යහළුවෝ දෙතුන් දෙනෙක්ම ඇහුව මොකද මචන් මංගල ගැන මුකුත් නොලියන්නේ කියල. මං ඒත් ඇහුව මංගල ගැන එයාව දන්න ගොඩක් අය ලියල තියෙද්දී මම මොනව ලියන්නද කියල.
මංගල ගැන ලියපු අය දෙවර්ගයක් ඉන්නව. හොඳ කියපු ගොඩක් අය අතරේ වැඩිපුර ඉන්නේ මංගල ගෙන් මොකක් හරි සේවයක්, උදව්වක් ගත්ත අය කියල මට හිතුනේ. එක්කෝ වෙබ් අඩවි වලට දැන්වීම් ලබාගෙන, පත්තර, සඟරා කරන්න උදව් ලබාගෙන, ජන මාධ්‍ය අමාත්යංශය, විදේශ සේවය වගේ මංගල හිටි අමාත්‍යංශ වල රැකියා ගත්ත අය හා වෙනත් උදව් ගත්ත ඔය. මන්ගල හොඳ මනුස්සයෙක් ඒ පැත්තෙන්.
මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කමට ඉල්ලන කොට එයාගේ ප්‍රචාරක ලේකම්. ඉතින් මහින්ද මහත්මයා අනිවාර්යයෙන් හොඳ කියල ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ. චන්ද්‍රිකා ගේන්නත් ඉස්සරහින්ම හිටිය මංගල. අනික චන්ද්‍රිකා මංගල කියන්නේ හොඳ යාලුවෝ.
ඇයි විමල්? විමල් ජවිපෙත් එක්කම පරිවාස ආණ්ඩුවට ගේන්න මංගල ලොකු වැඩක් කළා. ඒ වගේම විමල් සහ තවත් මාතර දේශපාලනඥයෙකු ගේ ඉල්ලීම් වලටත් කන්දීලා මන්ගල මාතර පැත්තේ අයට රැකියා දුන්නලු. ඉතින් ඒ අය හොඳ කියන්න ඕනෙම නේ.
මාතර බස් ස්ටෑන්ඩ් එක හොඳටම හැදුවේ මංගල ගේ ප්ලෑන් වලටලු. සල්ලි වෙන් කලේ එයාලු. විවෘත කලේ වෙන කවුරුවත් ලු. එහෙම දේවල් වෙනවා නේ ලංකාවේ.
අනිත් පැත්තට - මංගල සුදු නෙලුම හරහා ජාතිවාදයට එරෙහිව වැඩ කළාලු. ඒ එක්කම ඊට කලින් විමල් එක්ක හිටියේ වෙන පැත්තක. රනිල් වික්‍රමසිංහ, අර කරුණ ගෙනල්ල කොටි සංවිධානය දෙකඩ කරන්න උදව් වෙච්ච රනිල්, කොටිය කළෙත් මංගලම තමා.
මංගල ජාතිවාදී පිලේ ඉඳන් ඒ දේශපාලනයේම අනිත් පැත්තට ආව කෙනෙක්. සමහර හාමුදුරුවරුන්ට විරුද්ධව ප්‍රකාශ දුන්නත් මංගල බෞද්ධාගමට විරුද්ධ කෙනෙක් කියල මම හිතන්නේ නැහැ. ලංකාවේ සමහර සිවුර පොරවා ගත් අය කරන කියන වැඩ දැක්කහම කතා නොකර බැරි අවස්ථා එනවා. ඒ කෙලින්කමට මම කැමතියි.
මංගල චිනේ ගැන කීව අවංක කතා වලට සමහර වාමාංශික යන්ට රිදෙන්න ඇති. මංගල කීවේ කොමියුනිස්ට් පක්ෂය තිබ්බට චීනේ දියුණු උනේ විවෘත ආර්ථිකය නිසා කියල. විදේශ ආයෝජන ගලාගෙන ආව. චීන කම්කරුවෝ ඉතා අඩු පඩියට ශ්‍රමය වික්කා . හැබැයි චීනේ දියුණුයි දැන්. කොමියුනිස්ට් කියන්නේ මංගල කීව වගේ බෝඩ් එකක් විතරයි දැනට. ඇත්තනේ ඉතින්. වෙනිසියුවෙලාව වගේ රටවල් ගැනත් මංගල විවේචනය කරා ලිබරල්වාදියෙකු වශයෙන්. ගොඩක් අයට මංගල දිරෙව්වෙ නැති තැනක්.
රමිඳු ලක්ඛිත පෙරේරා ඒ පැත්තෙනුත් , මංගල ගේ දේශපාලන ජීවිතය ගැන නන්දන වීරරත්නත් හොඳ ලිපි දෙකක් ලියල තියෙනවා . ඒ ගොල්ලන්ගේ ෆේස්බුක් බිත්ති වල ගිහින් බලන්න. රමිඳු ට කියන්න තියෙන්නේ රමින්දු ගේ පටන් , මංගල ඇතුළු බොහෝ අය වරෙක ප්‍රතිගාමී දේශපාලනයේත් වරෙක ප්‍රගතිශීලි දේශපාලනයේත් යෙදුන කට්ටිය කියල. කෙලින් ඉරක් ඇඳලා වෙන් කරන්න අමාරුයි. දේශපාලනයේ දී දැනට රාජපක්ෂ කඩේ ෆුල් ටයිම් වැඩ කරන මාතලන් නුත් පක්ෂ භේදයක් නැතිව හොඳ ලිපියක් දාල තිබ්බ.
ශ්‍රී ලංකා එකේ ඉඳල යූඇන්පිය ට පැනලා රජුන් තනන්න උදව් වෙලා අන්තිමට "අනේ මමත් මේකට වග කියන්න ඕනේ නේ " කියල කල කිරිල අයින් වුනා කියල මට හිතෙන්නේ.
මංගල ඒ මොනවා වුනත් ජිවිතේ හරියට විඳි එකෙක්.
දේශපාලනයේදී ලංකාවට ගැලපෙන හොඳ ගේම් කාරයෙක්.
ජිප්සීස් සුනිල් පෙරේරාත් ටිකක් මංගල වගේම තමා.
ඕලෙවල් කරන කාලේ මම ප්‍රබුද්ධ ගොඩේ හිටියට, ඒ ලෙවල් කරන කොට ජෝතිපාල, ජිප්සීස් අහන තැනට පත් වෙලා හිටියේ. මම ඩ්‍රින්ක් දාන වෙලාවට සුරුට්ටුවක් බිල බජව් දාන එකෙක්. ගුණදාස කපුගේ වගේම වික්ටර්නුත්, නන්ද මාලිනි ගේ සින්දුත් නිහාල් නෙල්සන්නුත් ජිප්සීස් නුත් මට අහන්න පුළුවන් භේදයක් නැතිව. කොහොමත් මම වෙන රටවල සින්දුත් අහන කෙනෙක්. ඉංග්‍රීසි, රුසියන්, ස්පැනිෂ් ඔය ඔක්කොම. මොකටද අපි සීමාවල් තියා ගන්නේ.
අපේ ළමයි උදිත සංජය ගේ "ආදරේ හිතනවා දැක්කම" රිමික්ස් එකට නටනවා. ඒක මාර සින්දුවක්. මම හිතනවා ඒ අයට පාර හැදුවේ සුනිල් කියල. මගේ සිංහල නොදන්නා බිරිඳ කියන්නේ "හෙට උදේට කන්නට මට ඉඳියප්පන් නෝනේ "කියල. කොච්චර කීවත් සින්දුවේ කියන්නේ "ඕනේ" කියල එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාගේ කැමතිම ගීයක්. මොකද එයා ඉඳියාප්ප කන්න කැමතියි. හදන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම ඉඳියාප්ප එකට දාල ඉඳියාප්ප කෝච්චියක් හදන වෙලාවලුත් තියනව. කපල තමයි කන්න ඕනේ එතකොට. කොටින්ම සුනිල් ගේ සින්දුවෙන් තමයි ඉඳියාප්ප කන්න හදන්න ඕනේ වුනේ. ඒ වගේ සරල සින්දුවක් කියල දෙන්නත් ලේසියි. හැබැයි කවුද විචාරකයෙක් ලංකාවේ පුරුෂාධිපත්‍ය ට අභියෝග කරපු සින්දුවක් කියල ලියල තිබ්බ. බලාගෙන යනකොට අපි නොදන්නවා වුනාට සුනිල් ප්‍රබුද්ධ ගී කියල තියනවා.
ගෙදර ඔක්කොම අහන අනිත් සුනිල් ගේ සින්දුව තමයි කොත්තමල්ලි. ඇත්තමයි කියන්නේ අපි පොඩි කාලේ ළමයින්ට කොත්තමල්ලි හදල බොන්න දුන්නට සින්දුවෙන් පස්සේ මේ ගොල්ල ඒක තේ එකක් වගේ බොන්න ගත්ත. දැනුත් හිටපු ගමන් කොත්තමල්ල හදල තේ වෙනුවට බොනවා. උණට නෙමේ. තේ වෙනුවට.
ඒ ඇරෙන්න අවංකවම කියනව නම් අපි ජිප්සීස් වැඩිය අහන්නේ නැහැ පාටි වලදී . සිංහල බයිලා පැත්තෙන් හෙම සුනිල් පෙරේරා පරයන නටන්න හැකි හොඳ සින්දු සෑහෙන්න තියනව.
සුනිල් පෙරේරා කියන්නේ වෙනසක් කරපු මනුස්සයෙක්.
බජාර් එකේ බොක්ක හොඳ පොරක්. ලංකාවේ සංගීත සීන් එකේ හොඳ ගේම් කාරයෙක්.
මේ දෙන්නම ටිකක් එක වගේද මන්ද? දෙන්නම එකට කතා වෙලා ගියා වත්ද? කොරෝනා ඔයා මාරයි.
මම මේ දෙන්නටම කැමති තව හේතුවක් තියනව. අර සෙට් එකක් කියනවා නේද බුද්ධාගමට ට කරපු අපහාසෙට මේ දෙන්නට දඬුවම් ලැබිල කියල. ඒ කියන්නේ උන්ගේ අර හිංගල මොකද්ද බුද්ධාගමට. අපි අදහන එකට නෙමේ. මේ දෙන්නම ඉන්න කාලේ හොඳින් ජොලියේ හිටියා. චුත වෙලා යන්න ගියා. කර්මය පල දෙනවනම් හොඳ වැඩක් කරලා තියෙන්නේ. ගිය තැනක ඔය දෙන්නම සොමියේ ඉඳියි බජව්වක් දාගෙන.
දුක් වෙන්න දෙයක් නැහැ. ඔය දෙන්නම හොඳ පණිවුඩ ටිකක් මෑත කාලයේ දීලා යන්න ගියා.
(ප.ලි. හැබැයි කොවිඩ් හැදිලා සුව වෙලා ඊට පස්සේ හෘදයාබාධ හැදිලා ජීවිතය අවසන් කල නිසා මේ දෙන්න පොඩි පණිවිඩයකුත් දීලා ගිහින් . කෝවිඩ් හැදුනොත් සුව වුනොත් මාස පහ හයක් යනකන් අනතුරුදායකයි. Covid after care හෙවත් ඊට පස්සේ හොඳින් බලා ගණන් ඕනේ. ඉතාමත් පරිස්සමින් ඉන්න ඕනේ කාලයක්. කෝවිඩ් 19 හැදිලා සනීප වෙලත් එංගලන්තේ වෛද්‍යවරු අගමැති බොරිස් ජොන්සන් ව තව දවස් පහ හයක් රෝහලේ තියා ගත්ත විතරක් නෙමේ. ඊට පස්සෙත් සෑහෙන විමසිල්ලෙන් හිටිය. අනිත් කෝවිඩ් හැදී සුව වුනු රෝගීන්ටත් එහෙමයි. )
(නැ.ප.ලි. - කෙනෙක් ලියල තිබ්බ සුනිල් පෙරේරා ගුණදාස කපුගේ ගේ මරණය වෙලාවේ සංගීත ෂෝ එකක් කළා කියල. ගෞරවයක් නැතිව. එයාට ඒක කැන්සල් කරන බැරිය කියල. ප්‍රශ්නයක් නැහැනේ. සුනිල් පෙරේරා පස්සේ ජවිපෙ වේදිකාවට නැග්ග. ඒ කියන්නේ ගුණදාස කපුගේ මැරුනේ නැහැ කියන එක නෙමේද . )