Saturday 20 May 2017

පරිසරයට හිතකර නිවාඩුවක් 3 - බැටළු නෑම්බියන් ගෙන් ලෑමින් - lambing

මුල් ලිපිය දර පෝරණුව 
දෙවන ලිපිය - පරිසරයට හිතකර නිවාඩුවක් 2 -ක්‍රිස් හා ලීසා විදුලිය ගන්නා හැටි

මේ කොටසේ වීඩියෝව  සමහර අයට බැලීමට  අපහසුතාවයක් ඇතිවිය හැකියි. එනිසා ඒ ගැන සමාවෙන්න. ඉංග්‍රීසියෙන් ලෑමින් (ඇමෙරිකන් ව්‍යවහාරය ලෑම්බින්  lambing) කියන්නේ බැටළු ධේනුවන් ගෙන් පැටව් ලැබෙන කාලයට ගොවියන් යොදන වචනය.  අපි මේ නිවාඩුවට ගිය කාලය තමා පුංචි බැටළු පැටවුන් ඉපැදෙන කාලය . ඉතින් ගොවියන් රෑ නිදි මරාගෙන බැටළු ධේනුවට උදව් වෙනවා පැටවා හෝ පැටවුන් බිහි කරන්න.   ඊළඟ දිනයේ ක්‍රිස් සහ ගොවි බිරිඳ ලීසා අපට අඬ ගැහුවා ඒක බලන්න.

එක අතකින් මේක වැදගත්. එංගලන්තයේ ක්‍රමයට දියණියන් දෙදෙනාට  පශු වෛද්‍ය විද්‍යාව හෙම හදාරන්න අවශ්‍ය නම් ඔවුන් විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න කලින් ගොවිපළක සතුන් නඩත්තු කරන හැටි හැදෑරිය යුතුයි. මෙයට මුදල් ලැබෙන්නේ නැහැ. ඉඳුම් හිටුම් ගොවිපලේ ලැබෙනවා.මම ලීසා ගෙන් ඇහුවම ඇය කීවා දියණියන්ට අවශ්‍ය නම් එසේ  ඉඩ සලසා හැකි බව. නමුත්  දියණියන් එම විෂය හදාරන්න කැමති නැහැ . ගොවිපලේ ජීවිතය අමාරු බව කියන ඔවුන් වෙනත් විෂයන්  හදාරන්නයි වඩා කැමති . මම ඔවුන්ට කීවේ ගොවිප[අලවලට නිතර ඒම අවශ්‍ය නොවන බව. නමුත් ඔවුන් සතුන්ට කැමති වුනත් එවැනි රැකියාවක් ගැන එතරම් උනන්දුවක් තිබුනේ නැහැ.

ක්‍රිස් එදා පාන්දර  තුනට පමණ බැටළු පැටව්   තුන් දෙනෙකුට උපදින්න බැටළු  මාතෘ සායන  වැඩ කරලා තිබ්බ. උදේ මහන්සි වුනත් ප්‍රීතියෙන් හිටියේ. ලීසා ළමයින් තුන් දෙනෙකුත් හදන ගමන් මේ ගොවිපලේ වැඩ කරන්නේ. මුළු දවස පුරා මත ඒ දෙන්න වැඩ. ඒ අතින් අපේ ජිවිත කොතරම් ලෙහෙසිද කියල හිතෙනවා.
කඳු මුදුන හා අනිත් බාර්න් එක 
පැත්තක ඇත්තේ ගොවි නිවස 
අසළින් ගලන   දොළ 
 පසු ගිය ලිපි දෙකට නොදැම්ම පින්තුර දෙක තුනක් දානව ගොවිපල අවට.
















පහත  වීඩියෝ වල තියෙන්නේ බැටළුවෝ පැටවුන් බිහි කරන හැටි සහ ක්‍රිස් උදව් කරන හැටි. පැටවෙක් ඉපදුනහම ක්‍රිස් සහ ලීසා උන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙනවා. ඊට අමතරව අයඩින් වලින් තුවාල තෙමනව. බෙහෙත් පිරුණු බාල්දියක් කෑම දෙනවා ලෙඩ හැදෙන්නේ නැතිවෙන්න. ඒ සත්ව ගාල ඉතා උණුසුමින් තබනවා.


ක්‍රිස් උපතට උදව් කරන ආකාරය 

මෙහිදී පෙනෙනවා ඇති මෙය ලෙහෙඉ කාර්යයක් නොවන බව. මේ කාලය පුරාවට දවසට බැටළු ධේනුවන් හතර දෙනෙක් වත් විවිධ වෙලාවට පැටවුන් ප්‍රසූත  කරනවා. ඒ හැම අවස්ථාවකම ඔවුන් ළඟ සිටිය යුතුයි. රාත්‍රියටත්  නින්දක් නැහැ.

ඉපදී මිනිත්තුවකට පමණ පසු 

ඉපදී මිනිත්තුවකට පමණ පසු 

ඉපදුනු ගමන් පැය කිහිපයකට පසු පැටවා මව සමග 
බැටළු ධේනුවන් සාමාන්‍යයෙන් පිරිමි බැටළුවකු සමග එක්වීමට දෙන්නේ සරත් සෘතුවේ අවසානය හා ශීත සෘතුවේ එළැඹීම සමගයි. පැටවා පිළිසිඳ මාස  හයක කාලයකින් පමණ උපදිනවා. ඉතින් ගොවියන් දන්නවා ඊස්ටර් එක එහෙම  නැත්නම් මාර්තු අප්‍රේල් කාලය තුල උපදිනවා කියල. හැම අවුරුද්දකම එහෙමයි. අප්‍රේල් කාලයේ තමා නැවත තණකොළ හොඳට වැවෙන්න පටන් ගන්නේ. එළදෙනුන් හා ගවයන් මෙන් නොව බැටළුවන් ට   බොහෝ විට දෙන්නේ තණකොළ. මේ පැටව් (නැත්නම් lamb)  මාස  9 කින් පමණ මස් පිණිස විකුණනවා. ලෑම්බ් මස් කියා සුපර් මාකට් වල විකුණන්නේ මේ මාස නමයේ පැටවුන්ගේ මස්. එතකොට මට්න් (mutton) කියන්නේ  හොඳට වැඩුණු බැටලුවකුගේ මස්. (ලංකව වැනි රටවල මට්න් කියන්නේ එළු මස් වලට) . බැටළුවෙක් ජිවිත කාලය අවුරුදු  10-12 පමණ වෙනවා. (ඒ අනුව අවුරුද්දක් බැටළුවෙක් මිනිස් වර්ෂ 6 ක වගේ වයස ) ක්‍රිස් හා ලීසා ගේ ගොවිපලේ බැටළු පැටවුන් 100-150 පමණ උපදිනවා මේ කාලයතුල. ඒ දෙදෙනාට වැඩ අධිකම කාලයක් තමා මේ.

(සමහර කරුණු දැන ගත්තේ ක්‍රිස් සහ ලීසා ගෙන්)

30 comments:

  1. Replies
    1. ඔය නැචුරල් බර්ත් තමයි

      Delete
    2. අනේ මන්දා නැචුරල් බර්ත් ගැන අහපු කෙනා ඉන්නේ කොහෙද දන්නේ නෑ

      සාමාන්‍ය දැනුමේ තරම තමයි ඔය නමුත් සිතන්නේ මන්.......

      Delete
    3. Rasika meant maybe "unassisted birth"?

      Delete
  2. මට නුහුරුම අද්දැකීමක්. ස්තුතියි විස්තරවලට. වීඩියෝව වැඩ කරන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මම යුටියුබ් දාල ලින්ක් එක දෙන්නම්

      Delete
  3. ඉපදුණු ගමන් එහෙ මෙහෙ දුව පනින පැටව්
    බිහිවනු ඇත්තෙ වසරට එක් වරද කියව්
    බිහිවුණු පසුව ගොවිපල ඒ බැටළු පැටව්
    දැනගනු කැමැත්තෙමි ආයුෂ ගණන ලියව්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. "බිහිවනු ඇත්තෙ කී වසකට පසුද කියව්" ලෙස වෙනස් විය යුතුයි.

      Delete
    2. මෙන්න ඇතුළත් කලා . ස්තූතියි දුමි
      බැටළු ධේනුවන් සාමාන්‍යයෙන් පිරිමි බටලුවකු සමග එක්වීමට දෙන්නේ සරත් සෘතුවේ අවසානය හා ශීත සෘතුවේ එළැඹීම සමගයි. පැටවා පිළිසිඳ මාස හයක කාලයකින් පමණ උපදිනවා. ඉතින් ගොවියන් දන්නවා ඊස්ටර් එක එහෙම නැත්නම් මාර්තු අප්‍රේල් කාලය තුල උපදිනවා කියල. හැම අවුරුද්දකම එහෙමයි. අප්‍රේල් කාලයේ තමා නැවත තණකොළ හොඳට වැවෙන්න පටන් ගන්නේ. එළදෙනුන් හා ගවයන් මෙන් නොව බැටළුවන් ට බොහෝ විට දෙන්නේ තණකොළ. මේ පැටව් (නැත්නම් lamb) මාස 9 කින් පමණ මස් පිණිස විකුණනවා. ලෑම්බ් මස් කියා සුපර් මාකට් වල විකුණන්නේ මේ මාස නමයේ පැටවුන්ගේ මස්. එතකොට මට්න් (mutton) කියන්නේ හොඳට වැඩුණු බැටලුවකුගේ මස්. (ලංකව වැනි රටවල මට්න් කියන්නේ එළු මස් වලට) . බැටළුවෙක් ජිවිත කාලය අවුරුදු 10-12 පමණ වෙනවා. ක්‍රිස් හා ලීසා ගේ ගොවිපලේ බැටළු පැටවුන් 100-150 පමණ උපදිනවා මේ කාලයතුල. ඒ දෙදෙනාට වැඩ අධිකම කාලයක් තමා මේ.

      Delete
    3. ස්තූතියි අයියේ, මේ පැහැදිලි කිරීමට.

      ජයවේවා!!!

      Delete
    4. ඒ අනුව අවුරුද්දක් වයස බැටළුවෙක් මිනිස් වර්ෂ 6 ක වගේ වයස

      Delete
  4. Replies
    1. මේ දවස් වල ගොළු වෙලා වගේ

      Delete
  5. පරිසරයට නම් ගොඩක් සමීපයි කියල හොඳට තේරෙනවා

    ReplyDelete
    Replies
    1. පරිසරයට ලං වෙනකොට ජිවිතේ අමාරුයි ඒත් ලස්සනයි කියල හිතෙන්නේ නැත්ද

      Delete
  6. දිනක් වයසැති බැටළු මස් එක්ක රතු වයින් බිලා තියෙනවා මම වේල්සයෙදි. කදිම රසයි. අජිත් එයට අවස්ථාවක් ලැබුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ. දුන්න නම් කන්නෙත් නැහැ. මට ජර්මනියේදී වේල් මස් දීල කෑවෙත් නැහැ. මම පැටව් නිසාම කාලයක් ලැම්බ් නොකා හිටියා. පස්සේ මාස නමයේ ලෑම්බ් කියන්නේ ලොකු සතෙක් කියල දැක්කට පස්සේ කන්න ගත්තා. මම වෙජිටේරියන් නම් නෙමේ.

      Delete
  7. හරිම අගේ ඇති විස්තරයක්..මොකෝ අපි ඉතින් ඔහොම මිසක් වෙන බටලුවෙක්ව දකින්නය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිරි සිහින මේ පැත්තේ ආවට. ලංකාවේ බැටළුවෝ හදනන් පුළුවන් මම හිතන්නේ. නමුත් වැඩක් නැහැ නේද . බැටළුවා ගේ හම නේ වැදගත් සහිත කාලයට

      Delete
  8. ගොවිපොළක් නඩත්තු කරන එක මහ අමාරු වැඩක්නෙ.
    //පශු වෛද්‍ය විද්‍යාව හෙම හදාරන්න අවශ්‍ය නම් ඔවුන් විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න කලින් ගොවිපළක සතුන් නඩත්තු කරන හැටි හැදෑරිය යුතුයි. //මේකෙදි ළමයින්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?(කළයුතු වැඩ එහෙම )

    ReplyDelete
    Replies
    1. මේක පශු වෛද්‍ය විද්‍යාව හදාරන්න විශ්ව විද්‍යාලයට අයදුම් කරනවා නම් ඒකට අවශ්‍ය UCAS ලකුණු ගන්න ඕන දෙයක්. ගොවිපලේ සතුන් බලන්නේ කොහොමද, පැටව් ගේ ඉපදීමේ සිට මස් සඳහා විකිණීම දක්වා බලා ගන්න හැටි. පශු වෛද්‍ය වරයා ආවහම මොනවාද කරන්නේ වගේ දේවල් ඉගෙන ගැනීම. පශු වෛද්‍ය ආයතනයක සති දෙකක්, ෆාර්ම් එකක් සති 2 තුනක් වගේ ඉඳල එක්ස්පිරියන්ස් එක ගන්න ඕනේ. ඕක සත්තු වත්තක, අශ්ව ස්ටේබල් එකක ඌරො ෆාර්ම් එකක් වුනත් කරනන් පුළුවන්. මේ වගේ තැනක් ටිකක් හොඳයි.

      Delete
    2. ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එකක් දැම්මා කියන්නේ ගොඩ බක්කරේ. නිකන් ගණන් කියන්නම්. අපේ පූසට කවුද අසමජ්ජාතියෙක් පයින් ගහල ඌට හොඳටම අමාරුයි. වෙට් ගාවට ගෙනිච්ච. බලල X -ray කරලා ප්‍රතිජීවක ඖශධයක් ගැහුවා. බිල පවුම් 250. (වැට් එක්ක)

      Delete
  9. අපේ අයට බොහොම පොඩ්ඩයි වෙනස් වෙන්න තියෙන්නෙ.. ඒ වෙනසට හොඳ අභිප්‍රේරණයක් මේ වගේ දේවල් ලේඛණ ගත වන එක.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්. මට ෆාර්ම් එකක් කරන්න ආසාවක් තියනවා ලංකාවේ. තවම හිතනවා.

      Delete
  10. James Herriot පොත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. don't wake the sleeping vet හරි මොකක්ද නේද? නැහැ let sleeping vet lie ද

      Delete
    2. https://www.goodreads.com/author/show/18062.James_Herriot?from_search=true

      Delete
  11. කොලඹ ගමයා බ්ලොග් එක මම බැලුවෙ අද ඒත් අජිත් ඞර්මගෙ ලිපි මම වෙනත් තැන්වලදි කියවල තියෙනව.සංචාරක තොරතුරු වලට මමත් ගොඩක් කැමතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොහොට්ටි. නැවත එන්න.

      Delete
  12. ලස්සන ගොවිපළ පරිසරය එහෙම.ඒ වගේම විස්තරයත්.මේ ගොවි මහතාම බැටළුවෝ මස් කරන්නේ නැද්ද?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .