Sunday 5 April 2020

මිනිසුන් ස්ව කැමැත්තෙන් නිරෝධායනයට යොමු වෙනවද?

දැන් මගේ බ්ලොගයේ ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ අද වන විට කොරෝනා රෝගීන් 220 ත් 400 අතර සිටිය යුතුය. නමුත් සොයා ගෙන ඇත්තේ 177කි. මා කිව්වේ අප්‍රේල් 8 වන විට 1700 ක් වනු ඇති කියාය.  (එක්කෝ රජය සඟවනවා විය යුතුය. නැතිනම් ආසාදිතයන් සැඟවී සිටිනවා විය යුතුය. )
 මා ලීවේ මෙසේය. //ප්‍රතිජනන  අගය R0 =1.5 ලෙස ගනිමු. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අවම අගයයි. එහිදී අප්‍රේල් 2 හා 4 අතර අගයන් වන්නේ 220 සිට 400 කි. අප්‍රියෙල් 8 වනවිට මුළු ආසාදිතයන් ගණන වන්නේ 1700 කි.  
//
මිනිසුන් (විශේෂයෙන් ඉතාලියෙන් පැමිණි අය ) නිරෝධායනයට එන්නේ නැත්තේ ඔවුන් රෝගය ගැන සැක කරන අය සමග එකට දමා තිබීමක් විය හැකි නිසා යයි වෙනෙකෙකු ගේ පෝස්ට් එකක සති දෙකකට කලින් ලීවෙමි. එම තැනැත්තියත් මිතුරනුත් (මා දන්නා අයෙකුත්) ඉතා නරක විධිහට සැරෙන් ප්‍රතිචාර දුනි. එනිසාම එම දෙදෙනා මිතුරු ලැයිස්තුවෙනුත් ඉවත් කලෙමි. මා ලීවේ වෙනතකින් ලැබුණු ආරංචියක් පමණි. මේවා සන්සුන්ව සංවාද කර විසඳා ගතයුතු දේ මිස ෆේස්බුක් මිම් දමමින් හෝ අවන්ඥාසහගත ලෙස පහර ගසින් විසඳිය යුතු ඒවා නොවේ.
දැන් මේ පින්තූරයෙන් පෙනෙන්නේ අසාදිත යැයි සැක කරන, නොකරන සියල්ල එකට දමා මදුරු දැල් වලින් පමණක් කවර් කර තිබෙන තැනකි. එනයින් බලන කල නිරෝගීව හිටි අයෙකුට පසුව රෝගය වැළඳී අවසන් ගමන් ගිය බවක් පෙනේ. එසේ නැත්නම් මේ පින්තුරය වටහා ගන්නේ කෙසේද? මට බැණ වැදුණු අය කීවේ එය එසේ නොවන බවයි. එසේ නම් ඒ බව රූපවාහිනී මගින් හෝ පෙන්වා දිය යුතුය.
දැන් පැහැදිලි වන්නේ මිනිසුන් බයට නොපැමිණ සැඟවී සිටින බවයි.

මේ නිරෝගිව හිටි ඉතාලියෙන් පැමිණි සහෝදරයා ට රෝගය සෑදී මිය ගියා නම් සුවය ලැබීයයි කියා නිවෙස් වලට පිටත් කල අයද නැවත රැගෙන විත් පරික්ෂා කලොත් නරකද? හේතුව නම් ඇතැම් ප්‍රභේදයක රෝග ලක්ෂණ මතු වෙන්නේ දින 14න් යයිද තවත් ප්‍රභේදයක දින 49 කින් යයිද කියති. වෙන වෙනම පොඩි කුටි වැනි දේ කර්ටන් වලින් හෝ හමුදා රෙදි වලින් සෑදිය හැකිය.

මගේ අදහස නම් මේ කියන 177 සංඛ්‍යාවට වඩා වැඩි හරියක් රෝගය වැළඳී නිහඬව සිටින බවයි. ඉතාලියෙන් පමණක් නොව, ඉන්දියාවේ සිට පැමිණි අයද ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි අයද මේ සංඛ්‍යාව තුල තවමත් නිදැල්ලේ සිටිති.

මේ භය කරන්නට ලියන් දෙයක් නොවේ. ඔලුවෙන් කල්පනා කර බලා කටයුතු කරන අවස්ථාවකි මෙය. . සන්සුන් සංවාදයකට විවෘතය. විශේෂයෙන් මගේ මිතුරු වෛද්‍යවරුන් ගේ අදහස් ද අගයමි.

ෆේස්බුක් එකේ අපේ යාළුවන්ද කතා කරන්නේ මරා ගන්නට මෙනි. කල යුතුව තිබෙන්නේ බැණ වැදීම , ෆේස්බුක් විරුවන්ගේ මීම් හැදීම නොව කරුණාවන්තව ඉවසීමෙන් කරුණු පහදා දී මේ අයව රෝහල් වලට ගෙන යාමය . එසේ එන්නේ නැතිනම් නිත්‍යානුකුලව අත් අඩංගුවට ගැනීමය. ෆේස්බුක් එකෙන් බැන්නා කියා මුකුත් වෙන්නේ නැත. ඉන් වෙන්නේ ඔවුන් තවත් සැඟවී සිටීම පමණි.

මේ මගේ බ්ලොගයට කලින් ලැබුණු ප්‍රතිචාරයකි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ මෙන් රෝගය වැළඳුනා යයි සැක කරන අය රෝහල් වලින් භාර ගන්නේ නැති බවක් පෙනී යන්නේ නැතිද? 
/අද මම ගියා කොරෝනා රෝගීන් ඇතුලත් කරගන්න ආන්ඩුවේ ඉස්පිරිතාලෙකට . දවස් හතරක් උන සහ කැස්ස. මම කිව්වා කොරෝනා ටෙස්ට් එක කරගන්න ආවේ කියලා. OPD දොස්තර මහත්තයා මගේ විස්තර අහලා " මේකයි' ඔයා high risk කැටගරියක නෑ. අපි ලේ බලමු කියලා Full blood count එකක් කලා. ඒක බලලා සාමාන්‍ය වෛරස් එකක් වගේ කියලා බේත් දුන්නා. හොඳ උනේ නැත්නම් ආයේ එන්නලු.මට තියෙන මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕන ද ? ඇයි මාව ටෙස්ට් නොකලේ ? සීමිත පහසුකම් නිසාවත් ද ?
//
මේ ඇත්තේ සති  තුනකට කලින් ඉතාලියෙන් පැමිණි අය නිරෝධායනයට නොපැමිණීම ගැන  මම ෆේස්බුක් හි දැමූ කොමෙන්ටුවකි.

//ඇත්තටම මේ දකුණු කොරියාවේ , ඉතාලියේ ඉන්න අයට  ඔලුව හොඳ නැත්ද ලංකාවට යන්නේ ආපහු. එකක් ලංකාවේ ඉන්න ඒ මිනිස්සුන්ට ලෙඩේ  හැදෙනවා. එදා වේල හොයා ගන්න වැඩ කරන මිනිහෙකුට කොච්චර  අමාරු වෙනවද  එක  එක ආයතන වහන්න ගත්තම? ඒ මිනිස්සු සල්ලි හොයා ගන්නේ කොහොමද? ඔයාල  ඉඳල යයි අපහු ඉතාලියට , කොරියාවට, අර මිනිසුන්ගේ නේ ජොබ් නැති වෙන්නේ , මැරෙන්නේ .  අනික තමන්ගේම පවුල් වලට අයට වුනත් හැදෙයි නේද? හුඟක් මිනිස්සු ආත්මාර්ථකාමීයි. හැමෝම තමන්ගේ ජිවිතයට ආදරෙයි නේ. ඔය ඉන්න තැනකට වෙලා ගෙදර දොර හරි ඉන්න  කාමරේ හරි වහගෙන ඉන්නවාල. ඉතාලියේ නම් ගෙදරටම කෑම බඩු ත් ගෙනත් දෙනවලු අසනීප නම්.  //

දැන් එදා වේල සොයා ගන්නට බැරිව බඩගින්නේ මැරෙන අය ගැන සිතිය යුතු වන්නේ ඇඳිරි නීතිය  දින නියමයක් නැතිව දමා ඇති නිසාය. 

7 comments:

  1. මගේ පියාට කලක් තිස්සේ පවතින අසනීපයකට බෙහෙත් ගන්න කොළඹ ඇති රජයේ ප්‍රධාන රෝහලකට ගියා. එහිදී පියා පැවසුවා ඔහුටත් ටිකක් උගුර බැරැන්ඩි ගතියක් තියෙනවා කියලා. එවිට පියාව පරික්ෂා කෙරු විශේෂඥය වෛද්‍යවරයා කිව්වා එහෙනම් ඕක කාටවත් කියන්න එපා, ඔයාවත් කොරෝනා වාට්ටුවට දායි කියලා.


    අනික තමයි ලංකාවේ කොරෝනා රෝගීන් බවට තහවුරු කරගැනීම සදහා දිනකට පරීක්ෂණ සිදු කරන්නේ බොහෝ අඩු ප්‍රමානයක්. උපරිම 1000 ක් වත් සිදුවන්නේ නැහැ. එහිදීත් බොහෝ විට දිනකට රෝගීන් අවම 10 ක් වත් වාර්තා වනවා. 1 % ක් රෝගීන්.

    අනික තමයි ඇඳිරි නිතිය නිසා නිවෙස් වල කොටුව සිටින ජනතාවට මෙම රෝගය තියෙනවද කියලා ඒ අය දන්නේ නැහැ. මාධ්‍ය වලින් කොවිඩ් රෝගීන් වැරදිකාරයන් ලෙස පෙන්වන නිසා කොවිඩ් රෝග ලක්ෂණ තිබෙනා අයත් ඒ බව පවුලේ අයටත් පවසන්නේ නැහැ.

    මෙලෙස දින ගනන් ඇඳිරි නිතිය දමා තැබීමෙන් රජය බලාපොරොත්තු වන දේ පැහැදිලි නැහැ. මගේ තක්සේරුව අනුව රට පුර තහවුරු නොවුණු කොවිඩ් රෝගීන් 500 කට කිට්ටු ප්‍රමාණයක් අද දින වන විට සිටිනා බවයි.

    ReplyDelete
    Replies
    1. රජය විසින් කොවිඩ් 19 රෝගීන් තහවුරු කරගැනීමමේ පරීක්ෂණ 1500 ක් පමණ දිනකට කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවේ. එනමුත් අද දින වන විටත් කොවිඩ් 19 පරීක්ෂණ දිනකට කරන්නේ 300 කට අඩු සංක්‍යාවකි. ඒ ගැන GMOA ප්‍රකාශක වරයා සහතික කරන ලදී.

      එසේම අද දිනද රෝගීන් 10 ක් තහවුරුව ඇත. ඒ අනුව පරීක්ෂණ 300 ක් කලත් 10 දෙනෙකු රෝගීන් බව තහවුරුය. ඒ කියන්නේ 3% ක පමණ ප්‍රමාණයකි.

      ඒ අනුව අද දිනය වනවිට පරීක්ෂණ මගින් තහවුරු කර නොගත් කොවිඩ් 19 රෝගීන් 1300 ක් පමණ දෙනා ලංකාවේ සිටි.

      Delete
    2. දැන් ශ්‍රී ලංකාවේ අසාදිත තත්වය 191 මරණ 7 , නමුත් සෞඛ්‍ය ඇමතිනිය කියනවා අප්‍රේල් 19 වනවිට ඔක්කොම ඉවරයි කියල. ඔබ එය විශ්වාස කරනවද?

      Delete
  2. දිනකට කොරෝනා ටෙස්ට් 750 ක් කරන්න පුළුවන්. කරන්නේ 250. ඇයි මේ?

    අහන්නේ GMOA එකේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහත්තයා. උත්තරේ දන්න අය ඉන්නවදෝ?

    https://www.lankahotnews.net/2020/04/750-250-gmoa.html

    ReplyDelete
  3. මටත් මේක ඉතාම සැක සහිත සහ භයානක දෙයක් විදියට තමා පෙන්නේ. මම දැනට ඉන්න මැලේසියාවේ රෝගීන් ගණන 29 සිට 500 දක්වා වැඩි වුනා සති දෙකක් ඇතුලත. අද වෙද්දී 4100 ට වඩා ඉන්නවා පොසිටිව් කට්ටිය.

    මම දන්නා විදියට මෙහෙ දවසට පරීක්ෂණ 11500 කට වඩා කරනවා. ඔවුන් එය දවසට 16000 දක්වා වැඩි කරන්න දකුණු කොරියාවෙන් පරීක්ෂණ කට්ටල ගෙන්වලා තියෙනවා කියල මම නිවුස් එකක දැක්ක.

    ලංකාවට ටෙස්ට් කරන එක වැඩි කරන්න බැරි හේතුවක් නම් මට හිතා ගන්න අමාරුයි.

    ලංකාවේ මිනිස්සු මේක තාම සීරියස් විදියට අරන් නැහැ කියල මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එකක් තමයි ඇඳිරි නීතිය නිසා හෙමින් ව්‍යාප්ත වෙන්නේ. දෙවෙනි එක තමයි පොලිසිය සහ හමුදාව ගිහින් රෝගීන් හමුවුනහම එයා ඇසුරු කරපු අය හොයල ඒ අයවත් නිරෝධායනය අක්රන් එක. මේ නිසා ත්තවය් සෑහෙන්න පාලනය වනවා වගේ පෙනේනේව. නමුත් මරණ තුනක් වාර්තා වෙලා තිබෙනවා හදිසි ඒවා. ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. නගර සහ ගම් , පාරවල් පිටින් වාහන නිසා කිසිවක් එලියට යන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඇතුලේ හිරවෙලා. චීනය කරපු විධිහමයි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .