මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -1
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - තෙවන කොටස
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - හතරවන කොටස
ඉහත හතරවන කොටසේ ඕල්කට් තුමා හා බ්ලවට්ස්කි මැතිනිය මළවුන් සමග හෙවත් එහා ලෝකයේ මාස්ටර් හෝ ගුරුන් සමග කතා කිරීම විශ්වාස කරන බොහෝ දෙනෙක් වෙති. ඒ අතර යතිවරුන්ද බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම විද්‍යාඥයන් පවා වෙති. බොහෝ අය මේවා ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැත. ඒ තමන්ව උපහාසයට ලක්වේ යයි බියෙනි. අනාගාරික ධර්මපාල තුමා බුදු දහම අනාත්මවාදී යයි කියා ඕල්කට් තුමන්ලා සමග පසු කලෙක විරසක වුනු බව අසා ඇත්තෙමි.
මළවුන් සමග කතා කරන්නන් හෙවත් මිඩියම් ලා සාමාන්‍ය ආගම් සමග සම්බන්ධයක් නැත. කතෝලික ආගමේ, මෙන්ම බුදු දහමේද සිය දිවි නසා ගැනීම පාපයක් බව සඳහන් වේ. මා නිරීක්ෂණය කළ දෙයක් නම් තම දිවි නසා ගැනීම් නිසා අහිමි වූ තම ලයාදරයන්ට හිමි වන්නේ අපාය යයි දේශනා කරන ආගම් නිසා ඒවායින් ඉවත්වී මෙවැනි කණ්ඩායම් වල පිහිට පතා මිනිසුන් එන බවයි.. දැන් දැන් එංගලන්තයේ නිදහස් සෞඛ්‍ය සේවාව මෙවැනි අයට අවශ්‍ය මානසික සායන පැවැත්වූවත් ඇමෙරිකාවේ එවැන්නක් නොමැතිව තිබුණා යයි සිතමි.
එතැනට යාමට කලින් මේ අත්දැකීමද සටහන් කිරීම වැදගත් යයි සිතමි.
මේ කාලයේදී මම මගේ මව රැගෙන ඉන්දියාවේ වන්දනාවක ගියෙමි. ඒ ගමන ගැන කතා කිහිපයක් මේ බ්ලොගයේ ද මා පළ කල පොතේ ද තිබේ. වන්දනා නඩය සංඝයාවහන්සේ ලාගේ ප්‍රධානත්වයෙන් මහමෙවුනා උයනේ හවස පහන් පුජාවක් පැවැත්වූහ. පහල ඇත්තේ එදා ගත් පින්තූර කිහිපයකි.
රැහැයි ශබ්දයක් වත් නැති ඉතා නිහඬ රාත්‍රියේ මේ පහන් පුජාව ඇත්තෙන්ම සුන්දරය. නිරාගමිකයකු වුවද මේ අතීත නටබුන් තුල රාත්‍රී මදනළත් සමග සෙමෙන් සැලෙන පහන් දැල්ලේ චමත්කාරයෙන් මත්වනු නියතය. ඉතින් මේ රාත්‍රියේ සැවොම පහන් පත්තු කරද්දී මගේ මව මා අතටද තෙල්, ඉටිපන්දම් ආදිය දුන්නාය. ඈත කෙළවරේ ගරා වැටුන චෛත්‍යයක් වටා මම පහන් දැල්වුයෙමි. හැමෝම එකතු වී සිටින්නේ මැද හරියේය. මේ අඳුරු පැත්තට කවුරුත් එන්නේ නැත. මගේ පිටුපස මදක් ඈතින් උපාසිකා උපාසිකාවෝ පහ හයක් පමණ පහන් දල්වති. ගරා වැටුණු චෛත්‍යයේ අඳුරු පැත්තේ කවුරු නැත. හාමුදුරුවන් හා අනිකුත් ඉන්න අය සිටින මැද පැත්තට වෙන්නට පමණක් හැමෝම පහන් දල්වනවා මිස අඳුරු පැති වලට යන්නේ නැත.
ඉන්දියාවේ මේ පෙදෙසේ විදුලි පහන් නැත. එනිසා පළාතම ගණ අඳුරුය. මා ඒ පැත්තේ පහන් පත්තු කරද්දී මට අඩි දහයක් පමණ ඉදිරියෙන් තවත් අයෙකු යන බව දුටිමි. යනවාට වඩා සුදු උඩුකය පාවෙයි. එය අනිත් පැත්තට යන්නාක් මෙන් නැතිවී ගියේය. ඒ පැත්තේ අනිත් අය පහන් පත්තු කරනවා ඇති යයි සිතා මම අනිත් පැත්තට ගමන් කලෙමි. ඒ අර උදවිය තවම පහන් පත්තු කරමින් සිටි තැන පසු කරමිනි. අනිත් පැත්තෙන් කවුරුත් ආවේ නැත. පහන් පත්තු කරද නැත. මම නැවත මැදට පැමිණ අර උපසිකාවනට කවුදෝ සුදු හැඳගත් රුපයක් පහන් පත්තු කරන තැන දුටු බවත් ඉන්පසු දැඩි අඳුරේ මේ පැත්තට පාවී මෙන් එන සෙයක් දුටු බවත් කියා ඔවුන් ගෙන් කෙනෙක් ඒ පැත්තට ගියාදැයි ඇසුවෙමි. මා දෙස බියමුසු නෙතින් බැලූ සියල්ලෝම එතනින් ආත බූත කඩාගෙන පැන ගියහ.. ඔවුන් හාමුදුරුවන්ට මේ විස්තරය කිව් බව මට වැටහුනේ හාමුදුරුවන් කියූ කතාවකිනි.
"මහත්තයා හරි වාසනාවන්තයි. මාත් නිතර අහල තියෙනවා දෙවි දේවතාවෝ වඳින්න එනව කියල. අපේ හිමිවරු නිතර දැකල තියනවා. මම දැකල නම් නැහැ. නමුත් සමහර අයට විතරයි ඕව පේන්නේ." දෙවියන් නම් අර අය බියෙන් මෙන් ඉවත්ව ගියේ ඇයි දැයි මට ප්‍රශ්නයක් විය. තමන් නිතිපතා වන්දනා කරන දෙවියන්ට මිනිසුන් ඇත්තටම බයද? පුතා දෙවියෙක් දැකීම ගැන මවද සතුටින් හිටියාය.
මේ ගැන පසුව සිතූ මට සිතුනේ මා දුටුවේ දෘෂ්ටි මායාවක් බවය. ඉන්දියාව අධික උෂ්ණත්වයකින් යුතු රටකි. දහවලට එහි ඇති උෂ්ණත්වය ශ්‍රී ලංකාවටත් වඩා වැඩිය. අනික මේ සමහර පැතිවල ගහකොළ ද එතරම් නැත. එනිසා මිරිඟුව වැනි දේ ඇති වීම සාමාන්‍ය දෙයකි. අධික උෂ්ණත්වය ඇති දහවලේ මිරිඟුවක් දැකීම සාමාන්‍ය දෙයකි. දහවලේ අධික උෂ්ණත්වය නිසා උඩට යන ජල වාෂ්ප වලින් වලාකුළු සෑදෙන බවද සැවොම දන්නා කරුණකි. මේ ජාල වාෂ්ප හැමෙකක්ම උඩ අහසට යන්නේ නැති අතර සමහර ඒවා පොලොව මතුපිට වෙයි. හවස සීතල වාතය මේ නිසාය.
ඉතින් මේ සීතල ජල බින්දු වලින් සෑදුන තාවකාලික දර්පනයක් වැන්නකින් මගේම හෝ එතන සිටි උපාසිකා/උපාසක කෙනෙකුගේ රුවක් පරාවර්තනය වී මට පෙනෙන්නට ඇත. අවට තිබු පහන්වල ආලෝකය පරාවර්තනය වන්නට ඇත. මා ඉවතට යන විට එයත් පාවී ගියේ මේ නිසා විය යුතුය.
පසුව බුද්ධගයාවේදී එහි තුබූ පොත් හලට ගියෙමි. එහිදී ඉතා වැදගත් පොතක් හමුවිය. එම පොත මහායාන බුදු දහමේ ප්‍රබලයන් වන නාගර්ජුන හිමි හා දම්මකිත්ති හිමි (150-200 AD) අතර වන සංවාද ගැන ලියූ එකකි. ගෞතම බුදුන් ගෙන් පසු සිටි හොඳම ම බෞද්ධ දාර්ශනිකයන් වන ඔවුන්ගෙන් නාගර්ජුන ශුන්යාතය නමැති සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේය. මේ අදහස් මේ ලිපි පෙලට ගලපන්නේ පසුවටය.
ඊළඟ ලිපියෙන් සියදිවි නසා ගත් දෙමළ බෝම්බකරුවකු හා 88-89 සමයේ මියගිය ජවිපෙ සාමාජිකයකු ඇත්තටම කතා කළේ දැයි විමසමි. එම ලිපියෙන් පසු මගේ අවසන් පරීක්ෂණය ගැනද පැහැදිලි කරමි.
ඉන්පසු මා "මළවුන් සමග කතා කිරීම" පිළිබඳව උපේක්ෂාවෙන් සලකන හේතූන් පැහැදිලි කරමි.
~~~~~ මතු සම්බන්ධයි.
ජලය වාෂ්ප වන හැටි හා පින්තූරය : http://water.usgs.gov/edu/watercyclecondensation.html
http://www1.lsbu.ac.uk/water/density_anomalies.html
http://www.engineeringtoolbox.com/water-vapor-saturation-pressure-air-d_689.html
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -1
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - තෙවන කොටස
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - හතරවන කොටස
ඉහත හතරවන කොටසේ ඕල්කට් තුමා හා බ්ලවට්ස්කි මැතිනිය මළවුන් සමග හෙවත් එහා ලෝකයේ මාස්ටර් හෝ ගුරුන් සමග කතා කිරීම විශ්වාස කරන බොහෝ දෙනෙක් වෙති. ඒ අතර යතිවරුන්ද බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම විද්‍යාඥයන් පවා වෙති. බොහෝ අය මේවා ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැත. ඒ තමන්ව උපහාසයට ලක්වේ යයි බියෙනි. අනාගාරික ධර්මපාල තුමා බුදු දහම අනාත්මවාදී යයි කියා ඕල්කට් තුමන්ලා සමග පසු කලෙක විරසක වුනු බව අසා ඇත්තෙමි.
මළවුන් සමග කතා කරන්නන් හෙවත් මිඩියම් ලා සාමාන්‍ය ආගම් සමග සම්බන්ධයක් නැත. කතෝලික ආගමේ, මෙන්ම බුදු දහමේද සිය දිවි නසා ගැනීම පාපයක් බව සඳහන් වේ. මා නිරීක්ෂණය කළ දෙයක් නම් තම දිවි නසා ගැනීම් නිසා අහිමි වූ තම ලයාදරයන්ට හිමි වන්නේ අපාය යයි දේශනා කරන ආගම් නිසා ඒවායින් ඉවත්වී මෙවැනි කණ්ඩායම් වල පිහිට පතා මිනිසුන් එන බවයි.. දැන් දැන් එංගලන්තයේ නිදහස් සෞඛ්‍ය සේවාව මෙවැනි අයට අවශ්‍ය මානසික සායන පැවැත්වූවත් ඇමෙරිකාවේ එවැන්නක් නොමැතිව තිබුණා යයි සිතමි.
එතැනට යාමට කලින් මේ අත්දැකීමද සටහන් කිරීම වැදගත් යයි සිතමි.
මේ කාලයේදී මම මගේ මව රැගෙන ඉන්දියාවේ වන්දනාවක ගියෙමි. ඒ ගමන ගැන කතා කිහිපයක් මේ බ්ලොගයේ ද මා පළ කල පොතේ ද තිබේ. වන්දනා නඩය සංඝයාවහන්සේ ලාගේ ප්‍රධානත්වයෙන් මහමෙවුනා උයනේ හවස පහන් පුජාවක් පැවැත්වූහ. පහල ඇත්තේ එදා ගත් පින්තූර කිහිපයකි.
රාත්‍රියේ පහන් දල්වා ඇති අයුරු |
මගේ මව ඈත බලා සිටියි. |
මේ පහන් පෙළේ දර්ශනය චමත්කාරය දනවයි. |
රැහැයි ශබ්දයක් වත් නැති ඉතා නිහඬ රාත්‍රියේ මේ පහන් පුජාව ඇත්තෙන්ම සුන්දරය. නිරාගමිකයකු වුවද මේ අතීත නටබුන් තුල රාත්‍රී මදනළත් සමග සෙමෙන් සැලෙන පහන් දැල්ලේ චමත්කාරයෙන් මත්වනු නියතය. ඉතින් මේ රාත්‍රියේ සැවොම පහන් පත්තු කරද්දී මගේ මව මා අතටද තෙල්, ඉටිපන්දම් ආදිය දුන්නාය. ඈත කෙළවරේ ගරා වැටුන චෛත්‍යයක් වටා මම පහන් දැල්වුයෙමි. හැමෝම එකතු වී සිටින්නේ මැද හරියේය. මේ අඳුරු පැත්තට කවුරුත් එන්නේ නැත. මගේ පිටුපස මදක් ඈතින් උපාසිකා උපාසිකාවෝ පහ හයක් පමණ පහන් දල්වති. ගරා වැටුණු චෛත්‍යයේ අඳුරු පැත්තේ කවුරු නැත. හාමුදුරුවන් හා අනිකුත් ඉන්න අය සිටින මැද පැත්තට වෙන්නට පමණක් හැමෝම පහන් දල්වනවා මිස අඳුරු පැති වලට යන්නේ නැත.
ඉන්දියාවේ මේ පෙදෙසේ විදුලි පහන් නැත. එනිසා පළාතම ගණ අඳුරුය. මා ඒ පැත්තේ පහන් පත්තු කරද්දී මට අඩි දහයක් පමණ ඉදිරියෙන් තවත් අයෙකු යන බව දුටිමි. යනවාට වඩා සුදු උඩුකය පාවෙයි. එය අනිත් පැත්තට යන්නාක් මෙන් නැතිවී ගියේය. ඒ පැත්තේ අනිත් අය පහන් පත්තු කරනවා ඇති යයි සිතා මම අනිත් පැත්තට ගමන් කලෙමි. ඒ අර උදවිය තවම පහන් පත්තු කරමින් සිටි තැන පසු කරමිනි. අනිත් පැත්තෙන් කවුරුත් ආවේ නැත. පහන් පත්තු කරද නැත. මම නැවත මැදට පැමිණ අර උපසිකාවනට කවුදෝ සුදු හැඳගත් රුපයක් පහන් පත්තු කරන තැන දුටු බවත් ඉන්පසු දැඩි අඳුරේ මේ පැත්තට පාවී මෙන් එන සෙයක් දුටු බවත් කියා ඔවුන් ගෙන් කෙනෙක් ඒ පැත්තට ගියාදැයි ඇසුවෙමි. මා දෙස බියමුසු නෙතින් බැලූ සියල්ලෝම එතනින් ආත බූත කඩාගෙන පැන ගියහ.. ඔවුන් හාමුදුරුවන්ට මේ විස්තරය කිව් බව මට වැටහුනේ හාමුදුරුවන් කියූ කතාවකිනි.
"මහත්තයා හරි වාසනාවන්තයි. මාත් නිතර අහල තියෙනවා දෙවි දේවතාවෝ වඳින්න එනව කියල. අපේ හිමිවරු නිතර දැකල තියනවා. මම දැකල නම් නැහැ. නමුත් සමහර අයට විතරයි ඕව පේන්නේ." දෙවියන් නම් අර අය බියෙන් මෙන් ඉවත්ව ගියේ ඇයි දැයි මට ප්‍රශ්නයක් විය. තමන් නිතිපතා වන්දනා කරන දෙවියන්ට මිනිසුන් ඇත්තටම බයද? පුතා දෙවියෙක් දැකීම ගැන මවද සතුටින් හිටියාය.
මේ ගැන පසුව සිතූ මට සිතුනේ මා දුටුවේ දෘෂ්ටි මායාවක් බවය. ඉන්දියාව අධික උෂ්ණත්වයකින් යුතු රටකි. දහවලට එහි ඇති උෂ්ණත්වය ශ්‍රී ලංකාවටත් වඩා වැඩිය. අනික මේ සමහර පැතිවල ගහකොළ ද එතරම් නැත. එනිසා මිරිඟුව වැනි දේ ඇති වීම සාමාන්‍ය දෙයකි. අධික උෂ්ණත්වය ඇති දහවලේ මිරිඟුවක් දැකීම සාමාන්‍ය දෙයකි. දහවලේ අධික උෂ්ණත්වය නිසා උඩට යන ජල වාෂ්ප වලින් වලාකුළු සෑදෙන බවද සැවොම දන්නා කරුණකි. මේ ජාල වාෂ්ප හැමෙකක්ම උඩ අහසට යන්නේ නැති අතර සමහර ඒවා පොලොව මතුපිට වෙයි. හවස සීතල වාතය මේ නිසාය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි |
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි |
පොළොව අසල ඝනීභවනය (අන්තර්ජාලයෙනි) |