Wednesday 22 April 2020

ආයුර්වේද බෙහෙතක් හොයාගෙනලු

දැන් මේ වීඩියෝ එක එව්වා යහළුවෝ කිහිප දෙනෙක්ම. ප්‍රශ්න  කීපයක් ආවා ඔළුවට. 
 මේකේ කියනවා බටහිර වෛද්‍ය ක්‍රමයේ වෛරස් වලට බෙහෙත් හොයාගෙන  නැහැ කියල. මේක වැරදි කතාවක් . එහෙනම් ඕගොල්ලන්ට  පොඩිකාලේ ත්‍රිත්ව එන්නත (MMR ) (එන්නත් තුනක් එකට)  හෝ වෙන වෙනම  ගැහැව්වේ මොකටද කියල හොයල බලන්න. වෛරස  වලින් හැදෙන සරම්ප, ජර්මන්  සරම්ප සහ කම්මුල්ගාය ට තමා . 

ත්‍රිත්ව එන්නත ගැන මමත් සැකෙන් හිටි කාලයක් තිබුනා අර එංගලන්ත වෛද්‍යවරයෙක් නිසා. බ්ලොග් ලිපියකුත් ලිව්වා ඒ ගැන. මගේ දරුවන්ට වෙන වෙන වෙනම  එන්නත් ලබා දුන්නේ. ඒ කොහොම වෙතත් ඒවා වෛරස රෝග වලට දෙන එන්නත්.

ඊළඟට පැපොල කියන්නේ වෛරසයකින් හැදෙන රෝගයක් chicken pox කියන්නේ එකට. හදන වයිරසය varicella zoster . ඒකටත් එන්නතක් තියනවා. 

නැත්තේ කෝවිඩ් 19 එකට විතරයි මේ වෙලාවේ. ඉතින් බැයිද  මේ කියන බෙහෙත තියනවනම්  රසායනාගාර පරීක්ෂණයක් මගින් තහවුරු කරලා පෙත්තක් නිපදවන්න. පේටන්ට් එක අරගෙන විකුණුවානම් බිලියන ගානක් විදේශ විනිමය ගේන්න පුළුවන්නේ. මේ වීඩියෝවක් ගහනවට වැඩිය ඒකනේ කරන්න ඕනේ. 


2 comments:

  1. අජිත් මහත්තයෝ, මම දොස්තර මහත්තයෙක්වත් වෛද්‍ය විශේෂඥයෙක්වත් නෙවෙයිනේ. මේ පොස්ටුව කියවද්දී හිතුනු දේවල් කිහිපයයි මේ ලියන්නේ. අපේ හිතවත් අයස්මන්ත මහත්තයාගෙනුත් පස්සේ මේ ප්‍රශ්නය අහගන්න ඕනේ.
    1. ත්‍රිත්ව එන්නත වගේම වෛරස් රෝග වළක්වන එන්නත් මඟින් කෙරෙන්නේ අපේ ශරීරයට අක්‍රියව; ව්‍යාජව රෝගය හදවලා සිරුර මඟින්ම ස්වභාවිකව ප්‍රතිශක්තියක් ඇති කරවීම නොවෙයිද? එතකොට ඒක ඒ රෝග මර්දනය කරන බෙහෙතක්ය කිව්වත් වඩා නිවැරදි 'ප්‍රතිකාර ක්‍රමයක්' කියන එක කියලයි මට හිතෙන්නේ.

    මට මතක හැටියට වසූරියට දෙන එන්නත හදන්නේ අශ්වයෙකුට රෝගය බෝ කරවලා. (මතකය විතරයි.)

    2. ගොඩාරියක් තැන්වල 'වෛරස්' රෝගවලට ඍජු ප්‍රතිකාර නැති බවයි මා කියවා තිබෙන්නේ. වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ දැනීමත්- හැකියාවත් අලුත් වෙලාද කියලා නම් මට දැනීමක් නැහැ. ඒ ගැන දැනගන්නට කැමැත්තෙන් බලා ඉන්නවා. ස්තුතියි පොස්ටුවට.

    මොකද තවම ලංකාවේ කොරෝනා මඩින බෙහෙත්, මර්දන ක්‍රම හොයනවාලු. එහෙම වුනත් හොයාගත්තාය කියලා පරසක්වල ගහන සක්විත්තන් ගැන මිස ඒවායේ ඇත්ත-නැත්ත ගැන හොයන්න ගත්තු කිසිම උත්සාහයක් ගැන ආරංචි වෙන්නේ නැහැ. මට බලයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කරන්නේ ඒවා ගැන හොයන එකයි. එකෙන් යහපතක් මිස අයහපතක් වෙන්නේ නැහැනේ. වෙනවා නම් වෙන්නේ හැබෑ-බොරු එළිවෙන එකනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි . අර විනිවිද හෙම කියල තියනවා වගේ පරීක්ෂණ කරලා ක්බෙහෙත දෙන එකේ වැරැද්දක් නැහැ. නමුත් වැඩිපුරම තියෙන්නේ පුරසාරමයි බටහිර බෙහෙත් වලට බනින එකයි විතරයිනේ. සෘජු ප්‍රතිකාර නෙමේ එවයිරස් එන්නත් නැහැයි කියන කතාවනේ ඔය. ඒඩ්ස් වලටත් දැන් තියනවනේ. එනිසා ඔය වීඩියෝ එක නැහැ කියන කතාව බොරුවක්. එයාල කියන්නේ වයිරසයට එන්නත් නැහැ කියල. වලක්වන්න් ඒවා හොයන තියෙන්නේ. එකනේ වෙන්න ඕනේ. හැබැයි තියනවනම් පරීක්ෂණ කරන්න දෙන්න පේටන්ට් එකක් අරන්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .