මේකත් සිදුවුනේ ක්යෝටෝවේ ගත කළ අන්තිම දවසෙම තමයි ඒ කියන්නේ 2025 මැයි 23 . අර කෑම ගන්න යන්න කලින් ලැබුණු පැය කිහිපය . නාරා වල මුවන් හෙම බලල දුම්රියෙන් අපි ආපහු හෝටලයට ආව. මොකද ටුවර් බස් එක ගියා දවල් කෑම (බුෆේ ක්‍රමයට ) ගන්න සහ ජපන් හරිත තේ හදනවා පෙන්වන්න. අපි ඒ කෑල්ල හැලුව. බස් එක අපිව ක්යෝටෝ යන්න දුම්රිය ස්ථානයකට ගෙනත් ඇරලුවා. ඒ දුම්රිය ගමන යුටියුබ් එකට දැම්ම, බලන්න .
ක්යෝටෝ ආවහම ඉනෙස් කීව ඔයාව සප්‍රයිස් කරන්න යන්නේ කියල. මම හිතුව කෑම කන්න යනවා කියල . හැබැයි දැන් විනාඩි දහයක් පහලවක් ඇවිදිනවා, නගරය මැදින්, කොහේ යනවද කියල කියන්නෙත් නැහැ. මම දැක්ක දෙයක් තමයි නගරය සම්පුර්ණයෙන්ම වගේ හිස් කියල . මිනිස්සු වැඩ. පාරවල සෙනග නැහැ . ළමයි සෙල්ලම් කරනවා දැක්කා උද්‍යාන දෙකක තුනක . ඊට පස්සේ තවත් උද්‍යානයකට ආව. ඒකෙ යනකොට පොඩි පොඩි සංඥා දැක්ක . මේ පින්තුරේ එකක්. නිතර දුම්රිය යන දුම්රිය මාර්ග කිහිපයක් අයිනේ තමා උද්‍යානය තියෙන්නේ. මේකේ තැන තැන සිමෙන්ති හෝ යම් පාෂානයකින් හදපු පොඩි දුම්රිය එන්ජින් තියෙනවා මේස වල . මම ඇහුවා පරණ කෝච්චියක් පෙන්වන්නද යන්නේ කියල .
ඔන්න සප්‍රයිස් එක . ක්යෝටෝවේ දුම්රිය කෞතුකාගාරය. ඉනෙස් ට්‍රැවල් ඒජන්ට් එක්ක කතා කරල හවස ෆ්‍රී කරගෙන. ඔන්න ඕකයි ආදරේ කියන්නේ ඈ. හස්බන්ඩ් කැමති දේ හොයල හරි එක්කන් යනවා පෙන්වන්න . මෙතැන් ඉඳන් ස්ලයිඩ් ශෝ එක . වීඩියෝ කිහිපයක්ම යුටියුබ් එකට දැම්ම.
***************************************
මම එන්ජින් වර්ග වලට කැමැති ඒවායේ නිර්මාණශිලිත්වය සහ විවිධත්වය නිසා කියල මම හිතන්නේ. විනෝදාංශ වශයෙන් මම ගොඩක් දේවල් කළා. සංචාරයට යන විවිධ නගරවලින් රිදී හැඳි එකතු කළා කාලයක්. ඊට පස්සේ ෂොට් ග්ලාස් එකතු කළා. කාසි එකතු කළා. පරණ කාර් මොඩල් එකතු කළා . ළමයි දෙන්නා ප්‍රයිමරි කාලේ පාෂාණ වර්ග එකතු කලා එයාලට කියා දෙන්න. තාරකා විද්‍යා ඩිග්‍රිය කරන කොට ටෙලස්කෝප් එකක් ගත්ත. තරු බැලුව. ඕන වෙලාවක ආපහු යන්න පුළුවන් විනෝදාංශ වැඩ . හැබැයි මොඩෙල් ට්‍රේන් සෙට් එකක් හදන එක හිත අස්සේ හැංගිලා තිබ්බ. මොකද ඒවා ගණන් නිසා . ඒ වෙනුවට රේල් ජර්නි ඇති තරම් කළා . මාමණ්ඩිය ළඟ හොඳ ගණන් වැඩි ජර්මන් මොඩල් ට්‍රේන් සෙට් එකක් තියනවා . ඒක බිත්තිය උඩ ගහල තියෙන්නේ. තිබ්බට වැඩක් නෑ. ජපානේ මේවා සාපේක්ෂව ලාභයි අනිත් හැම රටකටම වැඩිය. ඉතින් ජපන් සෙට් එකක් තමා ගත්තේ . මේ දිනවල ඒකෙ වැඩ .
ස්ලයිඩ් වල දහතුන් වෙනි එකේ බලන්න දුම්රිය පෙට්ටියක් යටට ගිහින් බලන්න පුළුවන් විධිහට හදල තියනවා. සමහර පින්තූර වල ශින්කන්සෙන් බුලට් ට්‍රේන් එක විකාශනය වුන හැටි බලන්න පුළුවන් .
සමහර පින්තූර වල තියෙන්නේ පරණ රේල් එන්ජින් සහ මැදිරි, පරණ රේල්වේ සිස්ටම් වල යොදවපු සිග්නල් බොක්ස් රූම් එක, පරණ පරිගණක , පරණ ටිකට් මැෂින්, ඉලෙක්ට්‍රික් ටට්රේන් වල උඩ විදුලි රැහැනට සම්බන්ධ කරන පැන්ටෝග්රාප් එක . ඒකෙ වීඩියෝ දෙකක් ගත්ත යුටියුබ් එකට.
පින්තූර හුඟක් තියෙන නිසා තව ස්ලයිඩ් ෂෝ දෙකක් දාන්න වෙනවා. මේ දෙවෙනි එකේ ටිකට් මැෂින් වලට අමතරව ජපන් රේල් කම්පැනි වල නම් දාල තියනවා . ජපානේ තමා මම හරියටම දැක්කේ පුද්ගලික කම්පැනි අතර තරඟකාරීත්වය මහජනයාගේ (පාරිභෝගිකයාගේ) යහපතට හේතු වෙලා තියනව . මොකද එංගලන්තේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් ජලය, දුම්රිය, විදුලිය, ගෑස් ඔක්කොම පෞද්ගලිකරණය කළානේ. අපි වැඩිපුර ගෙව්වට වතුර අපතේ යනවා ඝන මීටර් මිලියන් ගණන් . ෆැට් කැට් ඩිරෙක්ට ලා ලාභ ගන්නවා, අපි ගෙවනවා . ගෑස් සහ විදුලියත් එහෙමයි සෑහෙන කාලයක ඉඳන් . දැන් ටිකක් තරඟය නිසා මිල වැඩිවෙනවා අඩු වුනත් යුද්ධේ නිසා ආයෙත් අවුල් . දුම්රිය සේවය තමයි කාලම දැම්මේ. දුම්රිය කම්පැනි ලාභ ගත්තට දුම්රිය අලුත් වැඩියා කළේ නැහැ. ට්‍රැක් පරණයි. යුරෝපිය සංචාරකයෝ හිනා වෙනවා දැක්කම. ටිකට් වල ගාන මුළු යුරෝපෙම වැඩිම . ඔහොම ඉඳල අන්තිමට කෝබින් හෙමත් ඒ කාලේ තර්ජනය කළා ආපහු ගන්නවා කියා බලයට ආවොත්. එතකොට බයට ආයෝජන කරන්න ගත්ත. දැන්නම් හොඳ අලුත් දුම්රිය එන්ජින් සහ රෝලින් ස්ටොක් තියනව. කෝබින් පැරදුනහම ආයෙත් පරණ ලෙවල් එකට ගියා ටිකක්. අගමැති කියර් ස්ටර්මර් ගේ කම්කරු රජය පහුගියදා සවුත් වෙස්ටන් රේල්වේ එක රජයට පවරා ගත්ත, නව ග්‍රේට් බ්‍රිටිෂ් රේල්වේ කියන රජය සතු සමාගමට.
ජපානේ එක එක ලයින් වෙන් වෙනම රේල් කම්පැනි අතරේ රන් වෙන්න . සමහර වෙලාවට තැනකට යන්න රේල් කම්පැනි දෙකක හෝ තුනක දුම්රිය තියනව . අපට වැරදුනා දෙතුන් පාරක් . නමුත් ඉතා හොඳ සේවයක් වැඩ කරන අය ලබා දෙන නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ , සමහර තැන් වල ටිකට් කවුළුවෙන් එලියට ඇවිත් ප්ලට්ෆොර්ම් එකට යන විධිහ කියල දෙනවා. එක්කෝ එක්කගෙනම යනවා . වෙන කම්පැනි එකකින් නම් ටිකට් ගන්න තියෙන්නේ ඒ විස්තරත් දෙනවා . තමන්ගේ කම්පැනි එක වෙනුවෙන් පුදුම කැපවීමකින් වැඩ කරනවා . මට එතන පෙනුනේ නැහැ බලෙන් වැඩ ගන්නවා කියල සමහරු කියනව වගේ. එසේම එක කම්පැනි අනිකට වඩා හොඳ වෙන්නේ ජරා වැඩ කරලා , යටි කුට්ටු වැඩ කරලා නෙමේ කියලයි මට පෙනුනේ . පාරිභෝගිකයාට හොඳට සලකල තමා එයාල දියුණු වෙන්න බලන්න . මේ මම දැකපු විධිහ.
මේ ස්ලයිඩ් වල තවත් දෙයක් තිබෙනවා . මේ මියුසියම් එකේ නොයෙක් වාෂ්ප එන්ජින් වල හරිම රෙප්ලිකා තනා තිබෙනවා . ගන්න පුළුවන් තරමක් පින්තූර ගත්ත . ඒවා සමහරක් මේ ස්ලයිඩ් එකේ බලන්න පුළුවන් .
***********************************************
එසේම මේ කෞතුකාගාරයේ තියනවා මොඩෙල් ට්‍රේන් නගර දෙකක් . එකක් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ක්‍රියාත්මක කරවන්න්පුළුවන් බුලට් ට්‍රෙන් එකක් සහ නගරාන්තර දුම්රියක් . පළමුවැනි එකේ වීඩියෝ එක මෙතන .
මෙතන වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරල තියෙන්නේ. දෙකම බලන්න .
මේ වීඩියෝ එකත් හුඟක් ලස්සනයි . මේ මොඩෙල් විලේජ් එක හෝ නගරයක දුම්රිය ධාවනය . ඒකෙ ප්ලෑන් එක තමයි මේ පින්තුරේ තිබෙන්නේ . මුළු වීඩියෝ එකම බැලුවොත් රාත්‍රියට පුංචි මොඩෙල් ට්‍රෙන් වල ලයිට් දාගෙන යනව බලන්න ලස්සනයි .
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක . මේක මිනිත්තු පහක් විතර යනවා .
ඊළඟට තියෙන වීඩියෝ දෙක ලෙහෙසියෙන් හම්බ වෙන්නේ නැති අවස්ථාවක් . වාෂ්ප එන්ජිමකට ගල් අඟුරු පුරවනවා බලන්න පුළුවන් එක වීඩියෝ එකකින් .
ඊළඟ වීඩියෝ එකේ පෙන්වන්නේ ඒ එන්ජිම ෂන්ටින් කරන හැටි සහ ගාල් කරන හැටි . මේක ඉතා දුර්ලභයි මට නම් . මම අන්තිම සැරේට එහෙම දැක්කේ පොල්ගහවෙල දී සහ බදුල්ලේදී හැත්තෑ ගණන් වල.
තව වීඩියෝ කිහිපයක්ම එතන අප්ලෝඩ් කළා . හැකිනම් බලන්න . මේ බ්ලොග් ලිපිය මෙපමණ පමා වුනේ ස්ලයිඩ් හදන්න සහ වීඩියෝ අප්ලෝඩ් කරන්න කාලය ගතවුණු නිසා .
හැබැයි ඉතින් දුම්රිය හා ඒ සම්බන්ධ දේ ගැන කැමති අය වඩා එන්ජෝයි කරයි ලිපිය.
ප . ලි : බසු මෙතඩ් එකට පින්තුර 4 ක් දාල ට්‍රයි එකක් දුන්න . ඒකට ප්‍රතිචාරයක් දෙන්න , හොඳ මොකක්ද කියල .
දැන් බලන්න ඕනේ ස්ලයිඩ් එක වෙනස් කලොත් HTML එක අප්ඩේට් කරන්න ඕනෙමද කියල .
ප. ලි . - මෙන්න හදාගෙන යන එක දැනට . මේක n -gauge කියන පොඩිම ට්‍රැක් සයිස් එක .
කොළඹ ගමයා - 15/07/2025
නියම විස්තරයක්.
ReplyDeleteකියන්න සන්තෝසයි මම තාම එක පාරයි කෝච්චියක ගිහිල්ල තියෙන්නෙ.
ස්තුතියි. හැබෑටම ඒකනම් හිත ගන්නවත් බැහැ ඒ දවස් වල අපි වොරන්ට් කියල එහෙකට බදුල්ලේ හෙම යනවා . තාත්ත ට අවුරුද්දකට වතාවක් ද කොහෙද හම්බවෙනවා . දුම්රියේ නිදන කුටියක යන්න . ඊට පස්සේ දකුණේ රත්මලාන ගල්කිස්ස පැත්තේ නිතර ගැවසුනා . (ලව් ඉන්ටරෙස්ට් හෙමත් තිබුනා නොව ) රුසියාවේදී ඉතින් දුම්රි ගමන් නම් කළා නැතිවෙන්න . හප්පා ඒක
Deleteස්ලයිඩ් එකට 6 දාපු එකෙත් අවුලක් නෑ ඩෙස්ක්ටොප් වල. ස්ලයිඩ් එකට 4 දාපු එකේ දකුණු පැත්තෙ හිස් ඉඩක් තියනවා. අවුල තියෙන්නෙ, මේක මොබයිල් වලදී වෙනස් වෙන එකයි. බ්‍රව්සර් එකෙන් එකට, OS අනුවත් වෙනස් වෙන්න ඇහැකි වුනත්, ඩෙස්ක්ටොප් සහ මොබයිල් දෙකට හරි නං දැනට ඒ ඇති නේද?
ReplyDeleteආ මම බැලුව. මොබයිල් එකේදි 4 දාපු එක හරි, ඒත් 6 දාපු එක එලියට පනිනවා. ඒත් දෙකම ෆුල් ෆ්‍රේම් එකේදී හරි.
Deleteඒ කියන්නේ 4 දාපු එක එහෙමම තියල (අර ඉඩ තිබ්බේ ඕන කමින් වම් පැත්තට යන නිසා , පොඩි ස්ක්‍රීන් එකක ) 6 දාපු එක හතර කරන්නම්
Deleteදුම්රිය හා ඒ සම්බන්ධ දේ ගැන කැමති අය = අඟහරු ලෝකෙන් ආපු අය තමා ඉතිං.😋
ReplyDeleteස්ලයිඩ් එක වෙනස් කලාට HTML එක අප්ඩේට් කරන්න ඕනෙ නෑ. ඒත් මම ආයෙ පබ්ලිෂ් එක නං ඔබනවා.
Deleteඅඟහරුව ගැනද කීවේ හේ හේ . ආයේ පබ්ලිෂ් එක ඔබනවා කියන්නේ ස්ක්‍රිප්ට් එක ආපහු අලවන්න ඕනේ නේද
Deleteඔව් ඔය ඇවිත් ඉන්නෙ.😋
Deleteස්ක්‍රිප්ට් එක ආපහු අලවන්න ඕනේ නෑ.
නැහැ මම ඇලෙව්වා . තවම වෙලාවක් නැහැ අර දෙවෙනි එක හදන්න
Deleteඔන්න හතර ගානේ දාල හැදුව . ෆ්‍රේම් එකේ කෙලවරට එනකන් ගන්න බැහැ . රේෂියෝ එක අප්සෙට් යනවා . මුනවල් ඇදිලා . හය දැම්මොත් විතරයි පුළුවන් ගානට ගන්න
Deleteඅන්න ඕකයි මමත් අපේ රේල්ලුව ප්‍රයිවටයිස් කරපිය කරපිය ගාලා කෑ ගහන උන්ට කියන්නේ, ප්‍රයිවට් කරන එක වෙස් වලාගත්ත සාපයක් කියල..
ReplyDelete(අඟහරුවා)
හොඳ නරක දෙකම තියනවා . ලංකාවේ සර්විස් එක හරි සවුත්තුයි නේද ? දැන් ජපානේ වෙන වෙනම කම්පැනි තියෙන්නේ , ඒ නිසාම සර්විස් එක මාර හොඳයි . හැබැයි ලංකාවේ පෞද්ගලික කම්පැනි වලත් හොඳ රෙකෝඩ් එකක් නැහැ . එංගලන්තේ නම් වුනේ කෑදර කම . සල්ලි එන්න ගත්තම
Deleteබදුල්ල, ෂන්ටින් හා ඔය ගල් අඟුරු
ReplyDeleteපුරවන කතන්දර සේරම මරේ මරු
මං ඉපදුනෙත් එහෙ කියනෙමි ඇතිව ගරු
CGR එක තැනකිය මෙමට හුරු
සීයත් රේල්ලුවෙ හින්දා ජොබ කෙරුවේ
තාත්තටත් ඒකෙම වැඩ අත් වූවේ
තාත්තා කළේ 'ගිනි භටය'ගෙ සේවේ
Fireman කියලත් එයටම කීවේ
ෆැට් කැට් ඩිරෙක්ටර්ලත් ඔහෙ ඉන්නවද
ඒ ගොල්ලොත් අපේ ලොක්කන් වාගෙමද
කන එක කන්නෙ ලජ්ජා බය නොතකාද
කෝප් කමිටු වගෙ එව්වා ඔහෙ නැතිද
අම්මට සිරි ඒකත් එහෙම මද
Deleteමට මතකයක් තිබුනේ නැහැ මන්ද
කෝච්චි ගොඩේ හිටි දරුවෙකු නොවෙද
නිදි නොකළ දෙයක් මේ ලොවෙහි වෙත්ද
ෆැට් කැට් කීවේ හොරකමම නෙමේ . එයාලා සමාගමට ලැබෙන ලාභාංශයෙන් වැඩි කොටසක් තමන්ගේ වැටුපට දා ගන්නවා . ආයෝජනය කරන්නෙම නැහැ . තියෙන ඒවා වැඩි දියුණු කරන්නෙත් නැහැ . එතනයි ප්‍රශ්නේ
Deleteමරු විස්තරේ ගමයෝ.. මමත් model train වලට බොහොම මනාපයි. අන්තිමට ගන්න පුලුවන් උනේ පොඩි උන්ගෙ උපන්දිනවලට තමයි. ඒ Lego Model Train sets. මම Lego වලටත් බොහොම පෙරේත හින්ද වැඩේ නැගල ගියා. දැන් පොඩි උන් ලොකු වෙලා ඒව ඉතින් ඒවා පරිස්සමට තියල තියනවා. ගමයගෙ ලියමන හින්ද ඒ අතීතෙට සුටුස් ගාලා ගිහින් පුටුස් ගාලා ආවා.
ReplyDeleteලෙගෝ සෙට් නුත් හොඳයි . ලඟදි ගිය එක්සිබිෂන් එකක තිබුන . මේ දවස් වල හදනව එකක් nguage
Deleteකෝච්චි වල යන්න පුරුදු වුණාම නිකම්ම කෝච්චි පිස්සෝ වෙනවා. ඊට පස්සේ බස් වල යන්නත් කම්මැලි වෙනවා. train strike වලදී ඉස්සර අපි නිවාඩු දාල ගෙදර ඉන්නව
ReplyDeleteහා හා 😀 මම ආසයි අර රිත්මයානුකුල ක්ලකටි ක්ලැක් , ඩක ඩක ඩකට ඩකක් සද්දේ හෙම අහන්න . වාෂ්ප දුම්රිය යන්නෙම 'උඩරට මැණිකේට පට කුඩ දෙක දෙක 'සද්දෙට
Deleteගොඩක් පෝස්ට් මිස් වෙලානේ.හිමිහිට බලාගෙන එන්නම්...බලන් යනකොට කෝච්චි පික්සෝ ගොඩක් ඉන්නවනෙ.
ReplyDeleteඉන්නවා ඉන්නවා . මම පෝස්ට් එක ලිව්වට හිතුවේ නැහැ කැමති අය ඉඳි කියල
Delete++++++++++++++++++
ReplyDeleteවැට මාර ඉනි වලට ස්තූතියි
Deleteකෝච්චි පිස්සෙකුට හොඳම ජපාන කෝච්චි ගැන අධ්‍යනයක් කරන එක. සුරක්ෂිත බව, වෙලාවට වැඩ කිරීම, පිරිසිදු කම, ආචාරශීලි බව, නගරයේ වගේම ගම් පළාත්වලත් පැතිරුණ බව හිතාගන්නවත් බැහැ . ටෝකියෝ කමාකුරා train ride එකත් හරිම ලස්සනයි.
ReplyDeleteඔව් , ඕව , මම ෆේස්බුක් එකේ සෑහෙන වීඩියෝ ගොඩක් දැම්ම . මම හිතන්නේ වෙනම පේජ් එකක් කරන්න
Deleteබලන් යනකොට මමත් අජිත්ගේ විනෝදාංශ වලට බරයි වගේ . මුද්දර , කාසි , පොඩි වාහන ආකෘති , විවිධ එන්ජින් සහ දුම්රිය ගැල් එකතු කරනවා. පොඩි එකා වගේ කියල කියන නෝක්කාඩු අහගෙනත් ඉන්නවා . අළුතින් නම් ගන්න වියදම් වැඩියි. කාගෙ හරි පරණ දුම්රිය ආකෘති එකතුවක් තිබුනොත් ගන්නත් බැරි නැහැ. ඔබේ ලියැවිලි ආසාවෙන් කියවනවා.
ReplyDeleteඑක වගේ කට්ටිය නේද ? මම මුද්දර විතරක් එකතු කරලා නැහැ . ෆොටෝ ගහල න තියනව . එහෙම ඇති කියල හිතුන . මගේ අක්ක කෙනෙකුත් හිනා වුනා ජපානේ ගිහින් ට්‍රෙන් සෙට් එක ගත්තම . මම ජපානේ යනකන් හිටියේ ගන්න එංගලන්තේ සහ ජර්මනියේ සෑහෙන්න ගණන් . ජපානෙන් මම පවුම් 40 ට ගත්ත සෙට් එක එංගලන්තේ පවුම් 200 විතර වෙනවා . මෙමෙ සෙට් දෙකක් පවුම් 80 කට ගත්ත . හැබැයි මෙහෙ භාවිත කරපුව තියනව අඩු ගානට
Deleteමම කැමති locomotive + Wagon වඩා සීනරීස්වලටනෙ. ක්‍රමයෙන් කෑලි එකතුකරමින් ගොඩනගාගෙන යන්න පුලුවන් හොබී එකක්
ReplyDeletehttps://www.aliexpress.com/w/wholesale-model-railway-scenery
https://oneclearwinner.co.uk/product/railway-modelling-scenery/?
ලින්ක් වලට තෑන්ක් යූ . නමුත් මම ඕව ගන්නේ මොඩෙල් ට්‍රේන් ප්‍රදර්ශන වලට ගිහින් . දැනටමත් සමහර දේවල් අරන් තියෙන්නේ . ඔය උඩ මම දැන්නම් පින්තූර දෙකකුයි වීඩියෝ එකකුයි හදාගෙන යන එකේ
Deleteඔන්න දැම්මා . ප්ලට්ෆෝර්ම් එකක් හැදුව . මැදට කන්දක් දානවද නැත්ද කියලා හිත හිත ඉන්නේ . ප්ලාස්ටර් බදාම වගයක් ගෙනාව . මම ඊයේ පෙරේද ගියා බ්‍රයිටන් ටෝයි මියුසියම් එකට සහ මේ ලඟ මොඩල් ට්‍රේන් ප්රදශ්නයකට . ගමකට වීඩියෝ තියෙනවා . බ්ලොග් පෝස්ට් දැම්මොත් එපාවෙයි නේ . දිගටම කෝච්චි ගැනම ලියන්න ගියහම . සමහර ඒවා වල සිනරි මරු
Deleteඔබතුමා කැමති නැද්ද වීලොගයක් කරන්න.
ReplyDeleteමම මාතලන් ගේ සහ කැලුම් ජයසුමනගේ වීලොග බලනවා.
මාතලන්ගේ හඬ පෞරුෂය හොඳයි. ස්වර මාධූර්යය මදි.
කැලුම් ජයසුමණගේ හඬ පෞරුෂය සාමාන්‍යයි ස්වර මාධූර්යය උපරිමයි.
කැලුම්ට තමයි වැඩි ලකුනු ලැබෙන්නේ.
ඔබතුමාට ඔය දෙකම හොඳට තියෙන වීලොගයක් හදන්න බැරිද?
ඔබතුමාගේ අදහසට ස්තුතියි . දැනට තියන වැඩ වල හැටියට ඒ වගේ දෙයක් කරන්න කිසි සේත්ම වෙලාවක් නැහැ .
Deleteමම දුම්රිය වීඩියෝ දාල පේජ් එඑකක් හදන්න ඉන්නේ ෆේස්බුක් එකේ . ඒකට එන්න බලන්න
Deleteනිහඞපාල බ්ලොගර් එකට මාරු වෙලා.
ReplyDeletehttps://nihandapala.blogspot.com
ලස්සන කෝච්චි මතක ගැන පෝස්ට් එකකුත් ලියලා. ගිහින් කමෙන් කරපියෝ!😋
ආන්න! හොඳ වැඩ...
Deleteස්තූතියි . ගිහින් ආව
Deleteබස්සා මහතා වෙනුවෙන් -Is this Canada or India? Exploring Brampton, Ontario https://www.youtube.com/watch?v=w9A7dqrRSCc
Deleteඔව් බ්‍රැම්ප්ටන් ගැන කතාව හරි. බ්‍රැම්ප්ටන් විතරක් නෙමෙයි, අල්ලපු නගරෙ මිසිසාගත් එහෙමයි. ඩ්‍රයිව් කරන එක මාරාන්තිකයි. මේ ලඟදී 13 දෙනෙක්ගෙ ගෙවල් බිඳින කල්ලියක් ඇල්ලුවා.
Deleteඑක වීඩියෝවක් බැලුව. ලියා තියෙන ටිකයි පොටෝ ටිකයි බැලුවා.
ReplyDeleteආපහු හෙමීට එන්නම්!
බොහොම ස්තූතියි ගොඩ වැදුනට
Deleteලස්සන විස්තරයක් අයියේ, කියන්නත් සන්තෝසයි.කෝච්චියේ ගියේ ඒක පාරයි.
ReplyDeleteස්තූතියි නංගි . ආයෙත් එන්න මේ පැත්තේ
Deleteඒ තාත්තාත්, මේ තාත්තාත් හැර තවත් තාත්තලා සිටී ද?
ReplyDeleteස්තූතියි මේක දැම්මට . ගිහින් කමෙන්ට් එකක් දැම්ම . මගේ මේ ලිපියත් එක්ක . https://kolambagamaya.blogspot.com/2015/02/blog-post_66.html
Delete