Wednesday 30 September 2020

පිතර්බුර්ගයේ රුසියානු සින්දුවක්

අර්බට්ස්කායා වීදියේ නොයෙකුත් වීදි නාට්‍ය කණ්ඩායම්, සංගීතඥයන් ගේ  රංගනයන් මම නිතර දුටුවෙමි (එම මාවත  රුසියානු භාෂාවෙන් උලිට්සා අර්බාත්  ලෙස හැඳින්වේ). එම වීදි නිර්මාණ හා රඟපෑම්, ගායනා ය රුසියාව අලුත් දෙයක් නොවේ. 
 ඒ දිනවල යහළු වී සිටි රුසියානු පෙම්වතියගේ නිවෙස තිබුනේ අර්බාත් විදියේ ඉහල කොනේ මෙර්ස්ලකොව්ස්කයා විදියේ නිසා අප දෙදෙනා  නිතර අර්බාත් විදියේ  කෝපි කඩ වලට වී මේ ගැයුම් වැයුම් ඇසුවෙමු.

සියවස් ගණනාවක් පුරා වීදි කලාකරුවන් රුසියාව පුරා රඟ දැක්වීය. ශාන්ත පීටර්ස්බර්ග් හි බොහෝ විට ඔවුන් නිව්ස්කි ප්‍රොස්පෙක්ට්, මාළිගා චතුරශ්‍රය (ඩිවර්ට්සෝවි ප්ලොෂාඩ් - Дворцовая площадь) සහ ගොස්ටිනි ඩෝවර් (ආගන්තුක දොර -гостиный гостиный) හි රඟ දැක්වීය. සෝවියට් දේශයේ කලාව හා සාහිත්‍ය කාණ්ඩ දෙකක් තිබුණි. එකක් සමාජ සත්තා  යථාර්ථවාදය (soviet realism ) උත්කර්ෂයට නැංවූම  අතර අනෙක එයින් පිටත බොහෝ දුරට රාජ්‍ය බලපෑමෙන්  සැඟවී ජනප්‍රිය විය. එය  ආකෘති විරෝධී කලාවක්  ලෙස හැඳින්වවුනු අතර ස්ටාලින්ගේ මරණයෙන් පසු කාලයේ සිට  පෙරෙස්ට්‍රොයිකා යුගය දක්වා වර්ධනය විය. ඒ 1953 සිට 1986 දක්වාය.  එය "භූගත කලාව" ලෙසද හැඳින්විණි. පෙරෙස්ට්‍රොයිකාව  ආරම්භ වීමෙන්   පසු මෙම කලාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ජනප්‍රිය සංස්කෘතියට අවතීර්ණ වූ අතර සෝවියට් සමාජ සත්තා යථාර්ථවාදයේ බලපෑම කෙමෙන්  රුසියානු කලාවට  අමතක වී ගියේය.



11 comments:

  1. විශම ඉරොටික් කතිකා ශානරයේම උපශානර .පශ්චාත් නූතන ඉරොටික්

    ReplyDelete
  2. රුසියන් කතන්දර උනාට බොරු කියන්නේ මොකටද මට නම් ග්‍රීක් වගේ.. :)))

    ReplyDelete
    Replies
    1. සින්දුවේ තේරුම ලියන්නත හිතුන . වෙලාවක් නැහැ ට්‍රාන්ස්ලේට් කරන්න

      Delete
  3. දුබ්රොවේස්කි කතාව ඇසුරෙන් රුසියන් ටෙලි නාට්‍යයක් හදලා.

    ReplyDelete
    Replies
    1. https://www.kinopoisk.ru/film/677731/

      මේ අකුරු දෙකේ වෙනස මොකක්ද? и й

      Delete
  4. http://windowoneurasia2.blogspot.com/2019/08/putinburg-of-1990s-prototype-for.html

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .