Tuesday 1 February 2022

දේශපාලන සංවාද සඳහා අළුත් බිත්තර විකුණනු ලැබේ

"දේශපාලන සංවාද සඳහා අළුත් බිත්තර විකුණනු ලැබේ" 

මේ දවස්වල බිත්තර සෑහෙන්න ජනප්‍රිය වෙලා. සෙන්පති කෙනෙක්ගේ  කාණ්ඩයක් දිසා නායක කෙනෙකුට බිත්තර ප්‍රහාරයක් එල්ල කරලාලු.  ඒකට දැන් පොලිසිත් ගිහිල්ල. දෙපැත්තක් චෝදනා කර ගන්නවා.

බටහිර රටවල නම් බිත්තර ගහන එක සාමාන්‍ය දෙයක්. ටෝනි බ්ලෙයාර් ටද කොහෙද ගහල හතර දෙනෙක්  ඇල්ලුවා. හිරේ දැම්මේ නම් නැහැ.

මම මේ කල්පනා  කලේ ඕක පොලිසියට යන්න තරම්  දෙයක්ද? දැන් බලන්න ඕකෙන් වෙන හොඳේ?

එක්කෙනෙකුට රුපියල් පන්දාහ ගානේ  ලැබුනලු. ඒ කියන්නේ සේනා-පති මහත්මයට  සේවකයන්ට හරියට පඩි ගෙවන්න  බැරි තරමට බංකලොත් වෙලාද ? නැත්නම් අලුත් ස්වයං රැකියාවක් හදල දීලද?

දැන් ආණ්ඩුව නැති බැරි අයටත්  දුන්නේ පන්දහනේ. ඉතින් ආණ්ඩුවට ඒක නොදී ඉන්න පුළුවන්. ඒ වෙනුවට ජනතාවට පුළුවන්,  බිත්තර ගැසීමේ ස්වයං ව්‍යාපාර අරඹන්න..

බිත්තර ගහන්න ටාගට් නම් ඉතින්  ඕන තරම් හොයා ගත්ත හැකි. දියවන්නාව පැත්තෙන් පටන් ගත්තම වෛද්‍ය සංගම්, හිටපු දේශපාලකයන්, එන්න ඉන්න අලුත් අය , ප්‍රාදේශීය සභාවල කඩලා හදන අය, බඩු හංගල පස්සේ විකුණන අය,විපක්ෂයේ ඉඳන් කකුලෙන් අදින අය?. කල්පනා කරලා බලන්න රැකියා අවස්ථා ගණන.   ටාගට් ද නැත්තේ.

මේකෙන් වෙන්නේ ඊට පස්සසේ බිත්තර ගණන් යන එක.  බිත්තර ගණන් ගියහම කාටද වාසිය ? කුකුල්ලු හදන කට්ටියට. ඒ ගොල්ලො තව ෆාම් දාන්න ගන්නවා. තව රස්සා වැඩි වෙනවා. කුකුලන්ට කන්න කෑම හදන්න වෙනවා ? එතනත් තව රස්සා ඇතිවෙනවා. බිත්තර ප්‍රවාහනය කරන්න වාහන ඕනේ වෙනවා?   දැන් වාහන ගෙන්වීම නතර කරලනේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පිරිසිදු වාතය රැක ගන්න. ඒ වෙනුවට සුර්ය බලයෙන් හරි වතුරෙන් හරි යන වාහන නිපදවෙන්න ඉඩ තියනව. ඒවගේ කාර්යයකට උපදෙස් දෙන්න ඕනා කරන ඥානය "වියත් මගින්" ලබා ගන්න පුළුවන්. වාහන නිෂ්පාදන සඳහා හා කර්මාන්ත ශාලා හදල ඒ පැත්තෙන් රැකියා වැඩි වෙනවා.

අනික   බිත්තර ගණන් ගියාට කුකුල්ලු , වැඩි වෙන නිසා කුකුල් මස් වල ගණන් බහිනවා. ඒකෙන් වෙන්නේ 'ස' ට මිනිස්සු හොඳ කියන එක. 

තව පැත්තකින් බැලුවොත් බිත්තර වෙළඳාම වැඩි වෙලා වාහන විකිණීම වැඩි වෙලා, බිත්තර නිෂ්පාදකයෝ,  ඒ ඒ  ස්ථාන වල වැඩ කරන අය ගේ   වගේම රුපියල් පන්දාහට ඒ වැඩේ කරන අයගෙත් අතේ මුදල් ගැවසුනහම ඒ අය ඒවා වියදම් කරන්න ගන්නවා. ඒ කියන්නේ ඒ අයට ගන්න බඩු නිපදවන්න  වෙනවා. ඒ අය ගෙවල් හදන්න පටන් ගනී. තව වාහන ගනී. ඔන්න කියන්න එපා මම මේ කේනිසියානු ආර්ථික කතාවක් කියන්න යනවා වගේ වල්බූරු කතා.

ඔය කියන දේ අනිවාර්යයෙන්ම වෙනවා. බිත්තර නිෂ්පාදනය වැඩි වුනහම ඉන්දියාවට චීනෙට විතරක් නෙමේ  යුරෝපය ටත් යවන්න පුළුවන්.  ඩොලර් සංචිතය වැඩි වෙන්න ගන්නවා. සංචාරක ව්‍යාපාරය  ආශ්‍රිත  රැකියා වැඩිවෙන්න  ගන්නවා.

බිත්තර ගහනව බලන්න සංචාරකයෝ රටට ඇදී එන්න පුළුවන්. 
ඩොලර් සංචිතය තව වැඩි වෙන්න ගන්නවා.  රටේ රැකියා ප්‍රශ්නය විසඳෙනවා. 

සමාජවාදී ව්‍යාපාරය නැතිවෙලා බංකලොත් වෙලාම යනවා.

ශ්‍රී ලංකාවට  සමාජවාදය ගේන්න  හදන  නායකයෙකුගේ වාහනයකට බිත්තර ගහල තියෙන්නේ "වියත් මගේ ප්‍රාඥයෝ " හෙම එකතුවෙලා බ්‍රේන්ස්ටෝර්ම් එකක් දාල පර්යේෂණ කරලා වෙන්න බැරිද?  එක බිත්තරෙන් කුමාරටත් ගහල රටත් ගොඩ දාගන්න.

-උපහාසයට මිස අපහාසයට නොවේ ~~~~~~~~~~~~~

18 comments:

  1. රටත් ගොඩ දාගන්න
    වැඩියෙන්ම වෙහෙසෙන්න
    මහතුනේ දැනගන්න
    බිජුවලින් බැට දෙන්න

    ලජ්ජ නැති මිනිසුන්ට
    බිජ්ජ නැති මිනිසුන්ට
    කොන්ත්‍රාත් පන්දහට
    දෙන්නෙ අයියෝ මොකට?

    දියවන්නාවෙ අය ඔය වැඩට හරි සූර
    ඉන්නවා හැංගිලා නොපෙන්නා මුහුණුවර
    උන්දලට දෙමු බාර - වැඩේ මේ බරසාර
    රට්ටුන්ට ගහන්නට - වජු බිල්ලකින් පහර

    ReplyDelete
    Replies
    1. //දියවන්නාවෙ අය ඔය වැඩට හරි සූර
      ඉන්නවා හැංගිලා නොපෙන්නා මුහුණුවර
      උන්දලට දෙමු බාර - වැඩේ මේ බරසාර// එතකොට ටාගට් නැති වෙනවනේ ලොක්කා

      Delete
  2. ඉස්සර නම් ඔය වාගේ තැන්වලට පාවිච්චි කළේ කුණු බිත්තර! දැන් කුණුවෙන කල් බිත්තර තියෙන්නෙ නැතිව ඇතිග

    ReplyDelete
    Replies
    1. දැන් ඒවත් විකිණෙනවා ඇති

      Delete
  3. දැන් මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ඒකයි ඔහොම කෑම බීම විසිකරන්න තරං වියදම් කරන්නේ.

    අනික මම දැක්කා කොළඹ තියෙන සුපර්මාර්කට් වල මිනිස්සු පෝලිමේ ඉදන් ඉම්පොර්ටඩ් ගෝට් චීස්, නෝර්වීජියානු සැමන් ෆිලේට් එහෙම ගන්නේ. අද තියෙන ඒවා හෙට නැහැ. අලුත් තොග. මිනිස්සු අතේ සල්ලි තියෙනවා.

    -රංග තේනුවර(GTRZ)-
    ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි

      Delete
  4. https://en.wikipedia.org/wiki/Egging

    ReplyDelete
  5. ගහනවා නං තම්බපු බිත්තරේකින්ම ගහන්න කියලා නයෙකුත් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. නයි තම්බපු බිත්තරත් කනවද

      Delete
  6. අජීත් බිස්තර දාන්නෙ කිකිලියෝ නිසා ඒවා කිකිළි පාම් ලෙස හඳුන්වන මෙන් ඉල්ලනව හිටන්.......

    ReplyDelete
    Replies
    1. හරි පොලිටිකලි කරෙක්ට් ළමයෙක් නේ ඔයා. හොඳයි කිකිළි ෆාම් කියල ලියන්නව මිට පස්සේ. ඒත් ඉතින් මහා කුකුළා නැතිව??

      Delete
  7. අජිත්ගෙ පෝස්ට් එක හා චන්දිම ගෝමස්ගෙ අන්තිම පෝස්ට් එක එකිනෙකට හොඳට සම්බන්ධ වෙනවා. වැඩි දෙනෙක් තවමත් කරන්නෙ තමන්ට වඩා වෙනස් මතයක්, කෙනෙක් හෝ සිදුවීමකදි කුනු බිත්තර ගැසීම-physicallyම නොවුනත්, virtually, metaphorically.

    තව උදාහරණයක් තමයි බටහිර ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෙක් කරපු murder suicide එක. වැඩි දෙනෙක් ඒක ගැන කතා කරන්නෙ සුද්දියො එක්ක ඉන්න අමාරුයි, හපෝ ඔය සුද්දො රේසිස්ට් වගේ 'අපි තමයි හොඳ අනිත් හැමෝම නරකයි' මාදිලියෙ දේ මිස ඒ සිදුවීම සම්බන්ධව ඇත්තටම අවදානය දිය යුතු කාරනා ගැන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. චන්දිම ගේ මොන පෝස්ට් එකද? ස්වීඩනය ගැන එකද? මම නම් නිකන් උපහාසයට ලියපු එකක්. කාවවත් හදන්න නෙමේ.
      /සුද්දියො එක්ක ඉන්න අමාරුයි, හපෝ ඔය සුද්දො රේසිස්ට් වගේ 'අපි තමයි හොඳ අනිත් හැමෝම නරකයි' // අවුරදු විස්සක් තිස්සේ මගුල් කනවා එක්කෙනෙක් එක්ක. අවුරුදු 19 ඉඳන් සුද්දියෝ එක්ක විතරයි හිටියේ/ආදරය කලේ. මම නම් දන්නේ නැහැ කියන්න. මගේ බිරිඳ බුද්ධාගමට හැරිලා පන්සලුත් යනවා. පන්සලේ ට්‍රස්ට් එකෙත් ඉන්නව. ඊට කලින් හිටි එක්කෙනත් (ලිතුවේනියන්) බුද්දාගමට හැරුන. ප්‍රශ්නේ කියන්නේ මම එතරම් ආගමිකයෙක් නොවීම. අනේ මන්ද

      Delete
  8. ඒකෙන් වාසි උනේ කුමාරට විතරයි.

    ReplyDelete
  9. මෙම පිළිකුල් සහගත අතිශය අමානුෂික ම්ලේච්ඡ ප්‍රහාරය ජවිපෙ නායක අනුර කුමාර ඝාතන සැලැස්මක මුල් පියවර බවත් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ජන හමුවට එල්ල කළ මෙම අතිශය තිරශ්චීන ම්ලේච්ඡ ප්‍රහාරය තනිකරම ආණ්ඩුවේ වැඩක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළිදරව් කළා.

    ලංකාවේ වත්මන් නන්දසේන දූෂිත ජනාධිපතිවරයාගේ සෘජු මෙහෙයවීමෙන් ප්‍රහාරය නිස්සංක සේනාධිපති විසින් පුද්ගලිකවම අණ දෙමින් ප්‍රහාරක කල්ලිය මෙහෙය වූ බවට ද මෙය ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක ඝාතනය කිරීමේ ප්‍රයත්නයක ආරම්භක පුහුණු මෙහෙයුමක් බවත් අදාල ප්‍රහාරය සඳහා නිස්සංඛ සේනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂකයන් සම්බන්ධව සිටි බවට චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියාගේ යූටියුබ් අන්තර්ජාල සාකච්ඡාවක දී මෙම කරුණු අණාවරණය වුණා.

    මේ වගේම ස්ථිර වශයෙන්ම මීළඟ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සියයට 75% - 80% ඉක්ම වූ අති දැවැන්ත ජනවරමකින් මහත් විජයග්‍රහණයක් ලබමින් අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ලංකාවේ සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවන බව ද දූෂිතයන්ට එකෙක්ටවත් කිසිම බුරුලක් නොදී මේ සියළුම අශිෂ්ට තක්කඩි වැඩ වලට සම්බන්ධ පාදඩයින් සියල්ලටම හැකි උපරිමයෙන් දඬුවම් අනිවාර්යයෙන්ම දෙන බවද ස්ථිර කළා. එම සමාජවාදී ආණ්ඩුව යටතේ වත්මන් දූෂිත පාදඩ පාලකයින් විනාෂ කර හපයක් කොට ඇති ශ්‍රී ලංකා රට ඉතා ඉක්මණින් බලවත් ධනවත් සමාජවාදී ස්වාධීන රටක් බවට ලෙහෙසියෙන්ම පත් කර ගන්න පුළුවන්.

    මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න, මේකෙ සියලුම තොරතුරු තියෙනවා.

    https://www.youtube.com/watch?v=KvZaVbuvLbg

    ReplyDelete
    Replies
    1. //මෙම පිළිකුල් සහගත අතිශය අමානුෂික ම්ලේච්ඡ ප්‍රහාරය ජවිපෙ නායක අනුර කුමාර ඝාතන සැලැස්මක මුල් පියවර බවත් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ජන හමුවට එල්ල කළ මෙම අතිශය තිරශ්චීන ම්ලේච්ඡ ප්‍රහාරය//ඕක ඔඡ්ච්රම දඟලන්න ඕන එකක් නෙමේ. බිත්තර නේ ගැහුවේ. දේශපාලන විරෝධයක් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විතරයි. දරුණු වෙන්නේ නැත්නම් ඕවගේ අහිංසක බිත්තර ප්‍රහාර වල අවුලක් නැහැ. මේකට තියෙන්නේ ජවිපෙ විරෝධය වැඩි කරන එක විතරයි. හෙම නථිඅ 75% -80 ක් චන්ද ලැබෙනවා කියල හීන මවන එකේ තේරුමක් නැහැ. චන්ද ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියලා හිතනවා මිසක්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .