Wednesday 25 May 2016

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු - වාද විවාද ගිනි කෙළි බලන්න එන්න

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු.

වාද විවාද ගිනි කෙළි බලන්න එන්න 

"මම බ්‍රෙෂ්ට් ගැන කතා කරලා, නාට්‍ය ගැන විවරණයක් දීල, චිත්‍ර පටිය ගැනත් සාකච්ඡා කරලා, පොත් දෙක ගැනත් කියන්නම්. වෙලා ඇති වෙයිද. කට්ටිය නිදිය ගනීද දන්නේ නැහැ නේද? " - විජිත ගුණරත්න

"මචං , මම බීබීසී එකට සම්බන්ධ නිසා කට්ටිය  එයිද මේ වැඩේට. මටත් ද්‍රෝහියා කියලනේ කියන්නේ. මට නම් ෂුවර්  නැහැ. කමක් නැහැ ඔන්නොහෙ මගේ පොත ගේන්නම්.  " - සරෝජ් පතිරණ

"මේ පරණ සෝවියට් කතා කියවල ඇති වැඩේ මොකක්ද? ඔයා  මේ ගරිල්ලා කාරයා වගේ බ්ලොග් ලෝකෙට ඇවිත් දැන් පොතුත් ගහනවා. මේවා තනි කරම  බොරු වැඩ. "
 - අරුණ  පෙරේරා

"මේ කොළඹ ගමයාගේ වැඩේ තනිකරම ප්‍රෝඩාවක්. ඔය කරන්න  හදන්නේ බොරුවට පොතක් එලියට දානවා කියල ජනතාව නොමග යවන්න.  " - සරද සමරසිංහ

"ටයෙක්වොන්ඩෝ වලට තැනක් ඇත්තෙම නැත්ද?" දුෂාන්ත පෙරේරා

"චිත්‍රපටි ගැන කතා කරනව නම් මටත් අවස්ථාවක් දෙයිද? අපි කලොත් නම් ඉතින් අපිමයි කතා කරන්නේ." - බැද්දේ සුදත්

"විචේචන වලට  සූදානම්. ජිම් එකට ගියා. ටයෙක්වොන්ඩෝ ප්‍රක්ටිස් කලා.  කවුරු හරි එයාර් ගන් එකක් එහෙම විකුණනවද. නිකමට අතේ තියා ගන්න " - අජිත්
  
සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "


විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්   

අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට 


විජිත ගුණරත්නයන්  ගේ   "වලා  පටල " 


සංවාදය හා චිත්‍රපටිය 


මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා 



WHEATSHEAF HALL
Main Avenue (by A10 Dual Carriageway)
Enfield
EN1 1DS
Nearest Station Bush Hill park, From Enfield Town Station bus number 121, 307 
අජිත් - 077985 245418 සරෝජ් - 07803 727516 


Inline images 1

47 comments:

  1. ඒනම විදියක් නෑ.
    අපේ වෙඩින් ඇනිවසරිය එදායි! ඔය දවස සෙනසුදාරාවක වැටෙන්නේ සෑහෙන කාළෙකට පස්සේ.
    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අපොයි මේ ළඟදිත් යුරෝපේ කරක් ගහල ගියා නේද? සුභ පැතුම් ඇනිවසරිය ට.

      Delete
  2. විජිතගේ නාට්‍ය, පරිවර්තන පොත් එක්ක ගත්තම "වලාපටල" බොහොම පසුපසින්. මා ඒ දවස් වල පත්තරේකට විචාරයකුත් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. ඒ විචාරය හොයා ගන්න බැරිද?

      Delete
    2. මම ඒ ගැන ලියන්න හිතන් ඉන්නවා.

      Delete
  3. සියල්ලන්ටම සුභ පැතුම් !

    ReplyDelete
  4. ආවොත් කරු
    පායයි හිරු!

    විදින් බ්‍රැකට්ස් : (*‍ය්&ර්‍^%E%$W$S)

    ReplyDelete
    Replies
    1. කරු මිසින්

      Delete
    2. කරූ ගේ නම මතක් කලාම වෙනදා මෙන් රෙද්ද කඩාගෙන හෙන ඩිෆෙන්සිව් ගිහින් පාදයක් පෙරට ගෙන පිස්සු කොමෙන්ට් කෙටීම් වෙනුවට මැචුවර් විදියට "කරූ මිසින්" කියා පමනක් ලියා අපේ ෆන් එක සහමුලින් ම කැඩීම පිලිඹ්ඳව ස ර ස තුමා ගේ බලව්ත් ශෝකය!

      Delete
    3. මචෝ සමහර කොමෙන්ට් දාන්නේ ඇයි කියල තේරෙන්නේ නැහැ කියල හිතුවද? කොමෙන්ට් එක අනුව තමා ප්‍රතිචාරය එන්නේ. සමහර කරු කොමෙන්ට් එන්නේ කරුලා ගැන නොවේ. වෙනස තේරෙනවා ඇතිනේ.

      Delete
  5. තව ලියන්න සුභ පැතුම් ...

    ReplyDelete
  6. අජියා ලංකාව කොර කලා මදිවට එංගලන්තෙත් කොර කරනවද....?

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ කරකවල ගන්න හදන්නේ. මෙහෙ ඉන්නේ ලංකාවට වැඩිය ගෝත්‍රිකයෝ රංචුවක්. පොරවල් ලංකාවෙන් ආපු දවසේ ඉඳන් time warp එකකට ගිහිල්ල ඉන්නේ. ලංකාවේ පොරවල් මිට වැඩිය දියුණුයි.

      Delete
    2. මාතා......අපි මූව කොරකරනවා එංගලන්තෙදි...

      Delete
    3. බජට් නැති ප්‍රොජෙක්ට් අංක 2 ??????????

      Delete
    4. +++++++++++++++++++++++++++

      Delete
    5. ඇනෝ මචෝ. මගේ බ්ලොගේට නිතර එන ඇවිත් විනාඩි ගානක් හරි ඉන්න කෙනෙක් නිසා මං ලියන දේත් කියවන බව හිතෙන නිසා ප්‍රතිචාරය පළ කලා. හැබැයි ඉතින් බජට් නිසා ඔබට නින්ද යන්නේ නැති එක ගැන මට කරන්නට දෙයක් නැත. මෙයටත් මට බජට් දෙන්න පුළුවන් මගේ මිතුරු සරෝජ් හා විජිතට පමණි. අනිත් අයට බජට් දීමට මා බැඳී නැත.

      Delete
  7. එංගලන්තෙත් වැඩ පටාංගත්ත එහෙනං ඈ...කාලෙකට පස්සෙ. ගමයාද ඔහෙත් ඕව සංවිධානය කොරන්නෙ.

    ReplyDelete
    Replies
    1. සංවිධානය මගෙන්
      කොමෙන්ටු ඔබෙන්

      Delete
  8. විස්කි....වොඩ්කා...වයින්....බියර්...
    ඉඳිආප්ප, චිකන් කරි, පොල්සම්බෝල, පරිප්පු
    බලපන් පෙර-අපරදිග සුසංයෝගය;;;;

    අජිත්,සරද,සරෝජ්,අරුණ,සරද,සුගත්,දුශාන්ත .....අච්චාරුත් නොවන...ෆෘට් සැලඩුත් නොවන..විවිධ අදහස් දරන මිනිස් චරිත ටිකක්.

    ReplyDelete
    Replies
    1. මේ මම නම් ඔය බොන ඒවාට නැහැ.නැත්තන් අච්චාරුවක් වෙයි.

      Delete
    2. ඕවා මොන අච්චාරු ද අජිත්...මෙන්න අච්චාරු

      Drunk man jumps into lion enclosure, attempts to shake hands

      Delete
    3. ඔය පර පිඬා කාමුකත්වය බං

      Delete
    4. එතන තියෙන පරපීඩක කාමුකත්වය මොකක්ද බං? අර ගොබ්බයාගේ ගොන්කම මිසක්.

      Delete
    5. හෙලිකොට්ටෙන් ගිහිල්ලා සිංහයාට කියල හපා ගන්න එක බං

      Delete
    6. ඒ මී හරකව බේර ගන්න අසරණ සිංහයින්ට වෙඩි තියල නේද...
      මැරෙන්න පැනපු එකාට මැරෙන්න දෙන්නේ නැතුව කොහෙවත් හිටපු සිංහයෝ මරපු උන් අර පැනපු එකාට වඩා හරක්...

      Delete
    7. මටත් ඒක නම් හිතුනා. ඇයි අර සිංහයන්ට වෙඩි තිබ්බේ ?

      Delete
  9. එළකිරි වගේ සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හඳුන්වා දෙන්න ඉවාන් නැහැනේ. දැන් ඉවාන්ට කොහොමද?

      Delete
  10. සුභපැතුම් අයියේ...

    ReplyDelete
  11. ජය වේවා !!
    අපිනම් බ්ලුක් වලට මනාපයි.

    ReplyDelete
    Replies
    1. එසේය එසේය. ස්තූතියි

      Delete
  12. ලඟම තියෙන්නෙ අජිත් අය්ය. එත් සෙනසුරාදා වැඩ කරන දවසක් නිසාත් හොලිඩේ ගිහිල්ල ඊයේ පෙරේද ආව නිසාත් ඒමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව සහ සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ලලංගම තියෙන්නේ කියන්නේ ළඟ ඉන්නේ නේද? එහෙනම් වෙලාවක හමුවෙමු කයියක් ගහන්න.

      Delete
    2. හයියෝ මේ ගූගල් එක ඌට හිතෙන වචනද කොහෙද දාන්නේ. ලංගම නෙමේ ළඟම

      Delete
  13. සාර්ථකයි. ආඩම්බරයි. ඉදිරියටම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෆිලික්ස්. ඔයාගේ යාළුවෙකුත් ආවා. දොස්තර සුදත්. ෆස්ට් මෙඩිකල්

      Delete
  14. එදාට හවසට බණ ගෙදරක යන්න තියෙනවා . ඒකයි තරහ වෙන්න එපා .

    ReplyDelete
    Replies
    1. අපොයි බණ වැරද්දුවේ නෑනේ.

      Delete
  15. සුබ පැතුම්...
    අපේ පැත්තෙ එන්නකො අජිත් අයියෙ, ගුණ දොසක්වත් කියන්න.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ආව . එන්නම් ඒ පැත්තේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .