Sunday 18 November 2018

මේ අපූරු සති කිහිපයට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ස්තූතියි

ඕස්ට්රේලියාවේ, එංගලන්තේ , ඇමෙරිකාවේ, යුරෝපයේ වගේ බටහිර නොවන කුණු රටවල ඉන්න පොහොට්ටු කාරයෝ බටහිරට විරුද්ධව යුධ ප්‍රකාශ   කොරල බඩුමුට්ටු පොදි ගහන් "තොපේ තානාපතිවරුත් එපා තොපේ වීසාත් එපා" කියල මහින්ද මහත්තයට සහයෝගය දෙන්න අපහු එනවලු හාන්දුරුවනේ. 

ඒ අස්සේ යුඇන්පී කාරයෝ ජනතා විමුක්ති පෙරමුණේ එව්වන්ගේ පෝස්ට් ෂෙයාර් කරනවා හාන්දුරුවනේ බුකියේ . මේවා  කපේට වුන දේවල්ද අපි දුටු දේවල්ද?

ජවිපෙ ඈයෝ 1982 ප්‍රජාතන්ත්‍රවාදය  අකුලපු "උතුමාණන් " ගේ බෑණ ට ඒක ලබා දෙන්න නිරන්තර සටනේ හාන්දුරුවනේ.

රටේ වාමාංශය ට අවුරුදු 30-40 සටන් කරලත් IMF එක යවා ගන්න බැරිවුනා , ජේ ආර් සිරිසේන එක සති දෙකින් වැඩේ කලා හාන්දුරුවනේ . 

අපි බය නැහැ. මහින්ද මහත්තය කොහොමත් චීනෙන් හරි තෙලුයි කෑමයි ගෙනත් දෙයි ඔය IMF ඕනෙම නෑ හාන්දුරුවනේ, බටහිරත් එපා, ජාත්‍යන්තරෙත්  එපා රාවණා යුගයට ගෙන යනවා හාන්දුරුවනේ අපේ ලංකාව.

++++++++++++++++
මේ සති දෙක තුනට වුන දේවල් දැකල ගේ හිත මොකක්ද වුණා. සති තුනකටත් වඩා මාව හිනැස්සු ශ්‍රී  ලංකික දේශපාලකයන්ට  මගේ හද පිරි මෙව්වා එක.
ආයි අද  මොනවා වෙන්නද ? තවත් නාඩගමක් ඇර 

46 comments:

  1. අජිත් ධර්මකිර්ති ඔබ ලංකාවේ පුරවැසියෙක්ද ? ඔහේ ලංකාවේ පුරවැසිභාවය නැවත මුදල් දී ලබාගත්තේ කවදා ද? එය ලබාගත්තත් අවසන් වරට චන්දයක් පාවිච්චිකර පාලකයින් තෝරන්න සහහාගිවුයේ කවර චන්දයේ දීද

    එසේ නොවන්නේනම් ලංකාවේ මහජන බදුමුදල් වලින් පිනට ඉගෙන තම පුද්ගලික වාසි තකා පොමි යන්ගේ පුරවැසියෙක් ලෙස කටයුතු කර ලාංකීය දේශපාලනය හරි හෝ වැරදි ගැන කතා කිරීමට ලිවීමට ඔබට සදාචාර අයිතියක් තිබෙනවද ?

    කියක් හෝ හොයාගන්න සිංහලෙන් පොතක් දෙකක් බ්ලොගක් ලීවා කියන ඔබ ,අප ඔබව දකින්නේ මොකක් වශුයෙන් කියා සිතනවාද

    පවුම් සොච්චමක් ලංකාවට එවූ පලියට ලාංකීය ජනතාව ජීවත්වෙන්නේ අප එවන සොච්චමෙන් බව කට මෑත දොඩවන්නේ නැතිව හැකි ඉක්මනින් අප රටින් තොලොන්චි වෙලා යනවාද
    අපේ රටේ ඇතිවී ඇති ඕනෑම අවුලක් ලාංකීය සර්වජනචන්දය හිමි සහ පාවිච්චි කරන ජනතාවගේ කැමැත්තට ඉඩ දී විසඳා ගැනීමට ඉඩදී , ලක් වැසියන්ට බක තපස් අනුසාසනා නොකර

    ඔබ නැවත ලංකාවට සංචාරයකට හෝ නැවත නොපමිනියා කියා හෝ ඔය පවුම් සොච්චම නොඑවා සිටියා කියා කිසිම ලන්කිකක් ඔබ වැන්නවුන් ළඟ දනින් වැටි සිටින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. වහල් මල්ලි දැන් ඔහේ ඔය කතාවම ඇමරිකන් වැසි ගෝඨාභය, බැසිල්, ආදීන්ටත් කියනවද? එහෙමත් නැත්නං පිටරට ඉඳන් ලංකාවේ දේශපාලනයට සල්ලි එවන ජවිපෙ සාමාජිකයන්ට (එංගලන්තය, ජපානය, ඉතාලිය, යුරෝපය) කියනවද ? පෙරටුගාමී සමාජවාදී පාක්ෂිකයන්ට කියනවද? හෑ කියන්නේ එන්නේ අපි වගේ එවුන්ට විතරද? නිකන් පලයන් බං යන්න. ලාංකීය දේශපාලනය විතරක් නෙමේ ඕන රටක ඕන දෙයක් ගැන ලියන්න මට අයිතිය තියනවා. වැඩේ කියන්නේ ඔහේ මහන්සි වෙලා ලියපු නිසා මම මේක පළ කරනවා. නැත්නම් ඒකත් නැහැ. .
      //එසේ නොවන්නේනම් ලංකාවේ මහජන බදුමුදල් වලින් පිනට ඉගෙන// මම එහෙම කලේ 12 පන්තිය වෙනකන් විතරයි. ඒවාට හරියන්න මම ඕනෑතරම් ගෙවල තියෙන්නේ. හැබැයි මේවා ලියන්නෙත් ඒ වගේ බදු මුදල් ගෙවන ජනතාව වෙනුවෙන්, තොපි වගේ දුෂිත එවුන් ආරක්ෂා කරන පඩත්තල වහලුන්ව එලවලම දාන්න

      Delete
    2. ලාංකීය දේශපාලනය විතරක් නෙමේ ඕන රටක ඕන දෙයක් ගැන ලියන්න මට අයිතිය තියනවා....
      ඉතින් ලියන්න නමුත් මතක තියාගන්න ඔබ පරගතියෙක් බව
      ඔබට මෙව්ව් පල කළා හෝ නොකලා කියා අපද නොලියා සිටින්නේ නැත අවම වශයෙන් මේ ලියන දේ ඔබ කියවනවා බව අප ඉඳුරාම දනිමු

      Delete
    3. මෙතැනම තව කතාවකුත් තියනවා හැබැයි. අපි මෙහෙම ගෝඨාභය, බැසිල් උදාහරණයකට ගත්තට දැන් මේ වහන්සේ කියන විධිහට ඇත්තටම අපි මොකටද එන්නේ කියල ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ලංකාවේ තවම යුද්ධය තියනවා නේද

      Delete
    4. ගෝඨාභය, බැසිල් ....ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ලංකාවේ තවම යුද්ධය තියනවා නේද .....////

      අනේ මෙහෙම අඳ බාලයෙක් ද අජිත් ධර්මකීර්ති කියන්නේ.

      දැන් එදෙන්නා ද ඔය යුද්දය සම්පුර්ණයෙන් කලේ රණවිරුවන්ට ගරහන්න එපා ඔය දෙන්නාම අවසන් සටන්බිමට පය තැබුවද අවම වශයෙන් නාදුනන සොල්දාදුවගේ මොරාල් එක වැඩිකරන්න. උන කාලයක් යුද්දය විකුනම් කෑවා ඊට පස්සේ ලේකකයො යුද්ධයේ පොස් මොටෝන් එක කරන ගමන් එකවිකුනන් කනවා පරගැතික් වශයෙන් ඔබත් එහොද්දෙන් යමක් බෙදා ගන්න උත්සාහය. අතාරින්න එපා

      මෙහෙව් ලෝකයයක් ??????? සුරනිමල

      Delete
    5. හේ හේ සම්පුර්නයෙන්ම හා හා
      /දැන් එදෙන්නා ද ඔය යුද්දය සම්පුර්ණයෙන් කලේ රණවිරුවන්ට ගරහන්න එපා // ඈ බං අපිද කියන්නේ එහෙම . නොදකින් ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපනා කියලවත් තේරෙන්නේ නැති එවුන් හා හා

      Delete
    6. ඒ දෙන්න එන්නේ නැතිව හිටියනම් ලංකාවේ තවම යුද්ධය තියනවා නේද //// මුලින්ම දැන් මෙහෙම ලිව්වේ මමද නැත්නම් පරගැති ඔබද ඔබ ඉන් අදහස් කලේ ඔවුන් ආව නැතිනම් උද්දේ දින්නේ නෑ කියලනේ
      යුද්දේ විකුනම් කන්න හදාගෙන මේවා ගැන ලියන්නේ අපද පරගැති ඔබද

      Delete
    7. වහල්ගැති , ඔහේගේ තර්කය ඔහෙට විරුද්ධව පාවිච්චි කරල තියෙන්නේ. ඒකට තමා ඔය වහල් තුමාගේ (හෙවත් ඌරාගේ පිටේ ඌර තියල කපනවා කියන්නේ) මම පරගැතිය නම් ඒ උන්නාන්සෙලත් පරගැතියෝ. ඊට අමතරව ඔහේ ලොකුවට උඩ දාන යුද්ධේ ඔගොල්ලමනේ කියන්නේ වුනේ නැහැ කියල මෙයාල නැත්නම් :)

      Delete
    8. යුද්දයේදී නාදුනන සෙබලා එය අවසන් කළා . කොහෙවත් සිටි ලේකකයා අවසන් කල යුද්දය විකුනම් කනවා පරගැති උන් එයට අලගු තබනවා. හෙට පෞය අද බණ කිව්වලු

      Delete
    9. දශක තිහකට වඩා දිග ඇදුනු ඒ යුද්ධයෙන් පීඩා විඳි නාඳුනන දෙමළා, සිහළා හා මුසොල්මානුවා ද සිහි කරමු නේද ඇනෝ.

      Delete
  2. Super Ajith. First para is my favourite.

    ReplyDelete
  3. අර ජිජැක් සුපිරි කතාවක් කියන්නේ එක තැනක,සුද්දන්ගේ විශ්වාසයක් තියෙනවලු අශ්ව ලාඩමක්ගෙදරක එළියේ ගහලා තිබ්බොත් අදෘශ්‍යමාන අයහපත් බලවේග වලින් ආරක්ෂාව ලැබෙනවා කියලා , හරියට අපේ අර පුහුල් එල්ලනවා වෙස් මුණු එල්ලනවා වගේ සීන් එකක් , ඉතින් විද්‍යාඥයෙක් ( මතක විදිහට කොන්ටම් විද්‍යාවට ප්‍රසිද්ධ උන කෙනෙක් නම මතක නෑ ) තමන්ගේ ගෙදර අශ්ව ලාඩමක් ගහගෙන ඉන්නවා දැකපු කෙනෙක් පොරගෙන් ඇහුවලු තමුනුත් මේ මනස්ගාත මිත්‍යා දේවල් විශ්වාස කරනවද විද්‍යාඥයෙක් වෙලත් කියලා ,එතකොට විද්‍යාඥයා උත්තර දෙනවලු "පිස්සුද මම ඕවා විශ්වාස කරන් නෑ ,හැබැයි ඕක විශ්වාස කරත් නොකරත් ප්‍රතිපලේ හම්බෙනවලු " කියලා ,ලංකාවේ පොලිටික්ස් මේ වගේ මිනිස්සු මොන සමාජ මට්ටමේ උනත් ,මොන අධ්‍යාපන මට්ටමේ උනත් කියන්නේ එක දෙයක් ඇත්තටම විශ්වාස කරන්නේ තව දෙයක්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය ,සමාජ සාධාරණත්වය, නිතිය ,දෙවියෝ ,බුදුදහම මේ කිසිම දේක අර්ථයක් නෑ ඒවා මෙහෙ අහෝසි වෙලා තියෙන්නේ, ඔක්කොම වචන සෙට් එකක් විතරයි

    ReplyDelete
    Replies
    1. කතාව සම්බන්ධ නීල්ස් බෝර් ට. බුදු දහම ගැන ලියපු හොඳ බ්ලොග් එකක් හම්බ වුණා . අපාය ගැන එහෙම තියන ඒවා එපමණ ගණන් නොගත්තොත් අනිත් අදහස් හොඳයි
      http://sovanmarga.blogspot.com/2015/09/blog-post.html

      Delete
    2. බුදු දහම ගැන මගේ තියෙන අදහස නම් මේ අද තියෙන දේවල් වලින් බාගයක් වත් බුදු හාමුදුරුවෝ දේශනා නොකළ බහු බූත බවත් සාහිත්‍ය කාරයෝ රජවරු ,සහ බඩගෝස්තරවාදී පුජකවරු විසින් විකුර්ති කරපු එකක් තමයි අද තියෙන්නේ ,දැන් කවුරුත් මේකට නැට්ට උස්සගෙන එන්න එපා අපේ පරම පිවිතුරු එකට එනම් මනම් කිව්වා කියලා ,මේක මගේ පෞද්ගලික අදහස

      Delete
    3. බුදු දහම ගැන මගේ තියෙන අදහස නම් මේ අද තියෙන දේවල් වලින් බාගයක් වත් බුදු හාමුදුරුවෝ දේශනා නොකළ බහු බූත බවත් සාහිත්‍ය කාරයෝ රජවරු ,සහ බඩගෝස්තරවාදී පුජකවරු විසින් විකුර්ති කරපු එකක් තමයි අද තියෙන්නේ....

      සාසනය හැර ගිය හිරලුවෙක් ෆැන්ටසි බුදුදහම නැවත වදාළයි සාදු කියන්න පිංවත

      Delete
  4. 1) SL politics is a family business, people still looking for Premadasa, Dissanayaka, Senanayaka, B'nayake, R'paksa etc.

    2) I have no idea why MR walk into this trap without having the majority (he is in a face saving exercise now) MR 'lihanna thibuna malla obala beluwa) damage is done.

    3) Sirisena inadvertently given a lifeline for Ranil, he is more popular than ever without any substance to his credit. Getting rid of Ranil is difficult than ever (you must find and watch Ranil's speech about getting John Keells share price down by cancelling Casino license) so much for helping the economy.

    4) Sajith has no back-born to stand up to 'Nayaka Thuma' and sit in the hot seat (in fact no one in UNP). My father told R. Premadasa walked out of UNP when he was not treated well (I don't know the full story)

    5. People will still vote and send the same set of people in next election. People have no choice, see what happened when people voted Sirisena (the one term President) thinking he will be our Lee Kuwan Yew.

    6. Due to all of the above, I jumped ship after 17 years of decorated military career (Salute)

    ReplyDelete
  5. තමන්ට නඩුවක් වැටිලා තියෙනවා නම් හරි වැටෙන්න නියමිත නම් හරි ඕන කෙනෙක් කරන්නේ නඩුව නොවැටීමට පුළුවන් දෙයක් කරන්න බලන එක. එක්කෝ සමාදානෙය එනවා . නැත්නම් පොලිසියට අල්ලස් දීල නඩුව පරක්කු කරවනවා. නීතිපති ලඟ ලිපිගොනුව තියෙනවා නම් ඒතනට පුළුවන් බලපෑමක් කරල ලිපිගොනුව තියාගෙන ඉන්න සලස්වනවා නඩු නැතිව( උදා රවි කරුණානායක විදේශ විනිමය නඩුව). කෙහොම හරිනඩුව අහන්න පටන්ගත්තොත් සාක්කි පරස්පර කරන්න බලනවා. පුළුවන් තරම් කල් දාගන්න බලනවා.
    ඉතිං මේවා බොහෝ දේවලට දේශපාලන බලය තියෙනවා නම් ඉතාම ලේසියි. දැන් මම කියනදේ තේරුම් ගන්න පාට කන්නාඩි නැතුව පුළුවන්වෙන්න ඕන.

    ReplyDelete
  6. සිරිසේන ජනාධිපති, එලෙස අමතන ලෙස ඔහු කිවේ ජනාධිපති කමේ වැඩ බාර ගනිද්දීමය, උතුමාණන් ,තුමාණන් වැනි නම්බු නාම අනවශ්‍ය බව එතුමා කිවේය , බාගදා තමන් අනාගතයේ හැසිරෙන්න යන විදිහ අනුව තමන් පෞද්ගලිකව ගරු කටයතු කෙනෙකු නොවන බවත්, ජාන්ධිපති තනතුරේ අභිමානයටත් තමා විසින් කෙලින බව එතුමා දැනගන කිව්වා මෙන් කලින්ම තමන්ට ගරු කොරන්න එපා කියා කිවා වාගේය කොහොම උනත් එතුමා හරිය අද එතුමාට හෝ එතුමාගේ තනතුරට කිසිවෙක් තුට්ටුවක් සලකන්නේ නැත
    සිරිසේන කරපු වැඩේ බොහොම සරලය ,එතුමා සරල ජනාධිපති යයි කලින්ම කිවේය, ලක්ෂ හට දෙකක් එතුමාට චන්දෙ දුන්නේ මහින්දට විරුද්ධවය දැන් මහින්දට විරුද්දව චන්දෙ ගත්ත එකා මහින්දව නැවත බලයට ගෙනවිත් ඇත ,මහින්දට විරුද්දව ලැබුන ජනවරමක් ඇති ජනපතිට එලෙස සිදු කිරීම ,ලැජ්ජා නැති වැඩක් ,අසමත්ජාති වැඩක් ,ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩක් , නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීමක් ,වගේ කොයි හැටියකට හෝ ඔය ක්‍රියාව වර්ග කල හැක , හැබැයි එතුමා කරේ සරලම සරල වැඩක්ය කොයිතරම් සරලද කිව්වොත් පොඩි එව්වෝ සෙල්ලම් කරන තරම් සරලය,සෙල්ලම් කරන පොඩි එව්වෝ හිටී හැටියේ යහළුවන් එක්ක තරහා වෙයි තරහා වී මෙසේ කියයි "තලාම තලහයි ඔයා එක්ක ආයේ මම සෙල්ලම් කරන නෑ ,ඇත්තමයි ඔයා ආයේ තෙල්ලම් කරන්න ආවොත් මම එක දවසක් වත් තෙල්ලම් කරන්න එන්නේ නෑ" වගේ දෙබස් කියයි ,අපේ ජනාධිපති කර වැඩේ ඒ තරම් සරලය, හැබැයි එතුමාගේ වරදක් නැත තමන් සරල ජනාධිපති බව එතුමා කියා ඇත, දැන් එතුමාට හිටී ගමන් රට ගැන ආදරයක් පහල වෙලා වගේ ගොන් කතා නම් කියන්න එපා මෙතන කවුරුවත්, එතුමා අපිට පොරොන්දු වූ විදිහට සරල ,සිල්ලර වැඩ කරමින් ඇත, උදෑසන අවදි වී රාත්‍රී දහයට නින්දට යන තුරු එතුමා කරන සරල දේවල් ගැන පරල වෙන්නේ අපිය
    මේ දිනවල පක්ෂ මෙන්ම දේශප්‍රේමය දේශද්‍රෝහී බව මාරු වෙන්නේ පුදුම වේගයකින්ය , අරන්තලාවේ බික්ෂුන් මරා දැමූ ,සමාවෙන්න කදු අරගෙන ගොස් අපවත් කෙරු කරුණා අම්මාන් දේශප්‍රේමියෙකි, දෙමළ සන්දානය දැනට කොටිය කියන්න බෑ හෙට අනිද්දා මහින්ද සමග එකතු උනොත් උන් හොඳ කෝටි වේ , බදුර්දීන්ගේ තත්වයත් එලෙසය ඔහුට දේශප්‍රේමියෙක් වීමට අවශ්‍ය නම් කිරීමට ඇත්තේ මහින්ද සමග එකතු වීමය
    මට තියෙන දුක නම් වාසු ,විමල් ,දිනේෂ් ගැනය ජිවිත කාලෙම (සිගිරි යන්නෙත් නැතුව ) සමාජවාදය ගොඩ නගන්න වෙහෙස විය දැන් විමල් ට කල් තිබ්බත් අනිත් දෙදෙනා මේ නහින දෙහින කාලේ දහදිය කඳුළු හෙලන්නේ සිංහල බෞද්ධයා ,දෙමළාගෙන් සහ තම්බියාගෙන රැක ගැනීමටය ,බලහන්කො ඉතින් පුදුම වෙහෙසක්නේ වෙන්නේ ,පව් අප්පා නින්ද යනවවත්ද දන්නේ නෑ රෑට සිංහල ජාතිය ගැනම විස්සෝප වෙලා

    ReplyDelete
  7. //මට තියෙන දුක නම් වාසු ,විමල් ,දිනේෂ් ගැනය ජිවිත කාලෙම (සිගිරි යන්නෙත් නැතුව ) සමාජවාදය ගොඩ නගන්න වෙහෙස විය දැන් විමල් ට කල් තිබ්බත් අනිත් දෙදෙනා මේ නහින දෙහින කාලේ දහදිය කඳුළු හෙලන්නේ සිංහල බෞද්ධයා ,දෙමළාගෙන් සහ තම්බියාගෙන රැක ගැනීමටය ,// ඔන්න කෙරුවාව

    ReplyDelete
  8. දෙමළාගෙන් සහ තම්බියාගෙන රැක ගැනීමටය .... මේ වැදගතෙක් තමරටේ අනන්‍ය ජාතිකයන් අමතන අකාරය එලසම පරගැතියෙක් ඊට උල්පන්දන් දෙන ආකාරය මනරංජන

    ReplyDelete
    Replies
    1. ඔයා අමතන්නේ මොනවා කියලද ..සිංහල මිනිහට සිංහලයා කිව්වම අපහාස වෙන්නේ නැත්තම්,දෙමළ මිනිහට දෙමළා කිව්වම අපහාස වෙන්නේ කොහොමද? තම්බියා කියන එක නම් මගේ වැරැද්ද මම ඔය ලිව්වේ සාමාන්‍යයෙන් මේ දවස් වල දේශප්‍රේමින් මුස්ලිම් මිනිස්සුන්ව අමතන විදිහ ශිෂ්ට කරලා ඇත්තටම කියන්නේ හම්බයා ,දැන් ඔය උගත් ඇනෝ මහත්තයා උදාහරණ අහන්න එපා කෝ කෝ කියලා නිව්ස් ෆස්ට් බ්‍රේකින් නිව්ස් යනකොට එකේ කමෙන්ට් ටික කියවන්නකෝ මහින්දවාදී දේශප්‍රේමින් කොහොමද මුස්ලිම් මිනිහට අමතන්නේ කියලා ඔයාට බලාගත්ත හැකි

      Delete
    2. ඔය ඇනෝ වගේ කනකොට කබරගොයත් තලගොයා වෙන්නේ බයි ගෝත්‍රිකයන්ට බව පොදු පිළි ගැනීම. හෙටනිද්ද බදුර්දීන් මහින්ද මහත්තයට එකතුවුනහම විල්පත්තුවේ ගස් වැවෙන්න පටන් ගත්ත කියල මුන්දල කියන්න ගනීවි. එහෙව් මානසික රෝග කාරයෝ

      Delete
    3. තම්බියා කියන එක නම් මගේ වැරැද්ද ..... ඔව් එය වරදක් තමයි එකවත් පිළිගන්න බැරිනම් කවර කතාද ....ඔබ සංවරව ලියන්න. එය ඔබ වැදු මවුට කරන ඇගයීමක් වශයෙන්

      Delete
    4. හෙටනිද්ද බදුර්දීන් මහින්ද මහත්තයට එකතුවුනහම..... විල්පත්තුවේ ගස් වැවෙන්න පටන් ගත්ත කියල .....

      එතකොට ඔය ගස් කැපුනේ විල්පත්ත්වේ වනයේ පමණද එතකොට දෙනියායේ සිංහරාජ අඩවියේ පොළොන්නරුවේ ගිරිතලේ රක්ෂිතයේ ගස් කැපුනෙම නැද්ද ?

      ලාංකීය දේශයේ ජිවත්වන ලංකිකයින් වශයෙන් සෑමවිටම වන විනාශය අප හෙලා දකින්නෙමු. නැතුව ජාතිවාදීව යම් පාර්ශයක් පමණක් පෙන්වා ජාතිවාදී ගිනි අවුලවන්නේ නැතිව "කනකොට කබරගොයත් තලගොයා වගේ" කරගන්නේ අපද අජිත් ධර්මකිර්තිද??

      Delete
    5. ඇනෝ මහත්තයා සිරිසේන ව්‍යවස්ථාව කියවනවා වගේ මම ලියපු එකේ එක පේලියක් අරගෙන කියවන්න එපා සමස්තය කියවන්න ඔබම මතු කර අදහසට මම අහපු ප්‍රශ්නයට ඔබ උත්තර දීලා නෑ ,සිංහල මිනිහා සිංහලයා ලෙස හැඳින්වීම අභිමානයක් නම් දෙමළ මිනිහා දෙමළා යනුවෙන් හැඳින්වීම අපහාසයක් වරදක් වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් තේරුම් කරන්න

      "ඔබ සංවරව ලියන්න. එය ඔබ වැදු මවුට කරන ඇගයීමක් වශයෙන්"
      මෙන්න මේ වාක්‍යයෙන් ඔබ ඇනෝ හිටියත් මොන වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්

      Delete
    6. සිංහල මිනිහා සිංහලයා ලෙස හැඳින්වීම අභිමානයක් නම් දෙමළ මිනිහා දෙමළා එකේ අවුලක් නැ මුස්ලිම් ආගම අදහන ජනයා තම්බියා කියා අමතන්න ඔබතුමාට මෑණියන්ද කියාදුන්නේ කියා පහදන්න ලෝකයා මොනවා කිවත් කලත් තමන් වැදගත්ව භාෂාව හසුරවන්න පුරුදුවන්න

      තමන්ට කියා බ්ලොගක් අටවගන්න අනුගේ පිලේ ලෑග හඳට උඩු බුරන්නේ නැතිව

      Delete
    7. මුස්ලිම් ආගම අදහන ජනයා - මුසොල්මානුවා
      //තමන්ට කියා බ්ලොගක් අටවගන්න අනුගේ පිලේ ලෑග හඳට උඩු බුරන්නේ නැතිව//මේ ඇනෝල අර මහින්ද්වාදී රොත්ත වගේම තමයි. ඇත්තම කිවොත් මහින්ද මහත්තය හොඳයි මෙවුන්ට වැඩිය. ජාතිවාදය හෙම ගානට පවිච්හි කරන්න දනනවා. නමුත් ජාතිවාදී නැහැ. බොරුවට බටහිරට එකට බැන්නට මුන්ව අවුසන්න, අල්ල ගන්න ඒ ගොල්ලත් ගානට ශේප් කරගන්න දන්නවා. අනුන්ට කියන්නේ උඹත් කරපංකෝ මේ වෙන එවුන්ගේ බ්ලොග් වල බුරන්නේ හේ හේ අනුන්ගේ පිල් වල ලැගගෙන උන් බ්ලොග් ලියන එක නවත්වන්න හදන කකුළුවෝ

      Delete
    8. නෙයින තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට ,නෙයිනගේ සුදුවේ එන මේ ගීතය අහලා ඇතිනේ, එතකොට මේ අපහාස කරලද ? ඔය වචන දෙකම ආපු විදිහක් තියෙනවා ඉතිහාසය ඇතුලේ, සවිස්තරව ලියන්න පුළුවන් එත් තේරුමක් නැති දේවල් වලට ඩේටා කපා ගන්න මම කැමති නෑ, මට උපදෙස් දෙන මහත්මයාගේ විනීත ,විධග්ග ,වැදගත් බාෂා හැසිරවීම දැකලා මමත් හිතා ගත්තා මිට පස්සේ ඔබ තුමා වගේ බාශාව හසුරුවන්න,කොහෙවත් ඉන්න මෑණියන්ව එහෙම ඇදලා අරගෙන,බ්ලොග් එකක් අටවා ගන්න නම් ආසයි ,වෙලාවක් නෑ, ඒ නිසා තරහා අවසර ඇනෝ ප්ලීස්

      Delete
    9. ඩේටා කපාගෙන බ්ලොග් ලියන්න ඕනෙනම් එක හරියට කරන්න. අතීතයේ ඔය ගීතය ගයනකොට සමහර විට ඔබ ඉපදිලාවත් නැතිව ඇති. අතීතයයි වාර්තමානයයි සමාජයේ කතා කරන බාවිතා කරන භාෂා විලාසයයි අනුව කියලා මිනිසුන්ට පහත් ලෙස නොසලකා ලියන්න එයයි පොදු සමාජයේ එකඟතාවය

      කොහොමද සිංහල ජනයා අතර තවමත් පෙර අතීතයේ පරිදි කුලවාදය මෙකලත් තදින් තිබුනානම් එලෙස ඔබත් යම් කුලකින් පිඩාවට පත්වුවානම් ඔබේ හඬ බෝල් නේද

      බ්ලොග් එකක් අටවා ගන්න නම් ආසයි ,වෙලාවක් නෑ...සමහර නැට්ටුවොත් පොලව ඇදයි කියලා කියනවනේ.....
      කොහොම හරි කාටහරි කියාලා හරිඔය බ්ලොගක් අටවගන්න එතකොට තමන් මෙලස ලිවීමෙන් කොපමන ජනප්‍රිය පුද්ගලයෙක්ද වග තමාටම දැනගන්න පුළුවන් කොහෙවත් ඉන්න මෑණියන්ට එය ආඩම්බරයක් වේවි

      Delete
  9. මහින්ද මහතාගේ චීන සහයෝගය ගැන විවේචනය කරනා අජිත් ධර්ම මහතාට අන්ත දක්ෂිණාංශික ධනපති අගමැතිගේ යුරෝපිය,ඇමරිකානු මිත්‍රත්වය ගැන පෙනෙන්නේ නැත. නැතිනම් වාසිය තකා එය යටපත් කරනවා විය හැකියි.

    අජිත් ධර්ම මහතා විටෙක සමාජවාදියෙකු ලෙස පෙනී සිටියි. ධනපති රටක සිටිමින්, ධනපති ජිවිතයක් ගෙනියන එතුමා සමාජවාදය වෙනුවෙන් කතාකරයි. ඒ උනාට චීන සමාජවාදී රජය අජිත් ධර්ම මහතාට පේන්නට බැරිය. එතුමාට මුලික උපාධිය ලබාදුන් සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි.

    එතුමාගේ ඇත්තේ දෙබිඩි ප්‍රතිපත්තියකි. නැතිනම් ප්‍රතිපත්තියක් නැතිකම එතුමාගේ ප්‍රතිපත්තියදෝ කියා අපට සිතේ.

    අජිත් ධර්ම මහතා චීනයට විරුද්ධය, සෝවියට් රුසියාවට විරුද්ධය, සෑම දෙයකටම විරුද්ධය.

    ඒ මදිවාට ඔහු සමරිසියන් කෙරෙහි පවා අපුලක් දක්වන්නෙකි.

    අජිත් ධර්ම මහතා ඔබගේ ප්‍රතිපත්තිය කුමක්ද කියා ඇත්තෙන්ම අපට තේරෙන්නේ නැත. ඔබ පතන්නේ කුමන ආර්ථික, දේශපාලනික, සමාජීය, ආධ්‍යාත්මික මොඩලයක්ද?

    ReplyDelete
    Replies
    1. // ඒ උනාට චීන සමාජවාදී රජය අජිත් ධර්ම මහතාට පේන්නට බැරිය.// මිනිසුන්ව අල්ලලා හිර කරලා උන්ගෙන් බලෙන් වැඩ ගන්න සමාජවාදය
      //එතුමාට මුලික උපාධිය ලබාදුන් සෝවියට් සංගමය නයාට අඳුකොළ මෙනි. // උඹ බන් මේ එකම කොමෙන්ට් එක හැමදාම දාන කොට එපාවෙනවා. සෝවියට් සංගමය කියන්නේ අපි තවමත් ආදරේ කරන රටක්. නැත්නම් ලියයිද ? හැබැයි ඒක කෑවේත් උඹලගේ වගේ උන්ම තමා. දුෂණය, ඥාති සංග්‍රහය. ඌරන් අනිත් සත්තුන්ට වඩා සමානය කියල ඇදහීම

      Delete
    2. ආධ්‍යාත්මික මොඩලයක්ද ? -මම හොඳ බෞද්ධ, සීක් , හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්, පගන් අදේවවාදියෙක්

      Delete
    3. පරගතිඅජිත් ධර්ම වන්න වුන් හට කුමන ආර්ථික, දේශපාලනික, සමාජීය, ආධ්‍යාත්මික මොඩලයක්ද?
      මෙවන් ප්‍රශ්න ඇසීමෙන් මොහුට පුලුවන්ද ඒවාට හර්ද සාක්ෂිය අනුව උත්තර දෙන්න

      Delete
  10. පටු අදහස් නම්
    පවුරින් දේශය
    කැබලි වලට නොබෙදී
    ඥාණය නිවහල්වී

    මහින්ද සමගින්
    වික්‍රමසිංහද
    එක සිරගෙයි
    තනිවී

    මහජන දේපල
    අවභාවිතයට
    කූරු ගනින හැටි
    බලන්න හැකි වේදෝ

    එහෙව් නිදහසේ
    ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය
    අවදි කරනු මැන
    පියාණනේ!

    ReplyDelete
  11. අජිත් මහත්මයා ලංකාවට අපු වෙලේ පිදුරංගල ගිහින් අහවල් එකක පෙන්නලා ෆොටොගහලා බ්ලොග් දාලා අපි මෙහෙමටුරට වෙනුවෙන් කියලා හිට් වේන්නකෝ ඔච්චරම ලංකාවේ දේශපානයට පජාත වෙන්න ඕනෙ නම්

    ReplyDelete
  12. බහුතර මැටි මෝල් බයි ප්‍රජාවගේ (විරසංගිලි පනික්කියාගේ දෘෂ්ටිවාදය අනුව හිතන ) කටේ තියෙන්නේ බටහිර විරෝධී ස්වදේශීය ප්‍රේමයෙන් ,උද්දාමයෙන් ඔද වැදුණු වීර කතා ,ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ ,ඇමරිකාව ,ජර්මනිය ප්‍රමුඛ බටහිර රටවල් වලට ඕනි විදිහට අපි ජිවත් වෙන්නේ නෑ ,අපේ රටට ඇත දාන්න එපා වගේ ලොරි ටෝක් ,බටහිර ප්‍රමුඛ විදේශීය රටවල් වලින් ආනයනය කරන සියලු දේ නැවත්තුවොත් ,කොළ අතු ටිකක් ඇඳගෙන කැලේට රිංගලා වල් අලයක් කාගෙන තමයි ඉන්න වෙන්නේ , ඇයි වදේ ඉදිකට්ටේ යටඇඳුමේ ඉඳලා සබ්බ සකලමනාවම පිටරටින් ගෙන්නන රටක ඉඳගෙන ,අය වැය පරතරය පියවන්නත් කොහේ හරි රටකින් හිඟා කන රටක ඉඳන් දෙන ලොරි ටෝක් ,දෙදාස් පන්සියේ පුරාජේරුව නම් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අඩුවයසින් ඉපදුනුවිට මන්ද මානසිකත්වයක් බොහෝ විට එවැන්නන් හට ඇතිවන බව මනාවට පැහැදිලි කරන බව මේ කොමන්ට් එකෙන් පැහැදිලිවෙනවා

      Delete
    2. අනේ අම්මෝ ඔබ තුමාගේ ප්‍රබුද්ධ කොමෙන්ට් එක දැකලා මාව කලන්තේ දාලා වැටෙන්න ගියා,මගේ කකුල් දෙකත් ගැහෙනවා

      Delete
    3. ඔබට සතුටුද දැන් ...... මෙවැනි පල්හැලි ලියන ඔබ වැදු දෙමව්පියන් උපහාරයක්ම වේවා ජයෙන් ජයම වේවා කල් ඇත්නම් තවත් මෙවන් එකෙක් ලොවට බිහිකරන්න වාසනාවන්ත වේවා

      Delete
    4. ඔබට සතුටුද දැන් ...... මෙවැනි පල්හැලි ලියන ඔබ වැදු දෙමව්පියන්ට උපහාරයක්ම වේවා ජයෙන් ජයම වේවා. කල් ඇත්නම් තවත් මෙවන් එකෙක් ලොවට බිහිකරන්න වාසනාවන්ත වේවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .