Thursday 9 October 2014

ඕන් ඉන්නවෝ ඕන් නැතෝ කුමාර්

මම පුංචි කාලයේ මගේ ආදරණිය පියා මා නින්දට යනතුරු කිවූ කතාවක් තවම මතකය.  එක්තරා ගොවියෙක් තම කිව්වා නාහන පුතා ගොවිපල ලඟම තිබෙන වතුර පාර සැර  දොලකට තල්ලු කලේ "යන අහක පල කියාය." පීනන්ට බැරි පුතා දොළ පාරෙන් වතුර පාරට වැටී "මාව බේරා ගනියෝ " කෑ ගසමින් පාවී යන විට තව ගොවියෙක් බේර ගත්තා. අරගෙන ගොවි ගෙදරට අරන් ගියා. කොල්ලගෙන නම ඇහුවම පොර  කිවේ "ගියෝ" කියල. ගොවි බිරිඳටත් සතුටුයි. දිග දෙන වයසේ දුවෙකුත් ඉන්නවනේ කියල. කොල්ල ගොවි බිරිඳට කිව්වේ පොරගේ  නම "ඉන්නවෝ ". ගොවි දියණිය ටත් මාර ජොලි. වේලි වේලි හිටිය මට කොල්ලෙක් ගෙදරටම ගෙනත් දුන්න කියල  දෙය්යන්ට පානකුත් පත්තු කරලා.  කෙල්ලට අපේ පොර නම කිව්වේ "ආවෝ" කියල.
මාස කීපයකට පස්සේ මේ කිව්වා නාහන කොල්ලට එක තැන ඉන්න එක අරහන්. පොර ගොවියගේ බෝට්ටුවත් අරන් පැනල යනවා. තුන් දෙනාම දැන් කොල්ල හොයනවා.
ගොවි තාත්ත කෑ ගහනවා "ගියෝ " "ගියෝ " කියල. කෙල්ලයි අම්මයි දුවගෙන ඇවිල්ල කොල්ල ඉන්න වද කියල බලල ගොවියට බනිනවා " අපි දන්නවනේ යකෝ මිනිහෝ කොල්ල ගිහින් කියල". ඊළඟට ගොවි බිරිඳ කෑ  ගහනව "ඉන්නවෝ" "ඉන්නවෝ "කියල. අනිත් එවුන් දෙන්න දුවල  ඇවිත් බලල ගොවි බිරිඳ ට බනිනවා "කෝ ඉන්නවා කිව්වේ. ඔහෙට පිස්සුද අරකද මේකද " කියල.
ඊළඟට ගොවි කෙල්ල හොයනවා කොල්ලව. " ආවෝ " ආවෝ" රත්තරනේ කිය කිය". ගොවියයි බිරිඳයි ඒක ඇවිල්ල දුවගෙන ඇවිත් බලපුවම කවුරුත් නෑ. දෙන්නම අල්ලල තඩි බානවා කෙල්ලට.

දැන් මේ කථාව ඔළුවට ආවේ මේ කුමාර් මහත්තය හෙවත් කුමාර් ගුණරත්නම් නමැති පෙසපේ නායකයා ගැන පලවෙන නිව්ස් දැකල.

ඔන්න අද එනවලු කටුනායකට. ඔන්න හෙට එනවලු බෝට්ටුවකින් යාපනේට. අන්න ගිය පාර හැංගිලා ගියාට ගියේ නෑලු. දැන් ඉන්නේ ඉන්දියවෙලු. ඕවගේ කතා.
තව කවුද කිව්වා එයා ලංකාවෙන් ගියේම නෑලු. වෙන කාටද ඕස්ට්‍රේලියන් පොත විකුණලා හොඳ ගාණක් අරගෙන ලංකාවේම  ඉන්නවලු. සමහර පක්ෂේ කස්ටියත් දන්නේ නැතිලු.
කවුරුහරි හොයන්න එනකොට "මේක ගුනේ අයියාගේ බජව් දාන කාමරේ " කියන සින්දුව හයියෙන් දානවලු. එන කට්ටියට ඇහෙන්න.

කුමාර් ගුණරත්නම් බලාගෙන ගියාම ක්වන්ටම් අංශුවක් වගේනේ. මේ ඉන්නවා . මේ නෑ. මොන ඩයමෙන්ෂන් එකේ ඉන්නවද කියලා හොයා ගන්නත් බැහැ.

දැන් අනුර කුමාර බැලුවොත් , හොයා ගන්න හරිම ලේසියි. එක්කො පුටුවක කැරකි කැරකි සම්මුඛ සාකච්චාවක් දෙනවා. එක්කෝ මේං එංගලන්තේ ඉන්නවා. ඊට පස්සේ කටාර් වල කැරකෙනවා. පත්තරයක් බැලුවොත් ඉන්නවා බැබලි බැබලි.

දීප්ති කුමාර බැලුවොත් ඔය ගල්කිස්ස රත්මලාන පැත්තේ බැලුවොත් ඉන්නවා ඇති. නැත්නම් හේගල් සම්මන්ත්‍රණයක් පැත්තට , සිනමා, පොත් විචාරයක් කරන තැනකට ගියොත් හොයා ගන්නත් පුළුවන් මන් හිතන්නේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට ඇවිත් ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් ඉස්සෙල්ලම බ්ලාස් වෙන්නේ මහා ආචාරි  නිර්මාල් ගේ සාධාරණ සමාජයක් ව්‍යාපරේට යි සෝභිත හාමුදුරු මහත්තැන් ටයි. .  ඊට පස්සේ අනුර කුමාර ඉල්ලන්න ඉන්නවනම් එයාට දෙන්න හිතන් ඉන්න පෙසපේ චන්ද ටික හැලෙනවා. කට්ටිය එකතුවෙලා ඉල්ලුවත් ඒත් චන්ද ටිකක්‌  කැඩෙනවා.

ඒ කියන්නේ ඔය කොච්චර කිව්වත් කුමාර් ව ලංකාවට ගෙන්නන්න කාටහරි ඕනේ ඇති. එහෙම නැත්නම් ශික් මේ ජවිපෙ ගුණ්ඩු ගිලල එලෙව්වේ අපරාදේ කියල හිතෙනවා ඇති.

හොයා ගන්න එක තමා ප්‍රශ්නේ.

"ආවෝ " "ගියෝ" ඉන්නවෝ "





10 comments:

  1. ලන්ඩන් වල ස්ට්‍රිටි අර්ටිස්ට් කෙනෙක් ඉන්නව. මිනිහ මහ රෑ ගිහින් පොදු ස්ථාන වල චිත්‍ර ඇදල අතුරුදහන් වෙනව. කවුරුවත් දන්නෙ නෑ මේ චිත්‍ර කාගේද කියල. සමහරු කියනව මේවා bunksy කියල කෙනෙක්ගේ කියල එහෙත් මිනිහ ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේ චිත්‍රවල කිසිම කලාත්මක වටිනාකමක් නැතත් පසුගියදා එම චිත්‍රයක් පවුම් 40,000 කට මිල නියම උනා. මිනිස්සු මේවා දිවිහිමියෙන් රකිනව. ඒ තමයි HIDDEN FACTOR එක.

    මේක හරි බලවත් TREND එකක්. විජේවීර හැංගිලා ඉන්නකොට JVP එක සමාජයේ ජනමතයේ මැද හිටිය. අංකුර දේශපාලනයේ දෙනකොට බීජය පොලව යට හංගන්න ඕනි. එතකොට අංකුර විතරයි එලියට එන්නේ. එතකොට බීජය එක්ක තියන කුතුහලයෙ සුළගට ජහමනයගේ (මහජනයාගේ) ඉහමොළ රත්වෙනවා.

    දන හෝ නොදැන, කවුරුහරි plan කරලා හරි ඉබේටම හරි පෙසප වටේ දැන් hidden factor එක වැඩ කරනව. ලංකාවේ සමහර මිනිස්සුන්ට කුමාර් මහත්තයව දැන් හීනෙන් පෙනෙනවා. මීඩියා මාර්කට් එක මේ දවස්වල කුමර්ව උඩ දානව. හැමෝම කලබල වෙලා. පෙසපේ අන්කුරත් මේ කලබල අස්සේ ඉන්නව.

    කුමාර් මහත්තයට කියන්න තියෙන්නේ ජනාධිපතිවරණය කියන්නේ event එකක් විතරයි. එකෙන් රට පෙරළන් ඩ බෑ. හැබැයි HIDDEN FACTOR එක ඊට වඩා ප්‍රබලයි. මීඩියා මාර්කට් එකේ ලනු කන්නේ නැතුව පොලව යට hidden factor එක ඇතුලෙම ඉන්න.

    ReplyDelete
    Replies
    1. ට්‍රෙන්ඩ් සෙටර් (trendsetter) කියන්නේ ඕකට නේද සරද? කුතුහලය කියන්නේ අමුතු දෙයක්. :)

      Delete
  2. මාරු උපමා කතාව , හැබැයි කුමාර් ගුණරත්නම් ගෙන්නලා එක කතාවයි කරවන්න ඕන, අර සෝමවංශ මහත්තයා ඇවිත් පලවෙනි කතාව කරාම ජ.වී.පෙ.ට වෙච්ච දේ තමා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙයි කියල සුවර්ම නෑ. සංවිධායක ගොල්ල සෝමවංශ ගේ කතාව නවත්ත ගන්න බැරුව හිටිය කියා තම දන්නේ. හේ හේ

      Delete
  3. නොපෙනී ඉන්න කුමාර් ප්‍රබලයි. ඒ කුතුහලයෙන් වැඩක් ගන්න පුළුවන්. සෝමවංශ එංගලන්තයේ ඉන්නකොට වීරයෙක් වෙලා ඉදල ලංකාවට ආවම තොත්ත බබෙක් උනා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ එලියට ඇවිත් කුතුහලය නැතිවෙච්ච් ගමන් දුබල වෙලා නොපෙනී යනවා කියන එකද?

      Delete
  4. සමහරු හැංගිල ඉන්න තරමට ප්‍රබලයි.සෝමවංශ මේ වෙනකම් හැංගිල හිටියනම් ඔහු ගැන තියෙන්නෙ ලොකු ප්‍රතිරූපයක්.එළියට ආපු හැටියෙ වෙන්නෙ මහ නස්පැත්තියක්.ඕක ප්‍රභාකරන්ටත් වුනා.ප්‍රභා මාධ්‍ය සාකච්ඡාවට ආවෙ තැතිගත් කෙනෙක් වගෙ.
    කුමාර් කොහොම වෙයිද දන්නෙ නෑ.ඒත් ඉදිරිපත් වෙන එක හොඳයි තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න පුළුවන්නෙ

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මතය ඉදිරිපත් කලොත් සෝමවංශ කියයිද දන්නේ නැහැ "එහෙම එකක් දන්නෙත් නෑ , දැක්කෙත් නෑ " කියල.

      Delete
  5. . ඔය නොයෙල් මුදලිගේ ඡන්දෙට එනවා කියන එක තමයි මේ සියවසේ ලොකුම විහිළුව. ලංකාවට එනකොට කුමාර් ගුනරත්නම්. පිටවෙන කොට නොයෙල් මුදලිගේ. මේක නම් ආස්චර්යම තමයි බං.

    ReplyDelete
  6. ඔබට ආශ්චර්යක්ම වේවා . හේ හේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .