Tuesday 19 January 2016

ලංකාවේ ජනාධිපති නිවැරදිය. හරක් මස් ආනයනය කිරීම හොඳ වැඩකි .

අද උදේ බිරින්දෑ එක්ක පොඩි සාකච්චාවක් ගියා ලංකාවේ  ජනාධිපති කියපු කතාවක් ගැන. 
"ලංකාවේ ජනාධිපති හරක් මස් ගෙන්වන්න යනවා පිටරටින්. මහා විකාරයක්නෙ. අර බ්ලොගා කෙනෙක් විරුද්ධව ලිපියක් දාල. "
බිරිඳ කියනවා "ඇයි ඒක වැරදි එංගලන්තෙත් ගෙන්වන්නේ නවසිලන්තෙන් "
මම කියනවා  "නැහැ. මෙතන තියෙන්නේ ලංකාවේ මිනිස්සු විශේෂයෙන් ආගම පැත්තෙන් කට්ටිය විරුද්ධයි නේ හරක් මරනවට. ඉතින් පිටරටක මරලා ආනයනය කරත් ඒත් මරන්න වෙනවනේ."
 බිරිඳ අහනව "ඉතින් ලංකාව හින්දු ආගමික රටක් නොවෙයිනේ. බෞද්ධ අය නම් මුකුත් මසක් කන්නේ නැහැනේ ඔයාගේ අම්මා වගේ." (මගේ මව මස් මාළු කිසිවක් කන්නේ නැත.)
"නැහැ ලංකාවේ බෞද්ධ අයත් හරක් මස් නොකෑවට කුකුල් මස්, එළු මස්, මාළු හෙම කනවා. ඒක නේ මෙතන ප්‍රශ්නේ. මේවා ගැලරියට කියන ඒවානේ . දෙමල අය හින්දු භක්තිකයෝ නේ. ඒක නිසා පොයින්ට් ගන්න කිව්ව එකක් වෙන්න ඇති."
"එහෙනම් ලංකාවේ ජනාධිපති හරිම නුවණැති කතාවක් නේ කියල තියෙන්නේ. ලංකාවේ හරකුන් මරන්නේ නැති නිසා හින්දු කට්ටිය ගේ හොඳ හිත ලැබෙනවා. බෞද්ධ කට්ටියත් කැමති වෙයි. පිටරටින් ගෙනෙන කොට ගණන් වැඩි වෙන නිසා කන අයත් අඩුවෙයි. හරක් මස් කෑම නතර වෙයි."
"ඉතින් මස් කන අයට අසාධාරණයක් වෙනවනේ?"
"මම දන්නේ නැහැ. ඔයා ලංකාවේ දේශපාලනේ දන්නා නිසා කල්පනා කරල බලන්නකෝ. මම නම් හිතන්නේ ඕක හොඳට හිත බලා කියපු දෙයක්."

 උඩුවාගේ සටහනේ හරක් මස් පිටරටින් ගෙන්වාගැනීමේ යෝජනාව ගැන හරිම අසාධාරණ බ්ලොග් ලිපියක් දාල තිබුන. ගිය ආණ්ඩුව තිබුන නම් ඕක උඩුව ලියන්නේ නැහැ කියල හොඳටම ෂුවර්. ඊට හොඳම නුවණැති කොමෙන්ටුව දාල තිබුනේ රසිකලොජිස්ට්.

මෙන්න ඒ කොමෙන්ටුව.
 "මෙහෙමයි.
ලංකාවේ නාටු හරකුන්ට වඩා ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හරකුන් පුෂ්ථිමත්. එනිසා, ලංකාවේ හරක් දෙන්නෙක් මරන වෙලේ ඕස්ටේ‍ර්ලියාවේ, නවසීලන්තයේ එක හරකයි මරන්න වෙන්නේ. ලෝකයේ මැරෙන හරක් ගාන අඩු වෙනවා.

ඊලඟට පිටරටින් මරලා, අධිශීතකරන නැව්වල දාගෙන ලංකාවට ගෙන්න යන වියදම එකතු වුනාම හරක් මස් මිළ වෙළඳ පොලේ ඉතා ඉහල යනවා. එතකොට ඉල්ලුම අඩුවෙනවා. හරක් මැරෙන එක තවත් අඩු වෙනවා.

හරක් හැඳීම අඩුවෙන නිසා, හරක් පිට කරන එන මීතේන් නිසා සිදුවෙන පරිසර විනාශය අඩු වෙනවා.

කොහෙමද ටිකිරි මොලේ!"

ඉතින් මම ඔලුව හරව හරවා කල්පනා කරලා බැලුව? රසික විහිළුවට කිව්වද මන්දා ඒත් කතාව සම්පුර්ණ ඇත්ත නේ. ජනාධිපති තුමා හුඟක් කල්පනා කරලනේ කතා කරන්නේ කියල මට තේරුණා. අර තනපටය විසි කලේ සාමාන්‍ය මහා ජනතාව යන්නේ නැති කොළඹ කට්ටිය විතරක් යන ප්‍රසංග කියල තමා එතුමා හිතනවා ඇත්තේ. ඉතින් ඒකට විරුද්ධව කතා කරහම ලංකාවේ ඉන්න සංවර ජනතාව ගේ සිත් ප්‍රීතියෙන් උතුරා යන්න ඇති. ඒ ගොල්ලන්ගේ චන්දය වුනත් ලැබෙන්න හොඳටෝම ඉඩ තියෙයි. ඕනෑම නම් ඉතින් බස් වල ජැක් ගහන සුළුතරයක්, ඔය ස්ත්‍රී දුෂණ කරලා හිරේ යන සුළුතරයක් චන්දෙ නොදී ඉඳියි. ආ ඔය අන්තර්ජාලයේ සෙක්ස් කියන වචනය හොයන කොල්ලෝ කුරුට්ටෝ ඉතින් චන්දෙ නොදී හිටියත් මොකද?

 දැන් මේ ගව මස් පිට රටින් ගෙන්වන කතාව. ලංකාවේ ගව මස් කන්නේ වැඩිපුරම මුස්ලිම් ජනතාව. ලංකාවේ බෞද්ධ ජනතාව හරක් මස්, ඌරු මස් කන්නේ නැහැ. අනික මාළු, කුකුල්ලු කෑවට වැඩිය පව් පිරෙන්නේ නැහැ. ටිකයි පිරෙන්නේ. බලන්න හරක කියන්නේ කොච්චර ලොකු සතෙක්ද? ඉඳල හිටලා කුනිස්සෙක් ඉස්සෙක් මාලුවෙක් කෑවට කමක් නැහැ. කිසිම පවක් නැහැ. පවක් ආවත් ඕනනම් දශම ගානක් වෙයි. අනික මේ හැමදේම රටින් ගෙන්වන එකේ මස් ගෙන්නුවම මොකද වෙන්නේ? ඔය පොලොන්නරුව පැත්තේ කිරි වලට වැඩිය නවසිලන්තේ කිරි කොච්චර ගුණයෙන් රසයෙන් වැඩිද? මසුත් ඒ වගේම වෙන්න එපැයි.

අමතක වුණා කියන්න. පොලිසියටත් වැඩිය කරදරයන් නැහැනේ. නැත්නම් ඔය හොර හරක් ලොරි අල්ලන්නයි, ඒවා උසාවියට දාන්නයි මොන කරදරයක්ද?

 මම ලඟදි පුවතක් දැක්කා අපේ යාලුව දිලන්ත හෙම බිඳුණු බලේ එක්ක ජනාධිපති තුමා හමුවෙන්න ගියා හරි යනවා හරි කියල. ඒ ගොල්ල කීවද දන්නේ නැහැ මුස්ලිම් වරු තමා වැඩිපුර හරක් මස් කන්නේ. ඒ ගොල්ලන්ට සල්ලිත් තියෙන එකේ පිටරටින් ම ගෙන්වන්න. එතකොට අපේ හරක් මස් කන හොර බෞද්ධයන් මස් කන එක නතර කරනවා. ඔබතුමාටත් පින්. යෝජනා කරපු අපටත් පින් කියල. ඒ මදිවට දෙමල හින්දු භක්තිකයන්ගේ හා දැනට මහා මහින්දට තවමත් කැමැත්ත පල කරන චන්ද ගොඩෙනුත් කොටසක් ෂුවර්.

 ලංකාවේ ලඟදි චන්දයක් එහෙම එනවද? .

65 comments:

  1. ඒ කතාවලත් ඇත්තක් තියෙනවනේ!! ජනාධිපති කෙනෙක් යමක් කියන්නෙ තුන්කල් දැකලනේ....
    මට හොදම කමෙන්ටුව ඇවිල්ලා තියෙන්නේ දැන්... බුද්ධාගමට අනුව මේ තීරණය පහදලා..
    මේක හඳුන්වන්න පුළුවන් පොලොන්නරු මොඩ්ල් සිංහල බෞද්ධ ජාතිවාදය කියලා..

    ReplyDelete
    Replies
    1. මං දැක්කේ දැනුයි. සෑහෙන වැදගත් කොමෙන්ට් එකක්.

      Delete
    2. ම කියන ඒවා සීරියස් ගන්නවා හෙම නෙවේ ඕන්

      Delete
  2. He is going to decide what should we eat tomorrow...sure...ajith aiya correct..bbs says closed door discussion success with president....hah..hah...

    ReplyDelete
  3. දේශපාලන තනතුරු වලට ජොබ් ඩිස්ක්‍රිප්ශන් එකක් සකසා ගැනීමට කාලය හරි. කරන්න ඕන දේ ගැන හැඟීමක් නැති අයට මිනිසුන්ගේ ජීවිත සහ හැඟීම පාලනය කලයුතු යැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන්න ඕකනේ.

      Delete

  4. හරක් මරන හම්බයාගෙන්පසු මාළු මරන ක්රිස්තියානුවාට ද වැඩේ දුන් විට චිකන් කන බෞද්ධයා සුරැකෙනු ඇත
    .
    රාවණා සරණයි, නාත දෙවි පිහිටයි.

    ReplyDelete
    Replies
    1. බෞද්ධයෝ චිකන් කන්නේ නැහැ. බොරු කියන්න එපා. ඔයානම් පසුගාමී ම තමා . බ්ලොගයට ආවට ස්තුතියි.

      Delete
  5. හා, හා!
    මා වැරදියට ලියා තිබුණු කාබන් ඩයොක්සයිඩ් යන්න වෙනුවට මීතේන් කියා වෙනස් කරද්දී හරකුන්ගෙන් ඒ මීතෙන් පිටවෙන ක්‍රියාව ගැන තිබුණු වචනයත් ඉවත් කළා නේද?
    ;-)

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං මම ඒවගේ වැඩ කරනවද මේ කපන මණ්ඩලය වගේ. කට් ඇන්ඩ් පේස්ට් කරන කොට මිස් වෙලාද කොහෙද ?

      Delete
  6. ඔයාගේ හාමිනාට කියන්න තා ටික දවසකින් අපේ ජනාධිපති තුමා උඩු රැවුල වවලා කුරහන් සාටකෙත් දාගෙන උන්නොත් ඒ මහින්ද කියලා රැවටෙන්න එපා කියලා.. ඒ සිරාමයි කියලා කියන්න හිටං

    ReplyDelete
    Replies
    1. හාමිනා ට තා කිව්වම බලයි ඒ මොකක්ද කියල? ඔය පදවිය උඹ ගත්තත් ඕක තමා උඹටත් වෙන්නේ.

      Delete
    2. එහෙමද උඹලා අපි ගැන හිතාගෙන ඉන්නේ... ලැජ්ජයි ලියන ඒවටත්....

      Delete
    3. අනිවාර්යයෙන්ම. මචං අර කල්‍යාණයට ඩිෆෙන්ස් දීලා මට පුලුවන්නම් ඔය වරාය වගේ එකක් දීපන්. අපේ නෑදෑයොත් දුප්පත් මචන්. උඹට මම ඔය මනාට හරි කාට හරි කියල සිංදුවකුත් හදලා දෙන්නම් මචන් ෂුවර්.

      Delete
    4. මටත් දියව් ලේ බැංකුව... :-)

      Delete
    5. නුඹ අපේ තලනෙක්
      මා...........තලනෙක්

      Delete
    6. චන්දෙට ලෑස්ති වෙමු එහෙනම්. මාතා අපට අපි මත‍ට
      (මාතට කියා නොලිව්වේ ඕනෑ කමිනි)

      Delete
  7. කන්න ඕන මිනිහා කීයක් උනත් දීලා ගන්නවා ඒක කාටවත් නවත්තන්න බෑ.
    පිටරටින් මස් ගෙනාවා කියලා අපේ රටේ හරක් මරන එක අඩු වේද?

    ReplyDelete
    Replies
    1. අනිඅවර්යයෙන්ම අඩුවෙලා නැත්තටම නැතිවෙලා යනවා. ඊට පස්සේ ලංකාවේ පාරවල් වල අර ඉන්දියාවේ වගේ නිදහස් හරකුන් ප්‍රීතියෙන් ඇවිදිවී.

      Delete
  8. පිටරට ඉන්න අජිත්ලා ලන්කාවේ ඉන්න බුජ්ජිමතුන්, විසිල් සමාජෙ ක්‍රියාකාරීන්, සහ කොලකලාකාරයො එක්ක එකතුවෙලා හරකෙක් ජනාදිපති කරගෙන දැන් එතුමා වමාරා කනකොට තනකොල කනෝ කියලා කෑ ගහන එක හරිද මන් අහන්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ මේ මාව ඇදගන්න එපා ඕවට. මම කරපු කෙහල්මලක් නැහැ. අර ඉයන් දාල තිබ්බේ කරපු වීරයෝ ගැන. එයාලා අල්ල ගන්න.
      අනික මචන් මේ වගේ කොමෙන්ට් එකක් දායිද අවුරුදකට කලින් උඹ වුනත්. හා පෙන්නහන් බලන්න හිටිපු රජතුමාට මෙහෙම කියල ලියපු එකක්. මොනවා කිව්වත් මුන්නහේ තවම නිදහස් දීල තියනවනේ උඹලට වුනත් ඕන දෙයක් ලියන්න කියන්නා. ශ්වේත වර්ණ අශ්ව කරත්ත වලින් මහා මුහුදු තිරයේ සිරි නරඹන්න ගෙනියන්නේ නැතිව.

      Delete
    2. // අනික මචන් මේ වගේ කොමෙන්ට් එකක් දායිද අවුරුදකට කලින් උඹ වුනත්. //

      උපන් බය්යෙකු වන සර ස තුමා මහින්ද මාමාට විරුද්දව පෝස්ට් කොටන්නේ ඇඟේ අමාරුවටැයි?
      අපි ඇවිල්ලා එදත් ගොබ්බයා අදත් ගොබ්බයා ඩයල් කස්ටිය නේ අජිත් තුමෝ...

      Delete
  9. //"නැහැ ලංකාවේ බෞද්ධ අයත් හරක් මස් නොකෑවට කුකුල් මස්, එළු මස්, මාළු හෙම කනවා. ඒක නේ මෙතන ප්‍රශ්නේ. මේවා ගැලරියට කියන ඒවානේ .//

    ශික්... ඔහොම රට ජාතිය පාවල දෙනවද ? :D
    හිටං තුමාගෙ කතාවට වැඩේට මම කැමතියි. හක්ක දෙපැත්තෙ එලයින්මන්ට් යනකම් හපන ලංකාවෙ නාටු හරක්ගෙ මස් කනවට වඩා මසටම හදපු පිටරට ලපටි හරක් මස් කන්න කවුද ආස නැත්තෙ.
    අනික ලංකාවෙ හරක්ගෙන් උපරිම ප්‍රයෝජනෙත් අරන් ගොම ටිකත් වේලෙන්න ඉස්සල්ලා නිවිති ගහකට දාන එකේ මෙහෙ උන්ගෙ මස් කන එක පවු.
    පිටරට එවුන් මැරුවට එහෙ පවු කිරල බලන දෙයිය දන්නෙ නෑ කොහාටද පව් ටික export කරන්නෙ කියල. ඒක හින්ද අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ . තමන් (ලංකාවේ මිනිසුන්) වෙනුවෙන් කියල නෙමේනේ මරන්නේ. සුද්දෝ වෙනුවෙන්නේ. ඒ නිසා සුද්දන්ට පව් පිරුණට ලංකාවේ වේ අයට පව් පිරෙන්නේ නැහැ. ලංකාවේ අයට විතරයි දිව්‍ය ලෝකේ වුනත් යන්න පුළුවන්.

      Delete
  10. ඇයි හරක් මස් විතරක්? කුකුල් මස්, එළු මස්, ඌරු මස්, වල් ඌරු මස්, මුව මස්, ඉබි මස්, තලගොයි මස් ආදී ඔය එකී නොකී හැම මසක්ම රටින්ම ගෙනවානම් ඉවරයිනේ. කලින් හිටපු මහා රජා වගේ ඔය වැඩේට ඕනේ නම් අලුත් අමාත්‍යංශයක් දාගන්නත් පුළුවන් "මාංශ ආනයන හා බෙදාහැරුම් අමාත්‍යංශය" වගේ නමක් තියෙන. පොලොන්නරුවෙ ඉන්න වඳ පුංචි අම්මගේ ලොකු එකාව ඇමති කොරනවා.

    හැම ගමකම දානවා ඉම්පොර්ටඩ් මස් විකුණන කියෝස්ක් එකක්. මස් විකුණන්න ඉන්නේ ලිප්ස්ටික් ගාල කොට සාය ගහල ඉටි කිරිස් ගෑල්ළමයි. හුටා වැරදුනා! නෑ නෑ බුරිය වැහෙන්න සාරි අන්දපු කුළ කාන්තාවන්. තව අජිත්, රසික, හැලපේ වගේ විප්‍රවාසීව ඉන්න සිරි ලාංකිකයන්ට පුළුවන් සයිඩ් බිසිනොස් එකක් විදියට meat exporter කෙනෙක් වෙන්න. ඔන්න ඔහොමයි ජහ පාලනෙන් ආර්ථිකය ශක්තිමත් කොරන්නේ, තේරුණයි?

    මේවා දකින්ට අහන්ට අපේ ඇස් කන් කොච්චර පිං කොරල තියෙනවද හිටන්.

    ReplyDelete
    Replies
    1. බිස්නස් අදහස දුන්නට බොහොම පින්. අදම බලනවා වැඩේ පටන් ගන්න.

      Delete
  11. හරක් මරණ එක නතර නොකළොත් මෛත්‍රී 2017 දී මැරෙන බව කියූ අජිත් රෝහණ නම් වූ ජෝතිෂ්‍යකරු/අනාවැකිකරුගේ ප්‍රකාශ පිළිගත් පසු ගන්නට යන ක්‍රියා මාර්ගයක් ලෙස මෙය මට සිතේ...

    දැන් ඔය හරක් මරණ එක නතර උනාය කියමුකෝ, එළදෙන්නුන්ගෙන් නම් කිරි ගන්නවා කියමුකෝ. ඒ කියන්නේ ප්‍රයෝජනයක් තියෙනවා...
    මසට මරන එකත් නතර කරන්න යන එකේ සහ දැන් කරත්ත වලට බඳින්නෙත් නැති එකේ පිරිමි සත්තුන්ට මොකද කරන්නේ...

    අයවැයෙන් හයිබ්‍රිඩ් වාහන වලට එහෙම ගහන ටැක්ස් වැඩි කලේ අර හදනවය කියපු කාර් ෆැක්ටරි එක අත ඇරලා කරත්ත හදන ෆැක්ටරි එකක් දාලා මරන්නේ නැතුව ඉතුරු කරගන්න හරක්ව ඒවායේ බැඳලා එකෝ ෆ්‍රෙන්ඩ්ලි ට්‍රාන්ස්පෝට් ක්‍රමයක් ඇති කරන්නද දන්නේ නැහැනේ අජිත් අයියේ...

    ///ඊලඟට පිටරටින් මරලා, අධිශීතකරන නැව්වල දාගෙන ලංකාවට ගෙන්න යන වියදම එකතු වුනාම හරක් මස් මිළ වෙළඳ පොලේ ඉතා ඉහල යනවා. එතකොට ඉල්ලුම අඩුවෙනවා. හරක් මැරෙන එක තවත් අඩු වෙනවා.

    හරක් හැඳීම අඩුවෙන නිසා, හරක් පිට කරන එන මීතේන් නිසා සිදුවෙන පරිසර විනාශය අඩු වෙනවා.///

    මේක හතර බීරි කතාවක්නේ, හරක් මැරෙන එක අඩු උනාම හරක් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ කොහොමද...
    ලංකාවේ හරක් නොමරා ඉතුරු වෙද්දී ලංකාවේ හරක් සහ මීතේන් ප්‍රනයත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ කොහොමද...

    ReplyDelete
    Replies
    1. ඔය රසිකයා කියන්නේ හතර බීරි කතාම තමයි. ඒ මීතේන් වලින් අර බයෝ වායු බලාගාරයක් හැදුවම විදුලිය ප්‍රශ්නෙත් විසඳෙනවා.

      Delete
    2. ඒකට හැම හරකගේම පුකට බට ගහන්න වෙනවනේ...
      පඩින ගමන් ඌ ගොම දැම්මොත් බට බ්ලොක් වෙනවා, ඊට පස්සේ හරක්ගේ පුක චෙක් කරලා බ්ලොක් වෙච්ච බට සුද්ධ කරන්න මිනිස්සු දාන්න වෙනවා...
      හොඳ රැකියා ප්‍රමාණයක් ජනනය වෙන වැඩක්...
      රැකියා දශ ලක්ෂයේ ගැටළුව ඉබේම විසඳෙනවා...

      Delete
    3. බලාගෙන ගියාම අපි ආණ්ඩු බලේ ගත්තනම් හරි මේ එන යෝජනා වලට.

      Delete
  12. Ajith, what about the business aspect of importing beef?

    ReplyDelete
    Replies
    1. exactly. Someone may have already got teh contract.

      Delete
  13. මෛත්‍රී නියම ජෝකර් කෙනෙක් තමයි දැන්නම්.මෙච්චර ප්‍රශ්න තියෙන රටේ හරක් මස් කෑමත් ප්‍රශ්නයක් කරගත්තු නායකයෙක්.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නැහැ එහෙම මනෝජ්. රටේ මිනිස්සුන්ගේ හැටියට නායකයොත් හැදෙනවා. මයිත්‍රී දැන් ජනප්‍රියයි ආයෙත්. හොයල බලන්න.

      Delete
    2. මෛත්‍රී ජෝකර් කෙනෙක් කියලා මම කිව්වේ අජිත් අයියා එයත් කතාකරන්නේ ගැලරියට නිසා.මිනිස්සු සතුටු කරන්න හරි වෙනයම් යටි අරමුණු ඇතුව හරි කියන මේ දේවල් වැඩක් නැති නිකම් විහිළු කතා පමණයි.

      Delete
  14. හැක් හැක්...
    ඔබතුමාගේ නෝනා කියල තියෙන්නේ නියම කතාව! අර කිව්වත් වගේ....

    ReplyDelete
  15. ඔබතුමාගේ නෝනා කිව්වේ මෛත්‍රී නෝනටද?

    ReplyDelete
    Replies
    1. එයා ඉතින් උන්නැහේ නේ.... මොනවා කියනවද මන්ද

      Delete
    2. හි හි ඔයාට තරහ ගියාද?

      Delete
  16. දැන් ලංකාවේ ක්‍රමය මේකයි අජිත් අයියා....... ලොක්කා හරක් මස් තියා කිසිම මසක් කන්නෑලු.... ඒත් කන අයට මුකුත් කියන්නෙත් නැතිලු.... .ලොක්කා බොන්නැතිලු.... බොන අයට මුකුත් කියන්නෙත් නැතිලු...... මොනවා හරි කිව්වොත් අාණ්ඩුව වැටෙනවාලු...... හැබැයි අපි දන්න විදිහට ලොක්කා අායෙම ඡන්දෙනං ඉල්ලන්නෑ කිව්වා...... යකෝ කාටද දැන් බය.......

    ReplyDelete
    Replies
    1. අර ඔබාමා වගේ යන්න ඉන්න නිසා ගමකට ඇන ගන්නවා කියන එකද ඔයා කියන්නේ.

      Delete
  17. මේ වෙනකොට රටේ ජනාධිපතිකම ගිය ආණ්ඩුවේ 'අගමැති හා ආගමික කටයුතු ඇමතිමකම' ගානට වැටිලා

    ReplyDelete
    Replies
    1. නෑ... සමාජසේවා අමාත්‍ය මට්ටමට. අර මර්විය කරපු ඇමතිකම. මොකෝ මුන්දැත් දෙන්නෙ මර්විය දුන්න ආතල් ටෝක් නෙ...

      Delete
  18. මම හොදි විතරයි කන්නේ. කෑලි කන්නේ නෑ. ඒ නිසා මට පව් නෑ නේද? අනේ ඔව් කියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මට තේරුනේ නෑ . හොදි නානවද

      Delete
  19. අර ජැක්සන් කියල තබ්බෙ, "හිට්ලර් ගියා - චැප්ලින් ආවා..."

    ReplyDelete
  20. දැන් එතකොට හලාල් කරලමද ගේන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. කොහොමත් ඔය බැජ් එක නිකන් ගහනවනේ.

      Delete
  21. ඕකට හේතුව හරිම සරළයි. තමන්ගෙ වර්ගයා මරන්න කොයි නායකයද කැමැති වෙන්නෙ..?
    නැත්නං ඉතිං කුකුල්ලු, එළුවො, ඌරො සත්තු නොවෙයිද.
    ඊළඟ වතාවෙ ඌරෙක් ජනාධිපති වුණොත් ඌරු මස් තහනම් කරයි.

    ReplyDelete
    Replies
    1. නැහැ ඇත්තටම බැලුවොත් හරක් මස් වගේ රතු මස් කන එක හොඳ නැහැ ඇඟට. ජනාධිපතිලට මෙහෙම කතා කරන්න හොඳ නැහැනේ. ඔන්න බලන්නකෝ නිදහස් දුන්නම ඔයාලා කරන වැඩ.

      Delete
  22. ඕකට හේතුව හරිම සරළයි. තමන්ගෙ වර්ගයා මරන්න කොයි නායකයද කැමැති වෙන්නෙ..?
    නැත්නං ඉතිං කුකුල්ලු, එළුවො, ඌරො සත්තු නොවෙයිද.
    ඊළඟ වතාවෙ ඌරෙක් ජනාධිපති වුණොත් ඌරු මස් තහනම් කරයි.

    ReplyDelete
  23. ඔයාගේ බිරිඳ යුරෝපීය කාන්තාවක් නිසා හින්දු, බෞද්ධ කියලා සම්පූර්ණයෙන්ම වෙන්වූ ආගම් දෙකක් තියෙනහිතනවා ඇති. නමුත් සිංහල බෞද්ධයෙක් හැටියට බැලුවාම හින්දු කියන්නෙ ආගමක්ද? ඇත්තෙන්ම හින්දු කියන නමත් මුස්ලිම් වරු හදපු එකක් මම හිතන්නේ එකදාස් අටසිය ගනන් වනතුරු සිංහලයෝ හින්දු ආගමක් ගැන අහල නැතුව ඇති.
    ගව ඝාතනය දෙස බැලිය යුත්තේ ආගමික පැත්තෙන් නෙමෙයි. සංස්කෘතික පැත්තෙන්. ලංකාවේ වැඩි දෙනෙක් ගව ඝාතනයට අකමැතිනම් ඉතිරි අයටත් ඒ සිරිතට අනුගත වීමේ වරදක් නෑ. ඒක වාර්ගික සමඟයට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ජගත් එයා සිංහල බෞද්ධ කුලවමියක් නම් නෙවේ. නමුත් පන්සල් යන බෞද්ධ පොතපත කියවන කෙනෙක්. හින්දු ආගම සහ බුද්ධාගම අතර වෙනස එයා හොඳට දන්නවා.

      Delete
    2. වේදිකා හින්දු ආගම තිබ්බේ මුස්ලිම් ආගම එන්න අවුරුදු දාහකටත් කලින්.

      Delete
  24. නෑ, නෑ, නෑ. මුං ඔක්කොටම වැරදිලා. හරක් මැරුවට කොහෙද ඔය තරම් පව් පිරෙන්නෙ? එක හරකෙක් කියන්නෙ එක ජීවිතයක් නෙ. හැබැයි අර පොඩි පොඩි මාලු කනව කියන්නෙ ජීවිත කීයක් ද? ලොකු උන්නැහැට තිබුනෙ හරක් මරලා පොඩි මාලු තහනම් කරන එක කරන්නයි. වැරදිලා, හොඳටෝම වැරදිලා! හැක. හැක. හහ් හහ් හහ්

    ReplyDelete
    Replies
    1. නැහැ ඔයාට හොඳටම වැරදිලා. මැස්සෝ මදුරුවෝ මාරුවට පව් පිරෙන්නේ නැහැ. කුනිස්සෝ හා ඉස්සෝ ඉන්නේ ඊළඟට. උන් පොඩියි. කැකිල්ලේ රජ්ජුරුවෝ අර මහත කඩ හිමියාව මරන්න නියෝග දුන්නෙත් ඒකයි. හරකට වැඩිය මි හරකෙක් මැරුවොත් පව වැඩියි.

      Delete
    2. ඇඬෙනවා, ඇඬෙනවා. හරකෙක් වගේ ඇඬෙනවා.

      Delete
  25. මේ ගැන මහා සංඝරත්නයේ අදහස මොකක් වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බෝහොමයක් උන්නාන්සෙලා ගේ දත් සවුත්තු වෙලා තියෙන්නේ.

      Delete
    2. හාමුදුරුවන්ට මිනිස්සු දන් පිළිගන්වනවා නම් ඒක විවේචනය කරන්න බැහැ. මම දානෙට අමරාවතී පන්සලට කුකුළු මස් හා මාළු පූජා කරලා තියනවා. සමහර හාමුදුරුවරු වළඳනවා . සමහර අය නැහැ. ඒකෙ වැරැද්දක් මට පේන්නේ නැහැ.

      Delete
  26. "All animals are equal, but some animals are more equal than others"

    මතකයි නේ?

    ReplyDelete
    Replies
    1. "All sarasa's are equal but some sarsa's are more equal."

      Delete
  27. Doctorslath godaak ayata kiyanawa neda harakmas kanna epaa kiyala.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .