ජැනට් උඩ විසිවෙන පින්තූරය චිත්‍රපටයට සම්බන්ධය
පෝල්ටර්ගෙයිස්ට් යනු ජර්මන් වචනයකි. එහි තේරුම ශබ්ද නගන භූතයා යන්නය.
මේ තිබෙන්නේ සැබෑ පින්තුරයයි
අපේ එම කණ්ඩායමේ ඇමෙරිකානු සාමාජිකයෙක් වරක් මා සිටි පෙදෙස අසා එසේනම් එන්ෆිල්ඩ් භූත නිවසක් ගැන දන්නේ දැයි ඇසීය. මා ඒ බව නොදන්නා බව කී පසු ඔහු ඒ පිලිබඳ විස්තර මට එව්වේය.
අපේ නිවසේ සිට මීටර 850 පමණ දුරින් ඇති මේ නිවස එන්ෆිල්ඩ් නගර සභාව මගින් අඩු මිලට කුලියට දෙන ගෙයකි. (රැකියා නොමැති අයට) කාමර තුනක් තිබෙන තරමක විශාල ගෙයක් වන එය ඉදිරිපට බ්‍රිම්ස්ඩවුන් ප්‍රථමික විදුහල තිබෙන නිසා පාසල් යන වයසේ කුඩ ළමුන් සිටින පවුලකට හොඳ වාසස්ථානයකි. හොජ්සන් පවුල හැත්තෑව දශකයේ අග මෙහි පැමිණි අතර එහි සිටියේ ළමුන් හතර දෙනා සහ මව පමණි. භූතයා වැහුනා යයි කියන්නේ වැඩිමහල් දහතුන් වියැති මාගරට් සහ එකොලොස් වියැති ජැනට් හොජ්සන් ටය. මව රැකියාවක් කලේ නැති අතර රජයේ දීමනා වලින් ජිවත් වූවාය. මේ සිදුවීම් පටන් ගෙන තිබුනේ 1977 සිට 1979 දක්වාය.
මුලින්ම මාගරට් ට වැහුණු භූතාත්මය ඇය තුලින් කතා කරන්නට පටන් ගෙන ඔවුන්ට වහාම නිවසින් පිටවෙන්නට අණ කර තිබුණි. ඉන්පසු පුටු එහෙ මෙහෙ කරන්නටද පිඟන් වට්ටන්නටද පටන් ගෙන තිබේ. ඔවුන් මුලදී එය විහිළුවකට ගත් පසු ලාබාල ජැනට් ට ද මෙම භූතයා වැහුනි. මෙහිදී මව වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබු අතර පොලිසියට දැනුම් දී තිබුණි. මෙහිදී එන්ෆිල්ඩ් පොලිසියේ නිලධරයකු ලොග් පොතේ සඳහන් කර තිබුනේ පුටුවක් එහා මෙහා වීම ඔහුටද ගැටළුවක් වූ බවය.
ඒ දිනවල අසල්වාසීන් ද, සමහර අධිමානසික සිදුවුම් පර්යේෂයකයන්ද, සමහර පුවත්පත් කලාවේදීන් ද මේස පුටු එහා වීම. ගැහැණු ළමුන් දෙදෙනා ඇඳ උඩින් හෝ බිමට උඩින් අහසේ පාවීම ආදිය දුටු බවට වාර්තා කර තිබුණි.
අපේ අසල්වැසි නිවසේ ජිවත්වි වූ ශ්‍රාම ගිය පොලිස් නිලධරයෙකු වූ බ්‍රයන් ගෙන් විමසු විට ඔහු කීවේ වැඩි මහල් මාගරට් බිත්තියේ ඇලී සිටිනු ඔහු දුටු බවයි.
ගැහැණු ළමුන් දෙදෙනා කතා කලේ බිල් විල්කින්ස් නමැත්තකු ගේ කට හඬින්ය. (හෝ එසේ වෙනස් කරගත් පිරිමි කට හඬකින්)
ජැනට් හා මාගරට් එම හඩින් කතා කරමින් කියා ඇත්තේ තමන් මැරුණු බිල් විල්කින්ස් බවත් තමන් ඩුරන්ට් උද්‍යානයේ සිට පැමිණියේ තම නිවැසියන් බැලීමට බවත්ය. තමන් ගේ මිනි වල තිබෙන්නේ එම සොහොන් බිමේ බවත්ය. ඔහු එය ඔහුගේ තමන්ගේ නිවස නිසා වහා එම නිවසින් පිටවන ලෙස අණ කර තිබේ.
මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා ගැසීම ආදිය මෙන්ම පටිගත කරන ලද බිල් විල්කින්ස් ගේ කතා ද මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට් ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය.
නොවැම්බර් 12 වනදා ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහයකයා, අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ල ඉදිරියේ මේවා සිදු වී ඇත. ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරුප තිබේ.
බිබිසි රේඩියෝ ව 1978 දී මේ පිලිබඳ වාර්තා වැඩ සටහනක් ඉදිරිපත් කරන ලදී. එහිදී වැඩ සටහන් නිෂ්පාදකයා බිල් විල්කින්ස් නැමැත්තෙකු ඇත්තටම සිටියා දැයි සෙවූ අතර ඡන්ද නාම ලේඛනයේ විලියම් සහ එදෙල් විල්කින්ස් 1960 සිට 19622දක්වා ජිවත්ව ඇති බවට සොයා ගත්තේය. බිල් යනු විලියම් කියන නම කෙටි කර කියන්නකි. (උදා: බිල් ක්ලින්ටන්) . බිල් (විලියම් ) විල්කින්ස් මිය ගොස් ඇත්තේ 1962 දීය. ප්‍රශ්නය වන්නේ දහතුන් වියැති මාගරට් හෝ එකොලොස් වියැති ජැනට්ට මේ බව දැනගන්නට විධිහක් නොමැති වීමයි. නමුත් බිබිසි වාර්තාකරු සොයා ගත්තේ විල්කින්ස් වළ දමා ඇත්තේ මේ ඩුරන්ට්ස් සොහොන් බිමේ නොව ලැවෙන්ඩර් හිල් සොහොන් බිමේ බවය.
මේ තියෙන්නේ තවමත් ඇති බිල් ගේ සොහොනය.
මොරිස් ග්‍රොස් නමැති පර්යේෂකයා "මම ෆ්‍රෙඩ්" යනුවෙන් නාන කාමරයේ ලියා තිබු බව සටහන් කර තිබේ.එය ලියා ඇත්තේ ජැනට් ආවේස වීමෙනි. ෆ්‍රෙඩ් නොටින්හැම් නැමැත්තෙකු මේ නිවසේ 1973 දක්වා ජිවත්ව තිබේ. විශ්ලේෂකයකු කියන්නේ මේ කරුණු දෙමව්පියන් ගේ කතා බහින් දියණියන් දෙදෙනා දැන ගන්නට ඇති බවයි. එසේ නම් ඩුරන්ට් උද්‍යානය අසල සොහොන් බිම ඔවුන්ට වැරදුනේ කෙසේද? නැත්නම් භූතාත්මය ට වැරදුනාද? ගැහැණු ළමුන් දෙදෙනා පවසා ඇත්තේ (දැනුදු පවසන්නේ) ඔවුන් එය නොදැන සිටි බවයි.
Society for Psychical Research හෙවත් අධිමානසික විද්‍යා පිලිබඳ සංගමය (මොරිස් ග්‍රොස්, ගයි ලින්) මේ ගැන සොයා බැලූ අතර ඔවුන් මේ සිදුවීම් සත්‍ය බවට වාර්තා කර තිබේ. පය 200 කට වඩා ටේප් පටි මොරිස් මේ සිද්ධි සම්බන්ධයෙන් පටිගත කොට ඇත.
මෙම සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බල තිබුණි. එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් මේ සිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් ඒක් අයෙකු වුයේ භෞතික විද්‍යා මහාචාර්ය ජෝන් හැප්ස්ටෙඩ්ය. මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. මෙමෙඑන්ෆිල්ඩ් සිද්ධි පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබේ. ඔහුට සහරා විද්‍යාඥයන් එදා සමච්චලයට සිනහ වී තිබේ.
එසේම අධිමානසික සිද්ධීන් පිලිබඳ පරීක්‍ෂා කිරීමේ විද්‍යාත්මක කමිටුව නමැති සංගමය Committee for the Scientific Investigation of Claims of the Paranormal (CSICOP) මෙහි පැමිණ සියලු වාර්තා සළකා මෙය බොරුවක් බවට වාර්තා කර තිබේ.
ඔවුන් ඒ සඳහා පාදක කොට ගත්තේ ඇතැම් වාර්තාකරුවන්ට ජැනට් හා මාගරට් බොරු දේවල් පෙන්වා ඇති බව නිසාය. ඒ කියන්නේ හැඳි නැමීමට තැත් කිරීම, අතින් කට වසා වෙනත් හඬකින් කතා කිරීමට උත්සාහ කිරීම වැනි දේය. ඒ ගැන අනිකුත් පර්යේෂකයන් පවසන්නේ ඒ දිනවල ගැහැණු ළමුන් දෙදෙනාට පුවත්පත් වාර්තාකරුවන් ගෙන් හා පර්යේෂකයන් ගෙන් දැඩි පීඩනයක් එල්ලවූ බවත් ඔවුන්ගේ වාර්තා විකුණා ගන්නට ඇතැම් සිද්ධීන් බොරුවට අනුකරණය කරන්නට බල කළ බවත්ය. මහාචාර්ය හැප්ස්ටෙඩ් ඔවුන්ට හැඳි නැමීමට බල කර තිබුණි. එක අවස්ථාවක ජැනට් මාපකය දෙස බල සිටියදී එහි දර්ශකය බිඳී ගොස් ඇත.
මගේ අසල්වැසියා ගෙන් මේ බව ඇසූ විට ඔහු කෝපයට පත්ව මට කීවේ "තමුසේ කියන්නේ භූතාත්මය පත්තර කාරයන්ට ඕන වෙලාවට එනවයි කියලද? ඒ පැත්තේ (මළවුන්ගේ) ඔරලෝසු තියෙනවා කියලද " ඉන්පසු මම ඔහුට කීවේ එම නිවසේ පැල පදියම්ව ඇතැම් පර්යේෂකයන් සිටි බවය. එහිදී ඔහු පැවසුවේ ඇතැම් පර්යේෂකයන් ගැහැණු ළමුන් ගේ අහසේ පාවීම දුටු බව ඔහු ඉදිරියේ පිළිගත් බවය.
හොජ්සන් ලා ඉන්පසු එම නිවසින් පිටවුනු අතර හොල්මන් ක්‍රියා ද නැවතුණි. ඉන්පසු පැමිණි සියලුම නිවැසියන්ට එන්ෆිල්ඩ් නගර සභාව මේ ගෙදර හොල්මන් පවතින බව මුලින් කියා වාසයට කැමති දැයි අසති. මෙහි අලුතින්ම පැමිණ සිටින්නේද මවක් හා දරුවන් දෙදෙනෙකි. ඇය පවසා ඇත්තේ හොල්මන් වලට බිය නැති බවයි.
පහත ඇත්තේ මම අද ගත් එම නිවසේ ඡායාරූපයකි. වර්තමාන නිවැසියන් නිවස ඉදිරිපිට සිට ඡායාරූප ගන්නවාට අකමැතිය. ඒ බොහෝ ජපන්, කොරියන්, ඇමෙරිකන් සංචාරකයන් මෙතනට පැමිණෙන නිසාය.
ලංකාවේ විවේචනයට පාත්‍රවී ඇති චැනල් 4 සමාගම 2007 දී වාර්තා චිත්‍රපටයක් කළහ. ස්කයි සමහම 2015 දී වාර්තා චිත්‍රපටයක් කළේය. මෙහිදී ඕස්ට්‍රේලියාවේ දැන් ජිවත් වන ජැනට් සහ මාගරට් තමන් ඇතැම් පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ බොරු කල පිළිගත්හ. නමුත් ඉතිරි සියලු සිදුවුම් සත්‍ය බවට ඔවුන් තවමත් පවසයි.
The Conjuring 2 නමැති බියජනක චිත්‍රපටය මේ ගැහැණු ළමුන් දෙදෙනාගේ සිද්ධීය මුලික කොට ගෙන 2016දී එලි දක්වන ලදී.
මම අධිමානසික විද්‍යාවන් සොයද්දී මෙවැනි සිදුවීම් ගැනද මීඩියම් ලා ගෙන් ඇසුවෙමි. ජේමි ලවුලින් (මගේ ලිපි පෙළ බලන්න) ඇතුළු සියල්ලෝම ඒවා විශ්වාස කළහ. ජේමි මළවුන් සමග කතා කිරීම නතර කලේ සියදිවි හානිකරගන්නා අය නිසා බව කීවාය. එසේම මුදලට කරන විට බොරු කියන්නට බොහෝ අයට සිදු වෙතියිද වාර්තාකරුවන් නිසා බොරු කරන අය සිටිතියිද ඇය ද අනිකුත් මළවුන් සමග කතා කරන්නන්ද පැවසූහ.
මගේ අදහස අපට මේ ගැන තවත් සොයා ගැනීමට දේ ඇති බවයි. උදාහරණයක් වශයෙන් අපගේ ශරීර ද පරමාණුක අංශුන් ගෙන් සැදී ඇති අතර අපගේ ශරීර ඇවිදින තිත් ගොඩක් වැනිය. මම "පරමාණුවක ප්‍රමාණය " යනුවෙන් 2015 දී ලියු ලිපියක ඉලෙක්ට්‍රොන වලාකුළ හා න්‍යෂ්ටිය අතර දුර නිසා අප පුටුවක හරියට ඉඳ ගන්නේ නැති බව පැවසුවෙමි. අපේ ඇහැට නොපෙනෙන පරතරයක් ශරීරයේ/ඇඳුමේ හා පුටුවේ ඉලෙක්ට්‍රොන අතර තිබේ. ඒ අතර නියුට්‍රෝන අපේ සිරුරු තුලින් ගියද අප දන්නේ නැත. ක්වන්ටම් භෞතිකය පැත්තට ගිය විට ඉතා කුඩා පරමාණුක අංශුන් වෙනත් මානයක ට පැනීමට ඉඩකඩක් විවෘත බව පෙනේ. නිරීක්ෂණය කරන විට ෆොටෝන් අංශු සේ ගමන් කරන අතර එසේ නොකරන විට තරංග සේ ගමන් කරයි. එනිසා අප නොදන්නා දෙයක් තවමත් තිබෙන්නට අංශු මාත්‍රයක ඉඩක් ඇත. සාමාන්‍ය භෞතික විද්‍යා නියමයන් (නිව්ටන්ගේ සිට අයින්ස්ටයින් දක්වා) ක්වන්ටම් ලෝකයේ පිලි පැදෙන්නේ නැත.
තවමත් මේ සිද්ධීන් ගැන කතා වන්නේ ජැනට් හා මාගරට් ජිවතුන් අතර සිටින අතර මේවා සියැසින් දුටු අයද තවමත් සිටින නිසාය. එනිසා මේ සිද්ධීන් සම්පූර්ණ බොරුවක් යයි පිලි නොගන්නා අය බොහෝ සිටිති.
මා මෙය ලියුවේ ඇපල් ටෙලිවිෂන් සමාගම අලුත්ම වාර්තා චිත්‍රපටයක් නිපදවා ඇති නිසාය. මෙම වැඩ සටහනේ බිබිසි වාර්තාකාරිනිය පුටුව විසිවීම තමන් දුටු බවට පිලි ගත්තාය.
මේ එහි ට්‍රේලරයයි.
- අජිත් ධර්මකීර්ති 29/10/2023
(තට්ට මහතාගේ ශනිදා දහයට එංගලන්ත අධි මානසික වේලාවෙන් 01.56 ට ලියා අවසන් කරන ලදී.)
භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි.
//Grosse and Playfair interviewed the entity via Janet Hodgeson (aged 11) on Monday 12th December 1977:
'You're dead; didn't you know?
YES, I COME FROM OUT THE GRAVE.
You come from out the grave?
YES, IN DURANT'S PARK'. [p 142]
'It began to speak in bursts, as if with some effort, one or two syllables at a time.
MY - NAME - IS - BILL - WILKINS - AND - I - COME - FROM - DURRANT'S - PARK - AND - I - AM - SEVENTY - TWO - YEARS - OLD - AND - I - HAVE - COME - HERE - TO - SEE - MY - FAMILY - BUT - THEY - ARE - NOT - HERE - NOW.' [p142]
Richard Grosse (solicitor son of Maurice Grosse) interviewed Janet on Tuesday 13th December 1977:
'What happened when you died?
I WENT BLIND, AND I HAD A HAEMORRHAGE, AND I FELL ASLEEP AND I DIED ON A CHAIR IN THE CORNER DOWNSTAIRS,' [p 147]
The entity also subsequently claimed on 16th January 1978 in a message in red insulating tape on the bathroom door.
An entrance to Durants Park is off Green Street. Adjacent to the park and surrounded by it on two sides and no doubt enterable from it, is a municipal cemetery actually called 'Hertford Road Cemetery'. This is clearly what is meant in the above exchanges.
Electoral Roll for Green Street.
Inhabitants from the Electoral Roll of Enfield Parliamentary Borough (Polling District JX up to 1962; 1963 - 65 W/J; 1977 X/P) in 1960-5 and 1977
284 Green Street: in 1960, 61 & 62 William C & Ethel M Wilkins; then Ethel M Wilkins in 1963 & 64; then in 1965 Anthony S & Margaret Hodgson. In 1977 Anthony S & Margaret Hodgson.
282 Green Street: in 1960, 61, 62, 63, 64 & 65 Frederick R and Catherine B Nottingham. In 1977 Victor J & Peggy M Nottingham and Gary V Nottingham.
This established that Wilkins and his wife had lived at 284 Green Street immediately prior to the Hodgesons and gave an approximate date for his death of 1962/3.
With this information I checked the Registrar General's Birth Marriage and Death Certificate indices:-
William C L Wilkins died aged 61 in June 1963 (Edmonton 5e 381) and Ethel M Wilkins died aged 64 in June 1972 (Enfield)
and
Frederick R Nottingham (died 1973 Enfield) married (Edmonton 1919) Catherine B Slight
and had Victor J Nottingham (born 1934 Edmonton) who married (1956 Edmonton) Peggy M Richardson
and had Gary V Nottingham (born 1956 Leicester) who married (Enfield 1979) Gloria M Sutton
and
Anthony S Hodson married (1962 Edmonton) Margaret (Peggy) Burcombe
From: https://www.xenophon.org.uk/billwilkins.html
//