Friday 11 September 2020

වසදීම , ගෑස් ප්‍රශ්නය , විභාග ප්‍රශ්න


යාලුවෝ තරහ වෙන දේවල් ලියන්නේ නැහැ කියල හිතුවත් සමහර දේවල් නොලිය බැරිවෙන අවස්ථා තියනවා.
පලමුවෙනි අදහසට  යුක්රේන් හා  ජෝර්ජියා  හිටිය  යාලුවෝ තරහ නොවේ කියල හිතනවා. 

මුලදීම බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා  එක්සත් ජනපදයේ පුවත්පත්වල රුසියාව කෝවිඩ් එන්නත ගැන විස්තර හොරකම් කළා කියල පුවත් පල කෙරුණා. ඒ ලියපු එවුන් දැනගෙන හිටිය රුසියාව  එන්නත නිපදවීම ආසන්නයේ කියල. ඒ නිසාම  එන්නත් හොරකම් කරපු කතාව මම  නම් පිලි ගත්තේ නැහැ. තමන්ගේ ලැජ්ජාව වහ ගන්න රුසියාවට සෙකන්ඩ් නොවී හිටීමේ ප්‍රතිපත්තියට ඇරපු පචයක් කියල මම හිතන්නේ.

දෙවෙනි එක - ඇලෙක්සෙයි නවාල්නි , රුසියාවේ විපක්ෂ නායක හැටියට ඉන්න දේශපාලකයා. එයාට වස දීල කියල මුලින්ම  ප්‍රවෘත්තිය ගියා  වස කියල ඔප්පු කරන්න මත්තෙන්. දැන් පූටින් ට මෙයාව මරන්න  ඕනේ නම් ඕනේ තරම් ක්‍රම තියනවා. නමුත් ප්‍රසිද්ධියේ වස දීල , ඊට පස්සේ සුවපත් කරන්න හෙලිකොප්ටරේකින් මොස්කව්  ගෙනල්ල, ඊට පස්සේ ජර්මන් රජයේ ඉල්ලීමකින් ජර්මනියටත් යවනවා. එහෙදි ඔප්පු වෙනවා  තිබ්බේ නොවිචෝක් කියල. ඒ කියන්නේ අර එංගලන්තයේ. ඒක ආවේ රුසියාවෙන් මද  නැත්නම් වෙන පරණ  සෝවියට් රිපබ්ලික් වලත් ඕක තියෙන්න විධිහක්  නැත්ද?

දැන් ඇත්තටම රුසියානු ඔත්තු සේවා ඕක කළානම් ඇයි බෙහෙත් කරන්න මොස්කව් ගේන්නේ , ඇයි ජර්මනි යවන්නේ සුව කරන්න . 
දැන් අඩියක්  පිටිපස්සට අරගෙන මෙන්නේ මේ ප්‍රවෘත්තියත් කියවන්න.

රුසියාව සහ ජර්මනිය අතරේ නොර්ඩ් ස්ට්‍රීම් කියල ප්‍රොජෙක්ට්  එකක් ක්‍රියාත්මක වෙනවා.  මේකෙන් රුසියාවෙන් කෙලින්ම  ජර්මනියේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ගෑස්‌ සහ තෙල් සපයනවා. හැබැයි පොඩි කතාවක් තියනවා මේක යටින්. මේ ගෑස් ලයින් එක බෝල්ටික් මුහුද හරහා එන්නේ උක්රයිනය බයිපාස් කරගෙන.

මතකද  පහුගිය කාලේ උක්රයිනය ගෑස් සල්ලි ගෙවන්නේ නැතිව  හෙන වලියක් ගියා. රුසියාව ගෑස් නවත්වල යුරෝපෙට ගෑස් අඩුවෙලා. යාන්තම්  ඇමෙරිකාවයි අරයයි මෙයයි එකතු වෙලා වාරිකව  සල්ලි ගෙවන්න කියල උක්රයිනයට බල කරලා ප්‍රශ්නේ  විසඳ ගත්ත. නෝර්ඩ් ස්ට්‍රීම් ආවහම රුසියාවට ඕනනම් උක්රයිනයට වැඳගෙන ඉන්න  ඕනේ නැහැ යුරෝපෙට ගෑස් යවන්න. ඒ වගේම යුරෝපයේ අනිත් රටවලට දෙන්න ඕනෙත් නැහැ ගෑස්. ඒ අයගේ "ගෑස්" බහිනවා ඔය වැඩෙන් . ජර්මනිය සහ රුසියාව යුරෝපයේ ගෑස් බලවතුන් වෙනවා. තුර්කියේ සහ සවුදි අරාබියේ තත්වයටත්  ලොකු පහරක්.

දැන් ඔය වස දීමේ සිද්ධිය නිසා සෑහෙන බල කිරීමක් යනවා ඇන්ජෙලා මර්කල් ට ප්‍රොජෙක්ට් එක නවත්වන්න.

කවුද ඇත්තටම වස දුන්නේ ?

රුසීයාවම වෙන්න පුළුවන් කියන එකම සාධකය එන්නේ බෙලොරුසියාව පැත්තෙන්. කාටහරි තර්ක කරන්න පුළුවන් බෙලොරුසියා වගේ උද්ඝෝෂණ නොවෙන්න පුටින් අනතුරු හැඟවීමක් හැටියට මේක කළා කියල. 

දෙවෙනි එක තමයි පසුගියදා එංගලන්තයේ ඇතිවුන විභාග  ප්‍රශ්නය. කෝවිඩ් 19 වසන්ගතය නිසා විභාග කල් දැම්ම.අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන ළමයින්ට ප්‍රතිපල දෙන්න  විධිහක් නැහැ. ඒකෙදි කොන්සවේටිව් රජය ඇල්ගොරිත්ම් එකක් හැදුව. මුලින් කීවේ ළමයින් කරපු කඩයිම් විභාග සහ ගුරුවරුන් දෙන ඉදිරි ලකුණු (predictable grades එකතු කරලා ඇවරේජ් එක දෙනව කියල. පස්සේ කලේ ඉන්න හොඳම ළමයින් ගේ  ලකුණුයි, ඉගෙනීම සවුත්තුම ළමයින්ගේ ලකුණුයි එකතු කරලා පන්තියේ ඉන්න ළමුන් සංඛ්‍යාවෙන් බෙදල ඒක හැමෝටම දෙන එක. අසාධාරණය තේරෙනවා  නේද?  ඒකෙන් වුනේ රජයේ පාසල් වල හොඳ ලකුණු  තිබ්බ ළමයින්ගේ ලකුණු අඩුවෙච්ච එක. ධනවත් පෞද්ගලික පාසල් වල පන්ති වල  ළමයි ප්‍රමාණය අඩුයි. එනිසා මේක බලපාන්නේ අඩුවෙන්. රජයේ පාසල් වල හැමෝම එක මට්ටමේ නැහැ. ඔවුන්ට බලපාන්නේ වැඩියෙන්. 

මම ඕක ගැන ෆේස්බුක්  එකේ ලිව්වා. පෙත්සමකට අත්සන් ගන්න යැව්වා හැමෝටම.
සමහරු කෝල් කරල ඇහැව්වා ළමයි දෙන්න කොහොමද? මම කිව්ව එක්කෙනෙක් හරි කොහොමත්, අනික් එක්කෙනා උසස් පෙළ ලබන අවුරුද්දේ කරන්නේ. එනිසා මට පෞද්ගලිකව  ප්‍රශ්නයක් නැහැ . ඒක  හින්ද නෙමේ  මේ කෑ  ගහන්නේ අසාධාරණ  නිසා කියල. 
මම නිරීක්ෂණ කරපු දෙයක් තමා ලන්ඩන් වල "වමේ" ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් අය අපේ යාලුවෝ තමා.  ලංකාවේ අධ්‍යාපනයේ හෝ විශ්ව විද්‍යාලවල  මොනම  ප්‍රශ්නෙකට වුනත් බුකිය දෙවනත් කරණ කට්ටිය.  කිසි කෙනෙක් මේ ගැන වචනයක් කතා කලේ  නැහැ. පෙත්සම් ගැනවත්.
එතකොට එංගලන්තේ වුන අසාධාරණය එංගලන්තේ ජිවත්වන ඒ අයට ප්‍රශ්නයක් නොවුනේ කොහොමද?  ප්‍රශ්න කියල සලකන්නේ ලංකාවේ  ඒවා විතරද? 

අන්තිම එක රුසියාවේ වෛද්‍ය විද්‍යාල කිහිපයක් ලංකාවේ වෛද්‍ය  සංගමේ අනුමත  ලිස්ට් එකෙන් අයින් කරපු එක.  1991 සෝවියට් දේශය වැටුනයින්  පස්සේ සමහර ජාවාරම් කාරයෝ අපොස උසස් පෙළ අසමතුන් වෛද්‍ය විද්‍යාව හදාරන්න යැව්වා කියන කතාව මම අහල තියනවා. ලංකාවේ  හොර සහතික හදාගෙන.  එදා කළත් ඒක වැරදියි.තවම එහෙම  කරනවානම් ඒක තවත් වැරදියි. වෛද්‍ය සංගමයේ චෝදනාවක් තියනවා නම් එහෙම,  ඒක ගැන පරීක්ෂණයක් කරන්න. උසුස් පෙළ අසමතුන්  එහෙම යැව්වහම ඒකෙන් අමාරුවෙන් උසස් පෙළ කරන සිසුන්ට අසාධාරණයක් වෙන්නේ. එහෙම කරන ජාවාරම් කාරයන්ව අල්ලල හිරේ දාන්න ඕනේ. ඔවුන්ට ලයිසන් එකක් තිබෙනවානම් ඒවා කැන්සල් කරන්න ඕනේ.

මොකද අප ඉගෙන ගත්ත මොස්කව්  විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලය වගේ ඒවා යේ ඉගෙන ගන්න කොපමන අමාරුද කියල අපි දන්නවා.  මම එක පාරක් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ලේකම් වෙලා හිටි කාලේ සිලබස් අරගෙන ගිහින් පෙන්නුවා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සංගමයට. (ඔවුන් හරිම ආඩම්බරයි. මට අඩුම ගානේ ඉඳ ගන්න කියලවත් කීවේ නැහැ 😀) අපේ සිලබස් වල සමහර කෝස් වලට ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්වනවාට වඩා තියරි සහ ප්‍රයෝගික ලැබ් හෙම තිබුන. (අපේ විශ්ව විද්‍යාලයේ  අපේම තාප විදුලි බලාගරයකුත් තිබුන).  නමුත් මිනිසුන් ගේ ආචීර්ණ කල්පික අදහස් ඉවත් කරන්න අමාරුයි.

එක්කෙනෙක් මට කීවා ඔයාලගේ අඩු සුදුසුකම් තියෙන අය එනවා. ඒ ලෙවල් නොකරපු අය එනව. මම කීව ඔයාලට ඒවා පරික්ෂා කරන්න පුළුවන් සම්මුඛ පරික්ෂනයකදී. දිස්ත්‍රික් බේසිස් නිසා අසාධාරණයට ලක්වුණ අයත් රුසියාවේ ඉගෙන ගන්න බව අමතක කරන්න එපා කියල.
තව කෙනෙක් කීව සෝවියට් රුසියාවේ තාක්ෂනය හරි සවුත්තුයි ලු නේද? බටහිර වගේ  
නෙමේ කියලනේ කියන්නේ.
මම කීව  ඉතින් ලංකාව බටහිර නෙමේනේ තියෙන්නේ. ජර්මනිය නැත්නම් ඔයාලට ජර්මන් ටෙක් එකත් වත්  නැහැ. අමතක කරන්න එපා රුසියාව තමයි ඉස්සෙල්ලාම මිනිහෙක් අභ්‍යවකාශයට යැව්වේ කියල. ඒත් තාක්ෂනය තමයි. ඊට පස්සේ මම එතනින් ආව. ඒ 1987 දී. හැබයි එංගලන්තේ රුසියාව ඉවර කරපු උපාධිධාරයෝ අනන්ත ඉන්නව, සෞඛ්‍ය ය සේවයේ හා වෙනත් බොහෝ තැන්වල. 

මම රැකියාව කරන්නේ පරිගණක ඉංජිනේරුවෙක් වශයෙන්. (ව්‍යාපාර දත්ත විශ්ලේෂක ). මගේ ප්‍රථම සෝවියට් උපාධියට ෆොර්ට්‍රන් IV භාෂාව ඉගෙන ගන්න වුනා අවසන් අවුරුද්දේ. ඊට පස්සේ එංගලන්තේ සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලේ පරිගණක විෂයන් සම්බන්ධ උපාධියක් කළා.  උපාධි නිබන්ධනයේ සුපර්වයිසර් හැටියට හිටියේ ලෙනින්ග්‍රඩ් (සෙන්ට් පීටස්බර්ග් ) නගරයේ විශ්ව  විද්‍යාල වල උගන්වපු මහාචාර්ය ලරිසා ෆ්රද්කින්. එයා  විශ්‍රාම ගියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන්.

  2012 ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව     (astrophysics ) ඉගෙන ගන්නකොට ප්‍රධාන දේශන දෙකකට ආවේ රුසියානු මහාචාර්යවරු. එක අයෙක් ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් පොල්නරියෙව් .  දැන් බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවල උගන්වන්න ඒ දවස්වල අපට උගන්නපු හෝ සමකාලීනව ඉගෙනගත්ත අය.  ඔන්න ඔහොමයි වෙන්නේ.




18 comments:

  1. ඔය රුසියානු වෛද්‍ය විදුහල් ප්‍රශ්නය මම හිතන්නේ තනිකර කුහකකම නිසා වෙන දෙයක්. ලංකාවේ ඉගෙන ගන්න දොස්තර මහත්තුරු කැමති නැහැ විදේශ වෛද්‍ය උපාධිය ගත් අයට සමස්තයක් හැටියට.මේ මම ෆේස්බුක් එකේ මේ ගැන දාපු කමෙන්ට් එකක්.
    Peter Doherty ඕස්ට්‍රේලියාවේ ඉන්න නෝබල් ත්‍යාගය ලත් පර්යේෂකයෙක්. ඔහු Immunology සම්බන්ධයෙන් විශේෂඥයෙක් වන අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ‍එක් පර්යේෂණාගාරයක් (Infection and Immunity ) ඔහු නමින් නම් කර තිබෙනවා. ඔහුගේ ප්‍රථම උපාධිය Bachelor of Veterinary Science. මම කල්පනා කලේ බැරි වෙලාවත් ඔහු ලංකාවේ හිටියා නම් මොනව වෙයිද කියලා? වෙට් කෙනෙකුට මේ තරම් දුරක් යන්න ලංකාවේ දොස්තර මහත්තුරු ඉඩ දෙයිද?https://en.m.wikipedia.org/wiki/Peter_C._Doherty

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඔහු හිටියනම් ඒ වගේ උඩට එන්න දෙන එකක් නැති වෙයි. ඒ අතින් මේ රටවල් හුඟක් ඕපන් .ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  2. මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා නර්ස්ල වැඩිදුර පුහුණු කිරීමක් කරන්න ගියා කරාපිටියෙ. ඒකට විරුද්ධව ලංකාවේ දොස්තරලා strike කරා නර්ස්ල ඕනවට වඩා පුහුණු කරනවා කියලා. වෛද්‍ය සංගමෙත් ස්ට්‍රයික් එකට සහයෝගය දුන්නා

    ReplyDelete
    Replies
    1. හරිම ආධාරණයි නේ. ආණ්ඩුවට බැරිද ඒ වගේ දෙයක් තහනම් කරන්න

      Delete
  3. Yes, like WMD in Iraq, this is cold war light. (Wijebahu)

    ReplyDelete
  4. https://lankacitizens.com/social/වසදීම-ගෑස්-ප්%e2%80%8dරශ්නය-විභා/

    ReplyDelete
  5. මේ සම්බන්ධයෙන් අදහස් පළකරන්නට කැමතියි. එනමුත් මාගේ දුරකථන,අන්තර්ජාල සම්බන්ධතා ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් මොනිටර් කරන නිසා නවතිනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් වෙනවද , චීන ඇප් හරහාද ? මම මේ ඇහුවමයි

      Delete
  6. කකුලෙන් අදින්නට දස්සයි - උගුල් අදියි
    රුසියාවට වැඩිය ලොකූ ඉරිසියා හිතයි
    මෙව්වා ඉතින් සදහම් දීපයේ හැටියි
    සදා වළේ මිස ගොඩ යෑමක් නැහැමයි!

    ReplyDelete
    Replies
    1. හේතු ගොඩක් තියනවා. ඉරිසියාවත් එකක් වෙන්න ඇති

      Delete
  7. https://www.sbs.com.au/language/english/a-brief-history-of-poisoning-in-modern-russia

    https://en.wikipedia.org/wiki/Poison_laboratory_of_the_Soviet_secret_services

    https://timeline.com/russia-poison-assassination-political-4256eafcd76c?gi=9328882909d7

    https://www.smithsonianmag.com/history/murder-rasputin-100-years-later-180961572/

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්. සමහර ඒවා මමත් අහල තියනවා. හැබැයි වස දෙන්නේ රූස්ස විතරයි කියල හිතන්නේ බොළඳ කමක්. සුද්ද (බ්‍රිතාන්‍යය) දෙන්නෙත් ඔය වෙග්ම ගේම් තමා. මොස්කව් වල සහ අනිත් පැතිවල. සී අයි ඒ එකත් එහෙමයි. ඉතින් අර වැරැද්ද කරන එකා already establish වෙලා නිසා අනිත් එකෙකුට ගේම දෙන්න ලේසියි. මේ සිද්ධියේදී මම රුස්සට වැඩිය වෙන ඒජන්සියක් ගේම දුන්න කියල හිතන්නේ. හේතුව උඩ ලියල තියනවා.හැම වෙලේම උන් කරන නිසා මේකත් උන්ම කරා කියන එක මෝඩ තර්කයක්.

      Delete
    2. සිරියාවේ අර වයිට් පොස්පරස් බෝම්බ කේස් එක දැම්මේ අසාද් ට. ඇත්තට කලේ ඇමෙරිකාව හා ප්‍රංශය

      Delete
  8. https://en.wikipedia.org/wiki/List_of_poisonings

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් එක පැත්තකින් විතරක් ලියන එඩිට් වෙන ඒවා. හැම එකම ටික ටික තමයි අර ගන්න ඕනේ . මෙහෙ ජිවත් වුනාට පස්සේ බ්‍රිතාන්‍යය කරන මජර වැඩත් ඇමෙරිකාව රුසියාව චීනය ජපානය කරන ඒවා පවා පේන්න ගන්නවා. හැමදේම පිටිපස්සේ මොකක් හරි දේශපාලන අතක් තියනවා.

      Delete
  9. මට කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේද , ඇමරිකාවේ වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේද උපාධි තිබෙන අතර මහා බ්‍රිතාන්‍යයේ බාන්ස්ලි විද්‍යාලයේ ඩිප්ලෝමා සහතිකයක් ද තිබේ. එසේම මම වියනා වල විශ්ව විද්‍යාලයක ආචාර්‍ය උපාධිය හදාරන්නෙක්මි. මාගේ මූලික උපාධිය රුසියානු විශ්ව විද්‍යාලයක උපාධියකි. මා කැනඩාවේ / ඇමරිකාවේ අධ්‍යාපනය හදාරන විට ඔවුන් මාගේ මූලික උපාධිය රුසියානු උපාධිය අගය කල අතර මට ඒ සඳහා එක්ස්ට්‍රා ක්‍රෙඩිට්ස්ද දුන්නෝය. ඒ පළමුවන ලෝකයේ රටවල අධ්‍යාපන ආයතන වල හැසිරීමය

    ලංකාවේ පසුගාමී බමුණන් පිරිසක් එක්වී ලෝක ප්‍රකට මෙන්ම ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේදී ඉදිරි ස්ථානයක් දරන ලුමුම්බා විශ්ව විද්‍යාලය කටුගා දැම්මෝය. මෙය මුග්ධ මෙන්ම උද්දච්ච තීරණයකි. මේ තුන්වන ලෝකයේ ජිවත් වන ලිං මැඩි බමුණන් ගේ හැසිරීමය.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .