Thursday 2 April 2020

සැබෑ ප්‍රශ්නය හකීම් නොවේ COVIDIOT කෝවිඩියට් වරුනි , මේ වෙලාවේ ජීවිතය රැක ගැනීමයි

සම්පුර්න කෝවිඩ් 19 මුහුණු  ආවරණයක්
 

මම දිගින් දිගටම කොරෝනා වයිරසය පැතිරීම ගැන දත්ත ඇසුරින් විශ්ලේෂණය කලද මා නොබැලූ පැත්තක් ගැන නොයෙක් ප්‍රතිචාර බ්ලොගයට ලැබුණි.  ඒවායින් ප්‍රතිචාර දෙකක් මෙහි පල කරමි.

ප්‍රතිචාරය 1- //මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. නන්දසේන ජනාධිපතිතුමා අපිව හාමතේ මරන්නවත්ද සර් යන්නේ. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ.//

මගේ පිළිතුර:
මහත්මයා , මම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව, හා අලුත් පියාපත් යන සංවිධාන දෙකටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර පියාපත් එකටත් කැමති මේ නිසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත්, තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාත්  ආධාර බෙදනවලු. අනිත් දේශපාලන පක්ෂත් තම තමන් ගේ තරුණ පෙරමුණු හරහා එක්වී වැඩකළ යුතුයි. මෙය හැම මිනිහෙකුගේම ප්‍රශ්නයක්, ජාතික ආපදාවක්. පොහොට්ටුවේ  සහ එජාපයේ තරුණ පෙරමුණු නැත්ද? 
මේ එක විධිහක් උදව් කරන්න.
අනික තමා ආණ්ඩුවෙන් හැමෝටම සහනාධාර මුදලක් දෙන එක (දැන් දෙනව කියල කියනව) 
ඊළඟ එක අර නන්දන විරරතන සහෝ ලිව්ව විධිහට සමූපකාර ක්‍රමයක් හරහා ආධාර බෙදන එක. යටත් විජිතආණ්ඩුව මැලේරියා වසංගත  කාලයේ කරපු එක.  හමුදාව ඒවාට යොදවන එක . මානුෂීය හමුදාව කියලනේ කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නේ.
මම පෞද්ගලිකවම නම් සපෝර්ට් ලොක්‌ ඩවුන් කරනවට , ඇඳිරි නීතියට නෙමේ. මෙය පැතිරීම  පාලනය කරගෙනම  වැඩට යන්න දීම.
 සමහර ආහාර කඩ හැර තැබීම. 
ගොවිතැන් වගේ මිනිසුන් ගැවසෙන්න අවශ්‍ය නනැති  රැකියා  වලට ඉඩ දීම. (මිනිසුන් එක් රැස්  නොවන තැන් වල )
මෙවැනි  යෝජනා ටිකක් හදල හැමෝම සමාජ ජාල වල ප්‍රචලිත කරලා බල කරන්න බැරිද

ප්‍රතිචාරය 2- 

24 වෙනිදා සිට අපට දිගටම ඇඳිරි නීතිය. මහරගම පමුණුව පාරට මෙතෙක් කිසිම බලකායක සැපයුම් රියක් ආවේ නැත. පරිප්පු දෙසීයට, පොල්තෙල් බෝතලය 400/ට ගන්නටය වෙලා තියෙන්නේ. ඒකටත් ඇඳිරි නීතිය නොතකා යන්න වෙයි. 
ජනාධිපති මාධ්‍ය ඒකකයේ නොම්මර හමුවී අපේ ගැටලුව කියන්නට ගිය විට වුනු දේ එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ fb එකට කමෙන්ට් එකක් විදිහට දැම්මේ වෙන කල යුතු දෙයක් නැතිම තැනයි. (ඒ පෝස්ටුවේය ඒකකය පැය 24ම් වැඩය කියලා අංකත් දමා තිබුනේ, මාර්තු 30 රාත්‍රී 10.47 ට)

මේකය මා යැව්වේ.
‘Nimal Diaanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ. පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්..., දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’

තවම උත්තර නැත. 

තුන්වෙනි ප්‍රශ්නය: වැඩිහිටි ජනතාව  තම ගමට  හෝ වෙනත් තමන්ට ආරක්ෂාකාරී තැන්වලට ගොසිනි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගන්නට ඒ තැන්වල සිට එන්නට බැරිය. ඒ නිසා නිවසේ කවුරුන් හෝ එවූ විට තැපැල් කාර්යාල මුදල් නොදෙති. ඔවුන් කියන්නේ මුලින් ප්‍රාදේශීය  කාර්යාලයට යන ලෙසය. එයින් ලියුමක් රැගෙන ඉන් ADO හෝ මොකක්දෝ එකකට කියා එතැන ලේකම් ගෙන් ලියුමට අවසරය  රැගෙන පැමිණිය යුතුය.  ඉන්පසු තැපැල් කාර්යාලය මුදල් දෙනු ඇත. වංචා කිරීම  වැළැක්වීමට මෙය කරන්නේ යයි සිතාමු. රියදුරු බලපත්‍රය හා විශාමික තැනැත්තාගේ වෙනත් උපන් දින සහතිකය වැනි දෙයක් තබාගෙන මුදල් දෙන්නට බැරිද?

කොපමන අප බ්‍රිතාන්‍යට බැන්නත් ඔවුන් ඒ සහනාධාර ගෙවීම  පිළිවෙලකට කරති. විශාමික මුදල් ගෙවන්නේ බැංකුවටය, ඉන් ඕනෑම වෙලාවක මුදල් ගත හැකිය. තැපැල් කාර්යාලයෙන්ද එවන් අයෙකු අදාල අයගේ ලිපියක් හා හැඳුනුම්  පතක් රැගෙන්පැමිණ ගත හැකිය. ඉහත කී අතේ මුදල් නැති  මේ මිනිසුන් ජිවත් වන්නේ කොහොමද?

ලොක්ඩවුන් කිරීම  මේ අවස්ථාවේ හොඳ යයි කියන්නේ මේ නිසාය. හමුදාව හා පොලිසිය යොදවා රෝගය පැතිරීම වැඩි ස්ථාන පමණක් වසා තැබිය හැකිය. එසේ නැත්නම් මෙසේ අසරණ වී සිටින මින්සුන්ට උපකාර කිරීමට වෙනත් ක්‍රම වේදයක් සැලසිය යුතුය.

පරික්ෂා කර කොරෝනා වැළඳී සුව වූ හෝ නැති අයට පොලිස් සහතිකයක් නිකුත් කල නැවත රැකියාකිරීමට  ඉඩ සැලසිය යුතුය.
නිවෙස් වල සිට ස්වයං රැකියා කරන අයට ඒ සඳහා අවකාශය සහ සහයෝගය  දිය  යුතුය. 

රටේ විපක්ෂ නායකය සැඟවී  සිටින්නේ කොහේද ? මේ ඔහුගේ කාර්යභාරයයි. මොන දේශපාලන පක්ෂයක හෝ වේවා මේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න  ගැන රජයට දැනුම් දී සාකච්ඡා කිරීම  ඔහුගේ යුතුකමක් පමණක් නොව රාජකාරියයි. 

හකීම් ගැන - මම ඔහුගේ ප්‍රකාශය සලකන්නේ හෙලිකොප්ටරයෙන්   පිරිත් පැන් වතුර ඉහීම , කුරුසය රැගෙන පියාසර කිරීම ආදිය ගනනටමය. හකීම් ට තිබුනේ දේශපාලන  ලකුණු රැස් කිරීම වෙනුවට විපක්ෂ නායකවරයා හරහා ඒ ගැන රජය සමග හීන්  සීරුවේ සාකච්ඡා කරන්නටය. ගින්නට හුළං ගැසීම නොවේ.   ඉදිරියේදී පාංශ කූලය දීම පිළිබඳවද ප්‍රශ්න ඇතිවිය හැකිය. විපක්ෂ නායක කෝ? 

-කොළඹ ගමයා 
වෙනත්  කොරෝනා ලිපි :



.

19 comments:

  1. අජිත් ධර්මකීර්ති
    මොහුට කිසිම මානසික ගැටලුවක් නැති අතර මොහු තමන්ට ආවේනික වූ ක්‍රමයකින් ප්‍රසිද්ධ වීමට උත්සාහ කරයි

    ReplyDelete
    Replies
    1. මනෝ විශ්ලේෂනයක්ද රුවන් ගාවට යන්න

      Delete
  2. මට කොවිඩ්19 වැනි රෝග ලක්ෂණ සුළු වශයෙන් පහලවිය . මම 1990 වලට කතාකලවිට ඔව්න් රැගෙන යන්නේ හදිසි රේගීන් පමනක් බවත් , 119 කියන ලෙසත් මට කිව්වා. තවද අවශ්‍යනම් ලඟම තිබෙන ඉස්පිරිතාලෙට ගොස් ඔබේ තත්වය ගැන කියන්න ලු. මට එසේ යනවා නම් පුද්ගලික වාහනයක යාම සුදුසු ද ? කියන ප්‍රශ්නයට උතිතර නැත. මාස්ක් දාගෙන යන්නලු.
    මම ගෙදරට වෙලා වෙනම කාමරයක ඉන්නවා .මෙහෙම ඉඳලා අර රෝග ලක්ෂණ වැඩි වෙලා අමාරැ උනොත් තමයි ආයේ ඒ ගොල්ලන්ට කියන්න වෙන්නේ දැන් අමාරැයි කියලා. මේක නිසා බලවත් පීඩනයකින් සිටිමි. මගේ අමාරැව සමහරවිට මෙහෙමම හොඳ උනොත් හොදයි. ඒත් එහෙම උනොත් ඔට ඇත්තටම තිබුන ලෙඩේ මොකක්ද කියල දැන ගන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මම හෙඩිම ලෙස අරගෙන ෆේස්බුක් පොස්ට් එකකුත් දැම්මා , කවුරුහරි බලයි කියල හිතමු. ඕනා කමින් රෝහල් ගෙනියන්නේ නැතිව ගාන අඩු කරගන්න හදන්නේ

      Delete
    2. අද මම ගියා කොරෝනා රෝගීන් ඇතුලත් කරගන්න ආන්ඩුවේ ඉස්පිරිතාලෙකට . දවස් හතරක් උන සහ කැස්ස. මම කිව්වා කොරෝනා ටෙස්ට් එක කරගන්න ආවේ කියලා. OPD දොස්තර මහත්තයා මගේ විස්තර අහලා " මේකයි' ඔයා high risk කැටගරියක නෑ. අපි ලේ බලමු කියලා Full blood count එකක් කලා. ඒක බලලා සාමාන්‍ය වෛරස් එකක් වගේ කියලා බේත් දුන්නා. හොඳ උනේ නැත්නම් ආයේ එන්නලු.මට තියෙන මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕන ද ? ඇයි මාව ටෙස්ට් නොකලේ ? සීමිත පහසුකම් නිසාවත් ද ?

      Delete
  3. ලංකාවේ නොහිටියත් අපේ පුරවැසියන්ගේ ගැන උනන්දු වෙනවාට ගොඩාරියක් ස්තුතියි අජිත්!

    ReplyDelete
    Replies
    1. වෙස් මුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නෙ
      සම්මානවලින් පිදුම් නොලද්දන් කෝවිද රෝගයෙන් මලාට කම් නැහැ.. කියනවා..වගෙයි ඒ කතාව...

      Delete
    2. ස්තූතියි නිදි. බලමු පිළිතුරක් ලැබෙයිද කියල.

      Delete
  4. මම ජිවත් වෙන්නේ නුගේගොඩ අජිත් ධර්ම මහතා. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර දෙකක් පමණ ඇතුලට වන්න. අපි ඉන්නා ප්‍රදේශයට ඇඳිරි නිතිය දමා දැන් දින 10 කට කිට්ටුයි. එක දිගටම නිවසේ තමයි හිටියේ. ඇඳිරි නිතිය දමන්න කලින් මෙතරම් දින ගණනාවකට එක දිගට මෙය ක්‍රියාත්මක කරනා බවක් රජය කිවේ නැහැ. රජයෙන් කිවේ භාණ්ඩ ගෙනත් නිවෙස් වල ගොඩ ගසා ගැනීමේ පලක් නැතිබව. අප එය විශ්වාශ කොට දින තුන හතරකට සැහෙන්න එළවලු පමණයි ගත්තේ.

    රජයේ භාණ්ඩ බෙදා හැරීම් කිසිම දෙයක් මේ දින 10 කට ආසන්න කාලය තුල අප ප්‍රදේශයට ආවේ නැහැ. එක් දිනක් මස්, මාළු වෙළෙන්දෙක් ආව. එහිදී මා නිරීක්ෂණය කරේ ඔහුගෙන් ඒවා මිලට ගන්නා යන අය ආපසු හැරී එන බව. අසල්වැසියෙකුගෙන දුරකතනයෙන් ඇසු විට ඔහු කිවේ එම මස්,මාළු වල මිල ඉතා අධික නිසා ගත්තේ නැහැ කියා. එම වෙලෙන්දත් ඉන් පසු ආවේ නැහැ.

    කුඩා ප්‍රමාණයේ ලොරියක තබාගෙන එළවලු, පලතුරු විකුණන අයවලුන් නම් දින දෙක තුනක් ආව. ඇතැමුන් ඒවායින් භාණ්ඩ ගත්තා. එනමුත් හාල්, තුනපහ, පරිප්පු, කරවල ආදිය විකිනීමට කවුරුත් ආවේ නැහැ.

    ඊට අමතරව අපගේ අතේ මුදල් නැහැ. රුපියල් 400 ක් වගේ ලග තිබෙන්නේ. බැංකු ගිණුමට පඩියෙන් 25% අඩු කරගෙන අපගේ ආයතනයෙන් දමා තිබුනා. එය ගැනීමටත් එලියට යාමට නොහැකියි. ATM යන්ත්‍ර සවිකෙරු ලොරි රථ නිවෙස් අසලට පැමිණෙනවා කිව්වට අපගේ පළාතටවත් එවැන්නක් පැමිණ නැහැ.

    ප්‍රධානම දේ උනේ ඖෂධ ලබා ගැනීම. මාගේ මව සහ පියා දිනපතා ගතයුතු ඖෂධ ඉවර වී තිබුනේ. රජයෙන් ලබා දී ඇති ඔසුසල් වල දුරකථන අංක වලට කෝල් කරත්, මැසේජ් කරත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ රජයෙන් ලබා දී ජනාධිපති කාර්යාලයේ අංක වලට ගත්තා. ඒවාත් කිසිවෙකුත් ආන්ස්වර් කරන්නේ නැහැ.

    පසුගිය දිනක මාගේ වයස 3 ක් වන කුඩා දරුවට අසනීප උනා. මා ඇඳිරි නිතිය අස්සෙම උනත් රජයෙන් ලබා දී ඇති වෛද්‍යවරුන්ගේ අංක වලට කතා කරා. කවුරුත් ෆෝන් අන්ස්වර් නැහැ. ඉන් පසු අසල ඇති වෛද්‍යවරයෙක්ගේ ගෙදර ගේට්ටුව අසලට ගොස් විනාඩි 10 ක් පමණ කතා කළා. ඔහු ආවේ නැහැ. ඉන් පසු ඇඳිරි නිතිය තිබෙද්දීම දරුවත් වාහනයට දමාගෙන බෙහෙත් ගන්න අරන් ගියා. පොලිස් මුරපලේදී මාව නැවැත්තුවා. ඒ අය කීවා මේ වෙලේ එහෙ මෙහ යන එක හොද නැහැ, ඒත් දරුවාට අසනීප නිසා පුළුවන් නම් ලග ඇති ෆාමසි එකින් හෝ බෙහෙත් අරන් ගෙදර යන්න කියා. ඉන් පසු මා ටව දුරටත් ඉදිරියට යන විට හමුදා මුරපලේදී මට අසභ්‍ය ලෙස බැන වැදී මාව එලවා දැමුවා. සමානය ජනයා එක්ක කටයුතු කොට පළපුරුදු පොලිස් නිලධාරීන් මේ වෙලේ ජනතාව ගැන තේරුම් ගන්නවා ඉහල අණ විතරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිපැදීමට පුරුදුව සිටිනා හමුදා සෙබලුන්ට වඩා. හැබැයි ඒ අයත් තේරුම් ගන්න ඕනා ඒ අයට මාසික චේතනය, වාහන, ඇදුම් පැළදුම්, ගිනි අවි, කෑම බීම, බේත් හේත් සියල්ලම ලැබෙන්නේ මහා ජනතාවගේ මුදලින් බව.

    රුපවාහිනීයේ ප්‍රවෘත්ති වල නම් පෙන්වනවා මිනිසුන්ට සහන දෙනවා, මුදල් දෙනවා, භාණ්ඩ බෙදාහරිනවා සියලු දේ කරනවා. ඒ සියල්ල ආණ්ඩුවේ රඟපෑමක් බවයි මාගේ හැගීම.


    -L M -

    ReplyDelete
    Replies
    1. ඔබට සිදුවී ඇති දෙය ඉතා කණගාටුදායකයි. හැබැයි මේ තත්වයට මුහුණ දී ඇත්තේ ඔබ පමණක් නොවේ. මගේ සහෝදරයාට මුදල් ඇතත් ඇස්ප්‍රින් ගන්නට තැනක් නැහැ. ඔහු හෘද රෝගියෙක්. ලංකාවට මුදලේව එවීමට ක්‍රමයක් නැහැ. මෙහේ ඒවත් වහලා. මම හිතන්නේ ක්‍රමානුකුලව රට විවෘත කිරීමක් කළ යුතුයි කියා. හමුදාව ආධාර බෙදා හැරීමේ වැඩ කටයුතු වලට රෝහල් වලට උදව් කිරීමට යොදා ගත යුතුයි. හුඟක් රටවල එහෙමයි. ජනතාව පාලනය කිරීමට හමුදාව යොදා ගන්නේ කැරලි සහගත අවස්ථාවක පමණයි . ඔබේ ප්‍රතිචාරය ෆේස් බුක් එකටත් දැම්ම

      Delete
    2. මේ ඔබට ෆේස් බුක් එකේ පැමිණි පිළිතුරකි -//චාමර විදානපතිරණ Ajith Dharmakeerthi ඔය මනුස්සයට කියන්න ග්‍රාම නිලධාරී සම්බන්ධකරගෙන ඔය ප්‍රශ්න ඔක්කොම කියන්න කියලා. අනිවා සියලු ප්‍රශ්න විසඳනවා. ‌//

      Delete
    3. Kaushi Ariyabandu Ajith Dharmakeerthi අපි මේ පැත්තට ඇවිල්ල තාම අවුරුදු 3යි. ඡන්ද නාම ලේඛනේට රෙජිස්ටර් වෙලත් නෑ. ඒත් අනේ ග්‍රාම සේවක නෝනගෙ ටෙලිෆෝන් නොම්බරේ අපි ගාව තියෙනව. ( එහෙම තමා කට්ටිය කතා කරගෙන, ග්‍රාම සේවක නෝනා ලවා සතොස ලොරිය ගෙන්න ගත්තෙ.. වත්තෙ සමිතියට දීල තියන ස්පීකරයක් ත්‍රීවීල් එකක් දාගෙන දෙන්නෙක් ඉස්සරහින් ගියා.. )

      Delete
  5. කොවිඩ් 19 නිසා මිනිසුන් පිඩනයට, කරදරයට පත්වෙන බව ඇත්ත. සම්පුර්ණ ඇත්ත. හැබැයි මේ ශ්‍රී ලංකාවේ රජය මේ මොහොතේ කරන්නේ කොවිඩ් කරදරයෙන් ජනතාව බේරා ගන්න කියලා ඊටත් වඩා ලොකු පීඩනයක්, කරදරයක් ජනතාවට ලබා දෙන එක. කොවිඩ් 19 හැදිලා මිනිස්සුනට වෙන කරදරයට වඩා ලොකු කරදරයක් දැන් වෙලා තියෙන්නේ. කොවිඩ් කෙසේවෙතත් හාමතේ මැරෙන්නේ මිනිස්සු. එක දිගට සති ගණනාවක් කිසිම තැකීමක් නැතිව ඇඳිරි නිතිය දැම්මම එදාවේල හම්බ කරන් කන මනුස්සයා කන්න බොන්නේ කොහොමද? බේත් හේත් ගන්නේ කොහොමද? කොවිඩ් හැදිලා හැරී හාමතේ ඉදලා හැරී දෙකෙන්ම වෙන්නේ මැරෙන එක නම් නිදහසේ ඉදලා කොවිඩ් හැදිලා මැරෙන එක හොදයි.

    රටේ ආර්ථිකයට උනත් මේ ලෙඩේ පැතිරිලා නිෂ්පාදන කඩා වැටිලා වෙනවට වඩා හානියක් මෙහෙම රට වහගෙන හිටියම වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇඳිරි නීතිය දිගටම පවත්වාගන්න බැහැ , ඒක අයින් කරලා රෝගය වඩා පැතිරී ඇති පෙදෙස් ලොක් ඩවුන් කර අනිත් ප්‍රදේශ සීමා සහිතව විවෘත කරන්න වෙයි . එහම නැත්නම් වඩා තද පිළිවෙතකට යන්නයි වෙන්නේ

      Delete
  6. දාලා තියෙන කමෙන්ට් වලින් පැහැදිළි වන්නේ මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන අය ඒවා ප්‍රසිද්ධ කිරීමට නිර්නාමිකව ඔබගේ බ්ලොගය භාවිතා කරන බවයි. ඔව්න් ඒවා වැඩි ප්‍රසිද්ධියක් ඇතෘ
    මුහුණ පොත් පලනොකරන්නේ මර්දනයක් සිදුවේ යැයි ඇතිබිය නිසාවත් ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් එහමයි කියලමටත් හිතෙනවා. මම දාපු ගානවල් වැරදි නැහැ කියල මම හිතන්නේ . හැදිච්ච ආසාදිතයන් ගේ ගාන කෘතිමව අඩු කරගෙන යන බවක් හැඟී යනවා මටනම්.

      Delete
  7. ඇයි ලංකාව නිරූපණය කරන්න ඡායාරූපයක් තෝරනකොට
    කඳුළු පෙරන දෙමළියෙක්ගේ රූපයක්ම තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මචෝ මට එහෙම හිතුනෙම නැහැ. පින්තුරයක් හොයන කොට ඕක දැක්ක. ගත්ත තැන ලින්ක් එක දාල ඇති. ආසියානු කාන්තාවක් කියල විතරයි හිතුවේ. සුදුසු එකක් තියනවා නම් එවන්න දාන්නම්. දෙමල සිංහල මුස්ලිම් මැලේ ඕව හොයන කෙනෙක් නෙමෙයි.

      Delete
  8. අජිත් ධර්ම මහත්මයා,

    ලංකාවේ ආණ්ඩුව මිනිසුන්ව හිර කරගෙන ඉන්නේ. රෝහල් වල ඇත්ත තත්වය, ලෙඩුන්ගෙන් සැබෑ ප්‍රමාණය කීයක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. කොවිඩ්19 සෑදී ඇති සැබෑ මිනිසුන් ගනන රජයෙන් පෙන්වන ප්‍රමාණයට වඩා වැඩියි. රජයෙන් පෙන්වන්නේ අඩු ගණනක්.

    ඒත් කාටවත් මේ ගැන ඇත්ත කතා කරන්න, අඩුම ගානේ අදහසක් වත් පල කරන්න බැහැ. පසුගිය දිනවල ෆේස්බුක් ඔස්සේ අදහස් පල කෙරු කීප දෙනෙක්ම අත්තඩංගුවට ගත්තා.

    අත්‍යවශ්‍යය බෙහෙත් ගන්නට ගියත් අල්ලලා හිරේ දානවා. රජයේ වාර්තා පමණයි සියලුම මාධ්‍ය වල යන්නේ. රජයට සහය දක්වන නිලධාරීන්, වෘත්තීය සමිති පමණයි රුපවාහිනී සාකච්චා වලට පවා එන්නේ. හමුදාපති දිනපතා තර්ජනත්මක ප්‍රකාශ නිකුත් කරන්නේ ජනතාවට.

    ම සිතන්නේ නිවෙස් වලට කොටුව සිටින ජනතාව ඉදිරියේ එලියට එයි කියලා මර්ධනයට සුදානම් වන්නේ. ඒ සදහා අවශ්‍ය පරිසරය ගොඩ නැගීමට ආණ්ඩුවට සහය දෙන මාධ්‍ය කටයුතු කරනවා. ෆේස්බුක් ඔස්සේත් බොහෝ විට දැන් ඇත්තේ ආණ්ඩුවේ අදහස් පමණයි. අනික් අය බියටම නිහඩ වෙලා, නැතිනම් නිහඩ කරනවා. මාගේ නිවසටත් දින තුනක් ආරක්ෂක අංශ ආව. මේ වෙලේ විරුද්ධවාදීන් මරා දැමුවත් එයත් කොවිඩ් රෝගයට එරෙහි සටනේ පියවරක් කියලා සාධාරණීකරණය කරන්න බොහෝ දෙනකගේ මනස සුදානම් වෙලා.

    මේ අස්සෙම මිග් යානා හොරකම ගැන චෝදනා එල්ල උන, නීතිවිරෝධී අවි අයුධ ගනුදෙනු ගැන චෝදනා එල්ල උන වත්මන් ජනධිගේ ඥාති සොයුරු උදයංග වීරතුංග ස්කයිප් ඔස්සේ නඩු අහලා ගෙදර යවලා. ඔන්න ඔහොමයි මෙහෙ වැඩ වෙන්නේ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .