Wednesday 22 October 2014

පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

අපි දහම් පාසල් ගියේ බොහොම දුප්පත් වගේ තිබ්බ පන්සලකට. හැබැයි ඒක තිබ්බේ ගේ ළඟමයි. කට්ටිය අපේ අම්මට කිව්වා ගඟ ළඟ ආරාමයේ තියෙන දහම්පාසලට ළමයිව දාන්න කියල. ඒක ඈත වැඩියි. අනික ඒකෙ පොඩි හාමුදුරුවෝ අපේ අම්මට වැඩිය ඇල්ලුවේ නැහැ. (හොඳ වෙලාවට)

ඉතින් මේ පුංචි පන්සල තමා කොම්පඤ්ඤ විදියේ ගුණවර්ධනාරාමය. හයේ පන්තියේ කාලේ ඉඳල අපි දහම් පාසල් ගියේ ඒකට. අපට ධර්මාචාර්ය පන්ති වලදි (මන් හිතන්නේ අන්තිම වසර ටික) ඉගැන්වුයේ පුහුල්වැල්ලේ විමලවංශ පොඩි හාමුදුරුවෝ. පොඩි කීවට උන්නන්සේට අවුරුදු 50 - 60ක් වත් වෙන්න ඕනේ ඒ කාලේ. තව හුඟක් වයස නායක හාමුදුරු කෙනෙක් හිටි නිසයි මන් හිතන්නේ එහෙම කිව්වේ. හාමුදුරුවෝ කැලණියේ හරි විද්‍යෝදය විශ්ව විද්‍යාලේ හරි කථිකාචාර්ය තනතුරකුත් දැරුවා.

 පුහුල්වැල්ලේ හාමුදුරුවොයි මායි අතරේ සංවාදය ඇරඹුණු සිද්ධිය මෙහෙමයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් අම්මට ඕන වුණා මාව බෙල්ලන්විල පන්සලට ගෙනියන්න. ගිහිල්ල කතරගම දෙවියන්ගේ දේවාලේ භාරවෙන්න. මම වැඩේට විරුද්ධ වුනා සම්පුර්ණයෙන්ම. හාමුදුරුවෝ අපට උගන්වල නැහැ දෙවියෝ වඳින්න. පස්සේ තාත්ත කිව්වා ඔන්නහේ යන් කියල. අම්ම කියන ඕන තැනකට තාත්ත වැඩි කතාවක් නැතුව යනව. මාත් ගියා පවුලේ අනිත් අයත් එක්ක. හැබැයි මං දේවාලේ ඇතුලටවත් අඩිය තිබ්බේ නැහැ. දැන් අම්ම කපු මහත්තයට කියල එයත් වැඩේට ඇතුල් වෙලා. මට දෙනවා උපදෙස්.
අම්ම තාත්තගේ කීම අහන්න ඕනේ, හිත රිද්දන්න එපා. ("මට හම්බ වෙන ගාන නැතුව යනවා" - ඒකනම් කිව්වේ නැහැ). මං කිව්වා මම මහන්සිවෙලා විභාගේ ලියල පාස් වුනොත් වෙන කාටවත් ඒකෙ ගෞරවේ දෙන්නේ මොකටද කියල. පාස් වුණාම කියයි භාරහාර වුන නිසා පාස් වුණා කියල. පස්සේ අන්තිමට තාත්ත අම්මට කිව්වා

"ඔන්න ඔහේ ගිහින් භාර වෙනවා. එයාට යන්න ඕනේ නැත්නම් කියල."

තාත්ත මොනවා වුනත් ඒ පැත්තෙන් අපේ ස්වාධින මත වලට සහයෝගය දුන්න. අම්ම මේක පුහුල්වැල්ලේ හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුවෝ ගත් කටටම ඇහුවේ

"නෝනා මේ පන්සලේ දෙවිවරු එහෙම ඉන්නවා දැක්කද? දේවාලයක් දැක්කද කියල "
ඒ වෙලාවේ තමා මගේ ඔළුවට ආවේ මේ පන්සලේ දෙවිවරු නැහැනේ කියල. හාමුදුරුවෝ කීවේ

"පන්සල දියුණු කරන්න නම් දේවාල දාන්න තිබ්බ නමුත් අපි බුදුන්ගේ ඉගැන්වීම් වලට පිටින් යන්නේ නැහැ" කියලා .

 එදා තමා මම හාමුදුරුවෝ හරියට දැන ගත්තේ. දෙය්යෝ කවදාවත් මොනවහරි මිනිස්සුන්ට දෙනවා මම දැකල නැහැ. පන්චේන්ද්රියන්ට අහුවෙන්නේ නැතිවෙන්න ක්වන්ටම් භෞතික ආකාරයෙන් හොරෙන්ලුනේ දෙන්නේ. මිනිස්සු නම් දෙයියෝ ඉන්න තැන් වලට ගිහිල්ල හරියට දාන මාන, මුදල් දෙනවා. ඉතින් දෙයියෝ තියාගෙන ඉන්න කට්ටියනම් හරියට පෝසත් වෙනවා.
 දහම් පාසලේදී හාමුදුරුවෝ ඉගැන්නුවේ වැඩි පුරම අභිධර්මය. හාමුදුරුවෝ මට කතා කලේ පියන්ත කියල (මගේ දෙවෙනි නම ප්‍රියන්ත ) . හාමුදුරුවෝ කිවේ,
"පියන්ත මේ මිනිස්සු ගස්, ගල් , මහා පර්වත, හිරු, ජලාශ , විදුලි කෙටිම ඕවට වැඳ වැඳ හිටියේ. අපි ඒ වෙනුවට ඒ ගොල්ලන්ට කිව්වා, මේ බෝධියට (බෝ රුකට) වඳින්න, බුදු හාමුදුරුවෝ නිර්වාණය ලබද්දී පිට දුන් බෝධිය වගේ හරි ඒ බෝධියේ අන්කුරකින් හැදිච්ච එකක් හරි තමා තියෙන්නේ කියල. අපි මිනිසුන්ට කියල දුන්න රුක් සංරක්ෂණය. බුද්ධ ප්‍රතිමා හදල එතුමන්ට ගෞරව කරන්න කිව්වා, ගල් වලට වදින්නේ නැතුව. පර්වත , හිරු මොකටද ඔය දාගැබට වදින්න කියල. ඒවල වැඳිය යුතු ගරු කලයුතු රහතුන්ගේ ධාතු නිදන් කරලා තිබෙනවා කියල. ඒව වැඳලා බන ටිකකුත් අහන්න කිව්වා."

අපිට වෙන ලෝක තියෙනෙව කියල ඉස්සෙල්ලම ඉගැන්වුයේ බුද්ධාගමේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, එක සිතට චෛතසික 52ක් තියෙනව කියලා රුප (matter ) 28ක් තියෙනව කියල, සිතිවිලි 17 වර්ගයක් ඇසුරින් ඥානනය උපදිනවා කියල, මනෝ විශ්ලේෂණය ඉස්සෙල්ලම ඉගැන්වුයේ හාමුදුරුවෝ.
පැවැත්මට (existence ) තලයන්, හෝ ලෝක (planes ) 31 තිබෙනවා, සිත මිස කය නැත බඹලොව සතරෙකි ආදී දේවල් ඉස්සෙල්ලම ඉගැන්වූයේත් දහම් පාසලේදී. ඔය ලෝක අතරට නිරය, සත්ව ලෝකය, අවතාර නැත්නම් අසුර ලෝකය , ප්‍රේත ලෝකය, මනුස්ස ලෝකය හා දේව ලෝකය හෙවත් අපට වඩා සංවේදීතාව අතින් උසස් කස්ටියක් ඉන්න ලෝකය වගේ.
ඔය දේව ලෝකෙත් බුධත්වයට පත්වෙන මනුෂ්‍යයාට යටත් හැබැයි. දේව ලෝකේ කියන්නේ අපට වඩා දියුණු පිට සක්වල ජීවින් වෙන්න බැරිද කියල හිතුන වාර අනන්තයි. ඔය අතරේදී මිනිසුන් මේ ලෝකයට බැඳ තබන දේවල් නුත් ඉගැන්නුවා. තමන්ට ස්ථිර පෞද්ගලිකත්වයක් ඇත්තෙක් බව සිතීම (සක්කාය දිට්ඨි), සැකය හෙවත් විචිකිච්චාව, නීති, රිචුවල් (ritual ) ආදියට ආසාව (සීලබ්බත පරාමාස), කාම රාග, තරහ, (පටිඝ) රූප රාග , අරූප රාග , මානය, නොඉවසිලිවන්ත කම (උද්ධච්ච ) හා අන්තිම එක අවිද්‍යාව (මෝහය) අවිජ්ජා (ignorance ).
අන්තිම එකෙන් කියන්නේ අවිජ්ජාව නැති කර ගන්න ඉගෙන ගන්න කියල. කලාම සුත්‍රයේ කියන ඕන දෙයක් ප්‍රශ්න කරන්න කියලත් තියෙනවා කියල උන්නාන්සේ කියල දුන්න. ඉතින් අපිත් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුව භය නැතුව.

 මට විශිෂ්ට සම්මාන හයක් ලැබුනම සාමාන්‍ය පෙළ විභාගෙදි උන්වහන්සේ කිවේ පියන්ත , දේවාලේ එළිපත්තේ ඉඳන් ගත්ත D6 ඔය තියෙන්නේ කියල. අපේ අක්ක කිව්වා දෙවියෝ පිට ජාතියේ නිසා (ඇය අදහස් කලේ හින්දු දෙවියෙකු බව ) දඬුවම් වශයෙන් ඉංග්‍රීසි වලට සම්මානයක් (C ) දීල කියල මට.
(ඉන්දියාවේ මිනිසුන්ගේ හා දෙමල යාලුවන්ගේ ඉංග්‍රීසි හොඳ කියා මතයක් තිබුන - බණ්ඩාරනායක මැති තුමා ගෙන් තමා ඒක අහන්න ඕනේ. )

 දැන් ඔය නාසි වාදය තියෙනවනේ. පටන්ගත්තේ කොහොමද? ආර්ථිකය හෙම හදන්න , උද්ධමනය වැඩි වෙච්ච රටක (ජර්මනියේ) රස්සාවල් නැති සොල්දාදුවෝ ටිකක් එකතු වෙලා. යුදෙව් ධනවාදය ප්‍රතික් ෂේප කරමු. යුදෙව් කලාව, යුදෙව් විද්‍යාව ප්‍රතික්ෂේප කරමු උන් තමා අපට වින කටින්නේ. (අපිම තමයි පලවන ලෝක යුද්ධයට ගිහිල්ල ඇන ගත්තේ කියල නියම ඇත්ත නම් කිව්වේ නැහැ ජර්මන් වරුන්ට ) . යුදෙව් කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කරමු (ට්‍රොට්ස්කි, කාමනෙව්, සිනොවියෙව් ආදින් නිසා) කියල පටන් ගත්තේ. විද්‍යාත්මක පදනමකුත් දැම්මා ඇත්තට හිතෙන විධිහට. අපි ආර්යයන් අනිත් එවුන් (රුසියානුවෝ එහෙම) සත්තුන්ට ළඟ ජාතින්.

සාමාජීය ඩර්වින්වාදය (social darwinism ) - දුර්වලයන් පරිණාමයෙන් නැතිවී ප්‍රබලයා ජය ගැනීම. හොඳ ජාන ඇති රන්වන් හිසකේ, නිල් ඇස ඇති සුදු ආර්ය ජාතිය බලවත් වීම වගේ දේ. නාසි පක්ෂය බිහි වුනේ ජර්මන් කම්කරු පක්ෂයෙන් , පන්ති අරගලය සහ සමාජවාදය මුලදී පිලි අරන් පස්සේ ඈත් වුනු බුද්ධිමතුන් සහ සොල්දාදුවන් ගෙන්. එය නාසි පක්ෂය බවට පත්වී ජාතික සමාජවාදය (national socialism ) කියල න්‍යායක් ඉදිරිපත් කලා. සමහර කර්මාන්ත ජනසතු කරන, පන්ති අරගලයට හා කොමියුනිස්ට්වාදයට විරුද්ධ පෞද්ගලික දේපොළ රකින රාජ්‍ය ධනවාදයක්.1933දී නාසි පක්ෂය ජර්මන් මහජන චන්දෙන් බලයට පත් වුනා. මුලින්ම කල දෙයක් තමයි පොත් ගිනි තැබීම. මිනිසුන්ට දැනුම දුන්නොත් උන් කියන්නේ බොරු කියල මිනිස්සු තර්ක කරයි. ඒ නිසා තමන්ට පක්ෂ එවා ඇරෙන්න අනිත් හැම පොතක්ම ගිනි තිබ්බ. (අගොරාවේ වගේ) . ඊට පස්සේ වුන දේවල් දන්නවනේ.

අවිද්‍යාව පැතිරවීමට ඇති හොඳම දේ තමා අනිත් අයට කියවන්ට ඉඩ නොදීම. පුහුල්වැල්ලේ හාමුදුරුවෝ ළඟ සුමන සමන් දෙවියො වත් නාථ දෙවියෝ වත් හිටියේ නැහැ. උන්වහන්සේ කිව්වේ සමහර හොඳට මිනිසුන්ට සැළකු හොඳ, කරුණාවන්ත ප්‍රදේශාධිපතිවරු මිනිසුන් පසුව දේවත්යෙහි ලා සලකන්න ඇති කියල.

 නාථ දෙවියෝ කියල හරි නොකිය හරි වකුගඩු රෝග හැදිච්ච අහිංසක මිනිසුන්ව, අපේ ගොවියන්ව බේරා ගන්න එකත් , ඔවුන් වෙනුවෙන් කතා කරන එකත් ඉතාම හොඳ දෙයක්. පහුගිය අවුරුදු ගාන මුළුල්ලේ මේ බහු ජාතික සමාගම් කරන ව්‍යසනය ගැන හැමෝම නිහඬව හිටිය. දැන් ඒක මේ වැඩේ නිසා හොඳ මාතෘකාවක් වෙලා දේශපාලකයන්ට නොවිසදා පැනල යන්න බැරි. හැබැයි නාථවාදය නාසිවාදය කර ගන්න නම් එපා. අපට අපේ දැනුම බෙදා දෙන්නත් , අපට කියවන්නත් , බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේ දෙසුවා වගේ ප්‍රශ්න අහන්නත් අයිතිය තිබෙනවා. බුදුන් වහන්සේ හා පුහුල්වැල්ලේ හාමුදුරුවො මට ඉගැන්වුවේ , බුදුන් කිව්වත් , මහාචාර්ය වරයෙක් කිව්වත්, ගුරුවරයෙක් කිව්වත්, වෙන කවුරු කිව්වත් , තමන් හොයා බලා පිලි ගන්න කියල. මගේ නිදහස මට තියෙන්නේ එහෙම කරන්න.

31 comments:

  1. //"අවිද්‍යාව පැතිරවීමට ඇති හොඳම දේ තමා අනිත් අයට කියවන්ට ඉඩ නොදීම"// මෙන්න මේක තමයි මේ ලිපියේ හරය හැටියට මටනම් පෙන්නේ , කියවන්න් ඕන ලෝකය ගැන දැනගන්න . ලෝකය ගැන දැනගත්තම, දැනුම පුළුල් වුනාම බුද්ධිමත් පුද්ගලයෙක් බිහි වුනාම ඔහු ප්‍රශ්න කරන්න පුරුදු වෙනවා . කියන දෙයක් ඔහේ පිලි ගන්නේ නැතිව.
    ඕක කල් තියාම දැක්ක පුද්ගලයා තමයි බණ්ඩාරනායක . තමන්ගේ දුව පුතා මේ රට පාලනය කරන්න ඕනේ කියලා එයා කලින්ම හිතුවා , පාලනය කරන්නනම් ලිං මැඩියන් පිරිසක් ඉන්න ඕන, බුද්ධිමය නිම්වළලු පුළුල් කරනොගත්තු හිපාටුවන් පිරිසක් පාලනය කරන්න ලේසියි . ඒ නිසා එයා කලේ සිංහල රාජ්‍ය භාෂාව කළා. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න තිබ්බා අවස්තාව සාමාන්‍ය ජනතාවගේ ළමයින්ට අහුරුවා . (මේකට ඕන කෙනෙකුට තර්කයක් ගෙන්න පුළුවන් ඕනෑකම තියෙනවනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් , එකට බණ්ඩාරනායකට බැනලා වැඩක් නෑ කියලා ) එත් ඈත දුෂ්කර පාසල් වල ළමයෙකුට ඉංග්‍රීසි පීරියඩ් එකට ඉගෙන ගන්නවත් ගුරුවරයෙක් ඉන්නවද? අනිවාර්යය ඉංග්‍රීසි ඉගෙනීමයි ඔනෙනෙම් ඉගෙනීමයි අතර ලොකු වෙනසක් මම නම් දකිනවා .
    ඉතින් මේ මිනිස්සු ලෝකය දැක්කේ කියෙව්වේ බොහොම අඩුවෙන්, ප්‍රශ්න කරනවා වෙනුවට කියන දේ අහගෙන ඉන්න පුරුදු වුනා. රට දශක ගණනාවක් ආපස්සට ගියා . දැන් ටික ටික ප්‍රශ්නකරන , යමක් කියවන පිරිසක් හැදීගෙන එනවා , එත් බොහොම හෙමින්. මේ වෙද්දී පරම්පරා ගණනාවක් මොළ හෝදලා ඉවරයි මේ දේශපාලුවෝ .

    ReplyDelete
    Replies
    1. ඒක සැබැයි සැබැයි සැබැයි .

      Delete
    2. බණ්ඩාරනායක තුල වංචනික හැසිරීමක් තිබුන බව මටත් තේරුනා.සිංහල රාජ්‍ය භාෂාව කළ එකෙන් ගම්බද දුප්පත් ළමයින්ට කැම්පස් යන්න ලැබුන කියනව.නමුත් බණ්ඩාරනායක කියන්නෙ අපි හිතනවට වැඩිය තීක්ෂන ඥානයක් තිබුන කෙනෙක්.වැඩවසම් පවුල්වාදී පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය වර්ධනය වුන ආකාරය දෙස බැලුවම බණ්ඩාරනායකගෙ මුල් සැළැස්මක් තිබුන කියල හිතන්න පුළුවන්.එහෙමනම් ඔහුගෙ අත්තිවාරම සාර්ථකයි.
      තමන්ගෙ ළමයි රට යවන අතර රටේ අනෙක් ළමයි අන්ධකාරයේ තබන්න ඔවුන්ට ඕන වෙන්න ඇති.

      Delete
    3. හරියට හරි. මෑන් හිටියේ oxford නේ. දැන් බලන්නකෝ එංගලන්තේ ධනවාදය වර්ධනය වෙච්ච අරුම පුදුම විධිය. ජර්මනියේ හා ප්‍රංශයේ සම්පුර්නයෙන්ම වැඩවසම් පවුල් එලවල දැම්ම. රාජ්‍ය පාලනය ධනවාදී කර්මාන්ත කරුවෝ අතට ආව. එකෙන් අර ප්‍රගතිශීලි ධනවාදය ඇතිවුනා . පන්ති දෙකයි. කුල භේද එනම් මනම් නැහැ. ජාති භේද නැහැ . නමුත් එංගලන්තේ රජු පාලනය කලින්ම දීල ශේප් වුන චාල්ස් ඇරෙන්න. ඌව හිස ගසා දැම්ම. නමුත් වැඩවසම් රදල පන්තිය ධනපතියෝ එක්ක ආයෝජනය කරලා තත්වේ රැක ගත්ත. හැබැයි දැන් දැන් සමහර එවුන්ට මාලිගාවල් රන් කර ගන්න බැරුව ටුවරිස්ට් ල ගෙන්න ගන්නවා. නමුත් මුන් ශේප් කර ගත්ත.

      Delete
    4. මම ඉවාන්ගේ මතයට බොහෝ දුරට එකඟ නැහැ. මේ වෙනකොටත් දේශීයවත්, විදේශවලටත් ගිහින් කීර්තියක් ගෞරවයක් ලබාගත් අය (ඉවාන්ලා, අජිත්ලා වැනි අය පවා)බොහෝ දෙනෙක් මූලික අධ්‍යාපනය සිංහලෙන් ඉගෙනගත්ත අය. ඉංග්‍රීසි තිබුනා නම් හොඳයි. නමුත් අමතක කරන්න එපා ඔය කියන 56 යුගයෙන් පසු පවා ජාත්‍යන්තර කීර්තියට පත් මිනිසුන් බිහිවුනේ මව් භාශාවෙන් මූලික අධ්‍යාපනය ඉගෙනගෙන . වෙන රටවලත් එහෙමයි.
      අනිත් කාරනය තමයි ශ්‍රිලනිපය බංඩාගෙන් පසුව මේ වෙනකොටත් මෙහෙයවන්නේ සහ රට පාලනය කරන්නෙත් එවැනි උදවිය.

      Delete
    5. මචන් අපේ තාත්තත් මේ හාමුදුරුවොත් දෙන්නම තද ශ්‍රී ලංකා කාරයෝ. හේතුව ඔය එම්බා කියන දේ නිසා. නමුත් මචන් කරන්න තිබ්බේ ඉන්දියාව වගේ. ලෝක භාෂාව වන ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව වගේ තියෙද්දී සිංහලත් රාජ්ය භාෂව කරලා දෙකම හොඳට උගන්වන එක. රෝයල් ආනන්දේ විතරක් නෙමේ හැම තැනම. මචන් දැන් ඔය ඇමෙරිකාවේ ඉන්න සමහර ඉංග්‍රීසි දත් බුවාලා හෙම මාර විරුද්ධනේ උන් සල්ලි දීල ඉගෙන ගනන දේ අපි නිකන් කියල දෙනවට.

      Delete
    6. ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන නෙවෙයි පොඩ්ඩක් හිතල බලන්න අද සිංහලෙන්ම ගණිතය ඉගෙනගෙන ෆේල් වෙන ප්‍රතිශතය.

      Delete
    7. අරු අයියා කියන කතාවට ඌණ පූර්ණයක් එකතු කරන්න ඕන . ඇත්තටම මම කියැපු කාරණය තමයි, අනිවාර්යය ඉංග්‍රීසි ඉගෙනීමයි ඔනෙනෙම් ඉගෙනීමයි අතර ලොකු වෙනසක් තිබෙන බව . කීපදෙනෙක් එහෙම වෙයි . එත් බහුතරයක් ඉගෙන ගන්නේ නෑ. නමුත් ඒ ක්‍රමය තිබ්බා නම් අඩුගානේ මුලික දැනුමක් වත් ඇති අය බහුතරයක් බිහි වෙනවා

      Delete
    8. ඒක ඇත්ත අපට ඉංග්‍රීසි ඕනේ සෝ බනේ දාන්න නෙමේනේ. ඉගෙන ගන්න.
      මෙන්න මේ වගේ සීන් එකක්. http://kolambagamaya.blogspot.co.uk/2014/04/1_29.html

      Delete
  2. එළ කොල්ලෙක්නේ. තනිකර මගේ ජාතිය. මම ඔය ප්‍රශ්ණ කිරිල්ලට ගිහිල්ලා කඹුරුගමුවේ වජිර සාධුගෙන් අම්බානක කාළා තියෙනවා. අද උන්නාන්සෙලා විස්ස විජ්ජාල වල කුලපතිලා උපකුලප්තිලා.. ඉතින් විස්ස විජ්ජාල වල තත්වේ හිතා ගන්න පුළුවන් නේ. දෙවියෝ ගැන සැකය මට පොඩි කාළේ ඉඳන්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුද්ධාගම ගැනත් බොහෝ ගැනත් බොහෝ ගැටළු තියෙනවා. මට තේරෙන විදියට මම දේවල් පිලිගන්නවා.

    අනික් මරු වැඩේ කියන්නේ, මගේ නියම නමෙත් දෙවනි නම ප්‍රියන්ත. ගහට ගහක් බොග දාද්දි හමු වෙනවය කියන්නේ මේවට තමයි.

    ReplyDelete
    Replies
    1. කර්මයද කරුමයද මන්ද? දෙවෙනි නමත් එකම වුනේ? ගියෙත් රෝයල් කිව්වා නේද? කොහේ හරි කොරිඩෝවක දැකලත් ඇති එහෙනම්. මම දෙවියෝ ගැන දන්නා පොඩි කාලේ ඉදන්ම හිතන් හිටියේ පිට සක්වල ජීවින් කියල. මෙහෙට අවහම අපේ එවුන් බයවෙලා වදින්න ගත්ත කියල. දැනුත් හිතන්නේ ටිකක් එහෙමයි.

      Delete
    2. මම බයිබලය කියවන්නේ දෙවියන් කියන වචනය වෙනුවට ස්වභාවධර්මය (Nature) ආදේශ කරලා. හරියටම ෆිට් වෙනවා.

      Delete
    3. මචන් බයිබලය නම් මට තනිකරම fiction එකක්. මම කියෙව්වා දැන් සැහෙන කාලෙකට කලින්. උඹ එම ආගමේ නම් මම මුකුත් කියන්න යන්නේ නැහැ. නමුත් මගේ විද්‍යා ලිපි ඔක්කොම අදේවවාදය පැත්තෙන් තමයි යන්නේ.

      Delete
  3. දෙවියන් ගැන අපූරු කතාවක් අහන්න ලැබුන ලැනරෝල් කියල ලේඛකයෙකුගෙ පොතකින්.දෙවියන් කියන්නෙ ආර්යයන්ලු,නාග,මනු,නයිරි,අසුර,සුර කියන මේ නම් ගෝත්‍රවල නම්ලු.නර කියන්නෙ නයිරියන්.සුර කියන්නෙ හුරාටු
    අසුර කියන්නෙ ඇසිරියන් මේ ආදී වශයෙන්

    දෙවිවරුන්ගෙ හැසිරීම දැකල මටනම් දෙවිවරු ඉන්නව කියල විශ්වාස කරන්නම බෑ.මිනිසුන්ට කෑම අවශ්‍ය ඒව දහනය කරල ශක්තිය ලබා ගන්නනෙ.ලිංගික ආශාව ඇතිවෙන්නෙ ප්‍රජනනයටනෙ
    දෙවිවරුන්ට මේ මොකුත් නෑ.නිකම්ම පහල වෙනව.ඒත් ලිංග භේදයක් තියනව.
    කෑම ඕනත් නෑ.ඒත් දිව බොජුන් පහළ වෙනව
    දෙවිවරුන්ට තියෙන්නෙ සියුම් ශරීරලු.ඉතින් දිව්‍යාංගනාවන් පහල වුනත් සියුම් ශරීර එක්ක අර වැඩේ කොහොම කරන්නද

    මට නම් හිතෙන්නෙ මේ දේව කතා උපාසකම්මල රවටන්න හදපුව කියල.
    බෞද්ධ දේව කතාවල දෙවිවරු අස්ස කරත්තෙන් යන්නෙ,ඇල් හාලෙ බත් කන්නෙ.අනේ මන්ද කිසි වැඩකුත් නැතිව ඔහෙ ඉන්නව.සුරා බොනව,බඩු ගහනව ,සුරා එහෙමත් සියුම්ද දන්නෙ නෑ.සියුම් ශරීරවලට ගල් පොල් දාන්න බැහැනෙ,මාර බෝරින් ලයිෆ් එකක් දෙවියන්ට තියෙන්නෙ,ඒ මදිවට මල්මාල දාගෙන,මල් කඩන්න වෙනම දෙවිවරුලු.ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙ මිනිස් ලෝකෙයෙ ආකෘතියක්ද

    කුරානයෙ තියන මුස්ලිම් දිව්‍ය ලෝකෙ දිව්‍යමය ඔටුවො,පතොක් ගස් ක්ශේම භූමි එහෙම තියනවලු.
    මනුස්සයො මැරිල සත්තුවෙලා උපදිනව කියන එක වාගෙම මේ දේව කතා,ප්‍රේත කතා ,චෝර කතා එහෙමත් බොරු කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  4. වී ඩි ද ලැනරෝල් නේද ; http://www.rupavahini.lk/vinividawiki/writers-in-sri-lanka/87-v-d-lanarol.html
    තම තමන්ට ඕන විධිහට ඔය දේව කතා හදා ගන්න ඇති. දෙව් ඔටුවෝ ඉන්න එකනම් මාර කතාව. ඔටු දෙවිඳුට එර්දියෙන් යන්නත් පුළුවන් ඇති.

    ReplyDelete
  5. නෑ
    එස් .ඩී ද ලැනරෝල්ගෙ පුරාතන පාර්සි අධිරාජ්‍ය කියන පොත.මෙයා ඒ තරම් ප්‍රසිද්ධ නෑ.සමහර විට වී ඩී ද ලැනරෝල්ලගෙ නෑයෙක් වෙන්න ඇති.
    ගුණසේන ප්‍රකාශනයක්.1964 වසරෙ එළිදක්වල තිබුනෙ.
    මා ලඟ තිබුන පොතේ බාගයයි තිබුනෙ.ඒකෙත් අන්තිම කොටස.මුල් කොටස නැති නිසා කතුවරයගෙ නමත් අමතකවෙලා තිබුනෙ.ගූගල් දෙයිය නිසයි ඔක්කොම විස්තර හොයාගත්තෙ.
    ශක්‍ර දෙවියො කියන්නෙ පර්සියාවෙ ඩේරියස් රජු කියල ලස්සනට තර්ක කරනව.දිව්‍ය ලෝක හය කියන්නෙ ඩේරියස්ගෙ ප්‍රාන්ත හයක් ලු.
    හක්ක මානුසීය යන්න සක්ක වී සක්‍ර වූ බව වචන නිරුක්තියෙන් පේනව.අනේ මන්ද ඉතින්

    ReplyDelete
  6. අප්පේ පුරාණ පොතක්නේ. මට යන්තමට මතකයි කියවල තියෙනව කියලා, මොකද ශක්‍ර කතව මතකයි. පරිස්සමෙන් තබාගන්න. ඔය පොත් ආයි ගහන්නේ නැහැනේ. හැබැයි ඉතින් හොඳ තර්කයක් වෙන්නේ ඩෙරියස් රජු බුදුන්ට කලින් හිටියනම් තමා.

    ReplyDelete
  7. මමත් ඔය පුහුමත විශ්වාස කරන්නේ නැහැ. මට නැගලාම ගියේ මේ Nathism කියන වචනය. ඒකත් හරියට Nazism වගේ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන් යාළුවෙක් එක්ක කතා කරන කොට පොරට තමා වචනේ කියවුනේ. ගෞරාවය දෙන්න එපාය හරි තැනට.

      Delete
  8. හොඳ ලිපියක් ... බුදුන් වහන්සේ දේශනා කලේ තනිකරම ප්‍රයෝගික ජිවන දර්ශනයක් ... ඒක ආගමක් කරපු හාමුදුරුවරු ඒ දර්ශනය සම්පුර්ණයෙන්ම අපෙන් වහල තියෙන්නේ .. කලාතුරකින් කෙනෙක් තමයි .. පොඩ්ඩක් හරි ඔය තිරේ පිටිපස්ස බලන්නේ ...

    අපි බුදු දහමෙන් ඉතා පහසුවෙන් ඉගෙන ගෙන ජිවිත සැපවත් කරගන්න පුළුවන් බේසික් ටිකවත් හරියට ඉගෙන ගෙන නෑ ...

    දෙවියෝ ගැන රසවත් අත්දැකීම් ටිකක් මට තියෙනවා . ඒ කියන්නේ දෙවියන් යක්ෂයන් යනුවෙන් අපි වෙන් කරගෙන ඉන්න ඔය කියන ප්‍රාණීන් (හරි මොක්කු හරි) එක්ක සම්බන්ධ වෙලා ඔවුන් සමග සන්නිවේදනය කරන්න පුළුවන් කීප දෙනෙක් මම හුඟක් ලඟින් ආශ්‍රය කරලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ලියපන්කෝ පැතුම් ඒ අය ගැන.

      Delete
    2. හෙහ් හෙහ් සමහර දේවල් තියෙනවා අරූ එහෙම ලියල වැඩක් නැති දේවල් ..

      අවංකව දැනගන්න ඕනේ අයට විතරක් කියල ඒවා රැක ගෙන ඉන්න අය ඉන්නවා. දැන් මේ සයිබර් වීරයෝ සියල්ල බොරු කරන කාලේ ඔය දේවල් ප්‍රසිද්දියේ කියල ඒවායේ තියෙන සමහර වටින දේවල් චාටර් කරලා දාන්න මට හිතෙන්නේ නෑ .. සමහරවිට ඉස්සරහට හිතුනොත් ලියල දාන්නම් ..

      Delete
    3. මටත් එහෙම case එකක් නම් තිබෙනවා. මම දැනට මේක අධ්‍යනය කිරීම තමා කරන්නේ. හැම දේම ලියල , email වලින් එහම ඔප්පු කරන්න පුළුවන් විධිහට. මොලය ගැන පොත් දෙකක් ගත්ත බලන්න . මොලයේ anatomy එක ගැන දැනුම මදි නිසා. ක්වන්ටම් අංශුන් ගැන වෙනම ඉගෙන ගන්නවා. ඕනනම් අපේ අත්දැකීම් එකතු කරමු. මගේ ඒවා එවන්නම්. අපටම හොයා ගන්න පුළුවන්නේ ඇත්තද බොරුද කියල.

      Delete
    4. අජිත් , මම ඔය කියපු අය බොහොම සාමාන්‍ය මිනිස්සු නමුත් ඔවුන් ගොඩක් සියුම් විදියට තමන්ගේ සිත් දියුණු කරපු අය . ඒ කියන්නේ අපි දකින විද්‍යාත්මක පැත්තට වඩා අධාය්ත්මික වශයෙන් තමන්ගේ හැකියාවන් දියුණු කරපු අය . ඒ කියපු දේවල් ගැන අපිට විශ්වාසයක් ඇති වෙන්න අපි එයාලව කාලයක් ආශ්‍රය කරලා ඇත්තටම ඒ මිනිස්සු කවුද කියල තේරුම් ගන්න ඕනේ. ඒ පසුබිම නැතුව මම දන්න දේවල් කිව්වොත් ගොඩක් වෙලාවට කෙලින් ම තර්කයෙන් බැහැර කරලා දාන්න ඉඩ තියෙනවා .

      හරියට මේ නාථ දෙවියන් ගේ සීන් එක වගේ ... තනි බයිට් එකක් වෙලානේ ... හෙහ් හෙහ්

      Delete
    5. ඔය මොලය දියුණු වෙන්නෙත් මිනිසුන් පරිණාමය වෙන නිසා වෙන්න බැරිද?

      Delete
    6. ඇත්ත . මම හිතන්නෙත් ඒක එකතරා විදියක පරිණාමයක් තමයි . එහෙම මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ව පෙන්නේ හරියට ලොකු කැලේක තියෙන උස ගහක් උඩට නැග්ගම හරියට කැලැව පේනවා වගේ ... ඔවුන් ජිවත් වෙන තලය ටිකක් ඉහලයි .

      Delete
  9. අවුරුදු ගානකින් මම අහපු පට්ටම ජෝක් එක තමා ඔය නාථ සීන එක. කොමඩිය කරපු නලින් දැන් අනාථ වගේ. කිසි කතාවක් බහක් නෑ ( පිස්සු ටෝක් දෙනවද දන්නේ නෑ . සල්ලි දීල ගෙදරට විදුසර පත්තරේ ගත්තට කියවන්නේ නෑ.)

    ReplyDelete
    Replies
    1. හැබැයි එකෙන් හොඳ වැඩක් වුනා. අර වකු ගඩු රෝග හැදිච්ච අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්නේ එලියට ආව. සමහර විට එකද දන්නේ නැහැ ඕනේ වුනෙත්. අපේ පත්තරකරයොත් වකුගඩු අමාරු මිනිස්සු කොච්චර කීවත් පත්තරේ දාන්නෙ නැහැ. අරවගේ කතාවක් එක්ක කිවම ඒක තමා නිව්ස් එක.

      Delete
  10. මම කාල්මාක්ස්ගේ පොතක කියෙව්වා ඒ කාලේ එංගලන්තේ හිටපු ඉතාලි වෙලෙන්දෝ
    තමන්ගේ කඩේට විදේශිකයෙක් ආවොත් ඔහු සමඟ ඔහුගේ මව් බාශාවෙන්ම කතා කරන්න උත්සාහ කරනවා, නමුත් ඉංග්‍රීසි මුදලාලි තම කඩේට එන හැමෝම ඉංග්‍රීසි දන්නවා කියා හිතාගෙන ඉංග්‍රීසියෙන්ම වැඩ කරනවා කියා
    ඉංග්‍රීසි කාරයින්ගේ ජාතිවාදය නිසා ඔවුන් ආර්ථික වශයෙන් පඩු ලබන බවත් ඔහු කියා තිබෙනවා
    අද මාක්ස් හිටියනම් ඒ ගැන මොකක් කියයිද?

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි කාරයන්ගේ පොඩි කඩ ඔක්කොම ඉන්දියන් කාරයෝ අල්ලාගෙන තියෙන්නේ. අනික සුපර්මාකට් නිසා පොඩි කඩ වැහිලා යනවා. ඉංග්‍රීසි කාරයෝ ජාතිවාදය ඩ්‍රොප් කරා රට දියුණු වීගෙන එනකොට. මාක්ස් කියයි "බලන්න මම හරිනේ" කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .