"සියාමා" කෘතිය පිලිබඳ සංවාදයේ ප්‍රධාන දේශන - 1 නන්දන වීරරත්න
ලංකාවේ සිටි දින කිහිපයේදී මම කාලයක් ජිවත් වෙලා හිටි ලුණුගල ප්‍රදේශයට ගියා . එවෙලේ ඌව ප්‍රදේශයේ සාහිත්‍යය කලාව නැංවීමට උරදෙන පතාක යෝධයන් කිහිපදෙනෙක්ම හමුවුනා.
ඉන් එක් අයෙක් තමා මෑත කාලයේ මා කියවූ හොඳම කෘති දෙකක් යයි කිවහැකි "හඳ පළුව තනි තරුව" හා "තාරා මගේ දෙව්දුව" ලියූ නිශ්ශංක විජේමාන්න මහතා (දකුණේ කෙළවර) . එතැනදී හිතුවක්කාරී ලියූ එච් බි ගුණරත්න මහතා සහ කේ ඒ ගාමිණී සහ සුදත් ගාමිණී බණ්ඩාරත් හිටිය (දකුණේ සිට දෙවැන්නා) . මැද ටයි පටියක් පැළඳ සිටින්නේ ලුණුගල මධ්‍ය මහා විදුහලේ විදුහල්පති තුමා ආර් එම් ජයවර්ධන මහතා, ඔහු ළඟ සුදත් ගාමිණී බණ්ඩාර මහතා. මා ළඟින් සිටින්නේ කේ ඒ ගාමිණී මහතා. ඔවුන් යූ සර්කල් නමින් සාහිත කණ්ඩායමක් ඌවේ පිහිටුවාගෙන විනිවිදිමු නමින් සඟරාවක් පළ කරලා තිබෙනවා ඌවේ සහෘදයන් ගේ නිර්මාණ ඇතුළු කොට. සාර්ථක නිර්මාණ බොහොමයක් අඩංගු පුංචි සඟරාවක්. ලැබුනොත් බලන්න.
ලුණුගල මැදි මහා විදුහලේදී |
නිශ්ශංක විජේමාන්න සමග |

ඉතින් ඒ වෙලේ මා පිරිනැමූ 'සියාමා' පොත කියවා දුරකතනයෙන් අදහස පළ කළ නිශ්ශංකයන් ඉන්පසු අගෝරා සංවාදය සඳහා මෙවැන්නක් එවා තිබුණා . පහත පළවන්නේ ඔහු පළ කළ අදහස් . - අජිත්
************* නිශ්ශංක විජේමාන්න *********************
"සියාමා කියවීමෙන් මා ලබන්නේ සාහිත්‍ය තෘප්තියක් නොවේ. එය නැවත නැවත කියවීමෙන් සැබෑ මනුෂ්‍ය ලෝකය හඳුනා ගන්නට වෑයම් කරමි. මෙම කෘතිය තුලින් මා හට ආශ්වාදය කරන්නට දෙයක් නැත. එහෙත් විඳින්නට විඳවන්නට හා විනිවිදින්නට දෙයක් ඇත.
ලංකාවේ මෙවැනි කෘති කිහිපයක්ම පළවී ඇත. ඇෆ්ඝනිස්ථානු ස්ත්‍රී පීඩනය ගැන පුෂ්ප රම්ලනී ලියූ කෙටි කතා ග්‍රන්ථය, අනුල ද සිල්වා (හෝ රන්ජිත් කුරුප්පු) විසින් පරිවර්තනය කළ මැද පෙරදිග ස්ත්‍රී හිංසනය සම්බන්ධ "කාන්තාරයේ කුසුම " සහ එවන් තවත් පොත් අතරේ වුව මේ පොත "සියාමා" වෙසෙස් ලක්ෂණ පෙන්වයි.
මෙය ප්‍රබන්ධයේ කටුව පිපිරී "යථ " එලියට පැමිණීමකි.

මා මෙවැනි සාහිත්‍යමය අවස්ථා වලට ළඟාවී සාහිත්‍ය විමර්ශනය අත් හැර එහි තෘප්තකර වැකි , වින්‍යාස, ආකෘති, ලේඛක ප්‍රතිභාව ගැන නොසිතා ගැඹුරු අභ්‍යන්තර කරණාවකට පැමිණියේ තේරි ගී කියවන විටය. ඒවාගේ බොහෝ කරදර සහිත වූ ස්ත්‍රී ජිවිත ස්වයං චරිතාපදානයක් ලෙස කවියෙන් විස්තර වේ.
අජිත් මේ කරන්නේ අපූරු දෙයකි. ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව සාහිත්‍ය ශානර වල ඇති බොහෝ ලාලනයන් අත් හැර දමයි. මෙහි කතාවට උචිත අවශ්‍ය පරිසර චිත්‍රය කෙටියෙන් පෙන්වයි. ඒවා විස්තාරණය (elaborate) වූවා නම් හොඳ යයි විටෙක සිතුනි.
එසේම හැඟීම් චිත්තවේග (emotion) තවත් විස්තර කර හැකිව නොවේදැයි වරෙක සිතිනි.
සමහර අවස්ථාවන් විස්තර කිරීම (explain) තියුණු කරන්නට තිබුණා යයිද සිතිණි.
එහෙත් මේ අදහස් සියල්ල විකාරයකි. කෘතිය කියවා නිම වී ඇත.
එය තාමත් මා මනසේ ලැඟුම් ගෙනය. සියාමා මට පෙනේ. එහි මුලින් පෙනුණු පියකරු යුවතිය මට පෙනේ. පසුව ඇය පත්වූ දුක් භරිත බවද මට දැනේ.
කතාව තුළ සියලුම වේදනාවන් ආලෝලනයන් මගේ සිතෙහි රැව් දෙයි. එය මා රිදවා ඇත. ලෝකය වෙනස් කිරීමට දායක වීම අවශ්‍ය බැව් මගේ මනස සැළ කරයි.
***************************************************
ඔබගේ ආක්‍යාන රීතිය මා තිගස්වන්නේ ඇයිද යන්න මම සොයා බලමි.
එය සෘජු වාර්තාකථන රීතියකට ළං වීමකි. මා හට මේ වැරැද්ද සිදුවන්නේ සමහරවිට අප කියවා ඇති 'මළගිය ඇත්තෝ ' වැනි කෘතීන් වලින් හදද ඔලුවද පිරී ඇති නිසා විය යුතුය. නමුත් නූතන සාහිත්‍යකරුවා කොතෙක් ඒවායින් නිදහස් ද! ෂෙහාන් කරුණාතිලක ලියූ 'චයිනමන්' හෝ එච් බී ගුණරත්න ගේ 'හිතුවක්කාරී' එසේත් නැතිනම් 'onion and tear ' වැනි විදේශ නවකතාවක රචනා සඳහා ලේඛකයා මේ ශානරය හසුරුවන හිතුවක්කාරී නිදහස් පිළිවෙල අපට ලෝකයේ අනේක විධ ඇමතුම් විලාශ කියල දෙනවා. ඔබගේ පොතත් ඒ වගේ.
මගේ මිතුරියක් වන විශේෂඥ වෛද්‍ය ප්‍රියානි ගමගේ මේ පොත කියවා ඇගේ හැඟීම කීවේ මෙලෙස.
"එය විශ්වාස කළ හැකි අයුරින් ලියල තියෙනවා. ඇත්තටම මට ඒ කතාව තදින් දැනුනා "
ප්‍රසන්න කියූ දේ මම කියන්න ඕනේ නැහැ. ඔබ දන්න තවත් ගුරිවරියක් කීවේ ලංකාවේ අපි ඒ අතින් කොයි තරම් ලිබරල්ද කියලා.
ලිවීම දිග වැඩිද මන්ද? කොහොමටත් මේ ටිකත් කියන්න ඕනෑ.
ඔබේ උත්තම පුරුෂ ලිවීමේ සිටින සාංදෘෂ්ටිකවාදී මනුෂ්‍යයා හරිම යහපත් සමබරයි. මෙය කියවන අපට බටහිර රටවල ඇති නිදහස් පැවැත්ම ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන බව කියන්න ඕනෑ.
පොතේ පිටකවරය හා ඇතුළත සංනිදර්ශන රූප (illustration) අගයනවා. ඒත් පිටකවරය තව ආකර්ශනීයව කළ හැකිව තුබුණා යයි සිතනවා.
- නිශ්ශංක විජේමාන්න