Monday, 28 July 2025

කියෝතෝවෙන් බුලට් එකේ ඔසාකා ගිහින් නැවත කියෝතෝ වට සංචාරක දුම්රියෙන්


අර රේල්වේ මියුසියම් ගිය කතාවේ අනික් කොටස තමා මේ .  අපි නැවතිලා හිටි හෝටලයේ ඉනෙස් හිටි කාමරයට අමතරව මම තව කාමරයක් අරගත්තා .  ඒ කාමරයෙන් එළියේ තිබ්බේ  නගරාන්තර දුම්රිය යන පාරක්.  ඒකෙ වීඩියෝ මගේ යූ ටියුබ් චැනලයේ තිබෙනවා.  
මේ තියෙන්නේ ඒකෙ යුටියුබ් වීඩියෝ  එක . 


අපිට ඔසාකා යන්න තිබ්බේ බුලට් ට්‍රෙන් එකෙන්.  පැයට  හැතැප්ම දෙසිය අසූ පහක වේගයෙන්  විනාඩි පහළවකින් යනවා.  ඇති වැඩක් නැහැ .  අපි දැක්ක විශේෂ සංචාරක  ස්ලෝ කොච්ච්චියක් යනවා එදාම .  ජපානයේ එහෙම දුම්රිය තියනවා .  වටපිට  බලන් යන්න ලස්සන දුම්රිය සේවා තියනවා .  ඒවා හිමින් යන්නේ, සංචාරකයන් වෙනුවෙන්. ලොකු ගානකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ටිකට් එකේ ගාණටම.   සංචාරකයන් කියන්නේ විදේශිකයන්ම නෙමේ .  ජපන්නුත් එහෙම දුම්රිය ගමන් යනවා හරියට .  ට්‍රැවල් ඒජන්ට් ට කතා කළා .  අපට  ශින්කන්සෙන් බුලට් ට්‍රේන්  ටිකට් දෙක ලොස් වෙනවා කිව්වා .  පස්සේ ඉතින් මට තියෙන කෝච්චි  පිස්සුව නිසාම ඉනෙස් කැමති වුනා ඔසාකා ගිහින් අර දුම්රියේ ආපහු කියෝටෝ ඇවිත් යන්න .  ඉතින් ඒක තමා කළේ. ඔසාක ගිය  ගමන් හෝටලයේ බෑග් දෙක දාල අනිත්  පැත්තට ඔසාකා උමේඩා කියන සාමාන්‍ය දුම්රිය යන ස්ටේෂන් එකට ආව.  
ඔය කියන දුම්රිය වේදිකාවට එන හැටි වීඩියෝ එකට ගත්ත .  කියෝටෝ වලට යන මාර්ගය පළමුවන මැදිරියේ ඉඳගෙන වීඩියෝ කළා .  ඒවා ඔක්කොම කැමති අයට යුටියුබ් චැනලයේ බලන්න පුළුවන් .  එකක් විතරක් දාන්නම්  මෙතන . 


ඔසාකා සිට කියෝතෝ දක්වාත් කියෝටෝ සිට ඔසාකා දක්වාත්  මුළු ගමනම වගේ වීඩියෝ කළා පළමුවන මැදිරියේ ඉඳගෙන.  යන ගමන ගියේ වැස්සේ.  මේවා ඉලෙක්ට්‍රික් ට්‍රේන්. මේ වගේම ඒවා රුසියාවේ තිබුන ඉලෙක්ට්‍රිච්කා කියල කිව්වේ. 
මේ ට්‍රේන් වල ඇතුලේ මල් පැල තියල, නිවසක වගේ ලස්සන පින්තූර එල්ලලා  එක එක සැරසිලි හදල තියෙන්නේ .  මට අර සැරසිලි දාපු ලංකාවේ බස් ගැන මතක් වුනා .  මිනිසුන්ට අවහිර නොකෙරෙන්න සහ ජිවිත හානියක් නොවෙන්න ඒවා කරනවානම් අවුලක් නැහැ නේද කියලත් හිතුන .  හැබැයි මේ දුම්රිය වල මැදිරි අලංකාර කරලා තියෙන්නේ ටිකක් පිළිවෙලකට.    පින්තුරවලින් ඒක පැහැදිලි වේවි .    මේ තියෙන්නේ ස්ලයිඩ් ෂෝ එක . 
****************************************************
ජපන්නු වර්ණවාදී ද කියන සැකය ආවේ මිනිස්සු මං ගාව ඉඳගන්න එන්නේ නැති නිසා . අපි සීට් බුක් නොකරපු  බුලට් ට්‍රෙන් වල බෑග් තියල තියෙන සීට් වල බලෙන් වගේ ගිහින් ඉඳ ගත්ත .  ඒ ගොල්ලෝ බෑග් අරන් ඉඩ දුන්න.  හැබැයි හුගක් අය සීට් තුනේ  මැද සීට් එක හිස් කරගෙන යනව ,  අනිකා ගේ ස්පේස් එකට ගරු කරනවා.   හැබැයි මේ දුම්රියේදී මට පැහැදිලි වුනා තමන්ට අවශ්‍ය  නම් සීට් හරවා ගන්න පුළුවන් කියල .  නිදහසේ පාඩුවේ යන්න .  අනික නිහඬත්වය හොඳට තේරෙනවා.  කවුරුත් මොබයික් වලින් කෑ ගහන්නේ නැහැ .  කෝල් ගන්නේ නැහැ .  දුම්රියේ පොතක් කියවගෙන හීන් හඬින්  කතා කර කර නැත්නම් එළිය බලාගෙන ගිය හැකි . ඒක මේ මිනිස්සු අගය කරනවා .  අපට ගුරුවරියක් හම්බ වුනා .  එයා නම් තරමක් විශාල නිවසක නගරයෙන් පිට ඉන්න කෙනෙක් .  එයා කියනවා හුඟක් අය එහෙම නිවෙස් අත හැරලා රැකියා තියෙන ස්ථාන  වලට යනව කියල. 
අන්තිම පින්තුරේ තියෙන්නේ දවල්ට කන්න ගිය තැන .  බෑග් බිම තියන්න ඕනේ නැහැ .  වේවැල් බාස්කට් තියනව ඒවා තියන්න .  කන ඒවල  පින්තූර නම් ගත්තේ නැහැ. බැදපු චිකන් , පොඩි පොඩි සැලඩ් ජාති. බඩ ගින්නට කාගෙන ගියා .  

අපි ඔසාකා ගිය දෙවෙනි දවසේ ටුවර් එකකට ගියා .  ඒකෙ මේ භාණ්ඩ වල ගණන් ඉතාමත් වැඩි නිසා ඒ ගැන පින්තුර ටිකක් දාල විස්තරයක් කියන්න හිතුන .  
ඇපල් ෆෝන් එකේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් දන්නවනේ. එයා ජපානයට එන හැම වතාවෙම විශේෂ පුද්ගලයෙක් මුණ ගැහෙන්න යනව. ස්ටීව් ජොබ්ස් ජපානයට හුඟක් කැමැති පුද්ගලයෙක් .  ඇපල් අයිෆෝන් එක හදන්න පටන් ගන්න කොට හුඟක් ජපන් නිෂ්පාදන ක්‍රම උපයෝගී කරගෙන තියනවා. 

ජපානේ කිසියම් නිෂ්පාදන කාර්යයකට සුවිසේෂි දක්ෂතා තියන අය ඉංජිනේරුවෝ ,  නිර්මාණකරුවෝ හෙම  හඳුන්වන්නේ  ටකුමි කියල . මේ අයට ඉංග්‍රීසියේ ආර්ටිසන් එහෙම නැත්නම් ශිල්පීන් කියල කියන්න පුළුවන් .  නමුත් ඒ වචනය් ඇත්තටම මදි .  මොකද සමහර විට ඒ දක්ෂතාවය දැඩි කැපවීමකින් එන දෙයක්. තැටි  වාදනය කරන්න පුළුවන් ටර්න් ටේබල් ඉඳිකටු හදන්නේ ජපානයේ විතරයි .  ඒ මැෂින් නිවැරදිව ක්‍රියා කරන්න දන්නා අය දැනට එහෙ විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
 
ස්ටීව් ජොබ්ස් යුකියෝ සකුනගා හම්බ වෙන්න අනිවාර්යයෙන්  යනවා .  ඔහු තරම් හොඳ ජපන් පෝසිලෙන් වලං සෙට් හදන වෙන කෙනෙක් නැහැ කියල ජොබ්ස් හිතුවලු එයාගේ ප්‍රදස්ර්ශ්නයකට ගිහින් .   ඒවා ඒ තරමටම ලස්සනයි. අති විශිෂ්ට නිමැවුම් .  ඔහු හැම වෙලේම  මොකක් හරි ජග් එකක් ,  පිඟානක් , පීරිසි කුට්ටමක්, වළන් දෙක තුනක්  මිලදී ගන්නවලු .  ඒ අතරේම පෞද්ගලිකව යුකියෝ හමුවෙලා මේ පෝසිලෙන් හොයාගන්නේ කොහොමද ,  හදන කොට අනුගමනය කරන විධි  ගැන හෙම පැය  ගණන් සාකච්ච්ච කරලා තියනව.  ඉතින් ජොබ්ස් ට තමන්ගේ නිර්මානයත් ඒ වගේ අඩුපාඩු හැකි තරම් අඩු විශිෂ්ට එකක් කරන්නැයි  ඕන වෙලා තියෙන්නේ .     


මේවා සාමාන්‍යයෙන් ටිකක්  ගණන්  කියල පේනවනේ.  මෙතනින් මම එන්නේ අපි ඊළඟ දවසේ ඔසාකා ෂොපින් සෙන්ටර් එකට ගිය වෙලේ දැක්ක දෙයක් නිසා .  මේ වගේ දුර්ලභ විධිහට හදන පළතුරු , සකේ ,  බීම හෙම විකුණන්න වෙනම ෂොප් තියනව .  ඒවා සෑහෙන්න ගණන් .  නමුත් මේවා හදන්නේ ඒවාට විශේෂයෙන් පුහුණු වෙච්චි අර වගේ ටකුමිලා .  ඒ වගේ ගණන් දෙයක් අරන් උපන් දිනයකට ,  වැඩ කරන තැන බොසා ට ,  දෙමව්පියන්ගේ විශේෂ දවසකට හෙම තෑගී දෙන එක ජැප්පන්ගේ සිරිතක්ලු .  මෙතන කොමඩු ගෙඩි දෙකක් තියනවා පවුම් 160 විතර වෙන.  රුපියල් හැට දහසක් වගේ .  ඒවා වෙනම වැලකින් බොහොම සැලකිල්ලෙන් හදපු ඒවලු . රස වෙනස් ලු .  හැබැයි ඉතින් ජැප්පන්ටම හොඳයි. අර විස්කි නම් ගත්ත පුංචි  බෝතල් සෙට් එකක්.  මොකද එකක් පවුම් 100 සිට ඉහලට, දාගෙන එන්න ඉඩත් නැහැ ගත්තත් . යමසකි අවුරුදු 18 පරණ එක පවුම් 600 විතර වෙනවා .  අවුරුදු 12 පරණ එක 150 ට තියනව. ඒක ටිකක් තද රසයක් තියෙන්නේ .  අනිත් ඒවා හරිම මෘදුයි.   


ඊළඟ ලිපියෙන් ඔසාකා හි ඉතිරි දවස් දෙකේ කෑම ගැන තමා කියන්න තියෙන්නේ .  මොකද ඔසාකා නගරය තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක්. අන්තිම පින්තුරයක් තියනවා හෝටල් කාමරේ සිට ගත්ත .  14වෙනි තට්ටුවේ හිටියේ .  
බොරුනම් බලන්න ෆොටෝ ටික . 

කොළඹ ගමයා 28/07/2025


ස්ටීව් ජොබ්ස් ගේ කතාව උපුටා ගත්තේ හෙක්ටර්  ගාෂියා ගේ 'ඉකිගායි' පොතෙන් . 

32 comments:

  1. කරන කොයි දෙයත් නිසි ලෙසටම කෙරුම
    සිරිලක අපට ඇයි නැත්තේ වී උරුම
    වැඩි දෙන කරන්නේ හොර- බොරු දෙක නරුම
    දැන්වත් කෙරේවා ඒ ගති අත්හැරුම!

    ReplyDelete
    Replies
    1. නිදි ලියනා බ්ලොග් දැකලා
      එහෙම හැදුනොතින් තමා ඉතින්
      අපි ලියනා බ්ලොග් දැකලා
      ඔක්කොම ජපන් යනවා නොවෙද ඉතින්

      Delete
  2. ජපානේ වටේ අපිවත් එක්කන් යනවාට ස්තූති .රසවත් ලියමන්.

    ReplyDelete
  3. //ඔසාකා නගරය තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක්..//
    //කොමඩු ගෙඩි දෙකක් තියනවා පවුම් 160...//
    හ්ම්.....

    ReplyDelete
    Replies
    1. රොක් මෙලන් වගේ කියලයි හිතුනෙ. සමර් එකට ඔව්වා, ක්‍රෂ්ඩ් අයිස් බ්ලෙඩ් කරලා සීනී දාලා ගත්තාම නියමයි.

      Delete
    2. මෙහෙ තියනව . එකක් පවුම් 2.50 විතර වගේ එන්නේ . හරිම රහයි . වතුර අඩුයි . //රෂ්ඩ් අයිස් බ්ලෙඩ් කරලා සීනී දාලා ගත්තාම නියමයි.// කරල බලන්නම් . නිකන් කන එක තමා කරන්නේ

      Delete
    3. කොන්කිරිට් වනන්තරේ මිරිගු සර්පයා · කොමඩු ගෙඩියකට රැවටිලා

      Delete
    4. මම ගත්තේ නැහැ ඔන්න .

      Delete
  4. බස්වල තනියම යන කාලෙ හුඟක් අවස්ථාවලදි මාත් කැමතිවුනේ නෑ ලඟ ඉඳගත්ත නොඅඳුනන කෙනා එක්ක කතාකරන්න.
    හයියෙන් කතාකරන එවුන්නම් පුදුම කරදරයක්

    ReplyDelete
    Replies
    1. මෙහෙ දැන්නම් වාතයක් වෙලා තියෙන්නේ . ප්‍රා දන්නවනේ . අලුතින් එන සෙට් එකත් එක්කම තමා ඉතින් .

      Delete
  5. ජපානෙ කෝච්චිවල මල් පැල, දේවරූප, මල් වැල් එල්ලල තියෙනව කියල අපේ රටේ බක් පික්කන්ට එහෙම දැනගන්න තියන්න එපා ඉඳගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. දේවරූප එල්ලලා නම් තිබ්බේ නැහැ . සත්තු , ෆුජියමා කන්ද හෙම තිබ්බේ . කලාත්මක විධිහට . මල් පැල බස් වල දාන එක හොඳයි නේ .

      Delete
  6. //ඊළඟ ලිපියෙන් ඔසාකා හි ඉතිරි දවස් දෙකේ කෑම ගැන තමා කියන්න තියෙන්නේ//
    අන්න හරි..............කෑම ගැනත් කියමු..කෝච්චියි කෑමයි දෙකම හරිම රසවත්

    ReplyDelete
    Replies
    1. ඒක තමා . හුඟක් අය කැමතියි කෑම ගැන දැන ගන්න

      Delete
  7. අජිත් මහත්මයා ජපන් සංචාරක ලිපි පෙළ අතරේ වැදගත් යමක් ඉස්මතු කරනවා. ජපන්නු වර්ණවාදීද ? සංකීර්ණයි. ජපන්නු කොහොමත් විශේෂයෙන් කියතෝ ජපන්නු අන්තරාවර්තිකයෝ (introvert ) ඉතින් ලජ්ජාශීලි කතාවට එන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්නේ. ඒ අතරම දකුණු ආසියාතික පෙනුම තියන අපි සාමාන්‍යයෙන් ජපන් යන්නේ රැකියාවක් හොයාගෙන. යුරෝපියන් තමයි සංචාරකයෝ සල්ලි තියන ඉහල අය. දීර්ඝ කාලයක් වුන දෙයක් ටික ටික වෙනස් වෙනවා. ඉන්දියාවෙන් ලංකාවෙන් දැන් සංචාරකයෝ එනකොට තවම පරණ විදිහට හිතන ජපන්නු ටිකක් වෙනස් විදිහට බලනවා. හැබැයි ඔවුන් අනිත් රටවල වගේ ගහන බනින දේවලට යොමුවෙන්නේ නැහැ. කියෝතෝ කියන්නේ පුදුම over tourism තියන නගරයක්. ඒත් ඉවසනවා.එහෙමයි මට හිතුනේ කියෝතෝව ගැන. ටෝකියෝ වෙනස්.

    ReplyDelete
    Replies
    1. අන්තරාවර්තිකයෝ - අලුත් වචනයක් ඉගෙන ගත්ත . ස්තූතියි , ඔව් ඒක ඇත්ත වෙන්න පුළුවන් . ඊළඟ කෑම ගැන ලියන කොට තවත් සාකච්චා කරන්න බලා පොරොත්තු වෙනවා . පිරිමින්ට වඩා ගැහැණු ප්‍රිය මනාපයි සහ කතා කරනවා . පිරිමි සැහෙන්න රිසර්ව්ඩ් කියා හිතුනේ .

      Delete
    2. හ්ම් නිහඬපාලගෙ අදහස හරි කියල හිතෙනවා. අජිත් එක්ක ඉනෙස් හිටි එක වාසියට ඉන්නත් ඇති?🤔

      Delete
    3. අනිවාර්යෙන් වාසියක් වෙන්න ඇති 😇😇

      Delete
    4. උන්දැ නැතිව මම පොඩ්ඩක් ඇවිද්ද . ලොකු අවුලක් නැහැ . අර සල්ලි ගණන් ලියාගෙන පාරේ අයිනේ ඉන්න නංගිලා නම් හිනා වෙලා කතා කළා

      Delete
  8. රසවත් වටිනා ලියවිලි අයියේ. ජපානේ වටේ අපිව රවුමක් ගෙනියනවට ස්තුතියි.

    ReplyDelete
  9. රුසියාවෙ 7.8 කෝස්ටල් භූමිකම්පාව, සුනාමියක් විදිහට ජපානෙටත් එන්න පුළුවන්ලු. Prevention is better than cure, take care. 🙏

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක බබා වන්ග Baba Vanga වේලාසනින් කිව්වා කියලා කියන්නේ. ජෙරමි පාදිලි උන්නාන්සේත් කියයි

      Delete
    2. බබා වන්ගා ඇස් පෙන්නේ නැති නිසා ඕන මගුලක් කියනවා . මම ජපානේ නෙමේනේ ඉන්නේ . අවුලක් නෑ

      Delete
  10. Japanese are silent colourists. Even towards their own people. Fairer, more whitish girls, are always appreciated, for example. They like the Caucasian more. So, coloured people like Sri Lankans get a discriminatory look more often than not. Further, they lack self confidence to sit down next to foreigners lest they are talked to in English.

    ReplyDelete
    Replies
    1. most porbably you are correct. I noticed they appreciate whitish girls more. Also our guides said Jpanaese girls like white foriegn men more (Caucasian) than their own. But few guides themselves were Caucasian. 😀

      Delete
    2. Thanks, Ajith, for the response. And thanks for sharing your observations while in Japan. Btw, I work as a professor here in Japan.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. I appreciate your insights on Japan. I've had experiences in Sri Lanka that have led me to believe that prejudice based on physical appearance, specifically skin color, is a widespread issue there as well. This has given me a new perspective, and I find myself more empathetic toward people in other countries who may hold similar biases. (Such as Japan)

      Delete
  11. අද තමා මේ පැත්තේ එන්න ලැබුනේ .. මේ ජපන් ටුවර් එක ලියන්න වෙච්ච මහන්සියත් අගය කරන්න ඕනේ .. සෑහෙන දේවල් දැන ගත්තා ජපානේ ගැන .

    මම ඔය ජපන් වලං පිගන් වලට ආසයි . බුලට් ට්‍රේන් එකෙත් ගිහින් නෝමල් ට්‍රේන් එකෙත් යන්න තරම් ට්‍රේන් උණක් තිබීම සෑහෙන බොන්න ඕනේ උණක් නේද ? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . මම චින කෝප්ප වලට ආසයි . ඒවායේ පුංචි චිත්‍ර වලට ඇත්තටම . ජපන් මල් වාස් දෙකක් විතර තියනව . ඔව් ඔව් . කෝච්චි උණ නම් තදයි .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .