Sunday 6 September 2020

කෝවිඩ් අභියෝගය - ග්‍රේට් ලැන්ඩෙල් කඳු තරණය -ලැන්ඩෙල් පයික් සහ පවේ ආර්ක්



පසු ගිය ලිපියේ  සඳහන් කරපු අත් දැකීමෙන් පස්සේ අගෝස්තු 26 බදාදා මමත් බිරිඳත් දියණියන් දෙදෙනාත් අපේ මුල්ම කඳු තරණයට  ලැහැස්ති වුනා. 
අපේ අභියෝහය වුනේ ග්‍රේට් ලැන්ඩෙල්.

මේ ගමනට කඳු මුදුන් කිහිපයක් අහුවෙනවා. පවේ ආර්ක් , හැරිසන්  ස්ටික්ල්, තෝන් ක්‍රැග් සහ පික්ල් ඔෆ් ස්ටික්ල් කියන ඒවා.    ඒ වගේම පවේ ආර්ක් කියන කොටසට ගියහම මුදුනේ  ඉතා දර්ශනීය ස්වභාවික වැවක් තිබෙනවා.




මේ කඳු එතරම් උස ඒවා නොවේ. ලැන්ඩෙල් පයික් එක මීටර් 736  (අඩි 2415) පමණ වෙන්නේ.  පවේ ආර්ක්  , හැරිසන් ස්ටිකල් පහු කරලා පහත තැනිතලාවට බහින්න පැය පහක් හයක් පමණ යනවා. මුළු දුර කිලෝ මීටර 12ක්. මේ දොලහේ දී මීටර සීයේ , මීටර 150 පමණ ඉතා තද බෑවුම් කිහිපයක් හමු වෙනවා. මේවායේ උඩට නගින්න ටිකක් අමාරුයි. මහගිරි දඹට වඩා අමාරුයි කියලයි මම හිතන්නේ. මොකද වැටක් හෙම නැති නිසා. 



මේ ගමන පුරාවට පියකරු දොළ පහරක්  ගලාගෙන එනවා පහලට. මේ දොළ පහරේ එක තැනක එය පසු කරන්න ඕනේ ලොකු ගල් ගොඩවල් උඩින් පැන ගෙන ගිහින්, . එතැන වතුර  තදින් පහලට වැටෙන තැනක්. පය ලිස්සුවොත් පහලට වැටෙනවා.




උඩ තිබෙන වැවෙන් තමා  මේ දොළ පටන් ගන්නේ. 

අපට සම්පුර්නයෙන්ම වගේ පැය හයහමාරක් ගියා මොකද මම ටිකක් හිමින් පහලට බැස්සේ. 
හැබැයි කඳු මුදුනේ සිට ඉතා දර්ශනීය ලෙස පහල තිබෙන මිටියාවත පෙනෙනවා. 








10 comments:

  1. මේක නම් නියමයි. හරි ආස හිතුනා. ඒ ලෙවෙල් කරලා සති දෙකක් තිස්සේ ඔහිය, පට්ටිපොල , හපුතලේ ආශ්‍රිතව ගිය චාරිකා මතක් වුණා. තව චුට්ටක් වැඩියෙන් ලිව්වා නම් හොදයි . ඔබේ ලංකාවේ මතකයන් එහෙම සසදලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. වැඩිපුර ලියන්න පොඩ්ඩක් කම්මැලි හිතුන . අද ඉරිදා බ්ලොග් කියවන්න පටන් ගත්ත.

      Delete
  2. මේක වැවක් නෙවෙයි විලක් මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. වැවක් ද විලක්ද යන්න නිර්ණය කරන්නේ කොහොමද? ස්වභාවිකව හැදුනු ජලාශයක් හැබැයි

      Delete
  3. ++++++++++++++++

    Dartmoor මතක්වුනා. එහෙ පොකුණු, දියකඩිති, දොල, කන්ද, ගල්, බැටලුවන් හා පෝනියන් විතරයි. මෙහෙ ඊට වඩා spectacular වගේ පේනව

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් නැග්ගහම ලස්සනයි , විලේ /වැවේ නාන්නත් පුළුවන්. මම නම් ඇඳුන් අරන් ගියේ නැති නිසා නෑවේ නැහැ

      Delete
  4. ප්ලේස් එක නම් පට්ට.. නම් ටික සිංහලෙන් කියද්දී නම් කුණුහරුප නොකියා කියවුනේ බොහොම අමාරුවෙන්.. :))

    වැවෙන් දොළ පටන්ගන්නවා.. එතකොට වැවට වතුර කොහෙන්ද? උල්පත් ද?

    ReplyDelete
    Replies
    1. වැවට උඩින් එන කන්දෙන් උල්පත් වතුර එනවා. තව උඩට යන්න පුළුවන්, ඔතන් නැවතිලා කාල බීල උඩට නැග්ගේ

      Delete
  5. දෙගොල්ලම එකතුවී
    ගිනි දැල්ල බිඳිනවා
    තෙල් නැවේ ගින්න ගැන
    හොඳ කතා හැදෙනවා

    හිරුට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිඟුට අයිති බව බිඟු පවසනවා
    නුඹ කාටද හිමි .............

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගින්න නිව්වේ කව්ද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .