Friday 10 April 2020

නාඳුනනා ඔබට


අපේ පුංචි ගෙවත්තේ 
චෙරි මල් නැවතත් පිපිලා 
පුංචි පුංචි 
මල් කිනිති ගහ පුරා

සොබා දහම නැහැ කවදත් 
නැවතුනේ ජීවය දෙන්නට
වෙන ඕනෑම දවසක 
මගේ හදවත සතුටෙන් පිරෙයි
 
ඒත් අද, ශුභ පාස්කු සිකුරාදා
හය දහසකුත් එක්ක තව සිය ගණනක්ම 
නාඳුනනා රැසක්, දිවි ලද්දවුන්ගේ 
ලෝකය  හැර ගොස්ය 
ආදරණීයයන්  අසලක නොයිඳම 

උපත  හා මරණය 
හැමට උරුමයි 
ජීවිතය යන 
නිමේෂය සමග 

මට කළ හැකි එකම දෙය 
මේ පුංචි චෙරි ගහේ  
බක් මහේ පිපුන සුදු මල් 
පුදන්නට නාඳුනනා ඔබට    


--Ajith

13 comments:

  1. හිතවතුන් පුදනු වස්
    එපා මල් නෙලන්නට
    මතු දිනෙක ඒ පලම
    පිදිය හැකි ඔවුන් වෙත!

    ReplyDelete
    Replies
    1. මල් නෙලන් කෙනෙක් නෙමේ
      මල් දිහා බලන කෙනෙක් :)

      Delete
  2. ලොව පුරා නොදන්නා මිනිසුන් හැමෝටම

    ReplyDelete
  3. සමහර කතෝලික/ක්‍රිස්තියානි රටවල පාස්කු ඉරිදා කියන්නේ වැඩිහිටියන් සමඟ එකතුවී ගතකරන දවසක්. සමහර පවුල් වල මේ පාර වැඩිහිටියො බොහෝවිට යන්නම් නොකියා ආයෙත් නොඑන්නම ගිහින්. අපේ සමහර අය ඒක කලේ ගිය අවුරුද්දේ පාස්කු වලදි. තව බොහෝ දෙනෙකුට එකතු වෙන්න බැහැ. තව පාස්කු ඉරිදාවල් කීපයක් යනකම් පරණ පුරුදු පාස්කුව එන එකක් නැහැ. මේව මෙහෙමයි කියල අවුරුදු 2500 කට විතර එහා කියපු කෙනෙකුත් හිටිය. කතෝලික/ක්‍රිස්තියානි අයටත් ඒ කියපු දේවල් ඇහුනොත්? එතකොට ඒගොල්ලන්ටත් මල් පිපුණ වග දැනෙයිද?

    ReplyDelete
    Replies
    1. දැනෙයි නේද ඒ කිව්වේ මොකද්ඩ් කියල ලිව්වා නම් දැන ගන්න

      Delete
  4. ලස්සන පද පෙලක් . සොබාදහම සහ යථාර්තය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ , පද පෙලකින් යථාර්තය හඟවන්න පුලුවන්නම් - ..

      Delete
  5. මිනිස් හපුවා නිවසටම හිර කළ කළ
    සොබාදම් මව පෙන්වයි ඇගේ නොමසුරු බව

    ReplyDelete
    Replies
    1. සොබාදහම එලෙසමයි
      වෙනස් වන්නේ අපද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .