ඔලිවගේ සහ බිරිඳ අයිඩා ගේ ආච්චිලා සීය ල ටෙනරිෆ් වල ජිවත් වුනු ස්පාඤ්ඤ ජාතිකයෝ. ටෙනරිෆ් ඒ දවස් වල හෙන දුප්පත්. ඒ නිසා ඔවුන් කියුබාවට යනවා ජිවත් වෙන්න . නමුත් අද ඒ චක්‍රය ආපහු කැරකිලා ඔවුන්ගේ මුණුපුරන් සහ මිනිපිරියන් කියුබාවෙන් ඇවිත් ටෙනරිෆ් වල පදිංචි වෙනව.
අපි ඉතින් දෘෂ්ටිවාදය ගැනත් කතා කළා. මම ඇහුව ඔය කස්ත්‍රෝ වාදය තව දුරටත් රකින එකේ තේරුමක් තියනවද මිනිස්සු දුප්පත් ව දුක් විඳින කොට. ඔලිවා එකඟ වුනා .
මේ ලිපි දෙක ලිව්වේ 2015 දී . ඔලිවා ගැන හෙම මේ ලිපි දෙකේ ලියල තියෙනවා .
චීනයේ මාවෝ ගේ දර්ශනය නිසා ඇතිවුණු ප්‍රශ්න තිබුන. සංස්කෘතික විප්ලවයේ සිදුවුණු මිනිස් ඝාතන නිසා වගේම ගේ කුරුල්ලන් මැරීම නිසා කෘතිමව ඇතිවුණු සාගතයත් ඒ නිසා මියගියමිනිස්සු ගණනත් බැලුවහම . ඩෙන් ෂියා ඕ පෙන් බලයට ආවහම මාඕ ගේ ප්‍රතිපත්ති වෙනස් කළා. රටේ ධනවාදී ප්‍රතිසංස්කරණ කළා . පෞද්ගලික දේපල අයිතිය නැවත තහවුරු කළා . ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගත්ත.
නමුත් මාවෝ ට බහුතරයක් මිනිස්සු ආදරෙයි කියල තමා දන්නේ. ඔවුන්ට බලය ලබා දුන්නේ මාඕ කියල ඔවුන් පැහැදිලිව කියනවා . ඒකෙ වෙනසක් නැහැ.
රෝහණ විජේවීර කිසියම් මාර්ගයක යන්න උත්සාහ කළා . ඒක අනිත් අය දකින විධිහයි මම දකින විධිහයි අතර වෙනස් කම් තියනව . මගේ බ්ලොග් ලිපි බලන අයට තේරෙනවා ඇති . (යට ලින්ක් ඇති) 1971 දී එයාලා අහුවුනේ පක්ෂය ඇතුලේම වුනු කුමන්ත්‍රණයකට . ඊට පස්සේ 1978 ප්ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇවිත්, එදා තිබු ආණ්ඩුවේ උද්දච්ච සහ මෝඩ අසාධාරණ තීරණයකින් තහනම් කිරීම නිසා යටිබිම් ගතව පසුව කැරැල්ලක් ඇති කලා ඒ රජයටම විරුද්ධව. ඒවාට ඒ කාලේ චන්ද නිතිය නැවීම . ලාම්පු සෙල්ලම සහ වෙනත් මරදන්ත් බලපෑවා. එදා ඒ සිද්ධි එසේ නොවුනා නම් අද ලංකාවේ තත්වයත් වෙනස් .
දැන් අනුර සහ කණ්ඩායම අරන් යනව රට තමන්ට හරි කියල හිතෙන මාවතේ. එතැන න්‍යායයක් තියනව. මිනිසුන්ට හොඳ අනාගතයක් දෙන එක. ඔස්වල්දෝ මාත් එක්ක එකඟ වුනා ප්‍රතිසංස්කරණ වැඩි කළා කියල කස්ත්‍රෝ ට කියුබානු ජනතාවගේ ආදරය නැතිවෙන එකක් නැහැ කියා.
එයාලට ස්පාඤ්ඤයට අයිති ටෙනරිෆ් වලට එන්න පුළුවන් වුනාට අනිත් අයට එන්න බැරි එක ගැන එයාලට දුකයි. එයා යුරෝපයෙන් බඩු බාහිරාදිය අරන් යනව නෑදෑයන්ට යාලුවන්ට දෙන්න. ලංකාවේ අපිත් කරනවා . මාත් එංගලන්තෙන් කාලයක් කියුබාවේ යාළුවන්ට තෑගි බෝග යවල තියනව. නමුත් එංගලන්තයෙන් එවන නිසා කියුබාවේ ඉන්න යාළුවෝ එවන්න එපා කියනව. රජයෙන් ප්‍රශ්න ඇති වෙනවා කියල. කියුබාවට ඇමෙරිකානු සම්බාධක නිසා දැඩි ප්‍රශ්න තියෙන බව ඇත්ත . නමුත් ඒ මිනිස්සු අවුරුදු 75 තිස්සේ දුක් විඳිනවා.
ඇමෙරිකාව එහෙම කරන එක වැරදි තමා . නමුත් තව දුරටත් ඒ නිසාම තමන්ගේම මිනිසුන්ට ඒ දුක විඳින්න කියන එක හරිද ? තමන් අදහන දෘෂ්ටිවාදය පොළොවේ ගලෙන් කෙටු එකක් නෙමේනේ .
වියට්නාමය ඇමෙරිකාව සමග දරුණු යුද්ධයක දී හිටි රටක් . අද ආසියාවේ ඉදිරියෙන්ම දියුණුවන රටක් ඇමෙරිකාව සමග මෙන්ම යුරෝපය සමගද හොඳ සම්බන්ධතාවයක් තියනව . පෞද්ගලික දේපල , නිවාස , වාහන ආදිය හිමි කරගන්න පුළුවන් . නමුත් ඉඩම් අයිතිය රජයට සහ ජනතාවට අයිතියි. ඒ නිසා කිසි කෙනෙකුට ඉඩම් අයිති කරගන්න බැහැ . භාවිතා කරන්න පුළුවන් 'ජනතාවගෙන්' කුලියට අරන්.
මාක්ස් ගේ සමාජ පරිණාමය ඉතා කෙටියෙන් කීවොත් , ප්‍රථමික කොමියුනිස්ට් සමාජය -සංක්‍රාන්ති සමය- වහල් යුගය- සංක්‍රාන්ති සමය- රදල යුගය- සංක්‍රාන්ති සමය - ධනවාදය - සංක්‍රාන්ති සමය - සමාජවාදය - සංක්‍රාන්ති සමය -කොමියුනිස්ට් වාදය යන පිළිවෙලට වෙනවා කියල තමා තියෙන්නේ . මේ හැම දෙයක්ම එක පාර වෙන්නේ නැහැ . දැන් එතකොට ධනවාදය හරියටම පටන් ගත්තේ රාජාණ්ඩු වල බලය බිඳ වැටෙන කාලේ , එංගලන්තයේ , ජර්මනියේ කාර්මික විප්ලවය කාලේ ප්‍රථමික ධනවාදය ඇතිවෙන්න පටන් ගත්ත. අධිරාජ්‍යවාදය ඊට පස්සේ ඇති වුනේ. ලෙනින් ලිපියක් ලිව්වා ප්‍රසිද්ධ - අධිරාජ්‍යවාදය යනු ඉහලම මට්ටමේ ධනවාදය කියා (Imperialism, the Highest Stage of Capitalism), ඒක මාක්ස් ට පොඩ්ඩක් මග හැරුණු කෑල්ලක් .
එතකොට ධනවාදය සහ අධිරාජ්‍යවාදය කියන්නේ දෙකක් නෙමෙයි. එකක්.ධනවාදය තුලින්ම තමා අධිරාජ්‍යවාදය හැදුනේ. අධිරාජ්‍යවාදය ඉස්සර බලහත්කාරියි , දැන් තියෙන අධිරාජ්‍යවාදය පෙනෙන්නේ නැහැ . ඒක සොෆ්ට් පවර් එකක්. ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඉන්දියාව සහ චීනය මේවායේ ඉන්නව. ලෝකය වටා විහිදෙන අති විශාල කම්පැනි, හැම රටකම අඩු ශ්‍රමය උපදවන කම්හල් සහ නිදහස් ආර්ථික මධ්‍යස්ථාන , සමාජ ජාල හරහා මේ මෘදු අධිරාජ්‍යයවාදය ක්‍රියාත්මක වෙනවා . අනික රුසියාව ආපහු දෘඩ අධිරාජ්‍යවාදයට යන එක (යුද්ධය තුලින් ) තමා මේ හැමෝම විවේචනය කරන්නේ. මෘදු එක ගැන නෙමේ .
කාල් මාක්ස් ගේ සමාජ පරිණාම කතාව ඩාවින් ගේ පරිණාමවාදය වගේ තමා. කවුරු කැමති වුනත් නැතත්, එකඟ වුනත් නැතත් වෙන දෙයක් වශයෙන් තමා පිලි ගැනීම. මාක්ස් ගේ තියරිය බටහිර හෙවත් යුරෝපයේ ආර්ථික වර්ධනය දිහා බලල තමා කලේ. මාක්ස් ඒ බව කියා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ මාක්ස් ගේ පරිදි වහල් යුගයක් තිබ්බේ නැහැ. නමුත් ලංකාවේ මූලික කොමියුනිස්ට් සමාජයක් තිබුනා. ලංකාවේ ගම ස්වයං පෝෂිතයි. ළමයි ගැන හැමෝම බැලුව (කිබුට් වල වගේ ) . තමන්ට අවශ්‍ය දේ නිපදවාගෙන අතිරික්තය බෙදා හැරිය හුවමාරු ක්‍රමයකින්, හමුදාව රජු වෙනුවෙන් එක් රැස් වුනේ අවශ්‍ය වෙලාවට පමණයි. අනික මාක්ස් කියල නැහැ මේ වෙනස් කම් දඩස් ගාල වෙනවා කියල. රාජාණ්ඩු යුග වල වහල් ක්‍රම තිබ්බ. ධනවාදයේ වැඩවසම් ලක්ෂණ තියනවා. බ්‍රිතාන්‍යයේ හා යුරෝපය රජුන් සිටින්නේ ඒ නිසා . ඒ වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂ. ධනවාදයෙන් සමාජවාදයට යන විට ධනවාදී ලක්ෂණ එහෙම්ම තියෙනවා එව්ව නැති වෙන්නේ නැහැ.
අනික මාක්ස් කියල තියන්නේ ධනවාදයේ ඇතිවෙන දියුණුවෙන් පස්සේ සමාජවාදය ඒ තුලින් බිහි වෙනවා කියල සහ එයා බලාපොරොත්තු වුනේ කාර්මික විප්ලවය ඇතිවුනු ජර්මනියේ සහ එංගලන්තයේ සමාජවාදී විප්ලවයන් ඇතිවෙයි කියල .
ලෙනින් මේක පොඩ්ඩක් ට්වීක් කරල වෙනස් කළා .තනි රටක විප්ලවයක් කරලා බලය පැහැරගත්ත.
ලෙනින් සහ ට්‍රොට්ස්කි තනි රටක සමාජවාදයක් හැදුවට පස්සේ ලෙනින්ට තේරුණා වැඩේ ඇනෙන බව. ඊට පස්සේ එයා NEP හෙවත් නව ආර්ථික පිළිවෙත කියලා එකක් හඳුන්වා දීල පෞද්ගලික දේපල ක්‍රමය හා සුළු වෙළඳාම ආයේ රටට හඳුන්වා දුන්න. රටේ ආර්ථිකය සහ ගොවිතැන දියුණු වුනා. ලෙනින් කිව්වේ රජයට සමූහ ගොවිපලවල් පිහිටුවන්න . පෞද්ගලික ගොවීන්ට කැමතිනම් එන්න දෙන්න කියල . මේක හුඟක් අය නොදන්න දෙයක් . නමුත් ලෙනින්ට වෙඩි තියල , කෘප්ස්කයා (බිරිඳ, ගෝර්කි ඇතුළු අය නිවස අඩස්සියේ දාල) ස්ටාලින් බලය අරන් තනි රටක සමාජවාදය ක්‍රියාත්මක කළා. සමුහ ගොවිපලවල් බලෙන් හැදුවේ මේ කාලේ . අකමැති වුනු ගොවීන් මරල දැම්ම . මාඕ ගියෙත් ඒ මාර්ගයේ.
සෝවියට් දේශයේ රට ගෙනියන්න පුළුවන් වුනේ ස්වාභාවික සම්පත් හොඳට තිබුන නිසා. දැන් සම්බාධක මධ්‍යයේ, යුද්ධයක් මධ්‍යයේ වුනත් ඒකාධිපති පූටින් ගේ ධනවාදී රුසියාව වැටෙන්නේ නැතිව පවතින්නේ ඒකයි. නමුත් තනිරටක සමාජවාදය කියන්නෙම ඒකාධිපති විධිහට තමා යන්න වෙන්නේ.
මාක්ස් කිවේ ධනවාදයදියුණු වෙනකොට සමාජවාදී ලක්ෂණ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාජවාදය හා පූර්ණ කොමියුනිස්ට්යවාදයට නවා කියා. ඒ කොටස හරියන්නත් පුළුවන් නොයන්නත් පුළුවන් .
අද ලංකාවේ, එංගලන්තයේ වැනි රටවල නිදහස් සෞඛ්‍යය සේවය, යුරෝපයේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය, මේවා සමාජවාදී පියවරවල්. එතකොට මේක අද ඩෙන්මාර්කය වගේ රටවල එතනින් එහාට ගිහින්තියෙනව. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මේ දේවල් නැත්තේ දැනට .
නැවත සෝවියට් සමාජවාදය ගොඩනගන්න බැහැ . සමාජවාදය පැවතුනේ හරියටම අවුරදු හැත්තෑ තුනක් පමණයි. ධනවාදයට තිබ්බ අවුරුදු පන්සීයක් එක දිගට. මේ නිසා මේ දෙක සමාන කරන්න බැහැ. ඒ අවුරුදු පන්සීය තුල අධිරාජ්‍ය පිහිටුවීම තුලින් අනිත් රටවලින් ධනය කොල්ල කෑව. ඒ මගින් පොහොසත් වුනා සමාජවාදයට තිබුන අවුරුදු හැත්තෑ තුනේදී ලෝක යුද්ධයකට මුහුණ දුන්න . එහෙම වෙලත් අභ්‍යවකාශ යානා යවන්න තරම් දියුණුවක් අත්පත් කරගත්ත . අනිත් රටවලින් ගන්නවා වෙනුවට මෝඩකමට තව දුන්න එක එක දේ. ශිෂ්‍යත්ව , ටයර් , වානේ කම්හල් . යෝධ ජල විදුලි ව්‍යපෘති වගේ ගොබ්බ වැඩ කරල දුන්න සමාජවාදය පතුරුවන්න. මම ඒවාට ගොබ්බ වැඩ කියන්නේ ඒ රටවල් මිනිස්සු ඒවාට කෘතඥතා පූර්වක වුණේවත් නැති නිසා . අපි ඉගෙන ගන්න ගිය රටේ ඉතා සාධනීය හොඳ ලක්ෂණ තිබ්බ. කේජිබි වගේ ආයතන වලින් ඇති කරපු ප්‍රශ්න රාශියකුත්, නිලධාරිවාදය නිසා ඇතිවුණු ප්‍රශ්න රාශියකුත් තිබ්බ . (කොමියුනිස්ට් පක්ෂයෙන් පස්සේ දොරෙන් ඉගෙන ගන්න ගිහින් ඒ ලැජ්ජාවට සහ හීනමානයට සෝවියට් දේශය ගැන ගොන් කතා කියන නරුමයෝ දෙතුන් දෙනෙක් ඉන්නව. ඒ අයගේ හීනමාන කතා මග හැරියම සත්‍යය වෙනස්)
චීනයේ ඩෙන් ෂියා, මාඕ මැරුණට පස්සේ ධනවාදී දේපල අයිතිය සහ අර්ථ ක්‍රමය පිලි ගත්තෙත් ඒ නිසා. තනි රටක සමාජවාදය ගොඩ නැගීම මාක්ස්වාදයට විරුද්ධයි. ඒක ලෝක ධනවාදයේ දියුණුව විසින් තීරණය කරන දෙයක්. අනික සමාජවාදී අදහස් මාක්ස් නෙමේ පටන් ගත්තේ. ඒවා පටන් ගත්තේ එංගලන්තයේ සහ යුරෝපයේ රටවල .
ඉතින් ඔලිවා සහ මම අපේ සංවාදයෙන් පස්සේ තිරණය කලේ කියුබාව අනිවාර්යයෙන්ම වියට්නාමයේ , ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂ ගත් තීරණය ගන්න ඕනේ . රටේ ජනතාව වෙනුවෙන් පෞද්ගලික දෙපළ අයිතිය තහවුරු කරල, පූර්ණ වෙළඳ නිදහස දීලා ධනවාදය නැවත පිහිටුවන්න ඕනේ කියල චීනය සහ වියට්නාමය කළා වගේ , කියුබාවට ගැලපෙන විධිහට.
දැන් විවේචන එනවනේ අනුරගේ ආපදා කමිටුවේ ධනපතියෝ ඉන්නව කියල. වාමාංශික විදර්ශන කන්නන්ගරටත් පොඩි අවුලක් සහ වේදනාවක් තිබ්බ වගේ දැක්ක. දැම්මට කමක් නැහැ ඒ ධනපතියෝ හරියට වැඩ කරනවනම් වගේ කතාවක් කියල තියනව . පෙරටුගාමී සමාජවාදීන් මතුරන්නෙම ලිබරල් ධනවාදය උඩ අනුර පිනුම් ගහනව කියල. අයි එම් එෆ් එකට ණයවීම ගැන බනිනවා . හැම රටක් එක්කම හොඳින් ඉඳගෙන ලිබරල් ධනවාදය කළමනාකරණය කිරීම ගැන ආණ්ඩුව විවේචනය කරනවා. මම දැක්ක ග්‍රීසියේ වරෆකිස් ඇතුළු අයත් ලිපියක් අත්සන් කරලා තියෙනවා අයිඑම්එෆ් ණය ගැනීමේ ප්‍රශ්නයක් ගැන .
ලංකාව ඉතාමත් උපායමාර්ගික වශයෙන් වැදගත් මුහුදු මාර්ගයක පිහිටා තිබෙන බහු වාර්ගික බහු ආගමික රටක්. එයට ඉන්දියාවේ විදේශ ඇමති වගේම චීන පාලනයේ තුන් වැන්නත් සතියක් ඇතුලත ලංකාවට එන්නේ නිකමට නෙමේ.
ආණ්ඩුව මේවා ඉතා හොදින් කළමනාකරණය කර ගන්නවා කියා තමා මට පේන්නේ . ආණ්ඩුව පරණ යල් පැනගිය සමාජවාදී ක්‍රම හෝ ධනවාදී උපක්‍රම භාවිතා කරන්නේ නැහැ , දේපල අයිතිය තහවුරු කරල තියනව . තවම, තවම මාධ්‍ය නිදහසට අත තියල නැහැ . නමුත් වල්බූරු නිදහසට සහ බොරු ප්‍රචාර වලට ළඟදීම පිළිතුරු දෙන්න වෙනවා . සමාජවාදී , මාක්ස් ලෙනින්වාදී කියා ගන්න පක්ෂයක් න්‍යෂ්ටියේ තිබුනට ආණ්ඩුව ඒ ප්‍රතිපත්ති මත නෙමේ ක්‍රියාත්මක වෙන්නේ . සමහරු ගමේ මෝඩයෝ කියල බැන්නට ඒ බනින එවුන්ට නොතේරුනාට , හොඳට ගම සහ නගරය අතර සම්බන්ධය හදාගෙන තියනව කියල තමා පේන්නේ. නගරය හදන්න නම් නගරය ගැන දන්නා මිනිස්සු වගේම ගම හදන්නත් ගම ගැන දන්න මිනිස්සු ඉන්න ඕනේ . ලංකාවේ ගම් වැඩියි . මිනිසුන්ගෙන් 80% ජිවත් වන්නේ ගම්වල . හිටි අඩියේ පරණ වාසනාවක් වැඩ කරල බටහිරට ඇද වැටෙන අයට නොතේරෙන කතාවක් මෙතැන තියෙන්නේ.
උතුරු කොරියාව ඒකාධිපති ඔටෝක්‍රසි එකක්. සමාජවාදී රටක් කියල නම් කරන්න බැහැ . තාත්තාගෙන් පුතාට සමාජවාදී රටවල පාලන බලය මාරු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒ වගේ මාර්ගයක් යන එකක් නෙමේ . ෂොක් තෙරපි දෙන්න යන්නේ නැතිව මේ විධිහටම අරගෙන ගියොත් මේ ආණ්ඩුවට ශ්‍රී ලංකාව ගොඩ දාන්න පුළුවන් .
ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා . එසේම ඉතා හොඳ සුබවාදී නව වසරක් වේවා .
අජිත් ධර්ම - 25/12/2025
මගේ සියාමා පොත ඉංග්‍රීසියෙන් පල කළා එංගලන්තයේ පෙගසස් සමාගම මගින් . ප්‍රධාන ඔන්ලයින් බුක්ෂොප් වලින් ගන්න පුළුවන් . ඇමසන්, බ්ලැක් වෙල්, වෝටර්ස්ටෝන්ස් හෙම., අද ඉන්දියාවේ දාල තියනව . ඉතින් සතුටුයි ඒ ගැන .
.
++++++++++++++++++++👌💐
ReplyDelete++++++++++++
Deleteසුබ නත්තලක් සහ නව වසරක්!
ReplyDeleteඑසේම වේවා
Deleteමේ හැම දේම ණයක්!
ReplyDeleteමේක මම කියවල කමෙන්ට් එකකුත් දැම්ම . මම වැරදි පොතක් අරන් තිබ්බ ඒ නමම වගේ තියෙන . එක අකුරයි වෙනස් . The Consolations of Philosophy by Alain de Botton (Author). මේ ලිපියෙන් තමා දැනගත්තේ හරි එක
Deleteහැම දෙයකම වගේ තියෙනව පැති බොහොම
ReplyDeleteහොඳම පැත්ත අරගැනුමයි අමාරුම
කොහොමින් හරි මඟක් තෝරා ගත්තාම
ඒ මඟ යා යුතුයි බාධක නොතකාම
දැනෙයි නං දිනෙක වැරදුනු බවක් හෙම
නොපමාවම කෙරිය යුතු වෙයි විමසීම
ඉන්පසු ඉවත ලා පුහුදුන් උඩඟුකම
පිළිවෙත් මාරු කෙරුමයි හරි හපන්කම!
මෙන්න මේ පද දෙක නම් හරි යෙදුම
Deleteදාන්න වටිනවා මසුරං ටික ඔහෙටම
//ඉන්පසු ඉවත ලා පුහුදුන් උඩඟුකම
පිළිවෙත් මාරු කෙරුමයි හරි හපන්කම!
ඔව් අජිත් මහත්තයෝ,
Deleteදැනගත්තත් වැරදිල බව ගොඩක් අය
පිළිගන්නට කැමති නැහැ තියෙනවනෙ බය
දිගටම ගිහිං හුරු පාරේ කලින් ගිය
කෙළවා ගනිති - ලෙසටම නැණ හීන අය
නිදි මිතුර
Deleteඑකඟය මම
එයට
https://www.youtube.com/watch?v=-wDOJiSGR8w
ReplyDeleteමේ බලන්න සුදන්තයගේ තියෙන වැඩවසම් කොමියුනිස්ට් හැදියාව
මෙයා කොමියුනිස්ට් වාදියෙක් ද නැත්ද මම දන්නේ නැහැ. ප්‍රහාරය කුරිරු නම් අසාධාරණ නම් ප්‍රතිප්‍රහාරයත් එහෙම වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
Deleteඅදත් හරවත් වගේම රසවත් ලිපියක් ලියලා. සමහර දේවල් ගැන නම් ආවට ගියාට හිතන්න බෑ ටික ගැඹුරින් කල්පනා කල යුතුයි කියලා මට හිතුනා. මොනා උනත් කියුබාව සහ ශ්‍රී ලංකාව භූගෝලීය අතින් නම් මාරම සමානයි. පස, පිපෙන මල් වර්ග, පොල් ගස් තැබිලි ගස් අඹ ගස්..... ඔබ කිව්වා හරි මිනිස්සු හරීම දුප්පත්. හැම වසරකම අපි යනවා සතියක පමණ නිවාඩුවකට කියුබාව ට . තරු 5 හෝටල් ඇතුලේ තියෙන සුකොපබෝගී ලෝකයයි ඉන් පිටත සාමාන්‍ය ලෝකයයි හරිම වෙනස්.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට විවිධ මාතෘකා ගැන ටිකක් ගැඹුරින් හිතන්න ඉඩ හදලා දෙනවාට.
බොහොම ස්තූතියි . ඒ ආගිය කතා ටිකක් ලියන්නකෝ , ඔලිවා ට්ටේනරිෆ් නතර වෙන්න ඕනෑ කමට බොරු කීවද දන්නේ නැහැනේ
Deleteජයවේවා. සුබ, ප්‍රීතිමත් නත්තලක්. නව වසරක් !
ReplyDeleteහැපි ඇනිවසරියක් වේවා 🎉😊
අම්මපා ඇත්තටම හේතු හතරක් නේ . ඩයිවර් පාර හොඳයි ඇරලා පාලන - කිව්වලු . බොහොම ස්තුතියි X
Deleteඉදිරිපත් කර ඇති කරුණු සමග එකඟවෙන්න පුළුවන් උනත් ධනය බෙදීයාමේ විෂමතාව අපේ වාගේ රටවල හරිම ඛේදජනකයි.
ReplyDeleteඒක ඇත්ත . සංවර්ධිත රටවල් අතින් ධනය බෙදී යාමේ විෂ්මත්වය වැඩිම රට ඇමෙරිකා එක්සත් ජනපදය . නොර්වේ , ඩෙන්මාර්ක් , අයිස්ලන්තය වගේ රටවල මේ විෂමතාවය හුඟක් අඩුයි
Deleteකියුබාවට නම් ගිහිල්ලා නෑ . ඒ වුනාට කියුබාව ගැන සිදුකර ඇති වාර්තාමය චිත්‍රපටිය ඕනතරම් බලල තියෙනවා.ඒවා පෙන්නන විදිහට නං කියුබාව තියෙන්නෙ අරගල කාලේ අපේ රටේ තිබ්බ තත්ත්වයට හා සමාන තත්ත්වයක්.ටැක්සි වලට තියෙන්නෙත් ආදි කාලේ ඇමරිකාවෙන් ආනයනය කරපු කාර්.
ReplyDeleteකුකුල් මස් ටිකක් ගන්නත් පෝලිමේ ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ.
සමාජවාදී ක්‍රම තවදුරටත් වලංගු නෑ කියන්න තියෙන හොඳම උදාහරණයක් කියුබාව.එහෙම තමයි මට හිතෙන්නේ
සමජාදී ක්‍රම වලංගු නැහැ නෙමේ . සමාජවාදී ක්‍රමයක් තනි රටක ගොඩ නගන්න් බැහැ කියන එක . කියුබාවේ ප්රශ්නය සමාජවාදය විතරක් නෙමේ . ඇමෙරිකාවේ සම්බාධකත් ප්‍රශ්නයක් . ඒවා අත අරින්න කියන්නකෝ ඇමෙරිකාවට . ඊට පස්සෙත් දියුණු වෙන්නේ නැතිනම් එතකොට කියන්න පුළුවන් එහෙම . සාමාන්‍යයෙන් රටක් ඒකාධිපති වෙනකොට එන ස්ථාවරත්වය නිසා ඒවා දියුණු වෙනව . සිංගප්පුරුව , රුසියාව සහ චීනය හොඳ උදාහරණ . ලිපියෙන් මම කියන්නේ ටනි රටක සමාජවාදය අනිකුත් ධනවාදී දියුණු රටවල් තියෙනකන් වෙන්නේ නැහැ කියන එක . එනිසා කියුබාව ඔය ස්ටබෝන් කම් අත අරින්න ඕනේ කියල .
Deleteලස්සන සටහනක්. ටිඩේ ගිනිකන්ද ගැනත් ටෙනිරිෆි ගැනත් කියවන්න බලන් ඉන්නවා.
ReplyDeleteගිනි කන්දේ පින්තුර තමා ඉතින් . ෆින්ලන්තය ලියල් ඉවර වෙලා ලියන්න හිතන් ඉන්නව . කව්ද කෙරෙයිද දන්නේ නැහැ .
Delete//දැන් මම මේක ලියන්නේ දැනට ලංකාව පාලනය කරන අනුර-ටිල්වින් වාදය නිවැරදි ඇයිද කියන එක ඇයි අපි වගේ අය සහය දෙන්නේ ඇයි කියල කියන්න සහ මගේ සමහර බ්ලොග් ලිපි දිහා අලුතින් බලන්න . // ලිපිය කියෙව්වහම ( මාක්ස් ගැන හෝඩියේ පංතියට ඇතුල්වුණ මටනම්) ඇතිවුනේ ප්‍රශ්න ගොඩක්. පළවෙනිම දේ තමයි අලුත්ම වචනය අනුර ටිල්වින් වාදය. ඒක මොනවගේද? ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්රකාශනයේ vision එක ඒකද ? ඒක මහින්ද චින්තනයට වඩා වෙනස්ද? රනිල්ගේ ලිබරල් වාදය වෙන්නත් බැහැ සමාජ වාදයත් නෙමෙයිද ?. මේ අවුරුද්ද තුල ඔවුන් ඒ මග යනවා කියලා පෙනෙනවද?ඊළඟට උතුරු කොරියාව , පරණ සෝවියට් දේශය , චීනය, කියුබාව, ඔය රටවල් සමාජවාදී ( හෝ කොමියුනිස්ට් , මාක්ස් මේ වචන යෙදුවේ ලෙනින්ට වඩා වෙනස් විදිහට නේද?) දර්ශනයක් අනුගමනය කරනවා නේද? ඒක එහෙම නොවෙයි නම් මාක්ස් හෝ ලෙනින් හෝ එංගල්ස් හෝ හිතපු දර්ශනය කවදාකවත් දේශපාලන දර්ශනයක් ලෙස කව්රුත්ම අනුගමනය කරලා නැද්ද. දෘඩ අධිපතිවාදය අනුගමනය කරන රටවල් වර්ග කීපයක් ඉන්නවා. ඒවායින් රාජාණ්ඩු (මැදපෙරදිග ) මිලිටරි ආණ්ඩු ,(පකිස්ථාන බුරුම ) සහ ඔය ඔබ කිව්ව සමාජවාදී නොවන එහෙත් අපි හිතාගෙන හිටිය සමාජවාදී ගොඩ.ඔය හැම එකකම පොදු ලක්ෂණය මර්ධනය, චන්ද නැහැ මාධ්‍ය නැහැ කව්රුහරි හතුරෙක් (අර රටවල් නම් ධනපති පැලැන්තිය හෝ ධනපති ආණ්ඩු ) මවලා මිනිස්සු ටික බයකරගෙන ඉන්නවා.සමාවෙන්න ඕනේ මේ දවස්වල travel mode ඉන්න හින්ද ඔය තියන ඔක්කොම link ඔස්සේ යන්න විදිහක් නැහැ.
ReplyDeleteඅනුර -ටිල්වින් වාදය මම කොයින් කරපු එකක් . ඒක කාටවත් අයිති නැහැ . ඒක මම මේ බෝග ලිපියට දාපු යෙදුමක් . ඔයා මේ ප්‍රශ්න කාන්නේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වගේනේ . දැන් ජාජබ ප්‍රතිපත්ති ප්රකාශනයේ කොහේ හරි සමජවාදී රටක හදනවා කියල ලියල් තිබ්බද ? මටනම් අහුවුනේ නැහැ එහෙම එකක් . මම දැක්කේ සමාජ ප්රජතන්ත්රවාදී ලයින් එකක් , අනුර නම් කිව්වේ ලේබල් ගහන්නේ නැතිව මේ ගමන යමු කියල . -- දැන් එතකොට ට්‍ර්ම්ප් ගේ ආණ්ඩුව මර්දනයවල් කරන්නේ නැත්ද ?
Deleteකණගාටුයි පරණ ල්න්ක් ටික දාන්න වෙනවා . නැත්නම් අවුරුදු දෙකක් ඉඳන් කියාගෙන ආපුවනේ නිහඬ පාල මහත්මයා අහන්නේ . - https://kolambagamaya.blogspot.com/2023/02/blog-post_26.html
Deletehttps://kolambagamaya.blogspot.com/2023/02/blog-post_6.html
Deletehttps://kolambagamaya.blogspot.com/2023/01/blog-post_30.html
Deletehttps://kolambagamaya.blogspot.com/2024/09/blog-post_18.html
Delete/ඔයා මේ ප්‍රශ්න කාන්නේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වගේනේ// එහෙම හිතන එකේ වරදක් නැහැ. සාමන්‍යයෙන් අලුත් න්‍යායක් එනකොට ඒක ප්‍රශ්න කරලා පිළිගන්න එක හෝ නොවන එක තමයි සිරිත. ඊටත් වඩා ආණ්ඩුවේ vision එක තේරුම් ගන්න උත්සහ කරමින් ඉන්නකොට ඔබ දීපු අදහස තවත් නිරවුල් කරගන්න ඕනේ වුනා.
Deleteඊළඟ දේ // සාමාන්‍යයෙන් රටක් ඒකාධිපති වෙනකොට එන ස්ථාවරත්වය නිසා ඒවා දියුණු වෙනව . සිංගප්පුරුව , රුසියාව සහ චීනය හොඳ උදාහරණ .// ඔබ කියන්නේ දෘඩ අධිපත්වාදී රටවල් දියුණු වීමට ඉඩක් තියනවා කියලනේ. සිංගප්පූරුව නම් මෘදු අධිපතිවාදී, මිනිස්සුන්ට ප්‍රථිපල ප්රතිලාභ නැතිනම් ආණ්ඩුව පෙරළෙනවා.උද්ගෝෂණ වැඩවර්ජන නැහැ. ප්‍රතිපත්තිමය තීරණ මත වෙච්ච අලාභ මිනිස්සු සාමූහිකව විදගන්නවා. කබ්රාල් එහේ හිටියනම් ග්‍රීක බැදුම්කර නඩුවක් නෑ. ඕනෙමනං සමස්ථ ආයෝජන වල අලාභයක් තිබ්බොත් bonus අඩුකරයි.චීනය දෘඩ අධිපතිවාදයේ මුල සිටම සිටිය රටක් . නමුත් දියුණු වුනේ ආර්ථිකය කළමනාකරණය කරලා. අද ඔවුන් දෘඩ අධිපතිවාදයෙන් මෘදු අධිපතිවාදයකට මාරු වුනත් වැටෙන්නේ නැතිවෙයි
අපි ඒකාධිපතිවියරුව පරදමු. මධ්යනිදහසට අතනොතබනු කියලා තාප්පවල ලියලා උද්ගෝෂණය කරලා කියලා තිබ්බ දේවල් වෙනස් විදිහට පෙනෙනවද.? අපේ රටේ හිටපු ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද වැනි නායකයන්ට දෘඩ අධිපතිවාදී බලතල දුන්නනම් හොඳටම රට දියුණු කරන්නේ කව්ද කියලා නිකම් හිතෙනවා.ඔවුන් වාමාංශිකයනුත් නෙමෙයි. ඉතින් මේ ආණ්ඩුවට එහෙම බලතල දෙන්න හොඳ හේතුවක් තියෙන්න ඕනේ. මට පෙන්නේ මේ ආණ්ඩුව බලය ගත්තදා ඉඳලා රාජ්‍ය පාලනය කරන හැටි ගැන තක්සේරුවක් විතරයි. ට්‍රුම්ප් සහ අමෙරුකනු ව්‍යවස්ථාව ගැන මට වඩා හොඳට ඔබ දන්නවනේ. ඔහුට කවදාවත් අධිපතිවාදයකට යන්න බැහැ .ඔව් අපි ලින්ක් ටික කියවමු. අනිවාර්යයෙන්ම හොඳ අදහස් ටිකක් ඇති.
//සාමාන්‍යයෙන් රටක් ඒකාධිපති වෙනකොට එන ස්ථාවරත්වය නිසා ඒවා දියුණු වෙනව // මේක මම කිව්වේ උදාහරණයකට මිස එහෙම අක්රන්න් කියන එකේ නෙමේ. සිංගප්පුරුව මෘදු අධිපතිවාදී කියල ඔබ කියන්නේ මොන පදනමින්ද කියල මට තේරෙන්නේ නැහැ . හොඳට හොයල බලන්න සිංගප්පුරුවේ සම්පුර්ණ මාධ්‍ය නිදහසක් නැහැ . (දැන් එංගලන්තෙත් නැහැ . අපට RT හෙම තහනම් . හොරෙන් VPN ගිහින් බලන්නේ . ) සිංගප්පුරුවේ චිනේ වගේම් දරුණු සෝෂල් මිඩියා පාලනයක් තියෙන්නේ . මම ඇත්තටම හිරු සහ දෙරණ වගේ ඒවාට කියන්නේ මේ බොරු මවන්න එපා . බොරු කියන්න එපා කියා . ඒ ගොල්ලෝ ඇත්ත කියනකම් ප්‍රශ්නයක් නැහැ . පජාත බොරු කියන එකයි ප්‍රශ්නේ . ආණ්ඩුව විවේචනය කරන් එක ප්‍රශ්නයක් නැහැ . ඒවා සාධාරණ නම් . දැන් ඔයා ප්‍රතිපත්ත මතනේ විවේචනය කරන්නේ . ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ .
Deleteමේ මම මගේ ෆේස්බුක් එකේ දැම්ම පෝස්ට් එකක් : මම දැක්ක, ඒ කාලෙ යන්තන් ලංකාවේ කලබලයක් ආවොත් ලන්ඩන් දුවල ආපු අය වගේම LTTE තර්ජන නිසාත් ලන්ඩනයේ හිටි අය 'හිරු ' එකේ මාධ්‍ය නිදහස ගැන වැඩ වෙන්ව . ඒ දවස් වල ඒ ගොල්ලන්ගේ ප්‍රධාන තර්කයක් තමයි කොටි මාධ්‍ය බොරු කියනව කියන එක .
Deleteඊලඟ රැඩිකල් සෙට් එක්ක හිටිය ඕනෑම ප්‍රශ්නෙකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට , දුවන් ආපු අය , පැමිණිලි කරන්න.
මොකද ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ නේ .
දැන් අපි බලමු බ්‍රිතාන්‍ය රජය 'බොරු ' කියනවා කියල ඒ ගොල්ල කියන රුපවාහිනී නාලිකාවට මොකද කලේ කියල ආර්ටී කියන ඉංග්‍රීසියෙන් පවත්වාගෙන යන රුසියන් චැනල් එක තහනම් කරල තියෙන්නේ මේ රටේ . ඒ වගේම ස්පුට්නික් නිව්ස් ඒජන්සි එකත් තහනම්. බොරු ප්රවෘත්ති කියනව කියල . එතකොට යුරෝපයේ . යුරෝපයත් තහනම් කරලා තියෙන්නේ . මාධ්‍ය නිදහස අදාල කරගෙන නැහැ නේද ?
අපි ඒ වෙබ් අඩවි වලට යන්නේ වෙනම ඉන්ටනෙට් බ්‍රව්සර් කොම්පියුටර් වල දාල වීපීඑන් හරහා ආසියාවේ ඉන්න විධිහට .
තව කවුද කාල් මාක්ස් ක්වොට් කරලා තියනව දැක්ක , මාක්ස් සහ ප්ලේහනොව් ලා, ලෙනින් ලා , ජෝන් ස්ටුවර්ට් ලා , අම්බෙඩ්කාර් ලා සටන් කලේ ඇත්ත කියන්න මාධ්‍ය නිදහස ඉල්ලල . මේ අය සටන් කරන්නේ බොරු කියන්න මාධ්‍ය නිදහස ඉල්ලලා . මාධ්‍ය වල ප්‍රධාන වගකීම ඇත්ත කීම මිස බොරු කීම නෙමේ .
බොරු කියන මාධ්‍ය වල ලයිසන්ස් අඩුම ගානේ මාස කිහිපයකට හරි තහනම් කරන්න නීති හදන්න ඕනේ . මාධ්‍ය සදාචාරයක් දන්නේ නැති එවුන්ට මාධ්‍ය නිදහසක් මොකටද?
සිංගප්පූරුවේ ප්‍රධාන ධාරාවේ සීමාකිරීම් තියන බව ඇත්තයි. නමුත් ඩිජිටල් ලෝකයේ චීනයට වඩා බොහෝ නිදහස්. කිසිවක් block කරලා නැහැ. වැරදි නිවුස් එකක් පලවුනොත් ආණ්ඩුව විසින් POFMA යන නීතිය යටතේ correction ලින්ක් එකක් පලකරනවා. මේවට අනුගත වෙන්නේ නැතිනම් ඔවුන් block කරන එක කරනවා. සියලු සමාජ මාධ්‍ය මොනිටර් කරනවා හැබැයි චීනය උතුරු කොරියාව වගේ තහනම් නැහැ.මේ මොනිටර් කිරීම දැන් ලෝකයේ හැම රටකම සිදුවෙනවා. ( radical කරණයට ලක්වෙන ආගමික ත්රස්තයන් අල්ලන්නේ එහෙම. මහමොලකාරයෙක් හොයන්න ජනතා මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ).
Deleteමට ඔබ කියන දේ වැටහෙනවා. ව්‍යාජ තොරතුරු පැතිරවීම නැවැත්විය යුතුයි. එයට එකඟයි. නමුත් කාරණය සරල නැහැ. මේක සද්භාවයෙන් කෙරෙන්නේ නැතිනම් කෙලවරවෙන්නේ මර්ධනයකින්. තමුන්ට විරුද්ධ කාරණා වලදී වගේම විපක්ෂයට එරෙහිව නගන සහ නගන ලද චෝදනාවලට සාධාරණයක් වියයුතුයි. ප්‍රධාන මාධ්‍ය පමණක් නෙමෙයි කැත කුණු සුදා පන්නයේ සමාජ මාධ්‍යත් නියාමනයකට ලක් කලයුතුයි. මේ මතවාද හිරු දෙරණ සමග විපක්ෂයට පක්ෂ සමාජ මාධ්‍ය විතරක් ඉලක්ක වෙන එකයි ගැටළුව. මාධ්‍ය සදාචාරය ආණ්ඩුවට පක්ෂ මාධ්‍ය වලට උගන්වලම වැඩට බැස්සොත් අන්න නියම ආණ්ඩුව.එතකොට අපිත් මාලිමාවට කියලා profile picture එකක් ආඩම්බරයෙන් දාගන්න පුළුවනි. ඔබට සුබ නවවසරක් !
ඉතින් දැන් මේ මාලිමා ආණ්ඩුව සිංගප්පුරුව තරම්වත් මර්දනයක් කරන්නේ නැහැනේ . විපක්ෂය බනින්නේ හරියට උතුරු කොරිය්ව වගේ කියල . හැබැයි ඒ බාන්න ගමන් අර ගංජා කේස් වගේ බොරු පජාත වැඩ කරනවා . ඒවා මාධ්‍ය වල යනවා . මම කියන්නේ මේ ආණ්ඩුව සින්ගප්පුරුව තරම් මර්දනයකට යන්න ඕනේ නැහැ . පොඩි කනේ පහරවල් දෙකක් ගහන්න කියල විතරයි . ඒක හරි ගියේ නැත්නම් ඊළඟ පියවරට ගිය හැකි . මමනම් ඔය සුදාලා තියා සේපලල ගේ ඒවත් බලන්නේ නැහැ , ඒවා නියාමනය කරන්න් නීති තියනව කරන්නේ නැති කමයි වැරැද්ද . අනික සුදා අර පිටිදුව ට බනින්නේ පිටිදුව බල්ලෝ කියල කතා විධිහ්ටා අන්දුව්වේ අයට බැනපු නිසා කියල මම හිතන්නේ . එයා එකට එක කරන්නේ . ආණ්ඩුවට තියෙන්නේ මාධ්‍ය නීති හැරියට් ක්‍රියාත්මක කරන්න . එතකොට සුදා ලත් නවතී
Delete// ප්‍රතිපත්තිමය තීරණ මත වෙච්ච අලාභ මිනිස්සු සාමූහිකව විදගන්නවා. කබ්රාල් එහේ හිටියනම් ග්‍රීක බැදුම්කර නඩුවක් නෑ// දැන් අපි මෙහෙම ගමුකො. ඔයාට අතේ සල්ලි නැහැ . රස්සාව කරලා පඩි අරන් ඒත් මදි. ඔයා ගිහින් අස්ස රේස් දානවා. සමර දවස් වල හම්බ වෙනවා ගනක්. සමහර දවස් වල පරදිනවා. ගෙදර ගෑනි බනිනව. ළමයින්ට කන්න නැහැ , ඇඳුම් නැහැ. පාසැල් උපකරණ නැහැ. උඹ රේස් දානවා කියා. මිනිහ තර්ක කරනවා ඉතින් මම සමහාර වෙලාවට දිනනවනේ කියල. - දැන් මම ක්‍රිප්ටෝ කරන්සි අර ගත්ත. නථුඉවුන. ආයි ටිකක් ගත්ත. එකට ටිකක් හොන්ඩ අමුදලක් තියනව. නමුත් මගේ අතේ මුදල් නොතිබුනානම් මම ක්‍රිප්ටෝ කරන්සි ගන්නවද . නැහැ. ඊට වඩා වැදගත් වැඩ ට්යන්ව කරන්න. ක්‍රෙඩිට් කාඩ් එකේ නය ගෙවන්න හෙම. -කබ්රාල් කරපු වැඩේ ජෝර්ජ් සෝරෝස් කළා නම් හරි. නැත්නම් වොරන් බෆට් කල නම්ප්රහ්න්යක් නැහැ, ග්‍රීසිය වගේ වැටෙන රටවල් වල බැදුම්කර ගන්න පුළුවන් රිස්ක් එකක් එක්ක. ඒ ගොල්ලන්ට සල්ලි තියෙනව ඒ වගේ රිස්ක් එකක් ගන්න. ආර්ථිකය දුර්වල වෙච්ච රටක් එහෙම කරනවා කියන්නේ අර රේස් දාන මිනිහ වගේ. ඒ දුප්පත් මිනිසුන්ට කරන් අසදහරනයක්. ඒ අසාධාරණයට තමයි නඩුව දාන්නේ . ඊට වැඩිය කල්පනා නොකළ වරදට. අනික ඔයා හරියට හෙව්වොත් සිංගප්පුරුවේ ඒ වගේ ආර්ථික නඩු දල තියනවා. හොයල දාන්න වෙලාවක් නැහැ.
Delete// අද කියුබාව අන්තිම දරුණු තත්වෙක ඉන්නේ.// අප්පට සිරි කිව්වලු. එච්චර අඩියටම වැටිලද. කොවිඩ් එන්නතකුත් උන්දලාම හදාගත්තත් නෙ?.
ReplyDeleteහුම්: මොනාවුනත් රටේ ජහමනයා තමයි දේසපාලුවන්ගෙ වැඩ වලට අන්තිමට වන්දි ගෙවන්නෙ!
කියුබාවේ වෛද්‍ය සේවා හුඟක් හොඳයි . ඒ රිසර්ච් හෙම හොඳට කෙරෙනවා . හම්බවෙන සල්ලි ඔක්කොම ඒවාට වියදම් කරනවා . සෝවියට් දේශයත් එක්තරා ප්‍රමානයකට ඔකම් කළා . සමනය මිනිසුන් ගේ දෛනික ජීවිතය එතරම් වැදගත් නැහැ . යන ගෝල් එක වඩා වැදගත් කියල . ඒක එහෙම වුනේ නැහැනේ . සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්න ඕනේ
Delete" අනුර - ටිල්වින් වාදය" 😂😂😂. ඔය වාදය තමයි මුසාවාදයෙ හොඳම එක.
ReplyDeleteමුසාවාද මොනවාද කියලා එකින් එක ලියාගෙන යන්න ඇනෝ . අපට එතජෝට විශ්ලේෂණය කරලා උත්තර දෙන්න පුළුවන් . නිකන් ගංජා කේස් දාන්න එපා .
Deletehttps://www.jstor.org/stable/166174
ReplyDeleteyou have to have account to read this
Deleteමේකේ ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරමු නේද?
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
වැඩි කළා . සුබ නව වසරක් වේවා
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteස්තූතියි . ඔබටත් ඔබේ පවුලටත් වාසනාවන්ත නිරෝගිමත් නව වසරක් වේවා
Deleteලස්සන විස්තරයක්. පොතට සුබ පැතුම් අයියේ!! සුබ නව වසරක්!
ReplyDeleteස්තූතියි නංගි . ඔබටත් සුබ නව වසරක් .
Deletehttps://www.colombowire.com/2026/01/political.html
ReplyDeletehttps://www.colombowire.com/2026/01/political_32.html
ReplyDeleteකාලෙකින් බ්ලොග් බලන්න ආවේ ..සුබ නව වසරක් වේවා ! කියුබාවට යන්න ආසාවක් ඉස්සර ඉඳල තියෙනවා .. අපේ තාත්තා කස්ත්‍රෝ , චේ ගැන ඉස්සර කියනවා මතකයි .. ඒ මිනිස්සු ඒ කාලෙට වැදගත් උනාට මේ කාලෙත් අල්ලන් ඉන්නවා කියන්නේ නම් අලි මෝඩ කමක් ..
ReplyDeleteමට මාලිමාව ගැන තිබ්බ සැකයත් ඔවුන් තුල කාවැදී තියෙන ජෙප්පන්ගේ ලක්ෂණ යලි මතුවෙයි කියල .. මම ලංකාවේ දේශපාලනය ගැන දැන් නම් කිසිම උනන්දුවක් නැහැ .. කවදාවත් එච්චර උනන්දුවක් තිබුනෙත් නැහැ දේශපාලනේට .. නමුත් දැනට ලංකාව හොඳ පැත්තට යනවා කියල හිතෙනවා .. හැබැයි තවම පුර්ණ මාලිමාවෙක් වෙන්න තරම් පැහැදීමක් නම් නැහැ
ජෙප්පෝ කියන්නේ නරක මිනිස්සු නෙමෙයි . ඔවුන්ට අවශ්‍ය රට හදන්න , ඒකේ අවශ්‍යතාවය අනිත් අයට වඩා වැඩියි . ඒ නිසාම ගත් ක්‍රියාමාර්ග වල ප්‍රහන් තිබෙනවා . නමත් මාලිමාව හදලම ඔවුන් ඔප්පු කළා වෙනස් මාර්ගයක යාමට සූදානම් බව . අමතක කරන්න එපා ඔවුන් මුලදීත් ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ හිටියේ . අනික් පක්ෂ වර්ජනය කරද්දී ජේ ආර් ගේ දිස්ත්‍රික් සවර්ධන් සභා ඡන්දෙට ඔවුන් විතරයි ඉදිරිපත් වුනේ . ඒ කාලේ ඔවුන් තහනම් කිරීමෙන් කලේ වැරැද්දක් . මම හිතන්නේ ලංකාවේ ජනතාවට ඒකට නිවැරදි පිළිතුර දුන්න කියල . දැන් එයාලගේ අතේ තියෙන්නේ නව ක්‍රමයකට රට ගෙනියන්න .
Deleteරුසියානු අධිරාජ්‍යවාදය ඔබට ප්‍රශ්නයක් නම් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ප්‍රශ්නයක් නොවන්නේද ? https://www.theguardian.com/world/2026/jan/03/putin-russia-us-foreign-policy-venezuela
ReplyDeleteA Revolution is Coming! - Jimmy Carr
Deleteහොඳ වීඩියෝ එකක්
Delete