෂ මහතා විසින් නුවුමනා ලෙස චීනයට ආවැඩීම නිසා ඉන්දියාව කලබල වුනු බවද  මේ අය ඉතා පහසුවෙන් අමතක කරති.) මේ කල්ලියේ අදහස ද ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ඒමය.

ඔවුන් මේ සඳහා ජනප්‍රිය බ්ලොග්කරුවෙකු ගේද සහය ලබා ගනී. මේ බ්ලොග් කරු කලක සිටම ගෝඨාභය ලංකාවට  සුදුසු නායකයෙකු යයි කියන්නෙකි.  ඔහු  ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව  ප්‍රගතිශීලි ලෙස ලියන්නෙකු වුවද "ගෝඨා ගෙන ඒමේ " ව්‍යාපාරයේදී  ගෝඨාභය අතිශයින් ජාතිවාදී ලෙස කටයුතු කරන්නෙකු බව අමතක කරන සෙයක් පෙනී යයි.  එහිද ප්‍රශ්නයක් නැත. ඔහු තමන්ගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කෙලින් ප්‍රකාශ කරන කෙනෙකි.

ප්‍රශ්නය ඇතිවූයේ ඉහත කී  කණ්ඩායම අතිශය පුද්ගලික ලෙස හා අපහාසාත්මක ලෙස මට පහර දීමයි.  විසුළු සහගත  වූයේ එම පහරදීම් මධ්‍යයේ වුවද ඒවා යුඇන්පී මාධ්‍ය මෙහෙවරට විරුද්ධව කෙරෙන්නක් මිස මට විරුද්ධව නොවන බව කියමින් එක්තරා නීතිඥ මහතෙකු හරහා පණිවුඩ එවීමටද මේ කණ්ඩායමේ මඩ නයුවා කටයුතු කිරීමයි. මට එරෙහිව  මේ පහරදීම් චන්දිම  විතානආරච්චි මහතා ගණන් ගත්තේ නැත. කුප්‍රසිද්ධියත් හොඳ බව ඔහු තර්ක දමමින් පැහැදිලි කළේය. මේ විවේචන කණ්ඩායමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ  බ්ලොග් ලියන්නෙකුද එක්  වුනු අතර එහිදී කෝප සහගත බවක් මා මවා  පෑවේ ඕනෑ කමිනි. කොටින්ම  ගෝඨා ගෙන ඒමේ ව්‍යාපෘතියට පෙරටුගාමී සමාජවාදී සහය ලැබෙන්නේ නම් එසේ වන්නේ ඔවුන් ගේ ඇති රනිල්ට විරුද්ධ භාවය නිසා බව දන්නා බැවිනි. රනිල් ගේ "බටලන්දේ භූමිකාව " මේ හැමෝම ඉස්මතු  කරන්නේද මේ නිසාය. දෙමළ  ප්‍රශ්නය කුමාර් ගුණරත්නම් ද මග හරින නිසා මේ සුසංයෝගය පෑහෙන බව පෙනී යයි. නොඑසේ නම් ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වුයේ මොන ආණ්ඩු කාලයේද යන්න  කුමාර් ගුණරත්නම් නිදහස් කල පසු ඔවුන්ට අමතකවී යන්නට ඇත.

මේ අන්දමින් තත්වය පැහැදිලි ලෙසම වෙනස් වූයේ චන්දිම විතානාරච්චි එල්ල කරමින් කළ පහරදීම් නිසාය. මංජුල සමරසේකර නොදන්නා කරුණක් නම් චන්දිම විතාන ආරච්චි පළමු  බ්ලොග් සම්මාන උළෙලේ පටන්ම තිරය  පිටුපස සිටි බවයි.

ඔහුගේ ලංකානිව්ස්වෙබ් හි  නෙළුම් යාය කොටසට ජනප්‍රිය  බ්ලොග් ලිපි හා නිසඳැස් ආදිය  එකතු කිරීමට මා  කල යෝජනාව ඔහු පිළිගත්තේ 2014 පමණ කාලයේය. එවකටද නෙළුම් යාය නම් අංගයක් ලංකානිව්ස්වෙබ් හි තිබුණි. ප්‍රථම සම්මාන උළෙල පැවැත්වීමට කරු පරණවිතාන හරහා ශාලාව සොයා දුන්නේද සමරු  සඟරාවේ දැන්වීම් වලට යහළුවන්ගේ ව්‍යාපාර හරහා මුදල් සොයාගෙන උළෙලේ වියදම් පියවූයේ ද චන්දිමය. මෙහිදී අපේ පෞද්ගලික මුදල්ද වැයවූ නමුත් පොදු කාර්යයක් හා කැමැත්තෙන් කළ දෙයක් නිසා ඒ ගැන අපි කතා නොකෙලෙමු.

පළමු සම්මාන උළෙලෙන්  පසු කියවන බ්ලොග් සංඛ්‍යාව වැඩිවූ හෙයින් ලංකා නිව්ස්වෙබ් හි නෙළුම් යාය අංශයේ ඉඩකඩ මද විය. මේ නිසා නෙළුම් යාය නමින් වෙබ් අඩවියක් ඇතිකර ජනප්‍රිය බ්ලොග් ලිපි ඒවායේ පළ කිරීමට අප දෙදෙනා සාකච්චා කොට තීරණය කළෙමු. මේ නිසා දෙවෙනි සම්මාන උළෙලද පැවැත් වීමට  හා බ්ලොග් සංසදයක් පිහිටුවීමටද තීරණය කෙළෙමු. මගේ වියදමින් බ්ලොග්පවර් නම් වූ වෙබ් අඩවිය ලියාපදිංචි කළේද ඒ අනුවය.

මේ කාලයේදී චන්දිම විතාන ආරච්චි මහතාට ඇති රතු වරෙන්තුව ගැන නීතිඥ මහතෙකු ඇතුළු කිහිප දෙනෙක්ම මා  දැනුවත් කළහ. ඔහුගෙන් ඒ ගැන අසා බැලූ  විට පෙනී ගියේ ඔහු එංගලන්තයේ සිටින තුරු අත් අඩංගුවට ගැනීමක්  නොකෙරෙන බව හා ඔහු ගේ නිව්ස්වෙබ් අඩවියද  ශ්‍රී ලංකාවේ  තහනම් කර ඇති බවයි. ලංකානිව්ස්වෙබ් හි තහනම ඉවත් කරන ලද්දේ  පසුවය. ඔහුගේ රතු වරෙන්තුව දේශපාලන පලි ගැනීමක් යන්න  මගේ අදහස විය.  ඔහු ලන්ඩනයේදී හමුවුණු නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම සිවිල් සංවිධාන වල ලොක්කන් ගැනද මා  දැන සිටි අතර මේ නිසාම ඔය කියන වරෙන්තුව දේශපාලනික එකක් බව නිගමනය කලෙමි. නොඑසේ නම් මේ වරදකාරයා හමුවන්නට මේ දේශපාලන නායකයන්ට ලොකු උවමනාවක් තිබුනා විය හැකිය.

එසේම ලංකානිව්ස්වෙබ් අඩවියට නොයෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ වල නිවේදන, ලිපි ආදිය  ලැබෙන අතර චන්දිම විසින් මේවා නොකඩවා පළ කරන ලදී. මංජුල සමරසේකරට, ඔහු නියෝජනය කරන ජවිපෙ ට හෝ හෙන්රි වර්ණකුලසුරියට ඒ කාලයේ චන්දිම ගේ ප්‍රශ්නයක් තිබුනේ නැත.

කරු පරණවිතාන පළමු හා දෙවන  සම්මාන උළෙලට සහභාගී වුයේ ශාලාව ලබා දීමෙන් උදව් කිරීම  නිසා මෙන්ම බ්ලොග්කරුවෙකුද නිසාවෙනි. කරු ජයසුරිය සහභාගී වූයේ තොරතුරු දැන  ගැනීමේ පනත ගැන බ්ලොග්කරුවන් මෙන්ම ජනතාවටද කරුණු පැහැදිලි කිරීමට අපගේ සහය දිය යුතු යයි තීරණය කළ නිසාය. එසේම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකද වේ.

තෙවෙනි සම්මාන උළෙලට ඉහත  කී කිසිවෙක් සහභාගී කර නොගැනීමට තීරණය වුනු අතර මහවැලි කේන්ද්‍රය ශාලාව වෙනුවෙන් මුදල් ගෙවීමටද මම සූදානම් වී සිටියෙමි.  ඒ දෙවෙනි උළෙලින්  පසු සම්මාන උළෙලකට  යාමට මගේ අදහසක් නොතිබූ නිසාය. මේ තීරණය වෙනත් පුද්ගලික හේතූන් මත ඉතා කලින් ගත්  එකකි. අප බ්ලොග් කරුවන් තිස් දෙනෙකු පමණ සමග කතා කරමින් සිටියත් එක් අයෙකු හැර ඒ කිසිවෙක් මුදලින් දායක වීමට උනන්දු වූයේද නැත. ඒ බ්ලොග්කරුවා නැවත  වතාවක් නිර්නාමිකව සම්මාන  මුදල් ප්‍රදානය කිරීමට  එකඟවී තිබුණි. ගිය වර සේම සමරු කලාපයට ලැබිය හැකි වෙළඳ දැන්වීම්  තුලින් ඉතිරි මුදල් සපයාගෙන සම්මාන ආදිය පිළියෙළ  කරන බව  චන්දිම දැන්වීය. මට දැන්වූ පරිදි මේ ක්‍රමය ගියවර එතරම් සාර්ථක නොවුයේ දැන්වීම් මුද්‍රණය කල පසු අදාල සමාගම් මුදල් නොගෙවූ බැවිනි. ඒ එසේ වුවද චන්දිම ඒ වගකීම භාර ගන්නා බැවින් මගේ කටයුත්ත වූයේ අනිකුත් විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සමග බ්ලොග් තේරීමයි.

මෙසේ  මහවැලි කේන්ද්‍රයේ උළෙල පවත්වන්නට සියලු විධි විධාන සලසමින් යද්දී එය බත්තර මුල්ලේ වෝටර්ස් එජ් හි පවත්වන බව ලංකානිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි විසින් දන්වන ලදී.  ඒ සඳහා දායකත්වය ලැබෙන නිසා මවිසින් ශාලාව සඳහා මුදල් වියදම් කිරීම අනවශ්‍ය බවද චන්දිම දැන්වීය.  මූලික  වටයේ බ්ලොග් තෝරා ගැනීම අටම් හෙවත් ලක්මාල් ගේ සහයෙන් කළ  නිසා මා  කලේ වහාම ලංකාවට යාමට ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමයි. (මුල් වතාවේ මෙන් දෙවෙනි හා තෙවැනි වතාවල  එයා මයිල් ලැබුනේ නැත). කරු ජයසූරිය මහතාට නැවත  ආරාධනා කරන බව මේ වන විට මා දැන සිටි අතර ඔහුගෙන් සම්මාන ගැනීමට බ්ලොග් කරුවන්ගේ විරුද්ධත්වයක් නැතිනම් මා එය ප්‍රශ්නයක් කර නොගන්නා  බව දැනුම් දුනිමි.

රාජිත ඇමතිවරයාට ආරාධනා කිරීම  සිදු වුයේ මේ අතරවාරයේදීය. එනිසා සංවිධායක වරු රාජිත ඇමතිවරයාට ආරාධනා කල බව මා  දැනගත්තේද පමා වෙලාය . නමුත් මා එය ප්‍රශ්නයක් කර ගැනීමට සිතුවේ නැත. ඒ වනවිට මා කාර්යාලයෙන් නිවාඩුද අනුමත කරවාගෙන තිබුණි.  අප විසින් බ්ලොග් තේරීම් සඳහා  කියවීම් රාශියක් කල හෙයින් ඒ දිනවල පැමිණෙන අමුත්තන් කවුද යන්න ගැනද  එතරම් තැකීමක් නොකළෙමි. එයට  හේතුව මෙවර නෙළුම් යාය පදනමින් සියලු  සංවිධාන කටයුතු කළ නිසාය.   මාත්  සුමිත් කලණසිරි  මහතාත් සංවිධාන කටයුතු වලින් මුලදීම ඉවත් වුනෙමු. මවිසින් චන්දිම හා සාකච්චා කොට එක්කල එකම අංගය වූයේ තරුරසී  හරහා සම්බන්ධීකරණය කළ "ධර්මිෂ්ඨ සමාජය " නම් නාට්‍යයයි.

හෙන්රි වර්ණකුලසුරිය දෙවෙනි සම්මාන උළෙල විවේචනය කළේ එය පාසැල් උළෙලක් හා සම කරමිනි. එය සංවිධානය කලේ තනිකරම බ්ලොග් කරුවන් එකිනෙකා සමග ඊමේල් වලින් අදහස් හුවමාරු කර ගනිමින්ය. බොහෝ අය ජිවත් වූයේ එක ළඟ ද නොවේ. එය පාසල් උළෙලෙකට  සමකල හෙන්රි තෙවැනි උළෙලට විරුද්ධ වන්නේ දෙවැනි උළෙල හොඳ බව කියමිනි. මේ නම් දිව දෙකේ කතාවකි. ඔහුට අනුව ප්‍රා ඝාතක රැල්ලේ ප්‍රා-ජිත ගෙන්වීම වැරැද්දකි . චන්දිම විතානාරච්චි රාජිත "නූතන  සේනක බිබිලේ " ලෙස නම් කලේ ඔහුට අනුව රාජිත  ඖෂධ සමාගම් සමග සටන් කරන හෙයිනි. (මේ ගැන පසු දවසක ලියමි) ජවිපෙ හිතැති මංජුලට මේ දෙකම ප්‍රශ්නයකි.

රාජිත ඝාතකයෙක් නම් හෙන්රි හා මන්ජුලලා කවුරුන්ද?  ජයවර්ධන මහතාගේ එජාප ආණ්ඩුව ජවිපෙ තහනම් කර රහසිගත  දේශපාලනයකට යොමු කිරීමම බලවත් වරදක් බව පිළි ගනිමි. නොඑසේ නම් විජේවීර ජවිපෙ තවත් පාර්ලිමේන්තුවාදී පක්ෂයක් කරන සළකුණු පෙනෙන්නට තිබුණි. එය එසේ වුවද දයා පතිරණ නම් ස්වාධින ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මරා දමමින් ඝාතන රැල්ලක් පටන් ගැනීමේ අපවාදයෙන් බේරීමට ඔවුන්ට හැකිද? දයා  පතිරණ ඝාතනය ගැන අක්ෂය බ්ලොග් අඩවිය මෑත කාලයේ ලියු ලිපියක් මෙහි ඇත. මේ ඝාතන රැල්ල  ඉන්පසු එජාප ලේකම් වරයාගේ සිට වෙනත් එජාප දේශපාලකයන් දක්වාද පැරණි වමේ දේශපාලකයන් දක්වාද විහිදුනි. තමන් හැරගිය නන්දන මාරසිංහ වැනි ජවිපෙ හිටපු සාමාජිකයන් පොලිස් ඔත්තුකරුවන් ලෙස නම් කර මරා දැමීමද සිදුවුණි.  එජාප රජය සාර්ථක ලෙස තම ඝාතන රැල්ල දියත් කලේ මින් පසුවය. කමල් ධර්මසිරි ප්‍රමුඛ කොට  ප්‍රා බිහි වුනේද  ස්වාධින ශිෂ්‍ය සංගමයේ  සාමාජිකයන් මරා දැමූ තත්වයක් තුලය. මේ අනුව මේ එක ඝාතක කණ්ඩායමක් තවත් ඝාතක කණ්ඩායමකට කරන චෝදනාවක් නොවේද? (මෙහිදී සිදුවූ බොහෝ තරුණ ඝාතන ගැන අවතක්සේරුවක් නොකරමි. මේ ලිපිය බලන්න.)

අනිත් චෝදනාව එන්නේ මහින්ද-ගෝඨා ට සහය දෙන  කණ්ඩායමෙනි. ලංකානිව්ස්වෙබ් බොහෝවිට පෙනී සිටියේ යුද්ධය ජාතිවාදී ස්වරූපයෙන් ගෙන යන්නක් නිසා එය නවතා සාකච්චා කළ යුතුය යන අදහසේය. මේ නිසා මෙම වෙබ් අඩවිය මහින්ද-ගෝඨා රජයේ යුද ක්‍රියාකාරකම් තදින් විවේචනය කල අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදියද මේ වෙබ් අඩවියේ තදින් විවේචනය විය.  වෙබ් අඩවිය තහනම් වුයේද ඒ අනුවය. ඔවුනට මෙන්ම  ඇතැම් දෙමළ ඩයස්පෝරා වැසියන්ටද  අනුව 2009 අවසන් වූ යුද්ධය මනුෂ්‍ය ඝාතන රැල්ලක් තුලින් සිදු වුවකි. කොටි සංවිධානය මෙන්ම රජයද එම ඝාතන  රැල්ලේ සාමාජිකයන්ය.

කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී ලෙස කැඩී ගිය කොටසද ජවිපෙ තුල මේ ජන ඝාතක යුද්ධයට සහය දෙමින් සිටියහ.  සත් හඬේ ලිපි වලින් තමන් ජාතිවාදියකු නොවේ යයි විලාප දෙන හෙන්රි වර්ණකුලසුරිය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඇත්තන්ටද , ජවිපෙට ද  මිනීමරු කොටි සංවිධානයට එරෙහි වූ යුද්ධය ශුද්ධ යුද්ධයකි. (මමද ඒ කාලයේ සිටියේ යුද්ධය පැත්තේ බව කණගාටුවෙන් යුතුව වුවද පිළි ගනිමි. එසේ කලේ  කොටි සංවිධානය අවසන් සාම සාකච්චා වටද  පයින් ගැසූ කල ඔවුන් මැඩීමට  වෙන ක්‍රමයක් නොමැතිය යන හැඟීමෙනි. එසේම චැනල් 4 නාලිකාවට විරුද්ධව ලන්ඩනයේ කළ උද්ඝෝෂණ වලටද සහභාගී වූවෙක්මි. නමුත් එම යුද්ධය විශාල මනුෂ්‍ය ඝාතනයකින් නිමවූ බවත්  යුධ අපරාධ සිදු වුනි නම් ශ්‍රී ලංකාව ඒවා විභාග කළ යුතු බවත් පිළි ගන්නා ස්ථාවරයක සිටිමි.)

රාජිත සේනාරත්න ඇමතිවරයා විජය කුමාරතුංග ගේ මහජන පක්ෂයේ  සිටි කාලයේ සිටම ජාතිවාදයට විරුද්ධ වූ අයෙකි. දයා  පතිරණ වනාහි ජවිපෙට හා කුමාර් ගුණරත්නම් ලාට ඇකැප ද්‍රවිඩ ස්වයං නිර්ණය වෙනුවෙන් කෙලින්ම පෙනී සිටි අයෙකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ "යුගයේ කාර්යභාරය" ඔහු "ඉපදුනු" ශ්‍රීලනිපය බේරා ගැනීම මිස රට පාලනය නොවේ. පෙනෙන විධිහට අග්‍රාමාත්‍ය රනිල් විකුම්සිහ මහතා තැත් කරන්නේද ඔපමණ චෝදනා කළ ගිය ආණ්ඩුවේ ලොක්කන් හිරේ නොදමා තම ආණ්ඩුවේ ඇමතියන්ටද  ගසා  කෑමේ වරම් දී කොහොමින් හරි 2020 වෙනතුරු ආණ්ඩුව ඇද ගෙන යාමටය.

මෙනිසා තෙවන බ්ලොග් සම්මාන උළෙල තුලින් මතුවුයේ මෙන්න මේ දේශපාලන බලවේගයන් ගේ හැසිරීමය. ජවිපෙ කට්ටිය දඟලන්නේ  ගෝඨා පැත්තට යනවාද ස්වාධීනව සිටිනවාද කියාය. බොහෝ විට මේ ප්‍රශ්නය මත අනුර කුමාර එක පැත්තකටත් තවත් කට්ටියක් තව පැත්තකටත් ගොස් ජවිපෙ නැවතත් බෙදී යනු ඇත. පසු ගියදා ජවිපෙ  ලාල් කාන්ත විමල් විරවංශ  ගැන අනුකම්පාව පළ කරමින් ප්‍රකාශයක් කළේත් එය බුකියේ ෂෙයාර් වෙද්දී ඇතැම් පෙරටුගාමී සමාජවාදී පාක්ෂිකයන් බුකියේ ලයික් දමන්නේත් මේ නිසා විය යුතුය. විමල් නමැති පහළ පන්තියෙන් ආ එකා මේ ධනවාදී ආණ්ඩුව හිරේ දමමින් "නොසලකද්දී "  මහින්ද ඇතුළු කුමාරයන්   නිදැල්ලේ සිටින බවට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බ්ලොග් කරුවෙක් මතයක්ද පල කර තිබුණි දුටිමි. දැඩි ස්ටලින්වාදී කුමාර ගුණරත්නම් කිසි විටෙකත් දෙමළ  ජාතියේ ස්වයං නිර්ණය පිලි ගන්නේ වත් ඔවුන්ට බලයක් දීමට වත් තම පක්ෂය මෙහෙයවන්නේවත්  නැත.

සම ලිංගිකයන්ට   බෙහෙත් දීමට තතනන වෛද්‍යවරු සිටින ජවිපෙ එතනට කොහෙත්ම යන්නේ නැත. ස්වයං නිර්ණය කෙසේ වෙතත් කිසිම බලයක් දෙමළුන්ට ලැබෙනවාට  මේ හැමෝම විරුද්ධව ක්‍රියා කරනු ඇත. එසේම බුකියේ දැක්වෙන පරිදි එළඹෙන මුස්ලිම් ආක්‍රමණයට  මුහුණ දීමට ට්‍රම්පච්චි වැනි ඒකාධිපති නායකයෙකු අවශ්‍යය.  මොවුනට අනුව එම සුදුසුකම් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට පමණි. එල්ලෙන්නට වැලක් නැතිව සිටින නිර්මාල් දේවසිරි මහතාද  ගෝඨාභය පත් කිරීමේ ප්‍රොජෙක්ට් එකේ සිටින්නේ එවැනි ඒකාධිපතියෙකු බලයට පත්වූ පසු සමාජවාදී විප්ලවය ඉක්මනින් ම වේ යයි සිතා ගෙන විය යුතුය.
සම්මාන උළෙලේ ඔපෙරාව 

මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි. ඔහුට විරුද්ධව චෝදනා එන්නේද ඒකාබද්ධ විපක්ෂයේ බ්ලොග් කණ්ඩායම - ජවිපෙ , පෙසප කලබලවී දඟලන්නේද එනිසාය. කොටින්ම  සම්මාන උළෙල දේශපාලන පාපන්දුවක් බවට යම් විධිකින්  පත්වූවා නම් එසේ වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේගයන්ගේ හැසිරීමෙන් වියුක්ත වන්නට බ්ලොග් කරුවන්ටද සංවිධායකයන් ටද  නොහැකි වූ නිසාය.

රාජිත සේනාරත්න මහතා සමග සම්මාන දෙන්නට කිසිවෙක් සිටියේ නැති අතර නෙළුම් යාය  සංස්කාරක වශයෙන් මම එය භාර ගතිමි.  හෙන්රි වර්ණකුලසුරිය සමග ලංකානිව්ස්වෙබ් එකේ රැකියාව කරන  ජවිපෙ / පෙරටුගාමී සමාජවාදී එකෙන් ආ අපේ  සගයෝද සුළුදිය පහ කරන්නටදෝ මන්දා එලියට ගිය බව කියති. මා එවැන්නක් නිරීක්ෂණය නොකළ මුත් එවැන්නක් වී තිබේ.

හැබැයි ඒ අතින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නම් සාඩම්බරයෙන් හිස කෙලින් කරගෙන ඇමතිවරුන් අතර වාඩිවී සිටිය පමණක් නොව තම දේශනයද කළේය.  ඔහුගේ ඇතැම් නෑදෑයින් අප්‍රේල් කැරැල්ලටද  හසුවී සිරගතව දඬුවම් ද විඳි අයයි.  සම්මාන උළෙලකට  දේශපාලකයන් සිටියාට එහි ගරුත්වයට හානියක් සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේ එසේය.

 රාජිත මහතා දුන් එක සම්මානයක වීඩියෝ හදුන්වා  දීමේදී රනිල් හාමු   යන බ්ලොග් ලිපියද රිවිහාර පින්නදුව ගේ අප තෝරා ගත්  සයිටම් ජාතිවාදියෝ ලිපියද විය. රාජිත පැමිණියා  කියා අප ඒවා වෙනස් නොකෙලෙමු. එම බ්ලොග්කරුවන් සම්මාන  ගැනීමට නොපැමිණියා කියා ඒවා ඉවත් කිරීමක්ද  නොකෙලෙමු.  විනිශ්චය මණ්ඩලයේ බොහෝ අය සයිටම් ප්‍රශ්නයේදී අන්තරයේ ස්ථාවරයට විරුද්ධ අයයි. නමුත් ලිපි තෝරා ගැනීමේදී අප ඒ බව නොසලකා හැරියෙමු.

බ්ලොග් යනු ස්වාධින මාධ්‍යයක් වන අතර කිසිම දේශපාලන මතවාදයකට , පක්ෂයකට තනි අයිතියක් නොගත හැකි තැනකි. කිසියම් බ්ලොග් කරුවෙක් හඳුනාගෙන තර්ජනයක් එල්ල වන්නේ නම් ඔහුට හෝ ඇයට එය අතහැර වෙනත් බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගැනීම හා ලියන ශෛලිය වෙනස් කර ගැනීම ඉතා සුළු දෙයකි. දේශපාලකයන් නිසා ස්වාධිනත්වය අහිමි වීමේ චෝදනාව ඒ ගැන නොදන්නා  අයගේ බොළඳ කතාවකි.  මේ නිසා දේශපාලකයන් සහභාගී වුවද මේ සම්මාන උළෙල බොහෝ පැතිවලින් සාර්ථක බව ඇතිවූ සංවාද වලින් පැහැදිලිය.

බ්ලොග් සම්මාන උළෙල  හතරවන වරටත් පවත්වන බව නෙළුම් යාය පදනම ඊයේ මට දැන්වීය. හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු  බව ද ඔවුන් දන්වා තිබේ. වෝටර්ස් එජ් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගැනීමටද යෝජනා කර තිබේ. දේශපාලන පාපන්දුවක් බවට පත්වීමේ අවදානම ඇති නිසා එයට සහභාගී වීමේ තීරණයක් තවම මා ගෙන නැත. කොන්දේසි සහිතව පමණක් සහභාගී විය හැකි බව සුමිත් කලණසිරි මහතා මිට කලින් දන්වා  තිබේ.

"ධර්මිෂ්ඨ සමාජය " නාට්‍යයේ කියවෙන්නේ නිදහසේ බස් නැවතුමක සිටින තරුණයෙකු "ත්‍රස්තවාදියෙකු " කර දඬුවම් කරන ගෝත්‍රික සමාජයක් ගැන කතාවකි. එය රඟපාද්දී කෑම ගැනීම සඳහා  බ්ලොග් කරුවන් ඇතුළු පිරිස එලියට දිව ගිය අතර ඇතුලේ සිටියේ අප කිහිප දෙනෙක්  පමණි. ලොකුම විහිළුව එම නාට්‍යය පෙන්වීමේදී සිදුවූ අසාධාරණය  ගැන බුකියේ පලවූ ලිපියකට ලයික් දමන්නේත් ඒ ගැන ඔජ වඩවමින් සම්මාන උළෙලේ අසාර්ථක භාවය ගැන කියන්නේත් ඉහත කී " ගෝඨා කණ්ඩායම" වීමයි. සමහර විට නාට්‍යය හරියට බැලුවා  නම් එවැන්නක්  නොකියනු ඇත.

පෙන්වද්දී සෙනග විසිර ගිය ජූඩ් වසන්ත ක්ලෝඩියස් ගේ "ධර්මිෂ්ඨ සමාජයක්" නාට්‍යයේ වදන් පෙලකින් ලිපිය සමාප්ත කරමි.
"ධර්මිෂ්ඨ සමාජය " නාට්‍යයේ අවස්ථාවක් (පින්තුරය මා ගත්  එකකි)

ධර්මදාස: පොඩ්ඩක් ඉන්නවා. මං මෙතෙන්ට එනකොට තමුසේ ඇපල් ගෙඩියක් කකා  හිටියේ.
තරුණයා: ඔව්. ඉතින් දැන් ඒකත්  වැරදිද?

රත්නායක: මුගේ අම්මට .. මූ ඇපල් කකාද හිටියේ? යකෝ මේ රටේ මෙච්චර දුප්පත් මිනිස්සු එකේ වේලක් කන්න නැතුව දුක් විඳිනවා. තෝ මෙතන ඇපල් කනවා. 

ප්‍රනාන්දු: බස් වල සින්දු කියන එකෙක් කොහොමද ඕයි ඇපල් කන්නේ?

ධර්මදාස: මු ෂුවර් එකට ඔය ඇන් ජි ඕ එකකින් සල්ලි අරගෙන මේ රටට කෙළවන බල්ලෙක්....
..............................
රත්නායක: (තරුණයාට පහර දෙයි) මුගේ කට වැඩියි බල්ලා.

ධර්මදාස : සහතික ඇත්ත රත්නායක මහත්තයා. මේ රටට කෙළවෙලා තියෙන්නේ මේ වගේ අවජාතක බල්ලෝ නිසා.

තරුණයා: ඔව් ඔව්  දැන් තනි මමයි මේ රට කාල තියෙන්නේ... මේ රටේ දෙකෝටි අනුනම ලක්ෂ අනූනවදාස් අනූනවයක්  තමුසෙලා මුනිවරු, ශාන්තුවරු, බෝධිසත්වයෝ, දේශප්‍රේමියෝ. මේ මම තමයි රට කෑවේ ..........


(පිරිස තරුණයාට පහර දෙයි)


ප.ලි. - ගෝඨාගමනය ගැන දෙසැම්බර් මාසයේ ලියූ  ලිපියක් 






143 comments:

  1. /හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු බව ද ඔවුන් දන්වා තිබේ. /

    එහෙම කෙනෙක් මම නම් දන්නෙ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විතරමයි...:)

    ReplyDelete
    Replies
    1. මටත් එක පාරටම ඔළුවට ආවේ ඔය නම. පහළ බලන කොට රවී කමෙන්ට් එකක් දමලා.

      Delete
    2. නෝ කොමෙන්ට්ස්

      Delete
    3. ඇයි හරිස්චන්ද්‍ර විජේතුංග?

      Delete
    4. මමත් කල්පනා කළාට කවුරුවත්ම මතකයට ආවෙ නැහැනෙ...

      Delete
    5. බලයේ සිට නැති කිව්වහම හිතා ගන්න බැරි වුණා.

      Delete
    6. ඇයි සිංහලයේ මහා සම්මත භූමිපුත්‍රයා..?

      Delete
    7. සමාජ සමානතා පක්‍ෂයේ කෙනෙක්?

      අර පානි ද කවුද ජනාධිපති ඡන්දෙටත් ඉල්ලුවා නේද?

      Delete
    8. හප්පා ඒක ලියල තියෙන්නේ 2015. තුන් කල් දකින රසික

      Delete
    9. වික්‍රමබාහු ආවොත් කොටි ලේබලෙත් වදීවි. (උඹට දැනට අඩු එච්චරයි)

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. අපොයි ඒක ඇත්ත රාජ්. අන්න දැනටම ගහනවා. හේ හේ

      Delete
  2. බ්ලොගයක් නිසා කවි ලියන්න ඉඩ ලැබුවා
    නෙලුමක් නිසා බොහො සිත් දැකගනු ලැබුවා
    සතුටක් නෙලුම් යායෙන් අප හැම ලැබුවා
    තුතියක් සංවිධායක හැමටම තැබුවා.....

    අජිත් අයියා ඇතුලු නෙලුම් යාය සාර්ථක කරගැනීමට දායක වූ හැමදෙනාටම මගේ ස්තූතිය මෙසේ පුදකර සිටිමි.
    (කළබලය නිසා ඔබ හා කමී සමග කතා කිරීමට හැකිවූයේ සුළු මොහොතක් වීම පිළිබඳව මගේ කණගාටුව)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔඅබව හඳුනා ගණන ලැබීම ගැන සතුටුයි. පසු දවසක කතා කරමු.

      Delete
  3. // මේ බ්ලොග්කරු ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව ප්‍රගතිශීලි ලෙස ලියන්නෙකු වුවද "ගෝඨා ගෙන ඒමේ " ව්‍යාපාරයේදී ගෝඨාභය අතිශයින් ජාතිවාදී ලෙස කටයුතු කරන්නෙකු බව අමතක කරන සෙයක් පෙනී යයි. එහිද ප්‍රශ්නයක් නැත. ඔහු තමන්ගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කෙලින් ප්‍රකාශ කරන කෙනෙකි.

    ප්‍රශ්නය ඇතිවූයේ ඉහත කී කණ්ඩායම අතිශය පුද්ගලික ලෙස හා අපහාසාත්මක ලෙස මට පහර දීමයි. විසුළු සහගත වූයේ එම පහරදීම් මධ්‍යයේ වුවද ඒවා යුඇන්පී මාධ්‍ය මෙහෙවරට විරුද්ධව කෙරෙන්නක් මිස මට විරුද්ධව නොවන බව කියමින් එක්තරා නීතිඥ මහතෙකු හරහා පණිවුඩ එවීමටද මේ කණ්ඩායමේ මඩ නයුවා කටයුතු කිරීමයි. //

    බොරු ගොඩාක් ලියලත්, චෝදනාවක් කරනකොට කෙලින් ම කරපු හාදයා නම් නොකොට අරයා මෙයා, අහවලා, බ්ලොග් කරුවා වගේ කෑලි වලට හැන්ගිලා චෝදනා කරන්නේ කෝපි කඩේ අබිලින් ය.

    ලබන නෙලුම් යයටවත් කෙලින් ම කෙනෙකු ගේ නම කියා චෝදනා කිරීඑමට කොන්ද පන ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න හොඳ නැහැනේ සරසා තුමා. ලිපි ලියන පිළිවෙලක් තියෙනවනේ. තොප්පිය හරිනම් දාගන්න.
      - කෝපි කඩේ අබිලින්

      Delete
    2. අනිත් ප්‍රශ්නේ තමා ඇත්තටම මම ඔහේගේ බ්ලොග් පැත්තේ ආවේ නැහැ. ඒත් මමයි කියල හිතාගෙන ඔහේ කොමෙන්ට් දානවනේ. කොයි පැත්තෙන් හිනා වෙන්නද කියල මම මේ බලන්නේ. ඔහෙට මාව හීනෙනුත් පේනවයි ? (මේ ඔහේ කියල ලියන්නේ අපහසේට නෙමේ පුරුද්දට)

      Delete
    3. මේ මොනා කතා කොරනවද ලෝටස් අජ්ජෝ...

      ඔහේ අර මාතලන් උන්නැහෙට කියා දුන්නු අයි පී ඇඩ්ඩස් අන්ජනමෙන් බැළුවාම මාත් දැනගත්තා මේ ඔහේ නෙවේය ඕට්ටේලියාවේ මැල්බොන් වල ඉන්නා කක්කා ඇණෝ කෙනෙක් ය කියලා. ඒත් ඉතින් සුපුරුදු මුව හමට තැලීමේ චාලිස්තරේ අමතක කොරන්න බැරි හන්දා මම ඔහෙට බනිනවා.... මැල්බොන් වල කක්කා ඇනෝ මට බනිනවා... මම ඔහෙට බනිනවා... ඔන්න ඕකයි මේ දවස්වල මල්ලෙ පොල් බ්ලොග් එකේ වෙන්නෙ හිටන්!

      Delete
    4. ඔව් ඉතින්, පී එච් ඩී එහෙම තිබුනට මෝඩකමට බෙහෙත් නැහැනෙ.

      Delete
    5. මැල් බොන් කියල එකක් ගැන ඇහුවමයි. මම හිතන්නේ එක්කෝ ඔය ඇනෝ ලියන්නේ සරසමයි. එහෙම නැත්නම් සරසන්ගමිකයෙක්. හැබැයි භේදබින්න කිරීමේ ගරු කාර්යාවලියේ නියමුවා සම්මානය සරසට අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි. ඉස්සර මම හිතන් හිටියේ නෙළුම් යාය කියල නොවැ.

      Delete
    6. //අනිත් ප්‍රශ්නේ තමා ඇත්තටම මම ඔහේගේ බ්ලොග් පැත්තේ ආවේ නැහැ. ඒත් මමයි කියල හිතාගෙන ඔහේ කොමෙන්ට් දානවනේ. කොයි පැත්තෙන් හිනා වෙන්නද කියල මම මේ බලන්නේ//
      අඩු ගානෙ බ්ලොග් එක කියෙව්ව කියලවත් කියපං අජියෝ. නැත්තං පවු මූ...

      Delete
    7. මම ඔය බ්ලොගේ පැත්තේ යන්නේ නැහැ. මට හිටපු ගමන් ටිප් එනවා. අන්න අජිය ගිය කියල කොමෙන්ට් එකක් යනවා කියල. හේ හේ

      Delete
  4. ගෝඨා ජනපති කරමු යන ව්‍යාපෘතිය කොළඹ ඉහල මධ්‍යම පන්තියේ සිහිනයක් පමණි. වියත් මග හරහා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනගියද වියත් මග තුල ජන මතයට බලපෑම් කළහැකි කිසි චරිතයක් (Key openion makers) නොමැත.මේ තුලින් රාජ පක්ෂ පරපුර බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල නව නායකයකු බිහිවීම වැලැක්වීම පමණි. වියත් මග වටා රැස්ව සිටින සමහරුන් පසුගිය රජයේ ඉදිකිරීම් සහ කොටස් වෙළෙඳපොල ජාවාරම් වලට ඍජුවම සම්බන්ධ වුවන්ය.

    ReplyDelete
    Replies
    1. මම හිට්ය්හන් හිටියේ ඉහල මධ්‍යම පන්තියේ සිහිනය රනිල්ව ගෙන ඒම කියල. දැන් බලාගෙන ගියහම වැඩේ වෙනස් වෙලා වගේ මේ ජිවන කියන විධිහට.
      //යත් මග වටා රැස්ව සිටින සමහරුන් පසුගිය රජයේ ඉදිකිරීම් සහ කොටස් වෙළෙඳපොල ජාවාරම් වලට ඍජුවම සම්බන්ධ වුවන්ය.// කවුද අනේ මේ

      Delete
    2. මා අදහස් කලේ ""කොළඹ ඉහල මධ්‍යම පාන්තිකයන් කිහිප දෙනෙකුගේ සිහිනයක් පමණි "" යන්නය
      වියත් මග චායා රූප බලන්න හඳුනාගන්න පුළුවන්. වියත් මග ගැන බුකියේ ඉංග්‍රීසියෙන් ලියන පසුව වෙනත් අය ලවා සිංහල පරිවර්ථනය කරන අය ඉන්නවා පට්ට දුශිතයෝ

      Delete
  5. මට නම් දැං මේක මහා අටලැවිල්ලක් අජිත් අයියේ... දේශපාලනය ගැන නම් මං මහා ලොකු දේවල් දන්නේ නෑ ( කොටින්ම දන්නෙම නැති තරම්). ඔය බෝහෝ දේශපාලකයින්ගේ "කිල්ලෝට වල හුණු" තියෙනව කියලනම් තේරෙනවා. ඒත් ඒ දේවල් නිසා බ්ලොග් ලියන, කියවන අපේ එකමුතු කම පළුදු කරගන්නවා කියන්නෙ ලොකු වැ‍රැද්දක්, අනුවණ කමක් විදිහටයි මම නම් දකින්නේ. බ්ලොග් තුල තමංගේ පෞද්ගලික මතය සඳහන් කරල ඒ ගැන 'සාමකාමී' විදිහට වාද, විවාද කරනවා වෙනුවට පෞද්ගලික කාරණා වලට මඩ ප්‍රහාර එල්ල කිරීම, ඊමේල් වලින් බැණ වැදීම වැනි දේ සිදු වෙන්න හොඳ නෑ. කොටින්ම දැන් නම් එකඳු දේශපාලකයකු ගැන කිසිම පැහැදීමක් නෑ. රටේ කරන්න වැඩ අටෝරසියක් තියෙද්දි තමංගේ සුඛ විහරණය වෙනුවෙන් බහුතරයක් දේශපාලකයෝ ඉන්නෙ. බ්ලොග් සම්මාන උළෙල ගැන, එකමුතුව ගැන මම ගොඩක් සතු‍ටු වුණා ඉස්සර ඉඳන්ම. කරපු වැඩ අනික් අයටත් පෙන්නුවා. ඒත් ප්‍රශ්ණ ඇතිවෙන කොට දුකයි. ඔය මොන දේටත් වඩා අපේ එකමුතුව වටිනවා නේද? ඉතින්... අපි හොඳ සහෘද එකමුතුවක් විදිහට වැඩ කරමු. අනුන් නිසා ගහ බැණ ගන්නෙ නැතුව ඉමු.

    ReplyDelete
    Replies
    1. ඊළඟට කියන්න ඕනි බ්ලොග් සම්මාන උළෙල ඉතා සාර්ථකයි. ඇත්තටම ගොඩක් සතු‍ටු උනා. ගොඩක් අය අඳුර ගත්තා. කරපු උදව් වලට ගොඩක් ස්තූතියි අජිත් අයියේ. ඒ වගේම වගේම මේ උත්සවය වෙනුවෙන් කල කැප කිරීම වලටත් ගොඩක් ස්තූතියි!

      ජය වේවා!

      Delete
    2. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වුනත් අර මාතලන් වුනත් කිහිප පාරක් කියල තියෙනවා නේද බ්ලොග් ඇතුලේ තියෙන්නෙත් පිට තියෙන ලෝකය මයි කියල. විවේචන තියෙන එක හොඳයි. වැරදි පාරේ යන ඕන කෙනෙක් හදා ගන්න විවේචන වලින් පුළුවන්. හැබැයි පලදායී විවේචන. සම්මාන උළෙල හුඟක් දුරට සාර්ථක බව නම් මටත් වැටහෙනවා. සම්මාන ලැබූ අයගේ මෙන්ම සහභාගී වූ බොහොමයකගේ ප්‍රතිචාරයත් හොඳයි. හැකිතාක් එකමුතුව වැඩ කරමු.

      Delete
  6. ඔය බයිල වලින් වැඩක් නෑ අපිට බජට් එක දෙන්න දවස් 30ක් ඇතුලත.

    ReplyDelete
    Replies
    1. ඔය මහතැන් දීපු ගාණ කියන්න බලන්න.

      Delete
  7. මිනීමැරීම් සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෙවත් ජවිපෙ සහ ප්‍රා සහ වෙනත් ජවිපෙ විරෝධී කණ්ඩායම් අතර එක් පැහැදිළි වෙනසක් ඇත.

    ජවිපෙ විසින් ගල්කටස් හෝ ටී-56 මගින් හෝ වෙනත් ක්‍රමවලින් මිනිසුන් මරා දමන ලද්දේ එක්වර ය. නමුත් විසින් මරා දමන ලද ජවිපෙ සහ ජවිපෙට සම්බන්ධ යැයි සැක කෙරුණු බොහෝ දෙනා වධකාගාරවල දීර්ඝ කාලීන වධදීම්වලට බඳුන් කරායින් පසුව ය.

    ජවිපෙ සහ ප්‍රා අතර මිනිමැරුම් සම්බන්ධයෙන් ඇති එකම වෙනස එයයි.

    අජිත් මෙහි කියා ඇති පරිදි ජවිපෙ මිනී නොමරා සිටියේ නම් ප්‍රා වැනි කණ්ඩායම් ඇති නොවේ. එසේම, දේශප්‍රේමය සහ ඉන්දියානු විරෝධය වැනි ජනප්‍රිය ප්‍රතිගාමී සටන් පාඨ හරහා ජවිපෙ කරළියට ගෙනාවේ ඔවුන් ගේ දෙමළ විරෝධී ජාතිවාදයයි.

    පසු කලෙක, මානෙල් මල් පළඳවමින් යුධවාදීන් වෙන්නට ද, මරා බලයට ගෙනෙන්නට ද ජවිපෙ ක්‍ර්‍රියා කළේ ද ඒ ඇජන්ඩාව මත ම ය. අනාගතයේ ද එවැනි දේ සිදුවුණහොත් එය ප්‍රුදුමයක් නොවෙනු ඇත!

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අනුග්‍රහය නිසා ප්‍රා වෙත වධකාගාර පවත්වාගේනයාමේ හැකියාව පැවතින. නමුත් ජවිපෙ සතුව එවන් හැකියාවක් නොවීය. එබැවින් ඔවුන් ඝාතන සිදුකරේ එකවර කඩාපැන ගරිල්ලා ක්‍රමවෙදයටය

      Delete
    2. වදකාගාර වලින් වැඩකට නැති ඒවුන්ය කියලා පනපිටින් අතෑරලා දාපු, එළියට ඇවිත් සමාජයට අනගි මෙහෙවරක් කරන මිනිසුන් බොහො දෙනෙක් සිටිනවා. එය ලෝක ඉතිහාසය පුරාවටම සිදුවූ දෙයක්.

      ක්ෂනිකව මරාදමන ලද මිනිසුන් සැමදෙනාම තුවක්කුකරුට හෝ මරාදැමීමේ තීරණය ගත් මිනිසාට වඩා සාමාජයට වැඩදායක වූවෙක්.

      Delete
    3. //ජවිපෙ සහ ප්‍රා අතර මිනිමැරුම් සම්බන්ධයෙන් ඇති එකම වෙනස එයයි.//
      ජවිපෙ/දේජව්‍යා අරමුණ වූයේ ඔවුන්ගේ මතවාදයට හා ක්‍රියාපටිපාටියට එරෙහි වූවන් සමාජයෙන් ඉවත් කිරීම හරහා ඔවුන්ගේ මතවාදයට ඒකාධිකාරයක් ලබා ගැනීමයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතු වූයේ අදාළ පුද්ගලයා එකවර ක්ෂණිකව මරා දැමීමයි. වධ දිදී කල් ගත කරමින් සිටියදී යම් හෙයකින් මෙවැනි පුද්ගලයෙකු මරණයට පත් වීමට පෙර පණ බේරා ගත්තේනම් ඔවුන්ගේ අරමුණ බිඳකුදු ඉටු නොවන අතර වධ දීමට සම්බන්ධ වූ පුද්ගලයින් අනාවරණය වීමේ අවදානමද තිබුණේය. බොහෝ අවස්ථාවල දේජව්‍යා විසින් සිදු කළ ඝාතන වල වගකීම ඔවුන් විසින් නොගෙන වෙනත් අය පිට පැටෙවුවේ ඔවුන්ගේ අවශ්‍යතාවය වූයේ අදාළ පුද්ගලයා 'ඉවත් කිරීම' වූ බැවිනි.

      ප්‍රා වැනි කල්ලි වලට තිබුණේ වෙනත් අරමුණකි. මෙවැනි කල්ලි හා රජයේ ආරක්ෂක හමුදා අතර කිසියම් ආකාරයක සහජීවනයක් තිබුණේය. ආරක්ෂක හමුදා වලට තිබුණු ලොකුම ප්‍රශ්නය වූයේ යටිබිම්ගතව සිටි ජවිපෙහි සැබෑ සාමාජිකත්වය හඳුනාගැනීමයි. ඔවුන්ට මේ කටයුත්තෙහි ප්‍රවීණතාවක් නොතිබුණේය. එහෙත් වාමාංශික හෝ ශිෂ්‍ය දේශපාලනයෙහි යෙදී සිටි ජවිපෙට එරෙහිව සිටි පුද්ගලයින්ට ජවිපෙ සාමාජිකත්වය මෙන්ම ජවිපෙ ක්‍රමවේදයන් ගැනද අවබෝධයක් තිබුණේය. ඔවුන්ට අවශ්‍ය වුණේ අතට අහුවෙන පුද්ගලයෙකු එක වර මරා දැමීම වෙනුවට ඔහුගෙන් හෝ ඇයගෙන් වධ දී වෙනත් සාමාජිකයින් ගැන තොරතුරු ලබා ගැනීමයි. ඇතැම් ජවිපෙ සාමාජිකයින් කුරිරු වද විඳිමින් වුවත් මේ තොරතුරු ලබා නොදුන් නිසා ඔවුන්ට අවසානයේදී භයංකාර මරණයකට ගොදුරුවීමට සිදුවිය. ජවිපෙ ක්‍රියාත්මක වූ ආකාරය අනුව බොහෝ සාමාජිකයින් ඇත්තටම වැඩි තොරතුරක් දැන සිටියේත් නැත. බොහෝ විට සිදු වුණේ මේ වදදීම් සීමාවක් ඉක්මවීමෙන් පසුව මරණයෙන් කෙළවර වීමයි. මෙය පසුව උතුරේ ඊපීඩීපී සංවිධානය හා කරුණා කණ්ඩායම වැනි කණ්ඩායම් හා ආරක්ෂක හමුදා අතර තිබුණු ආකාරයේ සහජීවනයකි.

      Delete
    4. //අජිත් මෙහි කියා ඇති පරිදි ජවිපෙ මිනී නොමරා සිටියේ නම් ප්‍රා වැනි කණ්ඩායම් ඇති නොවේ. එසේම, දේශප්‍රේමය සහ ඉන්දියානු විරෝධය වැනි ජනප්‍රිය ප්‍රතිගාමී සටන් පාඨ හරහා ජවිපෙ කරළියට ගෙනාවේ ඔවුන් ගේ දෙමළ විරෝධී ජාතිවාදයයි.
      පසු කලෙක, මානෙල් මල් පළඳවමින් යුධවාදීන් වෙන්නට ද, මරා බලයට ගෙනෙන්නට ද ජවිපෙ ක්‍ර්‍රියා කළේ ද ඒ ඇජන්ඩාව මත ම ය. අනාගතයේ ද එවැනි දේ සිදුවුණහොත් එය ප්‍රුදුමයක් නොවෙනු ඇත!// ජවිපෙ මෙන්ම පෙසප ද ක්‍රියා කලෙත් ක්‍රියා කරන්නෙත් යුඇන්පී රජය පමණක් මර්දනය දියත් කල විධිහටයි. තමනව දරුණු ලෙස මරා දැමූ හමුදාවට පසුව දෙමල වර්ගවාදීන්ට එරෙහි යුද්ධය සඳහා සෙත් පැතුවේ ඒ අනුව විය යුතුයි. මේ දෙගොල්ලම විරුවන් සමරනු විනා සාධනීය ලෙස සංවාදයක් ගෙනි යන්නේ නැහැ. විවෘත සන්වාදයක් ගෙනිච්ච නම් හොඳයි. මොකද ජවිපෙ මර්දනය මුවාවෙන් විශාල මර්දනයක් සිදුවූ බවත් වධකාගාර වල මෙනම් පිටතත් තරුං තරුණියන් මිය ගිය අබ්වත් අමතක නොකළ යුතුයි. නමුත් තමන්ගේ වැරදි දකින්නේ නැත්නම් කවදාවත් නිවැරදි වන්නේ නැහැ.

      Delete
    5. මා සඳහන් කළේ මරූ ආකාරයේ ඇති වෙනසයි. එයට පසුබීම හෝ හේතු හෝ නොවේ.

      ඒ කෙසේ වෙතත් මා කීමට අදහස් කළේ ඒ දෙපිළම මිනිසුන් මැරූ බවත්, PRAජිත ලෙස හඳුන්වන රාජිත ජවිපෙ සහෝදරයින්ව මරා දැමීමට වරදකරු නම් ඒ ආකාරයෙන්ම ජවිපෙ විසින් කළ මිනීමැරුම් සඳහා අණ දුන් විජේවීර, සමන් පියසිරි ඇතුළු නායක කණ්ඩායම ද වරදකරුවන්වන බවත් ය.

      කොටින් ම, අනුර කුමාර, ප්‍රේමකුමාර ඉන්නා වේදිකාත් එකසේ ම අශුද්ධයි!

      Delete
    6. ඔව් ඒකම තමා මගේ අදහසත්

      Delete
  8. දයා පතිරණ සම්බන්ධයෙන් මා රාවයට ලියූ ලිපියෙන්.......

    "එදා ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය (JVP/DJV) අතර ඇතිවුණු මත ගැටුමට අදාළව මට අද ද වටහාගත නොහැකි එක් කරුණක් ඇත.

    එය නම්, පවතින සමාජ දේශපාලන ක‍්‍රමයේ අසාධාරණ කම් නිසා රජයට විරුද්ධව සටන් කර බලය ලබා ගැනීම සඳහා දාමරික වූ දේපල නාශක සහ මිනිස් ඝාතන කි‍්‍රයාවලියක නිරත වීම සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණ වන්නේත්, එයම දෙමළ කණ්ඩායමක් විසින් කරණ විට ප‍්‍රතිගාමී මිනීමරු ත‍්‍රස්තවාදයක් වන්නෙත් කෙසේද යන්නයි."

    https://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html

    ReplyDelete
    Replies
    1. දරුණු ප්‍රශ්නයක්. රසික ජාති ද්‍රෝහියෙක් වන ප්‍රශ්නයක්

      Delete
    2. ඔය ප්‍රශ්නයම මෙලෙසත් ඇසිය හැඛියි.

      ජිත ලෙස හඳුන්වන රාජිත ජවිපෙ සහෝදරයින්ව මරා දැමීමට වරදකරු වෙන්නේත්, ජවිපෙ විසින් කළ මිනීමැරුම් සඳහා අණ දුන් විජේවීර, සමන් පියසිරි ඇතුළු නායක කණ්ඩායම සදා සමරමු සොහොයුරෝ වන්නේත් කෙසේ ද?

      මට නම් ඇති එකම වෙනස නම් ජවිපෙ අනුගමනය කළ ක්‍ෂණික මරණය තුලින් වූ වෙනස පමණි!

      Delete
    3. තමන් සිටින පැත්ත අනුව.

      Delete
  9. අජිත්, ඕනෑම තැනක ප්‍රශ්න තියනවා. තමන්ගේ උවමනාව සමග ඒ අනිත් දේවල් කොච්චර ගැටෙනවද, තමන්ගේ මූලික උවමනාවට ඒවායින් කොච්චර බලපෑමක් වෙනවාද යන දේවල් කල්පනා කර තමන්ට තීරණයකට එළඹිය හැකියි. යම් යම් ප්‍රශ්නකාරී දේවල් තිබ්බත්, මම නම් අජිත්, සුමිත්, අටම් ඇතුළු පිරිස කරපු මේ වැඩේ ගැන බොහොම සතුටු වන කෙනෙක්. සමහර දේවල් වල ආරම්භය මෙහෙම තමයි. ඔය කියන හැමෝගෙම විවේචන එක්ක තමයි ටිකෙන් ටික වේවා හැදෙන්නේ. නමුත් අර ආරම්භක තල්ලුව දෙන්න තමයි අමාරු. කාලයත් සමගම සම්මාන උළෙල මීට වඩා වෙනස් ස්වරූපයක් ගනීවි. නමුත් පුළුවන් කාලයක් ඔබගේ දායකත්වය ඊට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.

    ගෝඨාව බලයට ගෙන ඒමේ නිර්මාල්ගේ උත්සාහය පොඩි මෙන්ටල් ගේම් එකක් කියලා මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අටම් දෙවන සම්මාන උළෙලට කලින් අයින් වුණා වගේ මේ සැරෙත් අයින් වුණා පටන් ගන්න අන්තිම දවසට කලින් දවසේ. මම ආරම්භක තල්ලුඅව දැන් අවුරුදු 3 ක් දුන්නා. වෙන කවුරු හරි දැන් ඉදිරියට ගෙනියන්න් ඕනේ.

      Delete
    2. //නමුත් පුළුවන් කාලයක් ඔබගේ දායකත්වය ඊට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.// ඔබට ස්තූතියි

      Delete
    3. තිසර10 April 2017 at 03:06
      ++++++++++

      Delete
  10. වෙලාතියෙන්නේ චන්දිමය එංගලන්තේ ඉන්න කොටි ඩයස්පොරවෙන් සල්ලි අරගෙන උතුරට ස්වයං පාලනය අරන් දෙන්න කියලා කොටසක් යටිමඩි ගහගෙන (ප්‍රා)රාජිතව ගෙනල්ල මාර නිවහල් කියල බ්ලොග්වල නම් දාගෙන හරි පෙන්නන් හරි හිටියට සරුව පිත්තල අල්ලපු ලී කැල්ලකට, වෝටර්ස් - එජ් එකේ කේක් කෑල්ලට, රෝල් එකට රට ජාතිය නෙවෙයි අම්ම තාත්තා වුනත් පාවාදෙන අපේ සිංහල බ්ලොගර්ලව විකුනපු එකයි!

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදියට අලුතින් විකුනන්න දෙයක් ඉතිරිවෙලා නැහැනේ. බ්ලොගර් ල කලින්ම විකිණිලා ඉවරයිනේ...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඇයි මචන් ඇනෝ ඇවිත් කියන ටික රියල් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න කොන්ද පන නැත්තේ.

      Delete
    4. ඇනෝ මහතා දේශපාලන විවේචනය කරන්න පුද්ගලික අපහාස නොකර. සිංහල බ්ලොග්කරුවෝ විකුණන එක එහෙම ලෙහෙසියෙන් කරනන් බහ කවුරුහරි කැමැත්තෙන් විකිනුනොත් මිසක්. එතකොට ඔබගේ පැත්තට කවුරුහරි ලිව්වොත් හා එයට ලැප්ටොප්, මුදල් ආදිය ගෙවීමක් වශයෙන් ඔවුන්ට ලැබෙනවා නම් ඒ ගොල්ලත් විකිනිලාද ? මොකද එහෙම දේවල් මේ එක බ්ලොගර් කෙනෙකුටවත් ලැබුනේ නැහැ. ඔයගොල්ල අපහාස කරන ලි කොටය ඇරෙන්න

      Delete
    5. "...එතකොට ඔබගේ පැත්තට කවුරුහරි ලිව්වොත් හා එයට ලැප්ටොප්, මුදල් ආදිය ගෙවීමක් වශයෙන් ඔවුන්ට ලැබෙනවා නම් ඒ ගොල්ලත් විකිනිලාද ?..."

      නැත්නං! චන්දිම හරි අජිත් ඔයා හරි කවුරු හරි ලාභ ප්‍රොයෝජන තකා හෝ ලබාගනිමින දෙමල ස්වයන් නිනයන අයිතිය වගේ මොකක් හරි මතවාදයක් ප්‍රචාරණය කරනවානම් එයා විකිණිලා!

      Delete
    6. චන්දිම කරනවද දන්නේ නැහැ. ඒක එයාගෙන් අහන්න. මම නම් හුඟක් දේවල් කරන්නේ මම අදහස් කරන මතවාදය (idealogy ) සමග.

      Delete
  11. කොටින්ම සම්මාන උළෙල දේශපාලන පාපන්දුවක් බවට යම් විධිකින් පත්වූවා නම්

    ඇඬේනවා නේද තමන්ගේ හර්ද සාක්කියට නොබජට් අජියෝ

    සත පනහට 2කයි මෙව්වා පැණි ලොසින්ජර !!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් හොඳටම අඬනවා. ඇයි බං උඹට බජට් දෙන්න මට වහ කැවිලද? හදල බලපන් ඒ කාලේ ටිකට් ටිකක් ගන්න අඩු නිසා පවුම් 425 වෙන කොට එකක් ගත හැකි. ඊළඟට හෝටලේ දවස් තුන හතරකට තවම් රිසිට් තියනවා කෑමට බිමට නම් ගණන් හිලව් තියා ගත්තේ නැහැ. ඒවත් එක්ක ඔක්කොම පවුම් 600-700 යන්න ඇති. මගේ බිරින්දවත් ඕව අහන්නේ නැහැ. අනේ මන්ද

      Delete
    2. නොබ[ජ]ට් අජියෝ ඔය වියදම් කරපු පවුන් 7-8 සීයෙන් ඔය කාට හරි ටකරං තහඩු කැලි ටිකක් අරන් දීපන්කො නැති බැරි එකෙකුගේ ගෙදරකට හෙවිලි කරගන්න . ලංකාවට ඇවිල්ලා tv එකෙන් රටට පෙන්න දේශ පකාලට කොන්ද නවනවට වඩා වැදගත්නේ එක

      අනික අහන හැම එකාම අහන්නේ නෝබ[ජ]ට් අජියගෙන් පුජාරුවෙන් කෙරනු ලිකෙලි සම්මාන හුචක්කුවට වියදම් කරපු වියදම සහ ලැබුණු ආධාර මුදල මිසක් ....උඹේ ලාභ අලාභ නොවෙයි

      Delete
    3. // ඔය කාට හරි ටකරං තහඩු කැලි ටිකක් අරන් දීපන්කො නැති බැරි එකෙකුගේ ගෙදරකට හෙවිලි කරගන්න // ඔබතුම සමහර විට දන්නේ නැතිව ඇති: මේ නෙලුම් යාය මෙන්ම බ්ලොගල එක්ක කරපුව:
      1. කුරුටුල පොත් දෙනකොට පොඩි උදව්වක් කලා -https://kurutugegeepawra.blogspot.co.uk/2015/12/blog-post_72.html
      2. බදුල්ලේ ඉස්කෝලෙට පොත් දෙනකොට උදව්වක් කලා
      3. මියගලට නෙලුම් යාය දෙනකොට එතනත් උදව්වක් කලා
      4.තලවකැලේ දෙමල ඉස්කෝලෙට පොත්පත් උපකරණ අරන් දෙනකොට උදව්වක් කලා
      5. විදානේ අර රත්නපුරේ ඉස්කෝලේ කොපි මැෂිම හදද්දී දෙවන සම්මාන උළෙලෙන් පස්සේ දාපු පාටියේ ඉතිරි සල්ලි ටික දුන්න
      6. අර රත්නපුරේ ඉස්කෝලෙක විදුලිය හදන්න දායක වුණා (ලොකු මුදලක් නෙමේ)
      7. ගස් ලබ්බ දරුවෙකුට හදන ගෙයක දායක වුණා

      මිට අමතරව ආ කේ පි මතකද? එයා හරහා (හිටපු ආරක්ෂා ලේකම් තුමාගේ අනුමැතිය ඇතිව) අසරණ වුනු දෙමල ළමයින්ට පොත් දුන්න මම කරන චැරිටි පදනමෙන්. මේ තියෙන්නේ විස්තරය:
      https://kolambagamaya.blogspot.co.uk/2015/01/blog-post_28.html
      එතකොට මේ චැරිටි එකේ අධ්‍යක්ෂ හැටියට සුනාමියේ ඉඳන් ළමයි 30 කට වැඩිය උදව් කරනවා. යහළුවන් කිහිප දෙනෙකු සමග.
      http://www.shareandcare.org.uk/
      සම්මාන උළෙලත් එහෙම දෙයක් තමයි. සම්මාන උළෙල මම දකින්නේ එක්තර විධිහක චැරිටි වැඩක් හැටියට. දේශපාලනේ පැත්තකට දාල බැලුවනම්.
      දැන් ඔබතුම කරපු ඒවයෙත් ලිස්ට් එකක් දාන්න . නැත්නම් හරි නැහැනේ. අනිත් පාර මේ කොමෙන්ට් එක වෙන තැනක් උස්සල ගිහින් දාල බනියි මෙන්නේ මු කරපුව කියෝනව කියල.

      Delete
    4. //අනික අහන හැම එකාම අහන්නේ නෝබ[ජ]ට් අජියගෙන් පුජාරුවෙන් කෙරනු ලිකෙලි සම්මාන හුචක්කුවට වියදම් කරපු වියදම සහ ලැබුණු ආධාර මුදල මිසක්// දැන් මේක කට හරි දෙන්න ඕනෙද නැත්ද මම දන්නේ නැහැ. හැබැයි මම සල්ලි අත ගහල නැහැ එකම වතාවක්වත්. ඔය නිර්නාමික බ්ලොග් කරු දෙන සම්මාන මුදල් සහ සමරු සටහනේ දැන්වීම විකුණන මුදල් වැටෙන්නේ ලංකාවේ තිබෙන නෙළුම් යාය නමින් තියෙන ගිණුමකට. ඒකෙන් මුදල් ගන්න පුළුවන් දෙන්න ඉන්නෙත් ලංකාවේ . ලංකා නිව්ස්වෙබ් කර්තෘ සහ උප කර්තෘ මම දන්නා විධිහට. ඉතින් ඒ පදනමෙන් සමහර විට විමසීමක් කලොත් දෙයි.
      deputyeditor@lankanewsweb.net ලිපිනයට ලියල අහන්න. මොකද මම සල්ලි අත ගහන්නේ නැහැ. මගේ වියදම් මම බලා ගන්නවා. එච්චරයි.

      Delete
    5. '''සම්මාන උළෙලත් එහෙම දෙයක් තමයි. සම්මාන උළෙල මම දකින්නේ එක්තර විධිහක චැරිටි වැඩක් හැටියට. දේශපාලනේ පැත්තකට දාල බැලුවනම්.''''
      වෙන්න ඕනේ එක උනත් නොබ[ජ]ට් තුමාලා මොකටද එහෙනම් දේශ පලක කුක්කන්ව ලඟා කරන්න උත්සවවලට සහබගිවෙලා උන්ට නැවෙන්නේ.
      අනික පවුන් 7-8 සීයෙන් තමාගේ චැරිටි වැඩක් හැටියට කරන්න පුළුවන් කමක් තියනවනේ ඒවගේ බජට් අහන්න කවුරුත් එන්නේ නැනේ

      දැන් ඔබතුම කරපු ඒවයෙත් ලිස්ට් එකක් දාන්න .....අපි කරන චෑරටි ..පින් කියලා සිතන ඒවා... ලෝකෙට අඬබෙර ගහගෙන ගලේ කොටගෙන ඒ වැයින් තමන්ගේ අදායම් බදුවාසිත් බලාගෙන [එංගලන්ත අයබදු ක්‍රමයඅනුව] කරන්න අවශ්‍යමද ?


      ඔය නිර්නාමික බ්ලොග් කරු දෙන සම්මාන මුදල් සහ සමරු සටහනේ දැන්වීම විකුණන මුදල් වැටෙන්නේ ලංකාවේ තිබෙන නෙළුම් යාය නමින් තියෙන ගිණුමකට. ඒකෙන් මුදල් ගන්න පුළුවන් දෙන්න ඉන්නෙත් ලංකාවේ . ලංකා නිව්ස්වෙබ් කර්තෘ සහ උප කර්තෘ ....////////////

      ඉතිං ඉන්ටර්පොල් පොලිසියේ රතු වරෙන්තුවක් තියෙන LNW අදිපති කෙනෙකුගෙන් ලිකෙලි උළෙලේ හරියමන්
      අය වැය වාර්තාවක් සාමාන්‍ය කෙනෙකුට ලැබෙයි ද?
      විශේෂයෙන් ඔබවැනි කෙනෙකුටවත් එය නොලැබෙන බවද ඔබ කියන්නේ ?

      සමහර විට විමසීමක් කලොත් දෙයි.......අය වැය වියදමක් තමන්ම රටට ඉදිරිපත් කලොත් නේද මේක චැරටියක් කියලා කියන්න ,සිතන්නවත් පුළුවන් වෙන්නේ ....

      Delete
    6. //වෙන්න ඕනේ එක උනත් නොබ[ජ]ට් තුමාලා මොකටද එහෙනම් දේශ පලක කුක්කන්ව ලඟා කරන්න උත්සවවලට සහබගිවෙලා උන්ට නැවෙන්නේ. // මෙහමයි ඔතන තුන් ගොල්ලක් එකතුව සාමුහිකව වැඩේ කරන්නේ. ඔයා මම අර හෙන්රිට දාල තියෙන පලවෙනි සහ දෙවෙනි උළෙලේ තොරතුරු හොයන්නකෝ. - සම්මාන මුදල් ආදිය දීම කෙනෙක් (1- බ්ලොග් කියවන ව්‍යාපාරිකයෙක් , 2 සහ 3 නිර්නාමික බ්ලොග්කරුවෙක්. බ්ලොග් කියවීම තෝරාදීම, නෙලුම් යාය වැඩ කටයුතු මම- මේකට මම අය කරන්නේ නැහැ. ආසාව නිසා කරන්නේ. බ්ලොග් කියැවීම මගේ විනෝදාංශයක්. ඒක මෙතනට දුව එකයි කළේ. තුන්වන කට්ටිය ලංකානිව්ස්වෙබ් ටීම් එක චන්දිම එක්ක. එයාල ශාලාව හොයා දීම වගේ වැඩ කලේ. මුල් වතාවේ ශාලාව නිසා හා තවත් හේතුවක් නිසා කරු ඩබල ආව. මේ සැරේ රාජිත ගෙනාවේ ඇයි කියන එක තමයි ඔය මට හිතෙන විධිහට ලිව්වේ. මමයි චන්දිමයි වුනත් බොහෝ වෙලාවට මේ දේවල් වලට සමහර වෙලාවට දරුණු ලෙස වාද කරනවා. බැණගෙන කතා නොකර සිටිනවා. නමුත් ඒවා එලියට ලියන්නේ නැහැ. වැඩේ සාමූහිකව කරන්න ඕනේ නිසා.
      //විශේෂයෙන් ඔබවැනි කෙනෙකුටවත් එය නොලැබෙන බවද ඔබ කියන්නේ ?// මම ඉල්ලුවේ නැහැ. මගේ එක කොන්දේසියක් වුනේ මම මුදල් පැත්තට අත ගහන්නේ නැහැ කියන එක. බැනුම් ඇහුවා හැබැයි. තට්ට අජිත් එයා මයිල් හරමානිස් ආදී වශයෙන්. මම ඒවා හිනා වෙලා බැහැර කලා.
      //සමහර විට විමසීමක් කලොත් දෙයි.......අය වැය වියදමක් තමන්ම රටට ඉදිරිපත් කලොත් නේද මේක චැරටියක් කියලා කියන්න ,සිතන්නවත් පුළුවන් වෙන්නේ// මේ අදහසට එකඟයි. නමුත් නිර්නාමිකව ආධාර දෙන අය කැමති වෙන්නේ නැහැ තමුන්ගේ නම් දෙනවට. ඔතන් ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ෂයකින් දෙන ආධාර ගන්නවා නම්. හැබැයි සල්ලි දෙන්නේ කවුද කියල හොයා ගන්න පුළුවන් සමරු සඟරාව බැලුවොත්. ඒවායේ තියෙනේ ඇඩ් තමයි.

      Delete

  12. //එසේම ලංකානිව්ස්වෙබ් අඩවියට නොයෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ වල නිවේදන, ලිපි ආදිය ලැබෙන අතර චන්දිම විසින් මේවා නොකඩවා පළ කරන ලදී. මංජුල සමරසේකරට, ඔහු නියෝජනය කරන ජවිපෙ ට හෝ හෙන්රි වර්ණකුලසුරියට ඒ කාලයේ චන්දිම ගේ ප්‍රශ්නයක් තිබුනේ නැත.//

    පළමු බ්ලොග් සම්මාන උළෙලක් ගැන මා දැන සිටියේ නැත. දෙවන සම්මාන උළෙල අජිත් වැනි ස්වාධීන පුද්ගලයින්ගේ අහිංසක උත්සහයක් ලෙස සිතා සිටියෙමි. ඒ කාලේ චමින්ද කෙනෙකු ගැන මා දැන සිටියේ නැත. කොටින්ම අජිත් කඩ්වෙ ගියේ ලංකා නිව්ස් වෙබ් නමැති ආයතනයක උවමනාවට කියා මා දැන සිටියේම නැත. එසේ නොවන්නට දෙවන සම්මාන උළෙලේ සම්මාන දෙන්නට වේදිකාවට නගින්නේද නැත. ලංකා නිව්ස් වෙබ් ගැන එහෙන් මෙහෙන් අසා තිබුණද මා ඒ ගැන දැන සිටියේද නැත. ඔය වෙබ් එක කියවා තිබුණේද නැත.
    මට චන්දිම නමැති මා කිසිවක් නොදන්නා අයෙකු ගැන ප්‍රශ්නයක් නැත. ඒත් අජිත්ලාටත් කොකා පෙන්නමින් චන්දිම නමැත්තෙකු යකා නැටීම ගැන එඟතාවක්ද නැත. ප්‍රාජිත වැනි ජරාජීර්ණ දේශපාලුවන් "පොර" කිරීමට බ්ලොග් රචකයින්ගේ හැකියාවන් උපයෝගී කොට ගැනීමත්, බ්ලොග් සම්මාන ඊට පාවඩ කොට ගැනීමත් ගැන මගේ විරෝධතාව වෙනත් දේශපාලන පක්ෂවල මතවාද හා ගලප්පා ගැනීමට උත්සහ කිරීම විහිළුවකි.
    කෙසේ වුවද මගේ හා මා පෞද්ගලිකව නොහඳුනන මංජුලගේ විරෝධතා ගැන වෙනම බ්ලොග් එකක් ලියන්නට සිදුවීමෙන් පෙනෙන්නේ අපේ ලිවීම් ප්‍රබල බවය.

    ReplyDelete
    Replies
    1. චමින්ද කෙනෙක්ව මම දන්නෙත් නැත. :) හි හි
      //කොටින්ම අජිත් කඩ්වෙ ගියේ ලංකා නිව්ස් වෙබ් නමැති ආයතනයක උවමනාවට කියා මා දැන සිටියේම නැත// කඩේ යනවා කියල නිකන් බොරු අපහාස කරනන් එපා හෙන්රි. මේවා අපි හංගල කරපු කෙහෙල්මල් නෙමෙයි. ඔයා වෙබ් අඩවියකවත් කියවන්නේ නැත්නම් ඒවා ඔයාගේ දුර්වලකම්. තමන් මාර ලොකු පොරක් කියල හිතන් හිටියම ඔහොම වෙනවා. මෙන්න මගේ බ්ලොගේ දාපුව.
      හංගල ගහල නැහැ. චන්දිමගේ නම තියනවා මේ පළමු වෙනි එකේ ඉඳන්. ඔයාගේ ignorance එකට මට කරනන් දෙයක් නැහැ.
      නෙළුම් යාය සම්මාන උළෙලේදී කළ හැඳින්වීම

      Delete
    2. //ප්‍රාජිත වැනි ජරාජීර්ණ දේශපාලුවන් "පොර" කිරීමට බ්ලොග් රචකයින්ගේ හැකියාවන් උපයෝගී කොට ගැනීමත්// කොහෙද හලෝ එහෙම එකක් වුනේ. පොර කෙසේ වෙතත් තේකක් දෙන්නත් සටනක් දෙන්න වුණා. මිනිහ ආව . පැත්තකට වෙලා ඉඳගෙන හිටිය. වේදිකාවට ගියා සම්මාන ටිකක් දුන්න ගියා. කවුරුත් මෑන් ව පොරක් කලේ නැහැ. දැන් ඔයාටත් කතා කරානේ සම්මාන දෙන්න ගිය සැරේ. "පොරක්" කියල හිතා ගෙනද නැග්ගේ වේදිකාවට

      Delete
    3. හෙන්රි මහතාට වෙලාව ඇත්නම් කියවීම සඳහා - චන්දිමගේ සහභාගිත්වය නොසැඟවූ අනිත් ලිපි:
      නෙලුම්යාය ප්‍රථම සමරු සඟරාවේ හැඳින්වීම
      නෙළුම් යාය දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 - පසුබිම් කථාව 3
      එක සහ දෙක යොමු තුන් වැන්නේ ඇත.

      Delete
    4. //කොහෙද හලෝ එහෙම එකක් වුනේ. පොර කෙසේ වෙතත් තේකක් දෙන්නත් සටනක් දෙන්න වුණා. මිනිහ ආව . පැත්තකට වෙලා ඉඳගෙන හිටිය. වේදිකාවට ගියා සම්මාන ටිකක් දුන්න ගියා. කවුරුත් මෑන් ව පොරක් කලේ නැහැ. දැන් ඔයාටත් කතා කරානේ සම්මාන දෙන්න ගිය සැරේ. "පොරක්" කියල හිතා ගෙනද නැග්ගේ වේදිකාවට//

      එතකොට "නූතන සේනක බිබිලේ" කියල පට්ටමක් බලෙන් දුන්නෙ "පොරක්" කරන්න නොවෙයිද.. නදී කිව්වෙ මට එහෙමම කියල තවත් වාමාංශික කතා කියල උස්සන්න කිව්ව කියල.
      මම වේදිකාවට නැග්ගෙ ආරාධනා කරපු ඈයින්ට ගෞරවයක් විදිහට. හැබැයි ආරාධනා කළේ "පොරක්" කියල හිතා ගෙනද, නැත්නම් 'දේශපාලන අංශයේ' සම්මාන සඳහා නිර්දේශ කරල තිබිල මෛත්‍රී විවේචනය වෙනව දැක්කට පස්සෙ සංවිධායකයො මුල් වටයෙන්ම කපාහැරිය මගේ "කවුද අප්පා දැනන් උන්නෙ ජනාධිපති වෙයි කියලා" http://nokieekatha.blogspot.com/2015/06/blog-post_23.html බ්ලොග් එකට හිලව් වෙන්නද කියල දන්නෝ දනිති.


      Delete
    5. //එතකොට "නූතන සේනක බිබිලේ" කියල පට්ටමක් බලෙන් දුන්නෙ "පොරක්" කරන්න නොවෙයිද.// මේක මගෙන් නෙමේ චන්දිම ගෙන අහන්න ඕනේ ප්‍රශ්නයක්.
      //නදී කිව්වෙ මට එහෙමම කියල තවත් වාමාංශික කතා කියල උස්සන්න කිව්ව කියල. // නදී බැහැ කිව්ව නම් ඉවරයිනේ. චන්දිම ගහන්නය.

      Delete
    6. //මම වේදිකාවට නැග්ගෙ ආරාධනා කරපු ඈයින්ට ගෞරවයක් විදිහට. හැබැයි ආරාධනා කළේ "පොරක්" කියල හිතා ගෙනද, නැත්නම් 'දේශපාලන අංශයේ' සම්මාන සඳහා නිර්දේශ කරල තිබිල මෛත්‍රී විවේචනය වෙනව දැක්කට පස්සෙ සංවිධායකයො මුල් වටයෙන්ම කපාහැරිය මගේ "කවුද අප්පා දැනන් උන්නෙ ජනාධිපති වෙයි කියලා" http://nokieekatha.blogspot.com/2015/06/blog-post_23.html බ්ලොග් එකට හිලව් වෙන්නද කියල දන්නෝ දනිති// මේක නම් පොර ටෝක් එකක්ම තමයි. අංක එක: ඔයා කව්ද කියල මම දන්නේ නැහැ. සමා වෙන්න. ඉවාන් ඔයාට ආරාධනා කරලා තියනවා වේදිකාවට . මම දන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර උඩින්ම කැමති වෙලා. බොරුනම් අහන්න ඒ වෙලාවේ මම ඒ දෙන්නටම දෝෂාරෝපණය කලා ඒ ගැන. දන්නැති කාටවත් කතා කළේ ඇයි කියල. ඒ ගමන් එයාල කිව්වා මේ පොත් ලියන කෙනෙක්. නාවික හමුදාවේ ඉංජිනේරුවෙක්. බ්ලොගකුත් ලියනවා. නිර්දේශ වෙලත් තිබ්බ කියල. ඒ ගැන මම උන් දෙන්නට ආයෙත් බැන්න. නිර්දේශ කරපු කෙනෙක්ව මොන පිස්සුවටද වේදිකාවට ගෙනාවේ කියල. බොරු නම් අහන්න දෙන්න ගෙන්ම.
      දෙවෙනි එක ඔයාගේ කතාව දේශපාලන අංශයට නිර්දේශ වෙලා තිබ්බේ නැහැ.
      මෙන්න නිර්දේශ වෙලා තිබ්බ ඒවා.
      2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - දේශපාලන
      ඔයාගේ ලිපිය නිර්දේශ වෙලා තිබ්බේ අතීත කාමයට.
      2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - අනිකුත් අංශ
      දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..- අවන්හල

      සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - සොඳුරු අතීතයෙන් බිඳක්..

      පොත් සමගින් ගැටවර විය..- කටුසු හදවත

      අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- ඉන්ද්‍රනාත තේනුවර

      භිෂණය මැදින් ටෙලිනාට්‍ය සමඟ ජීවිතය කොටස් 1 සිට 7 දක්වා- හැලපයා

      සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ - මා සඳු මල්

      කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.....- නොකී කතා .

      මෙතෙක් කතාව සහ අද එතැන් සිට - හෙන්රි බ්ලොග් වෝකර්

      දිනපු අය මම හිතන්නේ ඉන්ද්‍රනාත් තේනුවර සමග තව දෙන්නෙක්. මෛත්‍රී විවේචනය කලා කියල නොදෙන්න අපි මෛත්‍රීට බයේද? එහෙනම් මේ පාරත් මෛත්‍රී විවේචනය් කරපු 3-4 නිර්දේශ වෙලා තිබ්බේ. ඔයාගේ ලිපිය වරදක් නැහැ. නමුත් ඊට වැඩිය හොඳයි කියල හිතෙන තුනකට දුන්න අපේ මතයට අනුව. ඒක නිහතමානිව පිළිගන්න.

      Delete
    7. හොර ගෑණිට සම්මාන දෙන්න කියල අඬාගෙන ආපු මිනිහ ලැජ්ජ නැතුව සම්මානෙට බනිනකොට මට හිතුන අරකට මේක තමා මේ කපන්නෙ කියල.

      Delete
    8. මහත්මයා මේ කොමෙන්ට් එක පුද්ගලික අපහාසයක් කියල හිතෙනවා. කිසිම කෙනෙක් සම්මාන ඉල්ලන් අඬාගෙන ආවේ නැහැ අපි ගාවට. සමහර අය එව්වා තමන්ගේ ඒවා අපි කියපු නිසා එවන්න කියල.

      Delete
  13. මොකා මොන බයිලා ගැසුවද නෙළුම් යාය සම්මාණ උළෙල ඉදිරියටම යා යුතුය. මෙවර සම්මාණ උළෙල බොහෝ අයගේ ගර්හාවට හා කතා බහට ලක් වන්නේ එහි ඇති සාර්ථකත්වය නිසාමය.

    මඩ කාගෙන මේ වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම මාතලන්ගේ ප්‍රණාමය....

    ඝෝඨා ගැන මාගේ මතය අළුත් දෙයක් නොවේ.. අජිත් ඒ බව හොඳින්ම දන්නා බවද මම දනිමි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකනේ මම ලිව්වේ මාතලන් ඒක කෙලින්ම කිව්වා කියල. සම්මාන උළෙල දිගටම යන්න ඕනේ කොහොමද කියන එක දීර්ඝව කතා කරන්න ඕනේ. චන්දිමත් ටිකක් knee-jerk රිඇක්ෂන් දෙන එක නවත් වන්න ඕනේ . දේශපාලනඥයන් ගෙන ඒමෙන් ගොඩක් ප්‍රශ්න එනවා නම් නැතිව කරන එක හොඳයි. නමුත් එතකොට ස්පොන්සර් ල ගණන් ගන්නේ නැහැ. ලංකාවේ තියෙන ප්‍රශ්නයක් ඒක.

      Delete
  14. අනේක බාධාවන් මැද නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පැවැත්වීම ගැන අජිත් ධර්මකීර්ති මහතාට මගේ ශුභාශිංසන. හතරවන වතාවටත් එය සාර්ථකව පැවැත්වීමට හැකි වේවා යයි පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි. මේක තනිකර මගේ වැඩක් නෙමේ. මමත් පොඩි කොටස් කාරයෙක් පමණයි. හැමෝගෙම සාමුහික ප්‍රයත්නයක්.

      Delete
  15. //හෙන්රි වර්ණකුලසුරිය දෙවෙනි සම්මාන උළෙල විවේචනය කළේ එය පාසැල් උළෙලක් හා සම කරමිනි. එය සංවිධානය කලේ තනිකරම බ්ලොග් කරුවන් එකිනෙකා සමග ඊමේල් වලින් අදහස් හුවමාරු කර ගනිමින්ය. බොහෝ අය ජිවත් වූයේ එක ළඟ ද නොවේ. එය පාසල් උළෙලෙකට සමකල හෙන්රි තෙවැනි උළෙලට විරුද්ධ වන්නේ දෙවැනි උළෙල හොඳ බව කියමිනි. මේ නම් දිව දෙකේ කතාවකි.//

    මා දෙවෙනි උළෙල විවේචනය කළේ එහි අඩංගු අංගයන් හා ඉදිරිපත් කිරීමේ විලාශය මොන්ටිසෝරි වූ නිසාය. එහෙත් මගේ විවේචනය හෘදයාංගම වූවා යැයි සිතමි. එයින් අදහස් කළේ අප ලබා ඇති අත්දැකීම්ද සමඟ තෙවන උළෙල වඩාත් සාධනීය මට්ටමට ගෙන ඒමේ උවමනාවයි. එහෙත් වැඩ සිද්ධ වෙන ආකාරයට අනුව තෙවැනි උළෙල ප්‍රෝඩාවක් බව පෙනීගිය හෙයින් මා ලංකාවේ සිටියත් කිසිදු දායකත්වයක් නොදීමට තීරණය කළෙමි.
    තෙවන උළෙල පාසල් සාහිත්‍ය සංගමයේ විවිධ ප්‍රසංගයක් වූවාට අමතරව ගඳගහන දේශපාලුවන් ඊට එක් කොට ලජ්ජා නැති ආකාරයට උන්ව මුරුංගා අත්තේ තැබීම මගේ විවේචනයයි.
    එනයින් ගත් කල දෙවන උළෙල, තෙවැන්නට වඩා අහිංසක බවකින් යුතුය.
    මෙතැන ඇත්තේ දිව දෙකක් නොව වාසි පැත්තට නොනැමෙන දිවකි. ඒ දිව එදත්,අදත්, හෙටත් එකසේමය.

    ReplyDelete
    Replies
    1. //මා ලංකාවේ සිටියත් කිසිදු දායකත්වයක් නොදීමට තීරණය කළෙමි.//

      අනේ මේ! අහවල් ලබු ගෙඩියටද එහෙනං සම්මාන උලෙලට ගියේ. අපි නං අපට නොගැලපෙනවා කියලා හිතෙන තැන් වලට යනවා තියා පැත්ත බලාගෙන බත් කන්නෙත් නැහැ.

      Delete
    2. ලබන පාරත් යන්න වුණොත් යනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දේශපාලුවො හිරිකිත උණාට, උංගෙන් සම්මාන නොගත්තට එතෙන්ට එන බ්ලොග් රචකයින්, රචිකාවියන් එක්ක මට අවුලක් නෑ. අපි ඔය මඟුල් ගෙවල් වල, මළ ගෙවල් වල යන්නෙ එන්නෙ මොකාදැයි හොය හොය නොවෙයිනේ.

      Delete

    3. //එහෙත් වැඩ සිද්ධ වෙන ආකාරයට අනුව තෙවැනි උළෙල ප්‍රෝඩාවක් බව පෙනීගිය හෙයින් මා ලංකාවේ සිටියත් කිසිදු දායකත්වයක් නොදීමට තීරණය කළෙමි.//
      හෙන්රි මහත්මයා,
      මේ වගේ ප්‍රකාශයක් නිකම්ම කරන්නේ නැතිව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මොකක්ද ප්‍රෝඩාව කියලත් කියන්නකෝ.....

      Delete
    4. ප්‍රෝඩාව මේකයි. මුලින් නෙළුම්‍ යාය අජිත්ලාගේ, සුමිත්ලාගේ පෞද්ගලික උත්සහයක් විදිහටයි සමාජගත වුණේ. තෙවැනි සම්මාන උළෙල තනිකර චන්දිම නමැත්තෙකුගේ ව්‍යාපෘතියක් විදිහට හෙළිදරව් වුණා. අජිත්ලා නොදැනුවත්ව කවදාවත් බ්ලොග් ලියල නැති කාන්තාවන් කරළියට ආවා. අජිත් අවංකව කිව්වා ඒ අය හඳුනන්නේ නෑ කියා. මහවැලි කේන්ද්‍රය වෙන් කරල තියෙද්දි waters edge එකට මාරු වුණෙත් අජිත්ලා, ලක්මාල්ලා දන්නෙ නැතිව. රාජිත ගෙනාවෙත් එහෙමයි.
      අජිත්ගෙ පැහැදිලි කිරීමෙන් තේරෙනව මේ තනිකර පෞද්ගලික ඇජෙන්ඩාවක් මත කෙරෙන ව්‍යාපෘතියක් බව. ඉතිං ප්‍රෝඩාවක් කිව්වම මදි වගේ නං සූක්ෂමව බ්ලොග් රචකයින්ගේ කර මතින් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්නට එක පුද්ගලයෙක් අනෙකුන් බිල්ලට දී කරන සමාජ සත්කාරයයක් කියල ලියා ගන්න.

      Delete
    5. දිර්ඃ කාලයක් තිස්සේ ලංකාවෙන් පිටත වාසය කරන නිසා අන්තර්ජාලය මගින් ලංකාවේ තොරතුරු ලබා ගත් මට නම් මුල සිටම ඉතාම පැහැදිළිව පෙනුණු කරුණක් තමයි, අන් සෑම මාධ්‍ය සංවිධානයක් වගේ ම, ලංකානිවුස්වෙබ් යන්නද යම් කිසි දේශපාලන අරමුණක් ඇති එකක් බව.

      මාධ්‍ය සංවිධාන සහ අරමුණු ගැන හෙන්රි ද මට කියා තියෙනවා නේ.
      https://rasikalogy.blogspot.com/2017/04/political-agenda-of-nelum-yaya.html

      ලංකානිවුස්වෙබ් විසින් ඇරඹූ නෙළුම් යාය පිටුව ද, ඉන් පසු පටන් ගත් සම්මාන උළෙල ද මා දැක්කේ ඒ පසුබිම මත සිටයි.

      සම්මාන උළෙලට විරුද්ධ වූ අය ද එයට විරුද්ධ වෙන්නේ මූලීිකවම දේශපාලන වෙනස නිසායි.

      https://rasikalogy.blogspot.com/2017/01/nelum-yaya-blog-awards-ceremony-2017.html

      !

      Delete
    6. // මුලින් නෙළුම්‍ යාය අජිත්ලාගේ, සුමිත්ලාගේ පෞද්ගලික උත්සහයක් විදිහටයි සමාජගත වුණේ//හෙන්රි මම හිතන්නේ ඔබ ගොඩක් වරද්දාගෙන. එහෙම දෙයක් අපි කවදාවත් පෙන්නුම් කලේ සමාජගත කලේ නැහැ. අවංක විස්තර තමයි හැම තහනම් දැම්මේ. ඔය මම දුන්න පළමු සම්මාන උළෙලේ හා දෙවෙනි එකේ ලිපි කියවන්න. චන්දිම ගේ කාර්යභාරය ඉතා පැහැදිලි ලෙසම ලියල තිබෙනවා. කෝදාගොඩ ව මුහුණින් අඳුනන්නේ නැති එක ඇත්ත. හැබැයි ඉතින් පළමු සම්මාන උළෙලට ලනක්වට යනකොට කිසි කෙනෙක් අඳුනන්නේ තියා දැකලවත් නැහැ. මම ව 1984 ඉඳන් පිටරට නේ හිටියේ. ලංකාවට ගියේ ආවේ නිවාඩුවට විතරයි. වෝටර්ස් එජ් හම්බ වෙනවා හෝ රාජිතට කතා කලා කියල දැන ගත්තේ පස්සේ. හැබැයි මම ඒක ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. මම කරන වැඩේ මට වැදගත්. ඇමතිලා නෙමේ.

      Delete
  16. //බ්ලොග් සම්මාන උළෙල හතරවන වරටත් පවත්වන බව නෙළුම් යාය පදනම ඊයේ මට දැන්වීය. හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු බව ද ඔවුන් දන්වා තිබේ. වෝටර්ස් එජ් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගැනීමටද යෝජනා කර තිබේ. //

    කවුරුන් කවර පරමාර්ථයෙන් කළද ජරාජීර්ණ දේශපාලුවන් වෙනුවට පඨිසෝතගාමී දේශපාලකයෙකු(එවැන්නන් සිටී නම්) ගෙන්වීමටත්, මා බොහෝ විට යෝජනා කළ පරිදි සම්මාන උළෙලක් පැවැත්වීම සඳහා ගෞරවනීය ස්ථානයක් තෝරා ගැනීමටත් ගත් තීරණයට මගේ ධනාත්මක විවේචනය ඉවහල් වූ බව පෙනී යාම සතුටට කරුණකි.
    කෙසේ වුවද සැඟවුණ දේශපාලනික පරමාර්ථ මත හා එමගින් සිය උදර පොඉෂණය තකන ආයතනයක් මගින් පවත්වාගෙන යන බ්ලොග් සම්මාන උළෙල ගැන ඉදිරියේ කරදර වන්නට මට උවමනාවක් නැත.
    එහෙයින් කවර ජෝගියක් නැටුවද මා මේ ගැන අදහස් දක්වන්නේ හෝ උනන්දු වන්නේ නැත.

    "ඔබට ඕනෑම මඩ වළකට බසින්නට ඇති අයිතිය පිළිගනිමි. ඒත් අපේ අත් අත හරින්න. අපට මඩ ගාගැනීමේ උවමනාවක් නැත."

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ නේ! මෙයා කියපු නිසා තමයි තැන වෙනස් කරලා, පුද්ගලයෝ වෙනස් කරලා තියෙන්නේ. පව් නේ! ඒක නිසා ලබන පාරත් ගිහින් හොඳට කොටා බාලා එන්න දෙයියෝ! ඒ ඉතරක් නෙමෙයි නිකං තියෙන අකුරුනේ කියලා හතර අතේ බැන බැන යමං දෙයියෝ!

      Delete
    2. ඔව්...මං කිව්ව නිසාම තමයි ඔය වෙනස. අපි ලිව්වෙ ඇස් ඇරෙන්න. ඒකට ලකුණු දාගන්න ගමන් හොඳ දේට හොඳයි කියන ගමන් කියන්න වෙන්නෙ ලබන සැරෙත් යන්න වුණොත් යනවා. හැබැයි මේ වගේ උත්තර දෙන්න වුණොත් මිසක නෙළුම් යාය බ්ලොග් සම්මාන ගැන අදහස් දක්වන්නේ නෑ. සමහර වෙලාවට මඟුලට අස්සන් කරන එකාට අකැමැති වුණාට ආරාධනා ලැබුණම මඟුල් ගෙවල්වල යන්න සිද්ධ වෙනවා.

      Delete
    3. //බ්ලොග් සම්මාන උළෙල හතරවන වරටත් පවත්වන බව නෙළුම් යාය පදනම ඊයේ මට දැන්වීය. හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු බව ද ඔවුන් දන්වා තිබේ. වෝටර්ස් එජ් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගැනීමටද යෝජනා කර තිබේ. //

      මේක නිකන් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු 25ත් සීමා කිරිමවගේ නිකන්බොරු ප්‍රලාපක් විතරයි!

      Delete
    4. ඒක දන ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි.

      Delete
  17. ආයෙම නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පැවැත්වෙනවනම් මම මගේ පැත්තෙන් පුළුවන් උදව්වක් කරනවා. මම සහභාගිත් වෙනවා. අවුරුද්දකට සැරයක් බ්ලොග් ලෝකෙ මිතුරු මිතුරුයන් හමුවන එක, කතා බහ කරන එක සම්මාන දහසක් ලැබීමට වඩා වටින නිසා.

    ඒත් තවත් කණ්ඩායම් සම්බන්ධ කරන්න නම් අදහසක් නෑ. ඒ අය අපහසුතාවයට පත්වෙනවා දකින්න කැමති නැති නිසා. අජිත් අයියා නාට්‍යෙය් වැදගත්ම කොටස අල්ලල තියෙන්නෙ. ඇත්තටම 71, 88-89, උතුරෙ යුද්ධය මේ හැම අවස්ථාවකම මහා තරුණ සංහාරයක් සිද්දවෙනවා. ඇයි එහෙම සිද්දවෙන්නෙ ඒ තරුණ අයගේ වරදින්ද? ලංකාවෙ තරුණ පරපුර ඒ තැනට ඇදල දැම්මෙ කවුද? පවතින සමාජ, දේශපාලන විකෘතිය ප්‍රශ්න කරන තරුණ හඬ නිහඬ කරන එක තමයි හැමදාම සිද්දවුණේ... ඒ ගැනයි මේ නාට්‍යෙයන් කියවෙන්නෙත්...

    ReplyDelete
    Replies
    1. තරු ගිය සැරෙත් හොඳ සහයෝගයක් දුන්න. මේ සැරේ සම්මාන වලට තේරිලත් එපා කියල උදව් කරන්න ආව . ඔන්න ඔයාල තමයි වටින්නේ. ඔයාලගේ කර මතින් රාජිතල ගෙන්වලා සංදර්ශනයක් කලේ නැහැ. නැත්නම් අර ආණ්ඩුවේ රස්සාව නාට්‍යය . ඔය ධර්මිෂ්ඨ සමාජය නාට්‍යය හෙම පෙන්වන්න ගේන්නේ නැහැ. එතැන සංවිධායකයින් වැරැද්දක් කලා. ඒක මම පිලි ගන්නවා. . ඒ ගොල්ලන්ට අධෛර්ය වෙන්නේ එපා කියන්න. ඉතා හොඳ නාට්‍යයක්.

      Delete
  18. අජිත්,

    මමනම් කෙලින්ම විරුද්දයි බොල්ග් ලියන්නන් ගේ අනන්‍යතාවය ප්‍රසිද්ද වෙනවට (මෙන්න මේ කාරණය මත ඉදල තමයි බ්ලොග් සම්මාන උළෙලවලට විරුද්ද ) එහෙම නැතුව අපේ සරසා තුමා කියන චෝදනා පදනම් කරගෙන නෙමෙයි, හැබැයි මෙතන කිවයුතු දෙයක් තියනවා ඔය සරසා ට තුමාටත් අදාළ සංගමේ ඇතුලේ වෙන සංවාද ආරංචි වෙනවා කියන්නේ මේ සන්විදානේ ඇතුලේ ඉන්නවා කොටවන මිනිසුන්, මේකනම් ඉතා කැතයි.

    අනෙක් කරුණ බ්ලොග් අවකාශයේ මම විශ්වාස කරන්නේ කෙනෙක් පවතින රජයට කඩේ යනවනම් සහ තම අදහස දෙසපාලුවන් වෙනුවෙන් යොදනවානම් ඉබේම බ්ලොග් සාමාජිකයන් අතරින් ප්‍රතික්ෂේප වෙනවා.

    මම දකින්නේ මෙතන සරසත් අජිතුත් අවංකව තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා නමුත් අපි කොච්චර අවංක උනත් මතක තියාගන්න ඕනේ මේ දෙසපාලුවන්ට අපිව කඩේ යවන්න පුළුවන්. මෙන්න මේ කාරණය නිසයි අනන්‍යතාවය ප්‍රසිද්ද නොකර තම අදහස ඉදිරිපත් කලයුතු මදයක් වෙන්නේ බ්ලොග් ලිවිම.

    ReplyDelete
    Replies
    1. මමනම් කෙලින්ම විරුද්දයි බොල්ග් ලියන්නන් ගේ අනන්‍යතාවය ප්‍රසිද්ද වෙනවට//
      තමන්ගේ අනන්‍යතාවය හෙලිකරන්න ලියන එවුන් කැමති නං උඹලට පාන්ද බං?

      Delete
    2. රාජ් ,
      මෙතන තියෙන්නේ බ්ලොග් ලියන්නෝ කැමතිද අකමැතිද කියන ප්‍රශ්නය නෙමෙයි, බොහෝ දෙනෙකුගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ උනාම ඔවුන් පවතින ආණ්ඩුවට විරුද්දවෙන්න ඕනේ තැනදී කටවහගෙන ඉන්න වෙනවා, මේකෙන් වෙන්නේ බ්ලොග් අවකාශයේ ඉන්න මිනිසුන්ව නිහඩ කිරීමයි. අද වෙනකොට ඕනෑම කෙනෙකුට පවතින රජය විවේචන කරන්න පුළුවන් උනාට ඉදිරියේදී රජය දුවන්න ඕනේ මුදල් ලැබුනේ නැතිවෙනකොට රජයේ නියම යක්ෂ මුණ පෙනෙන්න ගන්නකොට ඔය නම් ප්‍රසිද්ද වෙච්ච උදවිය පුස් පැටව වගේ ඉන්නහැටි උබට පෙනෙයි.

      Delete
    3. ලංකික සිතුවිලි - මුල්ම සම්මාන උළෙලේදී ඔය ප්‍රශ්නය ආව . අපි කවුරුත් අඳුනන්නේ නැහැ. එනිසා කිව්වා කැමති නම් නාඳුනන විධිහට ඉන්න. වෙන අක්වුරු හරි එවන්න. නැත්නම් වේදිකාවට නෑවිත් ඉන්න කියල. මාතලන් ඇතුළු බ්ලොග්කරුවෝ කිව්වා ප්‍රශ්නයක් නැහැ එනවා කියල. මාතලන්ගේ ඇත්ත නම හැමෝම දන්නේ නැහැ. අනිත් කිහිප දෙනෙකුත් එහමයි.
      //අද වෙනකොට ඕනෑම කෙනෙකුට පවතින රජය විවේචන කරන්න පුළුවන් උනාට ඉදිරියේදී රජය දුවන්න ඕනේ මුදල් ලැබුනේ නැතිවෙනකොට රජයේ නියම යක්ෂ මුණ පෙනෙන්න ගන්නකොට ඔය නම් ප්‍රසිද්ද වෙච්ච උදවිය පුස් පැටව වගේ ඉන්නහැටි උබට පෙනෙයි.// මේක හිතලුවක්. ඕනේ කෙනෙකුට ඕන ප්‍රොෆයිල් එකකින් බ්ලොග් ඇරිය හැකියි . ඔබ නොදන්නා කමින් කරන කතාවක් . එහෙම බයක් තියනවා නම් වහලා වෙන එකක් ඇරියම ඉවරයි.

      Delete
  19. Jeevana Fernando නොකී කතා ගෙන් ඉහතදී ප්‍රශ්නයක් අසා තිබුනා මෙන්නේ මේ විධියට.

    //හෙන්රි මහත්මයා,
    මේ වගේ ප්‍රකාශයක් නිකම්ම කරන්නේ නැතිව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මොකක්ද ප්‍රෝඩාව කියලත් කියන්නකෝ.....//

    ලංකාවේ මොන්ටිසෝරියක තෑගි බෙදන්න රටේ ජනාධිපති ගිය එකේ දේශපාලකයෝ මේකට ආව කියල කවුරුත් තරහ ගන්න ඕනේ නැහැ තමයි.
    නමුත් මේ ලිපිය හොඳින් බැලූ කල මට පෙනී ගියේ,

    අජිත් ම කියන විධියට //'සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට ලැබී ඇත්තේ විශාල තල්ලුවකි'//
    ඒ වගේම අජිත් තව දුරටත් ලියනවා //මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි//

    කවුරු හරි කරුණාකරලා තෝරලා දෙන්නකෝ "බ්ලොග් ප්‍රවර්ධනයට" මේ "ගෝඨා ප්‍රොජෙක්ට් එක" සම්බන්ධ වෙන්නේ කොහොමද කියා.

    අජිත් තව තැනක ලියනවා //මංජුල සමරසේකර නොදන්නා කරුණක් නම් චන්දිම විතාන ආරච්චි පළමු බ්ලොග් සම්මාන උළෙලේ පටන්ම තිරය පිටුපස සිටි බවයි.//
    සහ //බ්ලොග් සම්මාන උළෙල හතරවන වරටත් පවත්වන බව නෙළුම් යාය පදනම ඊයේ මට දැන්වීය. හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු බව ද ඔවුන් දන්වා තිබේ. //
    තව දුරටත් ... //චන්දිම විතානාරච්චි රාජිත "නූතන සේනක බිබිලේ " ලෙස නම් කලේ ඔහුට අනුව රාජිත ඖෂධ සමාගම් සමග සටන් කරන හෙයිනි.//

    මේවයින් පෙනෙන්නේ මේ බ්ලොග් සම්මාන උළෙල තනිකරම චන්දිම විතානාරච්චි ගේ පවුද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් බව නේද?. අජිත් නිකම්ම නිකං රොබෝ කෙනෙක්වගේ පැත්තක ඉන්න චන්දිම විතානාරච්චිගේ දුරස්ත පාලකයෙන් නැටවෙනවා, නැටවී නැටවී අජිත් බ්ලොග් ලියන්නන්ව කඩේ යවනවා. මේකනේද අජිත් මේ ලිපියෙන් කියන්නේ.


    ඒ කියන්නේ මේක බ්ලොග් වෙනුවෙන් කියා කරන ප්‍රෝඩාවක් නේද?
    අතින් කයිට් කරගෙන බ්ලොග් ලියන, බ්ලොග් බලන, කොමෙන්ට් කරන උන්ට පොඩි හරි රෙකොග්නිෂන් එකක් දෙන එක බොහොම හොඳයි. නමුත් උන්ව ගොනාට අන්දලා, උන්ගේ පිටින් දාල තම තමන්ගේ පටු දේශපාලන ඇජෙන්ඩා කරව ගන්න එක හරිම අශෝභනයි. අශික්ෂිතයි.

    අජිත්ගේ මේ බයිලා පොස්ට් එක මං සාරාංශ කරන්නම් -- කපටි රජා නරියා ගහ මුල හිටිය බලන්, කපුටව රවටනම් කේජු කෑල්ල කන්නම්.

    Jeevana Fernando, තව ඕනෙද?

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ දෙමල 'ස්වයං නිර්ණය' කියන වචනය 3 පාරක්වත් සදහන් වෙලා තියෙනවා. මට පේන හැටියට චන්දිමයා එංගලන්තේ ඉන්න කොටින්ගේ සපොටර්ලගෙන් ගානක් කපාගෙන අජිවව කඩේ යවලා සිංහල බ්ලොග් කාරයෝ විකුනලා තියෙනවා.

      Delete
    2. මම ඇනෝ කමෙන්ට් වලට එතරම් කැමති නැහැ. ඒත් ඉතින් අපිත් එන්නේ ආරූඩ නම් වලින් නිසා ඒකට මුකුත් කියන්න බැහැ.

      හැබැයි මේ ඇනෝගේ අදහසට මමනම් බොහෝම දුරට එකඟයි.
      මට කියන්න ඕනේ වුනු කාරනා බොහෝම නිවැරදිව කියැවිලා තියෙනවා.

      මට තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි මේ දෙමළ ස්වයං නිර්ණයක් ගැන කථාකරන උදවියට ඒ ප්‍රකාශයම ජාති වාදියි කියන සරළ කාරනය නොවැටහීම. නැහැ ඒක නොවැටහීම නොවෙයි නොවැටහෙන ලෙස පෙනී හින්න්හීම.

      Delete
    3. අම්මටඋඩු හෙන්රිගෙන් අහපු එකට ඇනෝවෙක් උත්තර බඳිනවා

      Delete
    4. ජීවන ඇනෝල ඉන්නෙ ඕවට තමා. අපිට තව වැඩ තියෙන නිසා බ්ලොග් එක බලන්නෙ ඉඩක් ලැබුණම. එතෙක් ඇනෝ සරණයි. :D

      Delete
    5. Jeevana Fernando,

      හෙන්රිගෙන්ම අහගන්න ඕනෙනම් ඒවාට වෙන විධි තියෙනවා.
      ඕන එකෙක්ට පෙනෙන්න ඕපන් පොස්ට් දානවා නම් ඕනේ එකෙක්ට උත්තරත් දෙන්න පුළුවන්.
      ඔයත් බ්ලොග් ලියන එකෙක්නේ ද ?

      Delete
    6. ජිවන, අජිත්ගෙන් අහන ඒවාට ඔයා උත්තර දෙනවානම් හෙන්රිගෙන් අහන ඒවාට වෙනත් කවුරුහරි උත්තර දුනහම මොකද? කඩේ යනවා කියල ඔහොමත් කඩේ යන්න හොඳද?

      Delete
    7. //ඒ වගේම අජිත් තව දුරටත් ලියනවා //මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි//// - මම මම ලියුවේ මගේ විශ්ලේෂණය. සමහර විට ඇත්තට වුනේ සරසා කරපු චෝදනා නිසා සරසා සෞඛ්‍ය සේවයේ සිටින අයෙක් නිසා සරසාට පෙන්න රාජිත ගෙන්වීම වගේ සිල්ලර හේතුවක් වෙන්නත් පුළුවන්. ඔය දෙකම නැතිව මේ වගේ සංවාදයක් හදලා දාන්න ගෙනාව වෙන්නත් පුළුවන්. මම කිව්වනේ බ්ලොග් තෝරන, නෙලුම් යායේ පල කරන හා කියවන වැඩේ මම කරන්නේ කියල. සංවිධාන වැඩේට මම ඇඟිලි ගැහුවේ නැහැ. නමුත් ගෝඨා ව්‍යාපෘතියක් යනවා කියන එක රහසක් නෙමෙයිනේ. අපේම බ්ලොග් කරුවෝ ඒකට සපෝර්ට් නේ. ඉතින් චන්දිම එහෙම කරන්න ඇති.ඒක ඇජෙන්ඩ එකකටත් වඩා පවතින තත්වය දිහා බලල දීපු රිඇක්ෂන් එකක් කියල මම හිතන්නේ.

      Delete
  20. // මේ කාලයේදී චන්දිම විතාන ආරච්චි මහතාට ඇති රතු වරෙන්තුව ගැන නීතිඥ මහතෙකු ඇතුළු කිහිප දෙනෙක්ම මා දැනුවත් කළහ. ඔහුගෙන් ඒ ගැන අසා බැලූ විට පෙනී ගියේ ඔහු එංගලන්තයේ සිටින තුරු අත් අඩංගුවට ගැනීමක් නොකෙරෙන බව හා ඔහු ගේ නිව්ස්වෙබ් අඩවියද ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති බවයි. ලංකානිව්ස්වෙබ් හි තහනම ඉවත් කරන ලද්දේ පසුවය. ඔහුගේ රතු වරෙන්තුව දේශපාලන පලි ගැනීමක් යන්න මගේ අදහස විය. //


    හොරඔප්පු ලියනප්පු ට රතු නෝටිස් වැදුනේ මහින්ද මහත්තයා ගේ ආන්ඩුවෙනි. එවිට ඔහු අපර් කැකිරාවට පලා ගියේය.

    අද වන විට ජහපාලන ආන්ඩුව කියනා අටමගලේ ඇවිත් අවුරුදු දෙකකටත් වඩා වැඩිය.

    අදටත් හොරඔප්පු ලියනප්පුට වැදී තිබෙනා රතු නෝටිස් එසේම පවතී.

    මෙයින් ගම්‍ය වන්නේ එම රතු නෝටිස් එක දේශපාලන පලිගැනීමක් නොවනා බව ය.

    එය තනිකරම හොරට ඔප්පු ලියා කරනා ලද වන්චාවට ලැබුනු රතු වරෙන්තුවකි!

    සින්හල බ්ලොග් ප්‍රවර්දනයට දිවි පරදුවට තබා කටයුතු කරන්නේ එවන් වන්චාකාරයෙකි!

    ලෝටස් අජ්ජා බබා නිසා එයාට තාම හිටෙන්නේ එය දේසපාලන පලිගැනීමක් කියා ය.....

    ReplyDelete
    Replies
    1. කොහොමද දන්නේ ලන්ඩන් වල ඉන්න තියන් ඉන්නවද කියල. කොහොමත් අදාල ප්‍රශ්නය අදාල තැනට යොමු කලා.
      //සින්හල බ්ලොග් ප්‍රවර්දනයට දිවි පරදුවට තබා කටයුතු කරන්නේ එවන් වන්චාකාරයෙකි!// ඒක මට ඕන වෙච්ඡ එක. චන්දිම එක්ක සාකච්ඡා කරලා එයාව ඇද ගත්තේ මම.

      Delete
  21. නෙළුම් යාය ඉදිරියට යා යුතුයි. බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ. බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක.

    ReplyDelete
  22. නෙළුම් යාය ඉදිරියට යා යුතුයි. බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ. බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක.

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      //නෙළුම් යාය ඉදිරියට යා යුතුයි//
      ඔව්, හැබැයි එක් එක්කෙනාගේ පවුද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් විධියට නොවේ.
      අජිත්ම වරක ඉහත කියන විධියට //සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට// යි.

      //බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ//
      මෙතන කා වත් බයක් ගැන කතා කරලා වත් කතා වෙලාවත් නැහැ, ඔබ හැරෙන්නට.
      මෙතන තියෙන්නේ අජිත්ලා නෙළුම් යායක් පෙන්නලා බ්ලොගර්ලාව කඩේ අරින එකක්.
      පාට කන්නාඩිය ගලවල මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න ඉවාන්, මම නෙවේ අජිත්ම මේ පොස්ට් එකේ ලියල තියෙන්නේ මෙන්න මෙහෙම.
      //'සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට ලැබී ඇත්තේ විශාල තල්ලුවකි'//
      ඒ වගේම අජිත් තව දුරටත් ලියනවා //මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි// ඔන්න ඔතනයි කේස් එක තියෙන්නේ.

      //බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක. //
      ඔව් ඔව්, මේක මේ මිතුරන් අතරේ පමණයි හෝ සාමාජිකයන්ට පමණයි නොවන නිසා, බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ටත්, බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ නොවෙන්නන්ටත්, සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ටත්, සුචරිතයක් පෙන්වමින් විරුද්ධ නොවෙන්නන්ටත් නමැති ඕනෑම වර්ගයේ කෙනෙක්ට සහභාගී විය හැකියි.

      ඉවාන්ට කැමතිනම් කඩේ ගියාට අපේ ඇති විරුද්ධත්වයක් නම් නැහැ.
      හැබැයි ඉතින් විචා ව බලන්න ගිය එකට නම් බොහොම ස්තුතියි.

      Delete
    2. ඔය තරං දැනුවත් බ්ලොගර්ලා කඩේ යන එකක් නෑනේ සම්මානයක් ලැබුන කියල නේද. ඒ නිසා ඔයා බය වෙන්න එපා. කොන්දක් තියෙනවනං සම්මාන දාහක් ගත්තත් තමුන්ගෙ ගමන වෙනස් කරන්නෙ නෑ . ඒත් එහෙම වෙනස් වෙන්න හිතාගෙන ඉන්න අය තමා ඔය තරං බය.

      Delete
    3. අනිත් එක ඇනෝ මචං මම විචාව බලන්න ඔයිට කලිනුත් ගියා. ඒ බ්ලොග් ලියන නිසා නෙවේ මනුස්සයෙක් ලෙඩක් දුකක් වුනාම බලන්න යන එක හොඳයි කියල හිතුනු නිසා. හැබැයි ඒවා පත්තරේ දැම්මෙ නෑ.

      Delete
    4. අනිත් එක ඇනෝ මචං මම විචාව බලන්න ඔයිට කලිනුත් ගියා. ඒ බ්ලොග් ලියන නිසා නෙවේ මනුස්සයෙක් ලෙඩක් දුකක් වුනාම බලන්න යන එක හොඳයි කියල හිතුනු නිසා. හැබැයි ඒවා පත්තරේ දැම්මෙ නෑ.

      Delete
    5. //මෙතන තියෙන්නේ අජිත්ලා නෙළුම් යායක් පෙන්නලා බ්ලොගර්ලාව කඩේ අරින එකක්.// ඔය කඩේ ගියේ කාටද බ්ලොගර් ලා? දේශපාලන අංශයේත් ආණ්ඩු විරෝධී ලිපි තම දිනුවේ. ප්‍රහසන වල මෑත ගහපු දඩ ගැන කෙනෙක් ලිව්වා එකක් දිනුවේ. ඇමතිලට කඩේ යනවනම් ඕවට සම්මාන දෙනවද? ඒ බ්ලොග්කරුවෝ කඩේ ගියා ද? මේවා නිකම් ගර්හාවට නැත්නම් කියන කතා , නැත්නම් මිදී තිත්තයි වගේ කතා

      Delete
  23. චන්දිම විතානාරච්චි රාජිත "නූතන සේනක බිබිලේ " ලෙස නම් කලේ ඔහුට අනුව රාජිත ඖෂධ සමාගම් සමග සටන් කරන හෙයිනි. (මේ ගැන පසු දවසක ලියමි)

    මේක තමයි මරුම කතාව .. අනේ හුකේ නන්නනේ.. බල්ලො හුකයි අඩමානේ කිවුවලු..

    ReplyDelete
    Replies
    1. මේක ගැන අන්න ඉයන් ලියල තිබෙනවා. රාජිතට සන්නශ්ගලක් ගහමු කියල. http://lankanian.blogspot.co.uk/2017/03/blog-post_30.html

      පසුව ලියන්නම් කිව්වේ මේකට. මම ලංකාවේ අහපු විධිහට රාජිත කරල තියෙන්නේ බෙහෙත් මිල ගන්න පහලටම නොදැ ඇවරේජ් අගයක් දීම . නමුත් එකෙන් වුනේ එන හොඳ බෙහෙත් නැතිවීම වගේම ඉන්දියාව වගේ රටවල හදන ලාභ බෙහෙත් ගණන් වැඩි කරලා අර මධ්‍යස්ත අගයට ගෙන එම. ඉතින් ඕවරෝල් පාඩුයි. එහෙම තමයි කිව්වේ ලංකාවේ යහළුවෝ . ඉතින් රාජිත එහෙම ඖශධ සමාගම් එක්ක සටන් කලා කියන එක බොරුවක් කියලයි ඒ අය කියන්නේ. ඒ අර්ථයෙන් ඔය සේනක බිබිලේ කතාව හිතලුවක්. නමුත් දෙගොල්ලක් දෙවිදියකට කියනවා. පෝටර් රාජිතට විරුද්ධ නිසා බනිනවා . රාජිතට පක්ෂ කට්ටිය නෑ හරි කියනවා. සත්‍යය මොකක්ද?

      Delete
    2. //එකෙන් වුනේ එන හොඳ බෙහෙත් නැතිවීම වගේම ඉන්දියාව වගේ රටවල හදන ලාභ බෙහෙත් ගණන් වැඩි කරලා අර මධ්‍යස්ත අගයට ගෙන එම. ඉතින් ඕවරෝල් පාඩුයි. //

      මේක තමයි ඇත්ත අජිත්. මිලියන ගණන් වියදම් කරල බේත් මිල අඩු කළා කියල ප්‍රචාරයක් දුන්නෙ ඇත්ත වහන්නයි. බේත් වල මිල අඩුවීමෙන් ලැබුණ ලාබෙට වඩා ඔය publicity campaign එකට යන්න ඇති.

      Delete
  24. අජිත් මම මේ බ්ලොග් වල හා බ්ලොග් කරුවන්ගේ අතීත පැවතුම්, දේශපාලනික මත ආදිය ගැන දැනුවත්ව හිටියේ නැහැ. ඔබට මා බොහෝ ප්‍රිය කලේ ඔබ රචනා කරන බුද්දිමය සංවාද නිසයි.
    එය තව දුරටත් පලුදු නොකර තබා ගැනීමට මම කැමතියි.

    ඔබෙ මේ පැහැදිලි කිරීම හරිම වටිනවා. මොකද ඒ තුලින් මේ සම්මාන උලෙලේ දේශපාලනික මත වාදය හරි අපූරුවට මතු වෙන නිසා.
    ඔබේ විවෘත්ත භාවයට මම ගරු කරනවා.

    ඉදිරියේදී බ්ලොග් ලෝකයේ වන්නෙ කුමක්දැයි අපත් අවදියෙන් සිටිය යුතුයැයි මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඕක ඇත්තම කියනවා ලොකු වැදගත් කමක් නැහැ. දේශපාලකයෝ ගෙනාවයි කියල කරන්න පුළුවන් මහා ලොකු දේකුත් නැහැ. ඔය සමහර සමාගම් දායකත්වය දෙනකොට එන දේශපාලකයෝ කවුද කියල බලනවා මම හිතන්නේ. මේවා ගැන ලියන එකත් මට නම් දැන් එපා වෙලා.

      Delete
  25. //සත් හඬේ ලිපි වලින් තමන් ජාතිවාදියකු නොවේ යයි විලාප දෙන හෙන්රි වර්ණකුලසුරිය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඇත්තන්ටද , ජවිපෙට ද මිනීමරු කොටි සංවිධානයට එරෙහි වූ යුද්ධය ශුද්ධ යුද්ධයකි. (මමද ඒ කාලයේ සිටියේ යුද්ධය පැත්තේ බව කණගාටුවෙන් යුතුව වුවද පිළි ගනිමි. එසේ කලේ කොටි සංවිධානය අවසන් සාම සාකච්චා වටද පයින් ගැසූ කල ඔවුන් මැඩීමට වෙන ක්‍රමයක් නොමැතිය යන හැඟීමෙනි. එසේම චැනල් 4 නාලිකාවට විරුද්ධව ලන්ඩනයේ කළ උද්ඝෝෂණ වලටද සහභාගී වූවෙක්මි. නමුත් එම යුද්ධය විශාල මනුෂ්‍ය ඝාතනයකින් නිමවූ බවත් යුධ අපරාධ සිදු වුනි නම් ශ්‍රී ලංකාව ඒවා විභාග කළ යුතු බවත් පිළි ගන්නා ස්ථාවරයක සිටිමි.)//

    මා ජාතිවාදියෙකුද නැද්ද යන්න තීන්දු කිරීම මගේ භාවිතයට අනුව ඉතිහාසයේ ලියැවෙන්නට ඉඩ තබා අජිත්ගෙන් ප්‍රශ්න කීපයක් විමසමි.
    මනුෂ්‍යයින් අතර යුද්ධ නිමා වන්නේ මිනිස් ඝාතන වලින් නොව බලු ඝාතන වලින් යැයි ඔබ සිතන්නේද ?
    //කොටි සංවිධානය අවසන් සාම සාකච්චා වටද පයින් ගැසූ කල ඔවුන් මැඩීමට වෙන ක්‍රමයක් නොමැතිය යන හැඟීමෙනි. // යනුවෙන් පවසන චැනල් 4 වලට විරුද්ධව පෙළපාලි ගිය අජිත්ගේ දර්ශනය කුමක්ද ? ඔවුන් මැඩීමට වෙන ක්‍රමයක් නොවූයේ නම් යුද්ධයකින් ප්‍රභාකරන් පරාජය කිරීම ගැන අද තැවෙන්නේ ඇයි ?
    චන්දිම නමැත්තා අජිත්ව සල්ලි වලට අරන් වත්ද ?

    ReplyDelete
    Replies
    1. හෙන්රි ඔය මගේ බ්ලොග් ලිපියක ලියල ඇති මේවා. දැන් කම්මැලියි ලින්ක් දෙන්න. . ලංකාවේ ඉන්න කාලේ වයස 18 කාලේ නන්දන විරරත්නලා හෙම මහජන පුස්තකාලේ කරපු "නිර්මාණ සංවාද කුලකයේ" හෙම රැස්වීම් වලට සහභාගී වෙලා තියෙන , සුචරිත් ගම්ලත් ගේ (දෙමල ජාතියේ ස්වයං නිර්ණ අයිතිය ගැන ) , දයාන් ජයතිලකලගේ ඒ කාලේ දේශනා අහපු කෙනෙක්. හැබැයි ඊටත් කලින් "දෙමලු හොර කරනවා උසස් පෙලට" කියල සිරිල් මැතිව් ගේ සෙට් එකක් එක්ක පෝස්ටරුත් ගැහැව්වා. දහයේ පන්තියේදී විතර. මම මුලදී මෙහෙ ජවිපෙ සෙට් එක හා සිංහල සංවිධානේ ඩග්ලස් වික්‍රමරත්න කරපු උද්ඝෝෂණ වලට ගියා කොටි සංවිධානයට විරුද්ධව. නමුත් ඔය යුද්ධය ඉවර වෙලා ගිය කතා අස්සේ ලංකාවේ සොල්ජර්ස් හා ඔෆිසර්ස් ලම තමයි ඔය චැනල් 4 වීඩියෝ දීල තියෙන්නේ. ඒක මම පස්සේ දන ගත්ත දෙයක්. මම මුලින් හිතන් හිටියේ ඒවා තමිල්නාඩුවේ හොරෙන් ගහල කියල.
      //මනුෂ්‍යයින් අතර යුද්ධ නිමා වන්නේ මිනිස් ඝාතන වලින් නොව බලු ඝාතන වලින් යැයි ඔබ සිතන්නේද ?// යුද්ධයකදී සොල්දාදුවන් මැරෙන්න පුළුවන්. ත්‍රස්තවාදීන් මැරෙන්න පුළුවන්. දෙපිරිසක් අතර යුද්ධයකදී දෙපත්තටම් නැති මිනිසුන් මැරෙන්න පුළුවන් විශාල අවි යුධ වැදී. නමුත් ඕන කමින් සසමනය මිනුසුන්ට පහර එල්ල කළ මරා දැමීම සාපරාධී මනුෂ්‍ය ඝාතන. යුද්ධයකදී එහෙම දේවල් වුනොත් ඒවා යුද අපරාධ.
      මට අනුව අමෙරකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයේ කල න්‍යෂ්ටික අවි ප්‍රහාරය යුද අපරාධයක්. හිට්ලර් යුදෙව්වන්ට ගෑස් ගසා මරා දැමීම, ඇමෙරිකානු භටයන් ආදිවාසීන්ගේ ගම ගිනි තබා විනාශ කිරීම, සුද්දන් වෙල්ලසේ කළ මරා දැමීම් මේවා ඔක්කොම යුධ අපරාධ. ලංකා ආණ්ඩුව සමනය දෙමල සිවිල් වැසියන්ට පහර එල්ල කර මර දැමීම හා අල්ලා ගත යුධ සිර කරුවන් නඩුවකින් තොරව මරා දැමීම යුධ අපරාධ. එක්සත් ජනපද හමුදාව වියට්නාමයේ මෛ ලා වල කල සමුලඝාතනය යුධ අපරාධ.
      https://en.wikipedia.org/wiki/My_Lai_Massacre
      ඉතින් හෙන්රි යුද්ධ නිම වෙනකොට යුධ අපරාධ වෙන්න පුළුවන්.
      //ඔවුන් මැඩීමට වෙන ක්‍රමයක් නොවූයේ නම්// ඒ දවස් වල තිබූ , නිව්ස් ලැබුන විධිහ අනුව තමා එහම් හිතන් හිටියේ. නමුත් යුද්ධයෙන් පස්සේ සැඟවී තිබුණු ගොඩක් දේවල් එලියට ආව. ලංකාවේ මිනිස්සු රවට්ටපුව. අපිවත් එක්කම.
      //චන්දිම නමැත්තා අජිත්ව සල්ලි වලට අරන් වත්ද ?// මේකනම් අපහාසයක්. ඔයාගේ අදහසට එකඟ නැත්නම් ඒ මනුස්සය කවුරු හරි සල්ලි වලට අරගෙන කියන එක. මම මගේ අදහස් ගොනු කරන්නේ මම කියවන පොත් පත් අහ්රයෙන්. කියවන නිව්ස්, සඟරා සහ වෙනත් ලැබෙන දත්ත මාර්ගයෙන්. සල්ලි ගන්නේ නැහැ ඒ මත ඉදිරපත් කරන්න කාගෙන්වත්. ලැජ්ජයි හෙන්රි.

      Delete
  26. //රාජිත සේනාරත්න මහතා සමග සම්මාන දෙන්නට කිසිවෙක් සිටියේ නැති අතර නෙළුම් යාය සංස්කාරක වශයෙන් මම එය භාර ගතිමි. හෙන්රි වර්ණකුලසුරිය සමග ලංකානිව්ස්වෙබ් එකේ රැකියාව කරන ජවිපෙ / පෙරටුගාමී සමාජවාදී එකෙන් ආ අපේ සගයෝද සුළුදිය පහ කරන්නටදෝ මන්දා එලියට ගිය බව කියති. මා එවැන්නක් නිරීක්ෂණය නොකළ මුත් එවැන්නක් වී තිබේ. //

    (ප්‍රා)රාජිත "නූතන බිබිලේ" ලෙස නදීලා ලවා චන්දිම කියෙව්වේ ඇයිද යන්න මේ වනවිට පැහැදිලිය. (ප්‍රා)රාජිතට සන්නස්ගලද විරෝධය දැක්වූයේ චාලාවෙන් පිටතට යමිනි. පසුව වේදිකාවට නැග බලෙන් මයික්‍රෆෝනය ඉල්ලා ගෙන ඉවරම කර දැම්මේය. සන්නස්ගල යනු ආරාධිතයෙකි. සම්මාන දෙන්නට ආ සම්භාවනීය ආරාධිතයෙකි. මා සමඟ නම් කිසිවෙකුත් එළියට ගියේ නැත. හිරිකිත කමටම පිරිසක් එකවර එළියට ගියේ ගන්ධස්සාරය ඉවසන් ඉන්න බැරිවය. එකම මොහොතක කණ්ඩායම් කීපයකටම එසේ දැනීම ඇතිවී ක්‍රියාත්මක වීමෙන් ගඳේ තරම හිතා ගන්නට පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඔය කණ්ඩායම් කිහිපය කියන්නේ ඔයයි රුවන් නෙලුයි තව කවුද? මෙතැන් මට රජිත්ව ඩිෆේන්ඩ් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අර පෙරටුගාමී සමාජවාදී පොරකුත් බැනලා තියෙන්නේ මට ෆේස්බුක් එකේ කුඩු කෑ එකෙක් කියල. ඔය හැමෝගෙම රෙදි ගලවන්න හරි ලේසියි. නමුත් අපි අර පුද්ගලික දේවල් අදින්නේ නැති නිසා එතනට යන්නේ නැහැ. රාජිත ගේන්නේ මොකටද කියා චන්දිම ගෙන් මුලින්ම ඇසුවේ මා විය යුතුය. ඔහු මටද එම ඖශධ කතාව කීවේය . නමුත් ඉතා වැදගත් දෙයක් නිසා මම රාජිතට ඒ අවස්ථාවේදී කැමති වීමි. ඔබලා කිහිප දෙනෙකුගේ විරෝධයට වඩා වැදගත් ඒ දේ නම් රාජිත මහා රෝහල හෘද රෝගීන් ට ස්ටෙන්ට් ලබා දෙන්නේ නොමිලයේය. එසේ ස්ටෙන්ට් නොමිලේ සවි කරගත් කිහිප දෙනෙකුන්ම මම දනිමි. නැත්නම් ලක්ෂ තුනක් දක්වා ගෙවිය යුතුය. ඉල්නගට මහජන පක්ෂයේ සිටම ජාතිවාදයට විරුද්ධ වූ අයෙකි.

      Delete
    2. අවසන් කරණය නම් ඔබ සත්හඬ ලිපියේ මෙන්ම බොහෝ තැන්වල මහින්ද මහතාගේ යුද්ධය වර්ණනා කරයි. සමහර විට එතුමා සිටිය නම් ඔබ දේශපාලකයෙකු කියා ඉවතට නොයනු ඇත. රාජිත සිටියේ මහින්දගේ කැබිනේට්ටුවේය. අර නැව් ගිල්ලා කිවූ කාලය. ඔබ එතකොට මහින්දටත් විරෝධය දැක්වූවද ? රාජිත කැබිනට් එකේ තියන් ඉන්නව කියල?

      Delete
  27. //රාජිත සේනාරත්න මහතා සමග සම්මාන දෙන්නට කිසිවෙක් සිටියේ නැති අතර නෙළුම් යාය සංස්කාරක වශයෙන් මම එය භාර ගතිමි. හෙන්රි වර්ණකුලසුරිය සමග ලංකානිව්ස්වෙබ් එකේ රැකියාව කරන ජවිපෙ / පෙරටුගාමී සමාජවාදී එකෙන් ආ අපේ සගයෝද සුළුදිය පහ කරන්නටදෝ මන්දා එලියට ගිය බව කියති. මා එවැන්නක් නිරීක්ෂණය නොකළ මුත් එවැන්නක් වී තිබේ. //

    හ්ම්ම්,
    නෙළුම් යාය 4 තියන කොට, අර ගාමන්ට් වල ළමයින්ට දෙනවා වගේ, සුළුදිය පහ කරන්නට යන්නත් පොඩි පාස් එකක් දාන්න.
    ඒක ගත්තොත් සම්මාන ලකුණුත් ඕනෙනම් 5ක් 10ක් අඩු කරන්නත් පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. ර්ටයර් වෙච්ච නෙවිකාරයගේ යාළුවො දාන්න පුළුවන් පාස් එක බලන්න!

      Delete
  28. $-නෙලුම් යාය ගැන මගේ එකම විවේචනය නම්, එයට රාජිත ගෙන්වා ගැනීම පමණයි. හැබැයි ඉතිං රාජිතගෙ හොඳ දකින අයත් ඉන්න පුළුවන්. ඉදිරි සම්මාන උළෙලවල් සඳහා දේශපාලකයන් ගෙන්වා ගැනීම ගැන ආයෙත් හිතන්න කියල ඉල්ලනව.
    $-චන්දිම කියන හාදයා ගැන ඇහුවෙත් මේ සීන් එකෙන්. ඔහු බ්ලොග් වෙනුවෙන් යමක් කලා නම් අවුලක් නෑ. චන්දිමගෙ වරෙන්තුව ගැන පුක පොලවේ ගහගන්නා බයි මහත්වරුන්, බයි ආණ්ඩුවේ මහබැංකු අධිපති වෙලා හිටියෙත් උසාවි නියෝග අනුව තනතුරු දැරීමට නුසුදුස්සෙක් කියල තීන්දුව දීපු කෙනෙක් බව මතක තියා ගත්තොත් හොඳයි.
    $-අජිත්ට එරෙහිව එල්ල වූ මඩ/විවේචන කුලක කිහිපයකට දක්වන්න පුළුවන්.
    i ඇත්තටම දේශපාලකයන් ගෙන්වා ගැනීමට අකමැති අය. බ්ලොග් ලිවීමට දේශපාලනය සම්බන්ධ නොවිය යුතුයි කියල හිතන අවංක එවුන්.
    ii කුමන හෝ ආකාරයක සම්මාන දීමක් අනවශ්‍යයි, එවැන්නකින් ලිවීම, ධ්‍රැවීකරනය වෙයි කියල කියල හිතන අය(උදා: සුජීව කොකාවල)
    iii අජිත් එක්ක පෞද්ගලික ඇරියස් ඇති අය.
    iv ජනවාරි අට ලොකු බයියාගේ පරාජය හේතුවෙන් මොලේ කචල් වෙච්ච අය....

    ReplyDelete
    Replies
    1. රාජ්,
      //$-නෙලුම් යාය ගැන මගේ එකම විවේචනය නම්, එයට රාජිත ගෙන්වා ගැනීම පමණයි.//

      එහෙම බලපුවම මහින්ද ගැන හොද දකින්න පුළුවන් ගෝඨාබය ගැන හොද දකින්න පුළුවන් වැඩිය ඕනේ නෑ මචෝ මරුවින් සිල්වා ගැනත් හොදදකින්න පුළුවන් , අර සමුර්ධි නියාමකය තුලත් වැරද්දක් තිබුනනේ ගස් බදින්න, මෙහිම ගස්බැන්දම ඊට පස්සේ රජයේ සේවකයෝ කර්යක්ෂමව වදකලානේ ඉතින් එකත් හොදක් තමයි. අනේ මගේ කට !

      Delete
    2. ඇත්තටම මරුවින් ගෙන්නපු කියලත් යෝජනාවක් තිබිල තියනවා කියල දැන ගන්නට ලැබුන. 2020 කරනවා නම් ගොඨාභය රජයේ කෙනෙක් ගෙන්වන්න වෙන්නේ කොහොමත්. හේ හේ :)

      Delete
  29. හුදෙකලාවේ තමන්ගේ ලියවිල්ල ලියපු බොලොග් කරුවෝ ගෙන්නලා ඔහුන්ව ධෛර්මත් කිරීම අතිශයින් පැසසිය යුතු කරුණක්, අන්න ඒ නිසා කොන්දේසි විරහිත මගේ ආචාරය නෙළුම් යායට පුදකරනවා. එනිසා ඉදිරියටත් සිදුවන ඕනෙම කටයුත්තක් සදහා මගේ හැකි පමණීන් සියළුම සහයෝගයන් නෙළුම් යායට අදටත්, හෙටටත් ලබාදෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එදා හමු වෙන නේද?

      Delete
    2. එදා ඔයා ආවේ පස්සේ මොනාස් එකටත්.

      Delete
  30. මේ පොස්ට් එකේ ටයිටල් එක වැරදියි.
    ඒක හරිනම්;


    සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , සහ අජිත්ගේ දිව දෙකේ අපස්මාරය

    වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ආ මේ මන්ජුලද? අපස් මාරෙ සනීපද? රාජිතට අකමැති වුණා කියල සම්මාන උළෙල මම කියට වත් වර්ජනය කරන්නේ නැහැනේ. දිව දෙකේ තමයි. කිරි ගහට ඇන්න වගේ.

      Delete
    2. අල්ලගත්ත නේ!
      කොහොමද අජිත්ගේ ටිකිරි මොලේ!!
      එංගලන්තෙත් ටිකිරි මාරි තියේ??

      Delete
    3. විහිළුවට අනේ

      Delete
  31. //බ්ලොග් යනු ස්වාධින මාධ්‍යයක් වන අතර කිසිම දේශපාලන මතවාදයකට , පක්ෂයකට තනි අයිතියක් නොගත හැකි තැනකි. කිසියම් බ්ලොග් කරුවෙක් හඳුනාගෙන තර්ජනයක් එල්ල වන්නේ නම් ඔහුට හෝ ඇයට එය අතහැර වෙනත් බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගැනීම හා ලියන ශෛලිය වෙනස් කර ගැනීම ඉතා සුළු දෙයකි...මේ සම්මාන උළෙල බොහෝ පැතිවලින් සාර්ථක බව ඇතිවූ සංවාද වලින් පැහැදිලිය.//

    මේ අදහසට මාත් එකඟයි.

    ReplyDelete
  32. නූතන සේනක බිබිලේ නමින් හැඳින්නුව පුද්ගලයා මීට දශකයකට විතර කලින් තුමන්ට අයිති පුද්ගලික ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාවට කල් ඉකුත්වුන බෙහෙත් විකුනලා උසාවියේ වරදකරු වෙලා මන්ත්රීකමත් අහෝසි වුනා කියල නෙලුම් යාය දන්නේ නැතුව ඇති. පසුව පත්කළ මන්ත්‍රී කෙනෙක් වෙන්න පිනා චාන්ස් එක වැදුන නිසා ආයෙමත් පාර්ලිමේන්තු රිංගන්න ලැබුනා. නුතන සේනක බිබිලේ කියල හඳුන්වපු පුද්ගලයා ඒ කියන ව්‍යාපාරයෙන් ටෙන්ඩර හරහා ඉපයුවාද කියලා නෙලුම් යය දන්නේ නැතුව ඇති. මහත්වරුනේ.. තමුන්ගේ ජරා ජීරණ සක්කිලි ගඳ ගහන අරමුණු කරා යන්න සේනක බිබිලේ කියන උතුම් නාමය භාවිතා කරපු එක හෙන ගහන අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. //මීට දශකයකට විතර කලින් තුමන්ට අයිති පුද්ගලික ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාවට කල් ඉකුත්වුන බෙහෙත් විකුනලා උසාවියේ වරදකරු වෙලා මන්ත්රීකමත් අහෝසි වුනා කියල // මම පුද්ගලිකව නම් දන්නේ නැහැ.
      //නුතන සේනක බිබිලේ කියල හඳුන්වපු පුද්ගලයා ඒ කියන ව්‍යාපාරයෙන් ටෙන්ඩර හරහා ඉපයුවාද කියලා නෙලුම් යය දන්නේ නැතුව ඇති// අදයි ඇහුවේ ඒකත් ස්තූතියි . දැන් මේ චෝදනාවට ඔය මනුස්සයව කවුරුත් අල්ලල දුන්නේ නැත්ද?
      අමතක වුන මෑන් හැම ආණ්ඩුවේම හිටියනේ. මහින්ද ගේ එකෙත්. තොන්ඩ වගේමයි.
      සෙනක් බිබිලේ සම සමාජ කෙනෙක් නේද? ඔය සම සමාජ සෙට් එක තිසා විතාරණ එක්ක මහින්ද ආණ්ඩුවේ හිටිය නේද? ඩ්‍රග් කම්පැනි ශේප් වෙන කාලේ මහින්ද / මයිත්‍රී එක්ක තමුන්ගේ ජරා ජීරණ සක්කිලි ගඳ ගහන අරමුණු කරා යන්න . ඇමතිකම් අරන් ජිවත් වෙන්න. චන්දිමය කලත් එකයි ඔයාල කලත් එකයි. චන්දිමයට නම් මම එදාම විරෝධය ප්‍රකාශ කලා ඕක කරුණු හොයල කරන්න තිබ්බේ කියල. හැබැයි දැන් බලාගෙන යනකොට රාජිත මම හිතපු තරම්ම නරකත් නැහැ. හොඳත් නැහැ. මොකද මේ මහින්දගේ ආණ්ඩුවේත් හිටි ඇමැත්තෙක් නේ.

      Delete
    2. ඔව්ව දැනගන්න අජිත්ල ඉතින් ලංකාවේ ඉන්න එපැයි. එහෙම නැත්නම් අජිත් දුමින්ද සිල්වාගේ නෑයෙක්ද ?
      පරණ බෙහෙත් වල කල් ඉකුත්වීමේ ඉස්ටිකර් එක උඩින් වෙන එකක් අලවල විකුනපු එකයි, රජයේ සේවකයෙක් වෙලා රජයට භාණ්ඩ විකුනපු එකටයි දෙකටම උසාවියෙන් වැරදි කාරය උනා.
      සේනක බිබිලේ සමසමාජේ උනත් LTTE උනත් කලේ හොඳ වැඩක්නේ.
      තිස්ස විතාරණ සම සමාජ කිව්වට මිනිහගේ තිබිච්ච සම සමාජයක් නැහැ. ඇන් ඇම් ගේ ඥාතියා කියල බලෙන් සෙට් උනා මිසක්.

      මෙතනට මහින්ද, මයිත්‍රී කතා අරව මේව වැඩක් නෑ. රාජිතගේ තිබිච්ච වැරැද්දක් නේ කිව්වේ. ඔච්චර ඩෝන් යන්නත් අවශ්‍ය නැහැ ඔයාගේ යටි අරමුණක් නැත්තන්.

      Delete
    3. http://www.thesundayleader.lk/2016/02/21/why-is-nmra-a-bitter-pill-for-rajitha-to-swallow/

      Delete
    4. //සේනක බිබිලේ සමසමාජේ උනත් LTTE උනත් කලේ හොඳ වැඩක්නේ// සේනක බිබිලේ ගැන මම මුකුත් වැරැද්දක් කිව්වේ නැහැ . මම ලිව්වේ එයා හිටි සමසමාජේ ගිය ආණ්ඩුවේ හිටිය. නමුත් බිබිලේ ගේ ඩ්‍රග් පොලිසි එක ක්‍රියාත්මක කලේ නැහැ කියල.
      //ඔච්චර ඩෝන් යන්නත් අවශ්‍ය නැහැ ඔයාගේ යටි අරමුණක් නැත්තන්.// ඩෝන් ගියේ කාටද? සමහර විට කෙටියෙන් කොමෙන්ට් ලියන කොට එහෙම පෙනෙනවා ඇති. ඩෝන් යන්න තරම් දෙයක් ඔයා කිව්වද? මම කිව්වේ මම දැනගෙන හිටියේ නැහැ කියල ඔයා කියොඋ දේ. ලින්ක් එකක් මොකක් වත් තියනවද බලන්න. මම රජිත සුද්ධ කරනවා නේමේ. චෝදනාව සත්‍ය අසත්‍ය බව බැලුවේ.

      Delete
    5. ඔය රාජිතට ඔච්ච්චර හැමෝම වැලි අදින්නේ නැව් හතක ගිල්ල කියන එකට අමතරව මේවා නිසාද ? දොස්ත්රලටම් අංචි අදින නිසා වෙන්න බැරිද?
      Sri Lanka doctors to be fined for prescribing drugs from reputed firms
      http://www.economynext.com/Sri_Lanka_doctors_to_be_fined_for_prescribing_drugs_from_reputed_firms-3-857-7.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .