දහවන කොටස
දහවන කොටසේ ලියන ලද හීනයාන මහායාන සංවාදය තුලින් මා ඉස්මතු කළ ප්රශ්නය කුමක්ද යන්න පැහැදිලි කිරීමක් කරමි. ථේරවාද දර්ශනය අදහන ලංකාවේ බෞද්ධ යතිවරයන් මළවුන් ගෙන්වීමට විරුද්ධව ඔවුන් ප්‍රේතයන් බව මගේ මවට පැවසුහයි මම මුල්ම ලිපියේ ලීවෙමි. එසේම ප්‍රේතයන් හා දෙවියන් වශයෙන් මියගිය අය උපත ලබතියි ද ඔවුහු සඳහන් කරති.
ඊළඟ ලිපි වල ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මය නගා සිටුවීමට වැඩ කල ඕල්කට් තුමා, බ්ලවැට්ස්කි මැතිනිය ආදීන් මළවුන් සමග කතා කිරීම විශ්වාස කල අය බවද ඔවුන් ඒ සඳහා දර්ශන පවා කළ බවද කීවෙමි. (පෙර ලිපි බලන්න)
ඉන්පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ද මේ මාර්ගයේම ගිය බවටත් උන්වහන්සේ මහායානය මෙන්ම විශ්වයේ උපතද හදාළ බවත් කීවෙමි.
කැප්රා ගේ මතයට අනුව මහායානයේ සංස්කෘත භාෂාවෙන් ඇති ලියැවිලි බුදුන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 100-200 අතර ලියවුනු ඒවා බවත් වඩාත් සත්‍යයට බර විය යුත්තේ එම අදහස් බවත් කියන ඔහුගේ මතය උපුටා දැක්වුයෙමි.
ථෙරවාද දහමේ සඳහන් ප්‍රේතයන් හා දෙවියන් ඇත්නම් මහායානයේ සඳහන් ගන්ධබ්බයන් හෝ අන්තරාභවයක් නැත යයි ඔවුන්ට කිව නොහැකිය. හේතුව මේ දෙකටම සාක්ෂියක් නැති හෙයිනි.
මළවුන් කතා කිරීම ගැන තිබෙන ඉතා සුළු "නිවැරදි කියැවීම්" ප්‍රමාණය සාක්ෂි ලෙස ගෙන උපකල්පනය කළහොත් ගන්ධබ්බයෙක් ඇත යන්න හෝ අන්තරාභවයක් ඇති ලෙසට නැවත උපකල්පනය කළ හැකිය. (මේවා උපකල්පන පමණක් බව මතක තබා ගත යුතුය). ගන්ධබ්බයෙකුත් නැත්නම් දෙවියන්, ප්‍රේතයන් හා යකුන් ඇති කියා උපකල්පනය කළ හැකිද?
කිර්ලියාන් ක්‍රමය යනු රුසියානු විද්‍යාඥයෙකු වන සිමියොන් කිර්ලියන් හා බිරිඳ වැලන්ටිනා විසින් වසර 1939 දී පමණ සොයාගත් "විදුලි" ඡායාරුප ගැනීමේ ක්රමයකි. මේ වනාහි ඔවුන් විසින් ඡායාරුප තලයක් (ඒ කාලයේ භාවිතා කළ plate) හදිසියේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයක් අසල තැබීමෙන් ලබාගත් ඡායාරුපය විමසා එය වැඩි දියුණු කිරීමෙන් සොයාගත් ක්රමයකි. වැඩි විස්තර සඳහා යොමුවට යන්න.
මේ ක්රමයේ වැදගත් කම වූයේ ජිවියෙකුගේ සිරුර අවට කිසියම් ශක්ති (Energy) ව්‍යුහයක් ඇති බවට උපකල්පනය කිරීමයි. මේ ශක්ති ක්ෂේත්රය ප්‍රාණ ශක්තිය හෝ ජීව ශක්තිය යනුවෙන් ඔවුන් හැඳින්වූහ. මිනිසෙකුගේ හිස වටා හෝ ශරීරය වටා රැස් වළල්ලක් (aura) වැන්නක් ඇති බව ද ඔවුහු පැවසුහ. ආචාර්ය තෙල්මා මොස් වැනි මනෝ විද්‍යාඥයන් මේ ගැන සොයා බැලුවද වසර 1970 වන විට එවැන්නක් නොමැති බවට බොහෝ විද්‍යාඥයන් නිගමනය කළහ.
ඉහත ක්‍රමය අදාළව වෙනත් වෙබ් ඩවියක සඳහන් කෙරුණු පරීක්ෂණයක් කිරීමට මම අදහස් කලෙමි. එයට හේතුව පෘතුවියේ චුම්බක ක්ෂේත්රයේ බලපෑම අපේ සිරුරු වලට ඇති බවත් ඒ මගින් අනිත් සිරුරු හා සම්බන්ධයක් ඇති කෙරෙන බවට වූ මතයකි.
මේ නිසා මගේ ඊළඟ පරීක්ෂණය වූයේ චුම්බක ක්ෂේත්‍ර තුලින් සිතට කිසියම් බලපෑමක් කළ හැකිද යන්න සෙවීමයි. භූගෝලයට අනුව පෘතුවියේ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය ධ්රැව දෙකක් තිබේ. එසේම පෘතුවි ගෝලයේ චලිතය හා එහි මුදුන් පෘෂ්ඨයේ ඇති ලෝහ නිසා ඇති වුන චුම්බක ක්ෂේත්රයක් තිබේ. මෙය උතුරු හා දකුණු චුම්බක ධ්රැව යනුවෙන් හැඳින්වේ.
පරීක්ෂණයට දහ දෙනෙකු පමණ සහභාගී වුන අතර ජැමී (හෙවත් ලවුලන් ) ට අමතරව ඇමෙරිකානු ඩොන්නා ඇට්කින්සන් (මගේ ෆේස්බුක් මිතුරියකි) හා තවත් කැනේඩියන් හා අමෙරිකානුන් මෙයටකැමැත්ත පළකර එක් වුනහ. මෙහිදී සිදු කෙරුනේ චුම්බක ක්ෂේත්රයේ ඇති ආකාරයට හිස උතුරු පෙදෙසේ තැබීමයි. මාලිමාවකින් (කොම්පස්) පෙන්වන්නේ උතුරු චුම්බක ධ්‍රැවය නිසා මේ සඳහා මාලිමාවක් භාවිතා කල යුතුය. ඉන්පසු ශරීරයට අඟල් භාගයක පමණ උඩින් අතින් පිරිමැදීමක් කළ යුතුය. බොහෝවිට මේ සඳහා පැතලි යකඩයක් භාවිතා කල හැක. (පිහි භාවිතා නොකල යුතු බවට අවවාද කර තිබේ.) මේ පිරිමැදීම හිසේ සිට පහලට චුම්බක ක්ෂේත්රයේ පරිදි ඉලිප්සයාකාරව කළ යුතුය. මිනුත්තු පහත් දහයත් අතර කාලයකදී අනිත් කාමරයේ හෝ වෙනත් ස්ථානයක සිටින තැනැත්තා හා මනසින් සම්බන්ධ විය හැකි විය යුතුය. එසේම මේ සම්බන්ධයේදී අනිත් තැනැත්තාගේ රෝගයක් වේදනාවක් ඇත්නම් තමන්ට දැනෙන අතර බොහෝ විට මේ ක්‍රමයෙන් හිසේ වේදනා ආදිය නැතිවී යනු ඇතැයි ඔවුහු කියති.
මේ පරීක්ෂණයට සහභාගිවුණු ඇතැමුන් තමන්ගේ අහවල් ආබාධය තරමක් සුව වුනු බව දන්වා සිටියද ඒවා බොහෝවිට ස්වයං රැවටීමකට භාජනය වීමක් බවට නිගමනය කලෙමි. හොඳ වෛද්‍යවරයෙකු අතින් වතුර වීදුරුවක් පානය කළත් සනීප වෙනවා යයි කතාවක් තිබේ. මෙහිදී කිසියම් මානසික සම්බන්ධයක් ඇති කරගත හැකි වූයේ ලවුලන් සමග හා ඩොන්නා සමගය. ඔවුන් දෙදෙනාටම මා සිටි කාමරයේ පරිගණකය තිබෙන තැන පොත් තිබෙන රාක්කය, මා හිඳ සිටි යෝග මැට් එක හා එහි වර්ණය ආදිය විස්තර කළ හැකි විය.
සහභාගිවුණු පිරිමින් දෙදෙනෙකු කියා සිටියේ ඔවුන්ට එසේ එක තැනක සිටීම පවා අපහසුවූ බවයි. හේතුවක් කීමට නොහැකිය.
එසේම මටද කිසියම් දුරකට ඔවුන් සිටි කාමරය ගැන විස්තර මෙන්ම ලවුලන් ගේ කිසියම් සිතුවිල්ලක් ආදිය නිර්ණය කර ගත හැකි විය. නමුත් වවඩා ඳින් විමසා බැලීමේදී මේ විස්තර අප එකිනෙකා සමග කලින් විස්තර කර ගත්තාද යන චකිතය මට ඇතිවුණි.
මෙහිදී ලවුලන් (ජැමී) ට කොහොමත් මෙවැනි හැකියාවක් තිබෙන නිසා ඇය බැහැර කළහොත් ඉතිරි වන්නේ ඩොන්නාය. ඩොන්නා ගැන සැලකීමේදී ඇය භාවනා කරන, ආසියාතික ආගම් හා ශාමන් වරුන් අදහන, ගෙවතු වගා කරන, නිතර කෑලෑ කඳු ආදියේ සංචාරයේ යෙදෙන, එළිමහනේ විසීමට කැමති කාන්තාවකි. එවැනි අය කිසියම් ප්‍රමාණයකට මෙවැනි පරීක්ෂණවලට කැමැත්ත දක්වති. එනිසා ඇගේ සාක්ෂිද බැහැර කලෙමි.
මගේ අවසාන නිගමනය වූයේ මේ පර්යේෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවයි. එනිසා එය තව දුරටත් නොකර අත්හැර දැමුවෙමි.
නමුත් මේ පරික්ෂනය ගැන මා ලියන්නට සිතුවේ චුම්බක ක්ෂේත්‍ර පිලිබඳ විද්‍යාඥයෙකු වන ජෝ කර්ෂ්නික් ගේ සොයා ගැනීමක් නිසාය. ඒ පිලිබඳ ඉංග්‍රීසි ලිපිය පහත පළවේ.
මිනිසාට පොළොවේ චුම්බක ක්ෂේත්රය හැඳිනිය හැකියි කියන ඔහු කැල්ටෙක් හි (California Institute of Technology කැලිෆෝර්නියා තාක්ෂණික ආයතනය ) භූ විද්‍යාඥයෙකි.
බඹරුන්, මි මැස්සන් ඇතැම් කුරුල්ලන් පෘතුවියේ චුම්බක ක්ෂේත්රයේ (magnetoreception) ආධාරයෙන් තම පියාසැරි හසුරුවා ගනිති. ඔහු පවසන්නේ මිනිසුන්ටද එය කළ හැකි බවයි. මුලදී විද්‍යාඥයන් විසින් මෙය ටෙලිපති වැනි අධිමානසික බොරුවක් ලෙස සලකා ඉවත දැමුහ. නමුත් දැන් ශීත සමයේ උණුසුම් (ශ්‍රී ලංකාව වැනි) රටවලට පියාඹන කුරුල්ලන් සතු මාලිමාවක් වැන්නක් සිරුරේ ඇති බව තහවුරු වී ඇතිව පමණක් නොව ඔවුන් චුම්බක ක්ෂේත්රය උපයෝගී කර ගන්න බව ද තහවුරුව ඇත. එපමණක් නොව බොහෝ දුර පිහිනන මාළු ද මේ ලෙසම චුම්බක ක්ෂේත්රයේ වෙනස් වීම් භාවිතා කරති.
ප්රශ්නය වී ඇත්තේ මේ චුම්බක ක්ෂේත්රය පිළිබඳව සෛල හා නියුරෝන දෙන තොරතුරු මොලය විසින් විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න තවම නොදැනීමයි. වසර 2012 දී ස්නායු විශේෂඥ බේයර් විදුහලේ ඩේවිඩ් ඩික්මන් මහතා පරෙයියන්ගේ ඇතුළු කණේ ඇති විශේෂ නියුරෝන් ප්‍රමාණයක් පෘතුවි චුම්බක ක්ෂේත්රයේ ප්‍රබලත්වය ධ්‍රැවියතාවය හා දිසාව ට අනුව ක්‍රියාත්මක වන බව සොයා ගත්තේය.
මේ අතරතුර බේකර් නමැති බ්‍රිතාන්‍ය ජිව විද්‍යාඥයෙක් මිනිසුන් තුලත් මාලිමාවක් ඇති බවට පර්යේෂණ පත්‍රිකා පළ කළේය. මේවා සොයා බැලීමට ලිපියේ ඇති පරිදි බේකර් හා එක්ව කර්ෂ්වින් පරීක්ෂණ කළහ.
ඒ පොළොවේ පරිදිම කරකැවෙන චුම්බක ක්ෂේත්රයක් තුලට මිනිසකු ඇතුළු කර කල පරීක්ෂණයකි. මා ඉහත කළ ඉතා සරල පරික්ෂණයට මෙය සමාන කළ නොහැක්කේ මෙවැනි මුදල් (ඩොලර් ලක්ෂ නමයක්) සම්භාරයක් සමග ලැබ් එකක් අපට නොමැති වූ බැවිනි.
කර්ෂ්නික් ඔප්පු කළේ පරෙවියන් හෝ අනිකුත් සතුන් සේම චුම්බක ක්ෂේත්රය කරකැවෙද්දී හෝ කිසියම් වෙනසක් වෙද්දී අපේ මොළයේ නියුරෝන සමුහයක් ක්‍රියාත්මක වන බවයි. එනම් අපට දෙනන් බවයි.
මිනිසා වඩාත් පරිණාමය වෙද්දී ඔවුන්ගෙන් මේ සමහර ශක්තින්/හැකියාවන් අනවශ්‍ය නිසා ඉවත්ව ගොස් තිබිය හැකිය.
මේ අනුව මම මෙතෙක් දුරට ලියාගෙන ආ ලිපි වලට අනුව ලවුලන් හෝ ඩොන්නා ගේ මොළයේ නියුරෝන් කිසියම් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක විය යුතුය. මේ අනුව මේ චුම්බක ක්ෂේත්රයේ ආධාරයෙන් ලවුලන්ට මගේ කාමරයේ ඇති දේ කිසියම් විධිහකින් පෙනී ගියා විය යුතුය යන අදහසට පෙළඹුනෙමි. ඒ ගැන සෙවීමක් කීරීමට දැනට විද්‍යාව ප්‍රබල නැති වුනත් හෙට දිනයේදී එය කෙරෙනු ඇත.
මේ නිසා විඥානය මුලිකය කියන අදහසට වඩා පොළොවේ චුම්බක ක්ෂේත්රයේ බලපෑමෙන් මොලයේ කිසියම් ක්‍රියාකාරිත්වයක් වර්ධනය වන බව සිතිය හැකිය. මේ කාන්තාවන් දෙදෙනාම භාවනා ආදිය කිරීම නිසා කිසියම් ආකාරයකින් මොළයේ ශක්තිය වර්ධනය කරගෙන තිබෙන බවද උපකල්පනය කළ හැකිය.
මා මෙසේ කියන්නේ නිතර සිතන, මොලය වෙහෙසා වැඩ කරන අය ශාරීරිකව දැඩි මහන්සි ගතියක් දවස අවසානයේ පෙන්නුම් කරන අතර එසේ නොකරන අයගේ මානසික ශක්තිය මෙන්ම ධාරණ ශක්තියද වැඩි බව සඳහන් වන හෙයිනි.
මේ භාවනාව කිරීමේ ආදීනව හෝ ආගම පිළිපැදීම ගැන ලියන ලිපි පෙළක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඉහත සඳහන් සමහර අදහස් ලැබුණු දත්තයන් අනුව කළ උපකල්පන පමණි.
- මතු සම්බන්ධයි
මුලාශ්‍ර : කිර්ලියන් ක්‍රමය -
මිනිසුන්ගේ හයවැනි සංවේදනය
ජෝ කර්ශ්වින්ක් ගේ ලිපිය - මේ ලිපිය කවුරුන් හෝ පරිවර්තනය කරන්නේ නම් අගනේය.
ඩේවිඩ් ඩික්මන් ගේ ලිපිය
පුවත්පතේ ලිපිය
පෘතුවි චුම්බක ධ්රැව:

පෘතුවියේ චුම්බක ධ්රැව |