Saturday 25 April 2020

ශ්‍රී ලංකාවෙන් ලැබුණු සනාථ කොට ගත නොහැකි ආරංචියක්


කො***** ප්‍රදේශයේ අත්‍යවශ්‍ය  සේවා සපයන ළඳකට කොරෝනා වෛරසය වැළඳී ඇත. පොලිසිය සහ රාජ්‍ය බුද්ධි අංශ තරුණිය ඇසුරු කළ අය සොයා ගැනීමට ඉමහත් මහන්සියක් දරති. අවාසනාවට මෙන් අදාළ  තරුණිය දන්නේ ඉහත සතිය තුළ  ඇය ඇසුරු කළ සියල්ලන්ගේ හැඩරුව හා මුල් නම පමණකි. බුද්ධි අංශ මහජන සහාය පතයි.

තරුණිය විසින් හෙළි කල තොරතුරු වලට මේ නම් ලැයිස්තුව බ්ලොග්  (සමාජ ජාලා) ගත කර තිබේ.
සැම්සන් අයියා, සුදු කෙට්ටු අයියා , හන්දියේ වසන්ත , පාන් කඩේ මුදලාලි, චතුරි ට හොරෙන් එන හස්බන්ඩ් ,නිකන් එන පොලිසියේ කෙට්ටු රාළහාමි, 
පොලිසියේ මහත  රාළහාමි , 1** බස් එකේ කොන්දොස්තර මල්ලි, උඩ දතක් නැති අයියා, චන්දරේ , රන් මාලේ දාපු වරකාපොළ එක්කෙනා , දකුණු කළවේ පච්චේ තියන මාළු කඩේ එක්කෙනා, අල්ලපු වත්තේ සැර මල්ලි,  ඩප්පි සර්, කුඩු විකුණන මල්ලි,  ට්‍රැෆික් සර්, **** *** මන්ත්‍රී  සර්,  මන්ත්‍රී සර් ගේ ලේකම් 

ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේනම් වහා ස්වයං  නිරෝධානයනයට ලක් වෙන ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ.     

--මේ ආරංචියේ නිරවද්‍යතාවය තහවුරු කිරීමට මාගේ මූලාශ්‍රය අපොහොසත් බව කරුණාවෙන් සළකන්න 

අවවාදය - රජය , බුද්ධි අංශ, හමුදාව, සෞඛ්‍ය සේවය, බොරුවට කෑ ගහන විපක්ෂය   මොනවා කළත් කෝවිඩ් -19 රෝගය පැතිරීම වැළැක්වීමේ අවශ්‍යම කාර්‍යභාරය පැටවී ඇත්තේ තම තමන් මතය.

3 comments:

  1. //අවවාදය - රජය , බුද්ධි අංශ, හමුදාව, සෞඛ්‍ය සේවය, බොරුවට කෑ ගහන විපක්ෂය මොනවා කළත් කෝවිඩ් -19 රෝගය පැතිරීම වැළැක්වීමේ අවශ්‍යම කාර්‍යභාරය පැටවී ඇත්තේ තම තමන් මතය.//

    ජේ ආර් ලොක්කා "තම තමන්ගේ ආරස්සාව තමං විසින් සිදු කොර ගන්න" කියාපු එක අන්තිමට ඇත්ත උනා නේද ?

    //ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේනම් වහා ස්වයං නිරෝධානයනයට ලක් වෙන ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ.//

    මේ වාක්‍යය
    "ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේ නම් ස්වයං වින්දනය ලබනවා හැර අතවශ්‍ය සේවා ලබා නොගන්නා ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ"
    කියලා වෙනස් උනානම් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඕව එක ඇත්ත
      අපට හිනා ගියාට අපි හිනා වුනාට මේ කතාව තුල තියන්නේ හෙන ඛේදවාචකයක්. මේ මිනිස්සුන්ට පන්දාහ ගන්නවත් ගමට යන්න බෑ , ග්‍රාම සේවකට රස්සාව කියන්නත් බෑ , ඉන්න තැනට , කෑමට බිමට ගෙවන්න ඕනේ, කුලිය ගෙව්වේ නැතිනම් ඉන්න තැනින් එළියේ , ඉතින් ඔය යන අයියල මල්ලිලා වුනත් කරන්නේ එක්තරා සේවයක්,වෙන ගින්නක් නිවාගෙන කුසගින්න නිවන එක. මේ කෝවිඩ් වෛරසය පුංචි කාමරේක ජිවත් වන මිනිසුන්ට ලොකු කෙදවචකයක්. ඒක අපට තේරෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ මාසෙකට පවුම් 94 හරි දෙනවා කවුද කින්ද මන්ද කියල හියන්නේ නැතිව. ඒකත් මදි. ඒත් ඒ මිනිස්සුන්ට යනතං ජිවත් වෙන්න ඇති. කතාව ලීව ඇත්ත හේතුව මේක .

      Delete
  2. කොරෝනා කොරන හරියක්....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .