Thursday 8 July 2021

ජර්මන් ජාතිකයාගේ ලංකා සිහිනය


මට අමුතු ඉල්ලීමක් ලැබුනා මගේ ජර්මන් නෑන කැතරින් ගෙන්. (බිරිඳ ගේ නංගි )  සිංහලෙන් උපන් දින සුභ පැතුමක් ලියල දෙන්න කියල.  එයාගේ ස්වාමියා ගේ ගමේ ඉන්න කෙනෙකුගේ පනස් වැනි උපන්දිනයට.  එයාට  මැරෙන්න කලින් කරන්න ඕන බකට් ලිස්ට් එකක් තියනවාලු. ඉටු කරගන්න තියන හීන ටිකක් කියමු. ඉන් ප්‍රධානම එකක් තමයි ශ්‍රී ලංකාවට යන එක.

  (මේ පැත්තේම තමයි ඉන්නේ මම කලින් කතාවක ලීව ලංකාවට හැම අවුරුද්දෙම නොවරදවාම යන ජර්මන් පවුල ඉන්නේ. මුලින් මවයි, පියයි කසාද බඳින්න අවුරුදු 25 කට කලින් ගිය ගමන දැන් එයාගේ දූ දරුවොයි, දූ දරුවෝ බැඳපු අයයි එයාලගේ ළමයි සහ දෙමාපියන් වශයෙන් ගුවන් යානයක තුනෙන් එකක්  පමණ සීට් වෙන්  කරගෙන ලංකාවට  යන වන්දනා ගමනක් වගේ ඒක. )

ඉහින් මම කියන කෙනාට යාලුවෝ ටික සල්ලි එකතු කරලා ටුවර් පැකේජ් එකක් අරන් දෙන්න යන්නේ පනස් වැනි උපන් දිනයට  ලංකාවට යන්න. ජර්මන් කෙනෙකුට ලංකාවට යන්න සල්ලි නැත්ද කියල හිතෙන්න පුළුවන්නේ.

මෙයා ඉන්නේ මම 2019 වගේ ලියපු ලිපියේ ඉන්න තවමත් යන්තමට සමාජවාදය තියන් ඉන්න ගමේ (පරණ නැගෙනහිර ජර්මනිය). මම ලීවේ වැඩිය මුදල් භාවිතයක්  නැති ගමක් ඒක කියල.
මේ තියෙන්නේ ඒ ලිපිය. ධනවාදී රටක සමාජවාදී ගම 

යහළුවෝ කට්ටියම මුදල් එකතු කරලා මගේ හීනය සැබෑ කරන්න ලංකාවට යවන්න ඉන්නේ.

කෝවිඩ් වැඩේ පිළිවෙලක් වුනහම යනවලු.

මේ මම ලියල යවපු එක.  ගොඩක් ලිව්වේ නැහැ , ඉඩ ටිකක් මදි කියල. හැමෝම උපන් දින සුභ පැතුම් පතේ අත්සන් කරන නිසා.

****************************

පතන්නෙමු ඔබට 
සුභම සුභ  පනස් වැනි උපන් දිනයක්
එසේම අඩ සිය වස 
සමරන්නට පිදෙන 
මේ තිළිණය 
සුන්දර ශ්‍රී ලංකාවට සුභ ගමනක් 

රුසියානු බ්ලොගර් තරුණියකගෙන් ඇගේ මිතුරිය අසන්නේ ගවුම ඉවත් කර පිහිනුම් ඇඳුමින් පෙනී සිටින ලෙසය. ඒ ඇයට වීඩියෝ කිරීමටය. ට්‍රොලි බසයේ කොන්දොස්තරවරිය තරුණිය වන කාත්‍යා ට බැණ වදින්නේ ඇය මුඛ ආවරණයක් නොපැළඳ සිටීම ගැනය. බසයේ අනිත් මගීහු නෑසුන සේ සිටිති.😏
බ්ලොගර්ස් ලා මේවා ලංකාවේ කිරීමට නොයන්න


8 comments:

  1. හොඳයි. අර ජර්මන් ගම නං මාරයි. ආන්න අයිටම් බකට් ලිස්ට් එකට දාගන්නව නං.

    ඉන්දියන් ස්ටෑන්ඩ්-අප් කොමීඩියන් කෙනෙක්ගෙ කතාවක් මේක. එයාගෙ ඇමරිකාවෙ ඉන්න යාලුවෙක් කෝල් කරල කිව්වලු මෙහෙම: "මොකක්ද බං, උඹ තාමත් ඔහෙද, කිසි දියුණුවල් නෑනෙ? ඒක නෙමෙයි, මතකද ඉස්සර අපි හැන්දෑවට බසාර් එකට ගිහින් චායි බිබී, කඩචෝරු කකා ගත්ත ආතල් එක. මතක් වෙනකොට තනි ඇහැට ඇඞෙනවා" කියල. මෙයා කිව්වලු "ඉතිං බං මම අදත් හැන්දෑවට ඒ ආතල් එක තාම ගන්නවනනෙ?" කියලා.

    පාඩම: අනිත් පැත්තේ තණකොල සැමවිටම කොල පාටය.

    මම මේ ඊලොන් මස්ක්ග්ක්ගෙ "නියුරා ලින්ක්" මාකට් එකට එනකං ඉන්නෙ, ලාබෙට හීන බලන්න.

    ReplyDelete
    Replies
    1. වෙලාවක යන්න පුලුවන්නම් හොඳයි බකුස්. ලස්සන ගමක්. ඕනේ නම් නවතින්න තැනකුත් හොයල දෙන්නම්. ග්වන්න් වෙයි හැබැයි, කට්ටිය ඒවාට සල්ලි ගන්නවා හේ හේ. ඔකේ අර හාවඩ් කතාවකුත් තියනවනේ. උපදේශකයෙක් ස්පැනිෂ් මාළු කාරයෙකුට උපදෙස් දෙන්න ගිහින් වෙච්චි දේ. ජර්මන් කාරයා ලංකාව ගැන දන්නේ නැහැ දේශපාලන වශයෙන්. උන්ට තියෙන්නේ මාර ලස්සන රටක් කියන හැඟීම විතරයි. ඒක ඇත්තනේ ඉතින්

      Delete
  2. හීන කළු සුදුලු මට නං එහෙම නැත
    සමහර හීන එක-එක පාටෙන් පෙනෙත
    ජර්මානුවගෙ ලංකාවට එන්න හිත
    ඉක්මනටම ඉටු වේවා පතමි මිත

    ඔය වගෙ හීන කොච්චර කල් දකීවිද
    මෙහෙ වෙන හුටප්පර එයාල දන්නවද
    අපේ 'හෙට දවස හිතීම' දෙවයි වද
    ශ්‍රී ලංකාව යන්නේ මේ කොහාටද?

    ReplyDelete
    Replies
    1. ජර්මනියේ බ්‍රිතාන්‍යයේ ඉන්න අයට ඇවිත් යුරෝ හ පවුම් වියාම් කරන එක ප්‍රශ්නයක් නැහැනේ . ඉතිරි කරගෙන හිටි සල්ලි ටික වියදම් කරලා යන්න නේ උන් එන්නේ. දකින්නේ එක පැත්තයි. හැබැයි එහෙම එන එක හොඳ ලංකාවට

      Delete
  3. මේ ෆොටෝ එක ඒ ගමේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මං ළඟ තව ෆොටෝ වගයක්තිබ්බ හොයන්න ඕනේ. හාඩ් ඩිස්ක් එක ගිහින් . ක්ලවුඩ් එකෙන් බාගන්න ඕන. කම්මැලියි. ඕක නෙට් එකෙන්

      Delete
  4. Happy Birthday to AD's SIL's hubby's friend !

    ReplyDelete
  5. සිස්ටර් ඉන් ලෝව් ගේත් ෆ්‍රෙන්ඩ් තමයි , හරි මම කියන්නම් හේ හේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .